This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 7 May 2020

Killing a dog on Vesak Poya day is a shame for Negombo and a tarnish for Christians උතුම් වෙසක්දිනයේදී සුරතල් සුනඛයෙකු නැසීම මුළු මීගමුවටම අවමානයකි.


Killing a pet dog with a gun on Vesak Poya Day is a shame for Negombo and a tarnish for Christians. This morning (07/05/20) a Police Officer who hated street dogs killed his neighbour's dog with a gun which just came out for a little walk. The incident happened on St. Anthony's road, Negombo and soon began to go viral on social media and now on TV channels too. Since it happened on Buddhist people's most sacred day, Vesak full moon Poya Day, and in a Catholic area like Negombo, it has created a damnable situation among many people. 

The pet dog belonged to Mr. Britto Fernando who was a well known leftist and human rights activist, campaigning for the disappearance of people in Sri Lanka for decades. The so-called shooter was a senior Police Officer. But there was no pre-existing rift or dispute recorded among them before. 

According to reports, Negombo Police conformed that the dog was killed by a gunshot from an air rifle but a animal rights activist in Sri Lanka refused to accept this and claimed that the dog was killed not by an air rifle but by a shotgun shooting. The dog owner, Mr. Britto Fernando, also complained to the Police and raised the issue that his neighbour having a gun in his house is not only threat to dogs but also the public as well. 

Animal cruelty is a criminal offence in Sri Lanka. And, it happened on the sacred Vesak full moon Poya Day in which Buddhist people celebrate Lord Buddha's birth, enlightenment and death, who also preached 'Ahimsa' (non violence), 'Metta' (compassion), Karuṇā (kindness). So, such a killing like this happening especially on a day like Vesak Poya Day will create ill-feeling towards Catholics and Negombo.

Therefore, it is very important to apply the law and order on such an inhuman act and also, it will be good if the Police Officer could publicly apologise for his act. 

Marcus Priyantha Perera
07/05/2020
සිත් තුල මෙත්මල් පිපිදෙවා... කරුණා ඉතිරේවා... යැයි පතන අදවන් උතුම් දිනක මීගමුවේ සා.අන්තෝනි පාරේ බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාගේ නිවසේ ඇති කරන ලද Max නම් සුරතල් සුනඛයාව අසල්වැසි නිවසක පදිංචිකරුවෙක් විසින් වෙඩිතබා මරාදමනු ලදැයි යන පුවතින් සිත් සසල වූවෙමි.

කාදිනල්තුමාද බෞද්ධ ජනයාගේ උතුම් තෙමගුල සමරණ අද දින එළවලු පලා ආදියෙන් සැනහී, දැහමින් සෙමින් කල් ගෙවන්නයැයි ඉල්ලා සිටි විටක පවා ඒ කිසිවක් තුට්ටුවකට නොතකමින් අහිංසක සතෙකුට වෙඩි තියන්න තරම් සිත්පිත් නැතිවුයේ කවුද? 

අවට නිවෙස්වල ඇති CCTV දර්ශන ඔස්සේ පෙනන්නේ අසල නිවසක පදිංචි පොලිස් අධිකාරීවරයෙකුවන ක්ලේම්ට් ප්ර්න්නඩු මහතා වායු රයිපලයකින් මෙම සත්ව ඝතනය සිදුකල බවත්, පොලීසියද එය පිළිගෙන ඇතැයිිද සත්ව හිංසනයට විරුද්ද සංවිධානයක් දක්වයි. ඔවුන් තවදුරටත් දක්වන්නේ පොලිසිය මේ සම්බන්දයෙන් කටයුතුකරන ආකාරය මත මෙම සත්ව ඝතනය ගැන නීතිය ක්රියත්වේදැයි යන්න සැක සහිත බවය. 

