This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 14 January 2020

They are the Raj, Iraj is nothing

දැන් ඔය රාජපක්ෂලා ඒගොල්ලන්ගේ අරයට අරක දුන්නා, මෙයාට මේක දුන්නා කියලා මැසිවිලි නැගලා වැඩක් නැහැ. මොකද ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ හින්දා තමයි රට තියෙන්නේ කියලා.

ඇයි ඇහුනේ නැද්ද ජනාධිපති නන්දසේන ගෝඨාභය පාර්ලිමේන්තුවට ඇවිත් කියනවා ඒගොල්ලෝ ජනාධිපතිවරු දෙදෙනෙක් බිහිකළ පවුලක්, ඒගොල්ලන්ගේ තාත්තා, මහප්පා, සහෝදරයෝ, ඒ එයගේ දරුවෝ, ඔක්කොම ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියනවා, අපි ඩොටේ උනත් මේ රටේ political elites ලා කියලා කියනවා.

මට හිතෙන්නේ ඔය පවුලේ ඔක්කොමටම වඩා වංශේ කබල් ගාන අමාරුව වැඩියෙන්ම තියෙන්නේ නන්දසේන ගෝඨාභයට වෙන්ඩ ඇති. එකනේ රටේ සල්ලිවලින් කෝටි ගාණක් වියදම් කරලා අම්මගෙයි, තාත්තගෙයි සොහොන හැදුවේ...අම්මාගේ රෙද්දක් ප්‍රදර්ශනය කරන්න කෞතුකාගාරයක් එහෙම හැදුවේ.

දැක්කනේ, මේ පාර පාර්ලිමේන්තුව විවෘත කරද්දී ආචාර වෙඩිමුර, අශ්වාරෝහක පෙරගමන්කරුවන් වගේ ඒවා මොකවත් නැතිව ගියත් එයාගේ නිල සලකුණ ගහපු විශේෂ ජනාධිපති පුටුවක් පාර්ලිමේන්තුවට ගෙනත් තිබුනා. ඒ අයට කොහොමත් පාර්ලිමේන්තු සභා සම්ප්‍රදායන් වැදගත් නැහැ කියලා ඒගොල්ලන්ගේ තාත්තා විතරක් නෙමේ ජනාධිපති අය්යාත් කලින් පෙන්වලා දීලා තියෙනවා. ඒ අයට වැදගත් පුටුව...රජ පුටුව...

ලංකාවේ බුහුතරයකටත් ඔය කෙහෙමල් පාර්ලිමේන්තු, සභා සම්ප්‍රදායන්, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය වගේ දේවල් වැදගත් නැහැ...වැදගත් කිසිදෙයක් මායින් නොකරන පාලකයෙක්, රජෙක් වගේ පාලකයෙක්...උන්ගේ යටත් වැසියෝ වගේ උන්ට කබුර කබුර ජීවත්වීමට ඇති ආඩම්බරය.

එකනේ අර S. මහින්ද හාමුදුරුවන් කියපු 

“අනේ කුහුඹුවනේ තොපටත් රජෙක් ඉන්නේ
මොකදෑ කරන්නේ - අපේ කරුමේ අපට වන්නේ
රජෙක් ලැබුනෝතින් - කැවුම් කිරිබත් කන්නම්
පෙරහැර කරන්නම් - සාධු නාදෙන් ගිගුම් දෙන්නම්”

කියන කවිය නැවත නැවත කිය කිය හිටියේ...රාජපක්ෂලා දිනපුවහම කිරිබත් කාලා එක එහෙමයි වෙන්නේ කියලා කරලත් පෙන්නුවේ...

එහෙව් එකේ අරයා මෙයා පත්කරපු හැටි හරිද? අරයට සුදුසුකම් තියෙනවාද? මෙයාට තියෙනවාද? කියලා අහන එක නිකන් ජෝකර්ලා වෙන වැඩක්....

මාකස් ප්‍රියන්ත පෙරේරා
14/01/2020

2 comments:

  1. ඔබගේ ජංගම දුරකථන අංකය කරුණාකර සදහන් කරන්න

    ReplyDelete