This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 30 April 2020

In Sri Lanka, Coronavirus created a political crisis, කොරෝනා ලංකාවේ දේශපාලන අර්බුධයක් හදයි

'Did you contact anyone who came from Italy or any other foreign countries?'

It was the typical question that was asked at Sri Lankan hospitals to people who came to see the doctor for the flu, cough or influenza symptoms. That was the early phase of the Coronavirus before it began to spread rapidly in Sri Lanka. At that time, people who recently came from overseas territories were categorised as the 'risky groups' who could possibly spread this deadly virus to the local people. Soon, they were identified and sent to the government-created quarantine camps. The spread of the Coronavirus in Sri Lanka slowly began to declined but it did not come to an end. It began to spread again with new spreaders. This time it was the members of security forces, particularly Navy personnel, who were identified as the possible group who could spread the disease around the country. Those members of security forces caught the disease from the previously infected people when they were doing their duty at the government-conducted quarantine process. Soon after that, anybody who went to see the doctors at the Sri Lankan hospitals for the flu, cough or influenza symptoms were being asked 'did you contact any Navy personnel or any members of the security forces?'

This is the current situation. But I am wondering if anyone who goes to see the doctors at the Sri Lankan hospitals for flu, cough or influenza symptoms in the coming months will be asked: 'did you contact anybody who came to campaign for the general election?' The reason for that is because Sri Lanka is now entering into the period in which they have to hold the general election despite their current raising Coronavirus threat to the public health of the country. 

This has been discussed in many circles of the country and particularly among the academic and political sectors now. Elaborating the facts, retired Professor of the University of Colombo Jayadeva Uyangoda wrote to 'Anidda' Sinhala newspaper and pointed out that Sri Lanka is 'facing a four-faced crisis which should be addressed immediately without further delay'. Those were: 

1. The public heath crisis which was created by the Coronavirus.

2. The constitutional crisis which emerged after the election commission postponed the general election until June 20th and no constitutional provisions to run the country without the new Parliament sitting outside the time frame which is recommended by the constitution to hold the election.

3. The President refused to recalled the old parliament. There is a lack of a strategic approach and cooperation between the opposition parties and government to find a possible solution to break this constitutional deadlock.

4. The inevitable economic crisis which will have to be faced as the strict lockdown measures have further deteriorated the Sri Lankan economy. 

In the context of Prof. Jayadeva Uyangoda's piece of writing above, it is obvious that the second and third facts are directly linked with the political crisis and the fourth factor, the economic crisis, eventually leads to the political crisis as the old schools of political sciences have emphasised. 

What is recapitulate here is that the Coronavirus not only created a public heath crisis but also a political crisis. Aside from the political crisis which is underpinned by the constitutional crisis, Sri Lanka has to have the election without any further delay. 

But what if the election was held under this Coronavirus condition? Then the question mentioned above in the beginning of this piece of writing, 'did you contact anybody who came to campaign for the general election?', will inevitably be raised at Sri Lankan hospitals no matter who comes to see the doctors for the flu, cough or influenza symptoms during and after the election. It is more than possible for Sri Lanka's usual election campaign practice to further accelerate the spread of the Coronavirus. 

Therefore, for the sake of the public health and well-being of all Sri Lankans, it is better to adjourn this election process and recalled the Parliament, and form an all party government to face this crisis. It is the best option any responsible political authority has and they should follow it in these type of circumstances. 

Marcus Priyantha Perera
30/04/2020

උණට, කැස්සට, හෙම්බිරිස්සාවට රෝහලකට ආපු කෙනෙක්ගෙන් ඉස්සර ඇහැව්වේ පිටරට ඉදලා ආව කාවහරි ආශ්‍රය කෙරුවද කියලායි. දැන් අහන්නේ නේවි එකේ කවුරුහරි ආශ්‍රය කෙරුවද කියලලු...ඊලගට අහන්නේ චන්ද ඉල්ලන් ආව කවුරු හරි ආශ්‍රය කලාද කියලද?

මෙහෙම කියන්න වෙලා තියෙන්නේ ලංකාව කුමන තත්වයක් යටතේ හෝ මැතිවරණයක් පවත්වන්නවෙන තැනකට යන්න වෙන නිසයි යන අදහසක් මතුවී අති නිසයි. කොලබ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා 'අනිද්දා' පත්‍රයට (24/04/2020) ලියලා තිබුනා කොරෝනා තත්වය තුල ලංකාව අර්බුධ 4කට ලක්ව ඇති බව.

ඒවානම් 1, කොරෝනා වසංගත තත්වය තුල නිසා ඇතිවී ඇති මහජන සෞඛ්‍ය පිළිබද අර්බුදය, 2. ව්‍යාවස්ථාවේ විධිවිධාන අනුව මැතිවරණයක් පැවැත්වීමට නොහැකිවීමත්, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව කළහැකි කටයුතු සීමිතවීමත් තුල ඇතිවෙන ව්‍යාවස්ථා අර්බුධය, 3. මෙයට විසදුමක් ලෙස පාර්ලිමේන්තුව නැවත කැදවීම වැනි විපක්ෂයේ ඉල්ලීම් පිළිගැනීමට ජනාධිපතිවරයාත්, ආණ්ඩු පක්ෂයත් එකගතාවයකට නොවීම නිසා ඇතිවී ඇති අර්බුධය, 4. මාස දෙකකට අධික කාලයක් ආර්ථිකය අඩපණවීම නිසා ශ්‍රී ලංකාව වැනි දුර්වල ආර්ථිකයකට මුහුණ පෑමට සිදුව ඇති ආර්ථික අර්බුධය.

ඔහුගේ විග්‍රහයට අනුව 2වෙනි සහ 3 වෙනි කාරණා එක එල්ලේම දේශපාලන කාරණා,. 4 වෙනි කාරණය වන ආර්ථික අර්බුධය වගේ කාරනාත් අවසාන වශයෙන් දේශපාලන කාරණයක්. මොකද ආර්ථික අර්බුධයක් දේශපාලන අර්බුධයක් බවට පරිවර්තනයවීමට ඇති වැඩි ඉඩකඩ නිසා. එනිසා ඔහුට අනුව අවසාන වශයෙන් කොරෝනා වසංගත ලංකාව තුල නිර්මාණය කරන්නේ මහජන සෞඛ්‍ය පිළිබද අර්බුදයක් වගේම දේශපාලන අර්බුධයක්.. එකට විසදුම ලෙස පෙනීයන්නේ තවදුරටත් කල් කල්දැමිය නොහැකි මහාමැතිවරණ යයි. (ඔහුගේ ලිපිය පහලින් පළවේ)

එතකොට කොරෝනා පැතිරීම.. ඒ ගැන කියන්නන වෙන්නේ අර මුලින් කියපු ටික.. කවුරු හරි චන්දේ ඉල්ලන් ආපහු කෙනෙක් ආශ්‍රය කලාද කියලා අහන තත්වයකට රට තල්ලුවෙන එක.. මැතිවරණයකට යෑම කොරෝනා පැතිරීමට උඩ ගෙඩි දීමක් බව පැහැදිලියි. ඒ අනුව වගකීමක් ඇති ආණ්ඩුවක්, ජනාධිපතිවරයෙක්, මේ මොහොතේ කරන්න ඕනේ මැතිවරණය මාස 6කට හරි කල්දාලා ඇතිවී ඇති මහජන සෞඛ්‍ය අර්බුධය නිසා නිර්මාණයවී ඇති ව්‍යවස්ථා අර්බුධයෙන් ගොඩවීමට ආණ්ඩුපක්ෂය සහ විපක්ෂය එකතුවෙලා සාමුහික වැඩපිළිවෙලකට යෑම මිසක් මහජනයා අනතුරේ හෙලන මහා මැතිවරණයකට යෑම නෙමේ...

මාකස් ප්‍රියන්ත පෙරේරා
28/04/2020.

Thursday 23 April 2020

බ්‍රිතාන්‍ය කොරෝනා වයිරසයට එන්නතක් අත්හදා බලයි

බලාපොරොත්තු දල්වන දවසක්!!! අද(23/04/2020) බ්‍රිතාන්‍ය කොරෝනා වයිරසයට ප්‍රතිකාරයක් ලෙස එන්නතක් අත්හදා බලන දවසක්. එය කොරෝනා වයිරසයෙන් බැටකා සිටින සෑම සියළු මිනිස් ප්‍රජාවකටම යම් බලාපොරෝත්තුවක් දල්වන්නක බව පැහැදිලිය. මේ වන විටත් බ්‍රිතාන්‍යයේ පමණක් කොරෝනා වයිරසය නිසා පුද්ගලයින් 18,100 වඩා මියගොස් ඇති අතර අඩුම තරමින් 133,495 දෙනෙකුට වයිරසය ආසාදනයවී ඇති බව සොයාගෙන තිබේ. එහින් කිසියම්ම හෝ ප්‍රතිකාරයක් පිළිබද පරීක්ෂණයක් යනු පැහැදිලිවම සුබ ආරංචියකි.

මෙම නව එන්නත නිපදවා ඇත්තේ ලෝකප්‍රකට ඔක්ස්ෆෝර් විශ්වවිද්‍යාලයේ වයිරස් පරීක්ෂණ ආයතනයවන Jenner Research Institute නම් ආයතනය විසිනි. මහාචාර්ය Sarah Gilbert ප්‍රමුඛ පරීක්ෂණ කණඩායමක් විසින් සිදුකල පරීක්ෂණ ඔස්සේ නිපදවා ඇති මෙම එන්නත දැනට හදුන්වන්නේ ChAdOx1 නම් සංකේත නාමයකිනි. තවමත් පරීක්ෂණ මට්ටමින් තිබෙන මෙම එන්නත මේ වනවිටත් සතුන් ඇතුළුව අදියර කිහිපයක පරීක්ෂණයට ලක්කර එහි ඊලග අදියර ලෙස මිනිසුන්ට එන්නත් කිරීම සිදුකරනු ඇත. ඒ අනුව අද සිට මුලින්ම ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී ඇති 500 දෙනෙකුට මෙම පරීක්ෂණ එන්නත එන්නත් කර පසුව පුද්ගලයින් 1000ක නියැදියක් දක්වා යොමුවීමට පරීක්ෂකයන් බලාපොරොත්තුවේ. විවිධ පුද්ගලයන්ට මෙම එන්නත සිදුකරන බලපෑම ගැන අවධානය යොමුකිරීමෙන් අනතුරුව ජුනි-ජුලි මාසවනවිට සාර්ථක ප්‍රතිපලයක් අත්කරගැනීම මෙම පරීක්ෂණ කණ්ඩායමේ අරමුණය.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆෝර් විශ්වවිද්‍යාලයේ Jenner Research ආයතනයට අමතරව ලන්ඩනයේ Imperial Collage විශ්වවිද්‍යාලයද කොරෝනා වයිරසය සදහා ප්‍රතිකාරයක් සොයාගැනීමට දැඩි උත්සහයක නිරතවී සිටි. එම ආයතන දෙකටම බ්‍රිතාන්‍ය රජය පවුම් මිලියන 22ක බැගින් ලබා දී ඇත. සාමාන්‍යයෙන් එන්නතක් නිපදවීම වැනි මෙවැනි පරීක්ෂණ කටයුතු සදහා වසර ගණනාවක් ගතවුවද උද්ගතවී ඇති වසංගත තත්වය තුල මෙම පරීක්ෂණ ඉක්මන්කර තිබේ. 

මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය ද Biotech ආයතනයට ඩොලර් බිලියන ගනණක අරමුදල් ප්‍රධානය කරමින් කොරෝනා සදහා ප්‍රතිකාරයක් සොයාගැනීම ඉක්මන් කරන ලෙස ඉල්ලා තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රෑම්ප් මහත් බලාපොරොත්තු තැබූ, ඉන්දියාවට පවා තර්ජනය කරමින් වහා සපයනලෙස ඉල්ලා සිටි මැලේරියා පෙත්ත හෙවත් Hydroxychloroquine නම් ඖෂධය කොරෝනා රෝගය මර්ධනය කිරීමට ප්‍රමාණවත් ප්‍රතිචාරයක් නොදැක්වීම ඊට එක් හේතුවක් විය හැක.

තවද කොරෝනා වයිරසය මැඩපැවැත්වීමට ඕස්ට්‍රේලියාව විසින් නිපදවූයේයැයි සදහන්කල එන්නතේ ප්‍රගතිය පිලිබදව වාර්තා නොලැබුනද ඕස්ට්‍රේලියාවේ කොරෝනා රෝගීන් සංඛාව පහලයෑම සහ ඇතැම් ප්‍රදේශවලින් නව කොරෝනා රෝගීන් වාර්තාවී නොමැති බවත් සදහන් පුවත්පළවේ. එකී තත්වය සහ ඕස්ට්‍රේලියාව සොයාගත්තායැයි සදහන් ප්‍රතිකාරය අතර සම්බන්දයක් තිබේදැයි යන්න තවමත් ප්‍රකාශයට පත්ව නොමැත. කෙසේවෙතත්, බ්‍රිතාන්‍යයේ හෝ ඔස්ට්‍රේලියාවේ හෝ ඇමරිකාවේ නිපදවන එනතක් හෝ වෙනත් ඖෂධයක් මහජනයා අතරට ගෙනයෑමට තවත් මාස කිහිපයක් ගතවෙන බව වාර්තාවේ.

තත්වය එසේ තිබියදීත් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆෝර් විශ්වවිද්‍යාලයේ වයිරස් පරීක්ෂණ ආයතනයවන Jenner Research Institute විසින් අද සිදුකරන  ඔවුන්ගේ පරීක්ෂණ එන්නත මිනිස් ශරීරගත කිරීම පිලිබදව වැඩි අවධානයක් යොමුවී ඇත්තේ බ්‍රිතාන්‍යයට එන්නතක් ප්‍රතිකාර සමබන්දයෙන් ඇති කීර්තිමත් ඉතිහාසය නිසා විය යුතුය. 

ලෝකයේ ප්‍රථමවරට වසුරිය එන්නත සොයාගත් එඩ්වර්ඩ් ජෙනර් (Edward Jenner) පිලිබදව අපේ පැරණි පාසැල් පෙළපොත්වල පවා සදහන්වු බව මතකය. අද කොරෝනා වයිරසයක් සදහා එන්නතක් අත්හදා බලන ඔක්ස්ෆෝර් විශ්වවිද්‍යාලයේ වයිරස් පරීක්ෂණ ආයතනය වන Jenner Research Institute ආයතනය නම් කර ඇත්තේද වසුරිය රෝගය සදහා 1796 තරම් ඈත කාලයේදී එන්නතක් සොයාගත් එඩ්වර්ඩ් ජෙනර්(Edward Jenner) ගේ නමිනි. මේ වනවිට ලෝකයේ කුඩා දරුවන්ව සදහා විවිධ රෝග වැලක්වීම වෙනුවෙන් වැඩිම එන්නත් ප්‍රමාණයක් ලබාදෙන රට බවට බ්‍රිතාන්‍ය පත්ව සිටීමද ඔවුන්ගේ එන්නත් ප්‍රතිකාර පිළිබද ඇති කීර්තිනාමයට තවත් නිදසුනකි. 

පසුගියදා BBC ලෝක ප්‍රවෘත්ති සේවය වාර්තාකලේ මිනිසුන්ට වැළදෙන කොරෝනා රෝගය පිලිබදවද ප්‍රථමයෙන් සොයාගෙන ඇත්තේද බ්‍රිතාන්‍යයේ විද්‍යාඥවරියක් වූ ජුනි අල්මේදා (June Almeida) විසින් බවය. ඇය 1964 ලංඩනයේ ශා. තෝමස් රෝහලේ රසායනාගාරයේ සිදුකල පරීක්ෂණ තුලින් එකී සොයාගැනීම සිදුකර ඇතිබව එම වාර්තාවේ සදහන් කර තිබුණි. පසුගියදා කොරෝනා රෝගයට ප්‍රතිකාරගැනීම සදහා බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා ඇතුල්කර තිබුනේද මෙකී ලංඩනයේ ශා.තෝමස් රෝහලටය. 

මේම පසුබිම තුල බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆෝර් විශ්වවිද්‍යාලයේ වයිරස් පරීක්ෂණ ආයතනය වන Jenner Research Institute ආයතනය විසින් කොරෝනා වයිරසයට ප්‍රතිකාරයක් ලෙස නිෂ්පාදනය කරඇති පරීක්ෂණ එන්නත මිනිස් ශරීරගත කිරීම පිලිබදව කොරෝනා වයිරසයෙන් බැටකා සිටින සෑම සියළු මිනිස් ප්‍රජාවක්ම බලාපොරොත්තු දල්වාගෙන සිටීම පුදුමයට කරුණක් නොවනු ඇත. 

