This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday 3 July 2016

ආණ්ඩුව ඉන්ද්‍රජිත් කුමාරස්වාමිව මහා බැංකු අධිපති ලෙස පත්කළේ ඇයි ?

දෙසතියක පමණ කඹ ඇදිල්ලකින් පසුව ආණ්ඩුව ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාව ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ලෙස පත්කර ඇත. ඒකාබද්ධ විපක්ෂයේ නායකයෙකු වන දිනේෂ් ගුණවර්ධනද මෙම පත්කීරීම ඉහලින්ම අගයකර තිබේ. මෙය ජනාධිපති සිරිසේනගේ පත්කිරීමක් ලෙස පෙනීගියද, පැහැදිලිවම අගමැති රනිල් වික්‍රමසිංහගේම පත්කිරීමකි. ඒ බවට හිටපු මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ මෙන්ම නව මහා බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේද පැටිකිරිය (pedigree) සාක්ෂි දරනු ඇත. දෙදෙනාම එකම ගොඩෙන් (same stock) පැමිණි අයය. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මෙන්ම අර්ජුන මහේන්ද්‍රන්ද කොළොඹ ඉංග්‍රීසි කතාකරන දෙමළ  ඉහල මධ්‍යම පාන්තිකයන්ය. රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයන්ය. එංගලන්තයේ ඔක්ස්බ්‍රිජ්  (Oxbridge Oxford and Cambridge / ඔස්ෆෝර් සහ කේම්බ්‍රිජ් ) උපාධිධාරීන්ය. මහා බැංකුවේ කලින් සේවයකල නිලධාරීන්ය. දෙදෙනාම රනිල් වික්‍රමසිංහ පාසැල් යන කාලයේ සිටම පවුල් මට්ටමින්ම දන්නා අයය. රනිල්ගේ මෙන්ම චන්ද්‍රිකාගේද පාසැල් සමයේ මිතුරියකවන රාධිකා කුමාරස්වාමි යනු ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ සොහොයුරියවේ. ඔවුන්ගේ පියාවන Rajendra Coomaraswamy(Roving Raju -1915-81)  සමග රනිල් වික්‍රමසිංහගේ පියා Colombo Plan සැලැස්ම ක්‍රියාවට නැන්වීමට ක්‍රියාකලේය. පසුව ඔහු (Rajendra Coomaraswamy) ජේ. ආර්. ජයවර්ධනගේ ආර්ථික උපදේශකයෙකු ලෙසද කටයුතු කළේය. අවශ්‍යය නම් අර්ජුන මෙන්ම ඉන්ද්‍රජිත් ද මහා භාරතයේ (Mahabharata) හෝ රාමායනයේ (Ramayana) එන චරිත ලෙසද නම් කල හැක. කලක් කොළොඹ ඉංග්‍රීසි කතාකරන, Corporate Nationalism අගයකල, ඉහල මධ්‍යම පාන්තිකයන්ගේ දරුවන් හැදැරූ මුල් සාහිත්‍ය කෘතීන්වුවේ ඒවාය. 

එහෙත් ඒ සියල්ලටම වඩා අර්ජුන මහේන්ද්‍රන් මෙන්ම ඉන්ද්‍රජිත් කුමාරස්වාමිද පෙනී සිටින්නේද, සේවය කිරීමට ඉදිරිපත් වන්නේද, රනිල් වික්‍රමසිංහ පෙනීසිටින වෙළද පොළ ආර්ථික උවමනාවන් වෙනුවෙනි. 'බොන්ඩ්' හොරකම් ගැන විශාල ලෙස චෝදනාවට ලක්කර පිටමන් කල අර්ජුන මහේන්ද්‍රන් විවිධ මිල ගනන්වලට   'බොන්ඩ්' විකුනා ලාංකීය ආර්ථිකයේ එදා වේල පිරිමහගන්නා අතර හීන් නුලේන් කරගෙන ගිය තව කෙරුවාවන් කිහිපයක්ම විය. මුලිකවශයෙන් රුපියලේ අගය සාපේක්ෂව අවප්‍රමාණනයට ලක්කර පහළ විනිමය අනුපාතයක් පවත්වාගෙන යෑමටත්, උද්දමනය සහ පොළී අනුපාතය පහත මට්ටමක පවතගෙනයෑමටත් කල හැකි සෑම සෙල්ලමක්ම කළේය. 

දෙවනුව රනිල්ගේ ප්‍රතිපත්තිය අනුව යමින් රටේ මුල්‍ය, ශ්‍රම සහ දේපල යන අංශවල වෙනස්කම් කිරීමට මුල පිරීය. සියලු බැංකු සහ මුල්‍ය ආයතන එක කලාපයකට ගෙන ඒමට යොමුවීමත්, රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් වැඩිකර, ඔවුන්ගේ ක්‍රයශක්තිය සහ ශ්‍රම දායකත්වය ඉහල මට්ටමකින් පවත්වාගෙන යෑමට කටයුතුකිරීමත්, රටපුරාම ඉඩම් සහ දේපල පිළිබද දත්ත බැංකුවක් පිහිටවීමට කටයුතු කිරීමත්  ඒ අතර විය. එමෙන්ම රටේ ශ්‍රම බලකායෙන් විශාල පිරිසක් සේවා නියුක්තියේ නිරතව සිටින නමුත් ආර්ථක වශයෙන් අඩු දායකත්වයක් සපයන වී ගොවිතැන වැනි කෘෂි ක්ෂේත්‍රයට සපයන සහනාධාර වෙනුවට මුල්‍ය ප්‍රධාන සිදුකරමින් එහි වෙනස්කම් කිරීමට මුල පිරීමද සිදුකළේය. 

