This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 26 June 2015

මීගමුවට TV ආවේ 1976 ටත් පෙරද ?



ශ්‍රී ලංකාවේ මුල්ම රූපවාහිනී සේවය වන ස්වාධීන රූපවාහිනී සේවය ආරම්භ කලේ 1979යේ අප්‍රියල් 13 වන දිනය. ඒහින් ශ්‍රී ලංකාවේ රූපවාහිනී යන්ත්‍ර විකිණිම ආරම්භ විය යුත්තේ ඒ සමග සහ එයට පසුවය. 

එහෙත් ඊට වසර 03නකටත් පෙර, එනම් 1976 වන විටත් මීගමුවේ 'නැෂිනල් සහ පැනසොනික්' ඒජන්ත ආයතනය විසින් රූපවාහිනී යන්ත්‍ර විකුනමින් සිටි බවට පුවතක් වේ. 

ඒ එංගලන්තයේ Cussins & Light සමාගමේ එවකට අධ්‍යක්ෂකවරයා වූ Denys Cussins මහතාගේ සංචාරක සටහන් වලට අනුවය. ඩෙනිස් මහතා සහ ඔහුගේ බිරිද වූ වෙරෝනිකා 1976 මාර්තු මාසේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවී ඇති අතර එහිදී ඔවුන් මීගමුවේ ග්‍රීන්ස් පාරේ වර්තමාන 'අංසගි ෆැන්සි හවුස්' / විසිතුරු යන  පිහිටා තිබු ස්ථානයේ පවත්වා ගෙන ගිය 'සිල්වර්ටන්' (Silvertone) සාප්පු සංකීර්නයේ පිහිටා තිබු ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය 'නැෂිනල් සහ පැනසොනික්' ඒජන්ත ආයතනය දැක පුදුමයටත් කුතුහලයට පත්ව එයට ගොඩවී මේ සම්බන්ධයෙන් විමසා ඇත. 

එහිදී මෙම ආයතනය පවත්වාගෙන ගිය සිරිල්  සිරිල් සමරසේකර මහතා සහ ලීලා මැතිනිය තමන් මීගමුවේ 'නැෂිනල් සහ පැනසොනික්' නිල ඒජන්තයන් බවත්, මුලික වශයෙන් රේඩියෝ, විදුලි පංකා ආදිය විකුණන බවත්, එහෙත් ඉල්ලීමක් කළහොත් රූපවාහිනී යන්ත්‍ර ද ගෙන්වා දෙන බවත් දන්වා ඇත. ඒ වනවිටත් ඔවුන් රූපවාහිනී යන්ත්‍ර කිහිපයක්ද, අමතර කොටස් කිහිපයක් පාරිභෝගීකයන්ට ගෙන්වා දී තිබු බව දන්වා ඇත. 


මේ පුවත අසා ඩෙනිස් මහතා සහ ඔහුගේ බිරිද වූ වෙරෝනිකා මහත් විස්මයකට පත්ව ඇත්තේ ලංකාවේ ඒවන විටත් නිල රූපවාහිනී නාලිකාවක් නොතිබි නිසාය. එහෙත්  කොළඹ සිට ක්‍රියාත්මක වූ TV Sri Lanka යනුවෙන් පෞද්ගලික නාලිකාවක් තිබී ඇත. මීගමුවේ රූපවාහිනී යන්ත්‍ර හිමි ධනවත් පිරිස් ඒවන විටත් එම කොළඹ සිට ක්‍රියාත්මක වූ පෞද්ගලික නාලිකාවන් මීගමුවේ සිට නැරබීමට ඇත. 

ඉහත ඡයාරූපයේ ඇත්තේ මීගමුවේ 'නැෂිනල් සහ පැනසොනික්' නිල ඒජන්තයන්වූ, සිරිල් මහතා සහ එම මැතිනියත්, ඩෙනිස් මහතාගේ බිරිද වූ වෙරෝනිකාත්ය. 


මාකස් ප්‍රියන්ත පෙරේරා  
26/06/2015.

පසුව ලියමි. 

