This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 9 March 2020

මීගමුවේ කෑමකඩේක මුස්ලිම් තරුණයෙක් මරාදමයි - මැතිවරණයට පෙර ජාතිවාදී ගැටුමකට පාරකැපීමක්ද?


අද (09/03/2020) හවස රාත්‍රී 9.30 පමණ මීගමුව පෙරියමුල්ලේ අන්සාර් ආපනශාලාවට ආහාර ගැනීමට පැමිණි තරුණයින් කණ්ඩායමක් එහි  මත්පැන් පානය කිරීමට උත්සහකර ඇති අතර එම ආපශාලාව  තුල මත්පැන් පිළිගන්වන්නේ හෝ මත්පැන් පානයට කිරීමට නොහැකි යැයි ආපනශාලා හිමියා දන්වා සිටීම නිසා ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් ආහාර ගැනීමට යැයි කියා පැමිණි එම තරුණයන් පිරිස ආපන ශාලා හිමියාට සහ එහි සේවකයින්ට පිහිවලින් ඇන එහි සේවකයෙක් මරා දමා තවත් තිදෙනෙකුට තුවල සිදුකර ඇත. 


ආහාර ගැනීමට පැමිණ තරුණයින් ගණන 06කි. ඔවුන් පැමිණ ඇත්තේ අංක WP - PA 2394 දරන මැස්ඩා බොන්ගෝ රථයෙනි. ඔවුන් මීගමුවේ පදිංචිකරුවන් නොවන පිටින් පැමිණි පුද්ගලයින් යැයි කියනු ලැබේ. පිහි ඇතිව පැමිණීම නිසාම මෙය කල්තබා සැලසුම් කරන ලද කිසියම් ප්‍රහාරයක්දැයි යන සැකයක් ඇතිව තිබේ. 

පාස්කු ප්‍රහාරයෙන් පසුව මීගමුව පෙරියමුල්ලේ මුස්ලිම් ආපනශාලා නිරන්තරයෙන් ජාතීවාදීන්ගේ ඉලක්කයක් වී තිබුණි. මෙම කඩවලට කිසියම්ම හෝ ප්‍රහාරයක් එල්ලකර මීගමුවේ මුස්ලිම් - ක්‍රිස්තියානි ජනයා අතර ජාතිවාදී ගැටුමක් කෙසේ හෝ ඇතිකර රටපුරාම එකී ගැටුම පැතිරවීමට කිසියම්ම හෝ පිරිසක් උත්සහකරමින් සිටින බවක් දිගින් දිගටම වාර්තාවී තිබුණි. 

විශේෂයෙන් මැතිවරණ සමයකදී එවැනි ජාතිවාදී ගැටුමක් නිර්මාණය කර දේශපාලන වාසි සොයන පිරිස් ලංකා දේශපාලනයේ නොඅඩුව සිටින තත්වයක් තුල පාස්කු ප්‍රහාරයට ලක්වූ මීගමු ජනයාව තවදුරටත් කබලෙන් ලිපට ඇද දැමීමටත්, මීගමුව නගර දවා අළුකර දැමීමටත් කිසියම් පිරිසක් නිරත්තර උත්සහයක සිටින බවට නගරයේ ජනයා තුල විශාල සැකයක් මුල් බැසගෙන තිබේ.

මේ අතර නගරය පුරාමා පොලිසිය සහ හමුදව යොදවන බවක් පෙනීයයි. ඒ මීගමු නගරයේ සහ එහි වැසියන්ගේ  ආරක්ෂාව සහතික කිරීමට යැයි දැක්වේ. කෙසේ හෝ මෙම සිද්ධිය දුරදිග ගොස් ජාතිවාදී ගැටුමක් දක්වා වර්ධනය නොවීමට වගබලා ගැනීම බලධාරීන්ගේ වගකීමය. 

මාකස්ප්‍රියන්ත පෙරේරා
09/03/2020




3 comments:

  1. ඒ මුස්ලිම් තරුණයෙක් නෙමෙයි මනුස්ස තරුණයෙක්.

    ReplyDelete
  2. ප්‍රියනිත පෙරේරා මහතාණෙනි ඔබේ ජංගම දුරකථන අංකය සදහන් කරන්න

    ReplyDelete
  3. Marcus Priyantha Perera: මීගමුවේ කෑමකඩේක මුස්ලිම් තරුණයෙක් මරාදමයි - මැතිවරණයට පෙර ජාතිවාදී ගැටුමකට පාරකැපීමක්ද? >>>>> Download Now

    >>>>> Download Full

    Marcus Priyantha Perera: මීගමුවේ කෑමකඩේක මුස්ලිම් තරුණයෙක් මරාදමයි - මැතිවරණයට පෙර ජාතිවාදී ගැටුමකට පාරකැපීමක්ද? >>>>> Download LINK

    >>>>> Download Now

    Marcus Priyantha Perera: මීගමුවේ කෑමකඩේක මුස්ලිම් තරුණයෙක් මරාදමයි - මැතිවරණයට පෙර ජාතිවාදී ගැටුමකට පාරකැපීමක්ද? >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete