This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 21 April 2021

පාස්කු ප්‍රහාරයට වසර දෙකයි: යුක්තිය නැති තැන ඇත්තේ සාමයක් නොව සාපයකි. ඉන් මිදීමට නම්..


අදට වසර දෙකකට පෙර යෙදී තිබු 2019 පාස්කු මංගල්‍යය සැමරීමට අප්‍රියල් 21වෙනි ඉරුදින ඉවුම්පිහුම් ආදී කටයුතුවලට සියල්ල ලකලෑස්තිකර කොලඹ කොච්චිකඩේ සා.අන්තෝනි පල්ලියටද, මීගමුව කටුවාපිටිය පල්ලියටද, මඩකලපුවේ සියෝන් කිතුනු දේවස්ථානයටද ගිය කිතුනු ජනයා නැවත කෙදිනකවත් සුපුරුදු ලෙස සිය නිවෙස්කරා නොපැමින අදට වසර දෙකක් ගත්වී ඇත.නත්තල මෙන් උත්කර්ෂවත්ව සමරන පාස්කු මංගල්‍යය සැමරීම වෙනුවට කිතුනුවන්ට එදා සිදුවූයේ මරාදැමු සිය ජනයා වෙනුවෙන් විලාපදීමටය. එදින දේවස්ථාන කරා ගිය එම ජනයා මෙන්ම පාස්කු නිවාඩුව සතුටින් ගත කිරීමට අගනුවර තරු හෝටල් වෙත පැමිණ සිටි ජනයාටද අත්වුයේ එකම ඛෙදනීය ඉරනමකි.

මේ සියල්ල සිදුවන්නේ පාස්කු ඉරිදා කිතුනු දේවස්ථාවලට මෙන්ම අගනුවර ප්‍රසිද්ද හෝටල්වලටද ප්‍රරහාරයක් එල්ලවන්නේ යැයි තොරතුරු සහ අනතුරු ඇගවීම් ප්‍රහාරයට සති ගණනාවකට පෙර සිටිම ලැබි තිබී ඇති තත්වයක් තුලය.

එහෙත් පොලීසියේද, ජාතික ආරක්ෂාව බාරව සිටි බලධාරීන් මෙන්ම නිලධාරින්ද මෙකි අනතුරු ඇගවීම් ගැන කිසිවක් නොකර ප්‍රහාරය සිදුවීමට ඉඩ හැර බලාසිටියහ.

ඔවුන්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය එදින දේවස්ථාන කරා ගිය අහිංසක ජනයා මෙන්ම පාස්කු නිවාඩුව භුක්තිවිදීමට කොලඹ හෝටල්වලට ගිය ජනයාගේද ජීවිත අනතුරේ හෙලීය.

පාස්කු ප්‍රහාරයෙන් මියගිය 269ක්වු පිරිසෙන් 202 දෙනෙක්ම මියගියේ කටුවපිටියේ, කොච්චිකඩේ සහ මඩකලපුවේ පල්ලිවල ආගමීකවතාවත්වලට සහභාගීවී සිටි පිරිස් අතුරිනි. ඉන් කටුවපිටියේ පමණක් 115ක් මියගිය. කොලබ කොච්චිකඩේ 56ක් මියගියේය. මඩකලපුවේ සියොන් කිතුනු දේවස්ථානයට එල්ලකල ප්‍රහාරයෙන් 31 දෙනෙක් මියගිහය. ඒ අතරන් 57 දෙනෙකුම ළමුන්ය. කටුවපිටියේ ළමුන් 32ක්ද, කොච්චිකඩේ ළමයින් 10 දෙනක්ද, මඩකලපුවේ ලමයින් 15ක්ද එම මියගිය පිරිස අතරවෙති.

ප්‍රහාරයෙන් පවුල් 380ක, 486 දෙනෙක් තුවාල ලැබීය. ඉන් කටුවපිටියේ පමණක් 222ක් විය. කොච්චිකඩේ 91 දෙනෙකි. මඩකලපුවේ 67 දෙනෙකි. දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලැබූ පුද්ගලයින් ගණන 408කි. ඉන් 202ක්ම කටුවපිටියේය, කොච්චිකඩේ 139කි. මඩකලපුවේ 67කි. අංශභාගීවූ ගන්න 12කි, ඔවුන් තවමත් රෝහලවලින් ප්‍රතිකාර ලබමින් සිටි. ඒ අතරින්ද 7 දෙනෙකු කටුවපිටියේය, කොච්චිකඩේ 3 දෙනෙකි. මඩකලපුවේ දෙදෙනෙකි. වසර දෙකකට පසුවද තවමත් ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 47කි. ඉන් 18ක් කටුවපිටියේ අයය, 17ක් කොච්ච්කඩේ අයය. 12 දෙනෙකු මඩකලපුවේය. මෙම ත්‍රස්ත ප්‍රරහාරය නිසා දෙමාපියන් අහිමිවූ දැරුවන් ගණන 21කි.