මෙම පුවත සම්බන්දයෙන් තවත් තොරතුරු කිහිපයක්  සොයාගැනීමට ලැබුණි. එම තොරතුරු වලට අනුව මෙම මීගමුව 'සිල්වර්ටන්' (Silvertone) සාප්පු සංකීර්නයේ පිහිටා තිබු 'නැෂිනල් සහ පැනසොනික්' ඒජන්ත ආයතනය පවත්වාගෙන ගිය වෙළෙද නියෝජිතයා වන සිරිල් සමරසේකර මහතාගේ බිරිද ලීලා මුතුමැණිකේ වූ අතර ඉහත ඡයාරූපයේ ඉංග්‍රීසි ජාතික වෙරෝනිකා මහත්මියට දකුණු පසින් සිටින්නේ ඇයයි. මෙම සිරිල් මහතා සහ මුතුමැණිකේ මහත්මිය මීගමුව බෞද්ධ මන්දීරය ගොඩනැගී සදහා මහත් කැපවීමෙන් ක්‍රියාකල ධානපතීන්ය. 

මීගමුවේ අද ප්‍රමුඛතම විදුලි සහ විද්‍යුත් උපකරණ විකුණන වෙළද ව්‍යාපාරයක් වන 'ජයන්ති ඉලෙක්ට්‍රිකල්ස්' ව්‍යාපාරයේ අධිපති අප්පුහාමි මහතා මුලින්ම සේවයකර ඇත්තේ මෙම 'සිල්වර්ටන්' ගොඩනැගිල්ලේ පිහිටි මීගමුවේ 'නැෂිනල් සහ පැනසොනික්' ඒජන්ත ආයතනයේය. සිරිල් මහතා තවත් හවුල් කරුවෙකු සමග පවත්වාගෙන ගිය එම ව්‍යාපාරය බිදවැටීමෙන් පසුව අප්පුහාමි මහතා 'ජයන්ති ඉලෙක්ට්‍රිකල්ස්' ව්‍යාපාරය ආරම්භ කර ඇත.  

මෙයටත් වඩා පුදුම උපදවන සුළු තොරතුරක් වනුයේ මීගමුවේ මුලින්ම  රූපවාහිනි විකිණීම අරභා ඇත්තේ 1974 දී  'කාටූබාවා' නම් මුස්ලිම් වෙළෙද මහතෙකි. මීගමුවේ කාලයකට පෙර පැවති 'Negombo Electricals' ආයතනය සහ මේ 'කාටූබාවා' නම් ව්‍යාපාරික මහතාගේ නම අතර සම්බන්දයක් පැවතිය ද එය පැහැදිලි නැත. කෙසේවුවද 'කාටූබාවා' මහතා මීගමුවේ බයිසිකල් වෙළදාම සම්බන්දයෙන් විශාල ප්‍රසිද්ධියක් දිනා සිටියේය. ඒ ඔහු එංගලන්තයේ නිපදවූ ඉස්තරම් රැලේ බයිසිකල් (Raleigh Bicycle)  මීගමුවට ගෙන්වා බෙදාහැරීම නිසාය. 


මාකස් ප්‍රියන්ත පෙරේරා  
29/06/2015.

Monday 22 June 2015

Negombo people gathered in a rally to raise their issues !!!


A larger scale public rally was held in  Sri Lanka's catholic dominant coastal town of Negombo on 17/06/2015  to draw the government's attention to their issues. The rally was mainly to outline the problem caused by the evacuation of  the main seven-storey building of the Negombo general hospital, which was built in the year 2000, following the warning of  Moratuwa University revealed that the building may fall down soon. It was reported that there were more than 5000 patients in the building and it was the houses of the intensive care unit, dental care, mental health, OPD and several other departments of the hospital.

The seven-storey building of the Negombo general hospital initially constructed by South Korean company 'Kabool Construction Ltd' and the project was completed by another South Korean company of 'KeangNam Enterprises' under a Korean aid loan of US$ 8 million from the Economic Development Cooperation Fund (EDCF).These two companies also constructed a seven-storey building in Gampaha general hospital premises in the year 2000 using the funds from EDCF. Both projects did not meet the required standards and had found water leaking problem from the roof since the opening of the building.

On 27th September 1998, the Sunday Times newspaper of Sri Lanka has reported that  top officer of the Sri Lanka's Finance Ministry's External Resources Division (ERD), had been moved out, amidst controversy and allegation over the collapse of a massive tender for a project of that Negombo and Gampaha hospital projects. The officer was believed to be Mr. B.H. Passaperuma, who was the director in charge of ERDs Eastern affairs, had headed a team which negotiated the tender process under the Korean Aid loan. He was transferred to the Ministry of Plan Implementation as a director of district development. The newspaper also reported that some officials in the ERD however say Mr. Passeperuma's transfer was a routine one, but other sources claim it was linked to the tender dispute.   

The water leaking  problem from the roofs of both Gampaha and Negombo hospital buildings  worsened after few months since the opening and the health department of Sri Lanka's government  paid only little interest to those issues because that hospitals were under the Western Provincial Council's control.   

The Western Provincial Council of Sri Lanka spent six million rupees on Gampaha hospital and completely resolved its problems, but did not repair the Negombo hospital's seven-storey building. The reason for that remains unknown to the public. Consequently, the Negombo general hospital's seven-storey main building has now been classified as being near to collapse. 

Since the evacuation of that main building, the Negombo general hospital is now overcrowded in housing and number of  hospital departments are stop functioning. There is a fear that some department of the hospital may transfer to other hospitals in the vicinity, which will eventually disassemble the Negombo hospital's facilities and reduce its capacity. 

So, the people who gathered in that rally demanded from the Sri Lankan government (1.) to take the Negombo general hospital directly under the central government's control from the Western Provincial Council, and (2) demanded not to transfer any departments from the Negombo hospital to other hospital in the vicinity. 

The people of Sri Lanka's catholic dominant coastal town of Negombo believed that their hometown was deliberately being neglected and gradually undermined its statues by the country's political authorities since the independence from the British colonial rule. 

During the colonial period, Negombo was the second biggest and the most developed city in Sri Lanka's Western Province after capital Colombo. Itself was a  district for sometime and then became a part of the Colombo district. But it was declassed in 1978 and brought under the newly created district of Gampaha. Then, Negombo lost its administrative significance. Sri Lankan's main international airport, which is situated just 8km away from the Negombo city centre, was previously known as the Negombo airport. But 1956 elected S.W.R.D. Bandaranayaka's government renamed that airport as Katunayake airport before it renamed Bandaranayaka airport.

The centuries-old Negombo commercial harbour down graded into a fishing harbour by a Gazette notification. The Negombo old Dutch fort, queen Elizabeth the II visited Negombo new rest house and other historical building of the town had been left to go to ruin by the Sri Lankan government and did nothing to protect them, while mainly Sinhala-Buddhist people live Galle and Matara area's Dutch forts and other old colonial building were restored. The education level and school system of Negombo area slipped down to a lower level after the government took over the management and the assets of the church ran schools in 1960. The city was the place that introduced Sinhala cinema and the live band music to Sri Lanka but still lack of a standard cinema hall and a art gallery. Still Negombo hasn't got a good quality sport stadium although it was the town that historically supplied more than half of the players for the national football team and the hometown for the Asian medal winning athlete of Sri Lanka.

Hence, it seems  that the Negombo hospital issue may be the latest and most blazing case for people in this city for this very moment but  they have plenty more issues to raise and should gather more for the  protests and demonstrations.

The 17/06/2015 rally was organised by Negombo catholic organisations and managed to bring more than 60 catholic priests from all the parish churches  and at least sisters from all the  convents of Negombo area, as well as the Buddhist monks, other Christians,Hindus and Muslims religious leaders and a larger number of people from every corner of the city. 

Mracus Priyantha Perera 
21/06/2015 

Wednesday 17 June 2015

මීගමුව කතෝලික ශාසනාරක්ෂක බලමණ්ඩලය සමග මීගමු ජනයා පාරට බසී - දැන් අපි නොනැවතිය යුතුය !!!



රටේ පාලකයින් විසින් කලාන්තරයක් පුරා තම ප්‍රදේශය සහ එහි ජනයාගේ ගැටළු දිගින් දිගටම නොසලා හරිමින් ඇතැයි මැසිවිලි නගමින් සිටි මීගමු ජනයා අද (17/06/2015) සිය ප්‍රශ්න සම්බන්ධයෙන් රජයේ අවදානය දිනා ගැනීම සදහා මහ පාරට පැමිණ උද්ගෝෂණයක නිරතවිය. ඒ මීගමුව මහ රෝහලේ සත්මහල් ප්‍රධාන ගොඩනැගිල්ල තනා වසර 13ක් වැනි කාලයක් තුල කඩාවැටීමට ආසන්න තත්වයකට පත්ව තිබීම තුල මීගමුව සහ ඒ අවට ජනයාට මුහුණදීමට සිදුවී ඇති සෞඛ්‍ය අපහසුකම් වලට විසදුම් ඉල්ලීමටය. 

මීගමුව කතෝලික ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් සංවිධානය කරතිබු මේ දැවැන්ත උද්ගෝෂණය සදහා මීගමුව ප්‍රදේශයේ සියළුම කතෝලික පල්ලිවලින් 60 දෙනකට ආසන්න පියතුමන්ලාද, මීගමුවේ සියළුම කන්‍යාරාමවලින් අඩුම වශයෙන් එක් කන්‍යා සොයුරියක්වත්ද, වෙනත් කිතුනු  සභාවල දේවගැතිවරුන්ද, මීගමුව අගුරුකරමුල්ල පන්සලේ සහ පොඩි පන්සලේ  ස්වාමීන්වහන්සේලාද, මීගමුව හින්දු සහ මුස්ලිම් පුජකවරුන් ද, ප්‍රදේශයේ සියළු ආගම් සහ විවිධ ජනකණ්ඩායම් නියෝජනය කරන ජනයාද  එයට සහභාගීවී ඇත. එය මීගමුවේ ජනයාගේ ඇති සමගි සම්පන්නකම විදහාපාන්නක් විය. නිමල් ලන්සා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ රොයිස් විජිත වැනි ප්‍රදේශයේ පක්ෂ-විපක්ෂ දේශපාලන නායකයන්ද මෙයට එක්ව ඇත. එය අගය කල යුත්තකි.

ඉකුත් ඉරිදා (14/06/2015) ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ මුල්පිටුවේ මීගමුවේ කතෝලික ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන සංවිධායක එම්මානුවෙල් පියුම්වර්ධන මහතා විසින් "මීගමුව රෝහල රැකගනිමු' යනුවෙන් නිකුත්කළ නිවේදනයට (මෙතැනින් පිවිසෙන්න) අනුව මෙම උද්ගෝෂණය පැවැත්වීමට නියමිතව තිබුනේ කලින් (16/06/15) දිනයේය. එහෙත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලංකාවේ අදටත් ක්‍රියාත්මකවන පැරණිම නේවාසික කාන්තා පාසැල වන මීගමුව 'නිවුස්ටඩ්' බාලිකා විදුහලේ 200 වන සැමරුම සදහා ඉදිකළ ගොඩනැගිල්ල විවෘත කිරීමට මීගමුවට ඊයේ පැමිනි බැවින් එයට බාධා නොවන පිණිස උද්ගෝෂණය අදට (17/06/15) කල්තබා තිබුණි. එහෙත් මෙම දින වෙනස් කිරීම උද්ගෝෂණයේ සාර්ථකත්වයට කිසිදු ලෙසකින් බලපා නොතිබි බව එයට සහභාගී වූ ඉහල ජන සභාගීත්වය සාක්ෂි දරයි. 

මෙයට අමතරව 'මීගමුව මහ රෝහල සුරැකීමේ සංවිධානය' විසින් 'මීගමුව මහ රෝහල විනාශයි' යනුවෙන් පත්‍රිකාවක් ද බෙදා මෙම උද්ගෝෂණය ගැන ජනයා දැනුවත් කර තිබුණි. මේ එම පත්‍රිකාවයි. 




මෙම පත්‍රිකාවත්, මීගමුවේ කතෝලික ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ඉහත නිවේදනයත් මුලික වශයෙන්ම ඉල්ලා සිටියේ මීගමුවේ රෝහල වහාම බස්නාහිර පළාත් සභාවේ පාලනයෙන් ඉවත්කොට මාධ්‍ය රජයේ හෙවත් සෞඛ්‍ය අමාත්‍යශයේ ඍජු පාලනයට පවරා ගන්නා ලෙසයි. ඒ බස්නාහිර පළාත් සභාව දිගින් දිගටම මීගමුව මහ රෝහල නොතකාහරිමින් ගම්පහ රෝහලේ නවීකරණයට පමණක් කටයුතු කරන නිසාය. බස්නාහිර පළාත් සභාවේ නොසැලකිල්ල නිසා මීගමුව රෝහල කෙතෙක් නම් විනාශ වී ඇත්දැයි ඉහත පත්‍රිකාව හා අදාල පුවත්පත් නිවේදනය කියවීමෙන් සිතා ගතහැක.     

