This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 1 March 2016

ඇමෙරිකාවේ සුපිරි අගහරුවාදා Trumpට තව ජයක් ගෙන එයිද?

නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය සදහා රිපබ්ලිකන් (Republican)  සහ ඩිමොක්‍රටික් (Democratic) යන ප්‍රධාන පක්ෂ දෙකෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයන් තෝරා ගැනීම සදහා පවත්වන මුල්වටයේ මැතිවරණයේ (US primaries elections) සුවිශේෂී දිනයක් අද උදාවේ. සුපිරි අගහරුවදා (Super Tuesday) ලෙස හදුන්වන අද එරට ප්‍රාන්ත 52 න් 11 කම මෙම මුල්වටයේ මැතිවරණ පැවැත්වේ. 

දැනට පවත්වා ඇති මුල්වටයේ මැතිවරණවලින්  හිලරි ක්ලින්ටන් ඩිමොක්‍රටික් (Democratic) පක්ෂයේන් ඉදිරියෙන් සිටින අතර ඇයගේ පාර්ශවය නියෝජිනය කරමින් නියෝජිතයන් 548 තේරීපත්ව තිබේ. අද  පවත්න මැතිවරණවලින් ඇයගේ පාර්ශවයට තවත් නියෝජිතයන් 100-160 අතර ප්‍රමාණයක් දිනාගැනීමට හැකිවෙන බව පෙනේ. කෙසේවුවද ඇයට ජනාධිපතිවරණය සදහා ඩිමොක්‍රටික් (Democratic) පක්ෂයේන් නාමයෝජනා ලැබීමට නම් ඇයගේ පාර්ශවය නියෝජිනය කරමින් ආසන්න වශයෙන් නියෝජිතයන් 2383ක් තේරීපත්වීමට අවශ්‍ය. දැනට පෙනීයන ලෙස එය ඇයට එතරම් අපහසු කාර්යක් නොවනු ඇත.

ඒහෙත් අද පවත්වන මැතිවරණවලින් වඩා වැඩි අවදානයක් දිනාගෙන ඇත්තේ රිපබ්ලිකන් (Republican)   පක්ෂයේ  අපේක්ෂකයා තෝරා ගැනීමේ මැතිවරණයයි. විශේෂයෙන්ම නිතර අන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකරන, දැඩි මතවාදී, අන්ත දක්ෂිනාන්ෂික ඩොනල්ඩ් ට්‍ර්ම්ප් (Donald Trump) අද මැතිවරණය පවත්වන ප්‍රාන්ත 11න්ද වැඩි නියෝජිතයන් පිරිසක් දිනාගෙන තව තවත් ඉදිරියට පැමිණීමේ ප්‍රවණතාවක් මතුවී තිබේ. දැනට පවත්වා ඇති මුල්වටයේ මැතිවරණවල (primaries elections) ප්‍රතිපල අනුව ඔහුගේ පාර්ශ්වයට නියෝජිතයන් 82ක්ද, ටෙක්සාස් සෙනෙට් නියෝජිත ටෙඩ් කෘර්ස් (Ted Cruz)ට  නියෝජිතයන් 17ක්ද, ෆ්ලොරිඩා සෙනෙට් නියෝජිත මාර්කෝ රුබිඕ (Marco Rubio)ට නියෝජිතයන් 16ක්ද හිමිකර දී අත. බොහෝදුරට අද මැතිවරණය පවත්වන, නියෝතයන් 155 දෙනෙකු තෝරාපත් කරගන්නා, ටෙඩ් කෘර්ස් (Ted Cruz)ගේ බලප්‍රදේශයක්වන, ටෙක්සාස්හී පවා ඩොනල්ඩ් ට්‍ර්ම්ප් (Donald Trump)ගේ පාර්ශවයෙන් නියෝජිතයන් 60 දෙනෙකුවත් තේරීපත්වීමට ඉඩකඩ ඇතිබව පෙනේ. එමෙන්ම මැතිවරණය පවත්වන ප්‍රාන්ත 11න් 06ක බලය ඔහුට හිමිවෙනු ඇතැයි විශ්වාශ කරයි. ඒ අනුව ඔහු තවත් නියෝජිතයන් 170ක් තම පාර්ශ්වයට එක්කරගැනීමට  මෙම  සුපිරි අගහරුවදා (Super Tuesday) මැතිවරණවලින් අපේක්ෂා කරයි. කෙසේවුවද, ජනාධිපතිවරණය සදහා ඔහුට රිපබ්ලිකන් (Republican) පක්ෂයේන් නාමයෝජනා ලැබීමට නම් නියෝජිතයන් 1237 ක් තම පාර්ශ්වයට දිනාගත යුතුව ඇත. එය තවමත් ඉතා දීර්ග මෙන්ම දුෂ්කර කාර්යක් බව පෙනේ. අවශ්‍ය තරම් නියෝජිත සංඛ්‍යාවක්  රිපබ්ලිකන් (Republican) පක්ෂයේ කිසිදු අපේක්ෂකයෙකුට නොලැබුණහොත් රිපබ්ලිකන් (Republican) පක්ෂයේ අපේක්ෂකයා තෝරාගැනීමට එම පක්ෂයේ සෙනට් සභිකයන්, ආණ්ඩුකාරවරු, නියෝජිත මංත්‍රී මණ්ඩලයේ සභිකයන් රැස්වෙන සුපිරි සමුළුවකින් සිදුකිරීමට නියමිතය. ඉන් බොහෝ දෙනෙකු දැනටමත් ඩොනල්ඩ් ට්‍ර්ම්ප් (Donald Trump)ට විරෝධය පලකරන්නන් වන අතර ඔවුන්ට අනුව ඩොනල්ඩ් ට්‍ර්ම්ප් යනු රිපබ්ලිකන් පක්ෂයත් ඇමෙරිකාවත් උවදුරේ හෙලීමට සමත්වන චරිතයක් වේ. ඒහින්, ඩොනල්ඩ් ට්‍ර්ම්ප්ට ඇති හොදම විකල්පය ලෙස ඉතිරීවී ඇත්තේ කෙසේ හෝ අවශ්‍ය කරන නියෝජිත සංඛ්‍යාව වන නියෝජිතයන් 1237 ක් තම පාර්ශ්වයට දිනාගැනීමය. ඒ සදහා මෙම සුපිරි අගහරුවදා (Super Tuesday) මැතිවරණවලින් ලබන ජය ඔහුගේ ඉදිරිය තීරණය කිරීමට බලපානු ඇත. 

කෙසේවුවද, බලාපොරොත්තු නැති ලෙස දකුණු දිග ප්‍රාන්තවල කළු ජාතිකයන්ගේ  සහයද, එරට විවිධ සහ විසිරුණු ක්‍රිස්තියානි ඉවැන්ජලික් පල්ලිවල සහයත් දැන් දැන් ඔහුට සහයෝගය දැක්වීමට ඉදිරිපත්වන බවක් පෙනේ. එය කෙතරම් බලවත්දැයි අද මැතිවරණය පවත්වන ප්‍රාන්ත අතරින් ඇලබාම, වර්ජිනියා, ඔක්ලොහොමා, ජෝර්ජියා, ටෙනිසිස්, අකෙන්සාස් යන ප්‍රාන්තවල ප්‍රතිපලවලින් බලාගත හැක.  
මාකස් ප්‍රියන්ත පෙරේරා
01/03/2016.

No comments:

Post a Comment