This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 18 November 2019

පොහොට්ටුව මීගමුවේදී පැරදුනේ ඇයි?

පොහොට්ටුවෙන් තරගකළ ගෝඨාභය රාජපක්ෂ මහතා සිංහල-බෞද්ධ ප්‍රදේශවල අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබුවද මීගමුවේදී දරුණු පරාජයකට ලක්විය. ඒගැන ගෝඨාභය රාජපක්ෂ මහතා රටපුරාම විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබීමටත් වඩා විශාල ගෝෂාවක් පැන නැගී ඇත. 

මීගමුවේ මැතිවරණ ප්‍රථිපලය ගැන පොහොට්ටු පාක්ෂිකයින් කෙතෙක් කිපී අදත්දැයි කිවහොත් ඔවුහු සිය facebook පිටුවල 1. "මීගමුවේ එවුන්ට බෝම්බ ගහලත් උන් බෝම්බකාරයන්ටමයි වෝට් කරලා තියෙන්නේ"  2. "මීගමුවට බෝම්බ ගහල මදි වගේ" 3. "මීගමුවේ එවුන්ට බෝම්බ කාලත් ලැජ්ජ නැහැ"  4. "මීගමුවට බෝම්බ පිට බෝම්බ ගැහුවත් මදි"  5. ''සහරාන් මචෝ මීගමුවේ තව පල්ලි තියෙනවා''  6. ''තව එක පල්ලියකට දෙකකට වදිනවා නම් දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ'' 7. ''මීගමුවට පරමාණු බෝම්බයක් ගහන්න ඕනේ නැත්තටම නැතිවෙලා යන්න'' 8. ''මීගමුවේ චන්ද ප්‍රථිපලයෙන් පේන්නේ දෙමෙල්ලු, හම්බයෝ විතරක් නෙමේ කුරුසකාරයින්වත් අතුගාලම දාන්න ඕනේ'' ආදියද, ඊට අමතරව ''අවජාතක'', ''කලවම්'', ''සුද්දට ඇල්ලුව'', ''පරගැති බල්ලෝ'' ආදී සැහැසික, මේලේච්ච, කෘර, වර්ගවාදී, තිරිසන්, අමානුෂික සහ තුච්ඡ ප්‍රකාශ රාශියක් මුදාහැර තිබුණි. 
  
ඒකී පහත්, නින්දිත ප්‍රහාරයන්ට මුහුණදී ගත නොහැකිව හෝ එකී මැතිවරණ ප්‍රතිපලවලට තමන්ගේ සම්බන්දයක් නැති බව කීමට හෝ ඇතැමුන් සිය facebook පිටුවල 1. ''අපිට මීගමුවේ කියන්නත් ලැජ්ජයි'' 2.''කටුවපිටිය තියෙන්නේ මීගමුවේ නෙමේ කටානේ, කටාන පොහොට්ටුව දින්නනේ''  3.  ''මීගමුවේ හැම ජාතියක්ම ජීවත්වෙනවා ඔය මුස්ලිම් මිනිස්සුන්ගේ ජන්දවලින් තමයි හංසයා දින්නේ'' ආදී ලෙස මුස්ලිම් ජනයා බිල්ලට දී තමන්ගේ මුහුණ හොද කරගැනීමට හෝ උත්සහ දැරූවන්ද විය. 

එහෙත් ඇත්ත තත්වය නම් මීගමුවේ චන්ද ප්‍රතිපලය හුදෙක් මුස්ලිම්, ක්‍රිස්තියානි හෝ බෞද්ධ ජන්ද ප්‍රතිපලයක් නොව මීගමුවේ අනන්‍යතාවය නියෝජනයවූ ජන්ද ප්‍රතිපලයක් බව එහි ප්‍රතිපල විශ්ලේෂණය කිරීමේදී පෙනී යයි. මට ලැබී ඇති චන්ද ගණන් කිරීමේ  මධ්‍යස්ථානවල ප්‍රතිපල වාර්තා මෙසේය:

1. චන්ද කොට්ටාශ 8, 16, 24, 32, 40, 48, 56, 64, 72, 77 ඇතුලත්වූ    ශාලා අංක 17; 
        අනුර - 533  සජිත් -5116 ගෝඨාභය 4089.

2.  චන්ද කොට්ටාශ 7, 15, 23, 31, 39, 47, 55, 63, 71, 76 ඇතුලත්වූ ශාලා අංක 16; 
        අනුර - 503  සජිත් -6109 ගෝඨාභය 3654. 

3.  චන්ද කොට්ටාශ 6, 14, 22, 30, 38, 46, 54, 62, 70, 78 ඇතුලත්වූ ශාලා අංක 15; 
        අනුර - 429  සජිත් - 6179 ගෝඨාභය 3843.

4.  චන්ද කොට්ටාශ 05, 13, 21, 29, 27, 45, 53, 61, 69, ඇතුලත්වූ ශාලා අංක 14; 
        අනුර - 577  සජිත් -5649 ගෝඨාභය 3040. 

5. චන්ද කොට්ටාශ 24, 12, 20, 38, 44, 58, 60e, 60g, 68 ඇතුලත්වූ ශාලා අංක 13; 
        අනුර - 437  සජිත් -5414 ගෝඨාභය 4021. 

6. චන්ද කොට්ටාශ 3, 11, 19, 27, 35, 43, 51, 59, 67, 75 ඇතුලත්වූ ශාලා අංක 12; 
        අනුර - 555  සජිත් -5184 ගෝඨාභය 4440.

7.  චන්ද කොට්ටාශ 2, 10,18, 26, 34, 42, 50, 58, 66, 74 ඇතුලත්වූ ශාලා අංක 11; 
        අනුර - 554  සජිත් -5127 ගෝඨාභය 3823. 

8.  චන්ද කොට්ටාශ 1,9, 17, 25, 33, 41, 49, 57, 65, 73  ඇතුලත්වූ ශාලා අංක 10; 
        අනුර - 544  සජිත් -5263 ගෝඨාභය 4033. 

ඒ අනුව චන්ද ගණනය කල සෑම ශාලාවකම ප්‍රතිපල අනුව පෙනී යන්නේ එකී සෑම ශාලාවකම බහුතරය හිමිකර ගත්තේ සජිත් ප්‍රේමදාස මහතාය. එමෙන්ම ඉතා විශ්වාසනීය ලෙස පැවසිය හැක්කේ මීගමුවට අයත්වන කටුවපිටිය කොට්ටාශ දෙකද, කටාන ආසනයට අයත් කටුවපිටිය  කොට්ටාශද පැහැදිලිවම ජයගත්තේ සජිත් ප්‍රේමදාස මහතාය. මේ අනුව කිව හැක්කේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්දයෙන් ආණ්ඩුවට විරුද්ධව කෙතරම් විශාල ජනමතයක් ගොඩනැගුවද මීගමුවේ චන්ද දායකයින්ගේ චන්දය ප්‍රකාශකිරීම සම්බන්දයෙන් ඉන් විශාල බලපෑමක් සිදුකර නැති බවය. 

එසේ නම් මීගමුවේ චන්ද දායකයින්ගේ චන්දය ප්‍රකාශකිරීම සම්බන්දයෙන් පැහැදිලිවම බලපා ඇත්තේ කුමක්ද? 

මීගමුව කාලාන්තරයක් තිස්සේ එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් නිසා මීගමුව නිසැකයෙන්ම එක්සත් ජාතික පක්ෂයට හිමිවෙන්නේ යැයි පොදු කථාවක් තිබේ. එහෙත් 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී මීගමුව ජයගත්තේ මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. 1956දී ලංකා සමසමාජ පක්ෂයේ දොස්තර හෙක්ටර් ප්‍රනාන්දු මහතා මීගමුවේ ජය ලැබීය. 1947 ලංකාවේ මුල්ම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයගත්තද, ලංකා සමසමාජ පක්ෂයේ අපේක්ෂකයාවූ ව.ස. ප්‍රනාන්දු මහතා පරාජයවුයේ ජන්ද 800ක් තරම් සුළු ප්‍රමාණයකිනි. කෙසේවුද, මීගමුවේ වැඩිම මැතිවරණ ප්‍රමාණයක් ජයගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂය විසිනි. එසේ එක්සත් ජාතික පක්ෂයට මීගමුවේ වැඩිම මැතිවරණ ප්‍රමාණයක් ජයගැනීමට හැකිවී ඇත්තේ ඇයි? එයට ඇත්තේ එක පිළිතුරකි. එනම් එක්සත් ජාතික පක්ෂය සියළු ජනකොටස්වලට සාධාරණව සලකන, සුළු ජාතීන්ට සමානව  සලකන, වර්ගවාදී හෝ ආගම්වාදී දේශපාලන ප්‍රතිපත්තියක් නොදරන ප්‍රධාන දේශපාලන පක්ෂයක්යැයි මීගමුවේ බුහුතර ජනයා විශ්වාස කිරීමය. මීගමුවේ පමණක් නොව දෙමළ ජනයා ජීවත්වෙන ප්‍රදේශවලද, මුස්ලිම් ජනයා ජීවත්වෙන ප්‍රදේශවලද එක්සත් ජාතික පක්ෂයට එවැනිම පිළිගැනීමක් ඇති බව මෙම ජනාධිපතිවරණ ප්‍රතිපල තුලින්ද පෙනීයයි. එම නිසාම ලංකාවේ සිංහල - බෞද්ධ බුහුතරයේ දේශපාලන අභිලාෂය නියෝජනය කල ගෝඨාභය රාජපක්ෂ මහතා දෙමළ සහ මුස්ලිම් ජනයා බහුලව ජීවත්වෙන ප්‍රදේශවල අන්ත පරාජයක් ලබන අතරේ එක්සත් ජාතික පක්ෂය පෙරටුකරගත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය අති විශාල ජයක් ලැබීය. එහෙත් සිංහල භාෂාව කථා කරන ප්‍රදේශ අතර පිහිටි මීගමුව එසේ වෙන්නේ ඇයි? (අවශ්‍යනම් කොලබ දකුණේ සිට වත්තල ආදී ප්‍රදේශද එසේ ජය ගන්නේ ඇයි යන්නටද දිය හැකි පිළිතුරද මේ සමග කැටිකොට තිබේ)   

ඕනේ නම් ඕනෑ කෙනෙකුට විවාද කල හැකිවුවද, මීගමුවේ  චන්ද දායකයින්ගේ ඉහත චන්දය ප්‍රකාශ කිරීමට බලපානුයේ මීගමුවේ ඇති අනන්‍යතාවය. මීගමුවේ එකී අනන්‍යතාවය ගොඩනැගී ඇත්තේ කතෝලික-ක්‍රිස්තියානි පදනම තුලය. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස දැක්වුවද ලංකාවේ සිංහල-බෞද්ධ නොවන ප්‍රදේශ රාශියක් තිබේ. මීගමුවද ඉන් ප්‍රධාන එකකි. මීගමුව සිංහල-බෞද්ධ අනන්‍යතාවය තුල නොව කතෝලික-ක්‍රිස්තියානි සංස්කෘතිය අනන්‍යතාවය මත ගොඩ නැගුන නගරයකි. එය සිංහල නගරයක්වත්, දෙමළ නගරයක්වත් නොව ක්‍රිස්තියානි නගරයකි. මීගමුව නු සිංහල, දෙමළ මෙන්ම බර්ගර් කතෝලික-ක්‍රිස්තියානි ජනයා පුංචි රෝමය ලෙස සලකන ක්‍රිස්තියානි නගරයකි.  මීගමුවේ ජන මනස ගොඩනැගී ඇත්තේ ක්‍රිස්තියානි අනන්‍යතාවය මත මිස බෞද්ධ හෝ හින්දු හෝ මුස්ලිම් පදනම් මත නොවේ. ක්‍රිස්තියානි අනන්‍යතාවය යනු කන-බොන-ජොලිකරන මිනිස්සු ලෙස වඩා ජනප්‍රියව දැක්වුවද එහි ඇත්ත හරය දෙවියන් අදහන, දසපනත අනුව දිවිගෙවිය යුතුයැයි පිලිගන්නා, අසල්වැසියාට ප්‍රේම කරන, සතුරාට පවා සමාව දීම මුලික හරය කරගත් අනන්‍යතාවයකි. මෙකී කතෝලික-ක්‍රිස්තියානි අනන්‍යතාවය මීගමුවේ මුල් බැසගත් අනන්‍යතාවය ය.  එම නිසාම කවුරු කෙසේ උත්සහ කලද සහරාන්ලාගේ බෝම්බ නිසා සිය අසල්වැසි මුස්ලිම් ජනයා කෙරෙහි වෛර බැද නොගත්තේය. මුස්ලිම් ජනයා පිටුදැකීම  නොකල, ඒ වෙනුවට අන්තවාදය පිටු දැක්ක පිරිසකි. එම නිසා පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් කිතුනු ජනයා සහ මුස්ලිම් ජනයා අතරේ වෛරයක් ඇතිකිරීමට උත්සහකලේ නම් එය පැහැලිවම මීගමුව තුල ක්‍රියාත්මක කල නොහැකි බව පෙන්වා දී ඇත්තේ වෛර වෙනුවට ප්‍රේමය සහ සමාවදීම නම්වූ කිතුනු වටිනාකම් මීගමුව තුල මුල්බැසගෙන අති නිසාය. ඒ අර්ථයෙන් ගත්කල එය එක්තරා ආකාරයකට කාදිනල්තුමා පසුගිය කාලය පුරාම මීගමුවේ නැවත නැවත දේශනාකළ ප්‍රේමය, සාමය, සමාවදීම, සහෝදරත්වය ආදීය යලිත්වරක් ස්ථාපිතවී ඇති බවටවූ ප්‍රකාශනයක් ලෙසද සැලකිය හැක.


මේ මැතිවරණය සම්බන්දයෙන් කතෝලික රදගුරු සම්මේලනයේ අදහසක් ලෙස ඉදිරිපත්වී තිබුනේ 1. ජාතිවාදය පිටු දකින, 2. ප්‍රජාතන්ත්‍රවාදය සුරකින නායකයෙක් පත්කරගන්න යන්නය. එය එක් පක්ෂයක අපේක්ෂකයෙක් ඉලක්ක කරගත්තක් නොවීය. පැහැදිලිවම පොදු මුලික යහපත් අරමුණක් මුල්කරගත්තකි. මීගමුවේ චන්ද දායකයෝ එය අකුරටම පිළිපැද ඇත. 


එමෙන්ම, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වී ඇති අපේ ජනයාගේ ලේ කදුළු දේශපාලන වාසි සදහා යොදා ගැනීමට පොහොට්ටුව සහ ඔවුන්ගේ නියෝජිතයින්වූ ලන්සලාව ප්‍රතික්ෂේප කිරීමක්ද මීගමුවේ චන්ද ප්‍රතිපල තුල නිරූපණය වේ. ලන්සලාගේ ගම වන වැල්ලවීදියේ සා. සෙබස්තියන් විද්‍යාලයේ ජන්ද පෙට්ටියෙන් පවා ලන්සලාගේ පොහොට්ටුව චන්ද 300කින් පරාජයවි. කුඩාපාඩුවේ තත්වයද එසේය. පාස්කු ඉරිදා ප්‍රහාරය අලෙවි කරමින් දේශපාලන වාසි සෙවූ ඔවුන්ට මීගමුවේ ජනයා පැහැදිලි උත්තරයක් ලබාදී ඇත. සිය ජාවාරම් දිගටම කරගෙනයෑමට අවශ්‍ය දේශපාලන ශක්තිය ලබා ගැනීමට පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනයාගේ දුක්සෝ කදුළු අලෙවිකල ඔවුන්ව ගෝඨාභය රාජපක්ෂ සමගම  මීගමුවේ ජනයා ප්‍රතික්ෂේප කර තිබේ.  ''මතකද 21/4?'' යනුවෙන් ගෝඨාභයගේ පොස්රටයක් මීගමුවේ ඇලවුයේ ඔවුන්ය. එය කිතුනු ජනයා තේරුම් ගත්තේ එක්තරා ආකාරයක තර්ජනයක් ලෙසය.  මෙසේ පෝස්ටර් අලවමින් සිටි පොහොට්ටුවේ ආධාරකරුවන් පිරිසක් 13/11/19 දින මීගමුවේදී හසුවි. ඔවුන්ට පෝස්ටර් ගැසීමට දී ඇත්තේ කවුදැයි ඔවුන් හෙළිකර තිබේ.  පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අපේ මිනිසුන්ටවූ විනාසයෙන් පවා දේශපාලන වාසි සොයන තත්වයට පොහොට්ටුව මෙන්ම ලන්සලාද ඇද වැටී තිබීම ගැන මීගමුවේ ජනයා සිටියේ දැඩි පිළිකුලකිනි. එම නිසාම පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස පවා ඔවුන්ගේ සැගවුණු හස්තයන් තිබීමට ඉඩඇති බව ඇතමේක් සැකකළේය. හලාවත ධීවර ඇන්ටනීට සහ කටුනායක රොෂේන් චානකට වෙඩි තබා ඝාතනය කිරීම, රතුපස්වල වතුරු ඉල්ලු ජනයාට පල්ලිය පැන පහරදීම ආදිය ගැන මීගමුවේ ජනයාට තවම අමතක නැත. කිතුනුවන් සිය පීඩකයා ගැන  නිතර අවධානයෙන් සිටී. ඔවුහු යක්ෂයාගේ දුෂ්ටකම්වලටත් ඔහුගේ සතුරුකම් ගැනත් අමතක නොකර පරීක්ෂාවෙන් සිටී. එහින් දුෂ්ට දේශපාලන ව්‍යාපෘතිවලින් බලය සොයන්නේ මොකාද යන්න ඔවුන්ට පහසුවෙන්ම හදුනාගත හැක. නාග ලොවින් නොව, කපාල කන්දෙන් ධාතු ගෙනාවා කීවද ඔවුන් රැවටිය නොහැක. 

මීට අමතරව 14/11/19 දින කටාන ප්‍රදේශයේ මුස්ලිම් පිරිසකට ''චන්දේ දෙන්න ගියොත් බලාගෙනයි'' යනුවෙන් තර්ජනය කිරීමට ගිය කාණ්ඩායමක එකෙක් අල්ලාගත් බව මුස්ලිම් ජනයා අතර මෙන්ම බෝලවලාන, කුරණ ආදී ප්‍රදේශවල කිතුනු ජනයාටද දැන ගැනීමට ලැබී තිබේ. ජනයාගේ නිදහස් කැමැත්තට මේ ලෙස සිදුකරන අනිසි බලපෑම් නිදහස, සාමය සහ සහෝදරත්වය අගයන මීගමුවේ ජනයා දැඩිව ප්‍රතික්ෂේප කළේය.

තවද චන්දයට පෙරදින කොලබ අගරගුරු නිවසින් නිකුත්කළ video පටියක් තුලින් පියතුමෙක් දක්වා තිබුනේ කතෝලික ප්‍රදේශවල කතෝලික පියතුමන්ලා මෙන් ලෝගුවක් පැලදී පුද්ගලයින් දේශපාලන වේදිකාවට නංවා පාස්කු ප්‍රහාරයට විරුද්ධව පොහොට්ටුවට චන්දේ දෙන්න යැයි ඉල්ලන වැඩසටහනක් දියත්වී ඇති බවත් එහෙත් කතෝලික සභාවේ කිසිම පියතුමෙකු එසේ කිසිම දේශපාලන වේදිකාවකට ගොඩවී නැති බවත් දක්වන ලදී. ඒවා මිනිස්සු නොමග යැවීමට කරන දේවල් ලෙසත්, පාස්කු ප්‍රහාරයෙන් දේශපාලන උවමනාවන් ඉෂ්ට කරගැනීම නවත්වන ලෙසත් ඉල්ලා සිටියහ. 

ඒ වන විටද අපේ පළාතේ මන්ත්‍රී කෙනෙකු වන කුප්‍රකට නිමල් ලාන්සා මහතා ඔහුගේ Facebook පිටුවේ රදගුරුවරයෙක් කිව්වේ යැයි කියා ගෝඨාභයට ජන්දේ දෙන ලෙස ඉල්ලා සිටින වීඩියෝවක් නිකුත්කර තිබුණු. ඔහු එ සදහා යොදාගත් රදගුරුවරයාවුයේ කතෝලික රදගුරුවරයෙක් නොවූ, එංගලන්ත සභාවේ සිටි, මුදල් වංචාවක් නිසා එම සභාවෙන් ඉවත්කළ  තැනැත්තෙකි. මහා කතෝලික මන්ත්‍රීවරයෙක් ලෙස තමාව හදුන්වා ගන්නා නිමල් ලාන්සා, මෙන්ම ඔහුගේ සහෝදරයා වන මීගමුවේ චන්ද බලයෙන් නොව සල්ලි බලයෙන් නගරාධිපතිවූ දයාන් ලන්සාත්, පාස්කු ප්‍රහාරයෙන් දේශපාලන වාසි ලබාගැනීමට පාස්කු ප්‍රහාරය විකුණන්නේ ඇයි? ආගම බේරාගැනීමටද? කතෝලිකයින්ව බේරාගැනීමටද? නැතිනම් ඔවුන්ව බේරා ගැනීමටද? ඔවුන්ගේ ජාවාරම් බේරාගැනීමටද? තමන්ගේ නිවසේ නීතිවිරෝධී ද්‍රව්‍ය ඇතයි සිතා තමන්ගේ නිවසට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා වැටලීමක් කරමින් ඔවුන්ගේ පරම්පරා ගණනාවකට මහා නින්දාවක් කල ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති කරවන්න ලන්සලා දගලන්නේ මීගමුව තවත් විනාශ කරදීමීටදැයි යන සැකය මීගමුවේ ජනයා තුල නිතර කැසකැවුණු ප්‍රශ්නයක්විය. 

මේ සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී මීගමුවේදී ගෝඨාභය රාජපක්ෂ දරුණු පරාජයකට පත්වීම නොවැලක්විය හැක්කකි. එසේම ගෝඨාභයගේ පරාජයෙන් අනතුරුව මීගමුවේ ජනයාට එල්ලවූ තර්ජන ගර්ජන සහ නින්දිත ප්‍රහාර හමුවේ මීගමුවේ ජනයාට තමන් කවරහුද? ඔවුන් නියෝජනය කරන අනන්‍යතාවය කුමක්ද? යන්න තේරුම්ගැනීමටද අවස්ථාවක් උදාවිය.  නිදහසින් පසු ක්‍රියාත්මකවූ මීගමුවේ ජනයාගේ සැබෑ අනන්‍යතාවයවූ කතෝලික-ක්‍රිස්තියානි අනන්‍යතාවය ක්‍රමයෙන් දියකර හරිමින් සිංහල-කතෝලික යනුවෙන් එහෙටත් නැති, මෙහෙටත් නැති, ව්‍යාජ අනන්‍යතාවයක් ගොඩනැගීමේ ව්‍යාපෘතියද හෝදා යන ලදී. පැහැදිලිවම කියන්නේ නම් මේම ජනාධිපතිවරණය මීගමුවේ ජනයාගේ  කතෝලික-කිතුනු අනන්‍යතාවය වඩ වඩා සහතික කල, වඩ වඩාත් ඔවුන්ගේ සිත් තුලට කාවැද්දු ජනාධිපතිවාරණයක් විය. ජනාධිපතිවරණයේ ප්‍රතිපල නිකුත්වෙන විට ''බෙදුන දේශයක, බහුතරයේ ආධිපත්‍යට එරෙහිව සුළුතරයේ ප්‍රතිවිරෝධය දැක්වූ ජන්දයක්'' යැයි මගේ Facebook පිටුවේ මම සදහන් කලේ ඒ නිසාය. 

කෙසේවුවද දැන් මීගමුව වඩ වඩා පරික්ෂාකාරී විය යුතුය, ඒ යක්ෂයාගේ හෝරාවා පැමිණ ඇති නිසාම නොව සතුරන්ද අප අතරම වන නිසාය. 

මීගමුවට ජයවේවා !! සුළු ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා වේවා!! පීඩිතයින්ට විමුක්තිය අත්වේවා!! සියළු ජනයා සාමයෙන්, සහෝදරත්වයෙන් පසුවේවා!!!

මාකස් ප්‍රියන්ත පෙරේරා
18/11/2019 

14 comments:

  1. මාක්ස්වාදී ක්‍රිස්තියානි දෙමළා පරදා සිංහල බෞද්ධයන් ලද මේ ජයග්‍රහනය සාමකාමීව සමරමු.

    ReplyDelete
  2. ඔබේ අදහසට මමත් ඒකගයි! හැම කෙනාගෙම ජන්ද අයිතිය ස්වාධීනයි! ඒ් අුනුව ලංකාවෙන්ම ස්වාධීනව ජන්දෙ දීල තියන දිස්ත්‍රික්කයක් කිව්ව හැකි මීගමුව!

    කෙසේ වුවත් පාස්කු ප්‍රහාරය නිසාවෙන්ම මමත් සජිත් ප්‍රේමදාස මෙන්ම ගෝටාභයද ප්‍රතික්ශේප කොට ජන්දය ලබා දුන් අයෙක් වෙමි!!

    ReplyDelete
  3. මීගමුව දිනුවා කියලා මේ ක්‍රිස්තියානි කාරයා මෙහෙම ෆෝම් වෙනවා නම් සජියා ජනාධිපතිවුනානම් කොහොම උඩයයිද?

    2005 ජනාධිපතිවරණෙ වෙනකොටත් වුනේ මේ වගේම දෙයක් ඒ කාගේ උතුරේ දෙමෙල්ලු හමුදාකාරයන්ට රෙද්ද උස්සලා පෙන්නනවා, දකුනේ ක්‍රිස්තියානි කාරයෝ බෞද්ධයන්ට රෙද්ද උස්සලා පෙන්වනවා.

    මම හිතන්නේ ක්‍රිස්තියානි ආගම්වල ඉන්න ප්‍රාණ පරිත්‍යාගකාරයොත් වැඩිදෙනා මාකසා වගේ එවුන් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. යතුරුපැදිකාරය හෙනට ගේම ඉල්ලුව. තර්ජනය කළා.
      ඔහු වැරදි නෑ. ඔහු කිව්වෙ පාස්කු සිද්දිය අපට අවුලක් නෑ.
      තොපි තොපේ වැඩක් බලාගනිවු. රතුපස්වල සිද්දිය අපට මතකයි හලාවත ඇන්ටනි අපට මතකයි රොශේන් චානක අපට මතකයි.
      මුන්ට දේශපාලනික ප්‍රතිවාදියෙක් ඉන්නව.

      Delete
  4. Replies
    1. මම නම් ඒ තරම් අදේශපාලනික නොවීමි. හැමෝම ** උඩදාගෙන **** ට බැන්න කාලෙ අඩු තරමින් ඒ කාලෙ මේ සිදුවීම ගැන කිසිම කොමෙන්ටුවක් වත් නොදැම්මෙමි. කිසිම කඩයක් වර්ජනය කලේද නැත.

      Delete
  5. හලාවත ධීවර ඇන්ටනීට සහ කටුනායක රොෂේන් චානකට වෙඩි තබා ඝාතනය කිරීම, රතුපස්වල වතුරු ඉල්ලු ජනයාට පල්ලියට පැන පහරදීම ආදිය ගැන මීගමුවේ ජනයාට තවම අමතකව නැත. කිතුනුවන් සිය පීඩකයා ගැන නිතර අවධානයෙන් සිටී. ඔවුහු යක්ෂයාගේ දුෂ්ටකම්වලටත් ඔහුගේ සතුරුකම් ගැනත් අමතක නොකර පරීක්ෂාවෙන් සිටී. එහින් දුෂ්ට දේශපාලන ව්‍යාපෘතිවලින් බලය සොයන්නේ //

    ඔබේ ප්‍රකාශ පරස්පරයි. අර කියන ප්‍රේමය සමාව දීම මේවාට අදාල නැද්ද
    මේ සියලු සිදුවීම් යම් පුද්ගලයෙකු ඉලක්ක කර සිදුවූ වෙඩි තැබීම් නොවේ. අහම්බෙන් ඔවුන් කිතුනුවන් වීම නිසා වෛර බැදගැනීමකි. ඇගලුම් කම්හලේ හා රතුපස්වල කිතුනුවන් බහුතර ස්ථාන නොවේ. සමූහය්ටට එල්ලවුන ප්‍රහාර කුමන හෝ අවාසනාවකට කිතුනුවන්ට වැදී ඇත. පාස්කු ප්‍රහාරය යනු කිතුනුවන් ඉලක්ක කල එකකි. එයට ඔබලාගේ ඊනියා ප්‍රේමය හා සමාව දීම අගය කරමු. නමුත් මොකක්ද මේ පරස්පරය. රෙදි නෑ නේද

    ReplyDelete
  6. ඡන්දය නොදීම ගැන මීගමුවට අපහාස කළ අයට මම කොමෙන්ට් දමා විරෝධය පළ කළෙමි. ඊට හේතුව අපේ පවුලේ අයටවත් අසවල් පැත්තට ඡන්දය දෙන්න කියා අපට බලකළ නොහැක. දරුවන්ටවත් බලකරන්න අපට අයිතියක් ණැත. ඒ ඔවුන්ගේ අයිතියයි. ඉතාම අදේශපාලනික මෝඩයන් පිරිසක් මීගමුවේ ජනතාවට අපහාස කිරීම කනගාටුදායකය.

    ආවේගශීලී වූ මේ අදේශපාලනික පිරිස මීගමුවට තමන්ගෙ කමක් ආරෝපනය කරගෙන සිටි පිරිසකි. තමන්ගෙ සහෝදරයෙකු ට බනින ලෙස ඔවුන් මෙසේ පෝස්ට් දමන්නට ඇත. පාස්කු සිදුවීමේදීද නොහෝ දෙනා මෙසේ තමන්ගෙ කමක් ආරෝපනය කරගෙන ආවේගශීලී වූහ. ෆේස්බුක් වල ප්‍රදේශ අතර ගැටුම් ඇතිවේ. ඒවා බොහෝ විට ආතල් එකකි. අපි දකුනෙ අපි නුවර අපි රජරට කිය කියා විහිලු කරගනිති. ඒ තරහකට නොවේ. මීගමුව ගැන කතාකරන විට කිසියම් ප්‍රවේසමක් අවශ්‍යය.නමුත් මීගමුව වෙනස් බව අවබෝදයක් තිබීම අවශ්‍යය. ඡන්දය දෙන පැත්ත ඝැන ඔවුන් ගැන පොරොත්තු වීමක් අනවශ්‍යය. ඒ ඔවුන්ගේ කැමැත්තය. එම පෝස්ට් නිසා මීගමුවේ කාට හෝ සිත් රිදීමක් ඇතිවීනම් ශ්‍රී ලාංඉක සාමාන්‍ය පුරවැසියෙකු ලෙස කනගාටුවෙමි. සමාව ඉල්ලමි.





    ReplyDelete
  7. Is this guy (Marcus) exists? Relax guys, this could be just fake, there is no logic in this post as pointed out by 'yaka', just spreading hate.

    ReplyDelete
  8. මීගමුව යනු
    උතුම් ආර්ය ශීලයන් රක්ෂා නොකරන,
    දුරාචාරයේ යෙදෙන මිත්‍යාදෘෂ්ඨිකවූ ගැහැණුන් පවා මත්පැන් පානය කරන පට්ට සාටර් පලාතකි.
    ෴මාකස් ප්‍රියන්ත නම් මහතකු විසින් කල සඳහනක්

    ReplyDelete
    Replies
    1. මටත් ඔය මීග්මුව ඇතුලු බටහිර වෙරලෙ කොලඹින් උඩ වෙරලබඩ ප්‍රදේශ අප්‍රසන්නයි. ලංකාවේ චාටර්ම ඔය පැත්ත.

      Delete
  9. මීගමුවට අඩුවකට තිබුනේ කුඩු පමණි

    ReplyDelete
  10. මෝඩකම මීගමුවෙන් එලවා දමන්නට කාලය පැමිණ ඇත

    ReplyDelete