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ක්‍රමයෙන් විකාශනය කල රාජ්‍ය ප්‍රතිපත්තිය තුල මීගමුව දිගින් දිගටම නොසලාහැරී බව නිතර නිතර මතක්කල යුතු සත්‍යයකි. බස්නාහිර පළාත් සභාව යටතේ පාලනය වන අද විනාශයට ගොදුරුව ඇති මීගමුව රෝහල එයට තවත් එක් උදාහරණයක් පමණි. ගාල්ල, මාතර වැනි පැරණි ලන්දේසි බලකොටු ප්‍රතිසංස්කරණ කරන ලංකා රජය මීගමුව ලන්දේසි බලකොටුව, බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් රැජිණ වැනි රාජකීය සම්භාවනීය අමුත්තන් පැමිණි මීගමුව නව තානායම ආදී මීගමුවේ එතිහාසික වටිනාකමක් ඇති ස්ථාන ක්‍රමයෙන් විනාශ වීමට ඉඩහැර ඇස්-කන් පියා සිටීම තවත් උදාහරණයකි. තවත් දෑ ඕනෑ තරම්ය.

 යටත්විජිත යුගයේදී කොළඹ හැරුණු විට බස්නාහිර පළාතේ තිබු ඊලගට දියුණුම සහ විශාලතම නගරය වුයේ මීගමුව ය. එය කලක් මීගමුව දිස්ත්‍රික්කය ලෙසද, පසුව කොළඹ දිස්ත්‍රික්කයේ කොටසක් ලෙසද පැවතිනි. 1977 නව දිස්ත්‍රික්කයක් වශයෙන් මීගමුව නම් කිරීමට ඉඩ නොදී එය ගම්පහ  ලෙස නම් කර මීගමුව යටපත් කරන ලදී. 1957 දක්වා පැවති මීගමුව ගුවන් තොටුපලින් මීගමුව නම හලා එය කටුනායක ගුවන්තොටුපල ලෙස නම් කළේය. සියවස් ගණනාවක් වෙළද නැව් පැමිණි මීගමුව වරාය ධීවර වරායක් ලෙස සීමා කරමින් ගැසට් නිවේදනයකින් පහත හෙලන ලදී. මීගමුව අධිකරණ බලප්‍රදේශය, මීගමුව පොලිස් බල ප්‍රදේශය ක්‍රමයෙන් හකුළුවමින් මීගමුවේ පරිපාලන වැදගත්කම හීන කරමින් ඇත. මීගමුව ලංකාවේ පැරණිම මහ නගර සභා 05න් එකකි. 1960 පාසැල් රජයට පවරාගැනීමේ පනත නිසා  ලංකාවේ පැරණිම මෙන්ම ඉතාම හොදින් ක්‍රියාත්මකවූ මීගමුවේ පාසැල් පද්ධතිය බෙලහීන කර ඇත. කලක් ජාතික පාපන්දු කණ්ඩායමට හරි අඩකට වඩා ක්‍රීඩකයන් සැපයු, ආසියානු පදක්කම් ලද මළල ක්‍රීඩකයින් බිහිකළ මීගමුවට අද හොද මට්ටමේ ක්‍රීඩාංගනයක්වත් නැත. ශ්‍රී ලංකාවට සිංහල සිනමාවක්, සිංහල කණ්ඩායම් සංගීතයක් හදුන්වාදුන් මීගමුවට අද ද හොද සිනමාහලක් සහ කලාගාරයක් නැත. එහි ඉතිහාසය මතුපරපුරට සුරක්ෂිතව ප්‍රදර්ශනය කිරීමට කෞතුකාගාරයක් නැත. ඒ මෙම නගරයේ ජනයා, මැසි-මදුරු උවදුරුන් පීඩාවට පත්ව, නිවාස හිගයකින් සහ දහසකුත් එකක් ගැටළුවලින් පෙලෙන අතරය. 

එහෙත් ඒ සියල්ල තුල අපි අපේ ජනයා, සමගියෙන්, ප්‍රීතියෙන් එකිනෙකාට උදව්කරමින් ගෙවන ජීවිතය ගැන, අපේ නගරය ගැන තරම්ම ආඩම්බර වෙමු. අද මීගමුවේ ජනයා සිය රෝහලේ ගැටළුව සම්බන්දයෙන් සිදුකල මේ පෙළගැස්ම නොනවත්වා ඉදිරියට ගෙන ගොස් අපේ නගරයේ සෙසු ගැටළු විසදීමටත් නොනවතින අරගලයක නිරතවීමට අද උද්ගෝෂණය සංවිධානය කල මීගමුවේ කතෝලික ශාසනා රක්ෂක බල මණ්ඩලයටත් සෙසු සැමටත් අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා !!!!

මාකස් ප්‍රියන්ත පෙරේරා
17/06/2015. 

Wednesday 10 June 2015

ඩබල් ඩෙකර් රථ මීගමුවේ නැවත දුවවමු ද ?

2015 වසරේ ජුනී මාසේදී  'Old Ceylon Facebook' පිටුව සහ වෙනත් වෙබ්අඩවි කිහිපයක 1980/90 දශකවල අගභාගය දක්වා මීගමුවේ පාරවල් වල ධාවනය වූ පැරණි ඩබල් ඩෙකර් (London Route Master) බස් රථයක ඡයාරූපයක් පලකර තිබුණි.  මේ එම ඡයාරූප යයි. කාලයක් තිස්සේ මා එකතු කළ මීගමුවේ පැරණි ඡයාරූප මගේ Facebook පිටුවේ විටින් විට පලකරන බැවින් ඉහත ඡයාරූපය දුටු කිහිපදෙනෙක් මාවද එම ඡයාරූප වලට tag කර තිබුනි. එහෙත් මා දැනට රැස්කර ඇති මීගමුවේ පැරණි ඡයාරූප එකතුවේ Old Ceylon Facebook පිටුව පලකල ඉහත ඡයාරූපය ඇතුළුව තවත් මීගමුවේ පාරවල් වල ධාවනය වූ බස් රථ 09 ක පැරණි ඡයාරූප තිබේ. එම බොහොමයක් ඡයාරූප 1970 දශකයේ අග භාගයේ සිට 1990 දශකයේ මැද දක්වා කාලය තුල ගනු ලැබූ ඡයාරූපය. ඒවා අතර ඩබල් ඩෙකර් බස් රථ මෙන්ම සාමාන්‍ය බස් රථවලද ඡයාරූප වේ. 

පහතින් පලවෙන මීගමුව-පෝරුතොට පාර- කොච්චිකඩේ (907 බස් මාර්ගයේ) ධාවනය වූ බස් රථයේ ඡයාරූපය ඉන් එකකි. මේ ඡයාරූපය 1987 දී මීගමුව වැල්ල වීදියේ විජයරත්නම් පාසැල සහ හින්දු කෝවිල අසලදී විදේශීය සංචාරකයෙකු ගේ කැමරාවට හසුව තිබිණි. මෙම මාර්ගයේම ධාවනය වූ තවත් සාමාන්‍ය බස් රථයක් මීගමුව වැල්ලවීදිය කනත්ත අසල දී ඡයාරූපයට නගා තිබී සොයා ගත හැකි විය.  

එම ඡයාරූප දෙක සමග පහත පලකරන  ඩබල් ඩෙකර් බස් රථ දෙක මීගමුව කොටුව පිට්ටනිය අසල දී ඡයාරූපයට නගා තිබුණි. මින් එක් ඡයාරූපයක් ඉකුත් පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව ශ්‍රී ලංකාවේ පැවති සමයේදී මගේ Facebook පිටුවේ 'My Home town Negombo, post no.21' යන තේමාව යටතේ 10 November 2013 දින පලකලේය. 

එය ලිව්වේ, පාරවල් 'ෂැම්පෝ' දමා හෝදමින් අනවශ්‍ය ලෙස රටේ ජනයාගේ මුදල් නාස්තිකරමින් පොදුරාජ්‍ය මණ්ඩල උළෙලෙකට මුදල් වියදම් කරමින් ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව කොළබ  පැවැත්වීමට  සුදානම් වෙමින් සිටින අතරතුරේ මීගමුව බස් ඩිපෝවේ එවකට අලුත්වැඩියාවකින් තොරව ගාල්කර ඇති බ්‍රිතාන්‍යයෙන් ලැබුන  ඩබල් ඩෙකර් බස් රථ කිහිපයෙන් එකක් හෝ අළුත්වැඩියාකර පාරට දැම්මේ නම් අඩුම තරමින් පොදුරාජ්‍ය මණ්ඩල උළෙලේ ඉතා කුඩා ප්‍රයෝජනයක්වත් රටේ සාමාන්‍ය ජනයාට ලැබිය හැකිවිය හැකියැයි සටහන් කිරීමටය. අනෙක් අතට, බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාව අතර යටත් විජිත යුගයේ සිට පැවැත එන සම්බන්ධතා සිහිපත් කරන පොදුරාජ්‍ය මණ්ඩල උළෙලේදී මේවැනි ඩබල් ඩෙකර් (London Routemaster) බස් රථ නැවතත් පාරේ දිවිය හැකිවිනි නම් කෙතරම් අගනේද? ඒ සම්බන්ධයෙන් කිසිම අවධානයක් යොමුනොවන ලදී. 

එහෙත් අපි මීගමුව සිට කොලඹ, කටුනායක, රද්දොළුගම, 247 වැලිහේන පාර, කටාන මඩම්පැල්ල මාර්ගය, දිසාගෙවත්ත (242/1 මාර්ගය), කිබුලාපිටිය, වෙන්නප්පුව ආදී මාර්ග ගණනාවක දිවූ  ඩබල් ඩෙකර් බස් රථ අමතක නොකරමු. ඒ අපි කාලයක් එහි ගිය, එහි ආශ්වාදය විදි පිරිසක් නිසාය. මෙම ඩබල් ඩෙකර් බස් රථ කාලයක් පාසැල් පෙම්වතුන්ගේ යාවජීව ගමනාගමන පහසුකම් සැපයු රථය.  උපුල් ශාන්ත සන්නස්ගල සර් වත්සාන සිහිනය වැනි  තවත් එවැනිම වෙනත් නවකතාවක් ලියන්නට තවත් කෙනෙකුට සොදුරු මතකයන් රාශියක් ඔය යකඩවල ගොඩවල පැලපදියම්වී තිබුනි. ඇතැම්  ඩබල් ඩෙකර්  බස්වල (විශේෂයෙන්ම මීගමුවේ 247 වැලිහේන පාර කටාන මාර්ගයේ) යට තට්ටුව ගෑනු ලමයින්ටද. උඩ තට්ටුව පිරිමි ලමයින්ටද වෙන්කර තිබුණි. එහෙත් ඩබල් ඩෙකර් බස්වල වඩාත් පාපුවරුවේ සහ කැරකි ඇති පඩි පේලියේ යෑමට පිරිමි ළමුන් වඩා ප්‍රිය කළේය. ඒවා එම යුගයේ පාසල් ගිය  මිගමුවේ පාසැල් සිසුන්ට  ඔවුනට  පමණක්  උරුමවූ  අපුර්ව ඩබල් ඩෙකර් අත්දැකීම්ය. මම දන්න කෙනෙක් සිය විවාහය සදහා ඩබල් ඩෙකර් බස් රථයක් කුලියට ගැනිමටද උත්සහ කළේය. ඒ තරමටම මීගමුවේ ඩබල් ඩෙකර් බස් රථ ඔහුගේ සහ ඔහුගේ පෙම්වතියගේ ජීවිතවලට සම්බන්දව තිබුණි.  එහෙත් දැන්  ඩබල් ඩෙකර් බස් රථ කොට උඩය. එදා මේ බස් රථවල ගමන්කල, පාසැල් ගිය අපේ වයසේ බොහෝ දෙනෙක් අද පිටරටවල ජීවත්වේ. ඔවුන්ගෙන් ඇතැමෙක් මීගමුව නමින් විවිධ සමිති-සංවිධාන තනාගෙන විවිධ කටයුතුවලට උරදේ. එහෙත් අප සියල්ලන් එකතුවී හෝ නැවතත් මෙම ඩබල් ඩෙකර් බස් රථ වලින් එකක් හෝ අළුත්වැඩියා කර මීගමුවේ පාරවල්වල දිවීමට සැලැස්වූවහොත්, එදා මෙම ඩබල් ඩෙකර් බස් රථවල ගොස් අප ලැබූ ආශ්වාදයත්, මීගමුවේ ක්‍රමයෙන් දිය කරමින් හරින අනන්‍යතාවයත් අද පරපුරටද නැවත ලබාදිය හැකිවෙනු ඇත.
මාකස් ප්‍රියන්ත පෙරේරා. 
10/06/2015