එහෙත් මේ සම්බදයෙන් වහාම නීතිය ක්රියාත්ම වියයුතුව ඇත. මන්දයත් රටපුරාම අද වැනි උතුම් පුන් පෝය දිනක මෙවැනි අපරාධයක් සිදුවීම ගැන රටේ බුහුතර බෞද්ධ ජනයා මහත් කම්පාවකට පත්ව ඇත. අනෙක් අතින් මෙවැනි ඝතනයක් මීගමුව වැනි කිතුනු ජනයා බහුලව වෙසෙන පෙදෙසක සිදුවීම තුල එය මීගමුවටම නිගාවක්ද, කිතුනු ජනයා කෙරෙහි අප්‍රසාදයක්ද ජනිත කිරීමට හේතුවේ. එම නිසා මේ සම්බන්දයෙන් වහා නීතිය ක්‍රියාත්මක වියයුතුය. 

එමෙන්ම වගකිවයුතු පොලිස් නිලධාරියෙකු වශයෙනුත්, යහපත් පුරවැසියෙකු වශයෙනුත් ක්ලේම්ට් ප්‍රනාන්දු මහතාද මේ සම්බන්දයෙන් සිය කණගාටුව සහ සිද්ධියේ පසුබිම පැහැදී කරන්නේ නම් ඉතා වැදගත්ය. 

ඝතනය වී ඇති සුරතල් සුනඛයා ප්‍රකට වාමාශිකයෙකු සහ අතුරුදහන්වුවන් වෙනුවෙන් යුක්තිය ඉටුකර ගැනීමට දශක ගණනාවක් තිස්සේ සමාජ-දේශපාලන ක්‍රියාකාරීත්වයක නිරතවන බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාගේ නිවසේ ආදරයෙන් ඇතිකළ සත්වයෙකි. බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා යනු සිංහල සිනමාවේ ආරම්භක නළුවෙක් වූ නෑසී ගිය හියුගෝ ප්‍රනාන්දු මහතාගේ බාල පුත්‍රයාය. 

එමෙන්ම ක්ලේම්ට් ප්‍රනාන්දු මහතා සහ බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා අතර කිසිදු පෞද්ගලික ඉදිරිවාදීකමක්ද නැත. ඔහු පොදුවේ තැන තැනවල පහරමින් දඩාවතේ යන බල්ලන් බෙහෙවින් පිලිකුල් කලබව ප්‍රකටය. ඇතැම්විට ක්ලේම්ට් ප්‍රනාන්දු මහතා ඉහතකී සුනඛයා බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාට අයත් සුරතල් සුනඛයෙකුයැයි හදුනා නොගැනීමටද ඇත. එහෙත් සුනඛයෙකුට වුවද සැහැසික ඉරණමක් අත්වීම අපරාදයකි. අපේ ගම් පලාතවන මීගමුවේ පමණක් නොව රටේ ජනයාගෙන් බොහෝ දෙනෙකුද එවැනි අකටයුතුකම් අනුමත නොකරයි. මීට පෙරද සුනඛයෙකුට හිංසා කිරීම පිලිබදව මීගමුවේ ජනයා මීගමුව කොප්පර හන්දියේ උද්ගොෂණයකද නිරතවිය. පොලිසිය ඒ සම්බන්දයෙන් නම් නීතිය ක්රියාත්ම කළේය. එහෙත් මේ සම්බන්දයෙන් ඔවුන් කුමක් කරයිද යන්න නොදනී. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
07/05/2020

5 comments:

  1. මා මේ සම්බන්ධයෙන් දරන්නේ වෙනස් මතයකි. එය මේවන විට රැවුම් ගෙරැවුම් , මල් සහ ගල් සමගින් වත් පොතේ සැරිසරයි. එයි මා දැක්වූ අදහස මෙහි ලියා දක්වන්නම්.මිනිසුන් තම්න්ගේ බල්ලන්ව අනුනට වාතයක් කරදරයක් අනයක් නොවන්නට හදන්නට උවමනාය. බල්ලාව ගේට්ටුව හැර පාරට මුදාහරිණ්නේ කඩේට ගොස් පාන් රාත්තලක් ගෙන එන්නට නොවේය. ඒ අනුන්ගේ ඉඩමකට හෝ පාරේ මලපහ කිරීමටය. මෙවැනි අසල් වැසියෙකු මටද සිටියේය. ඉන් මා විඳි වේදකා කරදර කම්කටොළු දන්නේ මා පමණි. ඕනෑම මිනිසෙකුට තමන්ට විශේෂිතවූ පුද්ගලිකත්වයක් තිබේ. එය කුරුටු ගාන්නට මිනිසෙකුට තබා බල්ලෙකුටවත් ඉඩ නොදෙන මිනිසුන් ඇත. ස්වකීය නිදහසට, පෞද්ගලිකත්වයට කෙනෙහිළිකම් කරණ විට ඔහුට කැලැන්ඩරය මතක් වන්නේ නැත! තමන්ට අසල් වාසීන්හට වදයක් නොවී ඇතිකල හැකිනම් හිපපොටේමසකු අල්ලපු ගෙදර එකා ඇතිකලාට කිසිවෙකු කිසිවක් නොකියනු ඇත. කෙසේ වෙතත් බල්ලා නොමරුවානම් හොඳය! මැරුව එක ඊටත් වඩා හොඳය! දෙවනි අදහස මෙසේ වර නගන්නම්. යලිත් බල්ලකු හදූවද බ්‍රිටෝ මින් පසුව බල්ලාව කඩේට පාන් ගේන්නවත් නොයවනු ඇත. අන් මිනිසුන්ගේ නිදහස පෞද්ගලිකත්වය ට ගරු කරණ්නට ඔහු ඉගෙන ගනීවි!

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස තමයි වඩාත් සාධාරණ, මට හිතෙන හැටියට. අසල්වැසියෙකුගේ බල්ලෙක් අපේ නිවසේ අගුළු දැමීමට අමතක වූ ගේට්ටුව ඇරගෙන වත්තට පැමිණ අපේ කුඩා පූස් පැටියා සපා පැරලයිස් කලා. මම දැන් සිටින රටේ මෙලෙස බල්ලන් අනුන්ට අලාභ කලොත්, බල්ලන්ට බේත්හේත් නුදුන්නොත් අධික දඩ අය කරන නිසා වගකීමක් ගන්න බැරි අය බල්ලන් හදන එක පාලනය කරල තියෙන්නෙ. නියම ආදරයට වගකීම යන සාධකය අයත්. ලකාවේ නීති වල ලිහිල් භාවය සහ මිනිසුන්ගේ වගකීමක් නැතිකම පෙන්වන එක උදාහරණයක් මේක. සතා මැරැව මිනිහ හරිය කියන්නේ නෑ ඒත් සතාගෙ නියම මාරය අයිතිකරැ

      Delete
    2. මනුස්සයෙක් සහ බල්ලෙක් අතර වෙනස තේරුම් ගැනිමට තරම් උගත් නැති බව මැනවින් ප්‍රර්ශනය කර ඇත.
      තව සුලු දෙයක් ඔබට දැන ගැනීම පිනිස,
      බල්ලෙක් යම් තැනක මුත්‍රා කරන්නේ ඊට කලින් තව සතෙකු මුත්‍රා කර ඇති නිසා බවත්, ඔබ පවසන ආකාරයට සියලු සතුන් ඇති කරන ජනයාට එම සියලු සතුන් සදහා පාසලක් ආරම්භ කර ඔබ කියන සියලු සදාචාරාත්මක හැදියාව පුහුණු කරන මෙන් ඉල්ලා සිටිමි.
      ඔබ අදහන ආගම කුමක් උනත් ප්‍රානගාතය සදහා කැලැන්ඩරයක් අවශ්‍ය නැත.
      සතෙකුට ආදරය කිරිමට වත්කමක් අවශ්‍ය නැත. සමාජ ජාල වලට සීමා වූ මනුස්සකම ගැන ප්‍රසිද්ධියේ ඔබ කතා කිරීම ගැන කනගාටු වෙමි.
      ඔබගේ දරුවන්ට ඔබ උගන්නන මනුස්සකම ගැන වීශේශන පද අවශ්‍ය නැත.
      මේ රට ඇමරිකාවක් කරන්නට ඔබ වගේ 10කු සිටියොත් ඇති බව පසක් කර ගන්න.

      එමෙන්ම,

      සිහසුන්ව ඇද වැටුණු සොල්දාදුවා ගැන මෙතරම් කතා කලේ නැත

      Delete
    3. ඔබ ඔබගේ කොමෙන්ටුව ලියා ඇත්තේ කවුරුණ් ඉලක්ක කරගෙන දැයි මා නොදනිමි.
      එහෙත් මේ සම්බන්ධයෙන් මාහට අදහසක් ඇති බැවින් මා මෙසේ ලියන්නම්.
      "මනුස්සයෙක් සහ බල්ලෙක් අතර වෙනස තේරුම් ගනීමට තරම් උගත් නැති බව මැනවින් ප්‍රදර්ශනය කර ඇත!" ඔබ ලියා ඇත.
      මමත් මට පහලින් ලියා ඇති ඇෆ්‍රිකන් ඒන්ජල් ද ලියා ඇත්තේ ප්‍රසිද්ධ මෙන්ම ජනප්‍රිය මතයට එරෙහිව යමින්ය.
      "මිනිසෙකු බල්ලෙකුට වෙඩි තබා ඇත!" කියා ඇසූ සැනින් අපට දැනෙන්නේ එය තිරිසන් ක්‍රියාවක් ලෙසය. සත්තකින්ම විවාදයක් නැත.
      එය කිසිසේත්ම නොකල යුතු දෙයකි.
      ඔබ අසා ඇතිද හේතු ඵල වාදය කියන දෙය.
      අප අද ලබන දකින විඳින සෑම හොඳ හෝ නරක ඵලයක් පිටුපසම ඒයට මුල් වූ හේතුවක් ඇත.
      අප ; අපගේ නිවසේ දොර ජනෙල් අපරීක්ෂාකාරීව විවෘථව තබා තිබුන හොත් එයට සොර සතුරු තර්ජනයක් ඇතිවීම අනිවාර්‍යය දෙයකි.
      මෙහිදී අප හොරාව නිවැරදි නොකරණ අතරමුලින්ම දෝෂ දර්ශනයට ඔහු ලක් වේ.
      නීතිය ඉදිරියේ ඔහු වරදකරුවෙකි.
      එහෙත් අප විසින් විමසා බැලිය යුතු අනෙකුත් කාරණය වන්නේදොර ජනෙල් ඇර තැබීමෙන්; අප විසින් හොරා වෙත හොරකම් කිරීමට උත්තේජනයක් පෙළබවීමක් ඇතිකොට ඇති බවය.
      මනුස්සයෙක් හා බල්ලෙක් අතර වෙනස අප තේරුම් නොගෙන සිටින බව ඔබ ප්‍රකාෂ කරණා අතර ඔබ "මනුස්සයින් දෙදෙනෙක් හා බල්ලකු අතර වෙනස ඔබ නොදන්නා බව!' මා ඔබට යෝජනා කරමි.
      මෙහිදී බල්ලා ගේ ආත්මය හෝ ජීවිතය මතින් ගෙවී ගියේ කිසිදු සංවරයකින් හෝ සැලකිල්ලකින් බල්ලකු නොහදන මනුස්සයෙකුගේ අවිචාරමත් බව හා කිසිදු ඉවසිල්ලක් නොමැතිව සතෙකු නැසීමට ක්‍රියා කල මනුස්ස්යෙකුගේ ක්‍රියාත්මක වීමය!

      සතුන් පමණක් නොව "මෙහි මූත්‍රා කිරීමට බල්ලන්ට පමණයි" කියා බෝඩ් ගසා ඇති තැන්වලද මූත්‍රා කරන මිනිසුන් අප දැක ඇත.
      ඔවුන් ගෙන් ඒ පිළිබඳව විමසීමක් කලහොත් ඔවුන් කියන්නේද "මට කලින් වෙන අය මෙහි මූත්‍රා කර ඇත!" කියාය.
      ඔබ අපට යෝජනා කරණ පාසැල් පද්ධතිය වෙත මුළින්ම යොමු කල යුතු වන්නේ ඒ අය බව මගේ අදහසයි.
      මා ජීවිත කාලය තුල මගේ දරුවනට උගන්වා ඇති දේ හා මිනිස් වර්ගයා වෙනුවෙන් කර ඇති දේ ඔබ මාගේ බ්ලොගයට පිවිසුන හොත් දැක ගත හැකිවේ.

      ඔබ මීට අමෙරිකාව ඈඳාගෙන ඇත.
      අනාගතයේ දිනෙක ගුවන් තොටුපොලවල් විවෘථ වූ දිනෙක ඔබ බලා සිටින්න මෙරටින් අමෙරිකාවට හෝ වෙනත් යුරෝපීය රටකට සංක්‍රමණය වූ පිරිස නැවත එන තුරා.

      මා ඔබෙන් සරළ ප්‍රශ්ණ කිහිපයක් අසන්නම්!
      ඔබ ඔබගේ ජීවිත කාලයට; දඩාවතේ යන බල්ලන්ගෙන් හෝ අපරීක්ෂාකාරීව; නමට ගෙවල් වල හදන බල්ලෙකුගෙන් පීඩා විඳ ඇත්ද?
      ජීවිතකාලයේ එක් දිනක් හෝ ජලභීතිකාව වැළඳුනු රෝගියෙකුව දැක ඇතිද?
      ජලභීතිකාව හෙවත් පිස්සුබලු රෝගයටද කිසිදු බෙහෙතක් නැති බව ඔබ දන්නෙහිද?
      කිසිදු දිනෙක ඔබව; අයාලේ යන බල්ලෙකු විසින් සපා කා ඇතිද?
      ඔබ අයාලේ යන බල්ලෙකු නිසා යතුරු පැදි අනතුරකට පත්වී ඇතිද?
      ඔබ මේ ප්‍රශ්න පහ මගෙන් විමසුවහොත් මට එකින් එකට දිය හැකි පිළිතුර "ඔව්!" යන්නයි.
      මා මේ පිළිතුර ලිවීමට පටන් ගත් මොහොතේ පටන් ගත් පරිදිම "බල්ලා ඉතා කෲර ලෙස ඝාතනය වී ඇත!" කියන දෙයට විවාදයක් නැත.
      මා ගොඩනගන්නේ එයට වෙනස් තර්කයක් නොවේ. එම අසරණ බල්ලාව අසල්වාසියෙකුට කරදරයක් නොවන්නට හැදුවා නම් ඌ අදත් ජීවතුන් අතරය! කියන අදහසය.
      ඔබ අවසන් වශයෙන් ඇද වැටුණු සොල්දාදුවා ගනද සඳහන් කරයි.
      මුළු මහත් සමාජයම එම සිද්ධිය පිළිකුලෙන් යුතුව හෙලා දකිද්දී ඔබ බලා පොරොත්තු වන්නේ අප විසිනුත් එයට දොස් පැවසිය යුතු යැයි කියාද?
      එය කිසි දිනෙක සිදු නොවිය යුතු දෙයක් වන්නේ ඔහු සොල්දාදුවකු නිසාම නොව ඔහු මනුස්සයෙකු බැවින්ය!
      අවසාන වශයෙන් මා ඔබට එක් අදහසක් කියන්නම්.
      ඔබ මෙන් නිර්නාමිකව මම ලියා නැත. මා කවුරුදැයි ඔබ දන්නවා ඇති.
      නො එසේනම් සොයා ගැනීමටද හැක.
      පසුගිය වසර 15-20 ක කාලය පුරාවට මා විසින්; ගේ තුලට පැමිණ එලවා ගත නොහැකිවූ අවස්ථාඅතලොස්සක් අතර විෂඝෝර සර්පයෙකු ඇරුණු කොට කිසිදු සතෙකු ඝාතනය කොට ඇත්දැයි සොයා බලන්න.
      මා කිසිදු දිනෙක මදුරුවෙකු වත් නොමරන අයෙක්මි.
      එසේම මහපාරේදී ගොළුබෙල්ලන්, හැකරැල්ලන් සිය ගනනක් මාර්ගයෙන් ඉවතට තබා ඔවුන්ගේ ජීවිත රැකදුන් අයෙක්මි.
      එසේම අන් මිනිසුන්ගේ පෞද්ගලිකත්වය හා නිදහස ඉහලින්ම අගය කරණ්නෙක්මි.

      අවම වශයෙන් ඔබ; ඔබගේ කොමෙන්ටුව ඔබේ නමින් වත් පල කරානම් එයට මීට වඩා වටිනාකම්ක් තිබෙන්නට තිබුණි!

      Delete
    4. අඥාත කොමෙන්ටුවට තට්ටයාගේ කොළම ලියන "තට්ටයා" විසින් තර්කානුකූල, බුද්ධිමත් සහ ශිෂ්ඨ සම්පන්න පිළිතුරක් ලිවීම ගැන තට්ටයාට ස්තූතිවන්ත වෙමි. මෙම අඥාත කොමෙන්ටුව ලිපියේ හෝ සෙසු කොමෙන්ටුවල කරැණු ගැන ජෙනුවින් අදහසකට වඩා ප්‍රියන්ත,තට්ටයා, හෝ මාගෙන් හෝ අපගෙන් කිසියම් ඇරියස් එකක් කවර් කිරීමට ගත් දුර්වල උත්සහයක් යැයි සාධාරණ සැකයක් මතු වේ. එයට හේතු නම් අනන්‍යතාවය සැඟවීම (තමන්ගේ මතය වෙනුවෙන් එළිපිට පෙනී නොසිටීමෙන්ම තමන්ටද ඒ අදහස ගැන විශ්වාසයක් නැති බව පෙන්වයි), අශිෂ්ඨ භාෂා විලාශය, මඩ ගැසීම මගින් අන් මත යටපත් කිරීමට හැදීම, තමන් පමණක්ම හරි යැයි හිතන උද්දච්ච කම, තර්ක වල ඇති incoherent භාවය ආදිය ඊට සාක්ශි සපයයි. තට්ටයා විසින් ලබා දී ඇති ඉතාම පරිණත පිළිතුරට ස්තූති කරන ගමන් කුඩා එකතු කිරීමක් කරමි. අපගේ කුඩා බළල් පැටවා එක්තැන්වී උගේ මවගෙන්ද ප්‍රතික්ශේප වී නොවිඳිනා දුක් විඳ මිය යන අයුරැ කුඩා දරැවෙකු ලෙස මා කම්පනයට පත් කලේය. මෙතන වෙඩි වැදුන බල්ලා මෙන්ම ඒත් අසරණ සතෙකි. ඔබ ඇමරිකාව මෙතෙන්ට ගාවගෙන ඇත්තේ මම ඇමරිකාවේ සුරතල් සතුන් හැදීමට නීතිරීති ඇති බව සඳහන් කල නිසා විය හැක. ඕනෑම රටක සාධනීය ලක්‍ෂණයක් හොඳක් ලෙසද සාධනීය නොවන ලක්‍ෂණයක් නොහොඳක් ලෙසද දැකීම මගේ ප්‍රතිපත්තියයි. ඊට ඇමරිකාවද චීනයද ඉතියෝපියාවද යන්න මට අදාළම නැත. හැබැයි මම දිගු කලක් ජීවත්වී ඇත්තේ ලoකාවේ සහ ඇමරිකාවේ පමණක් නිසා එසේ සාධනීය/සාධනීය නොවන ලක්‍ෂණ වඩාත් හදාරා ඇත්තේ එම දෙරටේය. මට අත්දැකීම් නැති රටක් ගැන එහෙන් මෙහෙන් දැනගත් පමණින් පොර ටෝක් දෙන්නට තරම් පටු මානසිකත්වයක් මට නැත. ඔබ ඇමරිකාව ගැන කතා කර ඇති විදිහෙන්ම කිසිදාක ඇමරිකාවට පා නොතැබූ ඇමරිකාව ගැන වීරවoශලා වැන්නන් ගෙන් දැන කියා ගත් අයෙකු බව පෙනේ. නොදන්නා දේ ගැන කතා කිරීමෙන් වැලකීම ඔබගේ යහපතට හේතු වන බව යටහත් පහත් ලෙස මතක් කරමි.

      Delete