This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 24 January 2019

විජය සහ චන්ද්‍රිකාගේ 'දරුවා'


වරක් මීගමුව, කොච්ච්කඩේ, පල්ලන්සේන ප්‍රදේශයේ විසු මගේ මවගේ මිතුරියකගේ දරුවෙකුගේ විවාහ උත්සවයක් සදහා විජය කුමාරතුංග පැමිණ සිටියහ. මම විජය කුමාරතුංගව පියවි ඇසින්දුටු ප්‍රථම අවස්ථාව එයය. ඉතාම ආකර්ශනීය පෙනුමක් තිබූ ඔහුගේ රූපකාය අදද මගේ සිතේ සටහන්ව තිබේ. ඔහුගේ මරණය ගැන කියවෙන සෑමවිටම මට එම රුව මතකයට නැගේ.  

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගව මම පියවි ඇසින් දුටුවේ ඉන් වසර 06කට පමණ පසුව 1992 දීය. සුදු සාරියකින් සැරසී අප අසලින් ගොස් වේදිකාවට ගොඩවූ ඇය ඉතා මනරම් පෙනුමැති කාන්තාවක්විය. අද මෙන් නොව ඇයට එකල හිමිව තිබුනේ දුටුවන් මන්මත් කරවූ පෙනුමකි. විජය, මාලනී පොන්සේකාව නොව චන්ද්‍රිකාවවුවද විවාහකරගැනීමට ඇගේ එම පෙනුමද හේතුවූ බව නොඅනුමානය. ඒහෙත් විජය ඇයව විවාහකරගන්නේ පැහැදිලිව දිගු දේශපාලන ගමනක් යෑමේ උවමනාව පෙරටුකරගෙනය. විජයගේ දේශපාලනය ධනය බලය ගොඩ නැගීම ඉලක්ක කරගත්තක් නොව සෑම ජන කොටසකටම සාමය, සහජීවනය සහ සතුට උදාකිරීම ඉලක්කකර ගත්තකි.

බණ්ඩාරනායකලාගේ සිට ජයවර්ධනලා දක්වාද, රාජපක්ෂලාගේ සිට විජේවීරලා දක්වාද වූ සියළු බල දේශපාලන ප්‍රවාහයන් විජයට ඒ ගමන යෑමට ඉඩ නොදී අතරමග මරාදැමීය. විජයට නොහැකිවූ ඒ ගමන චන්ද්‍රිකාට කිසිසේත්ම යා නොහැකිවිය. ඇය එහිලා දරූ යම් උත්සහයක් වෙතොත් අවසානවුයේ ඇයව දේශපාලන වශයෙන් පමනක් නොව පෞද්ගලිකවද ද්වේශයට සහ වෛරයට පාත්‍රකිරීමෙනි. ද්වේෂසහගතව ඇයව ගැරහුමට ලක්කරන අවස්ථාවල විජය කෙරෙහිවූ ඔවුන්ගේ ද්වේෂයද සියුම්ලෙස සහ ක්‍රමානුකූලව මුදාහැරීමටද ඔවුන් අමතක නොකරති.

උදාහරණයක්ලෙස, මීට වසර කිහිපයකට පෙර, වරක් ජනවාර්ගික අර්බුධයට දේශපාලන විසදුමක අවශ්‍යතාවය මතුකරමින් චනද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග දක්වා තුබූ අදහස් විවේචනය කරමින් චම්පික රණවක මහතා කියා සිටියේ ඇය පල්ලියෙන් විවාහවූ කාන්තාවක් බවය. 88/89 සමයේ සිය ජීවිත ආරක්ෂාව සදහා ගරු ඔස්කා අබේරත්න පියතුමාගේ පල්ලියේ ආරක්ෂාව පතත්දී ගැටළුවක් නොවූ පල්ලිය, චන්ද්‍රිකාගේ දේශපාලන අදහස විවේචනය කිරීමට ඔහු යොදාගත්තේ එලෙසය. එලෙස ඔහු චන්ද්‍රිකාව පමණක් නොව විජයවද, විජය සහ චන්ද්‍රිකාගේ විවාහයද, විජයගේ සමාජ, දේශපාලන, ආගමීක පසුබිම පිලිබදව වූ  චම්පික රණවකගේ විරෝධය සියුම් ලෙස සමාජගත කිරීමට කටයුතු කළේය.

කෙසේවුද, ජනවාර්ගික අර්බුධය සදහා දේශපාලන විසදුමක අවශ්‍යතාවය මතුකරමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නැගී සිටින සෑම වරක මට නම් පෙනී යනුවේ ඇය විජයව නැවත නැවත් ජීවත් කරවීමට වෙරදරන බවය. නැතහොත් විජය සහ චන්ද්‍රිකාගේ දේශපාලන විවාහයෙන් ඈ තුල ගැබ්ගත්තාවූ දරුවෙකු තවදුරටත් හදාවඩා ගනිමින් ලොකු මහත් කිරීමට වෙහෙසක් දරණ බවය.

මාකස් ප්‍රියන්ත  පෙරේරා
24/01/2019

2 comments:

  1. චන්ද්‍රිකා යනු ක්‍රිස්තියානි ගැහැණියක්.
    මන්ද ඇයට සිංහලයා කෙරෙහි වෛරයක් සහ දෙමළා කෙරෙහි භක්තියක් තිබෙනබව පැහැදිලියි. එය සිංහල ක්‍රිස්තියානි කාරයන්ගේ ලක්ෂණයක්. මම එය හඳුන්වන්නේ "සිංහල කිතුනුවාගේ ජන්ම ද්‍රෝහිකම" ලෙසයි.

    ReplyDelete
  2. චන්ද්‍රිකා ක්‍රිස්තියානිද නැද්ද කියන්න මම දන්නේ නැහැ. එත් එකක් කියන්න ඕනෑ, ක්‍රිස්තියානිය කියන්නේ පීඩිතයාගේ ආගම. පීඩිතයා දෙමළා නම් දෙමළා කෙරෙහිද, පීඩිතයා සිංහල-බෞද්ධා නම් සිංහල-බෞද්ධයා කෙරෙහිද,පීඩිතයා සිරියනුවෙක්, පලස්තීනුවෙක් මුස්ල්මානුවෙක් හෝ වෙනත් ඕනෑම පීඩිතයෙක් කෙරෙහි දයා අනුකාම්පාවෙන් බැලීම ක්‍රිස්තියානියේ ජම්ම සිරිතයි.

    ReplyDelete