ප්‍රහාරය සිදුකලේ ලංකාවේ ක්‍රමයෙන් වැඩී ගිය ඉස්ලාමීය අන්තවාදී කන්ඩායමක් බව පැහැදිලිය. එහෙත් ලංකාවේ ඉස්ලාමීය අන්තවාදයේ වර්ධනයටද, ඉස්ලාමීය අන්තවාදීන්ට කිසිදු බාධාවකින් තොරව ප්‍රරහාරය එල්ල කිරීමට හැකිවූයේද, රටේ දේශපාලන නායකත්වයන්ගේ සිට ජාතික ආරක්ෂාව භාර නිලධාරින්ගේ මෙන්ම බලධාරීන්ගේ අනුදැනුම ඇතිව බව ප්‍රහාරය ගැන විමර්ශනයට පත්කල ජනාධිපති කොමිසමේ වාර්තාව අනුවද ඔප්පුවී හමාරය.

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන කිරීමට ජනාධිපතිවරයා විසින් පත්කල ජනාධිපති කොමිසම දින 214ක කාලයක් මුළුල්ලේ 457 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇමුණුම් 215 කින් සහ වෙළුම් 06කින් සමන්විත අවසන් වාර්තාවක් ජනාධිපතිවරයාට ලබාදුනි. එහෙත් අද වනතුරුම කොමිසමේ නිර්දේශ අනුව ප්‍රහාරය සම්බන්දයෙන් නීතිපතිවරයා නිසි නඩුපැවරිමකට ගොස් නැත. පාස්කු ප්‍රහාරය ගැන නීතිමය කෝණයකින් අධ්‍යනය කර අදාල නඩු පැවරීම් සිදුකිරීමට නීතිපතිවරයා විසින් නීතීඥයින් 12 දෙනෙකු පූර්ණ කාලීනව යොදවා සිදුකරමින් සිටින ක්‍රියාකලාපයේද තවමත් කිසිදු ප්‍රගතියක් වාර්තාවී නොමැත.

එමෙන්ම මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා සදහන් කල පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් පොලීස් විමර්ශන අවසන්කර අත්අඩංගුවටගෙන රදවාගෙන සිටින 267දෙනා අතරින් 33දෙනෙකුට මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට නීතිපතිවරයාට ලබාදුන් ලිපිගොනු 8 සම්බන්දයෙන්ද තවමත් නඩු පැවැරීමක් සිදුකර නොමැත. මීට මාසයකට දෙකකට පමණ පෙර නීතිපතිවරයා කොලඹ අගරදගුරු නිවසට ගොස් දක්වා තිබුනේ පොලීසියේ ලිපිගොනුවල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවල ඇති අඩුපාඩු නිවැරැදිකර අදාල නඩු පැවැරීම් සිදුකරන බවය. එහෙත් එහිලා කෙතරම් කලක් තවත් බලා ඉන්නට සිදුවේදැයි අපි නොදනිමු.

ඉකුත් කළු ඉරිදා විරෝධය සංවිධානය කරමින් කාදිනල්තුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා කතෝලික පල්ලිය දක්වාලුයේ පාස්කු ප්‍රරහාරයට වසර දෙකක් පිරෙන අද දින වනවිට නීතිපති දෙපාර්තමේන්තුව අදාල නඩු පැවැරීම්වලට යොමු නොවුනහොත් රට පුරාම දැවැන්ත උද්ගෝෂණ මාලාවකට යොමුවන බවයි. එහෙත් ලෙඩාට හදිස්සිවුවද දොස්තරට හදිස්සි නැති බව පෙන්වමින් ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුව තවමත් නිසි නීතිමය ක්‍රියාමාර්ගයන් කරා යොමුවීමක් දක්නට නොමැත.

ඇත්තවශයෙන්ම, කොමිසමේ වාර්තාව අනුව නඩු පැවරීම පිලිබවද ඇත්තේ උභතෝකෝටිකයකි. ආන්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ජාතිකවාදී බලවේගවල උවමනාව වී ඇත්තේ කොමිසමේ අවසන් වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේපකර හිටපු ජනාධිපති සිරිසේනව සහ කොමිසම දෝෂදර්ශනයට ලක්කර ඇති බලධාරීන්ව සහ නිලධාරින්ව බේරාගැනීමය.

එහෙත් කුමන අඩුපාඩු පැවැතියද කොමිසමේ වාර්තාව පිලිගෙන කොමිසම චෝදනා එල්ලකර ඇති සියල්ලන්ට එරෙහිව නඩු පැවරිය යුතුයැයි කාදිනල්තුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා කතෝලික සභාව තීරණය කිරීමත් සමග කාදිනල්තුමාව මෙන්ම සමස්ත ශ්‍රී ලංකා කතෝලික පල්ලිය සහ කතෝලික ප්‍රජාවම ජාතිවාදි ජාතිකවාදීන්ගේ (ethnic nationalist) ඉලක්කය බවට පත්වී තිබේ.

ජාතිවාදී ජාතිකවාදි (ethnic nationalist) බලවේග ආන්ඩුව තුලත්, ඉන් පිටතත් සිටිමින් ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව කිසිවෙකුට නඩු නොපැවැරීමට කටයුතු කරමින් සිටිනාඅතර කාදිනල්තුමා ඇතුලු ශ්‍රී ලංකා කතෝලික සභාවට අවශ්‍යව ඇත්තේ අපරාදකරුවන් අධිකරණය ඉදිරියට පැමිනවීමය.

මෙම ස්ථාවරය නිසාම කාදිනල්තුමාව වටකර පහරදෙන, එතුමාගේ ප්‍රතිරූපයට හානීකරන ප්‍රචාරක උපක්‍රමවල සහ එතුමාගේ ප්‍රකාශයන්ගෙන් කොටසක් උපුටා දක්වමින් ඔවුනොවුන්ගේ දේශපාලනය සිතැඟි අනුව මාධ්‍ය මෙහෙයවීම ඔස්සේ කාදිනල්තුමාව දඩයම් කිරීම අරභා ඇත්තේ ඒ අනුවය.

ඇත්තවශයෙන්ම, පාස්කු ප්‍රරහාරයේ අපරාදකරුවන් අධිකරණය ඉදිරියට පැමිනවීම කාදිනල්තුමාගේ හෝ ශ්‍රී ලංකා කතෝලික සභාවේ පමනක් නොව පාස්කු ඉරිදා ප්‍රරහාරයෙන් විපතටපත් සියල්ලගේම අපේක්ෂාවය.

පසුගිය වසර දෙකක කාලය පුරාම ඔවුන් විදිනා වේදනාව සම්බන්දයෙන් පැහැදිලිවම යුක්තිය ඉටුවිය යුතුය.

එම කාලය පුරාම ඔවුන්ගේ දුක සැප බෙදාගනිමින්, ඔවුන්ගේ ලෙඩදුක්වලට පවා උදව් උපකාරකරමින්, ඔවුන්ගේ ‍යැපීම්, යෑම්-එම්, විය-හියදම්, ඉදුන්හිටුම් සහ ගේදොර අවශ්‍යතා සදහාද ශ්‍රී ලංකා කතෝලික සභාව දැක්වු දායකත්වය පැහැදිලිවම අගය කලයුතුය. "කාදිනල්තුමා සහ පල්ලිය ඇරෙන්නට වෙන කිසිම කෙනෙක් අපේ පිහිටට හිටියේ නෑ" යැයි ඔවුන් නිතර නිතර ප්‍රකාශ කරන්නේ එම නිසාය.

පාස්කු ප්‍රරහාරයට වසර දෙකක් පිරෙන අද දින විරෝධතාවයක් දියත්කරනු වෙනුවට කතෝලික පල්ලිය කලේ පාස්කු ප්‍රරහාරයෙන් විපතට පත්වූවන් සැනසීම වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබාදිමය. පාස්කු ප්‍රාහාරයෙන් විපත්ට පත්වුන් ජීවත්වු නිවාස 71ක දිව්‍ය පුජා පවත්වමින් ඔවුන්ගේ මලාවු සියළු ආත්මයන්ට සමාදාන පැතීමේ සිට රටපුරාම ආගමීකවතාවත් සිදුකිරීමේ සහ විනාඩි දෙකක නිහඩතාවයක් ප්‍රකාශයට පත්කිරීමේ සිට අද දින (21/04/2021) දියත්කරන ලද සියලු වැඩසටහන්වල අවධානය යොමුකර ඇත්තේ පාස්කු ප්‍රරහාරයෙන් විපතට පත්වුවන් වෙනුවෙන් සහනය, සැනසීම සහ සාමය අත්කරදීම වෙනුවෙනි.

