This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday 11 April 2021

රාජ්‍ය ගෞවරයවත් හිමි නැති රැජිනගේ ස්වාමිපුරුෂයා

 බ්‍රිතාන්‍යය රැජිනගේ ස්වාමිපුරුෂයාවූ පිලිප් කුමාරයා ඉකුත් 09/04/2 දින මියගියේය.  වයස අවුරුදු 100යක් පිරෙන්න මාස දෙකකට පෙර අනුනමවියේදී  ඔහු මියගියේ බ්‍රිතාන්‍යය කිරීටය දැරූ රජ හෝ රැජිනගේ වල්ලභයා (consort) ලෙස වැඩිම කලක් ජීවත්වූ තැනැත්තා ලෙසිනි. 

ඩෙන්මාර්ක් සහ ජර්මන් සම්භවයක් ඇති ග්‍රීක රජපවුලක කුමාරයෙක් ලෙස උපත ලැබූ ඔහු කුඩා කාලයේ සිටම කරදර රාශියකට මුහුණ පෑවෙකි. ඔහු ඉපදී මාස කිහිපයක් යන්නට මත්තෙන් ග්‍රිසියේ ඇතිවූ කැරැල්ලිකාර තත්වය නිසා ඔහුගේ පවුලේ සියල්ලන්ට රටින් පිටුවහල්ව ඉතාලියට පලායෑමට සිදුවිය. පසුව මවගේ අසනීප තත්වයත්, පියා මවගෙන් වෙන්ව ප්‍රංශයට පිටත්ව  යෑමත් නිසා අමිහිරි ලමා කාලයක් ඔහුට ගෙවන්නට සිදුවිය. 
 
පාසැල් අධ්‍යපනය සදහා ස්කොට්ලන්තයට පැමිනි ඔහු පසුව බ්‍රිතාන්‍යය රාජකීය නාවික හමුදාවේ නිලධාරියෙකුගේ ලෙස පත්වීමක් ලැබ බ්‍රිතාන්‍යය පුරවැසිකමද හිමිකරගන්නා ලදි. එලිසබෙත් කුමරිය ඔහුට හමුවෙන්නේ ඔහු නාවික හමුදා නිලධාරියෙකුගේ ලෙස සේවය කරන අතරදීමය. පසුව ප්‍රේමයක් බවට පත්වෙන ඔවුන්ගේ ඇසුර 1947 නොවැම්බර් 20වන දින විවාහයකින් කෙලවර වෙනලදි.

ඇත්තවශයෙන්ම,  අවුරුදු 73ක් පවුල් ජීවිතයක් ගතකරනවා යන්න පහසු කටයුත්තක් නොවේ. ඇරත් රැජිනගේ ස්වාමිපුරුෂයා ලෙස කටයුතු කිරීම කිසිසෙත්ම පිරිමියෙකුට ලෙහෙසි කටයුත්තක් නොවේනු ඇත. අඩුුම තරමින් ඔහුගේ වාසගමවුු 'මවුන්ට් බැට්න්' යන්නවත් සිය දරුවන්ට දීමට නොහැක. පිලිප් කුමරුගේ සහ එලිසබෙත් රැජිනගේ දරුවන් රැගෙන යන්නේ පියාගේ වාසගම නොව රජපවුලේ පෙළපත් නාමය වන 'වින්සර්' යන්නය  

 බ්‍රිතාන්‍යයේ රජ හෝ රැජිනගේ වල්ලභයාට නීතියානුකූලව හෝ ව්‍යවස්ථානුකූලව කිසිදු බලයක්, තනතුරක් හිමිවන්නේ නැත. අඩුම තරමින් රාජ්‍ය අවමඟුල් උත්සවයක් හෝ නොලැබේ. එහෙත් පිලිප් කුමාරයා විවිධ කටයුතුවලට ස්වෙච්ඡාවෙන්ම ක්‍රියාකාරීවෙමින් බ්‍රිතාන්‍යය සමාජය තුල ඉහල නමක් සහ පිලිගැනීමක් දිනාගැනීමට සමත්ව සිටියේය. දෙවන ලෝක යුද්ධ සමයේ බ්‍රිතාන්‍යය වෙනුවෙන් සටන්කල අභීත නාවිකයෙක් ලෙසත් ඔහුව පිලිගැනීමට ලක්ව තිබුනි. ඔහුගේ විශිෂ්ඨ නායකත්වය නිසාම සිසිලියේදී ඔහු මෙහෙයවූ නෞකා සමුහය නාසී ජර්මන් ප්‍රරහාරයන් පරදවා නිරුපද්‍රිතව ආරක්ෂිත වරායක් කරා යාත්‍රා කරවීමට හැකිවීම ඔහුගේ වීර ක්‍රියා අතර වැඩියෙන්ම සාකච්ඡාවට ලක්වන්නකි. එලිසබෙත් කුමරියගේ පියාවූ 6 වෙනි ජොර්ජ් රජ 1952 පෙබරවාරි 6 මියයෑමත් සමග ඇය බ්‍රිතාන්‍යය රැජින ලෙස පත්වීමත් සමග පිලිප් කුමාරය සිය නාවික හමුදා නිලයෙන් ඉවත්වී ඇයගේ සහ දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩිකාලයක් මිඩංගු කිරීමට ඔහුට සිදුවිය. ඒ අතර ස්වෙච්ඡා සේවයන් සදහාද ඔහු කැපවී ක්‍රියාකලේය. විශේෂයෙන්ම දැන් කාගේත් අවධානයට ලක්ව ඇති පරිසරය වැනි කරුනු ගැන මුලින්ම අවධානය යොමුකල තැනැත්තෙක් ලෙසත් ඔහුව හැදින්වේ. 

සෑම සාර්ථක පිරිමියෙක් පිටුපසම සාර්ථක ගැහැනියක් සිටිනවා සේම සෑම සාර්ථක ගැහැනියක් පිටුපසම සාර්ථක පිරිමියෙක් සිටී. සාර්ථක විවාහ දිවියක රහසද එයය. එහින්, වික්ටෝරියා-ඇල්බට් මෙන් එලිසබෙත්-පිලිප් යනුවෙන් ලියවෙන යුගයක් ගැනත් ඉදිරියේදී අසන්නට ලැබෙනු ඇත. ඔහුට මොක් සුව අත්වේවා !! 

 1954 යෙදුන එලිසබෙත් රැජිනගේ සහ පිලිප් කුමරුගේ ලංකා සංචාරයේ ජයාරූප කිහිපයක්ද පහතින් පලවේ. එම සංචාරයේදී ඔවුන් දෙපල මීගමුවටද පැමිණි බව මම මීට පෙර ලියා තිබුනි. මීගමුව නව තානායම අසල ඇති King George Drive පෙදෙස ඒ නමින් නම් කර ඇත්තේද ජෝර්ජ් කුමරු රජවීමට පෙර ලංකාවේ සිදුකල සංචාරයකදී මීගමුවට පැමින අසුන් පැදි මාර්ගය හැදින්වීමටය. ඒ ගැන මා මෙම යොමුවෙන්  කියවිය හැක.  

 මාකස් ප්‍රියන්ත පෙරේරා
 10/04/21 

2 comments:

  1. බ්‍රිතාන්‍යය රැජිනගේ ස්වාමිපුරුෂයාවූ පිලිප් කුමාරයා උතුම් මුනිවරයෙක්. ඒ වගේම බුදුන් සරණ ගිය කෙනෙක්. එතුමාට නිවන් සැපසම්පත් ප්‍රර්ථනා කරමු.

    ReplyDelete
  2. බොහෝම සුවිශේෂී තැනැත්තෙක්. බොහෝ දෙනෙක් ඔවුන්ගේ ආගම් අනුව ඔහුට ගරුබුහුමන් දක්වා තිබුනා දුටුවා.එය යහපත් දෙයක්.

    ReplyDelete