එහෙත් මේ සමග  අවධානය  යොමුකළ  තවත්  කරුනක්ද  ඇත. එනම් මහජනයාගේ බදු මුදල්වලින්, විද්‍යාඥනයිගේ මහත් උත්සහයකින් බිහිවෙන මෙවැනි එන්නත් සහ ඖෂධ ආදිය  මහාපරිමාණ ඖෂධය සමාගම්වලින් (pharmaceutical companies), ඖෂධ ජාවාරම්කරුවන්ගෙන් ලාභය මුල්කරගත් වැඩපිළිවල්වලින් බේරා ලෝකවාසී මහජනයාට සෙතක්  සැලසෙනසේ බේරාගන්නේ  කෙසේද යන්නයි. කොරෝනා වසංගතය හමුවේ මුඛ ආවරණවලින් (face masks) පවා මහා පරිමාණ ලාභ සෙවූ ජාවාරම්කරුවන්ගෙන් කොරෝනා වසංගතයට සොයාගන්නා ඖෂධයක්  හෝ එන්නතක් කෙසේ නම් බේරාගත හැකිවේද? 
මාකස් ප්‍රියන්ත පෙරේරා
23/04/2020

Tuesday 21 April 2020

පාස්කු ප්‍රහාරයට වසරයි මේ ආණ්ඩුවත් තෙපරබානවා

පාස්කු ප්‍රහාරයට වසරයි...
ඔවුන්ගේ විලාපය තවමත් එලෙසමයි...
පවුල් පිටින් ජීවිත අහිමිවුවෝ එමටයි...
මැරී මැරී ජීවත්වෙන ජීවිත අනත්තයි...
තවමත් ප්‍රතිකාර ලබන රෝගීන් අපමණයි...
ඔවුන්ගේ වේදනාව කොහොමට ඇත්ත?
අපිට මෙහෙම කැක්කුමක් තියෙනවා නම් 
ඔවුන්ට කොහොම කැක්කුමක්‌ ඇත්ද?
                             එත් කවුද මේවට 
                             උත්තර බදින්නේ?
ඔවුන් දැන දැනත් මේ විනාශය වෙන්න
 ඉඩදීලා බලන් හිටියා...
මිනිස් ජීවිත ගැන අබමල් රේණුවක තරම්වත් 
තැකීමක් කලේ නැහැ...
ඔවුන් ඔවුන්ගේ වගකීම හරියට ඉටුකළේ නැහැ...
අපේ මිනිස්සු මැරෙන්න ඇරලා බලන් හිටියා...
එකෙන් දේශපාලන වාසි හෙව්වා.. 
අදටත් අපේ මිනිස්සු දුක්විදිනවා.. 
එහෙම තියෙද්දීත් උන් බලන්නේ අපිව කොහොමද
 මුස්ලිම් එකා එක්ක කොටවන්නේ කියන එකයි..

සහරාන්ලාගේ ISIS මිනීමරුවන්ට හිතූ හිතූ හැටියට මිනී මරන්න ඉඩහැලා බලන් ඉදලා, 
ඔවූන්ගේ 
වගකීම් ඉටු නොකර 
ජාතිවාදය උසි ගන්වලා 
ලස්සනට බේරිලා ඉන්නවා... 
කට හිටිය ආරක්ෂක ඇමති සිරිසේනට,
 හිටපු අගමැති රනිල්ට, 
ජාතික ආරක්ෂාව බාර 
හමුදාවේ, පොලිසියේ, 
 ප්‍රධානීන්ට විරුද්ධව 
මේ ආණ්ඩුවත්
 මොනවද කලේ?
තවම එක නඩුවක්වත් දැම්මද?
 නෑ. 
සිරිසේන අද පොහොට්ටුවේ සභාපති...
පාස්කු ප්‍රහාරය විකුනලා, ජාතිවාදය උසිගන්වලා, මීගමුවට බෝම්බ ගහලා මදි...මුන්ට මෙහෙම කරලා මදි කියන කාලකන්ණි තැනකට මිනිස්සු ගෙනල්ලා දැන් කියනවා රට හදන්න එන්නලු...
රටවල් හදන්න කලින් අපරාධකාරයින්ට දඩුවම් දීපල්ලා... අහිංසක මිනිස්සුගේ ජීවිත බිල්ලටදීලා... අපරාදකාරයින්ට දඩුවම් නොදී... හැදිච්ච එකම රටවක්වත්, එකම ජාතියක්වත් මේ ලෝකේ නැහැ...

ඒ වගේ මනුෂ්‍ය කොට්ටාශ
 දවසින් දවස පිරිහෙනවා මිසක් 
කිසිම දවසක සාමයක්, සතුටක්, සමාදානයක්, සංවර්ධනයක් 
අත්කරගන්නේ නැහැ...
එක තමයි මේ මුළු ලෝක ඉතිහාසයේම සත්‍යය... ඒකෙන් පිට වෙන දෙයක් නැහැ...

අපිට නම් මියගිය ඒ අහිංසක මිනිස්සු වීරයෝ, 
ප්‍රාණ පරිත්‍යාගවරු...
අපේ ඇදහිල්ල තුල 
සදාතනික ජීවිතය අත්කරගත් මිනිස්සු. 
ඔවුන් මැරුණත් ජීවමානයි...
එත් අපරාදකාරයෝ...
මිනී මරුවෝ..
මිනීමරුවන්ට ඉඩ ප්‍රස්තාව හදලාදීලා 
තමන්ගේ වගකීම පැහැර හැරිය නිලධාරින්..
ඒවා දැන දැනත් 
අපරාධකාරයින්ට දඩුවම් නොදී ඉන්න අය.. 
ඒ අය ජීවත්වුනත් ජීවත්වෙන්නේ මැරි මැරී...
මැරී මැරී ජීවත්වෙන මළකදවල්...

කෘර ප්‍රහාරයෙන් මියගිය 
අපේ අහිංසක ජනයා සමාදානයේ සැතපේවා!!! 
විපතට පත් සියල්ලන්ට යුක්තිය සහ සාදාරණ ඉටුවේවා!!!

මාකස් ප්‍රියන්ත පෙරේරා
21/04/20

One year after the Easter Sunday Attack, Sri Lanka has still failed to bring the attackers,culprit, their associates, government officials, police, military and intelligence officers, who did not prevent it from happening, to the judicial process. Instead, the government officials, who fail to abort the attack, was released on bail and the ex-Sri Lankan President Sirisena, who was the Minister of Defence and did nothing to prevent the attack, has been promoted into the current ruling party's chairmanship. Justice has not been done.

As a state, Sri Lanka has continued to fail to protect, prove their genuine concern and respect the minority communities who have been victims of various atrocities of the country.

Neither past nor the current regime has shown no real interest on this regard.

But we won't forget, we will continue to stand for justice.

Marcus Priyantha Perera
21/04/2020

Friday 17 April 2020

නොට්‍ර ඩාමය අප තුල ඇවිලූ ගින්න

''ජීවිතය කියන්නේ නැරබීමේ ක්‍රීඩාවක් නෙමේ. බලාසිටීම නම් ඔබ කරන්න යන්නේ, ඔබේ ජීවිතේත් යන එක තමයි ඔබට බලාසිටීමට වෙන්නේ''.. (Life's not a spectator sport. If watching is all you're gonna do, then you're going watch your life go by without ya.) ඔය කථාව තියෙන්නේ වික්ටර් හියුගෝ ගේ (Victor Hugo) 'නොට්‍ර ඩාම්යේ කුදා' (The Hunchback of Notre-Dame) නවකථාවේයි. ඔය නවකථාව සහ  වික්ටර් හියුගෝගේ 'මනුතාපය' කියවපු අපි පැරිස් නගරය දැකීමටත් නොට්‍ර ඩාම් දේවස්ථානය බැලීමට යාමටත් බොහෝ ආශාකලා. ඇත්තටම  මට  ඒ සදහා  අවස්ථා  රාශියක්ම  උදාවුනා.  තවමත්  මම එක දිනකට හෝ පැරිස් නගරයට ගොඩවෙන සෑමවිටම නොට්‍ර ඩාම් දේවස්ථානය බැලීමට යාමට අමතක කරන්නේ  නැහැ.   

මම ඔය කථාව මතක්කලේ ප්‍රංශයේ පැරිස් නුවර තිබෙන නොට්‍ර ඩාම් ඓතිහාසික දේවස්ථානයේ ඇවිලුන මහ ගින්නට 15/04/2020 දිනට වසරක් උදා වෙන නිසා. ගිය වසරේ අද වැනි දවසක ඇවිලුණු මහ ගින්නකින් වසර 850ක් පැරණි මෙම ගොතික් සම්ප්‍රදායට අයත් ලෝකප්‍රකට දේවස්ථානයේ ප්‍රධාන කුළුණු දෙකක් ඇතුළුව ශෛලමය සැකිල්ලට විශාල හානියක් සිදුවුවා. ගින්නෙන් වසරක් ගෙවී ගියත් සම්පුර්නයෙන්ම යථා තත්වයට මෙම දේවස්ථානය තවමත් පත්වී නැහැ.

ප්‍රංශයේ 9 වන ලුවී රජු පැරිසියට රැගෙනවිත් මෙම දේවස්ථානයේ තැම්පත් කර තිබු ජේසුස් වහන්සේගේ 'කටු ඔටුන්න' ඇතුළුව බොහෝ කෞතුක සහ ආගමීක වස්තූන් නිරූපද්‍රිතව බේරා ගැනීමට හැකි වී තිබුණත් 12 වන සියවසේදී ඉදි කරන ලද මෙම දේවස්ථානයට සිදුවූ හානිය සිත් කම්පා කරවන සුළුයි.

මෙම ගින්න ඇතිවු සමයේම එය කිසියම්ම හෝ ලෝක විනාශයක් ඇතිවීමට නිමිත්තක් යැයි යන හැගීමක් ඒ කාලය තුලදීම ප්‍රකාශවුනේ හරියට බයිබලයේ හෙළිදරව්ව පොතේ කියවෙන 'ඒ ගින්නෙහි නැගෙන දුම' (The smoke of her burning - Revelation 18:9 ) ගැන කියවූ කෙනෙකුට මතු ඇතිවෙන තත්වයන් ගැන හැගෙන දේවල් ඒ ආකාරයටම වේදොයි යනුවෙන් ඇතිවෙන හැගීම නිසා වියයුතුයි.

