This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 13 November 2019

නුවර ටවුමේ මුස්ලිම් ස්කෝලයක් හදලා දෙන්නවා කිව්ව මහින්දානන්ද නාවලපිටියේ සා.මරියා පාසලේ නම වෙනස් කිරීමටත් පොරොන්දුවෙලා

මහනුවර ටවුමේ 10%යක් වන ගෝඨාභය රාජපක්ෂගේ ජන්ද පදනම 25% දක්වා වැඩිකර දෙන්නේනම් මුස්ලිම් ජනයාට මුස්ලිම් පාසැලක් මහනුවර නගරයේ ඉදිකරදෙන බව පොහොට්ටුවේ මහනුවර මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ  පවසන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍යයන්ට මුදාහැර තිබුණි.

ඔහු එසේ ප්‍රකාශ කිරීමට පෙර පවා, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ කාලයේ සිට, ඔහුගේ ආසනය වන නාවලපිටියේ පිහිටි සා. මරියා පාසැලේ නම වෙනස් කර දෙන බවට එම ප්‍රදේශයේ මුස්ලිම් කොටසකට පොරොන්දුවී ඇති බව දැනගැනීමට ලැබුණි.

නාවලපිටියේ සා. මරියා පාසැල යනු නාවලපිටිය සා. මරියා කතෝලික පල්ලියට අනුබද්ධව 1915 දී පිහිටවූ කතෝලික පාසැලකී. කදිරේෂන් හින්දු විද්‍යාලය, අනුරුද්ධ බෞද්ධ පාසැල ආදී පාසැල් අතරින් නාවලපිටිය සා.මරියා පාසැලට වැඩි අවධානයක් එකල යොමුවූයේ එහි පැවති කිතුනු අධ්‍යාපනයත්, නාවලපිටිය සා. මරියා පල්ලියේ සහ පියතුමාගේ දායකත්වයත්, Young Mariyans පාපන්දු කණඩායම ආදිය ඔස්සේ විනය, අධ්‍යපනය, ක්‍රීඩාව ආදී ක්ෂේත්‍රවලට ප්‍රසිද්ධවීම නිසාය. ආරම්භයේ සිටම සුවිශේෂ නමක් දිනාගත් මෙම පාසැල ප්‍රදේශයේ කිතුනු ජනයා සදහා පමණක් නොව කිතුනු නොවන ජනයා සදහාද වීවෘතවූ මිශ්‍ර පාසැලක් විය.

එම නිසාම නාවලපිටිය නගරයේ ක්‍රමයෙන් වර්ධනයවූ මුස්ලිම් ජනයාගේ දරුවන් වැඩි වශයෙන් මෙම විදුහලට ඇතුල්කිරීම සිදුවූ අතර අද වනවිට එහි වැඩි වශයෙන් ඉගෙනුම ලබන්නේ මුස්ලිම් සිසුසිසුවියන්ය. එම විදුහලේ ප්‍රධාන දොරටුව ඉහලින් සා. මරියාතුමියගේ සුරුවමක් තිබුනද, ඇතුල් ශාලා කිහිපයකම කුරුස සලකුණ තිබුනද, එය දැන් මුස්ලිම් විදුහලක්යැයි ප්‍රදේශවාසින් කියති. එවැනි තත්වයක් තුල තවදුරටත් සා. මරියා වැනි කිතුනු නමකින් එම පාසැල හැදින්වීම තේරුමක් නැතයි යන අදහසක්ද ප්‍රදේශයේ රැඩිකල් මුස්ලිම් තරුණ කොටසකගෙන් මතුවී තිබුණි.

එම අදහස වඩා දළුලා ඇත්තේ නාවලපිටිය ආසනයේ පොහොට්ටුවේ සංවිධායකයාවන මහින්දානන්ද අළුත්ගමගේ මහතා නාවලපිටිය සා. මරියා පාසැලේ නම වෙනස් කරදීමට තමා කටයුතු කරන බව දැක්වීම තුලය. අළුත්ගමගේ මහතා වරක දක්වා ඇත්තේ නාවලපිටිය කදිරේෂන් හින්දු විද්‍යාලයට තමා ඉඩම් පවා ලබා දුන්නද, අනුරුද්ධ බෞද්ධ පාසැලට ගොඩනැගිලිපවා ලබා දුන්නද, ප්‍රදේශයේ මුස්ලිම් ජනයාට එසේ යමක් කර නැති නිසා අඩුම තරමින් මුස්ලිම් දරුවන් දැන් බහුලව සිටින නාවලපිටිය සා. මරියා පාසැලේ නම වෙනස්කර මුස්ලිම් ජනයාට කැමති නමක් දාගැනීමට හෝ ඉඩදෙන බවය.

මහින්දානන්දගේ සහය ලැබූ මුස්ලිම් තරුණ කණ්ඩායමක් පසුගිය කාලයේදී විදුහලේ ඇති සා. මරියතුමියගේ සුරුවම ගලවා දැමීට සහ ශාලාවල ඇති කුරුස සහ සුරුවම් ගලවා දැමීමට උත්සහකලද ප්‍රදේශයේ ජනයාගේ, පල්ලියේ සහ පොලීසියේ මැදිහත්වීමෙන් එම උත්සහය ව්‍යාර්ත කෙරුණි.

දැන් අළුත්ම තත්වය වී ඇත්තේ නාවලපිටියේ සහ අවට ප්‍රදේශවල මුස්ලිම් ජනයා මෙවර ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට පොහොට්ටුවට චන්දය දෙන්නේ නම් අනිවාර්යෙන්ම නාවලපිටිය සා. මරියා විදුහලේ නම වෙනස්කිරීමට ඔවුන් කටයුතු කරන බවට රාවයක් පතුරුවා හැරීමයි.

පැහැදිලිවම මහින්දානන්ද අළුත්ගමගේ මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන එමට අවශ්‍ය ඔහුට විරුද්ධව ඇති නඩුවලින් බේරීමට බව ප්‍රදේශවාසීන් දනී. එමෙන්ම සා. මරියා විදුහලේ පමණක් නොව දැන් මුස්ලිම්වරුන්ගේ ක්‍රීඩා සමාජයක්වී ඇති නාවලපිටිය Young Mariyans පාපන්දු කණඩායමේ නමවත් වෙනස්කිරීමට ප්‍රදේශයේ බොහෝ මුස්ලිම් ජනයා පවා අකැමතිව සිටී. මන්දයත් එකී නම් වලට ඇති කීර්තිනාමය නම වෙනස්කිරීම තුල මුළුමනින්ම අහෝසිවී යන නිසාය.

එවැනි තත්වයක් තුල සිය පෞද්ගලික වාසි සදහා ජාතිවාදී, ආගම්වාදී කාණ්ඩයම්වලට වරදාන දෙමින් ජාතිවාදය සහ ආගම්වාදය පතුරුවමින් මෙම මහින්දානන්දලා ප්‍රමුඛ ගෝඨාභය පෙරටුකරගත් පොහොට්ටුවේ දේශපාලනය පැහැලිවම පරාජය කලයුතුය.

මාකස් ප්‍රියන්ත පෙරේරා.

2 comments:

  1. දෙමළ ජාතිවාදයට කඩේයන ක්‍රිස්තියානි කාරයන්ට හොඳම වැඩේ.
    ඔ්කට තමයි කියන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියලා.

    ක්‍රිස්තියානිකාරයොත් දෙමළ ටයිප් එකෙන් සිංහල බෞද්ධයන් එක්ක ඇරගන්න එනව. තම්බි ලව්ව තමයි තොපිට ගස්සවන් ඔ්නේ.

    මාකස් ලොක්කා,
    ඔන්න සජියා දිනුවොත් තොපිලට මාළු අල්ලන්නත් තහනම් වෙයි.
    https://www.vikalpa.org/?p=36105

    ReplyDelete
  2. දෙමළ මනුස්යෙක් ජතික ගීය දෙමළ බාශාවෙන් කීමෙන් සිංහලයාට අහිමිවන්නේ මොනවාද?
    මුස්ලිම් බහුතරයක් සිටින පාසලකට අරාබි නමක් දැමීමෙන් තතෝලිකයන්ට අහිමිවන්නේ මොනවාද?

    ReplyDelete