This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 30 March 2020

කොරෝනාවලින් මියගිය මීගමුවේ තැනැත්තාගේ තොරතුරු හෙළිවේ!! පුතා කෝ?

කොරෝනා වයිරසයෙන් මීගමුවේ තැනැත්තෙකු මියගොස් ඇති බවත්, ඔහු රෝගය සගවා ප්‍රථමයෙන් මීගමුව නවලෝක රෝහලටත්, පසුව මීගමුව රෝහලේ 20වෙනි වට්ටුවටත් ඇතුලත් කර ඇති බවත් අද (30/03/2020) දින හවස්භාගයේදී මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේදී එම තැනැත්තා මියගිය බවත් වාර්තා විය. 

පපුවේ අමාරුවක්යැයි කියමින් රෝහල් ගතවුවද පසුව සිදුකල පරීක්ෂණවලදී ඔහු කොරෝනා ආසාදිතයෙක් බව හෙළිවී තිබේ. එම නිසා මීගමුව රෝහලේ 20වෙනි වාට්ටුවේ කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමුකර ඇති බවද වාර්තාවේ. රෝගියා තමාට කොරෝනා වයිරසය ශරීරගතවී ඇත්දැයි කලින් දැන සිටියේද? නැද්ද? යන්න තවමත් තහවුරු වී නැත.  

මෙසේ රෝහල් ගත කර කොරෝනා රෝගයෙන් මියගොස් ඇත්තේ මීගමුව පෝරුතෝට ආබ්දීන් පාරේ පදිංචි මොහොමඩ් ජවුෆර් මහතා බව හෙළිවී තිබේ. යාපනේ උපන් තැනැත්තෙකු බව කියන ඒ මහතා කලාන්තරයක් පුරා මීගමුව පෝරුතොට ප්‍රදේශයේ ජීවත්ව සිට ඇත. වකුගඩු සහ ඇදුම රෝගියෙකුයැයි සදහන් ඒ මහතා පදිංචිවී සිට ඇත්තේ සිය පවුලේ සමාජිකයින් සමගය. එකී පවුලේ සියල්ලන් නිරෝධානය සදහා යොමු කළේදැයි තවමත් නොදනී. විශේෂයෙන්ම ඒ මහතාගේ පුතා දැන් සිටින්නේ කොහේද? ඔහුට කුමක්වී ඇත්ද? යන්න දැනගැනීමට ප්‍රදේශවාසීන්ගේ දැඩි උනන්දුවක් පවතී. 

මියගිය තැනැත්තාගේ යැයි සදහන් ජයාරූපද ඉහත තොරතුරු සමග මාහට ලැබී තිබේ. කිසියම්  ආවරණයක් සහිතව එම ජයාරූපවලින් එකක් පලකිරීමට මම තීරණය කලේ කරුණු 2ක් නිසාය. 

1. කොරෝනා වයිරසය නිසා බ්‍රිතාන්‍යයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගේ ජයාරූප දෙක මේ වනවිටත් සමාජ මාධ්‍යවල පලකර පසුව ලංකාවේ පුවත් වර්තාවලද පලවී ඇති නිසාත්, 

 2. එවන් පසුබිමක් තුල, මෙසේ යම් ප්‍රමාණයකට හෝ මුහුණ ආවරණය කර කොරෝනා වයිරසය නිසා මියගිය මීගමුවේ තැනැත්තාගේ ජයාරූපයක් පලකිරීම තුල ඔහුව හදුනාගන්නා, ඔහුව ඇසුරුකළ කිසියම් හෝ තැනැත්තෙක් වෙතොත් ඔවුන්ද වහාම තම තමන්ටද කොරෝනා වයිරසය ආසාදනයවී ඇත්දැයි පරික්ෂාකර ගැනීමට පෙලබවීමත් සදහාත්ය.  

එමෙන්ම සදහන් කල යුතු දෙයක්වනුවේ වයිරසය සෑදෙන සියල්ලන්ම මරණයට පත්වෙන්නේ නැති බවත් එහින් කිසිදු කෙනෙකු අනවශ්‍ය ලෙස කලබලවීමට අවශ්‍ය නොවන බවය. කල හැකි හොදමදේ නම් යම් රෝග ලක්ෂ පෙන්වන කිසිවෙක් වෙතොත් වහාම ඇත්තම තත්වය සදහන් කර රෝහල්වීමත්ය. හැකිතරම් සමාජ දුරස්ථතාවය පවත්වාගෙන යමින් රෝගය පාලනය කිරීමට සහයවීමද සමාජ වගකීමකි. 

අප සියල්ලන් මතක තබා ගතයුත්තේ රෝගයක් වැළදීම හෝ ඉන් රෝගාතුරවී මියයෑම වරදක් නොවන බවය. එහෙත් බෝවන රෝගයක් වැලැක්වීමට කටයුතු නොකිරීම කිසිසේත්ම වගකිවයුතු පුරවැසියෙකුගේ සමාජ වගකීම නොවේ. 

ඒහින් අපේ නගරයත්, රටත්, මුළුමහත් මනුෂ්‍ය ප්‍රජාවත් මේ වසංගත තත්වයෙන් රැකගැනීම සදහා වගකීමෙන් යුතුව  කටයුතු කරමු!!!! 

මාකස් ප්‍රියන්ත පෙරේරා
 30/03/2020

3 comments:

  1. bolata ewa penuta saharanwa penne na neda

    ReplyDelete
  2. ai mea yakage muna pennan netthe

    ReplyDelete
  3. Marcus Priyantha Perera: කොරෝනාවලින් මියගිය මීගමුවේ තැනැත්තාගේ තොරතුරු හෙළිවේ!! පුතා කෝ? >>>>> Download Now

    >>>>> Download Full

    Marcus Priyantha Perera: කොරෝනාවලින් මියගිය මීගමුවේ තැනැත්තාගේ තොරතුරු හෙළිවේ!! පුතා කෝ? >>>>> Download LINK

    >>>>> Download Now

    Marcus Priyantha Perera: කොරෝනාවලින් මියගිය මීගමුවේ තැනැත්තාගේ තොරතුරු හෙළිවේ!! පුතා කෝ? >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete