පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශාල පිරිවැයක් දරා මීගමුව ලන්දේසි කොටුවේ ඉපැරණි වෙඩි බෙහෙත් ගබඩාව සංරක්‍ෂණ කර තිබේ. එය පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා විසින් වැඩි ප්‍රසිද්ධියකින් තොරව පසුගියදා ජනතා අයිතියට පත්කරන ලදී.
පුරා විද්‍යාත්මක ස්මාරකයක් ලෙස ගැසට් කොට තිබු ලන්දේසි යුගයට අයත් මෙම ස්ථානය මීගමුවේ පිහිටි ඉතාමත් සීමිත පුරාවිද්‍යාත්මක වටිනාකම් වලින් යුතු ස්ථානවලින් එකකි. මීගමුව කොටුවේ ආරක්‍ෂාව වෙනුවෙන් වෙඩි බෙහෙත් තැන්පත් කර තිබී ඇත්තේ මෙහිය. එය ස්වාභාවික ව්‍යසනයට හසුව, දිරාපත්ව, බිත්ති පුපුරා ගස්වැවී කඩා වැටීමට ඉතා ආසන්නව පැවතුනි.
මීගමුව කොටුවට බටහිර දිශාවෙන් පිහිටි උස් භූමියක පිහිටා තිබු ආරුක්කුමය හැඩයක් ගත් මෙම ගොඩනැගිල්ලේ දිග මීටර් 5.70ක් විය. පළල මීටර් 4.60 ක් ද, උස මීටර් 2.95 ක් ද විය. ගොඩනැගිල්ලේ ඉදිරිපස හා පිටුපස බිත්තියේ සෙන්ටිමීටර් 08 ක් උස සෙන්ටිමීටර් 26 ක් ගැඹුරු කවුළු දෙක බැගින් කවුළු 04 ක් දක්නට තිබුණි. පිටත උපරි ව්‍යුහය ගල්, සිමෙන්ති හා ගඩොල්වලින් නිමවා තුබූ අතර ඉදිරි සහ පිටුපස බිත්ති සෙන්ටිමීටර් 75ක ඝන කමකින් යුකත්විය. එම බිත්ති දෙක සඳහා ආධාරක කුළුණුද නිර්මාණය කර තිබී ඇත. මුල් හැඩයට කිසිදු හානියක් නොවන ලෙස ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මෙම ගොඩනැගිල්ල සංරක්ෂණය කිරීම සම්බන්දයෙන් අපගේ ප්‍රසාදය ඔවුනට හිමිවිය යුතුය. වසර 300යකට එපිට කලක ඉදිකර තිබුන මෙම වෙඩි බෙහෙත් ගබඩාවට ලන්දේසීන් තඹ අකුණු සන්නායකයක්ද සවිකර තිබී ඇත.
මීගමුවේ කොටුවක් ප්‍රථමයෙන් ඉදිකළේ පෘතුගීසීන්ය. ඒ 1528 දී පමණය. කුඩා කොටුවක්වූ එය 1644 ජනවාරියේදී Francois Caron ගේ නායකත්වයෙන් යුතු ලන්දේසී හමුදාව විසින් නතුකරගන්නා ලදී. ඉන් අනතුරුව මීගමුවේ පෘතුගීසි කොටුව තව තවත් විශාල කර කොටුව තුල හමුදා කණ්ඩ තුනකට පහසුවෙන් නවාතැන් ගත හැකි ලෙසත්, විශාල වශයෙන් වෙළද ද්‍රව්‍යය, වයින්, ආහාර, සිරකරුවන්, වෙඩි බෙහෙත් සහ අවි ආයුද ආදිය රදවා තබා ගත හැකි ලෙසත් ශක්තිමත්ව ඉදිකර ඇත.
Richard Leslie Brohier (R. L. Brohier/ R. L. බ්‍රෝහීයර්) (1978) ගේ 'Sri Lanka and the Netherlands' නම් කෘතියේ පිටු අංක 50-55 දක්වා ඇති ආකාරයට නම් ලන්දේසීන් මීගමුව කොටුව අඩි 22 ක් උස කොටු පවුරක් සහිත අවිධිමත් පංචාස්කාර හැඩයකි යුතුව ඉදිකර ඇත. කොටුවේ පිටත පවුරේ ස්ථාන 5ක් තරුවක කොනවල් මෙන් ඉදිරියට නෙරායන ලෙස නිමවා තිබේ. එම පස් කොනවල් කේන්ද්‍රකරකොට කාලතුවක්කු සවිකර තිබු මුරකුටි පිහිටුවා තිබී ඇත. බ්‍රෝහීයර් (1978) දක්වන ලෙස ගොඩබිම පැත්තට මුහුණලා පිහිටි මුරකුටි දෙක ඩෙල්ෆ් සහ රොටඩැම් ලෙසද, මුහුදට සහ කලපුවට මුහුණලා තිබු කොනවල් පිළිවලින් ඈම්ස්ට්‍රැඩැම්, හූර්න් සහ මිඩ්ල්බර්ග් යන නෙදර්ලන්ත නගර සිහිවීමටද නම්කර තිබේ. මෙම වෙඩි බෙහෙත් ගබඩාව තිබී ඇත්තේ ඈම්ස්ට්‍රැඩැම් සහ හූර්න් මුරකුටි අතර කොටු බැම්මෙන් ඇතුලට වීමටය. කොටුව පුරාම අර්ධකවාකාර ආරුක්කුවලින් කොටුපවුර ශක්තිමත්කර ඇත. කොටුව වටා දිය අගලක් තිබී ඇති අතර ගොඩබිම සහ කොටුව සම්බන්ද වී ඇත්තේ උස් පහත්වන, හැකිලිය හැකි පාලමක් (drawbridge) ඔස්සේය. කොටු බැම්මේ පිටත සහ ඇතුළත කාලතුවක්කු සහ තුවක්කු රදවා තිබී ඇත. යුරෝපයේ මධ්‍යතන යුගයේ පැවති පැරණි කොටුවල ආකෘතිය සහිතව ඉදිකල මෙම මීගමුව ලන්දේසි කොටුව ගැන වැඩි විස්තර මා ලියූ මීගමුව ලන්දේසි කොටුව ගැන බ්‍රෝහියර්ගේ සටහන ඔස්සේ කිය විය හැක.
1796 පෙබරවාරියේදී බ්‍රිතාන්‍යයන් මීගමුවේ ලන්දේසි කොටුව පවරාගැනීමෙන් අනතුරව මීගමුව කොටුව බන්ධනාගාරයක් බවට ක්‍රමයෙන් පරිවර්තනය කලේය. ඒ සදහා කොටුවේ ඇතැම් කොටස් කඩා දමා තිබේ. සම්ප්‍රදායකව ලන්දේසී කොටුවලට ඇතුල්වන සීනු කනුව (klokkentoren/bell tower) යටින් ඇතුල්වන ප්‍රධාන දොරටුව ගල් බිත්ති බැද අවහිර කර නව ඇතුල්වීමේ දොරටුවක් ඉදිකර ඇත. අද කොටුවේ ඇත්තේ මෙම ඇතුල්වීමේ දොරටුවය. එයද කුමන මොහොතක හෝ කඩා වැටීමට ඉතා ආසන්නය. ලන්දේසින් ඉදිකළ සීනු කනුව සහ සීනුව (klokkentoren) 1899දී බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ පාලනයට හැට වසරක් (Diamond Jubilee (60 years)) පිරීම සැමරීම නිමිත්තෙන් බ්‍රිතාන්‍යයේද, සියළු යටත්විජිතවලද ඉදිකළ නව ජුබිලි ඔරලෝසු කණු (jubilee clock towers) පිහිටවීම සදහා ඉවත් කර ඇත. පසුව ලන්දේසි සීනුව සහිතව නව ජුබිලි ඔරලෝසු කණුවක් (jubilee clock towers) 1899 දී මීගමුව කොටුවේ ඉදිකර තිබේ. බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ පාලනයට හැට වසරක් පිරීම නිමිත්තෙන් ඉදිකළ ජුබිලි ඔරලෝසු කණු අද ද මීගමු කොටුවේ දැකිය හැක. එහෙත් එහි තිබු ලන්දේසි සීනුව සොරුගෙන ගොසිනි. ඔරලෝසු කනුවේද පදනම ඛාදනයවී ඇති නිසා කුමන මොහොතක හෝ මුලින් ඉදිරී වැටීමට නියමිතය. ඒ සම්බන්දයෙන් බලධාරීන්ගේ අවධානය වහා යොමුවිය යුතුව ඇත.