ඇත්තටම, අපිට ඒ ගින්නෙන් පස්සේ කොච්චර නම් විනාශයන් ගැන අහන්න ලැබුනාද? අත්වින්දාද?

නොට්‍ර ඩාම් ගින්න අත්වී සුමානයකට පසුව ලංකාවේ පාස්කු ප්‍රහාරය...ඊට පස්සේ චීනයේ සහ ජපානයේ ස්වභාවික ව්‍යයසන.. ඊටත් පස්සේ ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි...දැන් කොරෝනා... ඉවරයක් නැති මේ මහා විනාශයන් කීයක් නම් ඇතිවුනාද නොට්‍ර ඩාම් ඓතිහාසික දේවස්ථානයේ ගින්න ඇවිලී ගෙවී ගිය වසරක කාලය තුල?

ඒ කිසිවක් සම්බන්දයෙන් කිසිවක් කල නොහැකිව බලාසිටීම හැර වෙන කිසිවක් කල නොහැකි තත්වයට අපි සියල්ලන් අද පත්වී සිටිනවා නේද? ඇත්තටම ජීවිතය කියන්නේ නැරබීමේ ක්‍රීඩාවක් නෙමේ තමයි, බලාසිටිනවා නම් බලා සිටින්නවෙලා තියෙන්නේ ඔහේ ජීවිතේත් ගෙවිලා යන එක විතරයි...

එළියේ නම් කොච්චර ලස්සන දේවල් තියෙනවාද නරබන්න..අහෝ කොරෝනා ඔබ අප සිත්තුල ඇවිලූ ගින්නක මහත..

මාකස් ප්‍රියන්ත පෙරේරා
15/04/2020

Thursday 16 April 2020

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයට පවුම් මිලියන ගාණක් රැස්කළ අවුරුදු 99 සීයා

මේ සීයට අවුරුදු 100යක් වෙනවා මේ අප්‍රියල් 30වෙනිදාට. තමන්ගේ අවුරුදු 100යේ උපන්දිනය සැමරීමට මේ සීයා අපුරු තීරණය ගත්තා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයට පවුම්1000ක් රැස්කර දෙන්න. ඒ සදහා ඔහු කලේ පොඩි දෙයයි...ඔහු කලේ තමන් දන්න කියන කට්ටියට දැනුම් දුන්නා ඔහුගේ නිවාස වටේ ඔහු රවුම් 100ක් යනවා පුළුවන් නම් එක රවුමකට පවුමක් දෙන්න කියලා ඉල්ලීම විතරයි. වැඩේ නැගලා ගියා. මිනිස්සු සල්ලි දෙන්න පටන්ගත්තා. පවුම් 1000ක් නෙමේ දැන් ඔහු පවුම් මිලියන12ක්ම රැස්කරලා. මේ ගාන තවත් ඉහලයයි. මිනිස්සු මේ සීයාගේ උත්සහය අගය කරන්නේ එහෙමයි.

අවුරුදු 99ක් වන මේ සීයාගේ නම ටොම් මෝර්(Tom Moore). 1920 අප්‍රියල් 20වෙනිදා බ්‍රිතාන්‍ය Bedfordshire පළාතේ උපතලද මේ සීයට අවුරුදු 18 පිරෙද්දී තමයි දෙවන ලෝක යුද්ධය ඇතිවෙලා තියෙන්නේ. ඉතින් ඔහු බ්‍රිතාන්‍ය හමුදාවට බැදිලා හිට්ලර්ට විරුද්ධව යුද්ධ කරන්න ගිහිල්ලා. එහිදී ඔහු පදක්කම් රාශියක් විතරක් නෙමේ කැප්ටන් තනතුරටත් පත්වෙච්ච කෙනෙක්. පසුව විවාහවී දරුමල්ලෝ ලැබ සාර්ථක ජීවිතයක් ගතකරමින් සිටි මේ සීයා පසුගිය කාලේ තරමක් අසනීපයෙන්  තමයි  ඉදලා  තියෙන්නේ. 

ඒ ඔහුගේ උකුල් ටේ බිදීයෑම සහ දිරායෑම නිසයි. ඒ නිසා වයසට ගියත් ඉතා උද්යෝගයෙන් උදේට නැගිටලා තේ එකක් බීලා පත්තරය අරන් එන්න කඩේට ගිහින්, තමන්ගේ වැඩ බොහොමයක් හිමින් හිමින් තමන්ම කරගත්ත ටොම් සීයා යන්න එන්න බැරිව එක්තැන්වෙලයි ඉදලා තියෙන්නේ. එහෙත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය ඔහුගේ වයස ගැන නොතකමින් ඔහුගේ උකුල් ඇටය සැත්කමකට ලක්කරලා කැඩී බිදී දිරාපත්වෙලා තිබුන ඔහුගේ උකුල් ඇටය වෙනුවට අලුත් උකුල් ඇටයක් බද්ධකරලා(Hip replacement surgery) විතරක් නෙමේ සෙමින් සෙමින් යථා තත්වයට පත්වෙන්න දි බෙහෙත්-හේත් කරලත් තිබුනා.  
හුගාක් රටවල නම් මේ තරම් වයස්ගිය අයට ඔය වගේ සැත්කම් කරන්නේ නැහැ.  සුවවීමට ඇති ප්ර්වනතාවය අඩු නිසාත්, අධික වියදමක්යන නිසායි. එහෙත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය මේවගේ නෙමේ මොනම සැත්කමක් සදහාවත් එරට පුරවැසියන්ගෙන් මුදල් අයකරන්නේ නැති නිදහස් සෞඛ්‍ය සේවයක්. එය මහජනයාගේ බදු මුදලින් නඩත්තුවෙන ඉහල ගුණත්වයක් ඇති නිදහස් සෞඛ්‍ය සේවයක්. ඇතැම්විට සමහර  සැත්කම් සදහා තරමක කාලයක් බලාසිටීමට සිදුවුවත් අවශ්‍ය සේවය නොපිරිහෙලා නොමිලේ ඉටුකිරීමට ඔවුන්  කැපවී සිටිනවා.  

ඉතින් උකුල් ඇටය බද්ධ කිරීමෙන් පසුව නැවත ක්‍රමයෙන් යථා තත්වයට පත්වූ මේ ටොම් සීයා කල්පනාකළා තමන්ට නැවත ඇවිදීමට හැකියාව ලබාදුන් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයට යම් ප්‍රතිඋපකාරයක් කරන්න. විශේෂයෙන්ම මේ කොරෝනා වසංගතය නිසා සිය ජීවිතපවා අනතුරුට ලක්ව ඇති මොහොතක ඒගැන නොසලකමින් අධික දාරිතාවයකින් වැඩකරන බ්‍රිතාන්‍යසෞඛ්‍ය සේවයට යම් ස්තූතියක් පලකරන්න. ඉතින්  ඒ සදහා තමයි ඔහු සිය100වෙනි උපන්දිනයට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයේ සුබසාධන කටයුතු සදහා පවුම්1000ක් රැස්කරදෙන්න තමන්ගේ නිවාස වටේ රවුම් 100යක් යන්න පටන් ගත්තේ. 

සීයාගේ මේ උත්සහය මුළු මහත් මිනිස් ප්ර්ජාවකගේම අවධානයට ලක්වුවා. බ්‍රිතාන්‍ය ස්ටලින් පවුම්1000 ඉල්ලකය කාලයේ වේගයටත් වඩා වේගයෙන් පසුකර ගියා. දැන් එය ස්ටලින් පවුම් මිලියනයක් නෙමේයි මිලියන12-13ත්ප හුකරලා ඉවරයි. ලංකාවේ මුදලින් නම් රුපියල් මිලියන3000කටත්  වඩා  වැඩියි. ඒක හරිය  පහුගිය  දවසක ලංකාව  චීනයෙන්  ගත්ත ණය මුදලකට  සමාන  තරම්  මුදලක්. 

බලන්න තනි පුද්ගලයෙකුගේ උත්සහයක් කොච්චර සාර්ථකවී තිබෙනවාද? ඇරත් මේ කොරෝනා කාලේ...බොහෝ කටයුතු ඇනහිට ඇති තත්වයක් තුල...කෙතරම් නම් අපූරුද? වයසට ගියත් මේ මනුෂ්‍යා හදවතින් කෙතරම් නම් තරුණද? 

මම නම් මේ ටොම් සීයා මුළු මහත් මිනිස් සමාජය එක්කරන ජවයට සහ ආශ්වාදයට හරිම ආදරෙයි. 
මාකස් ප්‍රියන්ත  පෙරේරා 
16/04/2020    

Sunday 12 April 2020

වතිකානුව පාස්කු මුද්දරයට වීදි චිත්‍රයක් යොදාගෙන

Happy Easter to you all!! සුභ පාස්කු මංගල්‍යයක් වේවා ඔබ සැමට!!! මේ වසරේ කොරෝනා වසංගත නිසා වෙනදා මෙන් පාස්කු මංගල්‍ය වතිකානුවේවත් නොතිබුනි. එහෙත් පාස්කු මංගල්‍ය සදහා වාර්ෂිකව නිතුත්කරන පාස්කු මුද්දරය නිකුත් කිරීමට වතිකානු රාජ්‍ය මෙන්ම තවත් රාජ්‍ය ගණනාවක්ද අමතක කර නැත. ඒ අතරින් වතිකානු රාජ්‍ය මෙවර පාස්කු උත්සවය සදහා නිකුත්කල මුද්දරය විශේෂ අවධානයක් දිනාගන්නා ලදී. මන්දයත් ලෝකයේ ප්‍රථමවරට වීදිවල අදින චිත්‍රයක් (graffiti) සිය මුද්දර සදහා භාවිතාකල ප්‍රථම රාජ්‍ය බවට වතිකානුව පත්වීම නිසාය. 

මේ චිත්‍රය මුලින්ම දැක ගැනීමට ලැබී ඇත්තේ ඉතාලියේ විදියකය.

කොරෝනා වසංගතයෙන් ජීවිත සිය ගණනින් දවසකට අහිමිවෙමින් තිබියදී, වෛද්‍යවරුන් ''අපි අපිට කල හැකි සියල්ල කලත් ජීවිත තවදුරටත් ඇත්තේ අපේ අත්වල නොව''න බව කියද්දී...මිනිස්සුන්ව සති, මාස ගණන් සිය නිවෙස්වලටම කොටුකරලා තියේද්දී...වසන්ත හිරු එලිය සුන්දර ඉතාලිය මත පතිත වෙද්දීත්දීත් මංමාවත්, නගර, අවන්හල්, කඩ සාප්පු සියල්ල හිස්ව තියෙද්දී...ලෝකයේ කොහේ හෝ කොනක සිට පැමිණි මිලියන ගනණක සරණාගතයන්ට එරට පුරවැසිකම දී මනුස්සකමින් සලකන යහපත් මිනිස්සු පිරිසක්වූ ඔවුන්ටත් දෙවියන්ව අමතකවූ බව කියද්දී...හදිස්සියේ ඉතාලියේ විදීයක නම නොදන්න සිත්තරෙකු විසින් අදින ලද මෙම වීදි චිත්‍රය මහත් අවධානයට ලක්විය.

වෙනදාට සිය පාස්කු මුද්දරයට සම්භාව්‍ය කලාකරුවන්ගේ, විශිෂ්ඨ චිත්‍ර යොදාගන්නා වතිකානුව මෙවර ඉහතකී වීදි චිත්‍රය සිය පාස්කු මුද්දරය සදහා යොදාගෙන තිබේ. 

මම හිතන්නේ ඔවුන්ගේ පණිවිඩය පැහැදිලි බවය...

එනම්, මේ යුගය දෙවියන්ව දැකිය හැක්කේ සම්භාව්‍ය පදනම්වලට වඩා ජනයාගේ එදිනෙදා ජීවිතය තුලය !!!

Happy Easter to you all !!! Buona Pasqua !!!

මාකස් ප්‍රියන්ත පෙරේරා.
12/04/2020

Friday 10 April 2020

අගරදගුරු නික්ලස් මාකස්, පුංචි රෝමයෙන් බිහිකළ කාදිනල් කුරේගේ අනුප්‍රාප්තිකයා, මොක්සුව පතමු!!

ශ්‍රී ලංකා කතෝලික සභාවේ අගරදගුරු පදවියට මෙන්ම කාදිනල් පදවියටද පත් ප්‍රථම ශ්‍රී ලාංකිකයාවූ  කාදිනල් කුරේ හිමියන් සිය 75 වන උපන්දිනයට මාස තුනකට පෙර එනම් 1976 සැප්තැම්බර් 2 වෙනිදා සිය ධූරයෙන් ඉල්ලා අස්වීය. 

එය එතරම් මවිතයට කාරණයක් නොවිනි. මන්දයත් 6 වන පාවුළු පාප්වහන්සේ 1966දී යෝජනා සම්මතකල ආකාරයට රදගුරුවරයෙකු  වයස 75වන විට විශ්‍රාමයෑම සම්බන්දයෙන් යම් සම්මතයක් එවකටත් ගොඩනැගී තිබුන නිසාය. එහෙත් විතයට කාරණය වුයේ ඊළගට ලංකාවේ අගරදගුරු ධුරයට පත්වෙන්නේ කවුරුන්ද යන්නය. කාදිනල් තෝමස් කුරේ හිමි යටතේ ඒවන විටද සහයක රදගුරුවරුන් වශයෙන් එඩ්මන්ඩ් ප්‍රනාන්දු රදගුරුවරයාද, ඔස්වල්ඩ් ගෝමස් රදගුරුවරයාද විය. ඊට අමතරව W.L.A. දොන් පීටර් මාහිමියන් සහ ජෝ ද මෙල් මාහිමියන්ද වුහ. මේ සිව්නම අතරින් කවරෙකු හෝ අගරදගුරුවරයා වශයෙන් පත්වෙතැයි බොහෝ දෙනා විශ්වාස කළහ. 

රදගුරුවරයෙකු පත්කරනුයේ වතිකානුව මගින් වුවද ඒ සදහා සුදුස්සා සෙවීමට විශ්‍රාරාමික කදිනල්වරයාගෙන් හෝ අගරදගුරුවරයාගෙන් මෙන්ම බිෂොප්වරුන්ගේද (රදගුරුවරුන්) අදහස් විමසීම වතිකානු සභා සම්ප්‍රදායය. එහෙත් 1976 කාදිනල් කුරේ හිමියන් විශ්‍රාම ගිය පසුව ඒ අඩුව පිරවීම සදහා ඊලග අනුප්‍රාප්තිකයා තෝරා ගැනීමට වතිකානුව ඊටත් එහා පිළිවෙතකට යොමුවිය. 

ඒ අනුව එවකට ලංකාවේ වතිකානු තානාපති හිමියන්වූ කාලෝ කුරිස් අගරදගුරුවරයාගේ අත්සනින් නිකුත්කළ ලිපියකින් එකල කොලබ පදවියේ සේවයකල පියතුමන්ලාගෙන්ද, කන්‍යාරාමවල නායක කන්‍යා සොයුරියන්ගෙන්ද,  ගිහි සභා නායක නායිකාවන්ගෙන්ද ඉල්ලා සිටියේ අගරදගුරු වශයෙන් පත්වීමට සුදුස්සන් තිදෙනෙකුගේ නම් සදහන් කර එවන ලෙසයි. ඒ අතරම කාලෝ කුරිස් අගරදගුරුවරයා විශ්‍රාමලත් කාදිනල් කුරේ හිමියන්ගෙන්ද, සහයක රදගුරුවරුන්ගෙන්ද, වෙන වෙනම නිර්දේශ ලබාගෙන ඇත. 

කෙසේවුවද නව අගරදගුරුවරයෙක් පත්කිරීමේ තීරණය ප්‍රකාශයට පත්කලේ තවත් මාස කිහිපයකින් අනතුරුවය. එනම් කාදිනල් තෝමස් කුරේ විශ්‍රාම ගොස් මාස හයකටත් පසුවය. වතිකානුවේ තීරණය දැනුම්දීමට පෙර, එසේ තෝරාගත් තැනැත්තාගෙන් වතිකානුවේ තේරීම අනුව මෙම නව වගකීම බාරගැනීමට කැමැත්තේදැයි විමසනු ලැබේ. කොලබ පදවියේ අගරදගුරුවරයා වශයෙන් ධුරය බාරගන්නේදැයි කැමැත්ත විමසා ඇත්තේ එවකට රදගුරුවරයෙකුවත් නොවූ  පියතුමෙකුගෙනි. 

හේ නිකුලස් මාකස් ප්‍රනාන්දු නම් සාමාන්‍ය පියතුමේක් විය. 1959 දෙසැම්බර් 20වෙනිදා සිට පියතුමෙකු ලෙස සේවයකරමින් සිටි නිකුලස් මාකස් ප්‍රනාන්දු පියතුමා  කොලබ සා. පීතර විදුහලේද, සා. ඇලෝසියස් දෙව්සත්හලේද  උගන්වමින් මෙන්ම පසුව විදුහල්පති පියතුමන් ලෙසද කටයුතු කර තිබුනි. 1976 දී රෝමයෙන්  Moral Theology විෂය සදහා ආචාර උපාධිය අත්කරගත් එතුමා අම්පිටිය ජාතික දෙව්සත්හලේ පුජක පුහුණු කටයුතුවල නිරතවෙමින් සිටියහ. 

කොලබ අගරදගුරුවරයා ලෙස  පත්වීමට කැමතිදැයි 1976 මාර්තු 21දින වතිකානුව ඔහුගෙන් විමසනවිටද ඔහු සිට ඇත්තේ අම්පිටිය ජාතික දෙව්සත්හලේ පැවැත්වීමට නියමිතව තිබු මාර්තු 25වෙනි දිනට යෙදෙන  දේවමාතාවන්ට ගාබ්‍රියල් දේවදූතයා මංගලම්කීම සිහිපත්කරන මංගල්‍යයට සුදානම්වීමේ කටයුත්තකය. වතිකානුවේ විමසීමට නිකලස් මාකස් ප්‍රනාන්දු පියතුමාගේ පිළිතුරවී ඇත්තේ මරියාතුමියගේ පිළිතුරමය; එනම් ''ඔබ කී ලෙස මට සිදුවේවා"!!! න්ය.

ඒ වන විට රදගුරුවරයෙක්වත් නොවූ නිකලස් මාකස් ප්‍රනාන්දු පියතුමා ඒ අනුව 30/03/1976 දින කොලබ අගරදගුරුවරයා ලෙස ප්‍රකාශයට පත්කළේය. එසේ ප්‍රකාශයට පත්කරනවිටද රදගුරුවරයෙකු හෙවත් බිෂොප්වරයෙකුවත් නොවූ පියතුමෙකු පමනක්වූ  නිකලස් මාකස් ප්‍රනාන්දු පියතුමාගේ ජයාරූපයක්වත් කොලබ කතෝලික මුද්‍රණාලයේ නොතිබි බවත්, ප්‍රදීපය පුවත්පතට ඔහුගේ ජයාරූපයක් සොයාගැනීමට පවා දුෂ්කරවූ බවත් කලක් එහි කතෘවරයෙකුවූ හෙක්ර් වෙල්ගම්පොළ මහතා දක්වා තිබුණි. ඒතරමට අප්‍රකටව එහෙත් බොහෝදෙනාගේ ගෞවර ආදරය මැද සිය සේවය සිදුකල පියතුමෙකු ලෙස නිකලස් මාකස් ප්‍රනාන්දු පියතුමාව පිළිගෙන තිබුණි. කොලබ අගරදගුරුවරයා ලෙස පත්වීමට පෙර රදගුරුවරයෙකු ලෙස උසස් කරන ලද නිකලස් මාකස් ප්‍රනාන්දු පියතුමා 1977 මැයි දෙවන දින කාදිනල් තෝමස් කුරේ හිමියන් අතින් රජගුරු අභිෂේකයට ඔසවන ලදී. සිංහලෙන් පැවති ප්‍රථම රජගුරු අභිෂේකයද එයය. ලංකාව තුල සහයක රදගුරුවරයෙකු හෝ රදගුරුවරයෙකු නොවී පියතුමෙක් වශයෙන් සිට කෙලින්ම අගරදගුරුවරයෙක් බවට පත්කල ප්‍රථමයාද ඔහුය. එය ලාංකික සභා නායකයින්ගේද, කොලබ පදවියේ  පියතුමන්ලාගේ සහ කන්‍යාරාම ප්‍රධාන කන්‍යා සොයුරියන්ගේ සහ ගිහි නායක නායිකාවන්ගේ මත විමසීමකින් අනතුරුව සිදුවූ පත්කිරීමක් තුලය. එමෙන්ම ලංකා කතෝලික සභා ඉතිහාසය තුල මෙතක්  අගරදගුරුවරයා ලෙස පත්වීම ලැබූ ලාබාලම තැනැත්තා වන්නේද නිකලස් මාකස් ප්‍රනාන්දු අගරදගුරුවරයාය. ඔහු එම තනතුරට පත්වනවිට වයස අවුරුදු 44කි. 

නිකලස් මාකස් ප්‍රනාන්දු අගරදගුරුවරයා මෙන්ම ඔහුට පෙර සිටි ලාංකික සභා නායකයාවූ තෝමස් කුරේ කාදිනල්තුමාද පුංචි රෝමය නම්වූ මීගමුවේ උපත ලැබූ තැනැත්තන්ය. තෝමස් කුරේ කාදිනල්තුමා මීගමුව පෙරියමුල්ල ග්‍රාමයේය. නිකලස් මාකස් ප්‍රනාන්දු අගරදගුරුවරයා මුන්නකරය ග්‍රාමයේය. 1932 දෙසැම්බර් 06 දින දරුවන් 8 දෙනෙකුගෙන් යුතු පවුලක දෙවෙනියා ලෙස උපත ලැබු නිකලස් මාකස් ප්‍රනාන්දු බිළිදාගේ දෙමාපියන් වුයේ කුරුකුලසූරිය විල්ප්‍ර්ට් සෙවනාරිස් ප්‍රනාන්දු මහතා සහ ලිලී මේරි මාග්‍රට් ප්‍රනාන්දු මහත්මියයි. මීගමුව මුන්නක්කරය ගම අයත්වුයේ මීගමුව මහවීදිය සාන්ත මරියා පල්ලියට. වසර 455ක් පරණයැයි සදහන් මීගමුව සා.මරියා පල්ලි ඉතිහාසය තුල 1932 දෙසැම්බර් 13වෙනි දින ''නිකලස් මාකස්'' ලෙස ක්‍රිස්තියානි කල 115 වෙනියා වී ඇත්තේ පසුව අගරගුරුවරයා වූ නිකුලස් මාකස් ප්‍රනාන්දුය. 

මුන්නක්කරය දෙමළ ප්‍රාථමික පාසැලෙන් මුලික අධ්‍යාපනය ලැබූ එතුමා පසුව 1942 දී මීගමුව සා. මරියා විදුහලට ඇතුල්වී ඇත. එවකට සා. මරියා දේවස්ථානයේ මීසම්පාලක පියතුමාවූ සෙබස්තියන් පියතුමාගේ මගපෙන්වීම තුල 1945දී බොරැල්ල දෙව්සත්හලට ඇතුල්වු මෙතුමෝ දෙව්සත්හල තුලදීම 1953 දී London B.A. උපාධිය ලබාගත්හ. එතුමා දිගින් දිගටම ඉගැනීමේ දක්ෂතාවයන් ප්‍රදර්ශයනය කළ හෙයින් 1954 දී රෝමයේ ‘ප්‍රොපගැන්ඩෆඩ්' මිෂනාරි සරසවියේ උසස් අධ්‍යාපනය සදහා යොමුකර ඇත. පුජාත්වරයා ලබා ගන්නේ එහි වසර පහක අධ්‍යාපනය නිමකොට පැමිණියාට පසුව 1959.12.20 දින කාදිනල් අගජිනියස්තුමන්ගේ අතිනි. ඉන් අනතුරුව බම්බලපිටිය සාන්ත පීතර විදුහලේ ගුරුවරයෙක් ලෙසද (1960-1963), බොරැල්ල සාන්ත ඇලෝසියස් දෙවිසත්හලේ ගුරුවරයෙකු සහ අධ්‍යක්ෂ පියතුමා ලෙසද කටයුතුකර ඇත. රෝමයේ ආචාර උපාධිය හදාරන්නට යන්නේ ඉන් අනතුරුව 1973දීය. ආචාර්ය උපාධිය සම්පුර්ණකර ලංකාවට පැමිණ අම්පිටිය ජාතික දෙව්සත්හලේ සේවය කරමින් සිටි පියතුමෙකුවූ එතුමා දේව කැදවීම මත රදගුරුවරයෙකු ලෙස ත්වීමට පෙර 1977 මාර්තු 21 දින අගරදගුරුවරයා ලෙස පත්වීම ලද්දාහ. ඇත්තවශයෙන්ම,  මෙතුමා ප්‍රථමයෙන් අගරදගුරුවරයෙකු වී පසුව රදගුරුවරයෙකු හෙවත් බිෂොප්වරයෙකුවු තැනැත්තේකි. එතුමා රදගුරුවරයට ඔසවන ලද්දේ අගරදගුරුවී මාස දෙකකට පසුව එනම් 1977 මැයි 14 වන දිනය.  

1977 සිට පුරා වසර 25ක් කොලබ අගරදගුරුවරයා ලෙස කටයුතුකල නිකුලස් මාකස් ප්‍රනාන්දුය අගරදගුරුතුමා 2002 වසරේ ජුලි 6වෙනි දින විශ්‍රාම යන ලදී. සිය ධුර කාලය තුලදී සභා නායකත්වය තුල ලාංකික කතෝලික ප්‍රජාව නියෝජනය කිරීමත්, දේශීය සභා දේහය තුල පුජක පුතුන් ගොඩ නැණවීම සහ ඔවුන් මෙහෙයවීමත් සිය කාර්යභාරය කරගත් නිකුලස් මාකස් ප්‍රනාන්දු අගරදගුරුවරයා දයාව, කරුණාව, ඇහුම්කන්දීම සහ මගපෙන්වීම සම්බන්දයෙන් මෙන්ම දක්ෂ පරිපාලකයෙකු ලෙසද විශිෂ්ඨ නමක් දිනාගෙන සිටියහ. සරල චාම් ජීවිතයක් ගතකල මෙතුමා බොහෝ පියතුමන්ලාට පිය කෙනෙකු මෙන්ම ජීවත්ව සිටින ශාන්තුවරයකු බදුවිය. 

විශ්‍රාමයෑමෙන් අනතුරුව නිකුලස් මාකස් ප්‍රනාන්දු අගරදගුරුවරයාද  හිටපු  කාදිනල් කුරේ හිමියන් මෙන් රාගම, තේ වත්තේ, ජාතික බැසිලිකාව අසළ පිහිටි ''එම්මාවුස්'' ආරාමයේ විසුහ. විශ්‍රාම ගියද කාදිනල් කුරේ හිමියන්ට මෙන්ම නිකුලස් මාකස් ප්‍රනාන්දු අගරදගුරුවරයාටද අමුත්තන්ගෙන් මෙන්ම වැඩ කටයුතුවලින්ද අඩුවක් නොවිණි. 

කාදිනල් කුරේ හිමියන් (1901-1988) මෙන්ම නිකුලස් මාකස් ප්‍රනාන්දු අගරදගුරුවරයාද (1932-2020) පුංචි රෝමය නම් අපගේ මීගමුව බිහිකළ විශිෂ්ඨ යුගපුරුෂයන් දෙදෙනෙකි.

වසර 88 ක් ආයු වැළදු නිකුලස් මාකස් ප්‍රනාන්දු හිටපු අගරදගුරුතුමෝ ඊයේ, 10/04/2020 දිනට යේදී තිබුන   සිකුරාදා මධ්‍යම රාත්‍රීයේදී ජේසුස් ක්‍රිස්තුස් න්සේ තුල සදාතනික ජීවනය සොයා අප අතරින් නික්ම ගියෝය.  

එතුමන් හට මොක්සුව  පතමු!! 
මාකස් ප්‍රියන්ත පෙරේරා
11/04/2020 

Negombo people are very frustrated. This morning I spoke to a fisherman family who I have known for a long time and their elderly father was very upset. He went with his friend to pay their respect to our late Archbishop but they couldn't because the police stopped them from entering Grand Street's St. Mary's church where late Archbishop Nicholas Marcus' body is kept now. They are saying that it is not right, they asking when we can again see his holy face...they want to come to pay their respects to our late Archbishop.

In his village, Munnakkare, people were asking why his body can't be brought there for at least a few hours?

We know the situation...we know how hard the situation is... even if weren't in this situation, we would still know how to continue our homage to our late Archbishop Nicholas Marcus Fernando.

Even with the little and limited space, they are trying hard.

Marcus Priyantha Perera.
13/04/2020

Saturday 4 April 2020

ස්පාඤ්ඤ උණ


ඔබේ හිස කකියයි නම්
දෙපා වෙව්ලවයි නම්
ඔබට තවත් අවදිව සිටීමට නොහැකිනම්
ඔබට උණ වැළදී ඇත..

ඔබේ ආදරණීය මැයි මස
වියකිව ගියේ නම්
හෙට දිනයේදී ඔබට මියයාමට සිතේනම්
ඔබට උණ වැළදී ඇත..

ඔබ උදෑසන අවදිවන විටද
පැය ගෙවී අවසන් බව ඔබට දැනේ නම්
ඔබේ කටයුතු සමග ඔබට පොර බැදීමට සිදුව ඇත්නම්
ඔබට උණ වැළදී ඇත..

අන් අයගේ මැසිවිලි අසා
ඔබ අශ්‍රීර්වාදලද්දෙකුයැයි සිතා
කයිසර් රජට වෙඩිතැබීමට ඔබට හැකි යැයි සිතේනම්
ඒ ඔබට උණ නිසාය..

අහෝ කෙතරම් සුවපහසක් දැයි සිතා
ඔබ හමුදාවට බැදී
රාජකාරිය තුල නිසලව සිටී නම්
අහෝ, උණ සිදුකර ඇති කාලකණ්ණිකමක මහත...

සෙනසුරාදා සවස්යම, ඔබ වෙරි වූ විට
භයංකර හැගුම් දැක
ඔබ වමට දකුණට බමණය වේනම්
ඒ උණ නිසාමය...

අප නිවාස අඩස්සියේලා
තොටිල්ලේහි සැතපී සුවය සොයන්න පොඩ්ඩන් මෙන්
වැතිරී සිටී නම්
නිසැකවම එය ස්පාඤ්ඤ උණය ...

ඉහතින් දැක්වූයේ පළමුවැනි ලෝක යුද්ධ සමයේ (1914-18) ඉතාලියේ සටන්වැදී වේල්ස් (Walsh) සොල්දාදුවෙකු වූ Will Walters ගේ 'ස්පාඤ්ඤ උණ' (The Spanish flu) නම් කවියේ පරිවර්තනයකි.

මෙරට සිසුන්ගේ පාසල් විෂය මාලාවේ අතිරේක කියවීමක් ලෙස නිර්දේශකර ඇති Trench Talk: Words of the First World War නම් පොතේ පලවී ඇති එම කවිය පලමු ලෝක යුද්ධයේ සොල්දාදුවන්ගේ අත්දැකීම් මෙන්ම යුද්ධයේ අගභාගයේදී පැතිරුණු ස්පාඤ්ඤ උණ වසංගතය පිළිබදවද තොරතුරු කැටි කොටගනී.

ජර්මනියේ දෙවන කයිසර් රජ 1918 නොවැම්බර් 9 වන දින රජකම අත්හැරීමත්, ඉන් දින දෙකකට පසු (11/09/1918) අත්සන්කල Armistice ගිවිසුමත් නිසා පළමු ලෝක යුද්ධය නිමාවුවද ඉන් පසුව පැතිරුණ 'ස්පාඤ්ඤ උණ' වසංගතය නිසා යුද්ධයට වඩා වැඩි ජීවිත හානියක් සිදුවිය.

මේ දිනවල කොරෝනා වසංගත සහ ස්පාඤ්ඤ උණ වසංගතය සංසන්දනය කරමින් විවිධ රචනා පලවෙන බැවින් ඒ පිලිබදව යමක් කියවීමට සිතුනි.මේ එහි ප්‍රතිපලයකි. කොරෝනා වසංගතය මෙන්ම ස්පාඤ්ඤ උණද ගෝලීය මට්ටමින් පැතිරුණ වසංගතයකි. මිලියන 50-100 අතර පිරිසක් හෙවත් එවකට ලෝක ජනග්‍රහණයෙන් සීයට 2.5ත් - සීයට 5ත් අතර පිරිසක් මරාදැමූ මෙම වසංගතය පළමු ලෝක යුධයෙන් මියගිය ගණනවූ මිලියන 20ක් පිරිස මෙන් 3න් 4 ගුණයකට වැඩි පිරිසක් බිලිගෙන ඇත.

ස්පාඤ්ඤ උණ රෝගය ප්‍රතමයෙන්ම වාර්තාවී ඇත්තේ 1918 මාර්තු 4 දිනය. එතැන සිට 1920 මාර්තු අවසානවෙන තෙක්ම පුරා වසර දෙකක්ම මේ මහා වසංගතය ලොව පුරාම පැතිරී ඇත. කැස්සෙන් සහ කිවිසුමෙන් ආරම්භව පසුව උණ රෝගයෙන් උත්සන්නව නිව්මෝනියා තත්වයකින් දක්වා ගමන් කර රෝගියා මරාදැමීම ස්පාඤ්ඤ උණහී ස්වභාවයවී ඇත. අද භාවිතා කරන මුඛආවරණ ආදිය මේ වසංගත තත්වයේදී භාවිතයට පැමිණි තිබේ..

ස්පාඤ්ඤ උණ වසංගතය ගැන ලිවිය යුතු කරුණු රාශියක් ඇත. ඒ අතර මෙම වසංගතය ඇරබුනේ ඇමරිකාවෙන්ද? ඒසේ නම් එයට ඇමරිකානු උණ යැයි නොකියා  ස්පාඤ්ඤ උණ යැයි දැක්වුයේ ඇයි ? අද තරම් ආගමන විගමන නොතිබි, සංචරන සහ සංචාරක කටයුතු සීමාවී පැවති එකල ඇමරිකාවේ සිට ජපානය දක්වාත්, බ්‍රිතාන්‍යයේ සිට ලංකාව, ඉන්දියාව වැනි දකුණු ආසියානු කලාපය දක්වාත් මේ රෝගය මෙතරම් ඉක්මනින් පැතිර ගියේ කෙසේද? රුසියාවේ ස්පාඤ්ඤ උණ රෝගය ව්‍යාප්ත නොවීම 1917 රුසියන් විප්ලවයේ ප්‍රතිපලයක්ද? ඇත්ත වශයෙන්ම මෙම වසංගතය සමනයවුයේ herd immunity නම් තත්වය තුලද ආදී බොහෝ කරුණු සාකච්ඡා කළයුතුව ඇත. එහින් ඒගැන වැඩි විස්තර පසුව ලියමි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා.
04/04/2020

