This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 26 July 2023

බ්‍රිතාන්‍යයන්ගේ ගෞරවාදරයට ප්‍රාප්තවූ ජෝර්ජ් අලගායා නම් නිහතමානී මිනිසා

BBC ප්‍රවෘත්ති සේවයේ සවස හයට ප්‍රවෘත්ති කියූ ජෝර්ජ් අලගායා (George Alagiah) නික්ම ගොසිනි. වසර 10කට ආසන්න කාලයක් පිලිකා රෝගයකින් පීඩා විදි ඒ මහතා මට අවස්ථා කිහිපයකදීම මුණ ගැසී ඇත. ඔහු පමණක් නොව ඔහුගේ පවුලේ අයවද මම කාලයක් තිස්සේ දන්නා හදුනමි. 

ජෝර්ජ්ට පෙර මට මුණ ගැසුනේ ඔහුගේ පියා සහ සහොදරියන් ය. ඒ 2001 තරම් ඈත කාලයේදීය. ඩොනල්ඩ් අලගායා (Donald Alagiah) වු ජෝර්ජ් ගේ පියාට මාව හදුන්වා දුන්නේ  Samuel Durham නම් මාගේ මිතුරෙකි. ඔහු මාව ඩොනල්ඩ් අලගායා ට හදුන්වා දුන්නේ මෑතකදී  ලංකාවේන් පැමිණි ශිෂ්‍යයෙකු ලෙසිනි. ඔවුන් ජීවත්වුයේ අප ජීවත්වන ප්‍රදේශයට තදාසන්න ප්‍රදේශයකය. අපි දේශපාලන විද්‍යා ධාරාවෙන් අධ්‍යයනය හැදෑරුවන් නිසා ජොර්ජ් ගේ පියාවූ ඩොනල්ඩ් අලගායා (Donald Alagiah) කෙලින්ම කතාවට බැස්සේ රටේ දේශපාලන තත්වය ගැන විමසමිනි. ඒ අපි ලංකාවේ සිට ආ අළුතමය. අපේ දේශපාලන විග්‍රහයන් සහ භාවිතය ගැන මා හදුනාගත් මුල් දිනයේ සිටම ඔහුට කිසියම් පැහැදීමක් තිබුනි. 

ඔහු සිංහල භාෂාව රාජ්‍යය භාෂාව කිරීමත් සමගම ලංකාව පිලිබදවු බලාපොරොත්තු අත්හැර වෙනත් රටවල රැකියා සොයා ගිය, බටහිර අප්‍රිකාවේ (ඝානාවේ) කාලයක් ජිවත්වී, සිය දරු පවුල සමග බ්‍රිතාන්‍යයේ පදිංචියට පැමිණියෙකි. ඔහු බ්‍රිතාන්‍යයට පැමිණෙනවිට සිය ජීවිතයේ තරුණ කාලයත් පසුකර අවසන්ය. අප ඔහු හදුනාගන්නා විටත් ඔහු වයවෘද්ධය. ඒ වනවිට ඔහුගේ බිරිද මිය ගොස් තිබිනි. එහෙත් සිය දියණියන් 4 දෙනාගේ සහ පුතාගේ ආදරය සහ අනුහස හොදින් ලබමින් ඔහු සතුටින් ජීවත්විය. ජොර්ජ්ගේ පියා, ඩොනල්ඩ්, මා හමුවූ හැමවිටම, දිගින් දිගටම, ලංකාවේ යුද්ධය, නිමක් නැති මනුෂ්‍යය ඝාතන, අතුරුදහන්වීම් සහ වදහිංසා ගැනත්, වර්ගවාදී දේශපාලනය ගැනත්  දීර්ඝ වශයෙන් අදහස් බෙදාගත් තැනැත්තෙකි. ඒ සෑම විටම ඔහු කැටව ආ දියණියන් ඔහුගේ අදහස් දැක්වීම ඉවර කරන්නට ඉඩදී බලාසිටියහ. එලෙස හමුවූ බොහෝ අවස්ථාවල ඔවුන් දැක්වුයේ "let me introduce you to my son/our brother" යනුවෙනි. 

කලකට පසු ඒ අවස්ථාව උදාවුනි. ඩොනල්ඩ් සහ ඔහුගේ දියණියන් වරක් මට ඔහුව, ජෝර්ජ් අලගායා (George Alagiah) ව, හදුන්වා දුනි. ඉන් අනතුරුවත් මට ඔහු කිහිප අවස්ථාවකම හමුවිනි. ඩොනල්ඩ් (පියා) ට මෙන් නොව ජෝර්ජ් (පුතා) ට ලංකාව ගැන තද බැදීමක් නොවිනි. අලගායා පවුල ලංකාවෙන් පිටත්ව යන විට ජොර්ජ් අවුරුදු 06ක ළමයෙකු විය. ඔහුට ලංකාව ගැන එතරම් ගැබුරු මතකයක් නොවුනි. එහෙත් සුනාමි ව්‍යාසනය සිදුවූ සමයේ BBC වාර්තකරුවෙකු ලෙස ඔහුගේ පියාගේ පියාගේ (සීයාගේ) නිවස පිහිටි ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයට ගොස් තිබුනි. සුනාමියට ඔවුන්ගේ නෑ පරම්පරාවේ කිහිපදෙනෙකුම බිලිවී සියාගේ නිවසේ ලිඳ පමණක් ඉතුරුවී සෙසු සියල්ල විනාශවී ගොස් තිබුනි. සුනාමිය, යුද්ධය ගැන ඔහු තරමක් කතා කලද. ඔහුට ලංකාව සම්බන්ධයෙන් තිබූ බැදීම සීමා සහිතය යන්න මගේ හැගීමයි. 

ඔහුට ලංකාවට වඩා අප්‍රිකාව ගැන විශේෂ උනන්දුවක් , අවධානයක් සහ ලැදියාවක් තිබුනි. ඒ ඔහු සිය පාසැල් දිවියේ මුල්ම කොටස එහි ගතකර තිබීම නිසාත්, සිය මාධ්‍යවේදී  දිවිය ආරම්භ කරන්නේ BBC යේ අප්‍රිකානු වර්තාකරුවෙකු ලෙස වීමත් එයට හේතුවන්නට ඇත. ඔහු සෑම අතින්ම වෘත්තියවේදියෙකු (professional) ලෙස කටයුතු කරන බවක් පෙනුනි. බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිනගේන් OBE (Order of the British Empire) සම්මානය ලැබීමට තරම් ඔහුගේ එකී වෘත්තිය භාවය හේතුවිය. ඔහුගේ සමාජ සම්බන්ධතාවල ස්වරූපයත් ඒ ආකාර විය. භාෂාව භාවිතයේදි මෙන්ම හැසිරීමේද ඔහු දැක්වූයේ එවැනි ස්වරූපයකි.  ඔහු මුලින්ම ලියූ 'A Passage To Africa' පොත මට ඔහුගේ සොහොයුරියකගෙන් ලැබුනි. එම කෘතියේ භාෂාව මෙන්ම ස්වභාවයද ඇමැරිකාවේ හිටපු ජනාධිපති Barack Obama ලියූ 'Dreams from My Father' කෘතියට සමාන යැයි මට හිතේ. ජෝර්ජ් අලගායා (George Alagiah) ද බැරැක් ඔබාමා  (Barack Obama) මෙන් ලෝකයක් දිනාගත්තෙක් යැයි මට සිතේ. 

ඔවුන් දෙදෙනාම එම සමාජයන්වලට ඉතා හොදින් අනුගතවූ, එම සමාජවල කොටසකරුවන් වූවන් විය. ඒ දෙදෙනාටම එකී සාමාජයන් තුල හොදින් අනුගත්වීමට ඔවුන්ගේ අධ්‍යයනය මෙන්ම ඔවුන්ගේ ක්‍රිස්තියානි  සංස්කෘතියද එක සේ හේතුවිය. එය කෙතෙක් දුරට ඔවුන්ගේ අනන්‍යතාවය සමග බැදී තිබුනේදැයි කිවහොත් BBC ය ජෝර්ජ් අලගායා (George Alagiah) ගේ මරණය ගැන දන්වමින් පලකල නිල නිවේදනයේ දැක්වූයේ ඔහු ශ්‍රී ලංකාවේ දෙමළ ක්‍රිස්තියානුවකු (a Tamil Christian) ලෙසය.

 Your soul lives on in the people you touched - RIP George!!


මාකස් ප්‍රියන්ත පෙරේරා

 25/07/23

 

4 comments:

  1. ඇයි අලගයියා කියන එකාට සිංහල අකුරු 62 ඉගෙනගන්න ඔච්චර අමාරුවුනේ.
    කතෝලික පල්ලිය මැදිහත් වෙලාවත් ඔයවගේ අයට සිංහල උගන්වන්න උත්සාහකලේ නැද්ද? ඌට දෙමළත් බැරුව ඇති.

    ReplyDelete
  2. අදාල නැතිව ඇති 😁

    ReplyDelete
    Replies
    1. එහෙනම් මොකද ඔයා ඔය කළු සුද්දෙක් ගැන ලිපියක් ලිව්වේ.
      ආතර් සී ක්ලික්ගේ පොත් වලත් ශ්‍රී ලාංකිකයයෝ කියලා පෙන්වන්නේ ඔයවගේ උන්. ඉංග්‍රීසි කාරයෝ බලාපොරොත්තුවන ශ්‍රී ලාංකිකයා තමයි ඔය. මට නම් ඕකාතුල ශ්‍රී ලාංකික කියලා කියන්න පුළුවන් කිසිම දෙයක් නෑ. ඊටවඩා රනිල් වික්‍රමසිංහ මහත්තයා හොඳයි.

      Delete
    2. අන්න ඔයාලා හොයමින් හිටිය ශ්‍රී ලාංකිකයා හම්බවෙලා..😀

      Delete