This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 28 March 2017

LTTE යට IRA මෙන් වෙන්නයි කී මාර්ටින් මැක්ගිනස් (Martin McGuinness)

මාර්ටින් මැක්ගිනස් (Martin McGuinness) යනු උතුරු අයර්ලන්තයේ නිදහස වෙනුවෙන් සටන්කල සටන්කාමියෙකි. පසුකාලීනව උතුරු අයර්ලන්ත ගැටලුවට සාමකාමී විසදුමක් ගෙන ඒමට ක්‍රියාකළ සාම ක්‍රියාධරයෙකි. සන්නද්ධ ක්‍රියාකාරීත්වය සහ දේශපාලන ක්‍රියාකාරීත්වයන් යන දෙකම හොදින් අත්හදා බැලූවෙක් වූ ඔහු, සන්නද්ධ අරගලයේ සීමාව සහ අරගලයේ අරමුණ අතර තුලනාත්මක අන්තයක් ගොඩනගාගැනීමට වෙහෙසවූවෙකි. එම භාවිතය පිලිබදව ලංකාවේ LTTE සංවිධානය ඇතුළු වෙනත් සන්නද්ධ අරගල සමග බෙදාගැනීමට කටයුතු කෙරුවෙකි. ඒ අනුව මාර්ටින් මැක්ගිනස් (Martin McGuinness) යනු දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩේලාගෙන් පසුව මෑතකාලීනව සිය ගමන ජයග්‍රාහී ලෙස අවසන් කල   සටන්කාමීන් කිහිපදෙනාගෙන් කෙනෙකි. ඔහු පසුගිය මාර්තු 21 දින වසර 66ක් ආයුවලදා මියගියේය. ඔහුගේ අවමගුල් උත්සවයේදී සිය ගමන් සගයෙකුවු IRA (The Irish Republican Army) සංවිධානයේ දේශපාලන අංශය වන Sinn Féin හී නායකයාවන Gerry Adams දැක්වුයේ Martin McGuinness යනු 'ත්‍රස්‌තවාදියෙකු නොව වීරයෙකු බවය' ("Martin mcguinness is a hero not terrorist"). 

Gerry Adams දැක්වු ලෙස Martin McGuinness  යුද්දය කරා ගියේ නැත. යුද්දධය ඔහු කරා ආවේය. ඔහුගේ නගරය වන උතුරු අයර්ලන්තයේ Derry කරා ආවේය. ඔහු ජීවත්වූ වීදියවූ Bogside කරා ආවේය (''Martin McGuinness never went to war. The war came to him. It came to his street, to his city''). ඒ 1972 ජනවාරි 30 වෙනි ඉරිදාය. කතෝලිකයන් බහුතරයක් වෙසෙන Derry ප්‍රදේශයේ පාලනය බ්‍රිතාන්‍ය රජයේ අනුග්‍රහය ලත් ප්‍රතෙස්තන්ත පාලනයකට යටත්වීම නිසා සිදුවන අසාධාරණයන්ට එරෙහිව එහි වැසියන් එම ඉරිදා සාමකාමී උද්ගෝෂණයක නිරතවිය. එහෙත් බ්‍රිතාන්‍ය පාලනයට පක්ෂපාත අතුරු හමුදා එම සාමකාමී උද්ගෝෂණයට වෙඩි තැබූ අතර එහිදී පුද්ගලයන් 14 දෙනෙකු මියගියහ. 'Bloody Sunday' ලෙස මෙම සිද්ධිය එවකට විසි දේහැවරැදී (22) වියේ පසුවූ මාර්ටින් මැක්ගිනස්ට (Martin McGuinness) තදින් බලපෑවේය. එම ඉරිදා වෙඩිවැදුන වැසියෙක් ආරක්ෂක ස්ථානයකට රැගෙන යාමට එඩ්වර් ඩ්ලේයි පියතුමා (Father Edward Daly) ලේ තැවරුනූ සුදු ලේන්සුවක් වනමින් පාරට පැන්න ආකාරය තමාට කිසිදිනක අමතක කල නොහැකි බව ඔහු කිහිපවරක්ම දක්වා තිබුණි. බ්‍රිතාන්‍ය පාලනය යටතේ උතුරු  අයර්ලන්තයේ ප්‍රතෙස්තන්ත ජනයාට ප්‍රමුඛතාවයක් හිමිවීම තුල  කතෝලික ජනයාට සාධාරණයක් සිදුනොවීමද ඔහුට අයර්ලන්ත ජනරජ  හමුදාවට (IRA -The Irish Republican Army) බැදීමට හේතුවූ බව ඔහුගේ චරිතාපදානයේ දක්වා තිබේ. 
IRA (The Irish Republican Army) සංවිධානය උතුරු අයර්ලන්තය බ්‍රිතාන්‍යය යටත් විජිත පාලනයෙන් නිදහස් කරගැනීම සදහා 1917 දී පිහිටුවා ගනු ලැබුවකි. අයර්ලන්තය බ්‍රිතාන්‍යයේ ප්‍රථම මෙන්ම අවසාන යටත්විජිතය විය යුතුයැයි සිය අරමුණ කරගත් IRA සංවිධානය ඒ සදහා සන්නද්ධ අරගලය හෙවත් දේශපාලන ප්‍රචණ්ඩත්වය දේශපාලන උපායමාර්ගයක් ලෙස භාවිතයට ගත්හ.


මාර්ටින් මැක්ගිනස් (Martin McGuinness) IRA සංවිධානයට සම්බන්දවී ටික කලක් ඇතුලතම එම සංවිධානය තුල ප්‍රභලයෙක්වූ බව කියවේ. විශේෂයෙන්ම සිය නගරය වන Derry ප්‍රදේශයේ ඔහුගේ අනුදැනුමකින් තොරව කිසිවක් සිදු නොවුන බව පැවසේ. Derry යනු IRA ක්‍රියාකාරකම් වැඩියෙන්ම පැවති ප්‍රදේශයකි. බ්‍රිතාන්‍ය ආරක්ෂක හමුදාවන්ට නිතර ප්‍රහාර එල්ලවූ මෙම ප්‍රදේශයේ IRA සංවිධානය සහ බ්‍රිතාන්‍යයට  පක්ෂපාත අර්ධ-මිලිටරි සංවිධාන (Loyalist) වල ක්‍රියාකාරීත්වයන්ද ඉතා ඉහලින්ම පැවතිනි. මිනීමරුම්, වෙඩිතැබීම්, පැහැරගෙන යෑම්, අතුරුදහන් කිරීම්, වද හිංසා පැමිණවීම්, ප්‍රචණ්ඩ උද්ගෝෂණ ආදිය නිතර පැවති ප්‍රදේශයකි. එම ප්‍රදේශයේ කටයුතු මාර්ටින් මැක්ගිනස් (Martin McGuinness)ගේ අනුදැනුමකින් තොරව සිදුවෙන්නේ නැතැයි කීම තුල කියවෙන්නේ ඔහුට IRA සංවිධානය තුල හිමිව තිබු ස්ථානයය. එපමණක් නොව Derry ප්‍රදේශයෙන් පිට  අයර්ලන්තයේ සහ බ්‍රිතාන්‍යයේ සිදුවූ බොහෝ ප්‍රචණ්ඩ ක්‍රියා සදහා ද මාර්ටින් මැක්ගිනස් (Martin McGuinness)ගේ නම කියවිනි. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති මාග්‍රට් තැචර් සහ ඇයගේ කැබිනට් මණ්ඩලය ඉලක්ක කරගනිමින් 1984 එල්ලවූ බ්‍රයිටන් බෝම්බය (Brighton hotel bombing), 1982 Hyde Park බෝම්බය, 1992 මන්චේස්ර් බෝම්බය, 1991 අගමැති නිවස ඉදිරිපිට කාර් බෝම්බය, 1979 Warrenpoint ගරිල්ලා ප්‍රහාරය, 1976 Kingsmill සමුලඝහතනය, 1989 Deal නාවික හමුදා කදවුරට එල්ලකල ප්‍රහාරය ආදීය සම්බන්දයෙන් ඔහුගේ නම කියවිණි. 

එහෙත් ඒ කිසිවක් සම්බන්දයෙන් ඔහුට අධිකරණයක් ඉදිරියේ චෝදනා ඉදිරිපත් නොවුයේ ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් සක්ෂි සොයාගැනීමට නොහැකිවූ නිසාය. ඔහුට විරුද්ධව චෝදනා  එල්ලවු එකම අවස්ථාව වුයේ 1972 දී පුපුරණ ද්‍රව්‍ය රාත්තල් 1000ක් සහ පතුරන් 5000ක් තිබු වාහනයක් අසලදී ඔහු අත් අඩංගුවට ගත් අවස්ථාව පමණි. එහිදී ඔහු උතුරු අයර්ලන්ත විශේෂ අපරාධ අධිකරණයට (Republic of Ireland's Special Criminal Court) තමාට එරෙහිව නඩු ඇසීමට පරමාධිපත්‍ය බලයක් හිමිවන්නේ කෙසේදැයි ප්‍රශ්න කරමින්, එම අධිකරණ බලය ප්‍රතික්ෂේප කරමින් සිදුකල සාරවත් දේශණය පිදෙල් කස්ත්‍රෝගේ මොන්කාඩා නඩුවිභාගයේදී ඔහු කල නඩු විභාගයට දෙවෙනි නොවේ. එහිදී ඔහුව මාස 06ක සිර දඩුවමකට පමණක් යටත්කරන ලදී. 


හිරෙන් නිදහස් වී පැමිණි පසු ඔහු IRA සංවිධානයේ දේශපාලන අංශය වන Sinn Féin හී නායක Gerry Adams සමග උතුරු අයර්ලන්ත අර්බුධයට විසදුම් සෙවීම සදහා කටයුතු කරන ප්‍රසිද්ධ ක්‍රියාධරයෙකු බවට පත්විය. එහෙත් දිගින් දිගටම IRA සංවිධානය සිදු කල ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස සිටින ප්‍රධාන චරිතය මාර්ටින් මැක්ගිනස් (Martin McGuinness) යැයි මාධ්‍ය මෙන්ම ඔහුගේ විරුද්ධවාදීන්ගෙන්ද ඔහුට චෝදනා එල්ලවිය. 1993 අයර්ලන්ත Central TV ආයතනය විකාශනය කල 'The Cook Report' වැඩසටහන තුලින් සාක්ෂි සහිතව ඒ බව පෙන්වාදෙන ලද අතර ඔහු නිල නොලත් ආකාරයට බ්‍රිතාන්‍ය රහස් ඔත්තුසේවා සමග ගනුදෙනු කරමින් බ්‍රිතාන්‍ය ආරක්ෂක කටයුතුවලට නිල නොලත් ආකාරයට බලපෑම් එල්ලකරන බවත් දැක්වීය. 

එහෙත් මාර්ටින් මැක්ගිනස් (Martin McGuinness) දැක්වුයේ ඔහු 1974 සිට IRA සංවිධානයෙන් ඉවත්වූ බවත් ඒ වෙනුවට Sinn Féin දේශපාලන පක්ෂයේ කටයුතුවල පමණක් නිරතවෙන බවත්, සිය උපරිමයෙන්ම සියළු පාර්ශ්වයන් සාකච්ඡා මේසයට ගෙනඒමට තමන් ඉතා කැපවීමෙන් කටයුතු කරමින් සිටින බවත්ය. ඔහු අයර්ලන්ත රජය, ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යයේ ප්‍රධාන දේශපාලන පක්ෂ සහ උතුරු අයර්ලන්ත කැරලිකරුවන් සමග ඒ සම්බන්දයෙන් නිතර සකච්ඡාවල නිරතවූ තැනැත්තෙක් විය. ඇත්තවශයෙන්ම IRA සංවිධානය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය රජයේ ස්වදේශීය කටයුතු ඇමතිවරයාව 1972 දී මූණගැසී අර්බුධය සදහා  පොදු එකගතාවයකට පැමිණීමට අවශ්‍යය බව ප්‍රථමයෙන් අවධානයට ලක්කල මුල්ම IRA නායකයා වුයේ ඔහුය. තවද එ සදහා ප්‍රයෝජනවත් යහපත් වටපිටාවක් ගොඩනගාගැනීමට IRA ක්‍රියාකාරකම්වලින් විපතට පත්වූවන්ගේ පවුල් සමග යම් සංවාදයක් ගොඩනගා ගැනීම අවශ්‍ය බව තේරුම්ගත් ඔහු එහිලා යම් වෙහෙසක් දැරීය. එහෙත් එය එතරම් සාර්ථකවූ බවක් නොපෙනේ. 1984 IRA බ්‍රයිටන් බෝම්බ ප්‍රහාරය (Brighton hotel bombing) නිසා සිය බිරිද සදාකාලිකව අබ්බගාතයෙක් කල මාර්ටින් මැක්ගිනස් (Martin McGuinness) සහ IRA ක්‍රියාකාරීන්ට තමාගෙන් කිසිදිනක සමාවක් නොලැබෙන බව හිටපු අගමැති මාග්‍රට් තැචර්ගේ රජයේ සිටි ඇමතිවරයෙක්වූ Norman Tebbitt දක්වා තිබුණි ("Martin McGuinness was a coward and a murderer").

කෙසේවුවද, 1998 අප්‍රියල් 10 වෙනිදින අත්සන්කළ මහ සිකුරාදා ගිවිසුම  අනුව (Good Friday Agreement) උතුරු අයර්ලන්ත අර්බුදයට විසදුමක් ගෙන ඒමට සමත්විය. එහිලා මාර්ටින් මැක්ගිනස්, ජෙරී ඇඩම්ස්, ටෝනි බ්ලෙයාර්  පමණක් නොව එම අර්බුධයේ අනෙක් පාර්ශ්වයන් නියෝජනය කල බ්‍රිතාන්‍යය  පාලනයට පක්ෂපත කොටස් (Loyalist) පවා සමාන අයිතීන් සහ මානව හිමිකම් අගයන බලය බෙදාගැනීමකට එකගවන ලදී. ඉන් අනතුරුව පිහිටවූ උතුරු අයර්ලන්ත පාර්ලිමේන්තුවේ උප මහ ඇමති ලෙස කටයුතු කිරීමේ අවස්ථාවද මාර්ටින් මැක්ගිනස්ට හිමිවන ලදී. 


2006 දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවූ ඔහු ශ්‍රී ලංකාවේ ස්ථීර සාමයක් වෙනුවෙන් රජය සහ  LTTE  සංවිධානය අතර පලදායී සාකච්ඡාවක් අවශ්‍ය බව දෙපාර්ශවයටම අවධාරණය කරන ලදී. 2006 ජුලි 03 දින කිලිනොච්චියට ගොස් තමිල් සෙල්වම්, නඩේසන් ආදී  LTTE නායකයින් හමුවී දේශපාලන ක්‍රියාකාරීත්වයකින් තොර සන්නද්ධ අරගලයකින් දේශපාලන අභිලාෂයන් දිනිය නොහැකි බව සිය  අත්දැකීම (IRA) බව LTTEයට දැන්වීය. තවද ස්ථීරසාර විසදුමක් වෙනුවෙන්වූ පලදායී සාකච්ඡා ප්‍රවේශයකදී සියළු පාර්ශ්ව සමාන බවත් ("In a peace process all sides should be treated equally and with respect"), ඒ අනුව යුරෝපා සංගමය  LTTE සංවිධානය  ත්‍රස්‌තවාදී සංවිධානයක් ලෙස සලකා තහනම් කිරීම විශාල වරදක් බවත් දැක්වීය (huge mistake for the EU leaders to demonise the LTTE and the political leaders of the Tamil people). එහෙත් ඔහු වඩා අවධාරණය කල මුලික කරුණවුයේ සාකච්ඡාමය ප්‍රවේශයක් ඔස්සේ පොදු දේශපාලන එකගතාවයකට පැමිණීමෙන් තොරව සන්නධ අරගලයක් ජයග්‍රහණය කල නොහැකි බව IRA අත්දැකීම වන බවය;

"During my meeting, I urged the LTTE leadership to re-engage in the stalled negotiations and pointed out the need to build a credible peace process as an alternative to the escalating conflict. I was able to share with the Tamil leadership the experiences of the Irish Peace Process and emphasised the need for courageous political leadership in the search for an honourable accommodation from which all sides will benefit. I asked both the government and the Tamil Tigers to take decisive initiatives to build the peace process. I am convinced that there is the will on both sides to find a resolution but that increasing conflict is making the peace efforts more and more difficult. My core message was that both sides need to act decisively to prevent the downward spiral into all-out conflict. The reality is that, just as in Ireland, there can be no military victory and that the only alternative to endless conflict is dialogue, negotiations and accommodation.'' (මාර්ටින් මැක්ගිනස් (Martin McGuinness) 03/07/06 ) 

එහෙත් LTTE  සංවිධානය මාර්ටින් මැක්ගිනස්ගේ (Martin McGuinness) මැදිහත්වීමේ පුළුල් අර්ථය ක්‍රියාවේ යොදවනු වෙනුවට ඔවුන් සිදුකලේ ඔහු දැක්වූ අදහස්වලින් එකක්වූ 'EU තහනම සාකච්ඡා ප්‍රවේශයක් සදහා සියළු පාර්ශවලට ඇති සමානත්වය උල්ලංඝනය කර ඇතැයි' යන්න මත වැඩිබරක් තබමින් යුරෝපා සංගමය LTTE  තහනම් කිරීමට එරෙහිව ඔවුන් දියත්කල ප්‍රචාරයන්වලට යොදාගැනීම පමණි. 

IRA සංවිධානයද LTTE සංවිධානය මෙන්ම සිය ප්‍රජාව මුල් කරගත් දේශපාලන අභිලාෂයන් මුදුන්පත් කරගැනීමට ත්‍රස්‌තවාදය සහ දේශපාලන ප්‍රචණ්ඩත්වය ඉතා ඉහලින් භාවිතා කල සංවිධාන දෙකකි. දහස් සංබ්‍යාත ජීවිත බිලිගත්, මිනීමරුම්, වෙඩිතැබීම්, පැහැරගෙන යෑම්, බෝම්බ පිපිරවීම්, අතුරුදහන් කිරීම්, වද හිංසා පැමිණවීම්, ප්‍රචණ්ඩතත්වයන් මුදාහැරීම් සිදුකල බිහිසුණු සංවිධාන දෙකකි. එහෙත් IRA සංවිධානය සන්නද්ධ අරගලයෙන් පමණක් සිය දේශපාලන අභිලාෂයන් මුදුන් පමුණුවා ගත නොහැකි බව ඒත්තුගෙන එහිලා සන්නද්ධ ක්‍රියාකාරීත්වය තරම්ම දරුණු දේශපාලන ක්‍රියාකාරීත්වයක්ද අවශ්‍ය බව තේරුම්ගෙන එහිලා සිය දේශපාලන පක්ෂයවන Sinn Féin පක්ෂය ඔස්සේ ඉතා තීක්ෂණ දේශපානයක නිරතවිය. එම නිසාම මාර්ටින් මැක්ගිනස් (Martin McGuinness)ගේ මරණය ගැන BBCයට අදහස් දැක්වූ හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බෙලෙයාර් දැක්වුයේ ''මාර්ටින් මැක්ගිනස් දරුණු හතුරෙකු වුයේ යම් සේද, ඒ ලෙසම ඔහු දරුණු සාම දූතයෙකුද විය'' යනුවෙනි (what made Martin McGuinness a “formidable foe” also made him a “formidable peacemaker”). 

එහෙත් IRAටත් වඩා දරුණු මරා දූතයන්වූ LTTEය ඊටත් වඩා ප්‍රබල සාම දූතයන් බිහිකිරීමට අසමත්ව මරු වැලද ගත්හ.

28/03/17
මාකස් ප්‍රියන්ත පෙරේරා.

5 comments:

  1. බොහොම වටිනා සටහනක්. ඔබට ස්තුතියි !

    ReplyDelete
    Replies
    1. කියෙව්වාට ස්තූතියි Mr.Gunasekera. මම දන්නවා ඔයත් හොදට ලියන කෙනෙක් කියලා. එකපාරක් ඔයා වැඩ කරපු site එකක Newtලා ආරක්ෂා කිරීමට බ්‍රිතාන්‍ය ළමයි පිරිසක් කටයුතු කරපු ආකාරය මම ඉතා අසාවෙන් කියවපු දෙයක්. එත් මට ඔයාගේ ලිපි කියවන්න නිතර ලැබෙන ක්‍රමයක් නැහැ. මොකක් හරි link එකක් තියෙනවාද ?

      Delete
  2. //just as in Ireland, there can be no military victory//
    It seems Sri Lanka is the only country that proved this statement is wrong. Lot of highly educated people did not manage to resolve this also it seems because of the peace process more lives and more time was lost but if you compare the war from 2006 to 2009 and many times the government went for cessation of hostility previously huge number of people lost their lives, so in essence because of the proper war lot of lives have been saved.

    ReplyDelete
  3. You have a fair argument; but when ever I here LTTE is regrouping and the country's security is deteriorating, I doubt that above your claim of our victory, and reemerge that Martin Mcguinness' claim- there can be no military victory. However, I would not underestimate the value of militarily defeat of Tamil Tigers. It at least brought the peace for entire island nations. In order to secure this peace in permanent base, however, I think we should have to come up with negotiation solution with the existing Tamil leadership.

    ReplyDelete
    Replies
    1. Marcus,

      Do you know after north provincial council manage to gain power they have not done a single productive development.
      Not only that they have return funds allocated to north province not using for the benefit of their people.

      All the infrastructure had been developed by the central government, however these filthy Tamil politicians manage to get all their perks.

      //there can be no there can be no military victory//
      world war 1 ended as a military victory
      world war 2 ended as a military victory
      all over the world these so called intellectuals said LTTE cannot be defeated in a way Indian army did not manage to do it Sri Lankan Army did it simply because they use brute force.

      well sir this brute force is more humaine than so called negotiated settlement.

      //when ever I here LTTE is regrouping and the country's security is deteriorating//

      until this yahapaalana there was not such thing called LTTE is regrouping.

      Delete