Thursday 2 April 2020

කුසගින්නෙන් පෙලෙනන්ට ලතියෙන් තැලීම

කවුරු හරි බලලා තියෙනවාද Richard Attenborough අධ්‍යක්ෂණය කල Ravi Shankar සංගීතය නිර්මාණය කල Ben Kingsley ගාන්ධි ලෙස රගපාන 1982 තිරගත කල Gandhi චිත්‍රපටිය? බලලා තියෙනවා නම් මතක්වෙන්න ඕනේ ගාන්ධිගේ ලුණු පාගමන...බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයෝ ඒක මර්ධනය කරපු හැටි...ඉන්දියාව පාලනය කල සුද්දෝ 1930 ලුණුවලට බද්දක් ගහනවා..ගාන්ධි ඒකට විරුද්ධව හැතැම්ම 240යක පාගමනක් යනවා රට මැද්දේ ඉදන් මුහුදගාවට. ගිහින් අපි සුද්දට බදු ගෙවන්න ඕනේ නැහැ අපිට පුළුවන් ලුණු හදාගන්න කියලා පෙන්නුවා. ගාන්ධිව අත්අඩංගුවට පත්වෙනවා..ඊට පස්සේ එයාගේ අනුගාමිකයෝ ගාන්ධිවගේ විරෝධය දිගටම කරගෙන යන්නවා...බ්‍රිත්නය යටත්විජිත පොලිසිය ඔවුන්ගේ හරහට හිටිනවා...එත් මිනිස්සු 10 දෙනා 10 ගානේ ඉස්සරහට එනවා පොලිසිය දිග පොල්ලකින් ඒ මිනිස්සුන්ට ගහනවා. තව දහයක් එනවා ආපහු අර පොලුවලින් ගහනවා...මේ මෙලේච්ච පහරදීම් ගැන ඇමරිකානු පත්තරකාරයෙක් වෙච්ච Webb Miller ලියනවා 'නිරායුධ ජනයාට පොලුවලින් තඩි බාන්න ඉන්දියාවට ගෙනාව බ්‍රිතාන්‍ය ශිෂ්ටත්වය මේකද?' කියලා. ඔහු සුද්දගේ රෙද්දේ ගැලවෙන්නම ලිව්වා... ලැජ්ජා හිතෙන්න ලිව්වා..

සුද්දගෙන් නිදහස් වුණායින් පස්සේ සුද්දගේ මෙලෙච්චකම ගැන කිව්ව නේරුලාම 1952 ඉන්දියාවේ ඇතිවෙන සිවිල් නීති කඩ කිරීමේ විරෝධයකට නිදහස් ඉන්දියාවේ පොලිසිය ලව්වා විරෝධයට ඇවිත් හිටිය මිනිස්සුන්ට අර පොලුවලින්ම තඩි බානවා..එලෝ එලෝ ගහනවා.. නේරු ඒ ගැන පස්සේ ජනයාගෙන් සමාව ගත්තා..

ඊයේ පෙරේදා මොදිත් මිනිස්සුන්ගෙන් සමාව ඉල්ලුව දැක්කාද? ඇයි ඒ.. පැය හතරක කෙටි දැනුම්දීමකින් ඇදිරිනීතිය දැම්මා .. කොරෝනා පැතිරෙයි කියන බයට .. ලංකාවේ වගේ එහෙන් මෙහෙන් හිසඔසවද්දීම මුළු රටටම ඇදිරිනීතියදාලා හිරකලේ ඉතාලියේ, එංගලන්ත්යේ, ඇමරිකාවේ සහ යුරෝපයේ වෙන රටවල වගේ - අපි ඔය යුරෝපයට වඩා කොච්චර හොදින් කොරෝනා පාලනය කරවා කිව්වත් - බැරිවෙලාවත් පැතිරුනොත් ආපහු මෙලෝ ගොඩවීමක් නැහැ කියලා දන්න නිසයි..මොන නරිවාදම් ගැහැව්වත් යුරෝපයේ වගේ තත්වයක් ආවොත් වැලේ වැල් නැතිවෙනවා කියලා හොදහැටි දන්නවා...

ඉතින් එකට මුහුණ දෙන්න බැරි බව දන්නා නිසා, එහෙම හැකියාවක් නැති බව දන්න නිසා , මිනිස්සුන්ට මොනතරම් අපහසුදායක තත්වයක් ආවත් රටම lockdown කරනවා .. එහෙම කරලා මිනිස්සුන්ට කියනවා අපි සියලු ක්‍රියාමාර්ග ගත්තා .. හැබැයි පැතිරුනේ මිනිස්සුන්ගේ වරදින්, මිනිස්සු කියන දෙයක් ඇහැව්වේ නැහැ කියලා මිනිස්සුන්ටම වරද පටවනවා.

එතකොට කොරනාවලට මුහුණ දෙන්න තරම් සෞඛ්‍යයක් නැති ආණ්ඩුත් බේරෙනවා.... පහුගිය අවුරුදු 70ටම අවශ්‍යතරම් intensive care unit ටිකක් නෙමේ රෝහල් ඇදන් ටිකක්වත් හදාගන්න බැරිවුණ උන්ගේ දුෂිත system එකත් බේරෙනවා..

ඇත්තටම මේ හිටිගමන් නීති දාලා, මිනිස්සුන්ට එලියට බහින්න බැරි කරලා ..අතේ සතේ නැතිකරාම මිනිස්සු මැරෙන්නේ කොරෝනාවලින් නෙමේ කුසගින්නේ.. කුසගින්නට කෑම හොයාගෙන යන මිනිස්සු මැරෙන්නේ පොලීසියෙන් අර දිගු පොලුවලින් ගුටිකාලා... ඇයි ඔය ආණ්ඩුවලට කියන්න බැරි ... අපිට මේක හැදුනොත් යුරෝපයට වගේ නෙමේ අපේ රටවලට මුහුණ දෙන්න බැහැ.. ඒ නිසා උබලා මේ විදහට පරිස්සම් වෙයල්ලා..මෙහෙම කරපල්ලා.. අපිට කරන්න පුළුවන් දේ මෙච්චරයි කියලා.... එහෙම කියපු ගමන් තමන්ගේ දේශපානය බලය නැතිවෙනවා...ආණ්ඩුවල පැවැත්ම අවලංගු වෙනවා... ඒනිසා හිටපු ගමන් සියල්ල වහලාදානවා.. මිනිස්සුන්ට ගමට යන්නත් බැහැ.. නගරේ ඉන්න රස්සාවකුත් නැහැ... හැකියාවකුත් නැහැ... මිනිස්සු සාගතයෙන් මැරුණත් ඇදිරිනීතිය දාලා බැරි නම් හදිස්සි නීතිය දාලා හරි මිනිස්සුව හිර කරලා හරි... කෑම හොයාගෙන එන උන්ට පොලුවලින් ගහලා හරි...කොරෝනා නවත්වන්න හදනවා..

මිනිස්සු කුස ගින්නේ මැරුණත් කොරෝනා ආවොත් ඒ රටවල මිනිස්සුත් ඉවරයි, ආණ්ඩුත් ඉවරයි, උන්ගේ දුෂිත system එකත් ඉවරයි.. එංගලන්තේ, ඇමරිකාව, ඉතාලිය, යුරෝපයට බැරිවුනාට අපිට පුළුවන් කියලා ඔය මොන කයිවාරු ගැහැව්වත් කරන්න පුළුවන් මගුලක් නැහැ කියලා දන්නවා.. එක හෙළිවෙනවා...උන් දන්නවා කොරෝනාවලින් ලොකුම තර්ජනය තියෙන්නේ මිනිස් ජීවිතවලට වඩා උන්ගේ ආණ්ඩුවලට, උන්ගේ පැවැත්මට, උන්ගේ දේශපාලන බල අධිකාරියට, දුෂිත system එකට..ඉතින් කොයි මොහොතේ හෝ මර්ධනය දියත්වෙනවා..පොලුපාරවල් එල්ල වෙනවා...

ඔය ගහන්න යොදාගන්න පොල්ල මොකක්ද දන්නවාද.. ඒකට කියන්නේ ලති (lathi) කියලායි. ඒක ඉන්දියාවේ වැඩවම් පාලනය තියන කාලේ ඉඩම් හිමියෝ, ඊනියා ඉහල කුලවල මිනිස්සු තමන් ගාව වැඩකරන, තමන්ට වඩා පහලයි කියලා උන් හිතන් හිටපු මිනිස්සුන්ට ගහන්න භාවිතා කරපු එකක්. බ්‍රිතාන්‍යය යටත්විජිත පාලකයෝ එක තමන්ගේ යටත් විජිත පොලිසියේ නිල ආයුධයක් බවට පත්කරගන්නවා...සම්ප්‍රදායක ප්‍රජා පීඩක පොල්ල ඔවුන්ගේ අධිකාරීත්වයේ සංකේතයක් ලෙස ආයතන ගතකරනවා. ඉන්දියාව සුද්දගේ ඔක්කොම දේවල් ප්‍රතික්ෂේප කලත් මේ මර්ධනකාරී උපකරණය නම් ප්‍රතික්ෂේපකලේ නැහැ.. අදත් උන් ඒක භාවිතා කරනවා කුසගින්නේ කෑම හොයාගෙන යන මිනිස්සුන්ට තඩිබාන්න..
මාකස් ප්‍රියන්ත පෙරේරා 
01/04/2020