This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 31 January 2020

On the eve of Brexit - බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් කෙතරම් ඈත්වේයිද?

බ්‍රිතාන්‍යය වේලාවෙන් අද (31/01/2020) රාත්‍රී 11ට, නැතහොත් බ්‍රිතාන්‍යයට වඩා පැයක් වේලාව ඉදිරියෙන් දුවන යුරෝපා වේලාවෙන් රාත්‍රී 12ට, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වේ. 

මෙතෙක් එහෙට-මෙහෙට ඇදෙමින් තිබු බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් Brexit ක්‍රියාදාමය ඒ අනුව සිදුවේ. වසර 47ක් තිස්සේ ඉසිලූ යුරෝපා සංගමයේ සමාජිකත්වය ඒ අනුව බ්‍රිතාන්‍යයන් අද සිට අත්හැර දමනු ඇත. මෙතැන් සිට තවත් මාස 11ක් වනතුරු, 31 දෙසැම්බර් 2020, බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය අතර ඉදිරි සම්බන්දතා, වෙළද ගනුදෙනු ආදිය ගැන අවසන් නිගමනයකට එළබෙන සංක්‍රාන්ති කාලයක් එලබෙනු ඇත. එම කාලය තුලදී මෙතෙක් බ්‍රිතාන්‍යයන් සහ යුරෝපා සංගමය අතර පැවති සියළු සම්බන්ධතා කිසිදු වෙනස්කමකින් තොරව ඒ අයුරින්ම පවත්වතී. 

එහෙත්, අද මාධ්‍යම රාත්‍රියේදී බ්‍රිතාන්‍යයන් මෙන්ම යුරෝපා සංගමයද ඔවුනොවුන් නිල වශයෙන් ඉවත්වීම සනිටුහන් කරනු ඇත. බ්‍රිතාන්‍යයන් ඔවුන්ගේ සුප්‍රකට සමුගැනීමේ ගීතය (Auld Lang Syne) ගයමින් ''සියළු දුර්ස්තා මතකට නොනැගේවා, සියළු විරසකයන් අමතකවේවා යැයි පතනු ඇත'' (Should auld acquaintance be forgot, And never brought to mind? Should auld acquaintance be forgot, And auld lang syne?).

ඒ සමගම ඔවුහු බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති වින්සට් චර්චිල්ගේ ප්‍රකට කියමනක්වූ 'බ්‍රිතාන්‍යයට යුරෝපය හෝ ඉන් එපිට සත්සමුදුර තෝරා ගැනීමට සිදුවේ නම්, බ්‍රිතාන්‍යය තෝරාගන්නේ යුරෝපයෙන් එපිට විසල් ලෝකයයි' යැයි කී කියමන අද දින නැවත නැවත සිහිපත් කරනු ඇත'. 

එහෙත් අප මතක තබා ගත යුත්තේ එකී වින්සන්ට් චර්චිල්ම 1947 මැයි මාසේදී ස්විස්ටර්ලන්තයේ සුරිච් නුවර දී ප්‍රකාශ කලේ යුරෝපය එක්සත් ජනපදයක් වියයුතු බවත්, බ්‍රිතාන්‍ය එහි එක් රාජ්‍යයක් විය යුතු බවය. දෙවන ලෝක යුද්ධය ඇතිවූවිට, 1940 ජුනි මාසයේදී, ප්‍රංශ රජය සමග ඒකාබද්ධ නිවේදනයක් නිතුත් කරමින් වින්ස්ට් චර්චිල් කියා සිටියේ ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය තව දුරටත් රාජ්‍යයන් දෙකක ජාතින් දෙකක් නොව පොදු ජාතියක් වන බවය. සියළු ප්‍රංශ ජාතිකයින්ට බ්‍රිතාන්‍යය පුරවැසිකමත්, සියළු බ්‍රිතාන්‍යයන්ට ප්‍රංශ පුරවැසිකමත් හිමිවෙනව බව ඉන් ප්‍රකාශයට පත් කරන ලදී. යුරෝපයත් විසල් ලෝකයත් අතර තෝරා ගැනීමකට යෑමට බ්‍රිතාන්‍යයට සිදුවේ නම් ඔවුන් තෝරා ගන්නේ විසල් ලෝකයයැයි කී වින්සන්ට් චර්චිල්ම එක්සත් යුරෝපා සංගමයක්, ජාතික රාජ්‍යය සීමා පරයායන පොදු රාජ්‍යක්, පොදු ජාතියක් වෙළදපොලක් ගොඩනැගීමට උනන්දුවුයේ එලෙසය. 

එහෙත් එලෙස ගොඩනැගුන යුරෝපා සංගමයේ සාමාජිකත්වය ගැනීමට බ්‍රිතාන්‍යයන් කිහිපවිටක්ම අදිමදිකරන ලදී. පසුව 1973 දී එහි සමාජිකත්වය ගත්තද අඩසියවසක්වත් එහි රැදී නොසිට අද දින නික්මයයි. ඒ චර්චිල් මෙන්ම විසල් ලෝකයක් ගැන බලාපොරොත්තු දල්වාගෙනය. 

එහෙත් චර්චිල්ටමෙන් එක්සත් යුරෝපයක් ගැන සිහින දැල්වීමට බ්‍රිතාන්‍යයන්ට ආපසු යුරෝපය දෙසට ගමන් කිරීමට සිදුවේද? නැතහොත් යුරෝපයෙන් කෙතරම් නම් දුරක් ඔවුනට ඈත්වී සිටිය හැකිවේද? එය තීරණය කරනුයේ උදාවෙන තත්වයන් සහ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේදී ඇති කරගන්නා අවසන් එකගතා අනුවය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
31/01/2020

Tonight at 10pm (GMT), Britain will leave the European Union. Brexit will happen. After 47 years of being a member of the European Union, they are departing today. Tonight they will sing 'Auld Lang Syne' and will say 'Should auld acquaintance be forgot, and never brought to mind.' 

But at this particular moment, they would like to re-establish Winston Churchill's famous quote: “If Britain must choose between Europe and the open sea, she must always choose the open sea". 

Bare in mind, after all, he was the one who presented the idea of a 'United State of Europe' in his famous Zurich speech of 1946. He was the one who emphasized Britain and France as a 'single nation', in his 'Declaration of Union’ between Britain and France, which was announced on June 1940; Churchill stated, 'the two governments declare that France and Great Britain shall no longer be two nations, but one Franco-British Union… Every citizen of France will enjoy immediately citizenship of Great Britain; every British subject will become a citizen of France.’ 

The same as Churchill, will Britain return to the European Union again? It will depend on the Withdrawal Agreement and the future circumstances.

Marcus Priyantha Perera
31/01/2020

Tuesday 28 January 2020

බොන්ඩ් වාසිය දෙන්න ඕනේ පොහොට්ටුවට

මේ දවස්වල චීනය ගැන කථාවෙනවානේ..චීන්නුන්ගෙන් එන වයිරස්, ලෙඩරෝග, කෑම බීම විතරක් නෙමේ චීන ජනකථා ගැනත් දැන් ඇහෙන්න ලැබෙනවා...ජනකථා කිව්වට නිකන් කයිකතන්දර නෙමේ, නියම ගේම් ගහපු සුපිරි හොරු ගැන කථා... අද ඊයේ වෙච්ච් දේවල් ගැන කථා නෙමේ, ඒ කාලේ වෙච්ච් දේවල් ගැන...

අද ඊයේ උන දේවල් නිව්ස් නේ... පරණ කාලේ වෙච්ච දේවල් ජනකථා විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ... අවුරුදු දෙතුන්සීයකට එහා, 16 වෙනි සියවසේ, මින්ග් රජ දවසේ (Ming Dynasty) චීනයේ හිටපු සුපිරි හොරු ගැන ජනකතා 84ක් එකතුකරලා Zhang Yingyu කියලා කෙනෙක් පොතක් කරලා තියෙනවා 'Piàn jīng' කියලා. ඒක දැන් ඉංග්‍රීසියට පරිවර්තනය කරලා තියෙනවා 'The Book of Swindles' කියලා. එකේ තියෙන කථා ගැන මෙහේ විශ්ව විද්‍යාලවල ආසියානු අධ්‍යානයන් පිලිබදව දේශනාවලත් දැන් සාකච්ඡාවට ලක්කරනවා.

