This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday 3 May 2020

මැයි දිනය සහ කතෝලික පල්ලිය May day and the Catholic church



මැයි 01, ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් ලොව පුරා වැඩකරන ජනයාගේ දිනය ය. එමෙන්ම කතෝලික පල්ලිය වැඩකරන ජනයාගේ සාන්තුවරයා හෙවත් ජුසේතුමා/ජෝසප්තුමාගේ මංගල්‍ය (St. Joseph the worker feast day) සමරණ දිනයද වේ. මීගමුව ප්‍රදේශය අවට සා. ජෝසප් හෙවත් ජුසේ තුමා වෙනුවෙන් කැපකළ පල්ලි 4ක් පමණ තිබේ. ඉන් එකක් ඇත්තේ කළුවරිප්පුව, කටානේය. තවත් පල්ලියක් පමුණුගම ප්‍රදේශයේ තිබේ. 1990 දී පමණ නිකලොස් බටේපොල පියතුමා ජා-ඇල කණුවන ඉදිකර සා.ජුසේ මුනිතුමාගේ හෙවත් සා. ජෝසප් නමින් කැපකල පල්ලියක්ද වේ. බටේපොල පියතුමා ලංකා කතෝලික පල්ලිය තුල සිටි ගෘහ නිර්මාණ ශිල්පියායැයි හැදින්වේ. විශේෂයෙන්ම පාරම්පරික, දේශීය ගෘහ නිර්මාණ ශිල්පය සහ බටහිර සම්භාව්‍ය ගෘහ නිර්මාණ ශිල්පය මුසුකරමින් නව ආරක කතෝලික ගෘහ නිර්මාණ කලාවක් හදුන්වාදීමට එතුමා ක්‍රියා කළහ. එම පදනම් තුල ඔහු නිර්මාණය කල දේවස්ථානවලටද යම් අවධානයක් යොමුවේ. කෙසේවෙතත් මෙකී සා. ජෝසප් පල්ලි අතරින් විශාලතම සහ පැරණිම පල්ලිය පිහිටා ඇත්තේ මීගමුව නගර මධ්‍යයේය. එය තිල්ලන්දූව සා. ජෝසප් පල්ලිය ලෙසද පොදුවේ හැදින්වේ. මෙකී පල්ලි සියල්ලේම මංගල්‍ය යෙදෙන්නේ මැයි පළමු වෙනිදාටය. ජාත්‍යන්තර කම්කරු දිනය දවසේමය. ලෝක කම්කරු දිනයේදී ලෙලදෙන කොඩිවල පැහැය රතු සේම  සා. ජෝසප් මුනිතුමාගේ පල්ලිවල මංගල්‍යයට ඔසවන කොඩි ගසේ කොඩිවල පාටද වීදි යෑමට සරසන වීදි ද සරසන පැහැය  රතුය. කොඩිවල පාට මෙන්ම මෙකී දින දෙකම එකම දිනයක වැටුනේ කෙසේද? එහි ඇති සම්බන්දය කුමක්ද?  

ලෝක කම්කරු දිනය හෙවත් ජාත්‍යන්තර කම්කරු දිනය මුලින්ම ස්ථාපිතකලේ 1904 දී. එහෙත් එහිලා පදනම්වූ සිද්ධිය ඇතිවුයේ 1886 මැයි 04 වෙනි දින ඇමරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පැය 08ක වැඩ දිනයක් ඉල්ලා සිදුකල උද්ගෝෂණය පදනම් කරගෙනය. මෙම උද්ගෝෂණයේදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයින් 8 දෙනකු මියගොස් 60කට අධික පිරිසක් තුවාල ලැබුහ. හේමාකට් සිද්ධිය (The Haymarket affair) ලෙස හදුන්වන මෙම සිද්ධියෙන් අනතුරුව එම උද්ගෝෂණයෙන් මියගිය සහ තුවල ලැබුවන් වෙනුවෙන් යුක්තියද, ඔවුන්ගේ සටනවූ පැය8ක වැඩ දිනයක් පිලිබදව ඉල්ලීමද මුල්කරගනිමින් නොනවතින උද්ගෝෂණ රැල්ලක් සහ පෙළගැස්මක්ද, ජාතික මෙන්ම ජාත්‍යන්තර සමුළු ද සංවිධානය කරන්නට විය. මෙම පෙළගැසීම්වල ප්‍රතිපලයක් ලෙස හේමාකට් සිද්ධියෙන් වසර 15කට පසුව හෝ උද්ගෝෂණයේ යෙදුන කම්කරුවන්ගේ මරණයන් සහ පහරදීම සම්බන්දයෙන් පොලිස් නිලධාරීන් ඇතුළුව 7දෙනෙකුට මරණ දඩුවම සහ සිරදඩුවම් ලබාදීමට හැකිවිය. ඒ සියල්ලටම වඩා මිය ගිය කම්කරුවන්ගේ මුලික ඉල්ලීමවූ පැය 8ක වැඩ දිනයක් ප්‍රකාශයට පත්කළ අතර සහ ඔවුන්ගේ උද්ගෝෂණය සිහිකරමින් 1904 දී දෙවන ජාත්‍යන්තර කම්කරු හවුලේ හයවන සමුළුවේදී ජත්‍යන්තර කම්කරු දිනය ප්‍රකාශයට පත්කරන ලදී.

ක්‍රමයෙන් මැයි 01 දින වැඩකරන ජනයාගේ දිනය ලෙස ලෝකය පුරාම විවිධ රාජ්‍යන් පිළිගත් අතර වතිකානු රාජ්‍ය ඇතුළු කතෝලික පල්ලියද එය පිළිගෙන සිය වාර්ෂික දින දර්ශනයට ඇතුලත් කරගන්නා ලදී. එහෙත් එය ඔවුන්කලේ ඔවුන්ගේම ආගමික විශ්වාසය තුලම රැදෙමින් සිය ආගමික සංධර්භය තුලම සිටිමිනි.

ඒ සදහා ඔවුන්ට හොද පසුබිමක්ද තිබුණි. ඇත්තවශයෙන්ම ලෝක කම්කරු දිනයක් ප්‍රකාශයට පත්කිරීමට සියවස් ගණනාවක් පෙර සිටීම කතෝලික පල්ලිය වැඩකරන මිනිසුන්ගේ සාන්තුවරයාවූ ජුසේතුමා හෙවත් ශා. ජෝසප්තුමා සමරණ දිනයක් ප්‍රකාශයට පත්කර තිබුනි. එම දිනය ජුසේ නම් වැඩකරන මිනිසාගේ මංගල්‍ය දිනය හෙවත් St. Joseph the worker feast day ලෙස හැදින්විය. මෙසේ සමරු ජුසේතුමා හෙවත් ශා. ජෝසප්තුමා යනු වඩුවෙකුවූ ජේසුස් වහන්සේ හැදී වැඩුන පවුල ආරක්ෂාකර පෝෂණය කල ජේසුගේ සුරැකි  පියාය. තමා සමග විවාහවීමට පෙර ගැබ්ගත් සිය සෙනෙහෙවන්තියවූ මරියතුමියව  කිසිදු පැකලීමකින් තොරව විවාහ කරගත්තේය. තමාගේ නොවන නමුත් ඔවුන්ගේම දරුවෙකුවූ ජේසුතුමාව හදාවඩා ලොකුමහත්කර තමන් කරගෙන සිටි තමන් දන්නා වඩු කර්මාන්තය පවා ඔහුට ඉගැන්වූ, දාවිත් රජ පරපුරෙන් පැවත එන තම පෙළපත්  නාමය පවා  ජේසුට  ලබාදුන්   සැබෑම වැඩකරන ජනයාගේ මිනිසෙක්විය.

මේ උතුම් මිනිසාගේ කැපවීම සිහිපත් කිරීමට කතෝලික පල්ලිය St. Joseph The Worker දිනය හෙවත් ජුසේතුමා/ශා. ජෝසප්තුමාගේ මංගල්‍ය දිනය නම් දිනයක් වෙන්කර තිබුණි. කතෝලික පල්ලියේ සාන්තුවරුන්ගේ දින දර්ශනය අනුව මේ දිනය මුලින්ම යෙදි තිබුනේ මාර්තු 19වෙනිදාය. එහෙත් 12වෙනි පියුස් පාප්තුමා (Pope Pius XII) එම දිනය 1955දී වෙනස්කරන ලදී. කතෝලික පල්ලියද ලෝක කම්කරු දිනය සමරණ මැයි01වෙනිදාටම මෙතෙක් සිය පල්ලිය සැමරූ වැඩකරන ජනයාගේ සන්තුවරයාගේ දිනය හෙවත් ජුසේතුමාගේ/ජෝසප්තුමාගේ, මංගල්‍යය සැමරීමට තීරණය කලේය. දොළොස් වන පියුස් පාප්තුමා හදුන්වාදුන් මෙම පියවර දක්ෂිණාංශිකයින්ගේ මෙන්ම වාමාශිකයින්ගේද විවේචනයට ලක්විය. දක්ෂිණාංශිකයින් හැදින්වුයේ කතෝලික පල්ලිය වාමාංශිකයන්ගේ බලපෑමට ලක්වී ඇති බවය. වාමාංශිකයින් දැක්වුයේ පල්ලිය සිය සටන උදුරා ගැනීමට තැත්කරන බවයි. එහෙත් කතෝලික පල්ලිය දැක්වුයේ කලින් මාර්තු19වෙනිදාටයේදී තිබුණු සා.ජුසේ නම් වැඩකරන මිනිසාගේ මංගල්‍ය දිනය (St. Joseph the worker feast day) මැයි1 වෙනිදාටගෙන ආවේ ලොව පුරාම වැඩකරණ ජනයාට හිමිවියයුතු වැදගත්කම සිය සභාසම්ප්‍රදායන් තුලද නොකඩවාම අත්කර දුන්නා සේම තව දුරටත් අත්කරදීමට බවය.

අද, මැයි01දින, ජාත්‍යන්තර කම්කරු දිනය සමරණ දිනම ලොව පුරාම කතෝලිකයින්ද වැඩ කරන ජනයාගේ සාන්තුවරයාවන ජුසේ තුමාගේ මංගල්‍යයද එකම දිනක සමරන්නේ මෙම තත්වයතුලය. එය එක් අතකින් කාලයේ ප්‍රවණතා අනුව කතෝලික පල්ලිය වෙනස්වූ බවට උදාහරණයක් ලෙසද සැලකිය හැක.

මාකස් ප්‍රියන්ත පෙරේරා
01/05/2020

Within a few kilometres from my hometown Negombo, there are at least four Catholic Churches dedicated to St. Joseph. One in Kaluwarippuwa, Katana, and another one in Pamunugama. There is a new St. Joseph's church in Kanuwana, Ja-Ela. It was built in 1990s, by a renowned architect in Sri Lankan catholic churches named Fr. Nicholas Batepola. He earned a reputation from merging traditional Sinhalese architectural patterns and Western classical architectural styles to construct the new Catholic Churches in Sri Lanka. Among those St. Joseph churches in our area, the biggest and the oldest one is the St. Joseph's church in Negombo City. It is commonly know as the Thillanduwa St. Joseph's Church, Negombo.

All these Churches celebrate their patron saint's feast day on the 1st of May. Red was colour of this saint's feast. In every church feast in Sri Lanka, there is a tradition to hoist a 'flag tree' and for the St. Joseph's church's 'flag tree', it was covered with red flags and so are the street decorations for the church feast.

On the same day, 1st of May, the World is also annually celebrating International Worker's Day by waving similar red flags as the St. Joseph Churchs' feast. But the red flag is not the only similarity. The title, St. Joseph, is the same as well. St. Joseph is usually referred to as St. Joseph the worker and his feast day was know as St. Joseph the worker's feast day'!!!

What I am curious to find out is how both International Worker's Day and St. Joseph the worker's feast day is on the same day, the 1st of May.

We know that the International Worker's Day was established in 1904 followed by a series of campaigns, a number of conferences and various consultation processes on the event which happened in 1886 Chicago, while the peaceful industrial action to achieve an 8 hours working day was brutally cracked down by the police, killing 8 people and injuring more than 60 people. This issue was widely known as 'the Haymarket Affair' and its aftermath gave birth to International Worker's Day, which is celebrated on the 1st of May.

But the Catholic Church is celebrating it's saint of workers, St. Joseph the worker, for centuries before 'the Haymarket affair', which declared International Worker's Day on the 1st of May 1904. But was it on the same day? Did Catholics always celebrate St. Joseph's feast day on the 1st of May?

No. It did not happen until 1955. Before that, the feast of St. Joseph the worker was celebrated on the 19th of March. But Pope Pius the XII changed the feast day in 1955 and shifted it to the 1st of May, the day which workers around the world celebrate International Worker's Day.

I think it is a good sign to demonstrate that the Catholic Church is willing to associate with and adopt the modern norms even within their own settings. Moreover, I think it is a great way to respect and commemorate St. Joseph, who accepted and married his sweetheart who was pregnant with a child that was not his. But, showing no difference, Joseph, the saint of the workers, raised the Child, Jesus Christ, within his family nest, with great care and much love. He passed on his carpentry skills and his family name to Jesus. The ancestral roots of St. Joseph runs back to Israelite's finest King, David.

I think St. Joseph is manifesting many social characteristics of the working class which was not widely discussed in the non-religious discourses.

Marcus Priyantha Perera
03/05/2020

No comments:

Post a Comment