බ්‍රිතාන්‍යයන් මීගමුව කොටුව බන්ධනාගාරක් බවට පත්කිරීමේදී පැරණි ලන්දේසි වෙඩි බෙහෙත් ගබඩාව බන්ධනාගාර පරිශ්‍රයට පිටතින් ඇති කොටසක් ලෙස භාවිතයට නොගෙන අත්හැර දමා තිබුණි. එහෙත් සියවස් ගණනාවක් පැරණි මීගමුවේ කොටුව සහ එහි උරුමයන් එසේ අත්නොහැර ආරක්ෂාකර දෙන මෙන් මීගමුවේ ජනයා කාලාන්තරයක් පුරා ඉල්ලමින් සිටියහ.
එම හඩ මෙම බ්ලොග් අඩවිය ඔස්සේ ද අත්නොහැර, දිගින් දිගටම නැගුහ. ඉන් නොනැවතී පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවටද, මධ්‍යම සංස්කෘතික අරමුදලටද, නාගරික සංවර්ධන අදිකාරියටද, වෙනත් රාජ්‍ය ආයතනවලටද, දේශපාලන බල අධිකාරීන්ටද දිගින් දිගටම ලියුහ. දුරකථන ඇමතුම්ද දුන්හ. එහෙත් අද වන තුරුම මීගමුව කොටුව හෝ එහි පිවිසුම් දොරටුව හෝ ජුබිලි ඔර්ලෝසු කනුව සංරක්ෂණය කිරීමට ශ්‍රී ලංකා රජයේ බලධාරීන් කිසිවක් සිදුකර නැත. එහෙත් ගිය වසරේ කඩා වැටුන මීගමුව කඩවල පිහිටි ලන්දේසි මිනුම් කුළුණට අත්වූ ඉරණම පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති මෙම මීගමුව පැරණි ලන්දේසි වෙඩිබෙහෙත් ගබඩාවට සිදුවීමට ඉඩනොදී සංරක්ෂණය කිරීම පිලිබදව නැවත් වරක් අපි ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට අපේ ස්තූතිය පුදකරමු.
එහෙත් සිදුවී ඇත්තේ අත්තක් ආරක්ෂා කරදීම පමණි. ගස කඩා වැටීමට ඉතා ආසන්න බව කිසිසෙත් අමතක නොකර නැවත පසක්කර සිටින්නෙමු. ගස සහමුලින්ම කඩා වැටුනහොත් අත්තක් සංරක්ෂණය කර දීමෙන් ඇති පලය කුමක්ද? එනම් විනාශ මුඛයට ලක්ව, කඩා වැටීමට ඉතා ආසන්නව ඇති මීගමුව කොටුව ආරක්ෂාකර නොදී, මීගමුව කොටුව, කොටු පවුර, එහි පිවිසීමේ දොරටුව, ඔරලෝසු කණුව ආදිය සංරක්ෂණය කර නොදී කොටුවේ පිටත වෙඩි බෙහෙත් ගබඩාව පමණක් සංරක්ෂණය කිරීම ප්‍රමාණවත් නොවේ. කොටුව සහ එහි ඔරලෝසු කනුව සහමුලින්ම බිමට සමතලා වුවහොත් මෙම වෙඩිබෙහෙත් ගබඩාව සංරක්ෂණය කිරීමෙන් කිසි ප්‍රයෝජනයක් අත්නොවනු ඇත. මීගමුව කොටුව සංරක්ෂණය කිරීමට ඉහල ප්‍රමුඛතාවයක් දිය යුත්තේ ඒහිනි.
එය ඉතා විශාල සහ ඉතාමත් වියදම් අධික කටයුත්තක් බව පැහැදිලිය. මීගමුව කොටුව පරිශ්‍රයෙන් බන්ධනාගාරය ඉවත්කිරීමට නොහැකිවීමද මෙම ගැටළුව තවත් තීවුර කරන බවද පැහැදිලිය. එහෙත් සියල්ලම සිදුවනතුරු මීගමුව කොටුවේ ඉතිරිවී ඇති කොටස් හෝ තවදුරත් ඉතිරිවේ දැයි කිව නොහැක. එහෙයින් මීගමුව බන්ධනාගාරය මීගමුව කොටුවෙන් ඉවත්කිරීම පසුවට තබා මීගමුව බන්ධනාගාර භූමියට පිටතින් පිහිටි මීගමුව කොටුවේ පිවිසුම් දොරටුව සහ ඔරලෝසු කණුව වත් ඉතාමත් ඉක්මනින්ම සංරක්ෂණය කල යුතුව ඇත. ඒ සදහා ආරම්භක පියවරක් ලෙස මීගමුව උසාවියට පැමිණෙන නීතීඥයින් විසින් සිය වාහන නැවතීමට මෙම භූමිය භාවිතා කිරීම වහාම නවතා දැමිය යුතුව ඇත.
එමෙන්ම මෙම කොටුව අසල ඇති පැරණි මහ අධිකරණ ගොඩනැගිල්ල සහ කම්කරු උසාවිය පැවති ගොඩනැගිල්ල මීගමුවට ඉතාමත් අවශ්‍යව ඇති කෞතුකාගාරයක් බිහිකිරීමට ලබා දෙන්නේ නම් ඉතා අගනේය. එවිට මීගමුව පැරණි පෘතුගීසි-ලන්දේසි කොටුවද, දැන් සංරක්ෂණය කර ඇති ලන්දේසි යුගයට අයත් පැරණි වෙඩි බෙහෙත් ගබඩාවද, මීගමුවේ ඉතිහාසය ඇතුලත් කෞතුකාගාරයක් ද නරබා පාසැල් දරුදැරියන්ට යම් අධ්‍යාපනික වටිනාකමක් උකහා ගතහැක. සිය ළමාවිය මෙම පෙදෙස අසල ගතකල වැඩිහිටියන්ටද සිය මතකයන් නැවත අළුත් කරගත හැක. එය මීගමුවේ සංචාරක කර්මාන්තයටද පිටුවහලකි.
ඒ සියල්ලට වඩා, නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ සෑම සියළු රජයක්ම මීගමුව නොසලකා හැර දමන ලදැයි මීගමුවේ ජනයා නගන මැසිවිල්ලට හොද පිළිතුරක් සපයාදිමටද ඒ ඔස්සේ ශ්‍රී ලංකා රජයට හැකිය.
මාකස් ප්‍රියන්ත පෙරේරා
15/03/2017.
පසුව ලියමි:
රජයේ නිල පුවත් වෙබ්අඩවියට අනුව ඒ සදහා මුල්වී ඇත්තේ අපගේ සරසවි මිතුරෙක් වන අධ්‍යපන ඇමති Akila Viraj Kariyawasam මහතායි. එය රජයේ නිල පුවත් වෙබ් අඩවිය දක්වා ඇත්තේ මෙසේයි: "අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ විශේෂ උපදෙස් මත, පුරා විද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතාගේ මූලිකත්වයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම සංරක්ෂණ කටයුතු සිදු කරනු ලැබේ"... Thank you Akila Viraj Kariyawasam. අධ්‍යාපනික වටිනාකමක් ඇති දෙයක වැදගත් කමක් දන්න අධ්‍යාපන ඇමති කෙනක් ලංකාවට සිටීම ගැන රටටත් මීගමු ජනයාටත් සතුටු විය හැකියි. අදාළ පුවත සදහා:http://sinhala.news.lk/news/entertainment/item/22120-2017-03-14-06-59-00
16/03/17.
16/03/17.
Thank you
ReplyDeleteYou're Welcome !!!
Delete