ඔය පොතේ තියෙන සමහර කථාවල තියෙන දේවල් තමයි චීනයේ හිටිය සමහර ලොකු දේශපාලන සම්බන්දකම් තියෙන ලොකු හොරු කරපු හොරකම් ගැන මිනිස්සුන්ට අගක් මුලක්, කිසිම දෙයක් ගැන හිතා ගන්නවත් බැහැ... වුනේ මොකක්ද, කොහොමද වෙන්නේ කියලවත් තේරුම් ගන්න බැහැ... ඉතින් ඒ හොරකම් කරපු ලොක්කන්ටම වෙනවා ඇවිල්ලා මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න මේක උනේ මෙහෙමයි කියලා... හැබැයි එත් ඒ හොරුන්ට වාසියක් වෙනවනම් විතරයි...නැතිනම් අවාසියක් වෙනවා නම් විතරයි...

හරියට බැදුම්කරේ වගේ. දැන් ඕක 2005 ඉඳන් වෙලා තියෙනවා... ඒත් ඒකාලේ විපක්ෂය වෙලා හිටිය UNPය ඒගැන කටක් ඇරලා කථා කලාද? JVPය කථා කලාද? අඩුම තරමේ ආණ්ඩුව ඇතුලේ හිටිය අයවත් කථා කලාද? Mega Deal ගැන පොතකුත් ලිව්ව චම්පික කථා කලාද? ආර්ථික ඝාතකයන් ගැන කථා කරපු විමලේ මේ ගැන කථා කලාද? ආර්ථික චක්‍රවර්ති බන්දුල මේ ගැන කථා කලාද? නැහැ... එකෙක් කථා කලේ නැහැ.

ඔය ගැන කතාකලේ පොහොට්ටුව විතරයි..ඒ ඒඅය විපක්ෂයට ගිහින්, උන් නැතිව වෙන කට්ටියක් ඒ හොරකම කරන්න ගත්තහම...කලින් අරුන් කරනවා බලන් ඉදලා, උන් නැතිව, මුන් කරන්න ගත්තහම ඔය හොරකම ගැන කතාකලා..ඉතින් කලින් කරපු කට්ටියට සිද්ධවෙනවා මිනිස්සුන්ට තේරුම් කරලා කියලා දෙන්න මේ හොරකම වෙන්නේ මෙහෙමයි..කරන්නේ මෙහෙමයි යනාදී ලෙස..

එතකොට දැන් හොරකම කරපු අයට කියන්න ගන්නවා නැහැ අපි නෙමේ මුන් තමයි කලින් කලේ...අපි කෙරුවා වගේ දහ පාලොස් ගුණයක් වැඩියෙන් මුන් මේ හොරකම කෙරුවා කියලා...එතකොට කලින් හොරකම කරපු අය කියනවා අපිනේ හොරකම හෙළිකෙරුවේ..ඔන්න අපි විපක්ෂය විදිහට අපේ වැඩකොටස හරියට කලා.. අපි අපේ වගකීම හරියට කලා.. ඉතින් අපි හොරුවෙන්නේ කොහොමද කියලා අහනවා... ඔන්න ඔහොම කථායි ඔය චීන කථා පොතෙත් තියෙන්නේ...දැන් ඉතින් අපිම කොන්ඩේ බැදගම්මු නේද..

මාකස් ප්රියන්ත පෙරේරා 
28/01/2019

Monday 27 January 2020

කාදිනල්ගෙන් භික්ෂුන්ට දානයක්

මම නම් කියන්නේ මේක හොද වැඩක් කියලයි. පාස්කු ප්‍රහාරයට මාස 9යක් පිරෙන දා හික්ෂුන් වහන්සේලාට එන්න කියලා අපේ මිනිස්සුන්ට කරපු විනාශය ගැන කථාකරලා දානයක් - ධම්මයක් දුන්න එක හොද දෙයක්.

අපේ මිනිස්සුන්ට යුක්තිය ඉටුකරගැනීමට අපිට ඔය සෑම කෙනෙකුගේම හඩ අවශ්යි. අනික මේ වර්ගවාදය, ජාතිවාදය, ජාතිකවාදය වඩ lවඩා ඉස්මතුකරන කාලේක, කවුරු කොහොම වරදවා වටහා ගත්තත්, අපි සියල්ලෝම තේරුම් කරලා දෙන්න ඕනේ දෙයක් තමයි අපි ඔය කාගේවත් හතුරෝ නෙමේයි කියන එක.

අපි අපේ ධර්මය, හරය සහ වටිනාකම් තුල ජීවත්වෙන ගමන්ම අපි කරන්නේ අපි ජීවත්වෙන ඕනෑම සමාජයක් තව තවත් වැඩිදියුණු කිරීමට, පිපීමට දායකවීම, මුහුන්වීම (leaven/ yeast) පමණක් බව ඒ අයට තේරුම්කර දිය යුතුයි.

එක මේ කතෝලික අයගේ විතරක් නෙමේ පොදුවේ සෑම ක්‍රිස්තියානින්ගේ අරමුණ බවත්, ඒ නිසා කතෝලිකයින්ගේ විතරක් නෙමේ පොදුවේ කොයි ක්‍රිස්තියානි කණ්ඩායමක් ගැනවත් එදිරිවාදීකම්වලට යන්න අවශ්‍ය නැහැ කියලා කාදිනල්තුමාම කියලා දෙනවා නම් වැඩිය හොදයි...

මාකස් ප්රියන්ත පෙරේරා 
25/01/2019

Friday 24 January 2020

Carl Muller ගේ Jam ගහ.

It was the book that I first read, which says, in those days, Sri Lankans (the Ceylonese) can eat fine 'Samba' rice with beef curry, two vegetables, Malung (finely chopped leaves mixed with Lime Juice and onions), Coconut Sambal, tea and a cigarette for just 9 cents which we cannot barely manage to do for even 900 Sri Lankan Rupees nowadays. I remember it says that a Cadbury Roses Chocolate Tin was available in Sri Lanka (Ceylon, in those days) which is now a luxury gift that a foreign friend or relative brings. That book was 'The Jam Fruit Tree'. The fine novel won The Gratiaen Memorial Prize and was written by Carl Muller, published in 1993. 

Carl Muller, who's name may not sound Sri Lankan, is ethnically a Dutch-German Burgher, born and died in Kandy, Sri Lanka. He was a well-known Sri Lankan English writer, poet and journalist, who brought the Sri Lankan Burgher communities' stories in his best known trilogies; The Jam Fruit Tree, Yakada Yaka and Once Upon A Tender Time. Like many other Sri Lankan English writers, he too exposed the particular stories of Sri Lanka to the English speaking world. He even used some Sinhala expressions, such as 'Chickay' (contempt or disgust) and 'Soththiya' (a weak person) in his 'The Jam Fruit Tree' novel. 

But compared to many other well know Sri Lankan born English writers, such as Michael Ondaatje, Christopher Ondaatje or Shyam Selvadurai, Carl Muller carried a particular 'taste', which I believe Shyam Selvadurai also had a bit, and I am still falling in love with it. May he rest in peace. 

ඉස්සර ලංකාවේ කඩේකින් දවල්ට සම්බා බතුයි, හරක් මසුයි, පොල් සම්බෝලයි, මැල්ලුනුයි කාලා, ටී එකක් එක්ක සිගරට් එකක් බොන්න යන්නේ සත නමයයි කියලා මම දැන ගත්තේ Carl Muller ගේ The Jam Fruit Tree කියන පොතෙන්. ඒ පොතේම තමයි තිබුනේ ඒ කාලේ ලංකාවේ Cadbury Roses චොක්ලට් ටින් පවා තිබුනා කියලා...ඔය කියන පොත (The Jam Fruit Tree) ජාත්‍යන්තර සම්මානයකිනුත් (Gratiaen Memorial Prize) පිදුම් ලබලා තියෙනවා. ඒ පොත වගේම එහි කතුවරයාවූ Carl Muller මහතාව සලකන්නෙත් ලෝක සාහිත්‍ය තුල නම රැදවූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙසයි. නම කිව්වහම ලංකාවේ වගේ නොවුනත් Carl Muller ලුත් ලංකාවේ. වාර්ගිකව නම් ලන්දේසි-ජර්මන් බර්ගර්. ලිව්වේ ඉංගිරිසියෙන්. එත් ලංකාව ලෝකයට අරගෙන ගිය තැනැත්තෙක්. 'චීකෙයියා', 'සොත්තියා' වගේ සමහර සිංහල වචන පවා ඔහුගේ ඉංග්‍රීසි නවකතාවල ඔහු ගොදාගෙන තියෙනවා. ඒ වචන සිංහල භාෂාව ගැන මෙලෝ දෙයක් නොදන්න ලෝකයේ අනෙක් මිනිස්සු පවා දැනගත්තේ ඔහුගෙන්. මහනුවර ඉපදුන ඔහු පසුගියදා (02/12) නුවරම මියගිහින් තිබෙනවා.

Carl Muller ගෙන් පසුව Michael Ondaatje, Christopher Ondaatje වගේ සාහිත්‍යයකරුවන් ලංකාවේ උපන් ඉංග්‍රීසියෙන් ලියන ජාත්‍යන්තර වශයෙන් සාර්ථකවූ සාහිත්‍යකරුවන් ලෙස වඩ වඩාත් ප්‍රසිද්ධවුත් Carl Muller තරම් ඔවුන් ලංකාව ලෝකයට ගෙන ගියේ නැහැ. මම හිතන්නේ Shyam Selvadurai ඊට වඩා ඒක කලා කියලයි. ඊට පස්සේ ඉංග්‍රීසියෙන් සාහිත්‍යකරණයේ යෙදෙන ශ්‍රී ලාංකිකයෝ ගොඩක් බිහිවුනත් ඒ කිසිවෙකුට Carl Muller ගේ taste එක ගන්න බැහැ. අඩුම තරමේ Shyam Selvadurai ගේ touch එකවත් ගන්න බැහැ. ඒකට හේතුව අර නලින්ද සිල්වා කියන විදිහට සිංහලයාට බටහිරයා වගේ හිතන්න බැරිවීම වෙන්න පුළුවන්. ඒක එහෙමද කියලා තේරුම් ගන්න Carl Muller ගේ (ඒ වගේම Shyam Selvadurai වගේ අයගේ) සාහිත්‍ය කෘති තුලනාත්මකව හැදෑරීම ප්‍රයෝජනවත් වේවි. Carl Muller මහතාට මොක්සුව අත්වේවා!
මාකස් ප්රියන්ත පෙරේරා
 23/01/2019

Monday 20 January 2020

පාස්කු ප්‍රහාරයට මාස 9යි - Nine months to Easter Sunday attack

පාස්කු ප්‍රහාරයට අදට මාස 9යක් ගෙවී ඇත. ප්‍රහාරකයින්ව, ඔවුන්ගේ සහයකයින්ව, තොරතුරු ලැබී තිබියදීත් මෙම ප්‍රහාරය වලක්වා නොගත් රජයේ බලධාරීන්ව, පොලීසියේ, හමුදාවේ සහ බුද්ධි අංශ නිලධාරීන්ව නීතිය ඉදිරියට පමුණුවා යුක්තිය ඉටුකිරීමට ශ්‍රී ලංකාව තවමත් අසමත්ව ඇත. 

රාජ්‍යක් ලෙස සුළු ජන කොටස්වල ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම විවිධාකාර හිංසනයන්ට ලක්ව සිටින එකී ජනයා කෙරෙහි අවශ්‍ය අවධානය යොමුකොට, යුක්තිය ඉටුකර, ඔවුන්ට අවැසි ගරුත්වය ලබාදීමට  ශ්‍රී ලංකාව අසමත්ව ඇත. 

රටේ පැවති පාලන ආධිකාරී තුලින් මෙන්ම වත්මන් පාලන අධිකාරියෙන්ද ඒ සම්බන්ධයෙන් නිසි උනන්දුවක් නැත. 

සියල්ල අපේ මතකයේ රැදී තිබේ, යුක්තිය වෙනුවෙන් අපි දිගින් දිගටම හඩ නගන්නෙමු. 

''යුක්තිය ගලා බසින ගංගාවක් මෙන්ද 
ධර්මිෂ්ඨකම නොසිඳෙන දිය දහරක් මෙන්ද වේවා !!!'' 
(ආමෝස් දිවස්ප්‍රසාදිවරයාගේ පොතෙන් 5: 24)

Nine months after the Easter Sunday attack, Sri Lanka has still failed to bring the attackers, their associates, government officials, police, military and intelligence officers who did not prevent it from happening, to the judicial process. Justice has not been done.

As a state, Sri Lanka has continued to fail to protect, prove their genuine concern and respect to the minority communities who have been victims of various atrocities of the country. 

Neither past nor the current regime has shown no real interest on this regard. 

But we won't forget, we will continue to stand for justice.

''Let justice roll on like a river, righteousness like a never-failing stream!'' (Amos 5:24).

මාකස් ප්‍රියන්ත පෙරේරා
21/01/2019

Tuesday 14 January 2020

They are the Raj, Iraj is nothing

දැන් ඔය රාජපක්ෂලා ඒගොල්ලන්ගේ අරයට අරක දුන්නා, මෙයාට මේක දුන්නා කියලා මැසිවිලි නැගලා වැඩක් නැහැ. මොකද ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ හින්දා තමයි රට තියෙන්නේ කියලා.

ඇයි ඇහුනේ නැද්ද ජනාධිපති නන්දසේන ගෝඨාභය පාර්ලිමේන්තුවට ඇවිත් කියනවා ඒගොල්ලෝ ජනාධිපතිවරු දෙදෙනෙක් බිහිකළ පවුලක්, ඒගොල්ලන්ගේ තාත්තා, මහප්පා, සහෝදරයෝ, ඒ එයගේ දරුවෝ, ඔක්කොම ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියනවා, අපි ඩොටේ උනත් මේ රටේ political elites ලා කියලා කියනවා.

මට හිතෙන්නේ ඔය පවුලේ ඔක්කොමටම වඩා වංශේ කබල් ගාන අමාරුව වැඩියෙන්ම තියෙන්නේ නන්දසේන ගෝඨාභයට වෙන්ඩ ඇති. එකනේ රටේ සල්ලිවලින් කෝටි ගාණක් වියදම් කරලා අම්මගෙයි, තාත්තගෙයි සොහොන හැදුවේ...අම්මාගේ රෙද්දක් ප්‍රදර්ශනය කරන්න කෞතුකාගාරයක් එහෙම හැදුවේ.

දැක්කනේ, මේ පාර පාර්ලිමේන්තුව විවෘත කරද්දී ආචාර වෙඩිමුර, අශ්වාරෝහක පෙරගමන්කරුවන් වගේ ඒවා මොකවත් නැතිව ගියත් එයාගේ නිල සලකුණ ගහපු විශේෂ ජනාධිපති පුටුවක් පාර්ලිමේන්තුවට ගෙනත් තිබුනා. ඒ අයට කොහොමත් පාර්ලිමේන්තු සභා සම්ප්‍රදායන් වැදගත් නැහැ කියලා ඒගොල්ලන්ගේ තාත්තා විතරක් නෙමේ ජනාධිපති අය්යාත් කලින් පෙන්වලා දීලා තියෙනවා. ඒ අයට වැදගත් පුටුව...රජ පුටුව...

ලංකාවේ බුහුතරයකටත් ඔය කෙහෙමල් පාර්ලිමේන්තු, සභා සම්ප්‍රදායන්, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය වගේ දේවල් වැදගත් නැහැ...වැදගත් කිසිදෙයක් මායින් නොකරන පාලකයෙක්, රජෙක් වගේ පාලකයෙක්...උන්ගේ යටත් වැසියෝ වගේ උන්ට කබුර කබුර ජීවත්වීමට ඇති ආඩම්බරය.

එකනේ අර S. මහින්ද හාමුදුරුවන් කියපු 

“අනේ කුහුඹුවනේ තොපටත් රජෙක් ඉන්නේ
මොකදෑ කරන්නේ - අපේ කරුමේ අපට වන්නේ
රජෙක් ලැබුනෝතින් - කැවුම් කිරිබත් කන්නම්
පෙරහැර කරන්නම් - සාධු නාදෙන් ගිගුම් දෙන්නම්”

කියන කවිය නැවත නැවත කිය කිය හිටියේ...රාජපක්ෂලා දිනපුවහම කිරිබත් කාලා එක එහෙමයි වෙන්නේ කියලා කරලත් පෙන්නුවේ...

එහෙව් එකේ අරයා මෙයා පත්කරපු හැටි හරිද? අරයට සුදුසුකම් තියෙනවාද? මෙයාට තියෙනවාද? කියලා අහන එක නිකන් ජෝකර්ලා වෙන වැඩක්....

මාකස් ප්‍රියන්ත පෙරේරා
14/01/2020

Friday 10 January 2020

මේක දැන් විෂබීජයක් වෙලා-This has become a germ, now


''මේක දැන් විෂබීජයක් වෙලා'' (''This has become a germ, now'') ටික දවසකට කලින් Sunday Observer (29/12/19) පත්තරේ මීගමුව වෙරළේ කරවල වේලීම ගැන මීගමුවේ වැසියෙක් ඒ ලිපිය ලියපු මහිල් විජේසිංහට  කියලා තියෙන්නේ එහෙමයි. ඒ මහා පරිමාණයෙන් සිදුකරන කරෝල සැකසීම නිසා නිකුත්වෙන දරාගත නොහැකි කුණුගද නිසායි. එත් රටම කුණුවෙලා ගදගහන වෙලාවක කරවල ගදත් ගදක්ද? කියලා හිතන අය එමටයි. 

මීගමුව උසාවි සංකීර්ණය තියෙන්නේ ඊට එහායින්. එහෙත් එහි ඉන්න විනිසුරුවන්ටවත්, නීතීඥයින්ටවත් මේ ගද දැනෙන්නේ නැහැ. සමහරවිට එකේ තියෙන කේස් මීට වඩා දුගන්දයෙන් වැඩි ඇති.

ඔතනට රට බේරාගන්න පොහෝට්ටුවට ජන්දේ දෙන්නයි කියලා උදේ හවස බෙරිහන් දුන්න නිමල් ලන්සලා, දයාන් ලන්සලා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේලා, ප්‍රසන්න රණතුංගලා එනවා. ඇවිත් තියෙනවා. ගිහින් තියෙනවා. ඒත් කිසිවෙකුට රට කාගෙන් බේරගත්තත් මීගමුව වෙරළ කරෝල මුදලාලිලාගෙන් බේරාගන්න කිසිම උවමනාවක් නැහැ. මොකද ඔය මුදලාලිලා ඒගොල්ලන්ගේ යාළුවෝ. ඒගොලන්ගේ විතරක් නෙමේ කලින් හිටිය කට්ටියගේත් යාළුවෝ. දෙගොල්ලෝ තුන්ගොල්ලන්ගේම යාළුවෝ. ඔය සමහර අයගේ ගෙවල්වලට කරෝල විතරක් නෙමේ මාළු ටික පවා ගෙනත් දෙන්නේ ඔය මුදලාලිලා. 

දේශපාලකයින්ට විතරක් නෙමේ මීගමුවේ පල්ලිවලට, පන්සල්වලට පවා මේ මුදලාලිලාගෙන් විශාල ප්‍රයෝජන සැලසෙනවා. 

ලංකාවේ ප්‍රථම කාන්තා නේවාසික පාසැල වූ නිව්ස්ටඩ් බාලිකා විදුහල තියෙන්නෙත් ඔතන. එත් මේ ගන්දසාරේ මේ ළමයින්ට ඉගෙන ගන්න බැහැ, ළමයින්ට ඉගෙන ගන්න තියෙන වටාපිටාව දුර්ගන්දයෙන් පිරිලා කියලා ඒ විදුහලේ විදුහල්පතිනියවත්, ගුරුවරුන්වත්, ආදී සිසුන්වත් දෙමාපියන්වත් කිසිම හඩක් නගන්නේ නැහැ. ඒ කතාකරලා වැඩක් නැති නිසාද? නැතිනම් කතාකරලා ඇතිවෙලා නිසාද? 

ලංකාවේ කොහොවත් නැති තරම් රාජ්‍ය නොවන සංවිධාන (NGO) විශාල ප්‍රමාණයක් මීගමුවේ තියෙනවා. සමහර ඒවා අවුරුදු 30-40 පරණයි. පරිසර සංවිධාන, ධීවර සංවිධාන ඒමයි. ඒ අය ලංකාවේ විතරක් නෙමේ ලෝකයේ තියෙන බොහෝ ප්‍රශ්න ගැන හඩ නගනවා, මැදිහත්වෙනවා. විරෝධතා දක්වනවා, පරිසරය ආරක්ෂා කරගන්න ගස් වවනවා. කුණු එකතුකරනවා. ඒත් මීගමුව වෙරළ කරෝල මුදලාලිලා කිහිපදෙනෙකු විනාෂකරලා තියෙන එක ගැන කිසිම හඩක් නගන්නේ නැහැ. 

ඒ ඔක්කොම එහෙම වෙද්දී මේ ලිපිය ලිව්ව මහිල් විජේසිංහ මහත්තයාට එක කරෝල මුදලාලි කෙනෙක් කියනවා: "අපිට ඕනේ නම් වැඩිය ලුණු දාලා කරෝල වල බර වැඩිකරන්න පුළුවන්, එත් අපි එහෙම කරන්නේ නැහැ මොකද වැඩිපුර ලුණු මිනිස්සුන්ට හොද නැහැනේ... ඒවායින් විවිධ ලෙඩ රෝග හැදෙනවා නේ කියලා..'' බලන්න මේ කරවල මුදලාලිලා පත්තර කාරයින්ව විතරක් නෙමේ ලිපිය කියවන මිනිස්සුන්වත් අන්දන්න හදන හැටි...

ඔය කරෝල සැකසීමේදී ඉතුරුවෙන කෑලියි, කුණු ජරාවයි, අධික ලුණු සාන්ද්‍රණයක් ඇති කරෝල සැකසීමට භාවිතා කරන ලුණු වතුරයි අනෙක් කුණු කන්දල් ඔක්කොමයි වෙරළ දිගේ මුහුදට ගලායන්න ඇරලා... කරෝල මුදලාලිලා ඒගැන කිසිම කථාවක් නැහැ... ලිපිය ලියපු මහත්තයත් එක් දැකල නැහැ, ඒ ගැන අහලත් නැතිව ඇති, ඇහැව්ව නම් ලියන්න එපෑයෑ... කරෝල කූරියෙකුටවත් වහ වැටුනද?

මහිල් විජේසිංහ මහතාගේ අදාල ලිපිය පහලින් පළවේ. 

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
10/01/2020.


Text and Pix Mahil Wijesinghe 


Friday 3 January 2020

'මඩොල් දුවේ ජින්නලා'

Slap on the wrist කියන එකේයි slap in the face කියන එකේයි වෙනස නොදන්න අය එක්ක Pope ගැනවත්, ක්‍රිස්තියානිය ගැනවත්, බටහිර ශිෂ්ටාචාරය ගැනවත් කථා කරලා වැඩක් නැහැ. මොකද ඒ අය තවම ඉන්නේ 'මඩොල් දුවේ ජින්නලා' වගේයි.  
There is no point to engage in endless arguments on the Pope's act, Christianity or the Western Civilisation; those who don't know the difference between the 'slap on the wrist' and the 'slap in the face' is because they still live like 'Jinna' from 'Madol Doova' (a character in the Sri Lankan Novelist Martin Wickramasinghe's children's book Madol Doova,1947, - Sinhala: මඩොල් දූව - which describes two unruly youths who turned an island into their idyllic place). 
මාකස් ප්‍රියන්ත පෙරේරා(03/01/2019).