This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 31 January 2019

මීගමුවේ සප්‍රාණෝ (soprano) ගායිකාවෝ

ඇමරිකානු-ග්‍රීක සප්‍රාණෝ (soprano) ගායිකාවක් වන Maria Callas ගේ මේ ගායනය ඇහෙද්දී මට මතක් වෙන්නේ අපේ පලාත්වල මළගෙවල්වල කාන්තාවෝ විලාප දෙන විදිහ විදිහයි. 

කොහොමත් ඉස්සර කථාවක් තිබ්බා මීගමුවේ පැත්තේ කාන්තාවන්ව මළගෙවල්වල අඩන්න එක්කන් යනවා කියලා. දැන් නම් එහෙම ආරංචි වෙන්නේ නැහැ. ඔය මීගමුවේ කාන්තාවේ මලගෙවල්වල අඩන්න එක්කන් යන කතාවෙන් කියවෙන්නේ එම කාන්තාවන්ට විලාප / ලතෝනි දීමට ඇති හැකියාව නම් එය ගායන හැකියාවක් ලෙස වර්ධනය කිරීමට ඕනෑ තරම් ඉඩ තියෙනවා. 

විශේෂයෙන්ම මේ Maria Callas වගේ සප්‍රාණෝ (soprano) ගායන හැකියාවක් ලෙස දියුණු කිරීමට ඉඩක් තියෙනවා. අපේ පලාත්වල එවැනි ගායන හැකියාවන් නිරායාසයෙන් මතුකර ගන්න තියෙන institution එක තමයි පල්ලියේ කන්තාරු කාණ්ඩය, choir එක. 

කන්තාරු කණ්ඩායම තුලත් එවැනි හැකියාවන් හදුනාගන්න පුළුවන් leader කෙනෙක් ඉන්න ඕනෑ, ඒවගේම එවැනි ගායනා ගැන දන්න පියතුමෙක් පල්ලියේ ඉන්නවා නම් තවත් හොදයි. අපේ පළාත්වල ඒ වැනි පියතුමන්ලා මෙන්ම choir leaders ලාත් හිටියා. දැනුත් ඉන්නවා. එත් ප්‍රමාණවත් තරම් නැහැ. නමුත් හැකියාවන්ගේ අඩුවක් නැහැ.

ඕනේනම් මීගමුවේ මළගේකට ගිහින් බලන්න.

මාකස් ප්‍රියන්ත පෙරේරා
31/01/2019

5 comments:

  1. https://www.bbc.co.uk/music/tracks/n2qdrg

    ReplyDelete
  2. මාකස් අයියා කතෝලික ආගම අදහන කෙනෙක්.
    ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට ගැති අයෙක්.

    නමුත් ඔබතුල සිංහල බෞද්ධ කමක් තියෙනබව මෙම ලිපියෙන් පැහැදිලි වෙනවා.එමනිසා ඔබට සප්‍රාණෝ (soprano) ගායනාව දැනෙන්නේ මළගෙදරක ගෑණියෙක් විලාප තියෙනවා වගේ.

    ReplyDelete
  3. මන් ගාවත් සිංහල-බෞද්ධකමක් තිබෙන බව දැනගැනීමත් සතුටක් ජගත්. ස්තූතියි. මම සප්‍රාණෝ (soprano) ගායනාවන් හෙලා දකින්නෙක් නේමෙයි. අපි දැකලා තියෙනවා ලංකාවේ එවැනි ගායනා තේරුම් ගන්න විදිහ. අපිට මතකයි දෙරණ නාලිකාවේ සංඛ අමරජිත් ස්ප්‍රාණෝ(soprano) ගායනා බල්ලෙක් 'උඩු බිරීමකට' සමාන කළා. ඇත්තටම මම කියන්නේ හරියට කවුරු හරි උන්නදුවෙනවා නම් Maria Callas වගේ ස්ප්‍රාණෝ ගායිකාවෝ ඕනෑ තරම් අපේ පළාත්වලින් බිහිකර ගන්න පුළුවන් කියලයි. ඒතරමට ඒ හැකියාව තියෙන පිරිස් ඉන්නවා. ඕනේ නම් අපේ පැත්තේ මළ ගෙයකට උනත් ගිහින් බලන්න ඕනෑ තරම් හැකියාව ඇති පිරිස් දකින්න පුළුවන්. මේ ලිපිය ගැන කතාව මගේ facebook එකේ දිගහැරුනාහම කියවුණු දෙයක් තමයි මීගමු දූවේ ජනයාගේ ගායන සහ රංගකලාව හදුනාගත් එවකට මීසම් පාලක පියතුමෙක්වුනු ගරු මර්සිලෙන් ජයකොඩි පියතුමා කියලා තියෙනවාලු 'දූවේ බල්ලොත් බුරන්නේ තාලයට' යැයි කියලා. මෙහිදී කවුරුහරි ඒකී දූවේ මිනිස්සුන්ගේ ගායනා 'බිරීමක්' හරි 'උදුබිරීම්ක්' කියලා හරි තේරුම් ගත්තොත් එය ඔවුන්ගේ චින්තනයේ පටුබවක් නෙමේද?

    ReplyDelete