This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 28 January 2020

බොන්ඩ් වාසිය දෙන්න ඕනේ පොහොට්ටුවට

මේ දවස්වල චීනය ගැන කථාවෙනවානේ..චීන්නුන්ගෙන් එන වයිරස්, ලෙඩරෝග, කෑම බීම විතරක් නෙමේ චීන ජනකථා ගැනත් දැන් ඇහෙන්න ලැබෙනවා...ජනකථා කිව්වට නිකන් කයිකතන්දර නෙමේ, නියම ගේම් ගහපු සුපිරි හොරු ගැන කථා... අද ඊයේ වෙච්ච් දේවල් ගැන කථා නෙමේ, ඒ කාලේ වෙච්ච් දේවල් ගැන...

අද ඊයේ උන දේවල් නිව්ස් නේ... පරණ කාලේ වෙච්ච දේවල් ජනකථා විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ... අවුරුදු දෙතුන්සීයකට එහා, 16 වෙනි සියවසේ, මින්ග් රජ දවසේ (Ming Dynasty) චීනයේ හිටපු සුපිරි හොරු ගැන ජනකතා 84ක් එකතුකරලා Zhang Yingyu කියලා කෙනෙක් පොතක් කරලා තියෙනවා 'Piàn jīng' කියලා. ඒක දැන් ඉංග්‍රීසියට පරිවර්තනය කරලා තියෙනවා 'The Book of Swindles' කියලා. එකේ තියෙන කථා ගැන මෙහේ විශ්ව විද්‍යාලවල ආසියානු අධ්‍යානයන් පිලිබදව දේශනාවලත් දැන් සාකච්ඡාවට ලක්කරනවා.

ඔය පොතේ තියෙන සමහර කථාවල තියෙන දේවල් තමයි චීනයේ හිටිය සමහර ලොකු දේශපාලන සම්බන්දකම් තියෙන ලොකු හොරු කරපු හොරකම් ගැන මිනිස්සුන්ට අගක් මුලක්, කිසිම දෙයක් ගැන හිතා ගන්නවත් බැහැ... වුනේ මොකක්ද, කොහොමද වෙන්නේ කියලවත් තේරුම් ගන්න බැහැ... ඉතින් ඒ හොරකම් කරපු ලොක්කන්ටම වෙනවා ඇවිල්ලා මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න මේක උනේ මෙහෙමයි කියලා... හැබැයි එත් ඒ හොරුන්ට වාසියක් වෙනවනම් විතරයි...නැතිනම් අවාසියක් වෙනවා නම් විතරයි...

හරියට බැදුම්කරේ වගේ. දැන් ඕක 2005 ඉඳන් වෙලා තියෙනවා... ඒත් ඒකාලේ විපක්ෂය වෙලා හිටිය UNPය ඒගැන කටක් ඇරලා කථා කලාද? JVPය කථා කලාද? අඩුම තරමේ ආණ්ඩුව ඇතුලේ හිටිය අයවත් කථා කලාද? Mega Deal ගැන පොතකුත් ලිව්ව චම්පික කථා කලාද? ආර්ථික ඝාතකයන් ගැන කථා කරපු විමලේ මේ ගැන කථා කලාද? ආර්ථික චක්‍රවර්ති බන්දුල මේ ගැන කථා කලාද? නැහැ... එකෙක් කථා කලේ නැහැ.

ඔය ගැන කතාකලේ පොහොට්ටුව විතරයි..ඒ ඒඅය විපක්ෂයට ගිහින්, උන් නැතිව වෙන කට්ටියක් ඒ හොරකම කරන්න ගත්තහම...කලින් අරුන් කරනවා බලන් ඉදලා, උන් නැතිව, මුන් කරන්න ගත්තහම ඔය හොරකම ගැන කතාකලා..ඉතින් කලින් කරපු කට්ටියට සිද්ධවෙනවා මිනිස්සුන්ට තේරුම් කරලා කියලා දෙන්න මේ හොරකම වෙන්නේ මෙහෙමයි..කරන්නේ මෙහෙමයි යනාදී ලෙස..

එතකොට දැන් හොරකම කරපු අයට කියන්න ගන්නවා නැහැ අපි නෙමේ මුන් තමයි කලින් කලේ...අපි කෙරුවා වගේ දහ පාලොස් ගුණයක් වැඩියෙන් මුන් මේ හොරකම කෙරුවා කියලා...එතකොට කලින් හොරකම කරපු අය කියනවා අපිනේ හොරකම හෙළිකෙරුවේ..ඔන්න අපි විපක්ෂය විදිහට අපේ වැඩකොටස හරියට කලා.. අපි අපේ වගකීම හරියට කලා.. ඉතින් අපි හොරුවෙන්නේ කොහොමද කියලා අහනවා... ඔන්න ඔහොම කථායි ඔය චීන කථා පොතෙත් තියෙන්නේ...දැන් ඉතින් අපිම කොන්ඩේ බැදගම්මු නේද..

මාකස් ප්රියන්ත පෙරේරා 
28/01/2019

No comments:

Post a Comment