tag:blogger.com,1999:blog-1337387650359622632024-03-13T05:47:05.138-07:00Marcus Priyantha PereraMarcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.comBlogger391125tag:blogger.com,1999:blog-133738765035962263.post-39601871569359756472024-02-23T12:32:00.000-08:002024-02-24T02:05:43.488-08:00ප්‍රියාව ඇගයීමට වඩා ඇති අභියෝගය
ප්‍රියා සූරියසේන කියන්නේ කොල්ලෝ - කෙල්ලෝ love letters ලියපු කාලේ නැගලා ගිය ගායකයෙක්. ඔහුගේ ගීත කොච්චර ලස්සන වුනත් දැන් තියෙන SMS/MMS යුගයේදී ප්‍රියා ගයපු ගීතවල තිබුන දිගු වදන් ලියලා යවන්න බෑ...ඒ නිසා ප්‍රියාගේ සින්දු රැදෙන්නේ නෑ...ත්‍රීවීල් එකක පිටිපසේවත් ලියවෙන්නේ නෑ.. ගුවනේ පාවෙලා යනවා... ඒත් ඔහුව ඇගයීමට ලක්වීම වැදගත්. මොකද, ප්‍රියාගේ ගීත අහලා love කරපු පරම්පරාව තමයි මේ යුගයේ කලාව, සාහිත්‍යය, විචාර, ඇගයිම් සහ සම්මාන ආදිය සියල්ල හොබවනනේ, මෙහෙයවන්නේ. එහෙව් එකේ ඒ පරම්පරාව ප්‍රියාව ඇගවූයේ නැතිනම් එය වරදකාරී හැගීමකට ඔවුන් ලක්කරණ බව සිකුරුයි.
ඒත් ඇත්තම අභියෝගය ප්‍රියාව කොහොමද අළුත් පරම්පරාව තුල නැවත මුල්බස්සවන්නේ කියන එකයි. අපේ කාලයේ, ඒ කියන්නේ 1990 දශකය වෙද්දීත්, ප්‍රියා තරමක් යට යමින් හිටියේ, සන්ෆ්ලවර්ලා තමයි ඔහුව ආපහු පණ ගහලා ගත්තේ.. හැබැයි දැන් ඒ කාලෙත් ඉවරයි...දැනුත් ප්‍රියාගේ සිංදු රියලිටි වැඩසටහන් වල, ප්‍රසංග වල, පාරේ යද්දී එහෙන් මෙහෙන් ඇහෙනවා තමයි. ප්‍රියාට හිටිය, දැනටත් ඉන්න, රසික රසිකාවියෝ එහෙම්ම ඉදියි. ඒත් ඊලග පරම්පරාවේත් ප්‍රියාට එහෙම රසික, රසිකාවියෝ පිරිසක් ගොඩනැගේවිද?
එක කාලයක කැලැරන්ස්, මිල්ටන් මල්ලවආරච්චි, ප්‍රියා සුරියසේන, පුන්සිරි සොයිසා හිටියේ එකම මාදිලියක වගේ. ප්‍රියා හිටියේ කැලැරන්ස්ට මෙහායින් මිල්ටන් සහ පුන්සිරි අතර මැද ස්ථානයක. දැන් වෙද්දී පුන්සිරි සොයිසා කොහොම වුනත් කැලැරන්ස් සහ මිල්ටන් මල්ලවආරච්චි ඊලග පරම්පරාව දක්වාත් අතික්‍රමණය කරලා තියෙනවා.. එත් ප්‍රියා?
ආපහු කොහොමද ප්‍රියාව උස්සලා ගන්නේ කියන එක තමයි ඇත්ත අභියෝගය කියලා කිව්වේ ඒ නිසයි. කැලැරන්ස්ව යාවත් කළා වගේ ප්‍රියාවත් යාවත්කාලීන කරන්න පුළුවන් නම් එය ප්‍රියාව තවත් කාලයක් නැගිට සිටවාවි.
මාකස් ප්‍රියන්ත පෙරේරා
22/02/24
Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.com2tag:blogger.com,1999:blog-133738765035962263.post-61620613342055139532024-02-08T00:14:00.000-08:002024-02-08T00:14:39.030-08:00අනුර දිසානායක smart විදිහට ඉංදියාවට යාම!
I liked the way that Anura went to India, he was dressed smartly, just like young Indians are dressing these days!! අනුර කුමාර දිසානායක ඉංදියාවට ගිය විදිහට මම කැමැතියි. ඔහු ලස්සනට ඇදලා ගිහින් තිබුනා. හරියට මේ දවස්වල ඉංදියානු තරුණයින් අදින විදිහට තමයි ඔහු ඇදලා තිබුනෙත්. රවුල ට්‍රිම් කරලා, බඩ ඇතුලට දාලා, පිරිපුන් ශරීරයකින් යුතු, ටයි කෝට්, Short Kurta, ඩෙනිම් කලිසම් - ෂර්ට් අදින...ඕවා තමයි දැන් තරුණ ඉංදියානුවොත් අදින්න, කරන්න කැමැති විදිහ. ඒක හොද ආකර්ෂණීය ප්‍රවේශයක්.
ඉංදියාවට ගිහිල්ලත් අනුර කියලා තිබුනේ: "අපි දන්නවා අපේ සමීප අසල්වැසියා වන ඉංදියාව ප්‍රධාන ආර්ථික හා දේශපාලන මධ්‍යස්ථානයක් බවට පත්වෙලා තියෙනවා කියලා.. ඉතින් අපි ආර්ථික හා දේශපාලන තීරණ ගනිද්දී, එවා ඉන්දියාවට බලපාන්නේ කොහොමද කියන එක ගැනත් අපි හැමවිටම සැලකිලිමත් වෙනවා" (“We do know that India, who is our closest neighbour, has become a major political and economic centre. So, when we take economic and political decisions, we will always care about how it will impact India.”) කියලයි. ඉංදියාව එක්ක දේශපාලන සබදතා ගොඩනගා ගන්න ඒ වගේ ප්‍රකාශ තමයි කරන්න ඕනෑ කියලා හිතන එකත්, එවැනි ප්‍රකාශ ඉදිරි දේශපාලන කටයුතු සදහා හොද අඩිතාලමක් දමනු ඇතැයි කියලා හිතන එකත් smart...
කොහොමත් විජේවීරගේ කාලේ වගේ තවදුරටත් ඔය 'ඉංදියානු ව්‍යාප්තවාදය' ("Indian expansionism”) වගේ සටන් පාඨවලට ඇති දේශපාලන පෙළගැස්ම සීමා සහිත බව තේරුම් ගැනීමත්, business partners ලා හොයන මේ යුගයේ අර බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර් (Margaret Thatcher) ගොර්බචොව් ගේ (Gorbachev) කාලේ රැසියාවට ගිහින් කිව්වා වගේ "we can do business together" කියලා පෙන්වන එකත්, ව්‍යාපාරිකයෝ, entrepreneurs ලා, වෙන්න ඕනෑ කියන රැල්ලක් තදින්ම තියෙන ඉංදියාවේ ඒ පෙළගැස්මට කලාපීය දේශපාලන සංදර්භයකින් ආමාන්ත්රණය කරන්න ඕනෑ කියලා අනුර පෙන්වන එකත් smart.
එක අතකට, හැමදේම වගේම දේශපාලනයත් කාලෙන් කාලෙට වෙනස් වෙන එකේ...මනුෂ්‍යය සම්බන්ධතා වලදී වගේම දේශපාලනයේදීත් ඔය පස මිතුරුකම්, ඉදිරිවාදී කම්, ආරවුල්, කෝන්තර තියාගන්න එකේ තේරුමක් නෑ... එහෙම නැතිව අවස්ථානුකූලව දේශපාලනය කරණ ඕනෑ කියන එකත් ඉදිරිගාමීයි නේ? දේශපාලන වශයෙන් එහෙම කටයුතු කරන එකටත් දැන් 'smart politics' කියලා කියනවා. ඉතින් dress code එක වගේම ඒගොල්ලන්ගේ politics ත්, දේශපාලනයත් , දැන් smart කියලා පෙන්වන්න එක වටිනවා වෙන්බ පුලුවන්.
එහෙම තියෙද්දීම, ඒ අයට කියන්න පුලුවන් නම් අර ඒ අය තමයි ඔය "ඉංදියානු ව්‍යාප්තවාදය" ("Indian expansionism”) කියලා සූත්‍රයක් ජපකරලා, ලාංකිකයා අතර ඉංදියානු විරෝධයක් රෝපය කලේ..., රට තුල එහෙම ඉංදියානු විරෝධයක් ගොඩනැගීම නිසා උතුරේ දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම් ගැන සැකයක්, වෛරයක් වගේම, අර ලයිම් කාමරවල ජීවත්වෙමින්, අඩු වැටුපට අන්ත දුක්විදින වතුකරයේ දෙමළ ජනයා ගැනත් සැකයක්, අවිශ්වාසයක්, වෛරයක් ලාංකික සමාජයේ හිමීට රෝපණය වුනා... එකිනෙකා සැකකරන, ජාතීන් අතර බෙදිමකට ඒ අයගේ ඒ දේශපාලනයත් දායක වුනා... මිනිස්සුගේ ඉල්ලීම් ජාතීන් අනුව බෙදුවා, මරලා හරි මර්ධනය කිරීමට දායක වූනා, ඒවා ඕගොල්ලන්ගේ පක්ෂය කළ වැරදි... , අනුර ලා දැන් ඒවා හදාගෙන ඉස්සරහට යනවා...ඒ වගේ කතාවක් කියනවා නම්, ඒ අය තවත් smart කියලා අපි වගේ අයටත් තේරුම් ගන්න පුලුවන්.
ඒත් අපි එහෙම හිතුවට, ඒ අය හිතනවා ඇති ඕවා ගැන කතාකරන්න ගිහින් පරණ කුණු අවුස්සන ගන්නේ නැතිව ඉන්න එක තමයි smartම වැඩේ කියලා, ඒකත් එහෙම වෙන්න පුලුවන් නේ.
ඒ කොහොම වුනත් smart විදිහට ඇදලා ඉංදියාවට ගිය අනුර ව එරට මාධ්‍යය හදුන්වා දී තිබුනේ "Sri Lanka's Marxist party leader on official visit to India" කියලයි. අනුර ලා මාක්ස්වාදී ද?, ඒගොල්ලන්ගෙ පක්ෂයේ මාක්ස්වාදී ද?, කියන එක වෙනම කතාවක්. එත්, මාක්ස්වාදීන් කියපුවහම දකුණු ආසියානු ජනයා අතර මුල් බැහැගෙන තියෙන චිත්‍රයක් තියෙනවා නේ අර කොන්ඩේ රැවුල වවාගත්ත, යැල්පැනගිය පිරිසක් ය කියන එක ? එහෙම තියෙද්දි ලංකාවේ 'මාක්ස්වාදී පක්ෂයේ නායකයා' ලෙස ඉංදියානු මාධ්‍යය හදුන්වන අනුර කුමාර දිසානායක අර වගේ smart විදිහට ඇදලා ලස්සනට ඇදලා ඉංදියාවට යන එකේ කිසියම් ගතිකයක් තියෙනවා. මම එහෙම කිව්වේ ඉංදියානු මාධ්‍යය හදුන්වාදුන් පරිදි, අපිට කොහොම වුනත්, ඔය කිව්ව බලයට පැමිණිය හැකි/ මාක්ස්වාදී/ පක්ෂ ය, ආදිය ගැන කිසියම් කුතුහලයක්, උනන්දුවක්, විභවයක්, ප්‍රවතාවයක් අඩුම තරමින්, ඉංදියානු තරුණ /තරුණියන් අතරවත් ඇති වෙනවා නම් කියන බලාපොරොත්තුවෙන්...
එහෙම වෙනවා නම් අපිට අර J.N. Dixit ගේ 'Assignment Colombo' (1998) පොතේ පෙන්වා දුන්නා වගේ ආපහු කියන්න පුලුවන් "India's foreign policy on Sri Lanka has always failed"කියලා!
මාකස් ප්‍රියන්ත පෙරේරා
08/02/24
Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.com6tag:blogger.com,1999:blog-133738765035962263.post-44143919438176478042024-01-31T20:45:00.000-08:002024-01-31T20:45:48.117-08:00ලෙනින් මැරිලා අවුරුදු 100 යයි, අපි තවමත් ඉන්නේ ඔහුගේ ලෝකයේද?
Lenin has been dead for 100 years and we are still living in his epic? පසුගිය ජනවාරි 21 වෙනිදාට රුසියාවේ V.I.ලෙනින් මැරිලා අවුරුදු 100යක් ගතවීම සමරණු ලැබුවා. 1917 රුසියන් විප්ලවය ඔස්සේ රුසියාවේ රාජ්‍යය බලය අත්කරගෙන, මාක්ස්වාදී මූලධර්මයන් මත පදනම්ව, ලෝකයේ ප්‍රථම සමාජවාදී රාජ්‍ය බිහිකල ලෙනින්, 1924 ජනවාරි 21 දා මියගියයි කියලා ප්‍රකාශයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 53 යි. සියවසකට පෙර මියගිය ලෙනින් මේ වන විට ඓතිහාසික චරිතයක් වූවත්, ඔහුගේ සියවස් සමරු මරණ අනුස්මරණය වෙනුවෙන් ලිපි ලේඛණ රාශියක් මේ දවස්වල පුවත් පත් සඟරා රාශියක පලවී තිබුණා. එම ලිපි ලේඛණ කියවද්දී පොදුවේ මතුවෙන ප්‍රශ්නයක් වූයේ අපි තවමත් ජීවිත් වන්නේ ලෙනින්ගේ ලෝකයේ ද? (We still live in Lenin’s world)
එහෙම අහන්න හිතෙන්න ලෙනින් මැරිලත්, ලෙනින් නිර්මාණ කල සමාජවාදී සෝවියට් රුසියානු සමුහ ආණ්ඩුව බිද වැටිලත්, ලෙනින්ගේ බලපෑම තවම අවසන් වෙලා නැති බව පිලිගැනීමට සිදුවෙලා තියෙන නිසයි.
"යුක්රේනිය කියලා රටක් තිබුනේ නෑ, ඒක හැදුවේ ලෙනින්" කියලා යුක්රේනිය අල්ල ගන්න පුටින් යුද්ධ කරද්දීම ලෙනින් කියන්නේ තවමත් ඉතිහාසයෙන් ඉවත් කරන්න බැරි චරිතයක් වෙනවා. දිගින් දිගටම, අළුත් අළුත් කොටස් එකතුවෙන වීරාඛ්‍යානයක්/epic එකක්/ වීර කාව්‍යයක් වගේ තව තවත් දිග හැරෙනවා.. ඒ නිසාම අර කොමියුනිස්ට් රුසියාවේ සිටි Vladimir Mayakovski කියන කවියා ලිව්ව 'Lenin lived, Lenin lives, Lenin will live!' කියන එක යලි යලිත් මතුවෙනවා.
මාකස් ප්‍රියන්ත පෙරේරා
24/01/24
Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.com2tag:blogger.com,1999:blog-133738765035962263.post-89272215463798532512024-01-30T22:58:00.000-08:002024-01-30T22:58:07.731-08:00ශ්‍රී වික්‍රම රජ, බ්‍රිතාන්‍යයන්, අප සහ 'මහා අනෙකා'
Why did the British respect the last king of Sri Lanka? උඩරට ප්‍රභූන් විසින් පවාදෙන ලද, ලංකාවේ අවසාන රජ, ශ්‍රී වික්‍රම රාජසිංහ රජ, ඉංදියාවේ වෙල්ලෝරයේදී මියගියේ, (1832) ජනවාරි 30, අද වැනි දිනක යැයි, අද උදේ කියවනු ලැබූවා. එම ලිපිය පහලින් පල කරන්නම්. ඒ ලිපියේ දක්වා තිබුන දෙයක් තමයි උදරේ අමාරුවකින් පීඩාවිදි රජට ප්‍රතිකාර කිරීමට ඉංග්‍රීසි වෛද්‍යවරයෙක් පවා බ්‍රිතාන්‍යය පාලකයෝ යොමුකළා, ඒ වගේම රජ මියගිය විට, රජට ආචාර වෙඩිමුර සහිතව රාජකීය ගෞරව සහිතව අවසන් කටයුතු සිදුකළා යන්න.
බ්‍රිතාන්‍යයන් ලංකාවේ අවසාන රජ, ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ රජට, එසේ ගෞරව ප්රණාම පුදකරද්දී අපි දන්නවා, කියවලා තියෙනවා, අහලා තියෙනවා, ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ රජව පාවා දුන්න, බ්‍රිතාන්‍යය හමුදාව සමග ගිහින් රජව අත් අඩංගුවට ගත්ත, උඩරට ප්‍රභූන් රජට පහර දුන්නා, නින්දා අපහස කලා, වැල්වලින් බැදලා ඇදගෙන ආවා, කන් වලින් ලේ බේරෙද්දී රජගේ බිසෝවරුන්ගේ කනකර ආභරණ පවා කඩා ගත්තා... මේ ආදී අධම ආකාරයට තමයි ලාංකීක ප්‍රභූන් තමන්ගේම අවසාන රජවු ශ්‍රී වික්‍රමසිංහ රජට සැලකුවේ කියලා.
ආක්‍රමණිකයාටත් වඩා දරුණු විදිහට ලාංකිකයන් මෙසේ සිය රජට සලකද්දී බ්‍රිතාන්‍යයන් රජට ගරු බුහුමන් සහිතව සැලකුවේ ඇයි? අත් අඩංගුවට ගැනීමේ ඉදන් පිටුවහල්ව සිටියදී පවා බ්‍රිතාන්‍යයන් ලාංකාවේ අවසාන රජට එසේ සැලකුවේ ඒක ඒ අයගේ protocol නැති නම් ඒ ඒ නිලයන්ට සැලකිමේ සම්ප්රදාය නිසාද? බොහෝ දුරට එහෙම වෙන්න පුලුවන්. ඒත් ඇත්තටම protocol නැති නම් ඒ ඒ නිලයන්ට සැලකිම තුල ප්‍රදර්ශනය කරන්නේ ඔවුන්ගේ ක්‍රම වේදය විතරක් නෙමේ ගරු බුහුමන් සහිතව කෙසේ කටයුතු කළ යුතුද? යන්නයි.
එසේ කටයුතු කරද්දී ඔවුන් ඒ හැම වෙලාවෙම හිතන දෙයක් තමයි අනෙකා අපි දිහා බලන්නේ කොහොමද කියන එක...නැතිනම් අනෙකා අපි දිහා බලන් ඉන්නවා කියන එක.. බ්‍රිතාන්‍යයන් ලංකාවේ රජට සලකන විදිහ ගැන රටේ මිනිස්සු බලන් ඉන්න බව ඔවුන් හිතන්න ඇති. අපේ මිනිස්සු අත් අඩංගුවට ගත් රජට එහෙම පහත් ආකාරයෙන් සැලකද්දී අරූ බලන් ඉන්නවා, මූ බලන් ඉන්නවා, කියන එක අදාල නෑ.. රජ සමග තිබුන තරහව පිට කිරීමට පමණයි ඔවුන් උත්සාහ කලේ...
හැබැයි බ්‍රිතාන්‍යයන්ට එහෙම බෑ... අනෙකෙක් බලන් ඉන්නවා...'මහා අනෙකා' (Big Other) බලන් ඉන්නවා.. කියන එකක් ඔවුන්ගේ ඔළුවේ තියෙනවා...'මහා අනෙකා' තමන්ගේ ඉහල නිලධාරීයෙක්, ඊට ඉහල කෙනෙක්, ආයතනයක්, රටේ නීති පද්ධතිය, මහජනයා විතරක් නෙමේ, සමහරවිට දෙවියන් වහන්සේ පවා විය හැකියි.
හැබැයි අපේ ප්රභූන්ට එහෙම නෑ...කවුරු බලන් හිටියත් වැඩක් නෑ,එයලා තමයි ලොක්කෝ, සෙස්සෝ සොක්කෝ... එදත් එහෙමයි, අදත් එහෙමයි...උඩරට, රදළ, සම්ප්‍රදායික ප්‍රභූන් විතරක් නෙමේ අලුතින් දනිපනි ගහලා නැගිටපු දැන් ලොක්කෝ කියලා හිතන සික්කෝත් එහෙමයි...
Marcus Priyantha Perera
30/01/24
ජයාරූපය - දකුණු ඉංදියාවේ වෙල්ලෝරේ (Vellore) ඇති Muthu Mandabam නමින් හදුන්වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජගේ සොහොන - අන්තර් ජාලයෙන්.
මගේ අවධානයට ලක්වූ Hasitha Chamikara Gunasinghe මහතාගේ සටහන //වර්ෂ 1832 ජනවාරි මාසය ආරම්භයේ පටන්ම රජතුමාගේ සෞඛ්‍ය යහපත් මට්ටමක නොපැවතිණි. රජතුමාට ප්‍රතිකාර කළ දකුණු ඉන්දීය වෛද්‍යවරුන්ගේ අදහස වූයේ රජතුමාගේ සෞඛ්‍ය අතිශය අසතුටුදායක මට්ටමක පවතින බවයි. මෙනිසා ඉංගී්රසි ජාතික ශල්‍ය වෛද්‍ය රීඩ් කැඳවීමට තීරණය කෙරිණි.
රජතුමා පරීක්ෂා කළ වෛද්‍ය රීඩ්ගේ රෝග විනිශ්චය වූයේ රජතුමාට සාමාන්‍ය උදරාබාධයක් පවතින බවයි. ඒ අනුව ආරම්භයේදී ඉංගී්රසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට රජතුමා එකඟ වූ නමුත් කල්යත්ම දේශීය වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවීමට රජතුමා විසින් තීරණය කරන ලදී.
එහෙත් කිසිදු ප්‍රතිකාරයකින් සුවයක් නොලත් රජතුමා ජනවාරි මස 30 වනදා සවස අභාවයට පත්විය. ඒ වන විට රජතුමාගේ වයස අවුරුදු පනස්දෙකක් පමණ වූ බව වාර්තා වේ.
රජතුමාගේ මෘතදේහය පසුදා පහන් වන්නට පෙර ආදාහනය කිරීමට රාජකීය ඥාතීන්ගේ එකඟත්වය පළවිය. ඒ අනුව ඉංගී්රසි හමුදා ගෞරව මධ්‍යයේ රාජකීය මෘතදේහය පාලර් නදියේ දකුණු ඉවුර අසබඩ පිහිටි ආදාහන ස්ථානයට රැගෙන යන ලදී. හමුදා ආචාර වෙඩිමුර පැවැත්වීමෙන් අනතුරුව රජතුමාගේ මෘතදේහය හින්දු චාරිත්‍රානුකූලව ආදාහනය කෙරිණි.
පසුව රජතුමාගේ භෂ්මාවශේෂ සොහොන් ගැබක තැන්පත් කරන ලද අතර ඒ පරිශ්‍රය ‘මුතුමණ්ඩපම්’ නමින් හඳුන්වනු ලැබේ.
කන්ද උඩරට රාජධානියේ අවසන් රජතුමා මෙන්ම ලක්දිව රාජාවලියේ අවසන් රජතුමා වූ ශී‍්‍ර වික්‍රම රාජසිංහ රජතුමා අභාවයට පත්ව අදට වසර 192ක් සපිරේ. මෙම සටහන ඒ වෙනුවෙනි.
ඡායාරූපය : වර්ෂ 1807දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් කොටිකාපොළ ධම්මජෝති නාහිමියන්ට පූජා කරන ලද සැඟෑලෙන සන්නස නමින් හඳුන්වන තඹ සන්නස// https://m.facebook.com/story.php?story_fbid=905322624394535&substory_index=905322624394535&id=1470435034
Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.com8tag:blogger.com,1999:blog-133738765035962263.post-2544534575236560542024-01-15T01:16:00.000-08:002024-01-16T09:47:33.923-08:00දෙවෙනි ජුවාම් පාවුළු පාප්ට තැබූ වෙඩි උන්ඩය තැම්පත් කර ඇති පාතිමා ඔටුන්න
පෘතුගාලයේ පාතිමා සිද්ධස්ථානයට පැමිණෙන ඕනෑම අයකුට මම යෝජනා දෙයක් තමයි නොවරදවාම පාතිමා කෞතුකාගාරයට (Museum of the Shrine of Fatima) යන්න කියන එක. එය පිහිටා ඇත්තේ පාතිමා Apparitions දේවස්ථානය (Chapel of the Apparitions) ඉදිරිපිටමයි. එම කෞතුකාගාරය ඉතිහාසය පිලිබදව කෞතුකාගාරයක් නෙමේයි.
එය විශ්වාසය සහ භක්තිය පිලිබද කෞතුකාගාරයක්.
දේවාමාතාවන් දර්ශනය වූ බව අදහන ඇදහිලිවන්තයන් පාතිමා පුදබිමට පැමිණෙන්නේ තමන්ගේ දුක කියන්න. තමන්ගේ රෝගාබාධ ඇතුළු ගැටළුවලට පිලිසරණක් ඉල්ලීමට. ඔවුන්ගේ ප්‍රශ්නවලට විසදුමක් ඉල්ලා යැදීමට. තමන්ගේ බලාපොරොත්තුව ඉටුකර දෙන මෙන් ඉල්ලීමට. පාතිමා කෞතුකාගාරය පිරී ඇත්තේ එකී ඉල්ලීම්, බලාපොරොත්තු ඉටුවූවන්ගේ විවිධ තෑගිවලින්.
එහි රත්තරන්, මුතු, මැණික් දියමන්ති විතරක් නෙමේ ඉටිපන්දම් ඇදුම් ආයිත්තම් චායාරූප පවා තිබෙනවා. එක් අතකට මෙම කෞතුකාගාරය එහි පැමිණි විශ්වාශීන්ගේ පන්ති තත්වයන් මෙන්ම ඔවුන් කුමන රටවලින් පැමිණි අයද යන්න පවා එහි ගොඩගසා ඇති තෑගිවලින් නිරූපනය කරනවා. ඉතාමත් ධනවත් අය මෙන්ම ඉතා දිළිදු තැනැත්තන්ද, මෙක්සිකෝවේ සිට ඉංදියාව, නවසීලන්තය වැනි රටවලින්, අයිස්ලන්තයේ සිට දකුණු අප්‍රිකාව දක්වා වූ රටවලින් ද පිරිස් පාතිමා පුදබිමට පැමිණ සිය යැදුම් සාක්ෂාත් කරගත් බව මෙහි ඇති ද්‍රව්‍යවලින් නිගමනය කල හැකියි.
මෙම පාතිමා කෞතුකාගාරයේ ඇති ප්‍රදර්ශන අංග අතුරින් වඩාත් අවධානයට ලක්වන අංගයක් වන්නේ පාතිමා දේවමතා දර්ශනය සිදුවු වකවානුවේම (1917) ඉදිකල පාතිමා දේවමතා සුරුවමට පැලදවූ ඔටුන්නයි. එය ධනවත් කාන්තාවක් විසින් මුතු මැණික් රත්රන් රිදී යොදා තැනූවූවක්. එහෙත් එහි විශේෂත්වය එයම නොවේ..එම ඔටුන්න මැද සිදුරක් ඇතිව නිපදවීමයි. එහි එවැනි සිදුරක් ඇතිව එම ඔටුන්න නිර්මාණය කලේ ඇයි යන්නට නිෂ්පාදකයාටවත් උත්තර තිබි නෑ.
එහෙත් 1981 මැයි 13 වෙනිදා දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේට වෙඩි තැබූ වෙඩි උන්ඩය දැන් එම ඔටුන්නේ සිදුර තුල බහා තිබෙනවා.
එකී වෙඩි තැබීමෙන් තුවාල ලබා, සැත්කම් ගණනාවකින් පසු, මරණයෙන් දිවිගලවාගත්, දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේ ඉන් වසරකට පසුව, එනම් 1982 මැයි 13 වෙනිදා පාතිමා සිද්ධස්ථානයට ගොස් එම වෙඩි උන්ඩය පාතිමා කෞතුකාගාරයට දී එය ඔටුන්නේ සිදුර හා සැසදේ දැයි විමසා තිබෙනවා. ඒ ඔහු වෙඩි වැදී මරණ මංචකයේ සිටියදී දුටු දර්ශනයක් නිසාවෙන් යැයි කියවෙනවා. හරියටම ඔටුන්නේ සිදුර තිබී ඇත්තේ පාප්වහන්සේ ඝාතනය කිරීමට වෙඩි තැබූ උන්ඩය බහාලන්නට මෙන් වෙඩි උන්ඩය ඔටුන්නේ තිබූ සිදුර හා මනාව සැසදෙනවා. එතෙක් පටන් 1981 මැයි 13 වෙනිදා දෙවෙනි ජුවාම් පාවුළු පාප් වහන්සේ මරාදැමීමට තැබූ වෙඩි උන්ඩය ඇත්තේ පාතිමා සිද්ධස්ථාන කෞතුකාගාරයේ ඇති පාතිමා දේවමතා සුරුවමට පැලදවූ ඔටුන්න තුලයි.
එහි කිසියම් ආකාරයක විශේෂත්වයක් ඇති බව මගේ හැගීමයි. එකී හැගීම තවත් වඩ වඩාත් තීව්ර වන්නේ පාතිමා දේවමතා දර්ශනය දුටු ළමුන් තිදෙනාගෙන් වැඩිම කාලයක් ජීවත් වූ, පසුකලක පැවිදි කන්‍යා සොහොයුරියක් වූ, Sister Lúcia Santos, 1917 දී හෙළිකළ, මරියතුමියගේ දර්ශනය තුල, මරියතුමිය ඇයට දැක ගැනීමට සැලැස්වූ දර්ශණ අතරින් තුන්වන දර්ශණය හෙවත් තුන්වන රහස ලෙස දක්වන දර්ශණය ගැනත් දැනගත් විටයි. Sister Lúcia Santos හෙළිකළ තුන්වන දර්ශනයේ වූයේ 'සුදු වතින් සැරසුන සභා නායකයා රුධිරය වගුරවමින් වතිකානුවේ වැටී සිටින දසුනකුයි. එය පාප්වරයෙකු ඝාතන තැතක් පිලිබද ඉගියක් ලෙස පාතිමා දර්ශනය සිදුවූ 1917 දීම නිර්වචනය කර තිබුනා. 1981 මැයි 13 දෙවන ජුවාම් පාවුළු පාප්වරයා ඝාතන තැත එකී අනාවැකිය සපලවිමක් ලෙස සලකනු ලබනවා.
පෘතුගාලයේ පාතිමා නුවර දේවමාතාවන්ගේ දර්ශනය මුන්ම සිදුවූයේ 1917 මැයි 13 දාවකය. දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේට වෙඩි තැබීම සිදුවන්නේ ද 1981 මැයි 13 වෙනිදාවක ය. ඉන් වසරකට පසුව වෙඩි තැබීමේ තුවාලවලින් සුවපත්වු දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ වෙඩි උන්ඩය රැගෙන පාතිමා පුදබිම වෙත යන්නේද 1982 මැයි 13 වෙනිදාය. ඒ අතින් මැයි 13 ද විශේෂය...
විශ්වාසීන්ගේ මහත් භක්තියට පාත්රවූ පාතිමා පුදබිම වෙත ගියෙමි.
මරිය බැතිය, පාතිමා පණිවිඩ සහ කතෝලික සභාව
මාකස් ප්‍රියන්ත පෙරේරා
14/01/24
Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.com4tag:blogger.com,1999:blog-133738765035962263.post-51967786251869440002024-01-10T23:11:00.000-08:002024-01-10T23:11:42.067-08:00ඈන් කුමාරිය ලංකාව ඇවිත් - අපිට ඒවා වැඩක් නෑ..
Princess Anne visited Sri Lanka to mark 75 years of diplomatic relations with the UK - බ්‍රිතාන්‍යයේ තුන්වෙනි චාල්ස් රජගේ දකුණු අත වගේ ඉන්න කාන්තාව (King’s “right-hand woman”) ලෙස සැලකෙන, රජගේ සහෝදරිය වන, ඈන් කුමාරිය මේ දවස්වල ලංකාවට ඇවිත් ඉන්නවා. ඒ බ්‍රිතාන්‍යයයි, ලංකාවයි අතර රාජ්‍යය තාන්ත්‍රික සම්බන්ධතා අරභා 75 වෙනි වසර සමරන්න - අපිට ඒවා වැඩක් නෑ...
ලංකාව බ්‍රිතාන්‍යය කිරීටයෙන් නිදහස්වී ගෙවීගිය වසර 75 තුල ශ්‍රී ලංකාව හා බ්‍රිතාන්‍යය අතර තිබුන රාජ්‍යයතාන්ත්‍රික සම්බන්ධතා සෑම විටම සමීපව සහ සුහදව තිබුනේ නෑ... - අපිට ඒවා වැඩක් නෑ...
බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්ත S.W.R.D. බණ්ඩාරනායක 1956 බලයට ඇවිත් ඔහුගේ රජය යටතේ කටුනායක පැවැති බ්‍රිතාන්‍යය රාජකිය ගුවන් හමුදා කදවුර, ත්‍රිකුණාමලයේ පැවැති බ්‍රිතාන්‍යය රාජකීය නාවික හමුදා කදවුර ඉවත්කර ගන්න කියද්දී, බ්‍රිතාන්‍යය ජාතිකයින් සතුව පැවැති වැවිලි සමාගම් ලංකා රජයට පවරාගද්දී, බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර පැවති රාජ්‍යය තාන්ත්‍රික සබදතා පලුදු වූවා - අපිට ඒවා වැඩක් නෑ...
1972 සිරිමාවෝ බණ්ඩාරනායක රජය යටතේ සම්මතවූ ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔස්සේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යය ඩෝමීනියන් රාජ්‍යයක්ව පැවැති තත්වයෙන් සම්පුර්ණයෙන් ඉවත්වී දෙරට අතර පැවති රාජ්‍යයතාන්ත්‍රික සබදතා වෙනත් මුහුණුවරක් ගත්තාය යන්න - දැන් අපිට වැඩක් නෑ...
1987 ඉංදියාව ලංකාවේ ගුවන් සීමාව උල්ලංඝනය කරලා, ඉංදියාව ලංකාවට පරිප්පු දාද්දී, J.R. ජයවර්ධනගේ රජය (ලංකාව බ්‍රිතාන්‍යය කිරීටයෙන් නිදහස් වෙද්දී) 1947 බ්‍රිතාන්‍යය එක්ක අත්සන් කල Defence Agreement එක අනුව ලංකාව බ්‍රිතාන්‍යයේ හව්හරණ බලාපොරොත්තුවූ අවස්ථාවේ, දැන් ඒ ගිවිසුම කල් ඉකුත්වී ඇතැයි බ්‍රිතාන්‍යය කියද්දී, ලංකාව ඉංදියාව හමුවේ අසරණ වූනා කියන එක - දැන් අපිට වැඩක් නෑ...
1991 දී ලංකාවේ බ්‍රිතාන්‍යය මහකොමසාරිස්වරයා වූ David Gladstone ව R. ප්‍රේමදාස ජනාධිපතිවරයා, ගැලැස්ටන් රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වෙනවා, ඔහු ලංකාවේ චන්ද (දූෂණ) ගැන, මානව හිමිකම් (කඩවීම්) ගැන කතා කරනවා කියලා ලංකාවෙන් පන්නා දමද්දි, බ්‍රිතාන්‍යය සහ ලංකාව අතර පැවැති රාජ්‍යය තාන්ත්‍රික සම්බන්ධතාවල ඉරිතැලීම් ඇතිවූවා කියන එක - අපිට දැන් වැඩක් නෑ...
කොටින්ම බ්‍රිතාන්‍යය සහ ලංකාව පශ්චාත් යටත් විජිත සම්බන්ධතා කියන ඒව වත්, යටත් විජිතය සහ යටත් විජිතය හිමිව සිටි රටවල් දෙක අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා කියන ඒව වත්, ඊට අවුරුදු 75 ක්ම ගත්වී ඇතැයි කියන ඒවවත් - දැන් අපිට අදාල නෑ...
අඩුම තරමින් බ්‍රිතාන්‍යය රජ පවුලේ ඈන් කුමාරිය 1995 ලංකාවට ආව වෙලේ රිජ්වේ ආර්යා ළමා රොහලට ගොඩවී එහි ළදරු කළල ඒකකයේ සිටි එදින උපන් දරුවන් සමග ඡායාරූප ගෙන එම දරුවන් ගේ පවුල් සමග දිගටම ලිපි, සුභපැතුම් පත් හුවමාරු කරගත්තා වගේ කාරණාවත් - දැන් අපිට වැදගත් නෑ...
අපිට වැදගත් ඊජිප්තුවේ සිට පැමිණි "අවලෝකිතේශ්වර"...එයා යන එන තැන්, එයා කරණ කියන දෑ, එයාට වදින කරණ අය - අපිට දැන් වැදගත් ඒවා..
රටේ ලෝකේ මොක වුනත්, අපිත් දැන් අර ළිඳේ ඉන්නන් ගානට වැටිලා, තමන්ගේ මැට්ටම් තම්මැට්ටම් කියමින් නේ ඉන්නේ...
ඉතින් එහෙම රටකට ඈන් කුමාරිය එන එකවත්... ඇවිල්ලා, බ්‍රිතාන්‍යයයි ලංකාවයි අතර 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා සමරණවා කියන එකේවත් ඇති වැදගත්කම මොකක්ද?
මාකස් ප්‍රියන්ත පෙරේරා
10/01/23
Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.com2tag:blogger.com,1999:blog-133738765035962263.post-83179186703287235732023-12-06T19:13:00.000-08:002023-12-06T19:27:18.919-08:00පෘතුගාලේ පෝර්තෝ (Porto) නගරය - පෙරේරා ලා සහ පෝර්ට් වයින්
Porto Portugal - මම පෘතුගාලේ පෝර්ටො /පෝර්තෝ (Porto) ගැන මුලින්ම දැන ගත්තේ නගරක් විදිහට නෙමේ, වයින් ජාතියක් විදිහට යි. ඒ මම ලංඩන් යනවා කිව්වහම අපේ ගමේ, මීගමුවේ, ආච්චි කෙනෙක් කිව්වා එයාට 'පෝර්ට් වයින්' බෝතලයක් අරන් එන්න කියලා.
ඒ කාලේ මීගමුවේ පෝර්ට් වයින් ගැන දන්න අය හිටියා. මීගමුවේ මහවිදිය පල්ලිය ඉස්සර තිබුන ඇපෝතිකරි (Apothecary) එකේ විතරක් නෙමේ ගෝමස් වයින් සාප්පුවෙත් පොර්ට් වයින් විකුණන්න තිබිලා තියෙනවා. පෝර්ට් වයින් හදන්නේ පෘතුගාලයේ කියලත් දැනන් ඉදලා තිබුනා. මීගමුවේ පැවැති ඔය සාප්පු දෙක ගැන මම මීට පෙරත් ලියා තිබෙනවා ඒ ගැන මෙතැනින් පිවිස කියවිය හැකියි.
පෝර්ට් වයින් අනික් වයින්වලට වඩා thick. ඒ වගේම පැණි (sweet) රසයි. අනෙක් වයින්වලට වඩා වදිනවා, සැරයි. හැබැයි රහයි. ඒ වයින් හදන්නේ පෘතුගාලයේ මෙම පෝර්ටො/පෝර්තෝ පලාතේ හැදෙන මිදිවලින්. අර ආච්චි ඒ ගැන දැනන් හිටියා. කොහොමත් ඒ ආච්චි වයින් ගැන හොදට දන්නවා. ඇය තැඹ්ලි වලින් විතරක් නෙමේ ලොවි වලිනුත් වයින් හදනවා.
නත්තල් කාලේදී මට ඇයව නිතර මතක් වෙනවා.. ඇගේ කේක්, වයින්, කෑම ජාති, තවමත් මතකයි. කොහොම හරි පෝර්ට් වයින් වගේම ලංකාවේ /මීගමුවේ පිරිසක් විශ්වාස කරනවා ඔය පෙරේරා ලාගේ නමත් පෝර්තෝ නගරය හා සම්බන්ධයි කියලා. ඒ ගැන තවම මට හරියටම කියන්න බෑ.. හොයන්න ඕනේ..
කොහොම වුනත් පෘතුගාලයේ දෙවෙනි විශාලතම නගරය වන පෝර්ටො/පෝර්තෝ (Porto) නගරය පිහිටා ඇත්තේ එරට අගනුවර වන ලිස්බන් නුවරට පැය 5ක පමණ දුරකින්, රටේ උතුරට වෙන්න. පෘතුගාලයේ පාතිමා දේවමතා සිද්ධස්ථානයට පිහිටා තිබෙන්නේ ලිස්බන් සහ පෝර්තෝ නගර අතර එක්තරා ආකාරයකින් රට මැද්දට වෙන්න. ඒ නිසා පාතිමා යන අය ඔය නගර දෙකෙන් කොයිකට හෝ ඇවිත් තමයි යන්නේ.
මේ පොර්තො නගරයේ ශා. ජුසේ වාස් පියතුමා අයත්වූ ඔරතෝරියානු (Oratorian) නිකායට අයත් පැරණි අලංකාර පල්ලි කිහිපයක්ම පිහිටා තිබෙනවා. නගරය මැදින් වැටී ඇති Douro ගඟ හරහා ඉදිකර ඇති Maria Pia පාලම ඉදිකර ඇත්තේ පැරීසියේ අයිෆල් කුලුණ තැනූ Gustave Eiffel විසින්. ඒ 1877 දී. පෘතුගාලේ පෝර්ටො /පෝර්තෝ (Porto) කියන්නේ හරිම අලංකාර, එයටම උරුමවූ අනන්‍යතාවයක් ඇති ලෝක ප්‍රකට පැරණි අලංකාර නගරයක්. ඒ නිසාම යුනෙස්කෝව එම නගරයම පුරා විද්‍යාත්මක වටිනාකම් ඇති නගරයක් හෙවත් Unesco World Heritage Site එකක් ලෙසත් නම් කර ඇති නගරයක්.
පෝර්තෝ නගරය ගැන වැඩි විස්තර පසුව ලියන්නම්.
මාකස් ප්‍රියන්ත පෙරේරා
07/12/23
Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.com4tag:blogger.com,1999:blog-133738765035962263.post-56432539937730507012023-09-14T00:48:00.003-07:002023-09-14T02:24:08.955-07:00චැනල් 4 - කාදිනල්, ශෙහාන්, කීර්ති, චම්පික, අනුර සහ සිරිල් ගාමිණී පියතුමා
බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විකාශනය වූවායින් පසුව ශ්‍රී ලංකාව තුලත් රටින් පිටතත් දිගහැරුනු, අදටත් දිගහැරෙමින් ඇති කතිකා, සංවාද, විශ්ලේෂණ, සම්මුඛ සාකච්ඡා , මාධ්‍ය සාකච්ඡා, පුවත්පත් නිවේදන, ලිපි, වාර්තා, තීරු ලිපි සහ වෙබ් ලිපි ආදි මාධ්‍ය ප්‍රකාශණ රාශියකටම පසුගිය සතිය පුරාම අවධානය යොමු කලෙමි.
අවම වශයෙන් 100 කටත් වඩා වැඩිවු එකී මාධ්‍ය ප්‍රකාශිතයන් අතරින් මට තවමත් මුළුමනින්ම අවධානය යොමුකල හැකිවුයේ 42කට පමණි. ඒ අතරින් දේශිය වශයෙන් වැඩි පිරිසක් නැරබුවේ යැයි සදහන් වන සම්මුඛ සාකච්ඡා සහ මාධ්‍ය සාකච්ඡා 07 ක් සම්බන්ධයෙන් මගේ නිරීක්ෂණ කිහිපයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. එකී වැඩසටහන් පහත පිලිවලින් මෙසේය:
1. කාදිනල්තුමා සහ සිරිල් ගාමිණී පියතුමා සම්බන්ධ වූ මාධ්‍ය හමුව,
2. හිරු මාධ්‍ය නාලිකාව දයාන් ජයතිලක මහතා සමග පැවැත්වූ සාකච්ඡාව.
3. චමුදිත සමරවික්‍රම ශෙහාන් මාලක සමග පැවැත්වූ සාකච්ඡාව.
4. සිරිල් ගාමිණී පියතුමා කපිල ගුණරත්න මහතා සමග පැවැත්වූ සාකච්ඡාව.
5. චමුදිත සමරවික්‍රම කීර්ති රත්නායක සමග පැවැත්වූ සාකච්ඡාව.
6. පාඨලී චම්පික රණවක මහතා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව
7. අනුර කුමාර මහතා බදුල්ලේ පැවැත්වූ රැස්වීම.
චැනල් 4 වැඩසටහන විකාශනය වුවායින් පසුවදාම පැවැත්වූ කාදිනල්තුමා සහ සිරිල් ගාමිණී පියතුමා සම්බන්ධ වූ මාධ්‍ය හමුව චැනල් 4 වැඩසටහන ගැනත්, ඒ වන විටත් එකී වැඩසටහන විකාශනය වීමට මත්තෙන් පවා ලංකාවේ පාර්ලිමේන්තුව තුල පැන නැගී තිබු විවිධ කරුණු කාරණා ගැනත් අවධානය යොමුකර තිබුනි.
එහිදී කාදිනල්තුමා දැක්වුයේ 2019 පැවති ජනාධිපතිවරණයේදී තමා ගෝඨාභය රාජපක්ෂට චන්දය දෙන්න කියා හෝ සජිත් ප්‍රේමදාසට චන්දය නොදෙන්න කියා හෝ කිසි තැනක නොකී බවයි...එසේ කියා ඇත්නම් සාක්ෂි ඉදිරිපත් කරන මෙන් අභියෝගයක් ද කලේය. "උදේම ගොස් චන්දන දෙන්න" කියා මිස 'අරයට හෝ මෙයාට' චන්දය දෙන්න යැයි නොකී බව කීහ. තවද 69 ලක්ෂයක් දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාට චන්දය දුන්නේ කාදිනල්තුමා හෝ වෙනත් ආගමීක නායකයින්ගේ කීම අසාදැයි විමසූ සිරිල් ගාමිණී පියතුමා කාට චන්දය දෙන්නේද? නොදෙන්නේද? යන්න තීරණය කිරීම මිනිස්සුන්ගේ වැඩක් මිස ආගමික නායකයින්ගේ වැඩක් නොවන බව ද කීහ. පොදුවේ චැනල් 4 නාලිකාව විකාශනය කල වාර්තා වැඩසටහන නගන චෝදනා ගැනත්, පාස්කු ඉරිදා ප්‍රහාරය ගැනත්, ජාත්‍යන්තර වශයෙන් පිලිගත හැකි විමර්ශනයක් කරන මෙන් ඉල්ලා සිටීම කාදිනල්තුමා සහ සිරිල් ගාමිණී පියතුමා සම්බන්ධ වූ එම මාධ්‍ය හමුවේ අරමුණ විය.
ඊට සමාන ඉල්ලීමක් හිරු මාධ්‍ය නාලිකාව දයාන් ජයතිලක මහතා සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේද ඉදිරිපත් විය. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ජාත්‍යන්තර සංඝටක සහිතව අනිවාර්යයෙන්ම ජාත්‍යන්තරව පිලිගත හැකි පරික්ෂණයක් සිදුකල යුතු බවත් එසේ නොවුනහොත් බිලියන 2.6 වන ලෝක කිතුණු ප්‍රජාව තුලින් පැනනැගෙන විරෝධය ලංකාවට දැඩි ආනිසංස කැදවන දරුණු කළුවලාවක් බවට පත්වෙන බවත් ඔහු සහසුද්දෙන්ම කියාපෑහ.
එමෙන්ම පිලිගත හැකි පරීක්ෂණයක් පවත්වා නිසි නිගමයක් ලැබෙන තුරු සුරේෂ් සලේ සිය තනතුරුවලින් ඉවත්විය යුතු බවද ඔහු ද සදහන් කලේය. සුරේෂ් සලේ පමණක් නොව නිලන්ත ජයවර්ධන, දේශබන්දු තෙන්නකෝන් ආදී පොලිස් නිලධාරීන්ද තාවකාලිකව හෝ ඉවත්වී අපක්ෂපාතී පරීක්ෂණයකට ඉඩදිය යුතු බව කාදිනල්තුමා සහ සිරිල් ගාමිණී පියතුමා සම්බන්ධ වූ මාධ්‍ය හමුවේද ඉදිරිපත් කරන ලද ඉල්ලීමකි.
ජාත්‍යන්තර වශයෙන් පිලිගත හැකි පරීක්ෂණයක අවශ්‍යතාවය දිගින් දිගටම පෙන්වාදුන් හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වු දයාන් ජයතිලක මහතා දැක්වූ එක් ප්‍රබල අදහසක් වූයේ එක් පුද්ගලයෙක් හෝ කිහිප දෙනෙකුගේ ක්‍රියාපටිපාටියක් නිසා සමස්ථ රටක්, ජනතාවත් උවදුරේ නොවැටිය යුතු බවයි.
තවද, පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කල සහරාන්ගේ ත්‍රස්තවාදී කණ්ඩායම සමග ශ්‍රී ලංකා බුද්ධි අංශ නිලධාරීන් පවත්වාගෙන ගිය සම්බන්ධතා පිලිබදව ඉදිරිපත් වී ඇති තොරතුරු ශ්‍රී ලංකාවට අතීශයින් අවාසිදායක බව ද දයාන් ජයතිලක මහතා පෙන්වා දුන් කරුණු අතර විය. එහිදී ඔහු උදාහරණ ලෙස ගත්තේ දෙහිවල බෝම්බය පුපුරුවාගත් ජමීන්ව හමුවීමට බුද්ධි නිලධාරීන් යෑම, පොලිස් අත් අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ සමාජිකයා නිදහස් කරගැනීමට හමුදා බුද්ධි අංශය සම්බන්ධ වීම ආදී කරුණුය.
සහරාන්ගේ ත්‍රස්තවාදී කණ්ඩායම සමග ශ්‍රී ලංකා බුද්ධි අංශ නිලධාරීන් පවත්වාගෙන ගිය සම්බන්ධතා පිලිබදව කියවෙන වාර්තාවක් ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ විශේෂ කමිටුවක් විසින් මේ දිනවල සකසමින් සිටින බවත්, එකී ලැයිස්තුව ඉදිරියේදී ඉදිරිපත් කරන බවත්, කාදිනල්තුමා සහ සිරිල් ගාමිණී පියතුමා සම්බන්ධ වූ මාධ්‍ය හමුවේදී දැක්වීය. එම තොරතුරු ලැයිස්තුවට පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය කල වාර්තාවලින් මෙන්ම හිටපු පොලිස් පරීක්ෂක ශානි අබේසේකර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල දිවුරුම් ප්‍රකාශය ඔස්සේ ද ඉදිරිපත් වූ කරුණු ඇතුලත් වන බව දැක්වීය.
දයාන් ජයතිලක මහතා හිරු නාලිකාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී රාජපක්ෂ කදවුරෙන් නිතර මතුකරන ප්‍රශ්ණ දෙකක් සම්බන්ධයෙන්ද ඔහු සිය අවධානය යොමුකලේය. එකක් නම්
* "මුස්ලිම් සහරාන් සිංහල බෞද්ධ නායකයෙක් බලයට ගෙන ඒමට ත්‍රස්තවාදී ප්‍රහාරයක් දියත් කරයිද?"
අනෙක නම්
* "යහපාලනය දියාරු වෙලා තිබුනේ, පොහොට්ටුව කොහොමත් දිනන්න හිටියේ එහෙව් එකේ බෝම්බ පුරුවයිද?" යන්නය.
මුල් කාරණය සම්බන්ධයෙන් 1978 දී රතු බ්‍රිගේඩ් නම් කල්ලිය විසින් ඝාතනය කල හිටපු ඉතාලි අගමැතිවරයෙකුවු Aldo Moro ගේ සිද්ධිය උදාහරණයට ගත් ඔහු ඝාතකයන් ඉෂ්ට කලේ කාගේ උවමනාවක් දැයි ඝාතකයන් පවා දැන නොසිටින්නට ඇති බවට තර්ක කලේය.
තවද රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටියදීම මහින්ද රාජපක්ෂව අගමැති කරමින් බිහිකල දින 52කේ ආණ්ඩු සමයේදී ජනාධිපති සිරිසේන පොහොට්ටුවේ අපේක්ෂකයා වශයෙන් මහින්ද රාජපක්ෂගේ සහයෝගයෙන් නැවැත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙතයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමේ කටයුත්තේ යෙදී සිටි පිරිසට දැඩි සැකයක් සහ අවිනිශ්චිතතාවයක් පැවැති බව දැක්වීය.
ඔහු දක්වන එම කරුණ ගැන අවධානය යොමුකලහොත්, එවැනි ද්වීඝට්ටණාත්මක අවස්ථාවක් පැවැතියේ නම් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එක් අන්තයකට පැහැදිලිවම සිය අභිප්රායන් සාක්ෂාත් කරගැනීමට බොහෝසේ දායකවී ඇත. මන්ද යත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා ජනාධිපති සිරිසේනට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමට ඇති හැකියාව නැත්තටම නැතිකර දැම්මා සේම ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට වැඩි ඉඩක් විවර කලේය.
ඒ අනුව දයාන් ජයතිලක මහතා මතුකරන පොහොට්ටුවේ අපේක්ෂකයා සම්බන්ධයෙන් මිහින්ද - සිරිසේන දින 52කේ ආණ්ඩු කාලයේ පැවැති අභ්‍යන්තර ආතතිය පිලිබද තොරතුරු චැනල් 4 වැඩසටහන මතුකරන පාස්කු බොම්බ ප්‍රහාරය යනු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමට සිදුකලායි යන්න සනාථ කරන එක්තරා ආකාරයක ඌන පූර්ණකයෙකි.
එකී සම්මුඛ සාකච්ඡාවලින් දින දෙකක් යන්නට මත්තෙන් චමුදිත සමරවික්‍රම ශෙහාන් මාලක සමග පැවැත්වූ සාකච්ඡාවක් විකාශනය විය. එම සම්මුඛ සාකච්ඡාව මූලික වශයෙන්ම නැඹුරු වූයේ චැනල් 4 වැඩසටහනින් ඉදිරිපත් වුවද, නොවූවද, "ඔය මතුවූයේ අපි මෙතෙක් කලක් කිය කියා සිටි කරුණු මයි" යන ශෙහාන් මාලකගේ ප්රස්තුථයක් සනාථ කිරීමටය. එම වැඩසටහන පුරාම ශෙහාන් මාලක කිසියම් ආකාරයකින් තහවුරු කිරිමට වෙර දැරුවේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු සුරේෂ් සලේ යන්න සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති කරුණු දැන් පැහැදිලිවම ඔප්පු වි ඇති බවක් පෙන්වාදීමටය. තවද පසුගිය කාලේ රට තුල සිදුවූ මනුෂ්‍ය ඝාතන රාශියක් පිටුපස හමුදා බුද්ධි අංශයේ පිරිසක් සිටින බව නැවත නැවතත් තහවුරු වෙන වගක් පෙන්වාදීමටද ශෙහාන් මාලක දිගින් දිගටම කරුණු ඉදිරිපත් කලේය. කුරාලයට නැගි කට්ටඩියෙකු සේ ඉස්පාසුවක් නැතිව විවිධ කරුණු, තොරතුරු, චෝදනා, නිගමන, මතවාද, එලඹගැනීම්, උපකල්පන සහ සිතාගැනීම් සියල්ල ශෙහාන් මාලක එක පොදියට කියාගෙන කියාගෙන යන්නට විය. ශෙහාන් මාලකගේ ඉදිරිපත් කිරීම හමුවේ චමුදිත සමරවික්‍රම නිරුත්තර වූවායැයි ඇතමෙකුට පෙනී යන්නට පුලුවන. එහෙත් සියල්ල එලියට දමන්න යැයි කියන්නාක් මෙන් සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූ චමුදිත සමරවික්‍රම ශෙහාන් මාලකට වැඩි බාධාවකින් තොරව ඔහුගේ කතාව කරගෙන යන්නට ඉඩ ලබාදුන්නාද විය හැක. සම්මුඛ සාකච්ඡා මෙහෙයවන්නගේ එවැනි උපාය උපක්‍රම අප හදුනාගත යුතුය. කෙසේවෙතත්, ලද එම ඉඩ තුල ශෙහාන් මාලක සිය සංයමය බිදගත්තා දැයි මට සිතුනි.
චමුදිත සමරවික්‍රම සමග පැවැති එම සාකච්ඡාවේදී ශෙහාන් මාලක විසින් අතුරලියේ රතනසාර හිමියන් කොළඹ අගරදගුරු නිවසට විටින් විට රිංගා කාදිනල්තුමාගේ මොළය හෝදා ගෝඨාභය කදවුරු දෙසට නැඹුරු කරගත් බවට දරුණු චෝදනාවක්ද ඉදිරිපත් කලේය...
අතුරලියේ රතනසාර හාමුදුරුවන් යනු "ගෝඨාභය ඊලග ජනාධිපති කරමු", "ගෝඨාභය ඊලග ජනාධිපති කෙරුවොත් හොදයි නේදැ?" යැයි අසමින් තමාටද මුල පටන් ගෝඨාභය ගැන යෝජනා කරමින් සිටි ගෝඨා කදවුරේ කසකරුවෙක් යැයි දයාන් ජයතිලක මහතා හිරු නාලිකාව සමග පැවති සාකච්ජාවේදීද දක්වා තිබුනි.
එහෙත්, "අතුරලියේ රතනසාර හාමුදුරුවෝ කොළඹ අගරදගුරු නිවසට විටින් විට රිංගා කාදිනල්තුමාගේ මොළය හේදුවේ" යැයි ශෙහාන් මාලක නැගූ බරපතල චෝදනාව සිරිල් ගාමිණී පියතුමා කපිල ගුණරත්න මහතා සමග පැවැත්වූ සාකච්ඡාවේදි මුළුමනින්ම ප්‍රතික්ෂේප කලා පමණක් නොව "ශෙහාන් මාලක එවැන්නක් දන්නේ කෙසේදැයි" සිරිල් ගාමිණී පියතුමා ප්‍රශ්න කලේය.
"ශෙහාන් මාලක දන්නේ කෙසේද?" යන ප්රශ්නය සිරිල් ගාමිණී පියතුමාට පමණක් නොව බොහෝ දෙනෙකුට ද ඇති ප්රශ්නකි. ශෙහාන් මාලක ඉදිරිපත් කරන කරුණු, තොරතුරු, චෝදනා, නිගමන, මතවාද, එලඹගැනීම්, උපකල්පන සහ සිතාගැනීම් ඔහු දන්නේ කෙසේද? ඔහුට ඒවා කිසිවෙක් විසින් ලබා දුන් දෑ ද? ශෙහාන් මාලක කිසිවෙකු ගේ ආදිසි හස්තයක්ද? කිසිවෙකුගේ බළල් අතක්ද? යනුවෙන් ප්‍රශ්න කරන්නන් අප අතර නැත්තා නොවේ...ඊට ශෙහාන් මාලකගේ පිලිතුර නම් ඔහු මතුකරන දෑ වසර 4 පුරා ඔහු කල අධ්‍යයනයක ප්‍රතිඵලයක් ලෙස සොයාගත් දෑය යන්න ය. එහෙත් ඇතැම් කරුණු හෙලිවී ඇති කාලවකවානුව සමග සැසදීමේදී එකී කරුණු ඔහුට අධ්‍යයනය කිරීමට හැකිවූයේ කුමන මූලාශ්‍ර ඇසුරින් ද යන්න ගැන අවධානය යොමුවීම සහේතුකය.
එහෙත් පාස්කු ඉරිදා ප්‍රහාරයේ සත්‍යය මතුකර ගැනීමටත්, කිසිදු බාධාකයක්, අභියෝගයක් හමුවේ නොපසුබටව වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලීමට නැගී සිටීමටත්, පෙරමුණ ගත්තෙක් ලෙස ශෙහාන් මාලක සොහොයුරාට අපේ ප්‍රණාමය යොමුවිය යුතුමය. ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් අපි එකපෙළට, එක ලෙසට සිටගත යුතුමය. ඔහුව කිසිසේත්ම අත්නොහැරිය යුතුය. අපි නැතිවූ, මංමුළාවූ බැටළුවන් සොයායන එඩේරෙකුගේ කාර්යභාරයක් ගැන විශ්වාස කරන්නන් බව නැවත නැවත් පසක් කර ගතයුතුමය.
නැවතත් අපි සිරිල් ගාමිණී පියතුමා කපිල ගුණරත්න මහතා සමග පැවැත්වූ සාකච්ඡාව වෙත අවධානය යොමු කලහොත් එම සාකච්ඡාව වු කලී චැනල් 4 නාලිකාව විකාශනය කල වැඩසටහන සම්බන්ධයෙන් කතෝලික සභාවේ ස්ථාවරය ඉතාමත් පැහැදිලිවම ප්‍රකාශයට පත්කළ සම්මුඛ සාකච්ඡාවක් ලෙස දැක්විය හැක.
සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කලේ චැනල් 4 නාලිකාව විකාශනය කල වැඩසටහන තුලින්ද පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය කල කොමිෂන් සභා වාර්ථාවලින් මතුකලාක් මෙන් අවධානය යොමුකල යුතු කරුණු රාශියක් නැවත මතුකර ඇති බවයි. එහෙත් එය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවක් පමණක් බවත්, මධ්‍ය වාර්තා ඔස්සේ විවිධ කරුණු මතුවිය හැකි වුවත්, එහෙත් තීන්දු තීරණ ගත හැක්කේ ජාත්‍යන්තර වශයෙන් පිලිගත් පරික්ෂණයකින් පමණක් බව කතෝලික සභාවේ ස්ථාවරය යැයි දැක්වීය.
එකී ස්ථාවරය තුල චැනල් 4 නාලිකාව හෝ එම නාලිකාව විකාශනය කල වැඩසටහන මත්තේ එල්ලී සිටීමට වඩා කතෝලික සභාවේ අරමුණ එකී වාර්තා වැඩසටහන තුල මෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය කල කොමිෂන් සභා වාර්ථාවලින්ද මතුකල කරුණු ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවය මතුකරලීම බව නැවත නැවතත් නිවැරැදිව සනාථ කලේය.
තවද සිරිල් ගාමිණී පියතුමා කපිල ගුණරත්න මහතා සමග පැවැත්වූ සාකච්ඡාවේදී හිටපු ජනාධිපති ගෝඨාභයගේ නිවේදනයේ සදහන්වූ
"අපි පල්ලියේ විවිධ වැඩසටහන් සදහා උදව් උපකාර කලා" යැයි වූ 'කරපුවා කිවීමේ ගතිය' ට උත්තර දෙමින් ප්‍රකාශ කලේ; ගෝඨාභය රාජ්‍යය නායකයා වශයෙන් හෝ රාජ්‍යය නිලධාරීයෙකු වශයෙන් හෝ රටේ ව්‍යවස්ථාවේ සදහන් අන්‍යාගමිකයන්ට ලබා දෙන සහයෝගය ලබා දීම සිදුකලා මිස ඊට වඩා වැඩි යමක් ශ්‍රී ලංකාවේ කතෝලික සභාව ඔහුගෙන් හෝ ශ්‍රී ලංකාවේ රජයෙන් ඉල්ලා සිටියේ හෝ ලබා දුන්නේ හෝ ලැබුනේ නැති බවයි.
සිරිල් ගාමිණී පියතුමා මතු කලේ ඔහු එසේ කලා කියා අපි පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන නිහඩව සිටිය යුතුද? යන්න ය. එය අපේ ක්‍රිස්තියානිකම නොවන බව එතුමා දැක්විය.
