This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 31 March 2016

මේම බ්ලොග් අඩවියට වසරයි, කියවූ සැමට ස්තූතියි! මෙතෙක් කළේ කුමක්ද ?

මා මේ බ්ලොග් අඩවිය ආරම්භකර උකුත් 28/03/16 වෙනිදාට වසරක් සම්පුර්ණවේ. මෙම වසර තුල පමණක් රටවල් 67කින් මෙම අඩවියට පිවිස මෙහි පළවූ ලිපි 62ක කියවූ සංඛාව 21,000කට මදක් වැඩිය. වසරක් තුල මේතාක් සාර්ථකත්වයක් ලබාගැනීමට දායකවූ  සියල්ලන්ට ස්තූතිය පුදකරමි. 

මෙම බ්ලොගය ලිවීම අරබමින් ලියූ පෙර වදනේ (28/03/15) සටහන් කල ලෙසම එය ආරම්භකලේ මගේ facebook පිටුවේ මීගමුව ගැන ලියූ දෑ දීර්ඝ වැඩිවුයෙන් වෙනත් තැනක එය ස්ථානගත කිරීමට සිදුවූ නිසාය. එය එහිලා උනන්දුවන බොහෝ දෙනෙකුගේ ඉල්ලීමක්වූ අතර ඔවුන්ගේ ඒ උනන්දුව නොකඩවා තිබීම ගැන මම සතුටුවෙමි. 

ඇත්තවශයෙන්ම, මීගමුව සමග මට ඇති සබැදියාව ගැන මම මුලින්ම යමක් ලිව්‍වේ අපේ සිංහල ගුරුවරයාවූ උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ 93/94 උසස්පෙළ සිංහල විෂය සදහා A/B සාමාර්ථ ලැබුවන් ඔහුව අගයකරමින් පලකල ප්‍රචාරක පත්‍රිකාවකය. වසර 23කට පෙර මා ලියූ දෙය මේ ආකාර විය:
                     'නම මාකස් - ගම මීගමුව
                     හිටියේ වලේ- වලේ හොදම එකේ
                     ඉගෙනගන්න ඇල්මක් තිබුනේ නැහැ 
                      තිබුනේ ඇම්මක්...' ආදියය.

ඉන් අනතුරුව යෙදුන කොළඹ විශ්ව විද්‍යාලයට පිවිසීමට පෙර සහ එහි ගතකල කාලයේදී ද මීගමුවේ මෙන්ම රටේද බොහෝ ප්‍රශ්න වෙනුවෙන් ක්‍රියාකාරීවීමට හැකිවිණි. විශේෂයෙන්ම මීගමුවේ හිටපු නගරාධිපති ආනන්ද මුණසිංහ මහතා මීගමු පුස්තකාලයේ සිසු/සිසුවියන්ට පාඩම් කිරීමට තිබු කොටස වසාදැමීමට ගත් තීරණයට එරෙහිව 1997 යෙදුන මීගමු මහ නගරසභා මැතිවරණයෙදී දේශපාලන වේදිකාවේ පවා එම ගැටළුව ඇතුළු මීගමුවේ බොහෝ ගැටළු මතු කලෙමි. ඉහත ක්‍රියාකාරීත්වය තුල මා නිතර කනවැකුණු මීගමුවේ ජනප්‍රිය පැනයක්වුයේ "මීගමුවට ඇයි මේ කුඩම්මාගේ සැලකිලි" යන්නය. එම පැනයට හේතුවවුයේ ලංකාවේ කොයියම් රජයක් බිහිවුවද මීගමුවේ කොටුව, එහි පැරණි ගොඩනැගිලි, අධ්‍යාපනය, සෞඛ්‍ය, සනීපාරක්ෂාව පමණක් නොව එහි සංස්කෘතික අංගෝපාන්ගයන්ද නොසලකාහැරීමට ලක්ව ක්‍රමයෙන් දියවෙමින්යෑමට ඉඩහැර  ඇති නිසා ජනයා තුල ඇතිවූ නොසතුටය.

එහෙත් "මීගමුවට ඇයි මේ කුඩම්මාගේ සැලකිලි" යන පැනයට  පැහැදිලි පිළිතුරක් මට සපයාගත හැකිවෙනුවේ මාගේ ආචාර්ය උපාධිය සදහා නිදහසින් පසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය ගොඩනැගුණ ආකාරය ගැන සිදුකල අධ්‍යනයේදීය. එම අධ්‍යනයට සාපේක්ෂව මීගමුව සම්බන්ද පැරණි ඡයාරූප, ලියකියවිලි, postcards පමණක් නොව video  පටපවා සොයාගැනීමට හැකිවිය. 

කලින් සදහන් කල ලෙසම ඉන් තරමක් මගේ facebook පිටුව ඔස්සේ බෙදාගත්තෙමි. දැන් මෙම බොලොග් අඩවිය ඔස්සේද එසේ කරමි. ඉන් බොහෝ කරුනු අපේ පරම්පරාවේ අයට පමණක් නොව අපේ වැඩිහිටියන්ට පවා අලුත් තොරතුරුවිය. එහෙත් මා තවම ලියා ඇත්තේ 437වන දැනට මා එකතුකර ඇති තොරතුරුවලින් 29ක් ගැන පමණි. තව බොහෝදේ ලිවීමට ඇත.

එමෙන්ම, දැනට මම මීගමුව ගැන ලියන දෑ ගැන මෙන්ම රටේ ලෝකයේ සිදුවෙන කාලීන සිදුවීම් ගැන ලියන දේ පිලිබදවද ඉතා ඉහල උන්නදුවකින් කියවන විශාල  පිරිසක් මේ බ්ලොග් අඩවිය වටා ගොනුවී ඇත. ආගමික,සමාජ හා දේශපාලන මති භ්‍රමයන්ගෙන්  ඔද්දල්වී ඇති රටේ, නව ප්‍රවේශයන් ගැන උනන්දුවන සියල්ලන් වෙනුවෙන් ඉඩක් ලද සෑම විටකම ඒම කටයුත්තටද දායකවීමට අපේක්ෂා කරමි.

ඒ කෙසේවුවද, දිගින් දිගටම, නොනැවතීම, මීගමුව ගැන නම් නොලියා සිටිය නොහැකිවනු ඇත. ඒ මන්දයත් මීගමුව ගැන අපට ඇත්තේ ඇල්මකට වඩා ඇම්මකි.  

ස්තූතියි. 

මෙතෙක් මා මේ බ්ලොග් අඩවියේ පලකල මීගමුව ගැන සහ රටේ ලෝකයේ කාලීන සිදුවීම් ගැන ලිපි ලැයිස්තුව.

මීගමුව ගැන ලිපි.

  1. පෙර වදනක් - My Home town Negombo
  2. මීගමුවේ ශාන්ත මරියා පල්ලිය සහ එහි මහා සිත්තරා !!
  3. ක්ලැරා, පරා, නිමල්, නෙවිල් සහ නීලා - මීගමුව ගැන අතුරු කථාවක්
  4. මීගමුවේ පාස්කුව: ජාතික අනන්‍යතාවයක් ගොඩනැගු ප්‍රබල ප්‍රාදේශීය කලා සම්ප්‍රදායකි.
  5. D.F. කාරියකරවන නම් මීගමුවේ සිංහල වියතා
  6. සදාචාරවාදීන් යටපත්කල මීගමුව ගැන චිත්‍රපටි තුනක්
  7. හිටපු සෞඛ්‍ය ඇමැති, දැන් ජනාධිපති, මෛත‍්‍රීපාල සිරිසේන නොසලකා හැරී මීගමුව මහ රෝහල සිය සත් මහල් ගොඩනැගිල්ලෙන් ඉවත්වේ.
  8. ඩබල් ඩෙකර් රථ මීගමුවේ නැවත දුවවමු ද ?
  9. මීගමුව කතෝලික ශාසනාරක්ෂක බලමණ්ඩලය සමග මීගමු ජනයා පාරට බසී - දැන් අපි නොනැවතිය යුතුය !!! 
  10.  Negombo people gathered in a rally to raise their issues !!!
  11. මීගමුවට TV ආවේ 1976 ටත් පෙරද ?
  12. අපි මීගමුවට දෘෂ්ටිවාදය රැගෙන ආවෙමු !!!
  13. මීගමුවට ප්‍රථමවරට දුම්රිය පැමිණි දා !!!!
  14. ජනාධිපතිතුමෙනි, මීගමුව රෝහලේ නව ගොඩනැගිලි දෙකට ස්තූතියි, එහෙත් අපේ ඉල්ලීම් ඉටු නොකර 'පූච්චානම්' කථා නම් තවත් එපා !!!
  15. මීගමුව ලන්දේසි නගර සංවර්ධන සැලැස්මේ නටබුන් !!!!!!!
  16.  මීගමුවේ සැබෑ වූ එකම Reims සිහිනය - වැල්ලවිදිය ශා. සෙබස්තියන් පල්ලිය !!
  17. මීගමුවේ 'ගේ ලෝඩ්ස්' ?
  18. පෘතුගාලයේ පළමුවන කාලෝස් රජතුමාට පිදූ මීගමුවේ පල්ලිය - ශා.පීතර දේවස්ථානය මීගමුව
  19.  මීගමුවේ සංස්කෘතික උරුමය රැකගැනීම සදහා නව උත්සහයක් !/?
  20.  එය ප්‍රංශ කොඩිය නොවේ, ලොයලා විදුහලේ කොඩිය ය !!!
  21. මීගමු කටානේ දී කඩා වැටුනේ ලංකාවේ මිනුම් කටයුතුවල මුල් පදනමයි - එහෙත් "සුද්දා හදපුවා කැඩුනාට කලබල වෙන්න එපාලු, අපේ රජවරු හදපු දේවල් කැඩුණොත්ලු ප්‍රශ්නේ" 
  22. මහත්මා ගාන්ධි මීගමු ජනයා අමතයි, ඉන්දියානු නිදහස් සටනට සහය ඉල්ලයි, ජනයා දහස් ගණනින් මුදල් ආධාර පිරිනමයි - ලංකා ඉතිහාසයෙන් මකාදැමු 1927 යෙදුනු මහත්මා ගාන්ධිගේ මීගමු සංචාරය.
  23. මීගමුවේ ලංකා පිගන් කම්හල-ශ්‍රී ලාංකිකයන්ට පිගන් සංස්කෘතිය හදුන්වාදුන් ලංකාවේ ප්‍රථම පිගන් කම්හල. 
  24. යහපාලන රජයෙන් ධීවර ගැටළුවලට විසදුම් ඉල්ලා මීගමුවේ දැවැන්ත ධීවර රැළියක්.
  25. පල්ලියේ දේවමෙහෙයෙන් අරඹා, රාජසිංහ රජ හා මහත්මා ගාන්ධි සමරා, ග්ලෝස්ටර් ආදිපාදගේ සමුගැනීමේ සාදයෙන් අවසන්වූ මීගමුවේ පැවති ලංකාවේ අපූරු පළමු නිදහස් දින සමරුව 
  26.  ඇළපාර පල්ලියේ සුරැවම අතුරුදහන්වීම ගැන අපූර්ව කථාවක්
  27. මීගමුවේ වතුර ප්‍රශ්නය  සහ එය අතීතයේදී විසදාගත් ආකාරය - 1849 Charles Pridhamට අනුව.....
  28. 90 දශකයේ මීගමුවේ අපි විසදාගත් ගැටළු කිහිපයක් තවමත් ජාතික තලයේ මතුවීම
  29. කොරෝස්ම කාලේ මීගමු කිතුනුවන්ගේ චර්යාව  


රටේ ලෝකයේ කාලීන සිදුවීම් ගැන ලිපි.
  1. නිමල් මෙන්ඩිස්ට ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුල හිමි තැන කුමක්ද ?
  2. මලක්, මසක්, මුද්දරයක් සහ වෙසක් උත්සවයක්.
  3. හෙට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීමට නියමිත රනිල් ජයවර්ධනට දැවැන්ත වර්ගවාදී ප්‍රහාරයක්
  4. වාර්තාගත ආසියානු-අප්‍රිකානු සහ සුළු ජාතික මන්තී‍්‍රවරු පිරිසක් මෙවර බ්‍රිතාන්‍ය පාර්ලි‌‌මේන්තුවට.
  5. 'Wild Sri Lanka (2015)' සහ විල්පත්තුව
  6. මැයි 19 පණිවිඩය: ඒකීය රාජ්‍ය වෙනස් කල යුතුය!
  7.  ඉච්චාභංගත්වයට පත් ලාංකිකයාගේ ඉරණම වීඩියෝපටි 05කින්.
  8. මැඩෝනා: යථාර්තය සහ ප්‍රතිරූපය අතර ස්ත්‍රීත්වය
  9. පෝලන්ත රහසිගත උමගක ඇති දුම්රියේ ඇත්තේ හිට්ලර්ගේ නාසීන් සොරාගත් රත්තරන්ද ? (ලංකාවේ නාසීට තව ඇත්තේ යොදුන් දෙකයි !!)
  10.  Mystic Pizza සහ காக்கா முட்டை (Kaaka Muttai/කාක මුට්ටයි) Pizza
  11. රන්ජන් රාමනායකගේ වැඩිහිටියන්ට පමණක් කථා සහ අපරාධ පිළිබඳ සාකච්චා සහාසිකත්වටය සහයවීම.
  12. ඉරානය හිට්ලර්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක
  13. We are all vulnerable no safer than Parisians !!! අප සියල්ලන්ම පැරීසියානුවන් මෙන්ය
  14. රුසියානු යානය බිම හෙලීම; අර්බුදය තවදුරටත් තීව්‍ර කිරීමක්ද ?
  15. බාහු මාරු, අපි අමාරු !!!
  16. සෞදි අරාබියේ දී ගල් ගසා මරාදැමීමට නියමිත ශ්‍රී ලාංකීක කත වෙනුවෙන් අද උද්ගෝෂණය කරන මිතුර මිතුරියනි, අෂ්රාෆ් ගැනත් හඩ නගන්න !!!
  17. ඉපැරණි සෝවියට් නිර්මාණ සිහිකැදවන අප්‍රිකානු පුනරුදයේ ස්මාරක
  18. එන්රික් (Enrique) ගේ ප්‍රසංගය තුලද නැවත මතුවෙන ශ්‍රී ලංකීකයාගේ සංස්කෘතික අර්බුදය !!!!
  19. ජනවාරි 8 - රට මෙතැනින් කොතැනටද ?
  20. ගමන්පිලගේ 'සිංහලේ' පිළිබද අර්ථකථනය සහ ශ්‍රී ලංකාවේ ජාතිකත්වය පිළිබද කතිකාව
  21. යුරෝපය ආගමීක ආධිපත්‍යයෙන් මිදීම සහ ලංකාවේ ඥානසාර හිමියන් ඇතුළු ආගමීක නායකයන් දේශපාලනයට මැදිහත්වීම
  22. රන් පදක්කම් 7 යි: ඒත් නම කියවද්දී අපේ නෙමේ වගේ හිතෙනවාද? එසේනම්
  23. බල්ලෝ බුරද්දී ගල් ගහන්ඩ Set වෙන අය, බල්ලා German Shepherd කියලා දැනගත්තහම බදාගන්න හදන්නේ ඇයි ?
  24. ලන්ඩන් නිදහස් දින සමරුව ගැන පසු අදහසක්
  25. 'ගී කියන කුරුල්ලා මරාදැමීම පාපයකි' - හාපර් ලී: ඔබ සමාදානයේ සැතපේවා !!!
  26. අභාවයට ගිය කලාවක් ජීවත්කල ඇන්ටන් ජෝන්ස්
  27. ඇමෙරිකාවේ සුපිරි අගහරුවාදා Trumpට තව ජයක් ගෙන එයිද?
  28. මේ ආණ්ඩුවෙත් ගෝනි නැතිව කරේ යන මිතුරනි, අපි ගොවීන් නොවී උයන්පල්ලන් වෙමුද!!!
  29.  'කුලියාපිටිය' කියන්නේ ලංකාවටමද ? ඉන්දියාවේ සහ ලංකාවේ මේ දිනවල වැඩියෙන්ම කථාකරන මාතෘකාව
  30. ණය උගුල යනු JRලා, ප්‍රේමදාසලා හිටගෙන කරපුදේ මහින්ද දුවදුව කරන්න ගොස් කරඇති වින්නැහිය!!!
  31. ලාංකීය දේශපාලනයේ Game theory ය !!!
  32. ඇයි මේ සෙනග ?
  33. මේ මහින්ද කදවුරේ මූලික ගැටළුව ද ? නැතිනම් රටේ සම්භාෂණයට නිදහස නැතිකම පිළිබද මුලික ගැටළුවද ? 
මාකස් ප්‍රියන්ත පෙරේරා
31/03/16.

6 comments:

  1. සුපැතුම් මාකස් ගොයියෝ.....

    කැමති උනත් අකමැති උනත් අපේ බ්ලොග් කල්චර් එකෙත් අපේ කමක් තියෙනවා.... අන්න ඒ වෙනසට ගරු කලා නම්, අවබෝධ කර ගත්තා නම් මීට වඩා සෑහෙන දුරක් යන්න තිබුනා... ඒක තියෙන්නේ ඔහේ අතේ... මොකෝ මේක මීට වඩා කතා බහට ලක්විය යුතු බ්ලොග් අඩවියක්....

    ReplyDelete
  2. බ්ලොග් එකට පිංතූර දමන විට එහි ප්‍ර‍මාණය ගැන සැලකිලිමත් වන්න. ටෙම්ප්ලේට් ගිහින් කස්ටමයිස් වෙත ගොස් බ්ලොග් එකේ පළල වැඩි කිරීමෙන් ද පිංතූර පිට පැනීම වළක්වා ගත හැකි ය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අජිත්, මේක පටන්ගත්දී ඔබ බෙදගත්ත අදහස් වල තිබුන එක අවවාදයක් තමයි පින්තූර දාද්දී කල්පනාකාරී වෙන්න කියන එක. ඇත්තටම මුලින්ම පින්තූරදාද්දී මේ ටෙම්ප්ලේට් එකෙන් පිට පැනීම උනේ අඩුපාඩුවකින්. පස්සේ කාලයක් යද්දී එක මේ බ්ලොග් එකේ හැටි උනා. දැන් ඒක වෙනස් කරන්න මොකක්ද වගේ. හරියට අර ඔයා අද ලියලා තියෙන එකේ බුලත් කෙළ ගහන පුරුද්ද වගේ. ඒත් කියවන අයට කරදර නම් ඒක වෙනස් කරන්න ඕනෑ. ඔබට ස්තූතියි අජිත්, හැමදාම වගේ ඔයාගේ පන්නරය අපිවත් මුවහත් කරනවා !!!

      Delete
  3. Thank you Maathalan ලොක්කා, ඔය මොකෙත් තියෙන 'අපේ කම'ට අපි සෙට් නොවෙච්ච එක සහ අපේ ඇති 'අපේ කම'ට මහා අනෙකා විසින් ගොඩනගෙන ඇති 'අපේ කම' සෙට් නොවෙච්ච එක තමයි ප්‍රශ්නේ. එත් මම අවබෝධකරගෙන තියෙන මාගේ ගැටළු දෙකක් තියෙනවා. එකක් තමයි මම අනෙක් අයගේ බ්ලොග් postවලට comment ලියන්නේ ඉතා අඩුවෙන්. එකට හේතුව මම දැනට මේ බ්ලොග් වැඩේට දාන්නේ,මගේ අනෙක් වැඩ නිසා, සතියකට් පැය 07 යි. ඒක මගේ post එකක්වත් ලියලා, මම බලන අනෙක් බොලොග් අඩවි ටිකවත් කියවලා ඉවර කරගන්න බැරි තරම් කාලයක්, ඒත් පුළුවන් හැම වෙලාවෙම ඒ වැඩෙත් කරන්න බලනවා. අනෙක තමයි, ඔයාගේ එක ඇතුළුව, මම දැනට නිතර කියවන බොලොග් අඩවි 19ක් තියෙනවා ඒ ටික මම කියවන වෙනත් බ්ලොග් කියලා මාගේ අඩවියට ඇතුල් කරගන්න ඕනෑ. ඒත් ඒ ඔක්කෝම දාගන්න මේකේ ඉඩක් තියේද, නැතිනම් ඔයා වගේ සින්ඩියක් හදන්න වෙයිද දන්නේ නැහැ. සෑහෙන දුරක් යෑම කෙසේවෙතත්, මට මේ ලියන්න තියෙන ඒවා ටික, ඕනෑවට වැඩිය අවධානයකට ලක්නොවී, වැඩිය වාද විවාදවලට පැටලෙන්නේ නැතිව, ඉස්පාසුවේ කරගෙනයෑම තමයි මගේ අරමුණ. එහෙත්, හැමදාම ඔබ දැක්වූ සහයෝගය ගැන එකෙන්ම ඔබට ස්තූතියි මාතලන් ලොක්කා.

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපි අන්තීමට Blook එකක් ගහමු....

      ජය වේවා...!!!

      Delete
    2. හා හා, අළුත් වැඩක් !!!

      Delete