This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 25 January 2019

මහරජාගේ සහ ජැකාගේ වෙඩින්


මගුලක් නම් ජැකාගේ ක්‍රමයට මෙන්ම මහරජාගේ ක්‍රමයටවුවද ගත හැක.

ජැකාගේ ක්‍රමය යනු එන උන් සියල්ලන්මට උපරිමයෙන් සලකන, වෙඩිමේ pre-shootවලට බාලි/ඩුබායි යවන, මේරියස් වැනි එල බෑන්ඩ් එකක් ගෙන්වා පැලෙන්ඩ සද්දේ දා, ''මාත් දැන් දෙකක් නමා ගන්න ඕනෑ'' කියා ජැකාද අඩියක් ගසා, මැද්දට පැන නටන full marvelous  වෙඩින්ය.

මහරජාගේ වෙඩින් ඊට වෙනස්ය. ඔහු බෙලිඅත්ත කිට්ටුව, වැව්තාවුල්ලක් අසබඩ, හෙළ සිරිතට, මස් මාන්සයෙන් තොර, පොල් කට්ටක් පුරවා දෙන රණවරා මල් සංග්‍රහයකින් අනතුරුව, මොරිස් මයිනර් කාර් එක්ක ජෝඩුව යවා වැඩි උජාරුවකින් තොරව වැඩ අවසන් කරායැයි පෙනී යන ලෙස මගුල් කෑමය.

ඕනේ නම් මහරජාට ජැකාට වඩා උජාරුවට වෙඩිමක් ගත හැකි බවට සැකයක් නැත. මොනවයින් කියා අඩුවක්ද? එහෙත් ජැකාට මෙන් ''මාත් දැන් දෙකක් නමා ගන්න ඕනෑ'' කියා අඩියක් ගසා දෙනෝ දාහක් ඉස්සරහට පැන නටන්න මහරජාට බැරිය. ඔහුට maintain කිරීමට status තිබේ. එහින් දේශීය ක්‍රමයට, හෙළ සිරිතට, මස් මාන්සයෙන් තොර, පොල් කට්ටක් පුරවා දෙන රණවරා මල් පොදකින් ලෝකයට පේන්නට පුතාගේ වෙඩිම කල බව පෙන්වා ජාමේ බේරා ගත හැක. ඒ අතරම පින්ලන්තයේ සිට පැමිණෙන ලේලිගේ පාර්ශ්වයටද Sri Lankan traditional wedding කියා ecotourism පාරක් යන අතර අමුතුම ආතල් එකක්ද ඒ අයට දිය හැක.

ඒත් ''මම දාන්නේ ඉතාලියේ නිෂ්පාදිත Louis Vuitton's සපත්තු විතරමයි'' කියා පත්තරේට කියූ රාජපක්ෂ කොල්ලෝ අර වගේ රණවරා මල් වෙඩින් එකකින් විතරක් සෑහේද? අනිවාර්යෙන්ම ඒගොල්ලන්ට වෙනම fun එකක් ගන්න වෙනම Wedding Party එකක් සෙට් කරනු ඇත. ඒක ඔය ගිණිමාධ්‍යහනේ අව්කාස්ටකේ වේලි වේලි කරනා මගුලක් නොව Shangrila වැනි සීතල තැනක, ගානට ඇග රත්වෙන, සුන්දර ලෙස ඇග කිලිපොලා යන රස මියුලැසිය පිරි සුපිරි වෙඩිමක් වනු නොවනුමානය.

ඒකට ඔය වීරකැටිය වෙඩිමට ආරාධනාකල උන්ගෙන් කීයෙන් කී දෙනෙකුට කියනු ඇත්ද? රැස්වීම්වලට කන්ඩ බොන්ට දී එක්කන් ගියාට උන් කණ බොන තැන්වලට ඔය හැම එක්වම වද්දා ගනීද? මහ රජා සහ ජැකා ගන්නා ආතල්වල වෙනස එහෙමය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
25/01/2019. 

10 comments:

  1. මාකස් අයියේ සිංහල බෞද්ධ ක්‍රමයට කසාද බඳිනකොට අමුත්තො ගෙන්වන්නේ පාටි දාන්න නෙමෙයි. අමුත්තන් තමයි විවාහයේ සාක්කි කරුවන් වෙන්නේ. ඉස්සර විවාහ රෙජිස්ටර් කිරිල්ලක් තිබුනේ නැති නිසා යම් ප්‍රශ්නයක් වුනොත් මඟුලට ආ අයටත් වගකීමක් පැවරෙනවා.

    ඒ අනුව මහින්ද කරපු විදිය හරි.

    ReplyDelete
    Replies
    1. ජගත්, සාක්ෂිකරුවන් සහිත, ඔවුන් ඉදිරිපිට, විවාහ ගිවිසගැනීම ග්‍රීක-රෝම-යුදෙව්-ක්‍රිස්තියානි චින්තනයේ සම්ප්රදායක් නොවේද?

      Delete
    2. පල්ලියක හෝ (පසුකාලීනව) රජයේ නිලධාරියෙක් ඉදිරියේ විවාහ වීම ක්‍රිස්තියානි ක්‍රමය. නෑදෑයන් ඉදිරියේ චාරිත්‍ර කිරීම සිංහලබෞද්ධ (තනි වචනයක්) ක්‍රමය. සාම්ප්‍රදායිකව මඟුල්ගෙදරකට සෙනඟ ගෙන්වීමේ ප්‍රධාන අරමුන එයයි.

      Delete
  2. යූඑන්පීයට පක්ෂ වීම හෝ මහින්දට අකමැති වීම වෙනම කාරණයකි.
    කෙනෙක් හොඳ ක්‍රියාවක් කළ විට එය නොදුටු ලෙස කතා කිරීම හෝ එහිද වැරැද්දක් සෙවීම නැති වැරදි ගෙතීම කැත අමානුෂික ගතියකි.

    ReplyDelete
  3. වැරදි වැටහීමක්. මම අහන්නේ ''මම දාන්නේ ඉතාලියේ නිෂ්පාදිත Louis Vuitton's සපත්තු විතරමයි'' කියා පත්තරේට කියූ රාජපක්ෂ කොල්ලෝ අර වගේ රණවරා මල් වෙඩින් එකකින් විතරක් සෑහේද? කියන එකයි. ඒ වගේම ඒගොල්ලන්ට වෙනම fun එකක් ගන්න වෙනම Wedding පාටී එකක් ගන්නේ නැද්ද? ඒක ඔය ගිණිමාධ්‍යහනේ අව්කාස්ටකේ වේලි වේලි කරනා මගුලක් නොව Shangrila වැනි සීතල තැනක ගන්න එකක් නැද්ද? එක ගානට ඇග රත්වෙන, සුන්දර ලෙස ඇග කිලිපොලා යන රස මියුලැසිය පිරි සුපිරි වෙඩින් පාර්ටියක් වෙන් නැද්ද? එකට ඔය වීරකැටිය වෙඩිමට ආරාධනාකල උන්ගෙන් කීයෙන් කී දෙනෙකුට කියනු ඇත්ද? රැස්වීම්වලට කන්ඩ බොන්ට දී එක්කන් ගියාට උන් කණ බොන තැන්වලට ඔය හැම එක්වම වද්දා ගනීද? කියන එකයි.

    ReplyDelete
    Replies
    1. අපිනම් පෙලපාලි යන්නේ නෑ. චන්දේ දෙනවා විතරයි.
      මහින්දට වඩා හොඳ කෙනෙක් හමුවුනොත් එයාට චන්දේ දෙනවා.

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. Well, (up to you) what I said is, what I think about your writing. This post is not a reflection on your own intro on top of the page.

    ReplyDelete
  6. In a broad sense it is still linked with my own intro. I don't have to explain it in detail but you know.

    ReplyDelete