එහෙත් පාස්කු ප්‍රරහාරයෙන් විපත්ට පත්වුවනට සැබෑ සාමයක් අත්කර දිය හැක්කේ යුක්තිය ස්ථාපිත කිරීම තුල පමනක් බව කතෝලික සභාව හොදින්දනී 1971 දෙසැම්බර් මස 8 වෙනි දින 6 වෙනි පාවුළු ප්‍රකාශයට පත්කල සාම දින පනිවිඩයේද දැක්වුයේ ''ඔබට සාමය අවශ්‍ය නම් යුක්තිය වෙනුවෙන් කටයුතු කරන්න'' ("If you want Peace, work for Justice") යන්න.

ඇත්තවශයෙන්ම, එකී පනිවිඩය අද එදාටත් වඩා වැදගත්ය. අපගේ ශ්‍රී ලංකා දේශයට අතිමහත් ලෙස වැදගත්ය. අපරාධකරුවන්ට දඩුවම් නොදෙන, අපරාධකරුවන් ආරක්ෂා කරන, අපරාධකරුවන්බව දැන දැනම ඔවුන්ව රජකරව අප ශ්‍රී ලංකා දේශයට 6 වෙනි පාවුළු පාප්තුමාගේ එම පනිවිඩය ඉතා වැදගත්ය. යුක්තිය ඉටුකිරීමේන් තොර අත්කරගත හැකි සැබෑ සාමයක් නැත. යුක්තිය ඉටුනොවෙන, අපරාධකරුවන් නිදැල්ලේ සිටින සමාජයක ඇත්තේ සාමයක් නොව සාපයකි. ඉන් අත්මිදිය හැක්කේ අපරාදකරුවන් නිතිය ඉදිරියට පැමිණවීම තුල පමනි. පාස්කු ප්‍රරහාරය දියත්කල අපරාධකරුවන් මෙන්ම එම ප්‍රරහාරය ගැන දැන දැනත් එය වැලැක්වීමට කිසිවක් නොකල බලධාරීන් සහ නිලධාරින් නීතිය ඉදිරියට පමුනුවමින් යුක්තිය ඉටුකිරීමේ සම්ප්‍රදායක් රට තුල ඇති කර සැබෑ සාමයක් වෙනුවෙන් යොමු වෙමු.

''The work of righteousness will be peace, And the effect of righteousness, quietness and assurance forever'/ ධර්මිෂ්ඨකමේ ක්‍රියාව සමාදානයද ධර්මිෂ්ඨකමේ ඵල සදාකාලයටම නිශ්චලය හා සුරක්ෂිත භාවයද වන්නේය'' (Isaiah /යෙසායා 32:17)


මාකස් ප්‍රියන්ත පෙරේරා
21/04/2021

4 comments:

  1. ඇත්ත වශයෙන්ම මාක්ස් මහත්මයා හරිම කණගාටුවක් දැනෙනවා පාස්කු ප්‍රහාරයට වසර දෙකක් ගතවෙද්දීත් වැරදිකරුවෙක් හමුනොවීම සම්බන්දව. ඒ උනත් මහත්මයා සෑම ආගමකම, යුදෙව්වන් උනත්, මගමදාමිකයන් උනත්, මිත්‍යා දුෂ්ඨිකයන් උනත් ඒ අතර හොද මිනිස්සු ඉන්නට පුළුවන්, ඔවුන් හොද භක්තිමත් මිනිස්සු වේවි. ඒත් ඒ අය ක්‍රිස්තියානිකාරයන් නෙමෙයි.

    ඉතිං පාස්කු ප්‍රහාරයෙන් මියගිය බහුතරය දේව මෙහෙයට සහභාගී වූ ගුණයහපත් කමින් සපිරුණු භක්තිමත් ක්‍රිස්තියානිකාරයෙක්. ඉතිං ක්‍රිස්තියානිකාරයන් වන අපට කණගාටුවක් දැන්ම පුදුමයක් නොවේ නේද? ඒත් මහත්මයා අප දෙවියන් වහන්සේගේ අපරිමිත කරුණාව කෙරෙහි විශ්වාශය තබන්න ඕනි. යම් යම් වේලාවන්හිදී අපට දුක් කරදර, ලෙඩ රෝග පැමිණෙනවා. ඒවා පැමිණෙන්නේ දෙවියන්වහන්සේ අපව පරික්ෂා කරන විටදීයි. උන් වහන්සේගේ කැමැත්ත ඒක නම් අපි කංකෙදිරි ගාන්න ඕනා නැහැ. සර්වබලධාරි දෙවියන් වහන්සේගේ බලයත් යහපත් කමත් සිහියේ තියා ගන්නට ඕනි.

    ගැලවීම සදහා ඥානය ලබා ගැනීමට නම් මාක්ස් මහත්මයා, අපෝස්තළුවරයා කිව්වා වගේ නොපෙනී තියෙන දේවල් කෙරෙහි විශ්වාශය ඇති කර ගන්න ඕනි. අපගේ ඉන්ද්‍රියන්ට ප්‍රත්‍යක්ෂ දේවල් පිළිගැනීමෙන් පින් ලැබෙන්නේ නෑ. භක්තිමත් ක්‍රිස්තියානීන් වන අපගෙන් බලාපොරොත්තු වන විශ්වාශය නම්, ඒ වගේම සුභාරංචියේ ශ්‍රේෂ්ඨ පොරොන්දු හා බැදී ඇති විශ්වාශය නම්, පරමෝත්කෘෂ්ට දෙහි ඇති විශ්වාශයයි.

    අපට වටහාගන්න බැරි අබිරහසක් වන, දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ පහල වීමයි-පොලොවට බැහැලා මනුෂ්‍ය වේශයක් අරගෙන අපගේ ගැලවීම සදහා ඇත්ත වශයෙන්ම අප්‍රමාණ දුක් වින්දා වූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ පහල වීමයි. ඒ දිව්‍යමය ආශිර්වාදයෙන් , ක්‍රිස්තියානීන් නොවන අයද කල්යාමේදී ක්‍රිස්තියානීන් බවට හැරවීමේ බලයක් ඇති බවත් කියන්න ඕනි. එවැනි බලයක් ඇති දෙවියන් වහන්සේ කෙරෙහි සම්පුර්ණ විශ්වාශය දැන් තවත් තැබිය යුතුකාලය ඉදිරියේ පැමිණ ඇත්තේ මහත්මයා.

    අපෝස්තුළුවරයා මොකක්ද කියන්නේ? 'ප්‍රේමය මෙහි වෙයි, අපි දෙවියන්වහන්සේට ප්‍රේම කළෝ නොවෙමු, උන්වහන්සේ අපට ප්‍රේම කල සේක. අපගේ පාපයන් සමා කරවීම සදහා උන්වහන්සේගේ පුත්‍රයා එචු සේක'

    බලන්න මාක්ස් මහත්මයා කොයිතරම් අපුරු දෙයක්ද? ඒ නිසා දෙවියන් කෙරෙහි ඔබතුමාගේ අචල විශ්වාශය තබාගන්න. සුභාරංචි පණිවිඩය බෙදාහැරීම සදහා ඉදිරියටත් ලියන්න. යක්ෂයා තමයි මේ ඇවිත් තිබෙන්නේ ආත්මය අඳුරට යොමු කිරීමට. යක්ෂයාගේ ශාපලත් අඳුරට අසුවෙන්න එපා. හිත ශක්තිමත් කරගන්න. ඔබතුමාට සහ අපට ඒ සදහා ශක්තිය ලැබේවා කියා මා අද සවස දිව්‍ය යාඥඥා මෙහෙයේදී ඉල්ලා සිටින්නම්.

    දෙවියන්වහන්සෙගෙන් ප්‍රඥාව ඉල්ලා සිටින්න (යාකොබ් 1:5). මක්නිසාද ඔබ බෙදාගන්නේ දෙවියන්වහන්සේගේ ගැළවීමේ පණිවුඩයයි. එම නිසා ඔබට වඩා ඒ ගැන දන්නේ උන්වහන්සේය . ශුභාරංචිය එළිදරව් වූයේ මිනිසාගේ ප්‍රඥාවෙන් නොව දෙවියන්වහන්සේගේ බලයෙනි (1 කොරින්ති 2:5)

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete