This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 10 January 2020

මේක දැන් විෂබීජයක් වෙලා-This has become a germ, now


''මේක දැන් විෂබීජයක් වෙලා'' (''This has become a germ, now'') ටික දවසකට කලින් Sunday Observer (29/12/19) පත්තරේ මීගමුව වෙරළේ කරවල වේලීම ගැන මීගමුවේ වැසියෙක් ඒ ලිපිය ලියපු මහිල් විජේසිංහට  කියලා තියෙන්නේ එහෙමයි. ඒ මහා පරිමාණයෙන් සිදුකරන කරෝල සැකසීම නිසා නිකුත්වෙන දරාගත නොහැකි කුණුගද නිසායි. එත් රටම කුණුවෙලා ගදගහන වෙලාවක කරවල ගදත් ගදක්ද? කියලා හිතන අය එමටයි. 

මීගමුව උසාවි සංකීර්ණය තියෙන්නේ ඊට එහායින්. එහෙත් එහි ඉන්න විනිසුරුවන්ටවත්, නීතීඥයින්ටවත් මේ ගද දැනෙන්නේ නැහැ. සමහරවිට එකේ තියෙන කේස් මීට වඩා දුගන්දයෙන් වැඩි ඇති.

ඔතනට රට බේරාගන්න පොහෝට්ටුවට ජන්දේ දෙන්නයි කියලා උදේ හවස බෙරිහන් දුන්න නිමල් ලන්සලා, දයාන් ලන්සලා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේලා, ප්‍රසන්න රණතුංගලා එනවා. ඇවිත් තියෙනවා. ගිහින් තියෙනවා. ඒත් කිසිවෙකුට රට කාගෙන් බේරගත්තත් මීගමුව වෙරළ කරෝල මුදලාලිලාගෙන් බේරාගන්න කිසිම උවමනාවක් නැහැ. මොකද ඔය මුදලාලිලා ඒගොල්ලන්ගේ යාළුවෝ. ඒගොලන්ගේ විතරක් නෙමේ කලින් හිටිය කට්ටියගේත් යාළුවෝ. දෙගොල්ලෝ තුන්ගොල්ලන්ගේම යාළුවෝ. ඔය සමහර අයගේ ගෙවල්වලට කරෝල විතරක් නෙමේ මාළු ටික පවා ගෙනත් දෙන්නේ ඔය මුදලාලිලා. 

දේශපාලකයින්ට විතරක් නෙමේ මීගමුවේ පල්ලිවලට, පන්සල්වලට පවා මේ මුදලාලිලාගෙන් විශාල ප්‍රයෝජන සැලසෙනවා. 

ලංකාවේ ප්‍රථම කාන්තා නේවාසික පාසැල වූ නිව්ස්ටඩ් බාලිකා විදුහල තියෙන්නෙත් ඔතන. එත් මේ ගන්දසාරේ මේ ළමයින්ට ඉගෙන ගන්න බැහැ, ළමයින්ට ඉගෙන ගන්න තියෙන වටාපිටාව දුර්ගන්දයෙන් පිරිලා කියලා ඒ විදුහලේ විදුහල්පතිනියවත්, ගුරුවරුන්වත්, ආදී සිසුන්වත් දෙමාපියන්වත් කිසිම හඩක් නගන්නේ නැහැ. ඒ කතාකරලා වැඩක් නැති නිසාද? නැතිනම් කතාකරලා ඇතිවෙලා නිසාද? 

ලංකාවේ කොහොවත් නැති තරම් රාජ්‍ය නොවන සංවිධාන (NGO) විශාල ප්‍රමාණයක් මීගමුවේ තියෙනවා. සමහර ඒවා අවුරුදු 30-40 පරණයි. පරිසර සංවිධාන, ධීවර සංවිධාන ඒමයි. ඒ අය ලංකාවේ විතරක් නෙමේ ලෝකයේ තියෙන බොහෝ ප්‍රශ්න ගැන හඩ නගනවා, මැදිහත්වෙනවා. විරෝධතා දක්වනවා, පරිසරය ආරක්ෂා කරගන්න ගස් වවනවා. කුණු එකතුකරනවා. ඒත් මීගමුව වෙරළ කරෝල මුදලාලිලා කිහිපදෙනෙකු විනාෂකරලා තියෙන එක ගැන කිසිම හඩක් නගන්නේ නැහැ. 

ඒ ඔක්කොම එහෙම වෙද්දී මේ ලිපිය ලිව්ව මහිල් විජේසිංහ මහත්තයාට එක කරෝල මුදලාලි කෙනෙක් කියනවා: "අපිට ඕනේ නම් වැඩිය ලුණු දාලා කරෝල වල බර වැඩිකරන්න පුළුවන්, එත් අපි එහෙම කරන්නේ නැහැ මොකද වැඩිපුර ලුණු මිනිස්සුන්ට හොද නැහැනේ... ඒවායින් විවිධ ලෙඩ රෝග හැදෙනවා නේ කියලා..'' බලන්න මේ කරවල මුදලාලිලා පත්තර කාරයින්ව විතරක් නෙමේ ලිපිය කියවන මිනිස්සුන්වත් අන්දන්න හදන හැටි...

ඔය කරෝල සැකසීමේදී ඉතුරුවෙන කෑලියි, කුණු ජරාවයි, අධික ලුණු සාන්ද්‍රණයක් ඇති කරෝල සැකසීමට භාවිතා කරන ලුණු වතුරයි අනෙක් කුණු කන්දල් ඔක්කොමයි වෙරළ දිගේ මුහුදට ගලායන්න ඇරලා... කරෝල මුදලාලිලා ඒගැන කිසිම කථාවක් නැහැ... ලිපිය ලියපු මහත්තයත් එක් දැකල නැහැ, ඒ ගැන අහලත් නැතිව ඇති, ඇහැව්ව නම් ලියන්න එපෑයෑ... කරෝල කූරියෙකුටවත් වහ වැටුනද?

මහිල් විජේසිංහ මහතාගේ අදාල ලිපිය පහලින් පළවේ. 

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
10/01/2020.


Text and Pix Mahil Wijesinghe 


No comments:

Post a Comment