This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 31 January 2020

On the eve of Brexit - බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් කෙතරම් ඈත්වේයිද?

බ්‍රිතාන්‍යය වේලාවෙන් අද (31/01/2020) රාත්‍රී 11ට, නැතහොත් බ්‍රිතාන්‍යයට වඩා පැයක් වේලාව ඉදිරියෙන් දුවන යුරෝපා වේලාවෙන් රාත්‍රී 12ට, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වේ. 

මෙතෙක් එහෙට-මෙහෙට ඇදෙමින් තිබු බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් Brexit ක්‍රියාදාමය ඒ අනුව සිදුවේ. වසර 47ක් තිස්සේ ඉසිලූ යුරෝපා සංගමයේ සමාජිකත්වය ඒ අනුව බ්‍රිතාන්‍යයන් අද සිට අත්හැර දමනු ඇත. මෙතැන් සිට තවත් මාස 11ක් වනතුරු, 31 දෙසැම්බර් 2020, බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය අතර ඉදිරි සම්බන්දතා, වෙළද ගනුදෙනු ආදිය ගැන අවසන් නිගමනයකට එළබෙන සංක්‍රාන්ති කාලයක් එලබෙනු ඇත. එම කාලය තුලදී මෙතෙක් බ්‍රිතාන්‍යයන් සහ යුරෝපා සංගමය අතර පැවති සියළු සම්බන්ධතා කිසිදු වෙනස්කමකින් තොරව ඒ අයුරින්ම පවත්වතී. 

එහෙත්, අද මාධ්‍යම රාත්‍රියේදී බ්‍රිතාන්‍යයන් මෙන්ම යුරෝපා සංගමයද ඔවුනොවුන් නිල වශයෙන් ඉවත්වීම සනිටුහන් කරනු ඇත. බ්‍රිතාන්‍යයන් ඔවුන්ගේ සුප්‍රකට සමුගැනීමේ ගීතය (Auld Lang Syne) ගයමින් ''සියළු දුර්ස්තා මතකට නොනැගේවා, සියළු විරසකයන් අමතකවේවා යැයි පතනු ඇත'' (Should auld acquaintance be forgot, And never brought to mind? Should auld acquaintance be forgot, And auld lang syne?).

ඒ සමගම ඔවුහු බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති වින්සට් චර්චිල්ගේ ප්‍රකට කියමනක්වූ 'බ්‍රිතාන්‍යයට යුරෝපය හෝ ඉන් එපිට සත්සමුදුර තෝරා ගැනීමට සිදුවේ නම්, බ්‍රිතාන්‍යය තෝරාගන්නේ යුරෝපයෙන් එපිට විසල් ලෝකයයි' යැයි කී කියමන අද දින නැවත නැවත සිහිපත් කරනු ඇත'. 

එහෙත් අප මතක තබා ගත යුත්තේ එකී වින්සන්ට් චර්චිල්ම 1947 මැයි මාසේදී ස්විස්ටර්ලන්තයේ සුරිච් නුවර දී ප්‍රකාශ කලේ යුරෝපය එක්සත් ජනපදයක් වියයුතු බවත්, බ්‍රිතාන්‍ය එහි එක් රාජ්‍යයක් විය යුතු බවය. දෙවන ලෝක යුද්ධය ඇතිවූවිට, 1940 ජුනි මාසයේදී, ප්‍රංශ රජය සමග ඒකාබද්ධ නිවේදනයක් නිතුත් කරමින් වින්ස්ට් චර්චිල් කියා සිටියේ ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය තව දුරටත් රාජ්‍යයන් දෙකක ජාතින් දෙකක් නොව පොදු ජාතියක් වන බවය. සියළු ප්‍රංශ ජාතිකයින්ට බ්‍රිතාන්‍යය පුරවැසිකමත්, සියළු බ්‍රිතාන්‍යයන්ට ප්‍රංශ පුරවැසිකමත් හිමිවෙනව බව ඉන් ප්‍රකාශයට පත් කරන ලදී. යුරෝපයත් විසල් ලෝකයත් අතර තෝරා ගැනීමකට යෑමට බ්‍රිතාන්‍යයට සිදුවේ නම් ඔවුන් තෝරා ගන්නේ විසල් ලෝකයයැයි කී වින්සන්ට් චර්චිල්ම එක්සත් යුරෝපා සංගමයක්, ජාතික රාජ්‍යය සීමා පරයායන පොදු රාජ්‍යක්, පොදු ජාතියක් වෙළදපොලක් ගොඩනැගීමට උනන්දුවුයේ එලෙසය. 

එහෙත් එලෙස ගොඩනැගුන යුරෝපා සංගමයේ සාමාජිකත්වය ගැනීමට බ්‍රිතාන්‍යයන් කිහිපවිටක්ම අදිමදිකරන ලදී. පසුව 1973 දී එහි සමාජිකත්වය ගත්තද අඩසියවසක්වත් එහි රැදී නොසිට අද දින නික්මයයි. ඒ චර්චිල් මෙන්ම විසල් ලෝකයක් ගැන බලාපොරොත්තු දල්වාගෙනය. 

එහෙත් චර්චිල්ටමෙන් එක්සත් යුරෝපයක් ගැන සිහින දැල්වීමට බ්‍රිතාන්‍යයන්ට ආපසු යුරෝපය දෙසට ගමන් කිරීමට සිදුවේද? නැතහොත් යුරෝපයෙන් කෙතරම් නම් දුරක් ඔවුනට ඈත්වී සිටිය හැකිවේද? එය තීරණය කරනුයේ උදාවෙන තත්වයන් සහ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේදී ඇති කරගන්නා අවසන් එකගතා අනුවය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
31/01/2020

Tonight at 10pm (GMT), Britain will leave the European Union. Brexit will happen. After 47 years of being a member of the European Union, they are departing today. Tonight they will sing 'Auld Lang Syne' and will say 'Should auld acquaintance be forgot, and never brought to mind.' 

But at this particular moment, they would like to re-establish Winston Churchill's famous quote: “If Britain must choose between Europe and the open sea, she must always choose the open sea". 

Bare in mind, after all, he was the one who presented the idea of a 'United State of Europe' in his famous Zurich speech of 1946. He was the one who emphasized Britain and France as a 'single nation', in his 'Declaration of Union’ between Britain and France, which was announced on June 1940; Churchill stated, 'the two governments declare that France and Great Britain shall no longer be two nations, but one Franco-British Union… Every citizen of France will enjoy immediately citizenship of Great Britain; every British subject will become a citizen of France.’ 

The same as Churchill, will Britain return to the European Union again? It will depend on the Withdrawal Agreement and the future circumstances.

Marcus Priyantha Perera
31/01/2020

No comments:

Post a Comment