තවද හිටපු ජනාධිපති ගෝඨාභය බලයට පැමිණි වහාම එතෙක් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය කරමින් සිටි ශානි අබේසේකරව ඉවත් කිරීම ගැන සදහන් කරමින් දක්වා තිබු "ඔහු (ශානි) ට චෝදනා එල්ලවී තිබූ නිසා ඉවත්කළා" යැයි යන්න නිලන්ත ජයවර්ධනට, දේශබන්දු තෙන්නකෝන්ට, සුරේෂ් සලේට අදාල නොවුයේ මන්ද යන්න විමසූහ. ගෝඨාභය ජනාධිපති වූ වහාම සිදුවූයේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය කරමින් සිටි ශානි අබේසේකර ඇතුළු තවත් නිලධාරීන් 14 දෙනෙකු ඉන් ඉවත් කිරීමත්, වෙනත් අංශ වෙත මාරුකර හැරීමත් සහ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන චෝදනා එල්ල වූ නිලන්ත ජයවර්ධන, දේශබන්දු තෙන්නකෝන්, සුරේෂ් සලේ ආදී නිලධාරීන්ට උසස් නිලතල සහ සේවා වර්ධනයන් ලබාදීමය. සිරිල් ගාමිණී පියතුමා කපිල ගුණරත්න මහතා සමග පැවැත්වූ සාකච්ඡාවේදී මේ කරුණු කාරණා මතුකරලිම තුල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර තිබූ මාධ්‍ය නිවේදනය පුස්ස බින්දා සේ බොරු, හිස් ලියවිල්ලක් සේ හිස් අහසට මුසුවිය.
චැනල් 4 වැඩසටහන "අපේ පවුලට එරෙහිව කුමණ්ත්‍රණයක්" යැයි කියූ සිය පවුලේ පැවැත්ම හැර වෙනත් ලෝකයක්, මානයක් නොදකින නාමල් රාජපක්ෂගේ ප්‍රකාශය ගැන සිරිල් ගාමිණී පියතුමාගේ අවධානය යොමු නොවිම හැර වෙනත් බොහෝ කරුණු කාරණා ගැන සාධාරණ, විශ්වාසනීය ප්රවේශයකින් පිලිතුරු සැපයූ වැඩසටහනක් ලෙස සිරිල් ගාමිණී පියතුමා කපිල ගුණරත්න මහතා සමග පැවැත්වූ සාකච්ඡාව දැක්විය හැක.
එම වැඩසටහනෙන් පසු දිනක විකාශනය වූ චමුදිත සමරවික්‍රම කීර්ති රත්නායක සමග පැවැත්වූ සාකච්ඡාව ද මම නැරඹුවේමි. එය නැරඹීමට හේතුවූයේ කීර්ති රත්නායක කාලාන්තරයක් තිස්සේ ලංකා ඊ නිව්ස් මාධ්‍යයට පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ලියන්නෙක්, පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන මුලින්ම ලිව්වෙක්, අනතුරු ඇගවූවෙක්, අභ්‍යන්තර තොරතුරු හෙලිකල තැනැත්තෙක් ලෙස ඔහු නමක් ගොඩ නගාගෙන තිබූ නිසාය. "සිංහල - මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට ගෝඨාභය සුරේෂ් සලේ නම් හමුදා නිලධාරියෙකු පත් කර ඇතැයි" පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වීමට වසර 10කට පෙර සිට ලියූවෙක් වු ඔහු චමුදිත සමරවික්‍රම සමග පැවැති වැඩසටහනේදි දැක්වූයේ සුරේෂ් සලේ යනු පාස්කු ඉරිදා ප්‍රහාරයේ "වාටියක" සිටි නිලධාරීයෙකු මිස මහමොළකරු නොවන බවයි. ඔහුට අනුව මහමොළකරු ඉංදියාවේ සහ සිංගප්පූරුවේ ඔත්තු සේවාවන් ය. රටට අවශ්‍ය වන්නේ ඊශ්‍රායලයේ මොසාඩ් පන්නයේ ඔත්තු සේවාවකි යැයි යන්න ඔහුගේ අදහසය.. ඔහු පෙනී සිටින්නේ ද එවැන්නක් වෙනුවෙන්ය. වර්ගවාදී, ජාතිවාදී, මිලිටරිවාදී රාජ්‍යය යාන්ත්‍රණයක් මිස නිසි පැවැත්මක් ඇති රාජ්‍යයක් ගැන ඔවුන් නොදනී, නොදකී. විවිධාකාරයේ පරස්පර ප්‍රකාශණ, හිතලු, එලඹගැනිම් මෙන්ම ඇතැම් කරුණු කාරණාද ඇතුලත්වූ කීර්ති රත්නායකගේ අරමුණ වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන වූ විමසුම නොමග යැවීමද? වෙනතක යොමු කිරීමද? පඹගාලක පැටලවීමද? කීර්ති රත්නායකලා ඉටුකරමින් සිටින්නේ තවත් බුද්ධි මෙහෙයුමක් ද? අපි ඒ සියල්ල ගැන විමර්ශනශීලිව සිටිය යුතුය.
මෙකී දිගහැරිම් වලින් පසුව පැවති පාඨලී චම්පික රණවක මහතා ගේ මාධ්‍ය සාකච්ඡාවේ හා අනුර කුමාර මහතා බදුල්ලේ පැවැත්වූ රැස්වීමේත් විඩීයෝපට මෙන්ම මාධ්‍ය වාර්තා කෙරෙහිත් අවධානය යොමුකලෙමි.
දෙදෙනාම චැනල් 4 වැඩසටහන ප්රස්තූතය කරගනිමින් පැවැත්වූ එම අදහස් දැක්වීමේදී වැඩි අවධානයක් යොමු කලේ රාජපක්ෂවරුන්ගේ විවිධ මගඩි, කුමණ්ත්‍රණ, දුෂණ, ඝාතන, ත්‍රාඩ ජඩ පැවත්ම ආදිය ගැන අවධානය යොමු කිරීමට ය. යුද්ධ ජයග්‍රහණයේ අයිතිය සහ යුද්ධය දිනාදීමට දායක වූ සිය කාර්යභාරය ගැන චම්පික රණවක එම සාකච්ඡාවේදි ද උදම් ඇනූ අතර රාජපක්ෂලා යුද්ධ ජයග්‍රහණය අවභාවිතා කිරීම ගැන ද කරුණු ඉදිරිපත් කලේය. යුද්ධය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දායකත්වය ගැන දැන් ප්‍රසිද්ධියේ කතා නොකරන අනුර කුමාර දිසානායක පාස්කු ප්‍රහාරය ප්රස්තුතයවූ බදුල්ලේ රැස්වීමේදී කියා සිටියේ යුද්ධයෙන් පසුවද රාජපක්ෂලාට නැවත යුද්ධයක් අවශ්‍ය වූ බවයි. මුස්ලිම් මෙන්ම සිංහල අන්තවාදී කණ්ඩායම් ඔවුන් එහිලා පෝෂණය කර යොදාගත් බව අනුර කුමාර මහතා දැක්වීය. චම්පික රණවක මෙන්ම අනුර කුමාර ද එහිලා දියත්වූ වැඩපිළිවෙළ ක්‍රමයෙන් සිය කතාවලදී විස්තර කර තිබුණි.
මෙහිදී එක් වැදගත් කරුණාක් පිලිබදව වූ මගේ නිරීක්ෂණයක් ගැන ඔබේ අවධානය යොමුකරමි. එය නම් වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය, ඉන් දින කිහිපයකට පසු අවට බෝක්කුවකින් මරාගෙන මැරෙන ඇදුම් කට්ටියක් සොයාගැනිම සහ එකී පරීක්ෂණ අජන්තා නම් පුනරුත්ථාපන වූ LTTE සමාජිකයාගේ නිවස වෙත යොමුවීමය.
චම්පික රණවක වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය අවස්ථා කිහිපයකදි මතුකල ද එකී පරීක්ෂණ අජන්තා නම් පුනරුත්ථාපන වූ LTTE සමාජිකයා වෙත යොමුවිම පිලිබදව එතරම් මතු නොකරයි. මීට හේතුව ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශයේ පිරිසක් බේරා, තවත් පිරිසකට චෝදනා කිරීමට චම්පික රණවකට උවමනාවක් පැවතීමද? අනෙකුත් සෑම තැනකම මෙන්ම ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශයේ ද තමන්ගේ පිරිසකගේ බලය තහවුරු ගැනීමේ අභිප්රායක් චම්පික රණවකට තිබේද? සුරේෂ් සලේව ඉලක්ක කරගැනීමත් එහිම කොටසක් ද? අපි මේ පිලිබදව නොදන්නෙමු. අපි දන්නේ චම්පික රණවක ද කෙක්කෙන් හෝ කොක්කෙන් බලය අත්කරගන්නට දගදරන දේශපාලන ගේම් කාරයෙකු බවය.
චම්පික රණවක මහතාගේ මාධ්‍ය හමුව තුලදි 2018 පලාත් පාලන චන්දය දැවැන්ත ආකාරයට දිනා තිබුනද පොහොට්ටුවට ජනාධිපතිවරණය දිනා ගැනීමට හැකියාවක් නොමැතිවූ බව සංඛ්‍ය දත්ත විශ්ලේෂණය කරමින් දක්වන්නට විය. චම්පික රණවක මහතා ඉදිරිපත් කල කරුණු, සංඛ්‍යා දත්ත ශෙහාන් මාලක ද ඊට පෙර ඉදිරිපත් කර තිබුනි. දෙදෙනාගේම කරුණු ඉතා හොදින් පෑහුණි. ශෙහාන් මාලකව චම්පිකගේ ගොඩට දමන්නට පුලපුලා බලාසිටිය අයට එය ඉනිමං සැපයීමක් බදුවිය. ශෙහාන් මාලක ට කරුණු, තොරතුරු එන්නේ චම්පික රණවකලාගෙන් යැයි කීමට බලාසිටි අයට එය අතටම ලැබුන උඩ පන්දුවක් බදුවිය. එහි ඇත්ත නැත්ත කෙසේවුවද, ශෙහාන් මාලකගේ සහ චම්පික රණවකගේ කරුණු එකට පෑහුනද, චම්පික රණවක ඉදිරිපත් කල සංඛ්‍යා දත්ත විශ්ලේෂණය ශෙහාන් මාලකගේ ඉදිරිපත් කිරීමට වඩා epistemological ඉදිරිපත් කිරීමක් විය.
කෙසේවුවද පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය සාකච්ඡාවේත්, අනුර කුමාර දිසානායක මහතා බදුල්ලේ පැවැත්වූ රැස්වීමේත් කියවුනු කරුණු වලින් පෙනී ගියේ ඔවුන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරික්ෂණයක අවශ්‍යතාවය මතුකරන්නේ නැති බවයි. ඒ වෙනුවට ඔවුන්ට අවශ්‍ය පාලන තන්ත්රයේ වෙනසක් හෙවත් 'රෙජීම් චේන්ජ්' එකක් කිරීමය. ඔවුන්ගේ පාලනයක් යටතේ නිසි පරීක්ෂණයක් කරන බව ඔවුන් අපිට දෙන ප්රතිඥාවයි. එවැනි ප්‍රතිඥාව කීයක් නම් විවිධ දේශපාලකයින් කිතුනුවන්ට ලබාදී ඇත්ද!! ආණ්ඩු මාරුවූ පමණින් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සත්‍යය මතුවෙයිද? කුමන ආන්ඩුවක් බලයට පත්වූවද ශ්‍රී ලංකාවේ රාජ්‍යය යාන්ත්‍රණය පිටුපස ඇති වර්ගවාදී, ජාතිවාදී සහ මිලිටරි බලවේග පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන නිසි පරික්ෂණයකට ඉඩදේද? "එයා නැතිනම් මෙයා" පත් කිරීමේ දේශපාලන පොරොන්දු අපිට තවත් අවශ්‍ය නැත. ජාත්‍යන්තර පරික්ෂණයක් මිස ඉන් මෙහා කිසිවක් වෙනුවෙන් අපි පෙනී නොසිටිමු!!
මාකස් ප්‍රියන්ත පෙරේරා
13/09/23
Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.com0tag:blogger.com,1999:blog-133738765035962263.post-11641330084516171612023-08-22T03:34:00.019-07:002023-08-22T07:45:30.521-07:00රනිල් මඩු මංගල්‍යයට සහභාගීවීම කතෝලික පල්ලියේ ප්‍රතිපත්තිමය වෙනසක් නිරූපණය කිරීමක්ද?
පසුගිය අගෝස්තු 15 දා මඩු පල්ලියේ පැවැති වාර්ෂික මංගල්‍යයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආවනේ.. ඔහු එහිදී කතාවකුත් කලානේ... "රනිල් වික්‍රමසිංහට මඩු මංගල්‍යයට එන්න කිව්වේ කවුද?", "එයාට කතාවක් කරන්න ඉඩ දුන්නේ කවුද?", "එයා එතන කලේ සම්පුර්ණ දේශපාලන කතාවක් නේද?", "රනිල් වික්‍රමසිංහට හෝ වෙනත් ඕනෑම දේශපාලකයෙක්ට මංගල්‍යය පුජාව අතරතුර කථා පවත්වන ඉඩදීලා මංගල්‍යය පුජාව දේශපාලන වේදිකාවක් බවට පත්කරගන්න ඉඩ දෙනවද?", "මිනිස්සුන්ගේ සද්ධාවට, භක්තයට සහ ශුද්ධ භූමියට එමගින් හානිවෙනවා නේද?" ආදි ලෙස ඒ සම්බන්ධයෙන් කිතුනුවන් අතර මතුව ඇති විරෝධයත්, කතිකාවත් පිළිබඳව මම ඉතා උනන්දුවෙන් බලා සිටියා...
මගේ අදහස නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මඩු දේවස්ථානයේ ප්‍රධාන වාර්ෂික මංගල්‍යයට සහභාගීවීමත්, එහිදී කතාවක් පැවැත්වීමත් ඉතා වැදගත් සංදිස්ථානයක් සටහන් කරනවා කියන එකයි.
මම එහෙම කියන්නේ වෙන මොකවත් නිසා නෙමෙයි දැන් බලන්න අර මතුවෙලා තියෙන්න කරුණු: "රනිල් වික්‍රමසිංහට මඩු මංගල්‍යයට එන්න කිව්වේ කවුද?", "එයාට කතාවක් කරන්න ඉඩ දුන්නේ කවුද?"...ඕවා බලද්දීම අපිට තේරෙනවා නේද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අපේ තියෙන විරෝධය. අපි දන්නවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්වෙද්දීම කාදිනල් තුමා ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ එක්ක එකට හිටගනිමින් කිව්වා "අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව වගේම ඔහුගේ පත්වීමත් පිලිගන්නෙත් නෑ" කියලා. ඔහුට ජනවරමක් නෑ කියලාත් කිව්වා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයකින් ජයගෙන පත්වූ ජනාධිපතිවරයෙක් නොවන බව ඇත්ත. ඒත් ඔහු පත්වුනේ දැන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව. එහෙම පත්වූ ජනාධිපතිවරයෙක් අපි පිලිගන්නේ නෑ කිව්වහම ඒක එක්තරා ආකාරයකින් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිගන්නේ නෑ කියනවා වගේ කතාවක්... මම දන්නේ නෑ කාදිනල් තුමා ඒ ප්‍රකාශය කලේ රදගුරු මණ්ඩලයේ තීරණයක් අනුවද? දේශපාලන දැනුවත්භාවයක් උඩද? නැතිනම් ඕමල්පේ සෝභිත හාමුදුරුවන්ගේ ලණුවක් කාලද කියලා... අනික අපි රනිල් වික්‍රමසිංහගේ ජනවරම ගැන ප්‍රශ්ණ කරනවා නම් එහෙම ප්‍රශ්න කරන්න තිබුනේ ඔහු පැරදිලා ඒත් ජාතික ලැයිස්තුවේ මංත්‍රිවරයෙක් ලෙස දිවුරුම් දීමේ ඉදලමයි. අන්න එහෙම කලා නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්වීම අපි පිලිගන්නේ නෑ කියන්න අපිට පැහැදිලි පදනමක් තියෙනවා.
කොහොමත් අපිට රනිල්ට විරුද්ධ වෙන්න පැහැදිලි කාරණා රාශියක් තියෙනවා. මූලික දේ තමයි පාස්කු ප්‍රහාරය එල්ල වෙද්දී ඔහු තමයි අගමැති. ඔහුට ඒ වෙලාවේ ජාතික ආරක්ෂාව ගැන වගකීමක් තිබුනේ නෑ කියන කාරණය ගැන පදනමක් තියෙන්න පුලුවන්, එහෙත් ඔහු තමයි සිරිසේන ජනාධිපතිවරයා කර අරිද්දී රජයක් විදිහට ජාතික ආරක්ෂාවේ බිදවැටීම නිසා ප්‍රහාරය එල්ලවුනා කියලා වගකීම බාරගත්තේ..අද ඔහු ජනාධිපති ඒත් පාස්කු ප්‍රහාරය ගැන නිසි නීතිමය ක්‍රියාමාර්ග තවම අරගෙන නෑ...පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලවෙන නිලන්ත ජයවර්ධලා, දේශබන්දු තෙන්නකෝන්ලා, සුරේෂ් සාලි ලා තවම තනතුරුවල ඉන්නවා..රනිල් වික්‍රමසිංහට ඕනේ නම් කියන්න පුලුවන් එයා ජනාධිපතිවරයා වුනාට ආණ්ඩුව පොහොට්ටුවේ නිසා එයාට එහෙම්ම ක්‍රියාමාර්ග ගන්න බෑ කියලා. ඒත් අපි විශ්වාස කරනවද රනිල් වික්‍රමසිංහ එහෙම ක්‍රියාමාර්ග ගනියි කියලා.. නෑ රනිල් වික්‍රමසිංහ ලංකා රාජ්‍යය ආරක්ෂා කරන්නෙක් මිසක් රාජ්‍යය යට ක්‍රියාත්මක වෙන ජාතිවාදී, වර්ගවාද, මිලිටරි, බල දේශපාලන හස්තයන් හෙලිකරන්න, ඒවා එක්ක හැප්පෙන්න යන්නේ නෑ...ඒවා එක්ක හැප්පිලා එයාගේ දේශපාලන න්‍යාය පත්‍රය අවුල් කරගන්න එයා යන්නේ නෑ...ඇත්තම කිව්වොත් එයා විතරක් නෙමේ රාජ්‍යය බලය ගැන උනන්දු ඔය කිසිම සිංහල දේශපාලකයෙක් ශ්‍රී ලංකා රාජ්‍යය යට ක්‍රියාත්මක වෙන, ශ්‍රී ලංකා රාජ්‍යය තුල මුල්බැසගෙන ඇති, ජාතිවාදී, වර්ගවාදී, මිලිටරි, බල දේශපාලන හස්තයන් එක්ක හැප්පෙන්න යන්නේ නෑ...එනිසා තමයි රනිල්ගේ පාලනයක් තුල පවා පාස්කු ප්‍රහාරය ගැන විතරක් නෙමේ අතුරුදන් කල, ඝාතනය කල උතුරේ පියතුමන්ලා, ගිහියන් පිලිබදව විතරක් නෙමේ රෝෂාන් චානක, හලාවත ඇන්ටනී, ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැල්ගොඩ ආදීන්ට පවා යුක්තිය ඉටුවෙයි කියලා හිතන්න බැරි.
ඉතින් අපි රනිල් වික්රමසිංහව ප්‍රතික්ෂේප කරන්න ඕනේ නේද? ඔහුට විරෝධය දක්වන්න ඕනෑ නේද? ඔව් ඇත්ත. හැබැයි කතෝලික පල්ලිය එහෙම කටයුතු කරන්න යන්නේ නෑ..මොකද එහෙම කටයුතු කරන්න ගිහිල්ලා එගොල්ලන්ට කිසිදෙයක් කරගන්න බෑ විතරක් නෙමේ පවතින්නත් බෑ කියලා ඒගොල්ලෝ දන්නවා... එක තමයි ඒගොල්ලන්ගේ තක්සේරුව...
එගොල්ලන්ගේ විතරක් නෙමේ ෆාස්ටර් ජෙරම්ගේ තක්සේරුවත් එහෙමයි. ඒ නිසා නේ විරෝධාර දිවැසිවරයෙක් වගේ ප්‍රකාශ කරලා දැන් අම්මා-තාත්තව දාලා ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ හරහා කිසියම් පිලිසරණක් හොයන්න හදන්නේ... ඔය කවුරුත් දන්නවා "දෙවියන්ගේ දෙවියන්ටත්, සීසර්ගේ දේ සීසර්ටත්" දෙන්න කියලා ජේසු කිව්වත් ක්‍රිස්තියානි පල්ලියේ බලය තිබ්බ, පල්ලියත් රාජ්‍යයත් එකට බද්ද වෙලා තිබ්බ, මධ්‍යතන යුගය බිදවැටිලා බිහිවුනු නූතන ජාතික රාජ්‍යය තුල දේශපාලනයෙන් තොරව පවතින කිසිවක් නෑ කියලා. දේශපාලනයෙන් තොරව පල්ලිවල මංගල්‍යයක්වත් කරගන්න බෑ කියලා ඒගොල්ලෝ දන්නවා. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව පිලිගන්නේ නෑ, මාව බලන්න කිසිම දේශපාලකයෙක් එන්න එපා කියන කාදිනල්ගේ තද ස්ථාවරය තුල පල්ලියට දිගටම පවතින්න බෑ කියලා පල්ලිය දන්නවා...ඒ නිසා කාදිනල්ගේ ස්ථාවරය පැත්තකින් තියෙද්දී කතෝලික සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්ක කටයුතු කරන්න තීරණය කරනවා.
මෙවර මඩු පල්ලියේ වාර්ෂික මංගල්‍යයට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැමිණීම තුල සටහන් කරන්නේ කතෝලික සභාවේ එම ප්‍රතිපත්තිමය වෙනස වෙන්න පුලුවන්. එයා මීට කලින් 2018 දීත් ආවා, ඊටත් පෙර ජනාධිපති ප්‍රේමදාසත් මඩු මංගල්‍යයේ පුජාවට 1982දී ඇවිත් තියෙනවා...
ඒ කොහොම වුනත්, ඇත්තටම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මඩු පල්ලියේ වාර්ෂික මංගල්‍යයට එන්න ආරාධනා කලේ කවුද? අල්තාරේ නොවුනත් අල්තාරේ පැත්තකින් ඉදලා හරි කතාවක් කරන්න ඉඩ දුන්නේ කවුද? මන්නාරම රදගුරු එමානුවෙල් ප්‍රනාන්දු ද රනිල්ට ආරාධනා කලේ, රදගුරු සමුළුවේ තීරණයක් අනුවද ආරාධනා කලේ නැතිනම් ශ්‍රී ලංකාවේ වතිකානු තනාපති (අපෝස්තලික නන්සියෝ) බ්‍රයන් උදයිග්වේ ද රනිල් ට ආරාධනා කලේ කියලා අහන,කතෝලික ගිහි ක්‍රියාකාරීන්, ගිහි සංවිධානය ලංකා කතෝලික සභාවෙන් අහන්න ඕනෑ ඒවා නෙමේ... ඒ අය අහන්න ඕනෑ කතෝලික සභාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එක්ක සහයෝගයෙන් වැඩ කරන්න තීරණය කළාද? කියන එකයි...එහෙම නම් ඒ මොන පදනමින්ද? පාස්කු ඉරිදා ප්‍රහාරට යුක්තිය ඉටුකරගන්න, සත්‍යය මතුකරගන්න, ඔහු සහයෝගය දෙන්නේ කොහොමද? ස්කොට්ලන් යාඩ් එක සම්බන්ධ කරගන්නවාද? ආදිය තමයි අහන්න ඕනේ..
අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකාවේ වතිකානු තනාපති (අපෝස්තලික නන්සියෝ) බ්‍රයන් උදයිග්වේ එම මංගල්‍යය පුජාවේ සදහන් කල සංහිඳියාව ගොඩනැගීමට ජනාධිපතිවරයා දරණ උත්සාහයට වතිවානුවේ සහය හිමිවෙනවා කියන එක ගැනත් පැහැදිලි කරගන්න ඕනේ...එහිදී ඔහු සංහිඳියාව කියලා සදහන් කලේ පල්ලිය සහ ජනාධිපතිවරයා අතර සංහිඳියාවද නැතිනම් ජාතීන් අතර සංහිඳියාවද කියන එකත් පැහැදිලි කරගන්න ඕනේ. මොකද ජනාධිපතිවරයා සංහිඳියාව ගොඩනගවා කියන්නේ 13වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම හා එකට එක් කරලා කතා කරන නිසා කතෝලික සභාව 13 ගැනයි මේ කියන්නේ කියලා වෙනත් අර්ථ නිරූපණයන් ඇති වෙන්නත් ඉඩ ඇති නිසා...
ඒවගේම ජනාධිපතිවරයා මඩු පල්ලියේ දේශපාලන කතාවක් කෙරුවා කියන එක ගැනත් කියන්න ඕනේ... දේශපාලකයෝ කරන්නේ දේශපාලන කතා මිසක් වෙන මොනවද? හැබැයි රනිල් එතැන ක්‍රවුඩ් එක, රැස්වෙලා ඉන්න පිරිස, ගැන අදහසකින් තොරවයි කතා කලේ.. ඔහු, ඔහුගේ කතාව තුල මන්නාරමේ සංවර්ධන සැලසුම් ගැන කතා කලේ එතැන ඉන්න වැඩි පිරිසක් මන්නාරමේ ය කියලා හිතන්ද? වන්දනාකරුවන්ට දුම්රියක් දාන එක තමයි ඔහු වන්දනාකරුවන් ඉලක්ක කරන් සදහන් කලේ... ඇත්තටම රනිල් කතා කලේ එතැන හිටපු පිරිසට වඩා එතැන නැති පිරිසට... මුළු රටටම.. සහ ඉංදියාවට...ඉංදියාවේ අද්වානිලාගේ ආයෝජකයන් විදිහටනේ ඔය මන්නාරමේ සහ පුනරින් බලශක්ති උත්පාදන වැඩසටහන් දියත්වෙන්න යන්නේ...රනිල් ඔහුගේ කතාව තුල ඉංදියාවක් ගැන කිව්වේ නම් නෑ තමයි, නමුත් වැඩපිළිවෙළ ගැන කිව්වා...
පල්ලි, පංසල්, පාසැල් කියලා නෑ, රනිල් ඕනෑ තැනක ගිහින් දැන් කියන්නේ එයාගේ වැඩපිළිවෙළ ගැන.. එහෙම කියලා එයා අපෙන් අහන්නේ මම මේක කරන්න යන්නේ ඔයලා එකතුවෙනවද? නැද්ද? කියන එකයි... මඩු පල්ලියේ දී රනිල් එයාගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරලා වතිකානුවෙන්, රදගුරු මණ්ඩලයෙන් වගේම රටේ කතෝලියන්ගෙන් ඇහැව්වේත් ඒකයි: "මම මේක කරන්න යන්නේ...ඔය ගොල්ලෝ එකතුවෙනවද? නැද්ද?"
අපිට තියෙන්නේ විසදුම් තුනයි..එක්කෝ රනිල් එක්ක එකතුවෙන්න ඔනේ...නැතිනම් රනිල්ව පන්නන්න ඕනේ..ඒත් රනිල්ව පැන්නුවා කියලා වැඩක් නෑ.. මොකද අර වැඩපිළිවෙළ යනවා..කවුරු ආවත් ඒ වැඩපිළිවෙළ දැන් යනවා.. IMF හරහා, IMF එකෙන් උදව් ගන්නවා කියලා වෙලා තියෙන්නේ ඒක.. අර වැඩපිළිවෙළ ස්ථාපිත වෙන එකයි වෙන්නේ...ඒ නිසා රනිල් එලෙව්වා කියලත් වැඩක් නෑ වැඩපිළිවෙළ දිගටම යයි... ඉතින් ඔය විසදුම් දෙකම වැඩක් නෑ...තුන්වෙනි විසදුම තමයි ඔය වැඩපිළිවෙළ පරාජය කරන්න කටයුතු කරන එක..ඒක ලේසි නෑ.. ඉක්මනින් කරලා ඉවර කරන්නත් බෑ, සංකිරණයි, පුළුල්, සීමාවක් නෑ, ජාත්යන්තරයි, ක්ෂේත්‍ර ගණනාවකට විහිදෙනවා..හැබැයි උත්සාහයක් දරන එක, දායක වෙන එක වටිනවා...මොකද ඒකෙන් මුළු මනුෂ්‍ය සංහතියටම, ලෝක ගෝලයටම අද්විතීය ප්‍රතිඵලයක් ලැබෙනවා, හරියට අර බයිබලයේ සදහන් කරන විමුක්තියේ සුභාරංචිය වගේ!!
මාකස් ප්‍රියන්ත පෙරේරා
21/08/23
Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.com0tag:blogger.com,1999:blog-133738765035962263.post-29534206923470558852023-08-08T03:02:00.000-07:002023-08-08T03:02:09.409-07:00පල්ලියට හෝ පාලකයින්ට සීමා කල නොහැකිවූ මෙඩ්ජුගෝර්ජේ (Medjugorje) බැතිය!!
බොස්නියාවේ මෙඩ්ජුගෝර්ජේ නොහොත් මෙජගොරේ (Medjugorje) යනු ප්‍රංශයේ ලූර්දු, පෘතුගාලයේ පාතිමා, මෙක්සිකෝවේ ගුවාදලූපේ තරම්ම කිතුණුවන් අතර අති මහත් භක්ති-ආදරයකට ප්රාප්තවූ දේවමාතාවන් වහන්සේ දර්ශණය වුයේ යැයි ප්‍රකාශයට පත්වූ සිද්ධස්ථානයන්ය. එහෙත් ලූර්දු, පාතිමා හෝ ගුවදලූපේ මෙන් නොව මෙඩ්ජුගෝර්ජේ /මෙජගොරේ (Medjugorje) දේවමාතා දර්ශණය කතෝලික සභාව තවමත් නිලවශයෙන් සනාථ කිරීමට හෝ පිලිගැනීමකට ලක් කර නොමැත.
දේවමාතාවන් දර්ශණය වූයේ යැයි වාර්තා වූ මෙජගොරේ (Medjugorje) කඳු පෙදෙසට (Apparition Hill) නොයන මෙන් එරට කතෝලිකයන්ගෙන් ඉල්ලා සිටීමට පවා කතෝලික සභාව මුලින්ම පියවරගෙන තිබුනි. කතෝලික සභාව තුල එවැනි දේවමාතා දර්ශණයන් හෝ ප්‍රාතිහාරයන් ගැන දීර්ඝ අධ්‍යනයකින් මිස එක එල්ලේම පිලිගැනීමේ සම්ප්රදායක් නොවිනි. ඇරත්, 1980 දශකයේ මුල් කාලය වන විට එවැනි දේවමාතා දර්ශණ ගැන ඉතාලියෙන්, අයර්ලන්තයෙන් සහ තවත් බොහෝ ස්ථානවලින් වාර්තාවන්නට විය. ඒ සියල්ල මෙන්ම මෙඩ්ජුගෝර්ජේ/මෙජගොරේ (Medjugorje) දේවමාතා දර්ශනය ගැන ද අදටත් එවැනි පිලිගැනීමක් කතෝලික සභාව ලබාදී නැත.
කතෝලික සභාවට වඩා දැඩි ස්ථාවරයක් අනුගමනය කළේ එරට පාලකයින් ය. ඔවුහු දේවමාතා වහන්සේ දර්ශණය වූයේ යැයි වාර්තාවූ පද්බ්‍රොදෝ කඳු පෙදෙසට (Padbrodo /Apparition Hill) පොලීසිය සහ හමුදාව යොදා මහජනයාට ඇතුල්වීම තහනම් කරන ලදි. එපමණක් නොව දේවමාතාවන් දර්ශණය වූ දරුවන් හය දෙනාව දැඩි ප්‍රශ්ණ කිරීම්වලට ලක් කිරීම් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ව අත් අඩංගුවට ගැනීම් හා විවිධ තාඩන පීඩන එල්ල කිරීමද සිදුකර තිබුනි. එකල බොස්නියා - හර්සගොවීනියාව (Bosnia and Herzegovina) අයත්ව තිබුනේ පැරණි යුගොස්ලෝවියානු සමාජවාදී සමූහාණ්ඩුවටය.
ස්ලොවේනියාව, ක්‍රොයේෂියාව, බොස්නියා - හර්සගොවීනියාව, සර්බියාව, මොන්ට්රිනෙග්රෝ සහ උතුරු මැසිඩෝනියාව අයත්ව තිබූ යුගොස්ලෝවියානු සමුහාණ්ඩුව බැද තැබූ බැම්ම වූ එරට හිටපු පාලක මාර්ෂල් ටිටෝ (Josip Broz Tito) 1980 දී මියගියේය. ඒ සමග සර්බියානු සහ කොසෝවෝ ජනයා අතර වාර්ගික ගැටුම්ද මතුවන්නට විය. ක්‍රොයේෂියාව ද ස්වාධීන රාජ්‍යයක් වීමේ අභිලාෂයක් ප්‍රකාශයට පත්කර තිබුනි. දේවමතා දර්ශණය වාර්තාවූ මෙඩ්ජුගෝර්ජේ/මෙජගොරේ (Medjugorje) පිහිටා ඇත්තේ බොස්නියාවේ ක්‍රොයේෂියානු ජනයා බහුල පෙදෙසේය. බොස්නියාව යනු ක්‍රොයේෂියානු, බොස්නියානු සහ සර්බියානු යන ජන කණ්ඩායම් තුනකින් සමන්විත රාජ්‍යයකි. ක්‍රොයේෂියානුවන් කතෝලිකයන් ය, සර්බියානුවන් ඔර්තස්ඩෝක්ස් ක්‍රිස්තියානි ආගම අදහන්නන් ය. බොස්නියානුව ඉස්ලාම් ආගම අදහන්නෝය. මෙකී ත්‍රිවිධ ජාතීන් ජීවත්වූ බොස්නියා - හර්සගොවීනියාවේද 1981 වන විට වාර්ගික ගැටුමක් නිර්මාණයවීමේ ලකුණු ද දැකිය හැකිවිය.
දේවමාතාවන් වහන්සේගේ දර්ශණයක් වාර්තාවෙන්නේ එවැනි පසුබිමකය. ඒ මුලින්ම 1981 ජුනි 24 දී ය. එදින සවස 6:30 ට පමණ, පහළොස් හැවිරිදි ඉවන්කා ඉවන්කොවිච් (Ivanka Ivankovic) සහ දහසය හැවිරිදි මිර්ජානා ඩ්‍රැගිචෙවිච් ( (Mirjana Dragicevic) යන මිතුරියන් දෙදෙනාට අසල වූ, දැන් Apparition Hill නමින් හදුන්වන, පද්බ්‍රොදෝ (padbrodo) කන්ද මත දීප්තිමත් ආලෝකයක් විහිදෙන ලද කාන්තාවකගේ දිලිසෙන චායාවක් දැක ඇත. ඒ දෙසට ඇදුනු ඔවුන් දෙදෙනා ඇය කවුරුන්දැයි විමසූ විට තමන් දේවමාතාවන් බවත්, විශේෂ දූත කාර්යයක් සඳහා ඔවුන්ව තෝරාගෙන ඇති බවත් මරිය මාතාවන් ප්‍රකාශ කර ඇත.
පසුදින ඔවුන් දෙදෙනා 16 හැවිරිදි අයිවන් ඩ්‍රැගිචෙවික් (Ivan Dragicevic), 20 හැවිරිදි ජැකොව් කෝලෝ (Jakov Colo) ද, 13 හැවිරිදි මරිජා පවියෝවිච් (Marija Paviovic) සහ 17 හැවිරිදි විකා ඉවන්කොවිච් (Vicka Ivankovic) යන ඔවුන්ගේ මිතුරු මිතුරියන් 04 දෙනෙකු සමග එම කඳු මුදුනට ගොස් ඇති අතර එදින ද මෙම දරුවන් හය දෙනාටම දේවමාතාවන් දර්ශනය වී ඇත. එම දර්ශනය ගැන ඔවුන් දෙමාපියන්ට සහ ගම්වාසීන් ට දැන්වු අතර ඔවුන්ද එම කන්ද කරා ඇදෙන්නට විය. දිනපතාම ඔවුන් මේ ආකාරයට කන්ද කරා ගමන් කළ අතර ඒ සෑම අවස්ථාවකම ඔවුන් සියලු දෙනාම එකම දර්ශනයක් දුටු බවත් මෙම සෑම දර්ශනයකදී ම දේවමාතාවන් ඉල්ලා සිටියේ නොකඩවා යාච්ඤා කරන ලෙසත්, නිරාහාර ශීලය රකින ලෙසත්, පශ්චාත්තාපී ක්‍රියාවන් වල නිරත වන ලෙසත් බව දැනුම් දුන්නේය.
මේ සිදුවීම් මාලාව වාර්තා වෙන්නේ දෙවන ලෝක යුද්ධ සමයේ නාසි ජර්මනියේ සහය ලැබූ ක්‍රොයේෂියානු වර්ගවාදි Ustaše හමුදා සෝවියට් රුසියාවේ සහය ලැබූ ඔර්තඩොක්ස් සර්බියානු ජාතිකයන් මරා දමා වසර 40 ගතවීමේ සමරුවෙන් දින කිහිපයකට පසුව නිසා මෙඩ්ජුගෝර්ජේ/මෙජගොරේ (Medjugorje) දේවමාතා දර්ශනය ගැන දෙගිඩියාවත්, සැකයත්, ප්‍රශ්න කිරීමත්, දේශපාලන කෝණවලින් බලා විග්රහ කිරීමේත් අඩුවක් නොවුනි.
එම නිසාම යුගොස්ලෝවියානු හමුදාවේ, පොලීසියේ සහ දේශපාලන බල අධිකාරියෙන්ද දේවමාතා දර්ශනය වාර්තා කල නවයොවුන් වියේ පසුවූ එම තරුණ තරුණියන්ට සහ ඔවුන්ගේ පවුල්වලට විශාල බලපෑමක් එල්ලවන්නට විය. එම තරුණ දරුවන්ව දැඩි ප්‍රශ්න කිරීම්වලට පමණක් නොව බලහත්කාරයෙන් මනෝ චිකිත්සකයින් වෙත සහ සායනික පරික්ෂණ වෙත නිරන්තරයෙන් යොමු කිරීමත් දිගින් දිගටම සිදුව තිබේ. ඒ සෑම පරික්ෂයකින්ම දේවමාතා දර්ශනය වාර්තා කල දරුවන් හය දෙනා පවසන්නේ සත්‍යයක් බව සහ ඔවුන් පැහැදිලි මනසකින් යුතු දරුවන් බව දිගින් දිගට තහවුරු කර තිබුණි.
එසේ තිබියදීත් කතෝලික සභාව මෙඩ්ජුගෝර්ජේ/මෙජගොරේ (Medjugorje) දේවමාතා දර්ශනය එකහෙලාම පිලිගත්තේ නැත. සභාව කලේ එම ස්ථානයට වන්දනා ගමන් යෑම පවා තහනම් කිරීමය. අඩුම තරමින් මීසම්භාර පියතුමා වු ෆ්රැන්සිකන් නිකායේ Father Jozo Zovko පවා මුලින්ම දරුවන් හයදෙනාට දේවමාතාවන් දර්ශනය වූ බව පිලිගත්තේ නැත. එහෙත් ඔහු ඔවුන්ගේ විශ්වාසය තුල දරුවන් පවසන්නේ ඉදුරාම සත්‍යය යැයි ඒත්තු ගත් කල දරුවන් වෙනුවෙන් පමණක් නොව මෙඩ්ජුගෝර්ජේ/මෙජගොරේ (Medjugorje) දේවමාතා දර්ශනය ගැනත් එකහෙලාම සාක්ෂි දරන්නට ඉදිරිපත්විය. පලාතේ මීසම් බාර පියතුමා ලෙස මෙඩ්ජුගෝර්ජේ/මෙජගොරේ (Medjugorje) මීසමේ ප්‍රධාන දේවස්ථානයවූ St. James දේවස්ථානය මෙඩ්ජුගෝර්ජේ දේවමාතාවන් වෙනුවෙන් වූ යැදීමට පැමිණෙන ජනයාගේ ප්‍රධාන සිද්ධස්ථානය ලෙස ඉඩ සලසාදීමටත් කටයුතු කලේය. අද ද මෙඩ්ජුගෝර්ජේ දේවමාතාවන්ගේ පිහිට පතා එන ලක්ෂ සංඛ්‍යාත වන්දනාකරුවන්ගේ මෙම දේවස්ථානයත් අවට භූමියත් පිරී ඉතිරී යයි.
කතෝලික පල්ලිය නිල වශයෙන් පිලිනොගත්තද කිතුනුවන්ගේ දැඩි භක්තියට ප්රාප්තවීම නිසාම 2017 මැයි 13 දින ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්වහන්සේ විසින් මෙඩ්ජුගෝර්ජේ හී දේවමාතාවන් කෙරෙහි වූ ගැඹුරු යාඥාවන් සිදුවන නිසාත්, ජීවිත වෙනස් වන නිසාත්, ප්රාතිහාර්යයන් පවා එහිදී අත්දකින නිසාත්, මෙය මුළුමනින්ම ප්‍රතික්ෂේප නොකළ යුතු, ඒ පිළිබඳව තව තවත් ගැඹුරු අධ්‍යයනයකට කතෝලික සභාව යොමු විය යුතු බව ප්‍රකාශ කලේය. වාර්තාවන ආකාරයට කතෝලික සභාවේ විශේෂ කමිටුවක් විසින් මෙඩ්ජුගෝර්ජේ දේවමාතා දර්ශනය ගැනත්, මෙඩ්ජුගෝර්ජේ දේවමාතා බැතිය ගැනත් එහි සත්‍යය, අසත්‍යතාවයන් පිළිබඳවත් ගැඹුරු අධ්‍යයනයක නිරතව සිටී.
එහි කිසියම් ප්‍රගතියක් පෙන්නුම් කරමින් 1981 මෙඩ්ජුගෝර්ජේ දේවමාතා දර්ශනය වාර්තාවූ කාලයේ සිට කතෝලික සභාව පනවා තිබු එහි වන්දනා ගමන් යෑමේ තහනම 2019 මැයි 12 වෙනි දින ඉවත් කරන ලදි. දැන් මෙඩ්ජුගෝර්ජේ යනු වන්දනා ගමන් යෑමට කතෝලික සභාව නිල වශයෙන් අවසර ලබාදී ඇති ස්ථානයකි. මෙඩ්ජුගෝර්ජේ දේවමාතා දර්ශනය කතෝලික සභාව නිල වශයෙන් පිලිගත්තද, නොගත්තද මෙඩ්ජුගෝර්ජේ හී ප්‍රවර්ධනය කරන්නේද නිල කතෝලික ධර්මය ය. යාච්ඤාව, පශ්චත්තාපය සහ ආපසු හැරීම එහි ප්‍රධාන හරයයි. 1.සෑම දිනකම හදවතින්ම ජපමාලය යාච්ඤා කිරීම. 2. සෑම සතියකම දෙවරක් නිරාහාරව සිටීම. 3.සෑම මසකම පාපොච්චාරණය කිරීම. 4. සෑම ඉරිදාවකම දිව්‍ය පූජාවට යෑම සහ 5. සෑම දිනකම බයිබලය කියවීම මෙඩ්ජුගෝර්ජ්ගේ මූලික ඉගැන්වීම් (The Five Stones of Medjugorje) වශයෙන් ප්රකාශිතය. එය මෙඩ්ජුගෝර්ජ් දේමාතා දර්ශනය තුලින් අනාවරණයවූ කරුණු 10 අතරින් ප්‍රකාශයට පත්වූ බවද දැක්වේ. 'සාමයේ මෑණියෝ' ලෙස සලකන මෙඩ්ජුගෝර්ජ්ගේ දේවමාතාවන් වන්දනාවට පැමිණෙන ජනයා අත්දකින අත්දැකීම වෙනම ම අත්දැකීමකි. සුවිශේෂි භක්ති අභ්‍යාසය කි. එහි තරම් හඩා වැටෙමින් යාච්ඤා කරන තරුණ තරුණියන්, පශ්චාත්තාපය හෙවත් කොමිසන් කරන තරුණ තරුණියන් මම වෙන කොහේදීවත් නොදැක්කෙමි. එය එතරම්ම සුවිශේෂී වූ වන්දනා මධ්‍යස්ථානකි. අද ද එහි දිනපතාම පාහේ දේවමාතාවන් දර්ශනය වීම් වාර්තාවේ.
1981 දී එහි මුලින්ම දේවමාතාවන් දර්ශනය වු දරුවන් 06 දෙනාට වසර ගණනාවක් යනතුරුම දේවමාතාවන් දර්ශනය වී ඇති බවත්, තවමත් ඔවුන්ට දේවමාතාවන්ගේ දර්ශනය වන බවත් ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියතුමා ලියූ සටහනක දක්වා තිබේ. දැන් වැඩිහිටියන් බවට පත් වී ඇති ඔවුන් පිලිබදව ටෙරන්ස් බෝදියාබදුගේ පියතුමා දක්වා තිබුනේ මේ ආකාරයටය:
1. ඉවන්කා ඉවන්කොවිච් (Ivanka Ivankovic)
මෙම දේව මාතා දර්ශනයන් ලැබූ 6 දෙනා ගෙන් මුලින්ම දේව මෑණියන් දර්ශනය වූයේ ඇයටය. 1985 මැයි 7 තෙක් අයට දිනපතා දේවමාතාවන් දර්ශනය වූ අතර රහස් 10ක් ඇයට ලබාදී ඇත. 1985 මැයි 7 න් පසුව වසරකට වරක් ජූනි මස 25 වන දින දේවමාතාවන් ඇයට දර්ශනය වන බවට පවසා ඇති අතර ඇයට ලබාදී ඇති මූලික දූත කාර්යය වන්නේ පවුල් වෙනුවෙන් යාච්ඤා කිරීමය. දැනට විවාහ වී ඇති ඇය දරුවන් තිදෙනෙකුගේ මවකි.
(2). මිර්ජානා ඩ්‍රැගිචෙවිච් (Mirjana Dragicevic).
1965 මාර්තු 18 උපන්න ඇයද ඉවන්කා මෙන් 1981 ජුනි 24 දේවමාතා වන් දුටු දියණියකි. 1982 දෙසැම්බර් 25 තෙක් දිනපතා දර්ශනයන් ඇයට ලැබුණු අතර, ඇයට ද රහස් 10 ම ලබා දී ඇත. සෑම මසකම 2 දින ඇය දේවමාතාවන් සමග දෙවියන් වහන්සේ විශ්වාස නොකරන අය වෙනුවෙන් යාඥා කරනු ලබන බව කියැවේ. දැනට විවාහ වී සිටින ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් වන අතර ඇය ලබා ඇති විශේෂ කැඳවීම වන්නේ දෙවියන් වහන්සේ විශ්වාස නොකරන අය වෙනුවෙන් යාච්ඤා කිරීමය.
(3). ජැකොව් කෝලෝ (Jakov Colo)
1961 මාර්තු 06 ඉපදී ඇති ඔහුට 1981 ජූලි 25 තෙක් දේව මාතාවන් දිනපතා දර්ශනය වී ඇත. ඔහුට ද වසරකට වරක් නත්තල් දින දේවමාතාවන් දර්ශනය වන බව පැවසෙන අතර ඔහුව කැඳවා ඇත්තේ රෝගීන් වෙනුවෙන් යාච්ඤා කිරීමට ය. දැනට විවාහ වී සිටින ඔහු දරුවන් තිදෙනකුගේ පියෙකි.
(4). අයිවන් ඩ්‍රැගිචෙවික් (Ivan Dragicevic).
1965 මැයි 25 ඉපදී ඇති ඔහුට තවමත් දිනපතා දේවමාතාවන් දර්ශනය වන බව කියැවේ. ඔහුට රහස් 9ක් ලබා දී ඇත. ඔහුට ලබා දී ඇති විශේෂ කැඳවීම නම් තරුණ දරුවන් සහ ගරු පූජාප්‍රසාදිවරුන් වෙනුවෙන් යාච්ඤා කිරීමය. දැනට විවාහ වී සිටින ඔහු දරුවන් හතර දෙනෙකුගේ පියෙකි.
(5). විකා ඉවන්කොවිච් (Vicka Ivankovic).
1964 සැප්තැම්බර් 9 ඉපදුනු ඇයට තවමත් දිනපතා දේවමාතාවන් දර්ශනය වන බවත් රහස් 9ක් ඇයට ලබාදී ඇති බවත් ප්‍රකාශ වේ. රෝගීන් වෙනුවෙන් විශේෂයෙන්ම යාඥා කරන ලෙස කැඳවා ඇත. ඇය විවාහ වී ඇති අතර දරුවන් දෙදෙනෙකුගේ මවකි.
(6). මරිජා පවියෝවිච් (Marija Paviovic).
1965 අප්‍රේල් 01දා ඉපදුණු ඇයට ද දිනපතා දේවමාතාවන් තවමත් දර්ශනය වන බව කියැවේ. ඇය තුළින් තම මීසමට ද, මුළු ලෝකයටම ද දේවමාතාවන් විශේෂ පණිවුඩ ලබා දෙන බව පැවසේ. රහස් 9ක් ඇයට ලබා දී ඇත. ශුද්ධගිනිස්ථානයේ ඇති ආත්මයන් වෙනුවෙන් යදින්නට විශේෂයෙන්ම ඇයව කැඳවා ඇත. ඇයද විවාහ වී ඇති අතර දරුවන් හතර දෙනෙකුගේ මවකි.
මාකස් ප්‍රියන්ත පෙරේරා
07/08/23
Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.com0tag:blogger.com,1999:blog-133738765035962263.post-47676621137087483222023-07-31T09:40:00.007-07:002023-07-31T09:42:38.769-07:00Barbie සහ Oppenheimer පරම්පරා දෙකක යුග වෙනස නිරූපණය කරන සිනමා සමාර්ථයන්ද?
ගිය සතියේ Barbie සහ Oppenheimer චිත්‍රපට දෙකම නැරඹුවේමි. එම චිත්‍රපට දෙක මෑත යුගයේ බිහිවූ විශිෂ්ටතම චිත්‍රපට දෙක දැයි මම නොදන්නෙමි. එහෙත් මෑත කාලයකදී මම බැලූ විශිෂ්ටතම චිත්‍රපටි කිහිපයෙන් දෙකක් යැයි පැහැදිලිවම කිව හැක.
Barbie බොළද ළමා චිත්‍රපටයක් යැයි කිසිවෙකු ඒ නම ඇසූ පමණින්ම සිතනු ඇත. එහෙත් එය වැරදිය. එහි හරය, සන්දර්භය, පමණක් නොව නිර්මාණයක් ලෙසද Barbie සිත් ඇදගන්නා සුළු, එක් වයස් කාණ්ඩයකට පමණක් සීමා නොවූ විශිෂ්ට නවීන සිනමා නිර්මාණයකි. ජනප්‍රිය Barbie බෝනික්කෙකුට ජීවය ලබාදෙමින් දිගහැරෙන එම චිත්‍රපටය ක්‍රමයෙන් ජීවිතයේ ගැඹුරු සහ සංකීර්ණත්වය කරා ගමන් කරයි. මල් මල් Barbie බෝනික්කෙකුගේ සරල චරිතයක් ඔස්සේ ප්‍රේක්ෂකයාව එවැනි මානයක් දෙස චිත්‍රපටයේ අධ්‍යක්ෂිකාව වන Greta Gerwig ගෙන යනුයේ කෘතිමව නොවේ. එය දිගහැරෙනුයේ සරල සුන්දර බාර්බිගේ අලංකාරයට සහ චමත්කාරයට කිසිදු හානියකින් සිදුනොවන ආකාරයටය. චමත්කාරත්වයත්, බුද්ධියේ සාරයත්, දෝෂ රහිතව ග්‍රහණය කරමින් දිගහැරෙන Barbie චරිතයට පණ පොවමින් Margot Robbie මෙන්ම කෙවින්ගේ චරිතයට පණ පොවන Ryan Gosling ගේ රංගනයන් Barbie චිත්‍රපටයට ජීවය ගෙන එන්නේ සම්පූර්ණයෙන්ම අව්‍යාජවය. කිසිදු අයාසයකින්ද තොරවය. සින්තටික් චරිතවල සිට එදිනෙදා ජීවිතයේ යථාර්තයන් යථාවත්කරන වපසරියකින්, ෆැන්ටසිමය සිහින ලෝකවල් හා එදිනෙදා ජීවිතයේ දුක්දොම්නස් සියුම්ව හුවාලන ඔවුන්ගේ චරිත නිරූපණයන් චිත්‍රපටයේ පරිනිර්මාණයට උපරිම සාධාරත්වයක් එක් කරන අතර චිත්‍රපටියේ ආශ්වාදය සහ එහි සරල සින්තටික් ස්වරූප උපරිම ඉහලකින් ඔසවා තබයි චිත්‍රපටි අධ්‍යක්ෂිකාවක් ලෙස Greta Gerwig මෙතෙක් පිරිමින් රජකල චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් ගේ ලෝකයට හසුනොවූ වෙනම ම ස්ත්රීමය/කාන්තාමය (feminine) පැතිකඩක් සිනමා ලෝකයට ඇතුල් කරමින් සිටින්නේදැයි සිතෙන තරමට Barbie චිත්‍රපටය විශිෂ්ට ලෙස නිර්මාණය වී ඇති බව මගේ හැගීමයි.
අනෙක් අතට Christopher Nolan අධ්‍යක්ෂණය කල Oppenheimer චිත්‍රපටය අප ජීවත්වන අවධානම් සහගත නිරව් යුද්ධයේ නිර්මාපකයා වූ පරමාණු බොම්බයේ පියා (father of the atomic bomb) ලෙස සැලකෙන ජර්මානු - යුදෙව් ඇමරිකානු - භෞතික විද්‍යාඥයෙකු වූ J. Robert Oppenheimer ගේ ජීවින චරිතයකරා රැගෙන යැයි. වමාංශිකයෙකු, කොමියුනිස්ට් පක්ෂ හිතවතෙකු, ස්ත්‍රී ලෝලියෙකු, ස්පාඤ්ඤ සිවිල් යුද්ධය මෙන්ම යුරෝපයේ යුදෙව් ජනයාගේ සමුල ඝාතනයන් ගැනද මැදිහත්ව කටයුතු කරන, විශිෂ්ටතම ශිෂ්‍යයෙකු නොවුනද එම යුගයේ ප්‍රකට භෞතික විද්‍යාඥයන්ගේ අවධානයට ප්රාප්තවූ කැපී පෙනෙන භෞතික විද්‍යාඥයෙකුවූ J. Robert Oppenheimer ඇමැරිකාවේ න්‍යෂ්ටික බෝම්බ වැඩසටහනේ (Manhattan Project) ප්‍රධානියා ලෙස කටයුතු කිරීමත්, ඒ හා මෙන්ම ඉන් අභ්‍යන්තරයේ සහ ඊට පරිබාහිරවත් දිග හැරෙන ක්‍රියා දාමයන් එකට කැටි කොට ගැනීම අතින් Christopher Nolan ගේ Oppenheimer චිත්‍රපටය දක්වන සාමාර්ථද සුළු පටු නොවේ.
Oppenheimer යනු එකී සියළු සිදුවීම් චිත්‍රපටියක් තුල ඒකාබද්ධ කරමින් දිගහැරෙන අපූර්ව සිනමා චිත්‍රනයකි. එක් එක් ක්‍රියාදාමයන් රූපරාමු වශයෙන් ගලපමින් ද, සංගීත සහ ශ්‍රව්‍ය සූක්ෂම ලෙස මිශ්‍රණය කරමින් ද, අභ්‍යන්තර කතාව සහ එලිපිට කතාව ලෙස කළු-සුදු සහ වර්ණ රෑප රාමු වෙනසක් නොපෙන්වන ආකාරයට දර්ශන තලයන් වශයෙන් මුසු කරමින් ද Christopher Nolan අධ්‍යක්ෂකවරයා ප්‍රේක්ෂකයාට ලබාදෙන්නේ අද්විතීය සිනමා අත්දැකීමකි. පරමාණු අණුවක, ඉලෙක්ට්‍රෝන ධාරාවක, විද්‍යුත් පරිපථයක ගමන් කරන කුමක් දෝ විදුලි ආලෝකයක චිත්තවේගයන් සහ ඇඩ්රිනලින් ක්රියාකාරිත්වයන් උද්දීපනය කරමින් Robert Oppenheimer ගේ ජීවන චරිතයට පණගන්වමින් Cillian Murphy දක්වන චරිත නිරූපනය අති විශිෂ්ටය. හුස්ම ඉහල පහල යන හෘද ස්පන්දන ක්‍රියාවලියක අනුපිළිවෙලවල් වල සිට දුම්වැටියක, නුරාවක, මධුවිතක මැදි වෙන Robert Oppenheimer ගේ බුද්ධිමය සහ මානුෂික හැගීම් මනාව සංකලනය වන අයුරු දක්වන Cillian Murphy රංග නිරූපණය ඔහු මෙතෙක් රගපෑ Peaky Blinders ටෙලි නාට්‍යය මාලාවේ Tommy Shelby ගේ චරිතයෙන් පසු ඔහු නිරූපණය කල විශිෂ්ටතම රංගනය බවට කිසිදු සැකයක් නැත. Cillian Murphy ව සෑම අතින්ම Robert Oppenheimer ට සමාන කරලීමට වේෂ නිරූපණ ශිල්පීන් ප්‍රදර්ශනය කර ඇති නිර්මාණාත්මක කාර්භාරයද ඇගයීමට ලක්විය යුතුමය. ඒ සෑම අතකින්ම ගත්කළ Oppenheimer චිත්‍රපටය යනු සැබවින් අද්විතීය සිනමා නිර්මාණයකි.
Oppenheimer චිත්‍රපටයට වඩා සම්පූර්ණයෙන් වෙනස් මගක ගමන් කල සිනමා නිර්මාණයක් වුවද Barbie ද එවැනිම විශිෂ්ඨ සිනමා නිර්මාණකි. මෙම චිත්‍රපට දෙකේම විශිෂ්ත්වය කෙතක්දයත් චිත්‍රපටි දෙකම එකිනෙකට නොදැවෙනි තරගයකින් සියළු ආදයම් වාර්තා බිද දමමින් සිටී. සිනමා ශාලා අතුරු සිදුරු නැතිව පුරවාලමින් සිටී. සියළු Box office වාර්තා අළුත් කරමින් සිටී. මේ ගෙවීයන්නේ කෝව්ඩ් වසංගතයෙන් පසුව පමණක් නොව දශක කිහිපයකට පසුව වුවද සිනමාවට උදාවූ හොදම කාලයකි.
මගේ අදහසේ හැටියට නම් මෙම චිත්‍රපටි දෙක පරම්පරා දෙකක අභිලාෂයන්, චෛතසිකයන් වෙන්වෙන්ව නිරූපණය කරන සංක්රාන්තියම වශයෙන් පරම්පරා දෙකක යුග වෙනස නිරූපණනය කරන සංකේතාත්මකව වැදගත් කලා නිර්මාණන්ය. Oppenheimer අපේ පරම්පාවේ හැගීම් දැනිම්, බල - කාමයන්, අභිප්‍රේරණයන්, නිරූපණය කරන්නේ නම් Barbie යනු Generation Z සහ Generation Alpha ලෙස හදුන්වන 1980 පසු උපන් පරම්පරාවල ශාරිරික, මානසික, සමාජ, සංස්කෘතික සහ සංවේදී සීමා මායිම් ආමන්ත්‍රණය කරන නිර්මාණය යන්ය. අපි ඒ ගැන තව තවත් කතා කල යුතුය.
මාකස් ප්‍රියන්ත පෙරේරා
21/07/23
Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.com1tag:blogger.com,1999:blog-133738765035962263.post-57562496547309674102023-07-26T02:47:00.001-07:002023-07-26T02:47:55.234-07:00බ්‍රිතාන්‍යයන්ගේ ගෞරවාදරයට ප්රාප්තවූ ජෝර්ජ් අලගායා නම් නිහතමානී මිනිසා
BBC ප්රවෘත්ති සේවයේ සවස හයට ප්රවෘත්ති කියූ ජෝර්ජ් අලගායා (George Alagiah) නික්ම ගොසිනි. වසර 10කට ආසන්න කාලයක් පිලිකා රෝගයකින් පීඩා විදි ඒ මහතා මට අවස්ථා කිහිපයකදීම මුණ ගැසී ඇත. ඔහු පමණක් නොව ඔහුගේ පවුලේ අයවද මම කාලයක් තිස්සේ දන්නා හදුනමි.
ජෝර්ජ්ට පෙර මට මුණ ගැසුනේ ඔහුගේ පියා සහ සහොදරියන් ය. ඒ 2001 තරම් ඈත කාලයේදීය. ඩොනල්ඩ් අලගායා (Donald Alagiah) වු ජෝර්ජ් ගේ පියාට මාව හදුන්වා දුන්නේ Samuel Durham නම් මාගේ මිතුරෙකි. ඔහු මාව ඩොනල්ඩ් අලගායා ට හදුන්වා දුන්නේ මෑතකදී ලංකාවේන් පැමිණි ශිෂ්‍යයෙකු ලෙසිනි. ඔවුන් ජීවත්වුයේ අප ජීවත්වන ප්‍රදේශයට තදාසන්න ප්රදේශයකය. අපි දේශපාලන විද්‍යා ධාරාවෙන් අධ්‍යයනය හැදෑරුවන් නිසා ජොර්ජ් ගේ පියාවූ ඩොනල්ඩ් අලගායා (Donald Alagiah) කෙලින්ම කතාවට බැස්සේ රටේ දේශපාලන තත්වය ගැන විමසමිනි. ඒ අපි ලංකාවේ සිට ආ අළුතමය. අපේ දේශපාලන විග්රහයන් සහ භාවිතය ගැන මා හදුනාගත් මුල් දිනයේ සිටම ඔහුට කිසියම් පැහැදීමක් තිබුනි.
ඔහු සිංහල භාෂාව රාජ්‍යය භාෂාව කිරීමත් සමගම ලංකාව පිලිබදවු බලාපොරොත්තු අත්හැර වෙනත් රටවල රැකියා සොයා ගිය, බටහිර අප්‍රිකාවේ (ඝානාවේ) කාලයක් ජිවත්වී, සිය දරු පවුල සමග බ්‍රිතාන්‍යයේ පදිංචියට පැමිණියෙකි. ඔහු බ්‍රිතාන්‍යයට පැමිණෙනවිට සිය ජීවිතයේ තරුණ කාලයත් පසුකර අවසන්ය. අප ඔහු හදුනාගන්නා විටත් ඔහු වයවෘද්ධය. ඒ වනවිට ඔහුගේ බිරිද මිය ගොස් තිබිනි. එහෙත් සිය දියණියන් 4 දෙනාගේ සහ පුතාගේ ආදරය සහ අනුහස හොදින් ලබමින් ඔහු සතුටින් ජීවත්විය. ජොර්ජ්ගේ පියා, ඩොනල්ඩ්, මා හමුවූ හැමවිටම, දිගින් දිගටම, ලංකාවේ යුද්ධය, නිමක් නැති මනුෂ්‍යය ඝාතන, අතුරුදහන්වීම් සහ වදහිංසා ගැනත්, වර්ගවාදී දේශපාලනය ගැනත් දීර්ඝ වශයෙන් අදහස් බෙදාගත් තැනැත්තෙකි. ඒ සෑම විටම ඔහු කැටව ආ දියණියන් ඔහුගේ අදහස් දැක්වීම ඉවර කරන්නට ඉඩදී බලාසිටියහ. එලෙස හමුවූ බොහෝ අවස්ථාවල ඔවුන් දැක්වුයේ "let me introduce you to my son/our brother" යනුවෙනි.
කලකට පසු ඒ අවස්ථාව උදාවුනි. ඩොනල්ඩ් සහ ඔහුගේ දියණියන් වරක් මට ඔහුව, ජෝර්ජ් අලගායා (George Alagiah) ව, හදුන්වා දුනි. ඉන් අනතුරුවත් මට ඔහු කිහිප අවස්ථාවකම හමුවිනි. ඩොනල්ඩ් (පියා) ට මෙන් නොව ජෝර්ජ් (පුතා) ට ලංකාව ගැන තද බැදීමක් නොවිනි. අලගායා පවුල ලංකාවෙන් පිටත්ව යන විට ජොර්ජ් අවුරුදු 06ක ළමයෙකු විය. ඔහුට ලංකාව ගැන එතරම් ගැබුරු මතකයක් නොවුනි. එහෙත් සුනාමි ව්‍යාසනය සිදුවූ සමයේ BBC වාර්තකරුවෙකු ලෙස ඔහුගේ පියාගේ පියාගේ (සීයාගේ) නිවස පිහිටි ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයට ගොස් තිබුනි. සුනාමියට ඔවුන්ගේ නෑ පරම්පරාවේ කිහිපදෙනෙකුම බිලිවී සියාගේ නිවසේ ලිඳ පමණක් ඉතුරුවී සෙසු සියල්ල විනාශවී ගොස් තිබුනි. සුනාමිය, යුද්ධය ගැන ඔහු තරමක් කතා කලද. ඔහුට ලංකාව සම්බන්ධයෙන් තිබූ බැදීම සීමා සහිතය යන්න මගේ හැගීමයි.
ඔහුට ලංකාවට වඩා අප්‍රිකාව ගැන විශේෂ උනන්දුවක් , අවධානයක් සහ ලැදියාවක් තිබුනි. ඒ ඔහු සිය පාසැල් දිවියේ මුල්ම කොටස එහි ගතකර තිබීම නිසාත්, සිය මාධ්‍යවේදී දිවිය ආරම්භ කරන්නේ BBC යේ අප්‍රිකානු වර්තාකරුවෙකු ලෙස වීමත් එයට හේතුවන්නට ඇත. ඔහු සෑම අතින්ම වෘත්තියවේදියෙකු (professional) ලෙස කටයුතු කරන බවක් පෙනුනි. බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිනගේන් OBE (Order of the British Empire) සම්මානය ලැබීමට තරම් ඔහුගේ එකී වෘත්තිය භාවය හේතුවිය. ඔහුගේ සමාජ සම්බන්ධතාවල ස්වරූපයත් ඒ ආකාර විය. භාෂාව භාවිතයේදි මෙන්ම හැසිරීමේද ඔහු දැක්වූයේ එවැනි ස්වරූපයකි. ඔහු මුලින්ම ලියූ 'A Passage To Africa' පොත මට ඔහුගේ සොහොයුරියකගෙන් ලැබුනි. එම කෘතියේ භාෂාව මෙන්ම ස්වභාවයද ඇමැරිකාවේ හිටපු ජනාධිපති Barack Obama ලියූ 'Dreams from My Father' කෘතියට සමාන යැයි මට හිතේ. ජෝර්ජ් අලගායා (George Alagiah) ද බැරැක් ඔබාමා (Barack Obama) මෙන් ලෝකයක් දිනාගත්තෙක් යැයි මට සිතේ.
ඔවුන් දෙදෙනාම එම සමාජයන්වලට ඉතා හොදින් අනුගතවූ, එම සමාජවල කොටසකරුවන් වූවන් විය. ඒ දෙදෙනාටම එකී සාමාජයන් තුල හොදින් අනුගත්වීමට ඔවුන්ගේ අධ්‍යයනය මෙන්ම ඔවුන්ගේ ක්‍රිස්තියානි සංස්කෘතියද එක සේ හේතුවිය. එය කෙතෙක් දුරට ඔවුන්ගේ අනන්‍යතාවය සමග බැදී තිබුනේදැයි කිවහොත් BBC ය ජෝර්ජ් අලගායා (George Alagiah) ගේ මරණය ගැන දන්වමින් පලකල නිල නිවේදනයේ දැක්වූයේ ඔහු ශ්‍රී ලංකාවේ දෙමළ ක්‍රිස්තියානුවකු (a Tamil Christian) ලෙසය.
Your soul lives on in the people you touched - RIP George!!
මාකස් ප්‍රියන්ත පෙරේරා
25/07/23
Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.com4tag:blogger.com,1999:blog-133738765035962263.post-84286205404585866052023-07-24T23:56:00.000-07:002023-07-24T23:56:00.058-07:00ව්‍යාපාරිකයෙකු සාර්ථකත්වය ඩෙල්මා තේ මෙරිල් ගෙන් මනිමුද?
ඩෙල්මා (Dilmah) තේ නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු (Merrill Joseph Fernando) මහතා අවුරුදු 93 ක් දිවිගෙවා මියගිය පුවත දුටුවෙමි. ඔහු සාර්ථක තේ සන්නාහ නාමයක නිර්මාතෘවරයෙකු වගේම සාර්ථක ව්‍යාපාරකයෙක් ලෙසද ලංකාවේ මෙන්ම පිටරටත් නමක් දිනා සිටි අයෙක්. ඔහු අපේ ගමේ, මීගමුවේ (පල්ලන්සේනේ), උපන්, මීගමුව මාරිස්ටෙලා විදුහලෙන් සහ කොළඹ,මරදාන, සා. ජෝශප් විදුහලෙන් සිප්සතර හැදෑරූවෙක්. ධීවර කර්මාන්තයට, සංචාරක කර්මාන්තයට ප්‍රකට, කලාකරුවන් බුරුතු පිටින් බිහිවෙන මීගමුවෙන් වතු වගාකරුවන්, තේ වතු පාලකයින් බිහිවෙන්නේ ඉතා කලාතුරකින්. එහෙත් එහෙම බිහිවුණු කාලයකුත් තිබුනා. ඒ ලංදේසී සහ බ්‍රිතාන්‍යය යටත් විජිත පාලන යුගයේදී. පහතරට වැවිලි කරුවන්ගේ සංගමයේ ප්‍රබලයෙක්වූ, මීගමුවට දුම්රිය ගෙන ඒමට දැඩිව මැදිහත් වූ, ඩී කෲස් (de Croos) ලා, පල්ලන්චේන වතු සමාගම අයත්ව තිබු ලියෝ පෝල් (Leo Paul) ලා, දකුණු පලාතෙන් මීගමුවට සංක්‍රමණය වී විශාල ඉඩම් හිමි ව්‍යාපාරිකයන් වූ A. E. රාජපක්ෂලා ඩේවිඩ් මෙන්ඩිස්ලා, මිරැන්ඩෝ ලා, බන්දුල මුදලාලිලා ආදීන් එහෙම බිහිවූ වැවිලිකරුවන් කිහිපදෙනෙක්.
මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා එහෙම පසුබිමකින් නිර්මාණය වන්නෙක් නෙමේ. ඔහුගේ පියා බ්‍රිතාන්‍යය යුගයේදී කොම්පැනියක පරිපාලන නිලධාරියෙක් ලෙස සේවය කල, ඉහල මධ්‍යම පාන්තික, බ්‍රිතාන්‍යය සම්ප්‍රදායට ගොඩනැගූනු භක්තිමත් කතෝලිකයෙක්. මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලැබූ , දැඩි විනයකින් සහ කතෝලික පසු බිමකින් ගොඩනැගූනු බව නිතර දැක්වුවෙක්. එහෙත් ඔහු වතු කර්මාන්තයට පිවිසෙන්නේ ඔහුගේ පියාගේ අභාෂයකින් නොවේ. ඔහුගේ පාසැල් මිතුරෙකුවු, ආර් තොණ්ඩමන් ගේ ඥාති සහෝදරයකුවූ මාධවන් නැමැති යාළුවෙකුගේ ගේ ඇසුරෙන්. මාධවන් සමග නිවාඩුවට පූඩළුඔය තොන්ඩමන්ලාගේ තේ වතුවල කාලය ගත කිරීමට යෑමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔහු තේ කර්මාන්තය පැත්තට යොමුවන්නේ.
මුලින්ම ඔහු ඩාලි බට්ලර් සමාගමේ Tea Taster කෙනෙක් ලෙස පුහුණුව ලබා පසුව ලංකාවේ එවකට ක්‍රියාත්මක වු A.F ජොන්ස් ලාගේ තේ වතුවල කලමනාකාරුවෙක් ලෙස තේ කර්මාන්තයට යොමුවන්නෙක්. ඒ අයගේ (A.F ජොන්ස් ලාගේ) මැදිහත්වීමෙන්, ඔහුගේ පෞද්ගලික මුදලින් බ්‍රිතාන්‍යයට ගොස් තේ කර්මාන්තය ගැන වැඩි විස්තර හදාරන්නට මෙරිල් ජේ ප්‍රනාන්දු මහත්තයා යොමුවී තියෙනවා. විශේෂයෙන්ම ලංඩන් තේ වෙළද පොලේ ක්‍රියාකාරීත්වයත් එහි කාලෙන් කාලේට විවිධ තේ වර්ග වෙනුවෙන් ඇතිවෙන ඉල්ලුමේ උච්චාවචනයන් ගැනත් හොද අවබෝධයක් ලැබූ බව ඔහු පුවත්පතකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක දක්වා තිබුනා.
තමන්ගේම, ‘මෙරිල් ජේ. ෆර්නැන්ඩු කම්පනි ලිමිටඩ්’ නමින් කොම්පැනියක් පටන් අරන් ඔහු මුලින්ම තේ පිටරට යවන්නේ 1962 දී පමණ කාලයක සිටයි. ඔහුගේ 'පියෝ සිලෝන් ටී.' ගෙනියන්න "රුසියාවෙන් අහස් යාත්‍රා අරන් දෙපාරක් ම ආවා" යැයි ඔහු තවත් පුවත්පතකට ලබා දුන් interview එකක දක්වා තිබුනා. තේ වතු ජනසතු කිරීම යටතේ ඔහුගේ තේ ඉඩම් අක්කර 320 ක් එවකට පැවැති සිරිමාවෝ බණ්ඩාරනායකගේ රජය විසින් පවරා ගැනීම ගැන ඔහු දැඩි කනගාටුවකින් අවස්ථා කිහිපයකදීම කතා කර තිබුනා. ඔහු උපයාගත් මුදලින් මිලදී ගත් එකී තේ වතු රජයට පවරාගෙන ක්‍රමයෙන් විනාශවී යෑම ගැන ඔහුගේ කනගාටුව තේරුම් ගත හැක්කක්. ඉතිරිවූ තේ වතුවලින් ඔහු මහා පරිමාණයෙන් තේ නිෂ්පාදනය කරනු වෙනුවට ‘value added’ තේ කර්මාන්තය රටට හදුන්වා දෙමින් ඉදිරියට පැමිණෙනවා. 1988 දී ඔහුගේ ඩිල්මා තේ සන්නාහ නාමය බිහිකරන්නේ ඒ ක්රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙසයි. එතැන් සිට ‘මෙරිල් ජේ. ෆර්නැන්ඩු' යනු රටක් ලෝකයක් දන්නා ඩෙල්මා (Dilmah) තේ නිර්මාතෘ නමින් චිර ප්‍රසිද්ධ පුද්ගලයෙක් බවට ඔහු පත්වෙනවා.
මෙරිල් ජේ. ෆර්නැන්ඩු මහතාගේ මරණයත් සමග ඔහු වතුකම්කරුවන් ගේ ජීවන තත්වය දියුණු කිරීමට මොනවද කලේ, ඔහු රටේ තේ කර්මාන්තය වෙනුවෙන් මොනවාද කලේ.., ඔහු Ethical Trader කෙනෙක්ද? මීගමුව දියුණු කිරීමට යමක් කල කෙනෙක්ද? ආදී ප්‍රශ්න මතු කරනවා දැක්කා. ඔහු 'Tea School' යනුවෙන් තේ කර්මාන්තය ගැන පාසැල් කල බවත්, ලංකාවේ තේ වල ගුණත්වය රැකගැනීමට දැඩිව හඩ නැගුවෙක් බවත්, ඔහුට අයත් වෙලෝනා වතු යායේ කොටසක තේ වතුකම්කරුවන්ට නිවාස සංකීර්ණයක් තනා දුන් බවත්, වතු කම්කරුවන්ගේ අධ්‍යාපන වෙනුවෙන් අරමුදල් ලබා දුන් බවත්, අංගවිකල සහ ඩවුන් සින්ඩ්ර්ම් රෝගයෙන් පීඩාවට පත්, විශේෂ අවශ්‍යතා සහිත වතු කම්කරුවන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ පාසැලක් වතුකරයේ ආරම්භ කලබවත් කියවෙනවා. ඒවා කෙතරම් ප්‍රමාණවත් ද යන්න වෙනම ගැටලුවක්..
ඒත් මම අර අදහසට කැමැතියි; ඒ කියන්නේ අපි ව්‍යාපාරයෙකුගේ සාර්ථකත්වය මනින්න ඕනේ ඔහුගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය තුලින්ම විතරක් නෙමේ, ඔහු සමාජයට ලබාදුන් දායකත්වය කුමක්ද? උපයාගත් ධනය,බලය, සමාජය ගොඩනැගීමට කෙතෙක් භාවිතා කලාද කියන කාරණය මතයි. එය ඩෙල්මා (Dilmah) තේ නිර්මාතෘ මෙරිල් ජේ. ෆර්නැන්ඩු මහතාට විතරක් නෙමේ සියලුම ව්‍යාපාරිකයින්ව, ධනවතුන් ව මැනීමට භාවිතා කල යුතු මිනුම්දණ්ඩක්...
මාකස් ප්‍රියන්ත පෙරේරා
22/07/23
Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.com0tag:blogger.com,1999:blog-133738765035962263.post-86153174463289557712023-07-14T14:12:00.008-07:002023-07-14T14:14:20.842-07:00මිලාන් කුන්දෙරාගේ සාහිත්‍යය ධ්රැව ගතවූ චෛතසිකයන් ප්‍රකෘතිමත් වීමට ගත් උත්සාහයක් ද?
මිලාන් කුන්දෙරා (Milan kundera) ගැන බොහෝ දෙනෙක් ලියා තියෙනවා දැක්කා. ඔහුගේ මරණය ගැන ශෝකය පලකර තිබෙනවා දැක්කා. කොලරා කාලේ ආලේ (Love in the time of Cholera) ලියු ගබ්රියෙල් මාර්කේස් (Gabriel Márquez) වගේ මිලාන් කුන්දෙරා ( Milan kundera) වත් ලංකාවේ සාහිත්යයකාමීන් හදුනාගෙන තිබුනේ පරිවර්තන සාහිත්‍යය තුලිනුයි. ඔවුන් විශිෂ්ඨ නවකතා කරුවෙක් බව ඇත්ත. ඔවුන් රචිත වාක්‍යය තුල ඇති රිද්මයානුකූල බව පාඨකයාව බදා වැලද ගන්නා සුළු, තියුනු, ආකර්ශණීය රචනා ශෛලයකින් යුක්ත බව ඇත්ත.
එහෙත් ගබ්රියෙල් මාර්කේස් (Gabriel Márquez) සත්‍යය ලෝකය තුල හිමිකරගෙන තිබු ප්‍රබවය මිලාන් කුන්දෙරා ( Milan kundera)ටත් හිමිවෙනවද යන්න සැක සහිතයි. මිලාන් කුන්දෙරා ( Milan kundera) ට එරෙහිව ගොනුවෙන සාහිත්‍යය මෙන්ම දේශපාලන විවේචන ඒතරමට තියුණුයි. ගැබුරුයි. බැහැර කළ නොහැකියි.
මුලික වශයෙන් එම විවේචන එල්ල වෙන්නේ මිලාන් කුන්දෙරා ( Milan kundera) යනු කිසියම් ආකාරයක දෘෂ්ටිවාදයක් නැති ලේඛකයෙක් යන පදනම්න්. සාහිත්‍යයකරුවෙකු යනු දෘෂ්ටිවාදයක්, අදහසක්, මතයක් ඉදිරිපත් කරන්නෙක්ම වෙන්න ඕනෑ නෑ කියන, සාහිත්‍යය සාහිත්‍යය සදහාම ය, කලාව කලාව සදහාම විය යුතුයි විශ්වාස කරණ ගුරුකුල තුලත් මිලාන් කුන්දෙරා ( Milan kundera) ගේ සාහිත්‍යය රචනා ඒ කාරණයමද? කියා ප්‍රශ්ණ කරන්නන් විශාල වශයෙන් සිටින බව මේ දවස්වල ඔහු සම්බන්ධයෙන් පලවී ඇති විවිධ මරණානුස්මරණ ලේඛන (obituary) කියවද්දි පෙනීයන්නක්. විශේෂයෙන්ම ඔහුගේ The Joke (1967), Life Is Elsewhere (1969), The Book of Laughter and Forgetting (1979), The Unbearable Lightness of Being (1984), Immortality (1988), Slowness (1995), Identity (1998), Ignorance (2000), The Festival of Insignificance (2014) ආදි කෘති දක්වමින් අදහස් ඉදිරිපත් කරන්නන් දක්වන්නේ ඔහුගේ නිර්මාණ සමහරක් දේශපාලන අභිලාෂයන් සහිත සහ සමහරක් දේශපාලන අභිලාෂයන්වලින් තොර, කිසියම් ආකාරයක රික්තකයක වරින් වර දෝලන වී අවසාන වශයෙන් අදේශපාලනික අස්ථානයකට සේන්දුවූ බවයි.
ඇත්තවශයෙන්ම, ඔහුගේ ජීවිතයත් ඒ වගේමය. මුලින්ම චෙක්/චෙකොස්ලොවැකියානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකුවු ඔහු පසුව පක්ෂයේ සාධනීය විවේචකයෙකු ලෙසත්, පසුව චෙකොස්ලොවැකියානු කොමියුනිස්ට් පක්ෂයේ දැඩි අභ්‍යන්තර සහයකයෙකු ලෙසත්, පසුව පක්ෂයෙන් මෙන්ම රටිනුත් පන්නා දමන්නෙකු බවටත් පත්වුවෙක්. එම කාලය තුල ඔහු නාසි විරෝධියෙකු ලෙසත්, හිට්ලර් විරෝධී එහෙත් රැසියාවේ ස්ටැන්ලිට පක්ෂ, ස්ටැලින්වාදී චෙකොස්ලොවැකියානු කොමියුනිස්ට් රජයක් හදන්න ස්ටැන්ලින්ගේ රුසියාව සමග එක කදවුරේ එකට සටන් කරන්නෙකු බවටත්, චෙකොස්ලොවැකියානු කුමන්ත්‍රණ කාලයේ චෙකොස්ලොවැකියාව රැසියාව අක්‍රමණය කිරීමට විරුද්ධ ක්‍රියාකාරිකයෙකු බවටත්, පසුව ප්‍රංශයේ සරණාගතයෙකු බවටත්, අනතුරුව දේශපාලනයෙන් වියුක්ත වූවෙක්, ස්වයං ආන්තික හුදකලාවූවෙක් බවටත් පත් වෙනවා..
ඔහු සිය ජීවිතයේ ලගාවූ අන්තය ඔහුගේ නවකතා ඇසුරෙනුත් සාකච්ඡා කල හැකි බව ඔහු සම්බන්ධව ලියවී ඇති මරණානුස්මරණ ලේඛන (obituary) විමසද්දී පෙනී යන්නක්. ඔහු නවකතාකරුවෙක් ලෙස ඕනෑම දැක්මක්, ප්‍රඥාවක්, තනතුරක්, දේශපාලනයක්, ඕනෑම ආගමක්, දෘෂ්ටිවාදයක්,සදාචාරාත්මක මූලධර්මයක්, කණ්ඩායමක්, අනන්‍යතාවයක් සමග එක පෙලට එකට හිට ගන්නෙක් නොවේ.. සාහිත්‍යය කරුවෙකු ලෙස නවකතාව තුල සෞන්දර්යාත්මක උටෝපියාවන් සොයා යන්නෙකුත් නොවෙයි. අඩුම තරමින් පුද්ගල සංවේදීතාවයන් නියෝජනය කරන්නෙකු වත් නොවන බව කියවෙනවා. එසේ නම් ඔහු කවරෙක්ද? ඔහුගේ සාහිත්‍යය නිර්මාණ කවරාකාරද? ඔහු සාහිත්‍යය ලිවීමට වෙහෙසෙන්නේ ඇයි? මේ රටවල කෙසේවෙතත් ඔය කාරණා ගැන ලංකාවේ නම් විශාල වශයෙන් අවධානය යොමුනොවනු ඇති. එහෙත් ඔහුගේ පොත් තව තවත් පරිවර්තනය වනු ඇත. පාඨකයන් ඔහුව තව තවත් වැලදගනු ඇත.
එහෙත් ඔවුන් වැලද ගන්නේ කුමක්ද? මිලාන් කුන්දෙරා ( Milan kundera) ගේ සාහිත්‍යය නිර්මාණ යනු මොනවාද? ඔවුන් ඒ ගැන ප්‍රශ්න කරුණු ඇද්ද? රුසියානු ව්ප්ලවීය සාහිත්‍යයේ මහා ගත්කතුවරයකු වු මැක්සිම් ගොර්කි (Maxim Gorky) ලෙනින්ගේ සෝවියට් රුසියාව තුල ද්‍රෝහියෙකු ලෙස සැලකූ ලෙසම චෙකොස්ලොවැකියානු කොමියුනිස්ට් ආණ්ඩුව මිලාන් කුන්දෙරා (Milan kundera) කොමියුනිස්ට්
චෙකොස්ලොවැකියාවේ ද්‍රෝහියෙකු ලෙස සැලකුවේ ඇයි යන්න සලකා ගැන බලයිද? වාමවාදී දෘෂ්ටිවාදීයෙකුවු කුන්දේරාව ප්‍රංශයේ ධනේශ්වර - ප්රජාතන්ත්රවාදී ලෝකය තුල දරාගත නොහැකි සැහැල්ලුවක පත් කලේ කෙසේද? කුන්දිරා යනු වම - දකුණ, බටහිර - නැගෙනහිර, ධනවාදය - සමාජවාදය ලෙස බෙදී ගිය සීත යුද්ධ සමයේ ධ්රැව ගතවූ චෛතසිකයන් ගේ ප්‍රකාශණයක්ද? කුන්දිරාගේ සාහිත්‍යය යනු එකී ධ්රැව ගතවූ චෛතසිකයන් ගේ ප්‍රකෘතිමත් වීමේ උත්සාහයක් ද? මිලාන් කුන්දෙරා (Milan kundera) ව අපි එලෙස කියවන්නේ කවදා ද?
මාකස් ප්‍රියන්ත පෙරේරා
14/07/23
Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.com2tag:blogger.com,1999:blog-133738765035962263.post-82331074612305016932023-06-22T06:38:00.000-07:002023-06-22T06:38:48.777-07:00ඔස්වල්ඩ් ෆර්ත් (නිමනි) පියතුමාගේ මරණය ගැන කම්පාවූවෙමි
Rest In Peace Fr. Oswald Firth!! ගරු ඔස්වල්ඩ් ෆර්ත් (නිමනි) පියතුමා ස්වර්ගස්ථවූ බව දැන කම්පාවූවෙමි. කම්පාවුයේ වෙන කිසිවක් නිසා නොව ගෙවී ගිය පහුගිය වසර 20ක කාලය තුල එක් දිනකදීවත් මට එතුමාව දැක බලාගැනිමට යෑමට නොහැකිවු නිසාය...
මට එතුමාව අවසාන වශයෙන් හමුවූයේ 2001 දී විය යුතුය. ඒ හොංකොං නුවර සිට පැමිණෙද්දී ආසියානු මානව හිමිකම් කොමිසමේ ප්‍රධානි බැසිල් ප්‍රනාන්දු මහතා ලබාදුන් පොතක් එතුමාට ලබාදීමට යෑමේදීය. මම ඊට පෙර පටන් ඔස්වල්ඩ් ෆර්ත් පියතුමාව දැන උන්නෙමි. ඒ එතුමා ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සමාජ සත්කාරක කාර්‍ය්ංශය ලෙස සලකන සෙඩෙක් (SEDEC) ආයතනයේ ජාතික අධ්යක්ෂ ලෙස කටයුතු කරමින් සිටි අවදියේ සිටය.
'ඇමරිකන් හඩ' ව්‍යාපෘතිය නිසා හලාවත ඉරණවිල ග්‍රාමයේ ජනතාවගේ ඉඩම් අහිමිවීමට එරෙහිව එතුමා ප්රමුඛ සෙඩෙක් (SEDEC) ආයතනය දැඩිව මැදිහත් වි කටයුතු කලේය. අපි එතුමා ප්රමුඛ එම කණඩායම් සමග ඉතා සමීපව කටයුතු කළෙමු. වගකීම් දරමින්, කැපවීමෙන්, අප්‍රතිහත ධෛර්යෙන් යුතුව කටයුතු කළෙමු. ඉන් පසුව එතුමා මරදාන සමාජ සාමයික කේන්ද්‍රයේ අධ්යක්ෂ ලෙස කටයුතු කරද්දී ද එතුමා සමග විවිධ කටයුතු වලට සම්බන්ධව කටයුතු කළේය.
එතුමා මාව තරුණ ක්‍රියාධරයන් සදහා පිදෙන 'රීබොක්' මානව හිමිකම් සම්මානය (Reebok Human Rights Awards) සදහා නිර්දේශ යෝජනා කලේය. එවැනි ජාත්‍යන්තර සම්මානයක් සදහා නිර්දේශ යෝජනා කරමින් ඉදිරිපත් කල ලිපිය පාසැලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන් පාසැලෙන් සමුගැනීමේ දී ලබාදෙන ලිපියෙන් පසුව එවකට මා ලද හොදම ඇගැයුමය.
ඉන් අනතුරුව විශ්ව විද්‍යාලවලින් ලද විවිධ උපාධි සහතික, වාර්තා සහ ඇගැයුම් සටහන් නිසා ගරු ඔස්වල්ඩ් ෆර්ත් (නිමනි) පියතුමා Reebok සම්මානය සදහා මා ඉදිරිපත් කරමින් ලබාදුන් සටහන මගේ ලිපිගොනුවල යටට තල්ලුවී ගියද එතුමාගේ මරණය ගැන අසා මම නැවත එය කියවු විට මහත් කම්පාවක් දැනුනි. කෙනෙකු ඇගයීමට එතරම් නොපැකිලෙන කෙනෙක් ෆාදර් ෆර්ත් තරම් තවත් නැති තරම් ය. කම්පාවට කරුණ නම් පහුගිය වසර 20ටම මම ඔහුව හමුවීමට ගොස් නැත.
පසුගිය වසර 20 තුල මම ලංකාවට හය-හත් වතාවකට වඩා ගොස් තිබුනද ඒ එකවතාවක් හෝ එතුමා නේවාසික පියතුමෙක් ලෙස නතරවී සිටි මට්ටක්කුලිය 'ද මැසනඩ්' නිවාස වෙත යාමට නොහැකි විය. 2004 සිට 2010 දක්වා එතුමා රෝමයේ සිටි කාලය තුලදී කිහිපවතාවක්ම රෝමයට ආවගියද එතුමා හමුවීමට එහිදී හෝ යෑමට නොහැකිවිය... ඊටත් වඩා ගිය වසරේ දිනක ශෙහාන් මාලක සොයුරා ෆර්ත් පියතුමා හමුවීමට ගොස් එතුමාගේ සුවදුක් විමසා එතුමා සමග සිට මට එවු ජයාරූපය දුටු විගස "ඊලග පාරේදී ලංකාවට ගියහම අනිවාර්යෙන්ම ෆාදර් ෆර්ත්ව බලන්න යනවා" යැයි සිතාගත්තද මේ වසරේ ලංකාවට ගියවිටද මට එය කිරීමට නොහැකිවිය; ආත්මය කැමැතිය එහෙත් ශරීරය දුර්වල"!😥
ගරු ඔස්වල්ඩ් ෆර්ත් (නිමනි) පියතුමාට මොක් සුව අත්වේවා!!❤️❤️❤️
මාකස් ප්‍රියන්ත පෙරේරා
19/06/23
Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.com0tag:blogger.com,1999:blog-133738765035962263.post-84795441262528232932023-06-13T22:35:00.000-07:002023-06-13T22:35:38.163-07:00පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අතකොලුවක්ද?
දැන් ඔය පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් අනුර මනතුංග මහාචාර්යවරයා ඉල්ලා අස්වීමට තුඩුදුන්නා යැයි කියන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, උතුරු-නැගෙනහිර දෙමළ සංධානයේ මංත්‍රිවරු සහ රාජ්‍ය නිලධාරින් අතර වු සාකච්ඡාවට අදාල වීඩියෝපට කිහිපයක්ම ලැබුවා...
ඒවා බලපුවහම මට පෙනීගිය කරුණු කිහිපයක් තිබුනා...
ඒ කරුණු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා; අනුර මනතුංග මහාචාර්යවරයා වගේ උගතෙක් ගෙන් "මට ඉතිහාසය උගන්වන්න එනවද?" වගේ රනිල්ගේ උඩගු, අහංකාර, දරදඩු ප්‍රකාශණ... /පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උගත් බුද්ධිමත් නිලධාරින්ටත් වඩා රනිල් ඉතිහාසය දන්නවාද?.../දෙමළ සංවිධානය රනිල් ලව්වා ඒයාලගේ උවමනාවන් ඉෂ්ටකර ගන්න හදනවද?.../ "රනිල් නිකන් අර කුරාලයට නැග ගත් යකදුරා වගේ නේද?" වගේ කතාවලට වඩා අවධානය යොමු කරණ සුළුයි.
මම නිරීක්ෂණය කරපු එක කරුණක් තමයි ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තමන් සතු බලතල පාවිච්චි කරලා අක්කර සිය ගණනින් පවරා ගන්නවා පුරාවිද්යාත්ම රක්ෂිත ප්‍රදේශය කියලා නම් කරලා. එහෙම ඉඩම් පවරා ගද්දි ඒ ඉඩම්වල පරම්පරා ගණනාවක් වගාකරන්, ගෙවල් දොරවල් හදාගෙන ජීවත්වු මිනිස්සුන්ට යන එන මං නැතිවෙනවා...ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාපටිපාටියක් තියෙන බවක් පෙන්නේ නෑ...එහෙම තියෙනවා නම් දෙමළ සංධානය හෝ වෙනත් අයෙකුට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩනිසා ඉඩම් අහිමිවුනා කියලා ප්‍රශ්නයක් ඇතිවෙන්න ඉඩක් නෑ..
එහෙම පුරාවිද්‍යාවට පවරගත්ත ඉඩම් 'නැගෙනහිර කාර්යසාධක බලමණ්ඩලය' හරි මොකක් හෝ වෙනත් නමක් හෝ දාගෙන නැවැත එම ගොවීන්ට වගා කරන්න සල්ලිවලට බදු දෙනවා කියලා එම සාකච්ඡාවේදී කියවුනා... එහෙම බදු දෙන හෝ බදු දෙන්න ගිය භික්ෂූන් වහන්සේ නමගේ නමකුත් කියවුනා... අර පරම්පරා ගාණක් වගාකර කර හිටිය මනුෂ්‍යයාගේ ඉඩම පවරාගෙන "වගා කරන්න ඕනේ නම් බද්දට ගනින්" කියන එක කොච්චර සාධාරණද? ඇරැත් එක කරන්නේ බෞද්ධ භික්ෂූවක්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වත් රජයේ අමාත්‍යාංශයක්වත් නෙමේ. එහෙම බදු දිලා ලබාගන්න ආදයම් යන්නේ රජයටද? නැතිනම් පුද්ගලයන් හෝ පෞද්ගලික ආයතනය වලටද? ඒ ගැන පැහැදිලි විස්තරයක් නෑ. ඒ දෙවැනි කරුණ.
තුන්වන කාරණය තමයි රටේ පුරාවිද්‍යාත්මක කැනීම් සහ සංරක්ෂණය සදහා පෞද්ගලික මුදල්/ආධාර/ප්‍රදාන/ප්‍රතිපාදන යොදා ගන්නවා කියන එක...දැන් බලපුවහම පුරා විද්‍යා වැඩවලට වැඩියෙන් මුදල් යොදවලා තියෙන්නේ බෞද්ධ භික්ෂූන්, බෞද්ධ සංවිධාන, ඒ බෞද්ධ සංවිධානය පිටරටවලින්/පිටරටවල වෙසෙන ලංකිකයන්ගෙන් (ඩයස්පෝරාවෙන්) පවා මුදල් එකතුකරගෙන තියෙනවා. කුරින්දිමලේ පුරාවිද්‍යා කැනීම් කරලා පැරණි බෞද්ධ විහාරයක් සොයාගෙන එය නැවත ගොඩනගන්න රුපියල් මිලියන 15 කට වඩා 'බෞද්ධාලෝක පදනම' කියලා සංවිධානයක් වියදම් කරලා තියෙනවා. පාර්ලිමේන්තු මංත්‍රි තිලංග සුමතිපාලගේ සහෝදරයා ජගත් සුමතිපාල එහි නායකයෙක්. උතුරු-නැගෙනහිර විතරක් නෙමේ රටපුරාම පුරාවිද්‍යා කැනීම් වලට විවිධ බෞද්ධ භික්ෂූන්/ බෞද්ධ සංවිධාන පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව එක්ක විවිධ ව්‍යාපෘති දියත් කරලා තියෙනවා... ඒ ඒ ව්‍යාපෘති සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු සම්පත් සහ නිලධාරින් යෙදෙවොත් රටේ අනෙක් පුරාවිද්යාත්ම වටිනාකම් ඇති තැන් සංරක්ෂණය වෙන්නේ කොහොමද? ජාතික උරුමය කියන්නේ ඒවා විතරක්ද? පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉන්නේ එක් එක්කෙනාගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නද? ඔහොම බැලුවහම පේනවා නේද මීගමුව පෘතුගීසි-ලංදේසී කොටුව සංරක්ෂණය කරලා දෙන්න කියලා අපි කොච්චර ඉල්ලුවත් ඒක හරියටම නොවෙන්නේ ඇයි කියලා..
හතරවන කාරණය තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡාවේදී පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්යවරයා අනුර මනතුංග මහතා දක්වපු ප්‍රතිචාරවල ඇති දුර්වල කම. එක පැත්තකින් හොදට පෙනුන දෙයක් තමයි මහාචාර්ය අනුර මනතුංග මහතා ඔය සාකච්ඡාවට ඇවිත් තිබුනේ කිසිම සුදානමකින් තොරවයි කියන එක. ඒ නිසා තමයි අර ඉස්සර කුඩා යාත්‍රා වලින් තිරියායේ (ත්‍රිකුණාමලය) ඉදන් හොරොව්පතානට, එතැනින් අනුරාධපුරයට, එතැනින් මල්වතු ඔය හරහා මන්නාරමට යාත්‍රා කරන්න පුලුවන්.. නැගෙනහිර මූහුද ඉදන් බටහිර මුහුදට පිවිසෙන්න ජල මාර්ග පද්ධතියක් තිබුනා... පැරණි අඩුවියදම් ලයිට් හවුස් එකක් තිබුනා, වෙලද ආදිපත්‍යයක් තිබූ තපස්සු - භල්ලුකලා ඉදිකලා කියන ගිරිහඩු සෑය... අනුරාධපුරේ මහා විහාරයට ඉඩම් අක්කර කොච්චර තිබ්බද? මහා විහාරයටයි, ජේතවනාරාමයටයි අක්කර දාහක්වත් තිබුන්නේ නැහැ කියලා රනිල් කියාගෙන කියාගෙන යද්දි මහාචාර්ය අනුර මනතුංග කොරවෙන්නේ...
පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග වගේ නෙමේ ජනාධිපති රනිල් ඔය සාකච්ඡාවට ආවේම ඉතා හොදට සුදානම් වෙලා..හොදට කරුණු හදාරලා..ඊට මුහුණදීමට තරම් සුදානමක් ඇතිව නෙමේ මහාචාර්යවරයෙක් වුනත් අනුර මනතුංග මහත්තයා පැමිණෙන්නේ...රනිල් සමග හරි හරියට කරුණු ඉදිරිපත් කරන්න ඔහු අපොහොසත් වෙනවා..රනිල් ඉස්සරපිට ඔහු ඉතා කුඩා වෙනවා..රනිල්ගේ මුෂ්ටි පහරවලින් මුනින්තලා වැටෙනවා. දෙමළ සංධානයත් කොරවෙනවා. ඔය පුරාවිද්යාවේවත්, අනෙක් දෙපාර්තමේන්තුවකවත් එකෙක් හිටියේ නෑ නේ කියන්න "මේ සර් ඕක ඔහොම නෙමේ...මෙහෙමයි ඉතිහාස අධ්යානවල ලියවෙලා තියෙන්නේ"... කියන්න... ඇයි අපි රනිල්ගේ බයිලම විතරද අහන්න ඕනේ... ඕනෑ තැනට එහෙම කතාකරන්න කොන්දක් අපේ මිනිස්සුන්ට නෑ...අපේ අධ්‍යාපනෙත් එහෙම උගන්වලා නෑ...එතන යටහත්පහත්ව ඉදලා ගෙදර ඇවිත් ඉල්ලා අස්සෙනවා.. පස්සේ මාධ්‍ය සාකච්ඡාවකුත් තියයිද මන්දා..
අනෙක් කාරණය තමයි රනිල්ට ගහන්න ආපහු රට/ජාතිය/ආගම/සම්බුද්ධ සාසනය පෙරට ගන්න එක. ජෙරමි ප්‍රනාන්දුගේ සිද්ධියේ ඉදන් නටාෂාගේ සිද්ධිය දක්වාත් දැන් කුදිරමලේ ඉඩම් හෝ උතුරු-නැගෙනහිර ඉඩම් හෝ දෙමළ සංවිධානයේ ඉල්ලිම් දක්වා හෝ දිවයන්නේ අර පරණ සටන් පාඨ ටිකම තමයි. රනිල්ට ගහන්න රට/ජාතිය/ආගම ගේන්න ඕනේ නෑ..රටේ මිනිස්සු විදින දුකම ගන්න..මොන තරම් උග්‍ර ජීවන අරගලයකද ඒ මිනිස්සු ඉන්නේ.. ඔය රට/ජාතිය/ආගම මුල්කරගත් ජාතිවාදී වර්ගවාදී උත්සාහයන් වලට උඩගෙඩි දෙන්න එපා...එවට අහුවෙෙන්නත් එපා. "මේ යකාව පරද්දන ඕනෑ යකෙක් එක්ක එකතුවෙනවා" කියන පරණ ඔලමොට්ටල වැඩේට ආපහු සෙට්වෙන්න එපා.. එහෙම ගේන එක එක යකා එක්ක ඔට්ටුවෙවී ඉන්නවා මිසක් ලෙඩා ගොඩදාගන්න විදිහක් නෑ... අපි ඒක හොයමු.. උතුරේද, දකුණේ ද, සිංහල ද දෙමළ ද නෙමේ මිනිස්සුගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටිමු... ඒ වෙනුවෙන් පෙලගැසෙමු!!
මාකස් ප්‍රියන්ත පෙරේරා
13/06/23
Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.com6tag:blogger.com,1999:blog-133738765035962263.post-26861243004317208802023-05-25T10:21:00.006-07:002023-05-25T10:21:56.039-07:00Tina Turner මීගමුවට Set වීම
මීගමුව කාමාච්චෝඩේ රා තැබෑරුම අසල තිබුන නඩරාජා ටෝකීෂ් හෙවත් කිංග්ස් සිනමා ශාලාවේ චිත්‍රපටි පෙන්වන්න කලින් චිත්‍රපටි ශාලාවේ සෙනග අසුන් ගන්නා අතර තුර ශාලාව කුල්මත් කරමින් නිතර වාදනය වෙන ගීත එකතුවක් තිබුනා. ඒ ගීත එකතුවේ තිබුනේ එක ගීත ඇල්බමයකට (album) අයත් ගීත නෙමේ. නමුත් එක් ගායිකාවකට අයත් ගීත එකතුවක්. ගායිකාව තමයි Tina Turner.
නඩරාජා ටෝකීෂ් හෙවත් මීගමුව කිංග්ස් සිනමා ශාලාවේ වාදනය වුනු Tina Turner ගේ ගී එකතුවට 1990 ගණන්වල අලුතින් නිකුත්වු ඇගේ I Don't Wanna Fight, Simply The Best, We Don’t Need Another Hero, What's Love Got to Do with It, වගේම ඇය Ike Turner එක්ක නිර්මාණය කල Proud Mary, Nutbush City Limits වගේ ගීතත්, ඇය Ike Turner ගෙන් වෙන් වෙලා තනියම performed කරන්න ගත්ත 1980 ගණන්වලින් පසු ගැයූ Private Dancer, Better Be Good to Me, Steamy Windows වගේ ගීතත් තිබුනා. මීගමුව කිංග්ස් සිනමා ශාලාවේ වාදනය වුනු එම ගී එකතුව පිටු පස පැහැදිලිවම Tina Turner ගේ දැඩි රසිකයෙක් ඉන්න ඇති. එම රසිකයා Tina Turner ගේ music career එක මුල ඉදලා අගට follow කල තැනැත්තෙක් බවට කිසිම සැකයක් නෑ. අපිට ඒ සිංදු එකතුව තුබූ කැසට් එක අයිති කාටද, එම රසිකයා කවුද කියලා හොයන්න වුවමනාවක් තිබුනේ නෑ... අපි හෙව්වේ Tina Turner ගැන.. ඇගේ music ගැන..
ඔය කියන 1990 ගණන්වල යුරෝපය දෙවනත් කල pop රැල්ල ලංකාවට ගසාගෙන ආව කාලය. ඔය කාලේ මැඩෝනලා, විට්නි හියුස්ටන් ලා, සින්ඩි ලූපර් ලා, ටිනා ටර්න ලා, ජෙනට් ජැක්සන්ලා, සමන්තා ෆොක්ස් ලා, සෙලින් ඩියෝන්ලා වගේ ගායිකාවන් තොග පිටින් අපේ ලෝකවල හොල්මන් කරපු කාලේ...
ඔය අතරින් Tina Turner ව අපේ ගමට සෙට් වෙන ගතියක් තිබුනා..ඒ ඇගේ කඩ හඩ. ටී වී එකෙන් අපි දැක්ක ඇගේ ජව සම්පන්න ගායනය. කට ඇරල කෑ ගහලා, ස්ටේජ් එකේ දගල ලා ෆුල් විසෙන් ඇය සිංදු කියන විදිහ, උස මහත කළු මාළු ගෑනියෙක් වගේ ඇගේ පෙනුම...ඕවා සියල්ල අපේ ගමට, මීගමුවට හොදට සෙට්වෙලා ගියා.. ටිනා ටුනා (tuna) කියලත් සමහරු කිව්වා. කොහොමත් ටීන ලා, tuna ලා (කෙලවල්ලෝ) අපේ පැත්තේ එමටයිනේ...
Tina Turner ගැන කියද්දී අපේ ගම්වල නිතර කියවුන දෙයක් තමයි "ඔය ඔක්කොම පල්ලියේ ගීතිකා කණ්ඩායමෙන් ආව අයනේ" කියන එක. ඒක ඇත්ත. ටීනා ටර්නත් පල්ලියේ ගීතිකා කණ්ඩායමේන් (church choir) එකෙන් අත්පොත් තැබූ gospel singers ලා වගේ පසුබිමක් සහිත අය තමයි. එහෙත් ඇයව ගායිකාවක් කලේ පල්ලියේ කන්තාරු කණ්ඩායම නෙමේ, ඇගේ සැමියා වූ Ike Turner.
එතෙක් Anna Bullock වු ඇයව Tina Turner කලේ Ike Turner. ඔහු ඒ වන විටත් සංගීත කණ්ඩායමක් ඇති club වල සින්දු කියන්නෙක්. ටිනා තමයි ඔහුව හොයාගෙන ගිහින් ඔහුට එකතුවෙන්නේ. ඒ එකතුව තුල දෙදෙනාටම දිගු ගමනක් යන්න පුලුවන් වෙනවා...එතෙක් අන්ත දරිද්‍රතාවයෙන්, දෙමාපියන් ගේ පවා ආදරය අහිමි කමින්, නොසලකා හැරීමට ලක්ව, අනාගතයක් ගැන බලාපොරොත්තු නැතිව, ජීවිතයේ ගැහට සංගීතයට යට කිරීමට ඉඩ දෙමින් නිස්සාර ජිවිතයක් ගතකරමින් සිටි Anna Bullock ට Ike Turner ජීවිතයක් ගෙනත් දෙන්නෙක් වුනා. ගැහැනු ළමයි තුන් දෙනෙක්වුනු Anna Bullock හෙවත් ටිනා ටානර්ගේ පවුලේ බාලම දැරිය වු ඇය නිතර කියපු දෙයක් තමයි ඇය ඇගේ දෙමාපියන්ට අවශ්‍ය නොවූ (unwanted child) දැරිවියක් බව. පියාගේ වදබන්ධනයන්ගෙන් පීඩා විදිමින් සිටි ඇගේ මව පියාගෙන් වෙන්වී යෑමට උත්සහ කල මුත් ඇගේ උපත නිසා ඇගේ මවට තවත් අවුරුදු ගණනාවක් සිය පියාගේ වදබන්ධනයන් ඉවසා සිටීමට සිදුවූ බව ඇය දක්වා තිබෙනවා. එය ඉතා වේදනාකාරී හැගීමක්...එහෙම හැගීමක් එක්ක ඇයට සිය ළමා කාලය වගේම ගැටවර වියත් ගෙවන්න වීම මොන තරම් නම් වේදනාත්මකද? ඊ ලගට ඇයට ඇගේ ජීවිතයටම එය අත්දකින්න වුනාම මොන තරම් අභාග්‍යයක්ද?
Tina Turner ගේ සැමියාවූ Ike Turner ගෙන් ඇයට විදින්න වුනෙත් බරපතල වදබන්ධනයක්. ඇය එක තැනකදී කියනවා ඇගේ ශරීරයේ එක කොටසක් නැතිව ඇතිලු ඔහුගෙන් වද නොවින්ද.. හිංසාවට වේදනාවට පත් නොවෙච්ච..Ike Turner සමග 16 වසරක ඇගේ විවාහය මුල් කාලයේ ඉතා සාර්ථක වූවක්. ඔවුන් දෙදෙනාම ප්‍රසිද්ධ වෙනවා, හොදින් මුදල් උපයනවා, රට පුරාම සංගීත ප්‍රසංග පවත්වනවා, පිරිමි දරුවන්ම 4 දෙදෙනෙක් ලැබෙනවා.. එත් ඒ විවාහය, ඒ එකතුව, ක්‍රමයෙන් බිද වැටෙනවා..එයට හේතුව Ike Turner මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වීම කියලා කියනවා...ඒත් මත්ද්‍රව්‍ය වලින් Ike Turner මුදවාගන්න ටිනාට හැකිවෙන්නේ නෑ...දෙදෙනාම එකිනෙක්කෙනාගෙන් දුරස්වෙනවා.. Ike Turner ටිනා ව ගොඩ නගන්න, ගොඩ දාන්න, කටයුතු කලත් ඔහුට අවශ්‍යම අවස්ථාවේ Tina Turner ගෙන් ඒ උදව්ව ඔහුට හම්බවෙන්නේ නෑ..Ike Turner ව ගොඩ දාන්න ටිනට බැරිවෙනවා. එනිසාම Ike Turner වරක් ටිනව මරන්න ගියා ගියලා ඇගේ ජීවිත කතාව අයත් චිත්‍රපටයේ තියෙනවා.. ගැහැනියෙක් කොහොමද "මේ මිනිහා මාව මරන්න යන්නේ" කියලා හිතන තැනක ඉදන් තවදුරටත් එකට පවුල් කන්නේ ? ඔවුන් කටුක ලෙස දීර්ඝ දික්කසාද නඩුවකින් පස්සේ වෙන් වෙනවා.. Ike Turner තමන් සමග කාලයක් ජීවිතේ එකට සැප දුක බෙදා ගත්ත Tina Turner ගේ නම තමන්ට අයිතියි කියලා Tina Turner කියන නමේ අයිතිය ඉල්ලනවා.. ඒ නම යටතේ උපයූ වත්කම් ඉල්ලනවා... සල්ලිත් එක්ක මිනිස්සු මොන තරම් නම් නරුමයෝ වෙනවද? උසාවිය Tina Turner ගේ නමේ අයිතිය Tina Turner ටම දෙනවා. ඒත් දික්කසාදයෙන් පස්සෙත් Ike Turner බාරගත්ත ප්‍රසංග කිහිපයකම එකට වැඩ කරන්න ඇයට නියෝග කරනවා..
ඉන් අනතුරුව Tina Turner වගේම Ike Turner ත් ක්‍රමයෙන් නිවී යනවා.
එහෙත්, දික්කසාදයෙන් පස්සේ, ඔය කලබැගෑනි ඔක්කොම ඉවරල වෙලා, අවුරුදු 4 - 5 කට පස්සේ, හදිස්සියේම ටීනා ආපහු පත්තුවෙනවා...ඉතා දීප්තිමත් ව පත්තුවෙනවා...නැවතත් බැස නොයන්නටම පත්තුවෙනවා - We Don’t Need Another Hero...We Don’t Need Another He.ro.. ඔව් අපිට තවත් වීරයෙක් ඕන නෑ.. ඇයම වීරයා වෙනවා... වේදිකාව දෙවනත් කරන...මුළු වේදිකාවම එක මිට ට, එක පොදියට කැටිකර ගන්න..දැවැන්ත වීරවරියක් වගේ ඇය සංගීත රසකාමීන්ගේ ලෝකය ආක්‍රමණය කරනවා... ඇගේ What's Love Got to Do with It ගීතය සමග ඇය අපේ ලෝකයේ සදහටම වාඩිලා ගන්නවා...එය අපේ විතරක් නෙමේ මුළු ලෝකයටම ගායිකාවක් ගැයූ අති සාර්ථක ගීත කිහිපයෙන් එකක් බවට පත්වෙනවා...
ඇගේ මේ දෙවෙනි ගමනට ප්‍රධාන වශයෙන් හේතුවුනේ සංගීත ලෝකයට ඒවන විට අළුතින්ම හදුන්වා දුන් Synthesiser නැතිනම් ඉලෙක්ට්‍රොනික ඕගන් සංගීතය හේතුවුනා කියලත් කියනවා...අපි දන්නවා Tina Turner වගේම Ike Turner ගේ මුල් කාලින සින්දු ඔක්කොම වගේ Cover Songs. ඒ කියන්නේ කලින් කෙනෙක් කියපු සින්දු අළුත් විදිහට කියපු එක. ඒත් ඇගේ දෙවෙනි ගමන එහෙම නෑ. ඇය ඇගේම අනන්‍යතාවක් එක්ක එන්නේ...අපි දන්න Tina Turner අර 80/90 ගණන්වල ආව ඇග කුල්මත් කල ජවසම්පන්න Tina Turner මිසක්, 60/70 කාලේ Covers කියපු ටිනා ටානර් නෙමේ...
මම නම් විශ්වාස කරන්නේ Tina Turner ගේ අති සාර්ථක දෙවන සම්ප්‍රාප්තියට හේතුව Synthesiserවත්, ඉලෙක්ට්‍රොනික සංගීතයවත් නෙමේ...ඇගේ ජීව්ත අත්දැකීම...යටපත්කල නොහැකිවූ ඇගේ හැකියාව..අප්‍රතිහත ධෛර්යය.. නොනැවතිය නොහැකිවු අභිප්‍රාය...ඇගේ passsion එක... මම හැමදාම කියන දෙයක් තමයි...fashion එක නෙමේ කාරණය passsion එකයි කාරණය කියන එක...passsion එකට ඕනෑ දුක්ප්‍රාප්තියක් විදින්න පුලුවන් හැබැයි යටපත් කරන්න බෑ.. fashion (විලාසිතා/ විච්චුරණ) කරන ගැනූන්ට වඩා passsion ( අභිප්රායක්/දැඩි උවමනාවක්/ ලලසාවක්) තියෙන ගැහැනුන්ව කිසිසේත්ම නවත්වන්න බෑ..යටපත් කරන්නත් බෑ..ඒ අය නැගිටිනවා නැගිටිනවාමයි..Tina Turner කියන්නෙත් එහෙම passsion එකක් තිබ්බ ගැහැනියෙක් !!❤️❤️
මාකස් ප්‍රියන්ත පෙරේරා
25/05/23
Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.com4tag:blogger.com,1999:blog-133738765035962263.post-64864851328033176322023-05-10T05:46:00.002-07:002023-05-10T05:46:48.035-07:00රාජාභිෂේකය සහ කතෝලික පල්ලිය
මීට වසර 70කට පෙර, එනම් 1953 දී, පැවැති දෙවන එලිසබෙත් රැජිනගේ රාජාභිෂේකය හෙවත් මෞලි මංගල්‍යයට බ්‍රිතාන්‍යයේ සිටින කතෝලිකයින්ට ආරාධනා කලේ නැත. ඒ යුගය වන විටත් කතෝලික සභාව සහ එංගලන්ත සභාව ඇතුලත් ප්රෙතස්තන්ත සභා අතර තිබුන විරසකය එයට හේතුවයි.
කොටින්ම කිවතොත් 1558 දී එංගලන්තයේ අටවන හෙන්රි රජ එංගලන්තය කතෝලික සභාවෙන් ඉවත් කර, පාප්තුමාගේ නොව එරට රජ හෝ රැජිනගේ නායකත්වයෙන් යුතු, එංගලන්ත සභාව හෙවත් ඇංගිලිකන් නමින් අලුත්ම ප්රෙතස්තන්ත කිතුනු සභාවක් ගොඩනැගුවායින් පසුව රාජාභිෂේකය හෝ වෙන මොනයම්ම හෝ රාජකීය කටයුත්තකට එරට කතෝලික සභාව සම්බන්ධ කරගත්තේ නැත. 1908 දී නැවැත ප්‍රතිස්ථාපනය කරන තුරුම කතෝලික සභාව මෙරට පැවැත ඇත්තේ කිසියම් ආකාරයට නොනිල තත්වයකය.
ඉන් අදහස් වන්නේ කතෝලිකයන් එංගලන්තයේ නිල රාජ්‍යය කටයුතුවලට, සැමරුම්වලට බදවා ගැනීම හෝ සහභාගි නොවු බවක් නොවේ. මට ඊයේත් පල්ලියේදී හමුවු තැනැත්තියක් දක්වා සිටියේ දෙවන එලිසබෙත් රැජිනගේ රාජාභිෂේකය ඔවුන් පවුලක් ලෙසත්, එකතුවක් ලෙසත්, සැමරු බව ඒ වන විටත් වයස අවුරුදු හතරක්වු ඇයට හොදින් මතක බව දක්වා සිටියාය.
ඇත්ත වශයෙන්ම දෙවන එලිසබෙත් රැජිනගේ යුගයේදී කතෝලික සභාවත්, බ්‍රිතාන්‍යය රජ පවුලත්, එංගලන්ත සභාවත් අතර සම්බන්ධය දැඩිව වර්ධනය විය. ඇය පාප්වරු කිහිපදෙනෙකුවම වතිකානුවටම ගොස් බැහැ දැකි, දෙවන ජුවාම් පාවුළු පාප්තුමාට බකින්හැම් මාලිගාවට පවා ආරාධනා කළ, හිටපු අගමැති ටෝනි බෙලෙයාර්ට කතෝලික ආගමට බැදීමට ඉඩ දුන්, එංගලන්ත සභාවේ පියතුමන්ලාට සහ බිශොප්වරුන්ට කතෝලික සභාවේ පුජකවරය ලැබීමට ඉඩදුන්, තැනැත්තියකි.
එකී වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙසම මෙවර තුන්වන චාල්ස් රජතුමාගේ රාජාභිෂේකයට එංගලන්තයේ සභ වේල්සයේ අගරදගුරු කාදිනල් Mark O'Toole අගරදගුරුවරයාට නිලවශයෙන් ආරාධනා කලා පමණක් නොව අභිනවයෙන් පත් තුන්වන චාල්ස් රජට ආශිර්වාද කිරීමටත් ආරාධනා කලේය.
වසර 500යකට පසු ලද මේ අවස්ථාව බ්‍රිතාන්‍යයේ කතෝලිකයන් මහත් හරසරයෙන් සැමරීය. ඊයේ (07/05/23) අප අයත් මෙරට මීසමේ, අපේ පල්ලියේද, එම සැමරුව මහත් උද්යෝගයකින් සංවිධානය කර තිබුනි.
විවිධ අර්ථ දැක්වීම් තුල බෙදී වෙන්වී ඇති සියල්ලන් එකට එක්වී එකම අවස්ථාවක් එකට සමරනු දැකීම තරම් තවත් ප්‍රීතියක් එහි නොවිනි.
මාකස් ප්‍රියන්ත පෙරේරා
08/05/23
Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.com2tag:blogger.com,1999:blog-133738765035962263.post-30760306399889146152023-05-05T22:50:00.020-07:002023-05-08T15:15:16.382-07:00ඊජිප්තුවේ ෆාරුක් රජ කී අවසාන රජ සහ බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජ
ලොව අවසාන වශයෙන් ඉතිරිවන්නේ එංගලන්තයේ රජත්, කාඩ් කූට්ටමේ රජවරුනුත් පමණක් යැයි 1952 දී බලයෙන් පහ කළ ඊජිප්තුවේ සහ සූඩානයේ අවසාන රජ වූ පලමු වන ෆාරුක් රජ වරක් දක්වා තිබුනි: Soon there will be only five Kings left - the King of England, the King of Spades, the King of Clubs, the King of Hearts and the King of Diamonds.
ෆාරුක් රජගේ එම ප්‍රකාශයට පෙරත්, ඉන් පසුවත් ලෝකය රජවරුන්ගෙන්, රජ පවුල්වලින්, එකින් එක නිදහස් වෙමින්, ඉවත් කරමින්, පලවා හරිමින් තිබුනි. එම නිසාම අද වන විට ලෝකයේ කිසියම් ආකාරයකින් මහේශාක්‍යය අර්ථයෙන් අර්ථ දක්වන රජ පවුලක් ඉතිරිවී ඇතොත් ඒ අතර ඉහලින්ම ඇත්තේ බ්‍රිතාන්‍යය රජ පවුල බවට කිසිදු සැකයක් නැත.
ප්‍රතිසංස්කරණවාදීන්ගේ සිට ජනරජවාදීන් දක්වා ද, රාජාණ්ඩු විරෝධීන් දක්වා ද, බ්‍රිතාන්‍යයේ දේශපාලන ධාරාවන් වරින් වර ඉස්මතු වෙමින්, තීව්ර වෙමින්, තහවුරු වෙමින් ගලා යන නමුත් බ්‍රිතාන්‍යයේ රාජකීයත්වය මෙන්ම රජ පවුලද අදටත් එරට තුළ තදින්ම මුල්බැස්ගෙන ඇත.
එහිලා හේතුවී ඇත්තේ බ්‍රිතාන්‍යයන් සිය රාජකීයන්ට දක්වන පක්ෂපාතීවය ද, ගතානුගතික සම්ප්‍රදායන් හා පෞරාණික වටිනාකම් පිලිබදව එරට ජන සමාජය තුළ තහවුරු වී ඇති ආකල්ප ද, රජ පවුල සහ රාජකීයත්වය එරට ජාතික සහ සංස්කෘතික අනන්‍යතාවයේ කේන්ද්‍රීය අංගයක් වශයෙන් සලකන නිසා ද, එරට ක්රමික දේශපාලන විකාශනයේ අදටත් ශේෂව ඇති එහෙත් වියකී යා නොදී රැකගත යුතු සලකුණක් වශයෙන් සලකන නිසා ද, එක්සත් රාජධානිය මෙන්ම පොදු රාජ්‍යය මණ්ඩලය ද එකට බැද තබන බැම්ම ලෙස එරට රාජකීයත්වය සලකන නිසා ද, එරට මෙන්ම එහි යටත් විජිතයන්ගේ, ඩොමීනියන් රාජ්‍යයන්ගේ සහ ස්වායත්ත රාජ්‍යන්ගේ ද රාජ්‍ය නායකයා හෝ නායිකාව ලෙස බ්‍රිතාන්‍යයේ රජ හෝ රැජින සලකන්න නිසා ද, නැතහොත් මෙකී සහ නොකී සියළු හේතු සාධක නිසා ද, යන්න වෙනම වෙන්කර ගත නොහැක්කකි.
එම නිසාම අද (06/05/ 23) බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන තුන්වන චාල්ස් රජගේ රාජාභිෂේකය හෙවත් මෞලි මංගල්‍ය මේ යුගයේ පවත්වන අද්විතීය රාජාභිනන්දන රාජාභිෂේකයක් බව පැහැදිලිය.
බ්‍රිතාන්‍යයේ රජගේ ඔටුනු පැලදවීම රාජාභිෂේක - මෞලි මංගල්‍යය ඒ පදනමින්ම විග්රහ කරගැනීමට රාජකීයත්වයට ඇලුම් කරන්නෙකු වීමට හෝ බ්‍රිතාන්‍යයෙක් වීමට හෝ ඔවුන්ගේ ගැත්තෙක් වීමට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ යමක ඇති, එයටම හිමිවූ හෝ එයට ආරෝපණය කර ඇති අගය එම වටිනාකමින්ම විමසා බැලීමය. අන්ධයාට මැණිකෙන් ඇති වැඩක් නැත්තා සේම ඒ ඒ කරුණු ඒ ඒ ආකාරයෙන් විමසා බැලීමට යොමු නොවී අපි අපේම සීමා තුළ හිර වන්නෙමු නම්, අපිට බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජගේ රාජාභිෂේකයේ ද කිසිදු කලාවක්, වටිනා කමක්, අගයක්, විචිත්‍රණයක්, සම්ප්රදායක් හා සංස්කෘතියක් දැකිය නොහැක්කාය.
අද පවත්වන බ්‍රිතාන්‍යයේ මෞලි මංගල්‍යය සැලසුම් කර, සුදානම් කර ඇත්තේ ද එහිලා යොදාගන්නා ඔටුනේ සිට අත් පලදනාව දක්වා ද, ඇදුම් ආයිත්තම් වල ඇති බොත්තම් හී සිට සෑම අංගයක්, අංගයක් පසාම කිසියම් පදනමක්, කලාවක්, ඉතිහාසයක්, වටිනාකමක් හා අගයක් ජවලිත කිරීමේ අටියෙනි.
එකී සෑම අංගයක් සහ අයිතමයක් ගැන වෙන වෙනම විමසා බැලිය හැක. පොත් ගණන් ලිවිය හැක. එහෙත් අවශ්‍යය වන්නේ යමක වටිනාකම එහි ඇති වටිනාකමින්ම විමසා බැලීමය. බ්‍ර්තාන්‍යයේ තුන්වන චාල්ස් රජගේ රාජාභිෂකය ද විමසා බැලිය යුත්තේ ඒ අර්ථයෙන්මය. අපට නැත්තේ එවැනි සංස්කෘතික කියවීම් ය.
දකුණු අප්‍රිකාවෙන්, ඉංදියාවන් සහ වෙනත් රටවලින් රැගෙනා රජගේ ඔටුන්නේ ඇති දියමන්ති/මැණික් ආදිය එකී යටත් විජිතයන්ට නිසි වටිනාකමක් නොගෙවා රැගෙනා දියමන්ති යැයි කීමට අපි ඉතා හොදින් හුරුවී සිටන්නෙමු. එහෙත් පොලොවෙන් මතුවූ වටිනා පාෂාණයකට වඩා වැඩි යමක් නොවු එකී දියමන්ති සහ මැණික් ආදියට අද ඇති වටිනාකම හිමිවී ඇත්තේ එවා ඉතා සියුම් ලෙස, සිය දහස් වාරයක්, කපා, ඔපදමා, සුවිශේෂී හැඩයක් සහ විශිෂ්ඨ ස්ථානයක වැජබවීම නිසා යැයි අපි අමතක කරති. අපට නැත්තේ එවැනි සංස්කෘතික කියවීම් යැයි මම දැක්වුයේ එහිනි.
මාකස් ප්‍රියන්ත පෙරේරා
06/05/23
Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.com0tag:blogger.com,1999:blog-133738765035962263.post-842669680398751952023-05-02T22:42:00.004-07:002023-05-06T08:25:07.870-07:002004 ජායාරූපයකින් කියවෙන මහාපරිමාන කරවල වෙලෙන්දන් අපහරණය කිරීමට පෙර මීගමුව වෙරළ
The beach near the Negombo fort in 2004 before it was destroyed and disfigured by dryfish merchants. Photo courtesy: Nirmal Dewasiri මීගමුවේ කොටුව පිට්ටනිය අසල වෙරළ තීරය දැක්වෙන මෙම ජයාරෑපය උපුටා ගත්තේ නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ facebook පිටුවෙනි. 2004දී ගනු ලැබුවක් යැයි සදහන් මේ ජයාරෑපය අද මේ වෙරළ තීරය දකිනවාට වටා සම්පුර්ණයෙන්ම වෙනස් ය. දැන් මේ වෙරළ තීරණය මුළුමනින්ම අත්කරගෙන ඇත්තේ කරෝල වෙලෙන්ඳන් කිහිප දෙනෙකි
අප පාසැල් යන කාලයේ මෙම වෙරළ; පලාතේ ධීවරයන්ගේ ධීවර යාත්‍රාද, මාළු බේරන සහ දැල් මහන ධීවරයන්ද, මාළු වෙලෙන්දන් සහ සුළු පරිමාණයේ කරවර වේලන්නද, පාසැල් ලමුන්ද, කුඩ යට කූඩුවු පෙම්වතුන්ද, සරුංගල් යවන්නන්ද, අන්නාසි හා කඩචෝරු විකුණන්නන්ද, රා, අරක්කු, සිගරට්, ගංජා බොන්නන්ද, ඉස්සා වඩේ සහ බැදපු මාළු විකුණනන්ද, 'ටොෆි- සිගරට්-නයිස්-බොම්බමුටේ', විකුණන්ද, ඔහේ - මෙහෙ ඇවිද යන්නන්ද, ඉබාගාතේ යන බල්ලන්, බළලුන් සහ ගවයන්ද, සිගමන් යදින්නන්ද, 'රත්තරන් පෙම්පුරානේ සිතුවම් මකා' දමන ඩොල්කි වාදකයින්ද, දාඩිය පිහමින් කැමරා කරකවමින් පොටෝ ගන්නා සංචාරකයින්ද නොඅඩුව දැකිය හැකි නිදහස් වෙරළ තීරයක් විය.
එහෙත් 2005 පසු මේ වෙරළ සම්පුර්ණයෙන්ම පාහේ කරවල වෙලෙඳන් කිහිපදෙනෙකු අත්කර ගත්තේ නිමල් ලංසා මංත්‍රිවරයාගේ පූර්ණ අනුග්‍රහය ඇතිවය. පසෙකින් පිහිටි, පසුව සිනමා ශාලාවක්වු, පැරණි 'මීපුර පුරහල' නම් මීගමුව නගර සභාවේ පැරණි නගර ශාලාව කඩා ඉවත්කල නිමල් ලංසා මංත්‍රිවරයා මෙම වෙරලේම මීගමුවට අඩුවක්ව පැවැති පුලුල් මාළු වෙලද සංකීර්ණයක්ද ඉදිකලේය. වෙරලේ ඉතිරි කොටස කරෝල වෙලෙඳන් අතට පත්කරන්නේ එම ක්‍රියාදාමයේම තවත් කොටසක් වශයෙන්ය.
එසේ වෙරළ අත්කරගත් කරවල වෙලෙඳන් කිහිප දෙනා ඈත එපිට වෙරළ තීරයන්ගෙන් පවා ලොරි ගනන් මාළු ගෙන්වාගෙන මහා පරිමාණයෙන් මාළු කරෝල කිරීමට කටයුතු කලේය. අද මුලු වෙරළම එකම කරවල වාඩියකි. ප්‍රදේශය පුරාම අපද්‍රව්‍යය ය. කරෝල දුගන්දය දැන් මීගමුව නගරයම ගදගස්සන තැනක් බවට පත් කර ඇත. එහෙත් අසල ඇති අධිකරණයටවත්, එහි නිතිවේදීන්ටවත්, මීගමුව පලාත් පාලන කාර්යාලයටවත්, අධ්‍යාපන කාර්යාලයටවත් එහි නිලධාරි/ නිලධාරිනියටවත් එහි වගක් නැත.
නුවරඑලියේ සංවර්ධන විමසා බලන ජනාධිපති රනිල් ලා මීගමුව 'නරාවාස' වී ඇති හැටි බලන්නට එහි යන්නේ නැත. එහෙත් මීගමුවේ ජනයා නම් රනිල් සහ ඔහුගේ UNP ට ඇති තරම් ගොඩ පිටින් චන්දේ දී ඇත. එහෙත් ඔවුන් මීගමුවට කල දෙයක් නැත. කලක් දිස්ත්රික්කයක්වු මීගමුව ගම්පහ නමින් බිහිකල නව දිස්ත්‍රික්කයකට ඈදා මීගමුවට හිමිවිය යුතුව තිබූ වැදගත්කම හීන කලේද 1977 බලයට පත්වූ UNP යම.
මේ කාරණා ගැන මීගමුවේ ජනයාගේ අදහස් උදහස් අපි නිතර මතුකරමින් සිටින්නෙමු. ඒ ගැන අවධානය යොමුවන තෙක්ම අපි මේ කාරණා මතුකල යුතුමය. නැති නම් මීගමුවේ අද පවතින ජරාජීර්ණ තත්වය එහි ස්වභාවය සේ ස්ථාපිත විය හැක.
නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ (2004) ඉහත ජයාරෑපය වැදගත් වන්නේ නිමල් ලංසලා 2005 සිට අපට අහිමි කල අපේ නිදහස් වෙරළ තීරය අපට ජයාරෑපයක් ඔස්සේ හෝ නැවැත මතකයට නැගෙන නිසාය. මෙම වෙරළ තීරය ගැන මම මීට පෙරද ලියා ඇත. ඒවා පහත යොමු ඔස්සේ කියවිය හැක. අවසාන වශයෙන් කිව හැක්කේ වෙරලේ යනු ධීවරයා ද ඇතුලත් මහජනයාට අයත්වන්නක් මිස මුදලාලිලා කිහිප දෙනෙකුට අයත් භූමියක් නොවේ. කරවල මුදලාලිලා කිහිපදෙනෙකු මෙසේ අත්කරගෙන සහමුලින්ම වනසා, විනාශ කර ඇත්තේ පිදුවේ මහජනයා භුක්තිවිදි මහජනයාට අයත් පොදු දේපොළකි. එහි පොදු අයිතිය නැවැත තහවුරු කල හැක්කේද මහජනයාටම.
මාකස් ප්‍රියන්ත පෙරේරා
02/05/23
බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජිනගේ මීගමූ සංචාරය සහ ඇගේ සීයා නමින් නම් කර ඇති මීගමුවේ මාර්ගය
ඇල්බට් අයින්ස්ටයින්ගේ මීගමු සංචාරය සහ අයවැයෙන් මීගමුවට මුදල් වෙන්කිරීම
මීගමු මහනගර සභාවට රැකගත නොහැකිවූ මීපුර සිනමාහල සහ මීගමුවේ වෙනත් සිනමාහල්
Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.com4tag:blogger.com,1999:blog-133738765035962263.post-89951625809661265942023-04-06T02:45:00.000-07:002023-04-06T02:45:12.394-07:00ප්‍රැන්සිස්කන්වරු හදුන්වාදුන් ශුද්ධවු පැය පොත
'ශුද්ධවු පැය' හෙවත් Holy Hour යනු චතාරික කාලයේදී කිතුනුවන් මහත්වු භක්තියකින් මෙනෙහි කරන චතාරික භක්ති අභ්‍යාසයකි. ලෝකයේ බොහෝ රටවල එකී චතාරික භක්ති අභ්‍යාසය සිදුකරනුයේ දිව්‍ය සත්ප්‍රසාදය ඉදිරිපිටය. එම නිසාම එකී චතාරික භක්ති අභ්‍යාසය හදුන්වන්නේ A holy hour of Eucharistic adoration / an hour in Eucharistic adoration the presence of the Blessed Sacrament ලෙසය. ක්‍රිස්තුස් වහන්සේගේ අන්තිම රාත්‍රි භෝජනය සහ ගෝලයන්ගේ පාද සේදීම සිදුකරන මහ බ්‍රහස්පතින්දා (Maundy Thursday) දිව්‍ය පුජාවෙන් පසුව දිව්‍ය සත්ප්‍රසාදය ඉදිරිපිට මධ්‍යම රාත්‍රියත් පසුවෙනතෙක් ශුද්ධවු පැය යැදුම පැයක් පැයක් පාසා සිදුකිරීම ලාංකීක කිතුනු පාස්කු සම්ප්රදායකි. එහිලා භාවිතා කරන්නේද මෙම ශුද්ධවු පැය පොතය.
පාස්කු කාලවල නිතර සිදුකරන මෙකී චතාරික භක්ති අභ්‍යාසය ඉතා පැරණි චතාරික ආගමික සම්ප්රදායක් ලෙස පෙනිගියද එය එතරම් පැරණි නැත. A holy hour of Eucharistic adoration හෙවත් 'ශුද්ධවු පැය' නිර්මාණය වන්නේ 1673 මර්ගරීතා මරියා නම්වු ප්‍රංශ ජාතික භක්තිවන්තියක් මැතිව් සුවිශේෂයේ ගෙනෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පවාදුන් ගෙත්සමෙනි උද්‍යානයේ ගෙවු පැය කිහිපය ගැන සදහන් "මාගේ හදවත ශෝකයෙන් පිරියන්නාහ...මා සමග එක පැයක්වත් පිබිද සිටීමට නුබලාට බැරිවුනාද?" ( “My soul is overwhelmed with sorrow to the point of death. Stay here and keep watch with me....Couldn’t you men keep watch with me for one hour?” - Matthew 26: 38/40) යන පාඨය මුල්කරගෙන සිදුකල ධ්යනභාවනාවක් ඇසුරෙනි. එකී භාවනාව තුල ඇයට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව දර්ශය වූ බවත්, හෙල්ලයකින් සිදුරු කරන ලද එතුමන්ගේ දිව්‍ය හර්දය ඇයට පෙන්වු බවත් කියවේ. ජේසුගේ දිව්‍ය හෘදය ඉදිරිපිට දණින් වැටී සිටින ඇයගේ චිත්‍රයක් භක්තිවන්තයන් අතර ප්‍රචලිතය. ජෙසුගේ දුක්ප්‍රාප්තිය සිහිකරමින් ජේසුගේ දිව්‍ය හර්දයට යැදීම ක්‍රමයෙන් කිතුනුවන් තුල චතාරික භක්ති අභ්‍යාසයක් ලෙස ප්‍රචලිතවන්නට විය.
එකී සම්ප්රදාය ආරම්කල මර්ගරීතා මරියා (Margaret Mary Alacoque) 1920 දී 15 වන බෙනඩික් පාප්වහන්සේ ( Pope Benedict XV) ශුද්ධ වරයට ඔසවන ලදි. ඒ වනවිට 'ශුද්ධවු පැය' හෙවත් Holy Hour යනු චතාරික කාලයේදී කිතුනුවන් ප්‍රධානතම භක්ති අභ්යාසයක්වී තිබුනි. බොහෝ රටවල 'ශුද්ධවු පැය' හෙවත් Holy Hour සැකසී තිබුනේ පැයක් පුරා විවිධ යාච්ඤා සහ ශුවිශේෂ පාඨ අතුලත්ව කොන්තය කීමෙනි.
එහෙත් ලංකිකයන් නිරතවන 'ශුද්ධවු පැය' නම් චතාරික භක්ති අභ්‍යාසය එයට වඩා විශේෂ, මහත්වු භක්තියක් ජනිත කරන, ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය වචනයේ පරිසමාප්තියෙන්ම අත්දකින, හදවතට තදින් දැනෙන, දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කිරීමේ දුෂ්ටකම, පාපයේ බරපතලකම අත්විදන මහත්වු භක්ති අභ්යාසයක්මය.
එය එසේවුයේ Holy Hour නම් වු යුරෝපියානු භක්ති අභ්‍යාසය 'ශුද්ධවු පැය' නමින් සිංහලෙන් කිරීමට උචිත ලෙස රචනා කරන ලද කුඩා පොත් පිංච නිසාය. 'ශුද්ධවු පැය' පොත වූ කලී සිංහලෙන් රචනා කර ඇති විශිෂ්ටතම භක්තිය අභ්‍යාසය වියහැක. එකී කුඩා පොත් පිංච පිලිබදව විශේෂ ශාස්ත්‍රීය අවධානයකට ලක් නොවූවද, එය වුකලී පසුගිය සියවසේ සිංහලෙන් ලියවුනු විශිෂ්ටතම යැදුම් පොතය. එහි කධුර, කර්කෂක භාෂාව කසයකින් තලන්නාක් මෙන් හදවත කිරීගස්සන්නේය, එහි එන යැදුම් මෙන්ම යෙදුම් ද අපගේ හදවත් ශෝකයෙන් පීඩවට පත්කරන සුළුය. එනයින්ම එය අප ජේසුතුමා ගෙත්සමෙනි උයනේ වින්දාවු වේදනාවට අපව වඩ වඩා සමීපකරයි. ජේසුගේ දුක් ප්‍රාප්තියට අපව සමීපකරවයි. එකී යාච්ඤා පොත සදහා භාවිතා කර ඇති වචන සිංහල භාෂාවේ බහුලව භාවිතා නොකරන අතීශය සියම් භාවහැගීම් දනවන වචනය. ශුද්ධවු පැය පොතේ ගෙන එන කයදුෂ්කර ප්‍රාර්ථනාවේ එන 'වසක් කේඩුවෙන් වැටුනේ' යන වචනය ඊට හොදම උදාහරණයකි. මහා සිංහල ශබ්ද කෝෂයේ 1576 පිටුවට අනුව 'වසක් කෙඩුව' යන වචනයේ අරුත නම් දුර්වල, ඇඟේ පතේ පණවත් ගතියක් නැති, විඩාවට පත්වීම, කෙඩෙත්තුව, මහන්සිය, සිහි මුර්ජාවීමය. ඒ අනුව 'වසක් කේඩුවෙන්' වැටුනේ යන්නෙහි අර්ථය සිහි මුර්ජාවීම ලෙස ගතහොත්, ඕනෑම අයෙකු සිහි මුර්ජා විය හැක. එහෙත් ආගමික ශාස්තෲ වරයෙකු සදහා සිහි මුර්ජා වී වැටීම යන්න වෙනුවට 'වසක් කේඩුවෙන්' වැටුනේ යැයි යෙදීම වඩාත් උචිතය. එය ජේසුතුමා විදි වේදනාව ද හොදින් ප්‍රකාශ වේ. 'ශුද්ධවු පැය' පොතේ භාෂාව හැසිරවීම එතරම්ම උසස් ය. විශිෂ්ටය. පසන් විලාශයෙන් යැදීමට උචිතය. එම 'ශුද්ධවු පැය' පොතට අමතරව මෑත යුගයේදී 'සමිදු සමග පැයක්' ආදී ලෙස විවිධ ශුද්ධවු පැය පොත් නිකුත්වුවද මුල් ශුද්ධවු පැය පොත තරම් එකී කිසිදු යැදුම් පොතක් ජේසු මල් උයනේදී වින්දාවු දුක් වේදනාවලට අපව රැගෙනයාමට තරම් භාෂාත්මකව අසමත්ය, නොගැබුරුය යන්න මගේ අදහසයි.
අද පවා සමකල නොහැකි, භාෂාත්මකව ජේසුගේ වේදනාව හා අප හදවත් යාකරන එවැනි විශිෂ්ඨ ලියව්ල්ලක් ලිවීමට සමත් තැනැත්තා කවුද? ඔහු ගැන අප දන්නේ මොනවාද? ඒ ගැන අපට ඇත්තේ අඩු දැනුමකි. 'ශුද්ධවු පැය' පොත නම් මෙම යාච්ඤා පොත ලියා ඇත්තේ ප්රැන්සිස්කන් පුජා ප්රසාදිවරයෙකුවු M.F ගුණතිලක පියතුමාය. පල කර ඇත්තේ 1937 පෙබරවාරි 22 ය. ගෞ. ෆ්‍රැන්සිස් එම්. ගුණතිලක පියතුමා වනාහි වත්තල මාබෝල මීසමෙන් බිහිවූ පළමු පූජක පුතුය. මාබෝල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අද්දර පිහිටි ගුණතිලක වලව්ව එතුමාගේ මහගෙදර වන අතර එතුමාගේ පවුලේ අය දේවස්ථානයේ මුහුප්පු තනතුරු දැරූහ. මා මෑතකදී දැනගත් එකී තොරතුරු අනුව එතුමා පළමුව මහනුවර රදගුරු වසමේ පදවි පූජකවරයෙක් ලෙස සේවය කළ අතර අනතුරුව අසීසිය බලා ගොස් එහිදී OFM ෆ්රැන්සිස්කන් පළමු නිකායේ (OFM) සාමාජිකත්වය ලබා එහිම වාසය කොට ස්වර්ගස්ථ වී ඇත.අපි දන්නේ එපමණය....එ පමණක් ප්‍රමාණවත් නැත. එතුමා කල වෙන යැදුම් පොත් තිබේද? එතුමා එම භාෂා විලාශය උකහා ගත්තේ කොහෙන්ද? එතුමාගේ සිංහ භාෂා යෙදුම් ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමාගේ යෙදුම් වලින් උකහා ගත්තක්ද? අපට අවධානය යොමුකල යුතුය බොහෝ දෑ ගෞ. ෆ්‍රැන්සිස් එම්. ගුණතිලක පියතුමා 1937 දී පලකල 'ශුද්වු පැය' නම් කුඩා පොත් පිංච තුල ඇතුලත්ය
ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමාගේ සිංහල භාෂාව පමණක් නොව ගෞ. ෆ්‍රැන්සිස් එම්. ගුණතිලක පියතුමාගේ 'ශුද්ධවු පැය' පොතේ එන සිංහල භාෂාව ද මෙරට කිතුනුවන්ගේ සිංහල භාෂා පරිචය ගැන හොද උදාහරණය. එමෙන්ම සිංහල කිතුණුවන්ගේ සිංහල භාෂාවද, සිංහල කිතුනුවන්ටම සුවිශේෂී වු ඔවුන්ගේ අනන්‍යතාවයේද ප්‍රකාශණයන් ය.
මාකස් ප්‍රියන්ත පෙරේරා
06/04/23
Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.com0tag:blogger.com,1999:blog-133738765035962263.post-19026557980716939352023-04-03T04:50:00.002-07:002023-04-04T04:10:42.848-07:00සුද්දෝ දමා ගිය ඇදුම්වලින් ගොඩ ගිය කලංසූරිය
අමරසිරි කලංසූරිය ගේ ජීවිත කතාවත් හරියට අර විල් ස්මිත් රගපාන The Pursuit of Happyness (2006) වගේ චිත්‍රපටියකට නැගිය හැකි ජීවිත කතාවක් වගේ කියලා හිතුනා ඔහු පුවත්පත්වලට දීලා තිබුන interview කිහිපයක් කියවලා බලද්දී... මම note කරපු කරුණු කිහිපයක් පහතින් තියෙනවා..
* ඔහුගේ අම්මා මැරෙන්නේ මාළු කට්ටක් හිරවෙලා... අම්ම ගැන තියෙන එකම මතකය බස් එකේ යද්දි හුලගට ගහගෙන ගිය එයාගේ තොප්පිය බස් එක නවත්වලා අරන් ඇවිත් දෙනවා කියන එක විතරයි. පියා දෙවන කසාදයක් කරගන්නවා, කුඩම්මාගෙන් කරදරයක් නෑ...කොහොමත් මව කියන්නේ කලං ගේ ජීවිතයට එහෙම සමීප චරිතයක් නෙමේ වගේ...
* තාත්තා තමයි ඔහුගේ ජීවිතට වැඩියෙන්ම අදාල. ඔහු කුඩා ව්‍යාපාරිකයෙක් ගම් දනව් පුරා ගිහින් එකතු කර ගත්තු භවභෝග දුෂ්කර පලාත්වල විකුණනලා පස්සේ වෙලද සැලක් දාගන්නවා. කඩේදී තාත්තාට ගහන්න ආව කෙනෙකුට කුඩා කලංසුරිය බෝතලෙකින් ඔලුව පැලෙන්න ගහනවා... චන්ඩියා..
* ස්වර්ණජෝතියෙන් තමයි ඉස්කෝලේ යන්න පටන් ගන්නේ, ඉංග්‍රීසි උගන්වන්න තාත්තා සා. ක්‍රිස්ටෝපර් විද්‍යාලයට දානවා, පස්සේ ධර්මරාජ.. එතන තමයි එයාගේ ඉස්කෝලේ..
*පාසැල් ගමන අවසන් කරලා රස්තියාදුවට වැටෙනවා, හම්බවෙන්න මොනවා හරි කරගෙන කීයක් හරි හොයාගන්නවා, ගෙදර ගැන වගකීමක් තිබුන බවක් පෙන්නේ නෑ... එහෙ මෙහෙ වෙවි ඉද්දි නෑයෙක්ගේ රසකැවිලි කඩයක වැඩ ලැබෙනවා තුන්වේලම කෑමත් එක්ක... (කෑම බීම, ඉදුම් හිටුම් අමාරු කාලයක්) ඒ කඩේට බඩු ගන්න නුවර ගියහම ස්කොලේ කැඩෙට් සර්ව හම්බවෙනවා... ඔහු තොරතුරු විමසද්දී සියල්ලම නොවලහා ඔහුට හෙළි කරනවා ‘තමුසේ කැමැති නැද්ද හමුදාවට බැඳෙන්න?' .... කැඩෙට් සර් කලංගෙන් අහනවා.. කලං ගේ ඇඟට අමුතු ශක්තියක් ලැබුණලු... දුවලා ගිහින් ඇප්ලිකේශන් දානවා..
*ඉන්ටව්ව් ගිහින් හමුදාවට යනවා... එකේ පොඩි පෙම් පළහිලව්වක් නිසා හමුදා ජීවිතේ එපා වෙනවා.. හමුදාවෙන් පැනලා එනවා... ඒක දිග කතාවක්ලු.. මොනව..ගේ...ප්‍රේමයක්ද? (කලං මුළු ජීවිතම දිග හැරියත් ඒ ගැන කතාකරන්නේ නෑ)
* ආපහු රස්සාවක් හොය හොය ඉද්දි නුවර ලියෝන්ස් හොටලයේ රස්සාවක් ලැබෙනවා.. අලුත් life එකක් ලැබනවා.. හොදට කන්න ලැබනවා.. සප්පායම් වෙනවා.. ඇඟට නිකං අමුතුම ෆිට් එකක් එනවා.. හවස හෝටලේ වැහුවට පස්සේ නුවර Y. M.C.A එකට ගිහින් බොක්සිං ප්‍රැක්ටිස් කරනවා (ඉස්කොලේ කලෙත් බොක්සිං කරලා තියෙනවා) ෆුල් ෆිට් එකේ ඉන්නවා.. ඒත් උණ අඩුවෙන්නේ නෑ... ලියෝන්ස් හෝටලේ ගහගෙන රස්සාව නැතිවෙනවා.. ආපහු පාරේ..
*පට්ට කට්ට කාලයක් එනවා... එක එක දේවල් කරනවා..ගල් කඩන්නත් යනවා..පස්සේ නුවර ‘මල්ලිකා’ ඡායාරූප ශාලාවේ අතුපතු ගාන්න රස්සාවක් ලැබනවා.. එකෙදී පොටෝ සුද්ද කරගන්න නිතර එන පරණ පාසැල් මිතුරෙක් හම්බවෙනවා රංජිත් පෙරේරා කියලා.. එයා චිත්‍රපටියක් කරන්න හීනදකින කොල්ලෙක්.
*දවසක් Studio එක අස්පස් කරන කොට මුල්ලකට ගොඩ ගසා තිබූ මි. මී. 16 යේ දළ සේයාපට තොගයක් කලංට හම්බ වෙනවා. එක පාරටම කලංට මතක් වෙන්නේ රංජිත් පෙරේරාව. Studio එකේ අයිතිකාරයට කියලා ඒ දළ සේයාපට ටික රංජිත්ට ලබා දෙනවා. රංජිත් ඒ දළ සේයා පට යොදාගෙන ‘රැයත් දවාලත්’ කියලා කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරනවා. කලං කරපු උදව්වට ප්‍රතිඋපකාරයක් විදිහට රංජිත් පෙරේරා කලංසූරියව ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ගන්නවා. ප්‍රධාන නිළියට යොදා ගත්තේ අනෝමා වත්තල්දෙණිය. ඇය කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ශිෂ්‍යාවක්.
* කලං ඒ චිත්‍රපටියේ රඟපාන්නේ පාපන්දු ක්‍රීඩකයකුගේ චරිතයක්. කැමරාවට මුහුණ දුන් ප්‍රථම වතාව වුණාට රඟපෑම ඔහුට අලුත් දෙයක් වුණේ නෑ ලූ.. මොකද ඔහු පාසල් ශිෂ්‍ය භට කඳවුරකදී මිතුරන් එක්ක ඉදිරිපත් කරපු ඉංග්‍රිසි නාට්‍යයක ‘මැක්වීටා’ කියන ස්ත්‍රී චරිතය රඟපාලා තිබුණලු.... ඒ පාසල් නළුවා නැවත ජීවමාන කළේ රංජිත් පෙරේරා ගේ චිත්‍රපටිය. ඔහු ඔහුට රඟපෑම ගැන නොයෙක් ගුරුහරුකම් ලබා දුන්නලු..
* ඔය චිත්‍රපටිය බලන්න ආව ඩී. බී. නිහාල්සිංහ මෙහෙම කිව්වලු "කවුද මේ හාදයා, හොඳට රඟපාලා තියෙනවා. මිනිහට හොඳ සිනමැටික් මූණක් තියෙනවා.."
* ඔය කාලේම කලං තමන්ගේ බිස්නස් එකක් විදිහට ඇදුම් බිස්නස් එකක් කරන්න හිතනවා. Studio එකෙන් අයින්වෙලා නුවරඑළි ගිහින් සුද්දෝ ඇදලා දාල ගිය ඇදුම් ගොඩගහලා විකුණන නුවරඑලියේ තැනකින් රැ.15කට කලිසන් 4ක් ගෙනත් ඒවා හොදට හෝදලා, මැදලා, නුවරින් ගත්ත ලාබ සෙන්ට් ටිකක් දාලා අර Studio එකේ පුතාට විකුණනලා බිස්නස් එක පටන් ගන්නවා..
* බිස්නස් එක නැගලා යනවා, හන්දි හන්දි ගානේ, පොලවල් ගානේ නුවරඑළියෙන් ගෙනත් අර ඇදුම් විකුණනවා... පස්සේ My Inn කියලා නුවර ඇදුම් කඩයක් කරනවා... බිස්නස් නරක නෑ... එයාගේ බිරිදත් හම්බවෙන්නේ එහෙදි.. ඔක්කොටම වඩා එගොල්ලන්ගේ ඉස්කොලේ හිටිය ධර්මසේන පතිරාජව නිතර හම්බවෙනවා.. ධර්මසේන පතිරාජ තමයි ‘හන්තානේ කතාව' ට නළුවෝ තෝරනවා කියලා කියන්නේ...
* ඒ interview එකට කලංසූරිය යන්නෙත් අර සුද්දෝ ඇදලා දාලගිය එයා හොදට හෝදලා විකුණන පොකට් දෙකේ කමිසයයි, ඩෙනිම් කලිසමයි ඇඳගෙන. රබර් බුෂ් සපත්තු කුට්ටමකුත් දාගෙන. අනෙක් අය ඇවිත් හිටියේ ඒ කාලේ හිටපු ජනප්‍රිය නළුවෝ විදිහට හැඳ පැළඳ ගෙන. ජැන්ඩියට ඇඳලා. බම්ප් එක තියලා. කොන්ඩේ පස්සට පීරලා, ගිනිකූරු කට් එක තියලා වගේ නොයෙක් මෝස්තරවලට. කලං ව කවුරුත් ගණන් අරන් නෑ. ඒත් එතන හිටපු කොණ්ඩය වවා ගත් සුදු, උස, හීන්දෑරි තරුණයෙකුයි කලංසූරියව තමයි ප්‍රධාන නළුවටයි සහය නළුවටයි තෝරාගන්නේ. ප්‍රධාන නළුවා විජය කුමාරණතුංග. කලංසූරිය ‘හන්තානේ කතාව' චිත්‍රපටියට රඟපාල තියෙන්නෙත් අර සම්මුඛ පරීක්ෂණයට ඇඳපු සූට් එකෙන්ම තමයි.
* එහිදි කුළුපගවු කලංසූරියයි විජයි කොච්චර හිතවත් වුනාද කිව්වොත් කලංසූරිය විජයවත් සම්බන්ධ කරගන්නවා එයාගේ බිස්නස් එකට... බස් එකේ නුවරඑළිය ගිහින් ඇදුම් ගේන්න, හෝදලා, මැදලා, පිරිසිදු කරලා බයිසිකලෙන් අරන් ගිහින් විකුණනන්න විජයත් සම්බන්දවෙනවා.. ‘හන්තානේ කතාව' තිරගත වුනාම විජය නළුවෙක් වෙනවා... කලංසූරිය දිගටම බිස්නස් එක කරන් ඉන්නවා...
* ඔය අස්සේ ධර්මසේන පතිරාජ එනවා අහස් ගව්ව‘ චිත්‍ර පටිය කරන්න සල්ලි හොයාගෙන. කලංසූරිය බිස්නස් එකට සල්ලි යටකරලා නිසා සල්ලි නෑ කියනවා.. එත් ඒයා ඒ වෙද්දි ගොඩනගාගෙන තිබුන බිස්නස් කන්ටෑකුයි, ඉස්කොලේ යාළුකමුයි එක්ක හසලක ව්‍යාපාරිකයෙක් වෙච්චි මිත්‍රරත්න හේරත්ව හොයලා දෙනවා ධර්මසේන පතිරාජට 'අහස් ගව්ව‘ චිත්‍රපටිය කරන්න..
* කලංසූරිය එකේ රගපානවා.. හොදම සහය නළුවා විදිහට සරසවි සම්මානෙත් ලැබෙනවා... එතනින් එහාට අමරසිරි කලංසූරිය කියන නලුවා අපිට හමුවෙවා.....
අමරසිරි කලංසූරිය කියන්නේ දක්ෂ නලුවෙක්.. ආදරේ හිතෙන නළුවෙක්.. සිනමාවේ ඉන්න පියරු බබාලට වඩා ඇත්තටම ආකර්ශනීය නළුවෙක්.. එයා නිකන් පුම්බපු චරිතයක් නෙමේ.. ඇත්ත ලෝකේ ඔබ, අපි වගේ චරිතයක්... එයාගේ තියෙන විශේෂත්වය මොකක්ද? හුරුබුහුටිකමද?, සලමන් ඛාන් වගේ දගලනකමද? දගකාරකමද? ක්‍රිඩා ශීලීත්වයද රස්තියාදුකාර කමද? රවුම් මුහුනක් ඇති අනෙක් නලුවන් අතරේ දිගටි මුහුණක් ඇති තැනැත්තෙක් වීමද? සමහරවිට ඔය ඔක්කොම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුලුවන්..
ඒත් එයාගේ ජීවිත කතාව දිහා බලද්දී මට නම් පෙනෙන දේ තමයි ඒයාව ඒ තැනට ගෙනාවේ එයාගේ රුචිකත්වය, එයාගේ taste එක... එක සිංහල - බෞද්ධ - ජාතික - දේශිය taste එකක් නෙමේ කෙලින්ම බටහිර.. එයා නුවර හිටියත්, බෞද්ධ ඉස්කෝලෙකට ගියත්.. එයාගේ රුචිකත්වය බටහිර එකක්.. එයා අදින්නේ, පලදින්නේ, බොක්සිං ගහන්නේ.. මැක්විටා වගේ ස්ත්‍රී චරිත ඔලුවෙ තියෙන්නේ.. ඒ හින්දයි... බස්නාහිර-වයඹ වෙරළ අවට අයට මීගමුව cultural hub එක වෙනවා වගේ රට මැද මහනුවර හිටිය කලංසූරියගේ cultural hub එක වෙන්නේ නුවරඑළිය.. සුද්දෝ එහෙ දාල ගිය ඒව තමයි කලංසූරිය මාකට් කරන්නේ, මාකට් වෙන්නෙත්. ඒ රටම සංවෘත ආර්ථිකයකට සීමාකරලා සිය රටදේ සිරි සැප දේ කියලා රටම කිසියම් ආකාරයකට හිරකරලා තිබ්බ වෙලාවක... ඒත් වැඩේ කියන්නේ 1977 රටම ඇරලා කලංසූරිය මාකට් කරපු දේවල් තොගපිටින් දොරේ ගලායන වෙලාවකත් කලංසූරියට ඉල්ලුමක් තිබුන එකයි... ඒ එයා එයාටම අනන්‍යයවු අනන්‍යතාවක් ඒ වනවිටත් ගොඩනගාගෙන තිබුන නිසයි.. එයා unique role මොඩල් එකක් වීම නිසයි...
ඒ නිසා මෙහෙම දෙයක් කියන්නම ඕනේ...ඕනේ නම් කෙනෙකුට සුද්දෙක් දාල යන කලිසමකිනුත් ගොඩ යන්න පුලුවන් හැබයි තමන්ටම වූ අනන්‍යතාවයක් ගොඩනගා ගන්න පුලුවන් නම්... එකට සංස්කෘතික වටිනාකමක් එකතුකරන්න පුලුවන් නම්.. අමරසිරි කලංසූරිය කියන්නේ එහෙම කෙනෙක්..
මාකස් ප්‍රියන්ත පෙරේරා
03/04/23
Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.com2tag:blogger.com,1999:blog-133738765035962263.post-23327291701884467822023-03-29T04:48:00.044-07:002023-03-29T08:38:29.090-07:00විජේවීර නන්දසිරි අත්හරින විට නන්දසිරි නම අගට දාගත් සනත්
සනත් නන්දසිරි කියන්නේ අපි කවදත් කැමැතිම ගායකයෙක්...
ඔහු ගායනා කල “එදා මෙදා තුර”, “ලස්සන නම් නෑ පෙනෙන්නේ”, “එක යායට මල් පීදුණු බිම් තීරේ”, “මම නම් ආසයි අහන්න නයනා”, “වරදක් කළත් සිතකින් නොවෙයි”, වගේ සින්දු අපි 'සෙට්වුනාම' කියන සින්දු අතර නොවරදාම කියන සින්දු කිහිපයක්...
ඒ එක්කම, කපුගේ ගේ, අබේවර්ධන බාලසූරියගේ, අපි කැමැතිම ගීත කිහිපයකම සංගීතය නිර්මාණය කරලා තියෙන්නේත් සනත් නන්දසිරි කියලා දැක්කහම සනත් නන්දසිරිට අපේ ඇති රුචිකත්වය තවත් ඉහල යනවා...
ඒ වගේම, සනත් නන්දසිරි කියන්නේ අමරදේව ගෙන් පස්සේ කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපති වෙලා හිටිය, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ඉගැන්නූ, සම්මානිත මහාචාර්ය ධූරයකින් පිදුම් ලැබූ, 'සංගීත් නිපුන්' කියන ඉංදියානු රාගධාරී සංගීත උපාධිය දිනාගත් ප්‍රථම ලාංකිකයා, ඉංදියාවේ ලක්නව් වල භාත්ඛණ්ඩ සංගීත විද්‍යාලයෙන් විශාරද උපාධිය හැදෑරූවෙක්...ආදි කරුණු කාරණා දැන ගත්තහම අපි 'සෙට්වුනාම' අහන/ගයන ගායකයා ගැන අපිට ඇතිවෙන්නේ ගෞරවයක්, සැලකිල්ලක් සහ උපහාරයක්...
හැබැයි සනත් නන්දසිරි ගැන මට තිබුන ඒ බුහුමන එක මොහොතක අවුල් වෙලා ගියා ඒ එයා ගේ බිරිද මල්කාන්ති නන්දසිරි (බදින්න කලින් මල්කාන්ති පීරිස්) 2008 මාර්තු 16 ලංකාවේ Sunday Observe පත්තරයට දීලා තිබුන interview එකකදී...
ඉංග්‍රීසි කථා කරන, ඉහල මධ්‍යම පාන්තික කතෝලික පවුලක හැදී වැඩුන මල්කාන්ති කියනවා; 'මගේ නව යොවුන් විය හරිම සුන්දරයි. අපිත් ‘වැලන්ටයින් දිනය’ සැමරුවා. ඒ කාලේ සාන්ත වැලන්ටයින් වෙනුවෙන් යාච්ඤා කරලා රෑ කෑම නොකා නිදාගන්න පිලිවෙතක් තිබුනා. ඒ පිලිවෙත අනුගමනය කලාම අපේ අනාගත සහකරු ගැන සිහින දැකීමට අපට හැකි වෙනවා (ඇය ඒ කාලේ අනිවාර්යෙන්ම Charlotte Bronte ගේ Jane Eyre වගේ නවකතා කියවපු කෙනෙක් වෙන්න ඕනේ) කියලා අපි විශ්වාස කලා. ඒ සඳහා අපි වැලන්ටයින් සාන්තුවරයාට පවා යාච්ඤා කළා. මමත් එක පාරක් අර පිලිවෙත අනුගමනය කලා. නමුත් මට සිහිනෙන් පෙනුනේ කාවද දන්නවාද? - බෝතල් පත්තර කාරයෙක් ව" ('My teenage years were wonderful. And we too celebrated ‘Valentine’s Day’. On that day we used to pray for St.Valentine and go to bed without having dinner. We believed that this practice would let us give an opportunity to dream of our future partner. We even prayed to the saint for that. I too did it once. But you know what I dreamt of; a ‘Bothal Paththara Karaya’...) කියා දක්වා තිබුණා.
මොකක්... බෝතල් පත්තර කාරයෙක් ව....සනත් නන්දසිරි බෝතල් පත්තර කාරයෙක්ද? කියලා මට එක පාරටම හිතුනා..
මල්කාන්ති එහෙම කියලා නෑ, එහෙම සම කරන්නත් බෑ, ඒ මට හිතිච්ච දේ...ඒත් මල්කාන්ති නන්දසිරි/බදින්න කලින් මල්කාන්ති පීරිස් ගේ 2008/03/16 Sunday Observe පත්තරේට දීලා තිබුන ඒ interview එක කියවද්දී මට හිතුන දේ තමයි සනත් නන්දසිරි ගෙයි, මල්කාන්ති පීරිස් ගෙයි පැහැදිලි පන්ති පරතරයක් තියෙනවා කියන එක.
මල්කාන්ති (මුතුතන්ත්රීගේ රන්ජනී මල්කාන්ති කාමෙල් පිරිස්
- Muthuthanthirige Ranjani Malkanthi Carmel Peiris) කියන්නේ කලින් කිව්ව විදිහටම ඉංග්‍රීසි කථා කරන, ඉහල මධ්‍යම පාන්තික කතෝලික පවුලක හැදී වැඩුන කාන්තාවක්. ඇයගේ පියා හැරිසන් පිරීස් (Harrison Peiris). අදටත් පලවන ලංකාවේ පැරණිම පුවත්පත වන ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ඉංග්‍රීසි පුවත්පත වන the ‘Catholic Messenger’ පුවත්පතේ අවුරුදු 35 ක්ම කතෘ. ප්‍රසිද්ධ ඉංග්‍රීසි කවියෙක්. ලෙස්ටර් ජේමිස් පිරිස් ලගේ, චිත්තම්පලම්ලා ගේ, ලෙස්ටර් ගාඩිනර්ලාගේ, D.B. ධනපාල ලාගේ, A.S මචාඩෝලගේ සමකාලීනයෝ, ගජයෝ. මම දන්නේ නෑ ඇයි එයා ඒයාගේ දරුවන්ට මල්කාන්ති, කුමාර, නිර්මලා, නිරංජලා, සකුන්තල, මනෝජ් වගේ නම් දැම්මේ කියලා (Shyam Selvadurai ගේ Cinnamon Gardens නවකතාව කියවද්දි ඒ කාලේ, ඒ වගේ පංති පදනමක් තියෙන මිනිස්සුත් ඒවගේ නම් යෙදීම ගැන අරුමයක් හිතෙන්නේ නෑ...) සමහරවිට මල්කාන්තිටයි එයාගේ සහෝදර/සහෝදරියන්ටයි නම් දාන්න ඇත්තේ එගොල්ලන්ගේ අම්ම වෙන්න ඇති. ඇය තමයි මල්කාන්තිව ලංකාවේ ගුවන් විදුලියේ සිංහල ගායනයටත් යොමු කරන්නේ...
ඇයට සනත් නන්දසිරිව හම්බවෙන්නේත් ගුවන් විදුලියේ දී, වැඩියෙන්ම කුළු පගවුනයි කියන්නේත් සනත් නන්දසිරි සංගීත අධ්‍යක්ෂණය කල 'මාර පරාජය' කියන වෙසක් නාට්‍යයේ දී ලු, මල්කාන්ති ත් එහි චරිතයකට පණ පොවලා තියෙනවා. සනත් නන්දසිරිව ගුවන් විදුලියේදී හමුවීම ගැන මල් කාන්ති අර Sunday Observe පත්තරේ interview එකේ කියලා තියන්නේ; "දැක්ක ගමන් වදින්න හිතුනා... ඉංදියාවේ ඉදලා ආව ගමන්.. (හින්දි නළුවෙක් වගේ) ඉංදියන් කාරයෙක් වගෙයි... ඔහුගේ සංගීතයෙන් ඇය මුසපත්වුනා.. සිංහල කතා කලෙත් හරි වෙනස් විදිහට...එයා යෝදයෙක් මම ලිලිපුට්ටෙක්... (“My love for him was not one at first sight; it was a respect in abundance; a grand feeling; enthralling. I was mesmerised with the music he played. And I thought he was an Indian. He looked like an Indian and spoke in Hindi with the others around him. I felt he was even pronouncing Sinhala words differently. I was almost worshipping him. He was a giant and I was like a Liliput before him,”) ඔය වගේ විදිහටයි ඇය ඔහුව හමුවීම සදහන් කරලා තිබුනේ...
කොහොමවුනත්, සනත් නන්දසිරිව හමුවීම තුල ඇත්තටම වුනේ, එතෙක් Elvis Presley ලා, Jim Reeves ලා, Cliff Richard ලා, Nat King Cole ලා අහ අහ හිටිය මල්කාන්ති පිරීස්ගේ ලෝකයට ඉංදියානු රාගධාරී සනත් නන්දසිරි අරක්ගැනීමයි.
සනත් නන්දසිරි කිව්වට සනත් නන්දසිරගේ වාසගම නන්දසිරි නෙමේ. එයාගේ තාත්තගේ නම H.M. ව්ලියම් පෙරේරා. සනත් එයාගේ තාත්තගේ පෙරේරා වාසගම ගත්තේ නෑ.. නන්දසිරි කියලා නමකිනුයි ප්‍රසිද්ධ වුනේ.. 1960 ගණන්වල ඔය කාලේම තමයි නන්දසිරි විජේවීර නන්දසිරි කෑල්ල හලලා රෝහණ කියලා නමකින් ප්‍රසිද්ධ වෙන්නේ... විජේවීර නන්දසිරි කෑල්ල හලනවා, සනත් නන්දසිරි කෑල්ල එකතුකර ගන්නවා...
ඒ ක්‍රියාවන් දෙකටම රටේ සිංහල-බෞද්ධ-ජාතික- අනන්‍යතාවය පිලිබද ඒ වන විට රටේ තිබුන පෙලගැස්ම බලපාන්න ඇති...
සනත් නන්දසිරිත් හැදෙන්නේ ඒවගේ වටාපිටාවක, ජීවත්වන්නේ ගොතටුවේ, ස්කොලේ යන්නේ මහා බෝධි මහා විද්‍යාලයට, තරුණ කාලේ ගත කරන්නේ බොරැල්ලේ තරුණ බෞද්ධ සංගමයේ (YMBA), සංගීත හාණඩය (instrument) ලෙස තෝරාගන්නේ තබ්ලාව, එක්කෝ පොලීසියට යන්න ඕනේ නැත්නම් ඉංදියාවට ගිහින් සංගීත හදාරන ඕනැයි කිව්වහම තාත්තා කොන්ත්‍රාත්කරුවෙක් විදිහට යම් ආර්ථික හැකියාවක් තිබු තැනැත්තෙක් නිසා ඔහුව ඉංදියාවට යවනවා...ඒ කාලේ වැඩි ගාණකුත් නෑ... එහෙම අවුරුදු 6 විතර ඉදලා ලංකාවට ආවහම ගුවන් විදුලියට සම්බන්ධ වෙන්න පුලුවන් වෙනවා...සංගීත ගුරුපත්වීමකුත් ලබා ගන්න පුලුවන් වෙනවා.. ඉතින් ඒ අතින් ජීවිතයට පදනමක් දාගන්න පුලුවන් වෙනවා...
හැබැයි එයාගේ ජීවිතයේ සාර්ථකත්වය ගොඩ නැගෙන්නේ මල්කාන්තිව බැන්දයින් පස්සේ... ආගම සහ පවුල් පසුබිම නිසා මල්කන්තිගේ පවුලේ අය මුලින් විරුද්ධවුනත් ජයට මගුල් කාල තමයි බැදලා තියෙන්නේ. 1971 සිරිමාවෝ ගේ කාලේ, හාල් පෝලිම්, සලාක ක්‍රමයට බඩු බෙදන කාලේ, ජයට මගුලක් ගන්නවා කියන්නේ ලේසි නෑ... හැබැයි සනත්-මල්කාන්තිලා එහෙම කරලා.. දාහකට විතර ආරාධනා කරලා මගුල් ගෙවල් තුනක්ම අරන් තියෙනවා...
කොහොමවුනත් මල්කාන්ති වැලන්ටයින් සාන්තුවරයාට යාච්ඤා කරලා, රෑ කෑම නොකා නිදාගෙන, හිනෙන් දැක්ක ඇගේ අනාගත සහකරුවා බෝතල් පත්තරකාරයෙක් නොවෙයි කියලා සහතික කරන්න නම් මල්කාන්ති මගුල් ගෙදර දවසේ ඉදලා කටයුතු කරලා තිබෙනවා...
සංගීත වැඩ, ඉගැන්වීම් ආදියට අමතරව සනත් නන්දසිරි වාහන අංගනයක් පවත්වාගෙන ගිය සහ වෙනත් ව්‍යාපාර කටයුතුවල නිරතවුනු ව්‍යාපාරිකයෙක් කියලත් කියනවා...ඒ වගේම ඔහු 2001 දී කොළඹ කෝට්ටේ ට UNP එකෙන් චන්දේ ඉල්ලු වා. කොහොමත් මහින්ද ගේ දෑත ශක්තිමත් කරන්න පස්සේ ගියත් සනත් නන්දසිරි ලා උපන්ගේ UNP කාරයෝ, දේශපාලකයින්ට කඩේ ගිය කලාකරුවන් / ගායකයින්ගේ සංගම්වල එයා ආරම්භ සභාපති වරයෙක්. UNP යේ මහවැලි ගීතයවුනු 'ගංගා එන්නකෝ ගංගා' ගීතය කිව්ව අබේවර්ධන බාලසූරිය මෙයාගේ මස්සිනා... සනත් නන්දසිරි මල්කාන්ති පිරිස්ව බැන්දයින් පස්සෙ ඒ පවුලේ අනෙක් සහෝදරියන් වූ නිර්මලා, නිරංජලා බැන්දෙත් ගායකයෝ, මම හිතන්නේ ඒගොල්ලත් බෞද්ධ වුනා.. සකුන්තලා විතරක් පිලිපීනයේ Radio Veritas එකේ වැඩකලා..
කොහොම හරි මල්කාන්ති පිරිස් හිනෙන් දැක්ක ඇගේ අනාගත සහකරුවා බෝතල් පත්තරකාරයෙක් නම් නොවී සනත් නන්දසිරි නම් විවිධ ක්ෂේත්රවල සාර්ථක තැනැත්තෙක් බවට නම් පත්වුවා...එහෙත් ඔහු ලාංකික සංගීත ක්ෂේත්රය තුල කිසියම් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකලාද? නොමැකෙන සලකුණක් සටහන් කලාද? ඒක නම් විවාද ජනකයි...!! ඉංදියානු සංගීත දැනුමක් අරන් ආව සනත් නන්දසිරිට, බටහිර රුචිකත්වයක්, ඉංග්‍රීසි කියවීමක්, සංස්කෘතික සංදර්භයක් තිබුන මල්කාන්ති පීරිස් වගේ කෙනෙක් එකතුවුනාම නවතම ආකාරයක ඉදිරිගමනක් බලාපොරොත්තු වියහැකි වුනත් එවැන්නක් සිදුවුනේ නෑ... එහෙම මිශ්‍ර සංස්කෘතික අනන්‍යතාවයක් ඇති පරම්පරාවක් රටේ බිහිවුනෙත් නෑ... වුනේ රටේ මහා සංස්කෘතිය විසින් ක්ෂුද්‍ර සංස්කෘතිය අවශෝෂණය කරගැනීමයි. බෞද්ධ සංස්කෘතිය කතෝලික සංස්කෘතිය අවශෝෂණය කරගැනීමයි. ඉතින් සංස්කෘතික අනන්‍යතාවයන් දෙකක් තිබූ සනත් - මල්කාන්තිගේ විවාහය තුල අලුත් මිශ්‍ර සංස්කෘතික අනන්‍යතාවයක් බිහිවෙයි කියලා බලාපොරොත්තු වෙන්නත් බෑ. ඇතැම් විට ඔවුන්ගේ කුළුදුල් පුතා ගේ මරණය නොවන්නට ඔවුන්ගේ නිර්මාණ මෙයටත් වඩා වෙනස් වෙන්නත් තිබුනා... ඒත් ඔවුන් දෙදෙනා මහත් ආදරයකින් බැදී සිටි දෙදෙනෙක් බව නම් සදා සත්‍යයක්!!
සුබ ගමන් !!!
මාකස් ප්‍රියන්ත පෙරේරා
29/03/23
Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.com4tag:blogger.com,1999:blog-133738765035962263.post-29596263731481602412023-03-24T17:33:00.002-07:002023-03-24T17:34:37.780-07:00ඇත්තටම කුරුසයේ ඇණ ගසන පිලිපීන පාස්කුව
පාස්කු හෙවත් කොරොස්ම කාලය යනු පිලිපීනයට සුවිශේෂී වූ කාලයක් බව පාස්කු කාලයක එහි ගොස් ඇති සියල්ලන් දනී. ආසියාවේ විශාලතම කතෝලික රාජ්‍යය වන පිලිපීනයේ සීයට 80 කට වැඩි පිරිසක් කතෝලිකයන් ය. වෙනත් සභා වලට අයත් කිතුනුවන් ද එරට ජනගහනයෙන් සීයට 12 කට ආසන්නය. සීයට 6 ක පමණ මුස්ලිම් ජනගහනයක් ද වේ. ඔවුන්ගෙන් බහුතරයක් දකුණු දිග පිලිපීන Mindanao දූපත කේන්ද්‍ර කරගෙන වාසය කරයි. Mindanao යනු එරට අගනුවර වන Manila නුවර පිහිටි Luzon දූපතට අනතුරුව පිහිටි විශාලතම දූපතයි. පිලිපීන පාලනයට එරෙහිව කැරලි ගසන මුස්ලිම් කැරලිකරුවන් වඩාත්ම ක්‍රියාත්මක වන්නේ එම දකුණු දිග පිලිපීන දූපත් කේන්ද්‍ර කරගෙනය වෙනත් කිතුනු සභාවකට අයත් කිතුනු පාස්ටර් වරයෙකු කුරුසයේ ඇණ ගසා මරාදැමීමක් ගැන ප්‍රවෘත්තියක් පලව තිබුනි. මා මේ ලියන්නට යන්නේ එකී ප්රවෘත්ති ගැන නොව චතාරික කාලයේ පිලිපීනයේ සිදුකරන චතාරික පිලිවෙතක් ගැනය.
කලින් සදහන් කල ලෙසම චතාරික කාලය යනු පිලීපිනයට සුවිශේෂී කාලයකි. චතාරික සමයේදී පිලිපිනයේ විදී පුරා සිදුකරන පාදනමස්කාරයන් එහි සුලබ දසුනකි. එකී පදනමස්කාරයන් සදහා කුරුසය කරෙන් දරාගෙන, කටු ඔටුන්නක් පැලද, ජේසු මෙන් ඇදගත් පිරිස්ද, රෝම සොල්දාදුවන් මෙන් ඇදගත් පිරිස් ද, බැතිමතුන්, පියතුමන්ලා, පැවිදි සොහොයුරු සොහොයුරියන්ද යාච්ඤා කරමින් ගමන් කිරීම සුබල දසුනකි.
එයටත් වඩා අවධානය යොමුකරන දසුනක් වන්නේ කසයක් වැනි දෙයකින්, උණ පතුරුවලින් තනාගත් කටු සැරමිටියකින්, සිය සිරුරේ පිටට තලමින්, පව් සමාව ඉල්ලමින්, එම පෙරහැර වල ගමන් කරන පිරිස්දය. එය එක්තරා ආකාරයක කෲර වදබධනයක් තමා පිටම පවරා ගන්නා සිත් තැතිගන්වන දසුනකි. හිත් කීරිගන්වන එවැන්නක් පාස්කු කාලයේ එරට වැසියන්ට නම් කිසිසේත්ම නුපුරුදු අත්දැකීමක් නොවේ.
එහෙත් එයටත් වඩා තැති ගන්වන කරුණක් නම් ඇත්තටම කුරුසයේ ඇණ ගැසීමය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇණ ගැසුවාක් මෙන් දෑත් දෙක කුරුසයේ තබා ඇණ ගසා කුරුසයේ එල්ලීමේ චාරිත්‍රයක් චතාරික කාලයේදී පිලිපීන කිතුනුවන් අනුගමනය කරති. San Pedro Cutud Lenten Rites නමින් හදුන්වන එම චතාරික චාරිත්‍රය ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීම සැබෑවටම ප්‍රතිනිර්මාණය කිරීමකි. එහෙත් එසේ ඇණ ගසන්නේ ක්‍රිස්තුස් වහන්සේ මෙන් මරණ දක්වා නොවේ. තාවකාලිකවය. විනාඩි 5 පමණ කාලයක් එසේ ඇණගසා එල්ලා තබා ක්‍රිස්තුස් වහන්සේගේ සිරුර කුරුස ගසින් බාගන්නාක් මෙන් කුරුසයෙන් ඉවත් කරගනී. ඇතැම් අවස්ථාවල ස්ත්‍රී/ පුරුෂ දෙගොල්ලෝම මෙසේ ඇණ ගැසයි.
ඇග කිරීගන්වන, දැඩි ආතතියක් දනවන මෙම දසුන නැරඹීමට තරමක් අසුරුවිය හැක. එහෙත් එකී චාරිත්‍රයේ නිරතවන්නන්ට නම් එය අතිමහත්වූ භක්ති අභ්‍යාසයකි. ප්‍රේමණීය ක්‍රිස්තුස් වහන්සේ වින්දාවු දුක්ගාවිනාව තමන්ම විද දරාගැනීමකි. මැනිලා අගනුවර සිට පැය එකහාමරකින් පමණ ලගාවිය හැකි Cutud ගමේ Ruben Enaje නම් තැනැත්තා මෙසේ 33 වතාවක් කුරුසේ ඇණ ගැසීමට ඉදිරිපත්වූ බව කියවේ. ඇත්ත වශයෙන්ම එසේ කුරුසයේ ඇත්තටම ඇණ ගැසීමට ඉදිරිපත් වීමට මෙන්ම, එවැනි දසුනක් ලග සිට බලා සිටීමටද හැක්කේ කිසියම්වූ ආකාරයකට භක්තියේ ගැඹුරු අන්තයකට ලගාවිය හැකි පුද්ගලයෙකුට පමණි. චතාරික කාලය තුල එවැනි තැනැත්තන් පිලිපීනයේ ඇති තරම් සොයාගැනීමට හැක.
පිලිපීන වැසියන් පාස්කු සමයේ නිරතවන පාස්කු භක්ති අභ්‍යාසයන් සැබෑවටම භක්තියේ විවිධ වු අන්තයන් විදහා දක්වන්නකි. පිලිපීනයේ සිට විසුරුවා හරින වෙරිටාස් ගුවන් විදුලියේ (Radio Veritas) සිංහල සේවය ඔස්සේවත් පිලිපීනයේ එකී පාස්කු සම්ප්‍රදායන් ගැන විකාශනය කරන්නේ නම් ලාංකික කිතුනුවන්ට යම් අවබෝධයක් ඒ පිලිබදව ලැබිය හැකිය.
මාකස් ප්‍රියන්ත පෙරේරා
24/03/23
Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.com0tag:blogger.com,1999:blog-133738765035962263.post-17235188130511265682023-03-21T08:09:00.003-07:002023-03-22T00:04:27.403-07:00ණය ජම්ම පාපයක් නම් අපිට අහිමිවෙන්නේ සුගති උද්‍යානයද?
IMF ඒකෙන් ලංකාවට ඩොලර් බිලියන තුනක් ලැබුනා තමයි, හැබැයි ඒකත් ණයක්... අපි ඔය සියලු ආර්ථික සංවර්ධන සිහින දකින්නේ ණය කන්දක් උඩ ඉදගෙන... රටවල් විතරක් නෙමේ මිනිස්සුත් එහෙම තමයි... ගෙවල් දොරවල් යානවාහන තව බොහෝ දේවල් ගන්නේ, කරන්නේ ණය වෙලා... ටික ටික ගෙවනවනේ කියන එක තමයි උත්තරේ... ඒත් ඒ එක්ක අපි පොලියක් ගෙවන්න ඕනේ, අපි පොලියටයි, මුදලටයි දෙකටම ගෙවන්න දිගටම උපයන්න ඕනේ කියන එක ගැන තකන්නේ නෑ... අන්තිමට අපි අපේ වත්කම් කියලා කියන්නේ ණය... අපි උපයලා තියෙන්නේ ණයයි, පොලීයි ගෙවන්න කියන එක අපි දැනුවත්ව හෝ නොදැනුවත්වම අමතක කරනවා, අනාගත ලාභයන් ගැන සිහින දකිමින් ඒ කාරණය අපි අපේ මතකයේ කෙරවලක තබනවා...
අපි මිනිස්සු විදිහට වගේම, එහෙම හිතන මිනිස්සු ඉන්න රටක් විදිහටත්, අපි දැක්කේ පියවරෙන් පියවර ආදායම් මාර්ග දියුණු කරගෙන සංවර්ධන සිහින සැබෑ කරගන්නවා වෙනුවට කොහෙන් හෝ ණයක් අරන් එකපාර අදායම් වැඩි කරගැනීමයි, එහෙම ආදයම් ගැන පුරෝකතනය කරමින් තව තවත් ණයට වත්කම් එකතුකර ගැනීමයි. අපි සංවර්ධනය කියලා දැක්කේ එහෙම හීන. ඒ සංවර්ධන සිහින අපේ ඇස් ඉදිරියේම බිදවැටුනේ රට බංකොලොත් රටක් වෙලා, මිනිස්සුන්ට දවස් ගණන් පෝලිම්වල තපින්න වෙලා, පැය ගණන් ලයිට් නැතිව ජීවිත අන්දකාරයට පත් කරලයි.
අන්තිමට එදිනෙදා දේවල් ටික ගෙන්න ගන්නවත්, විකුණාගන්න මොනවා හරි දෙයක් හදාගන්නවත්, වවාගෙන කන්නවත් ණයක් ගන්න කෙනෙක් නැතිවුනා. බංකොලොත් රටකට ණය දෙන්නේ කවුද? ඔය IMF උනත් අපිට ණය දුන්නේ අපි අහවල් අහවල් දේවල් කරන්න කටයුතු එකගවෙන නිසයි.
ඉස්සර ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න IMF එකයි, ලෝක බැංකුවයි, ලෝක වෙළද සංවිධානය යි හැදුන්වුයේ නූතන ධනවාදයේ ත්‍රීමුර්තිය ලෙසයි. ඒ අය පෙනී ඉන්නේ ලෝක ධනවාදී ක්‍රමය පවත්වාගෙන යන්නයි කියන එක තමයි ඔහු අපිට ඉගැන්වුයේ. කවුරුත් ණය නොදී බංකොලොත් වුන ලංකාවට පවා ආපහු ආපහු පාරක් ණය දෙන්නේ (මේ පාර දුන්නේ 17වෙනි වතාවට) මේ එක කොනක හෝ එක රටක් කඩන් වැටුනාම එහි ප්‍රතිවිපාක අනෙක් අයටත් පැතිරෙන නිසයි.. බලපාන නිසයි. අපි ණය කොච්චර ගත්තත් ගොඩ ආපු නැති නිසා මේ පාර IMF එකෙන් උනත් ණය ගත්තේ අමාරුවෙන් වෙන්න පුලුවන්...
"එහෙම ගන්නත් මාර ගේමක් ගහන්න වුනා, රනිල් නැත්නම් ඒකත් නෑ, ඒක රනිල්ගේ ජයග්‍රහණයක් කියලා අයත් ඉන්නවා.." හැබැයි එකත් ණයක්!!
ඇත්ත ජයග්‍රහණය තමයි ණය නැතිව ඉන්න එක... ඒත් ණය නොවී කොහොමද කරගන්නේ කියන එක තමයි අභියෝගය.. ඇත්ත, මේ ක්‍රමය ඇතුලේ ණයක් ගන්නේ නැතිව කරගන්න බෑ තමයි... එහෙම කරන්න නම් අපි වෙනස්ම විදිහට හිතලා, වෙනස්ම විදිහට ජීවත්වෙන්න පටන් ගන්න වෙනවා... හැබැයි එහෙම හිතලා, එහෙම ජීවත්වෙන්න පටන්ගත්තත් මිනිස්සුන්ට ගැලවීමක් නෑ... මොකද රට ගත්ත ණය ගෙවන්න වෙනවා. ඒක පැටැවෙන්නෙත් රටේ මිනිස්සුන්ටමයි. භූමිතෙල් බෝතලේ ඉදන්, පාන් ගෙඩියේ ඉදන්, බෙහෙත් පෙත්ත වෙනකම්ම රටේ මිනිස්සු වෙනවා... මේ සිස්ටම් එක ඇතුලේ ලේසියෙන් ගැලවීමක් නෑ, බේරීමක් නෑ...
ඉතින් ණය කියන්නේ එක්තරා ආකාරයක කරුමයක්... ජම්ම පාපයක්... එහෙම ගත්තාම IMF එකෙක් අපිට දීලා තියෙන්නේ සාතාන් ඒවට දීලා, ඒවා ආදම් ට දුන්නා වගේ ඇපැල් ගෙඩියක්... අපිට අහිමිවෙනේ මොකක්ද දන්නවාද? සුගති උද්‍යානය!! සුගති උද්‍යානය අහිමිවීම ගැන 'ආදම්-ඒව සහ ඇපල් ගෙඩිය' ගැන ඔය කතාව කියන බයිබලයේ කියන්නේ 'උබලට මීට පස්සේ කන්න වෙන්නේ මුහුණ ඩාදියෙන් පෙගෙනකම් වැඩකරලා, වෙහෙසවෙලා..' කියලයි. අපි දැන් ගෙවමින් ඉන්නේ එහෙම ජීවිත නෙමේද? සුගති උද්‍යානය කියන්නේ හීනයක්ම විතරද?
“Cursed is the ground because of you; through painful toil you will eat food from it all the days of your life.
මාකස් ප්‍රියන්ත පෙරේරා
21/03/23
Marcus Priyantha Pererahttp://www.blogger.com/profile/14428588158285959379noreply@blogger.com1