ඒ සියල්ලම කරන අතර ශ්‍රී ලංකා ආර්ථිකය විශාල ඉන්දියානු ආර්ථිකයට ප්‍රවේශයක් ලෙස යොමුකිරීම සදහා ඉන්දියාව, චීනය, ඇමෙරිකාව, ජපානය සහ වෙනත් රටවල් සමග නිදහස් වෙළද ගිවිසුම් ඇති කරගැනීමට මුල්තැනදී   ක්‍රියාකිරීමද ප්‍රධානවේ. ඒ සියල්ල තුලින්ම පෙනීයනුවේ රනිල් වික්‍රමසිංහ කිසිම විචිකිච්ඡාවකින් තොරව ක්‍රියාත්මක කරමින් සිටින්නේ ඔහු කවදත් පෙනීසිටි ධනවාදී ආර්ථික ක්‍රමය හෙවත් වෙළදපොල ආර්ථික ක්‍රමය සදහාය යන්නය. ධනවාදී ආර්ථික ක්‍රමය වන්දනා කරමින්, නිදහස් වෙළද ගිවිසුම් සහ වෙළදපොල ඉඩප්‍රස්ථා ප්‍රතික්ෂේප කරන ඕලමොට්ලයන් හමුවේ රනිල් වික්‍රමසිංහ පෙන්වාදී ඇත්තේ මුහුණු මරුකලද තමන්ගේ ක්‍රමය වෙනස් කිරීමට තමා කිසිසේත්ම සුදානම් නැති බවය. ඒ බව ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ පහත වීඩියෝ පිළිසදරෙන්ම උගත හැක. 
මාකස් ප්‍රියන්ත පෙරේරා
03/07/16.

20 comments:

  1. Ranil just doing what he thinks best.

    ReplyDelete
    Replies
    1. Well, he is the man of completely integrity to deliver the capitalist project in Sri Lanka,no doubt about that!!!

      Delete
  2. මෛත්‍රීපිල හදන්නේ රනිල් ඇතුළු යූ එන් පී දුෂ්ඨයින්ගෙන් රට බේරා ගත් වීරයාත් මමමයි කියන්න, හැබැයි රනිල් ව පීච්චංකරල දැම්මොත් ඉට පස්සේ රාජිතල, එස්බීල හේම මෛත්‍රීගේ සුචරිතවත් හීනය සූප්පුකරල දානව.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ මෛත්‍රී දන්නවා තමන්ට තියෙන ලොකුම හයිය රනිල්ගේ UNP බව. ඒක නැතිකරගත්තොත් තමන්වගේම, දැනටත් තමන් වටා ඉන්න, අපතයෝ සෙට් එක තමන්වත් පෙරලගෙන තම තමන්ගේ හොද්ද බොරකරගන්න බලනවා කියලා ඔහු දන්නවා.

      Delete
  3. //අවශ්‍යය නම් අර්ජුන මෙන්ම ඉන්ද්‍රජිත් ද මහා භාරතයේ (Mahabharata) හෝ රාමායනයේ (Ramayana) එන චරිත ලෙසද නම් කල හැක.//

    ඉන්ද්‍රජිත් ගේ පුතා ගේ නම අර්ජුන් කුමරස්වාමි!
    (සින්දු කියනා හාදයා)

    ReplyDelete
    Replies
    1. Arjun Coomaraswamy කියලා අවුරුදු 25ක විතර R & B ගායකයෙක් ඉන්නවා කියලා දන්නවා, හැබැයි මේ ඔහුගේ පුතාද කියලා දන්නේ නැහැ, මොකද තවත් Arjun Coomaraswamyලා ඉන්න පුළුවන්නේ.

      Delete
    2. අර්ජුන් ඉන්දියානු පාණ්ඩව කුමාරයෙකි එහෙත් ඉන්ද්‍රජිත් අපේ හෙලම හෙල රාවණා අධිරාජ්‍යයාගේ පුත් කුමරාය. රාවණා නැගිට්ට ගමන් ලෝකෙම අපේනෙ :-D

      Delete
  4. අාචාර්ය නලීන් ද සිල්වා මහතා ඉන්ද්‍රජිත් වැනි අය හඳුන්වන්න ෙහාඳ වචනයක් තැනුවා. ඒ තමයි බර්ගර් දෙමෙල්ලු.
    ලංකාවට නිදහස ලැබෙනවිට මෙරටතුල බර්ගර්, දෙමළ වෙල්ලාල සහ මධ්‍යම පාන්තික ක්‍රිස්තියානි/කතෝලික ආධිපත්‍යයක් ගොඩනැගී තිබුනා.
    නිදහස ලැබීමෙන්පසු වියයුතු පරිදිම මෙම ආධිපත්‍යය බිඳවැටීමට පටත්ගත්තා. දෙමළ ජනතාවට සිදුවූ අසාධාරණය ලෙස හඳුන්වන්නේ මේ ක්‍රියාවලියයි. මැලේසියාවෙත් මෙවැන්නක් වුනා එහි සිටියේ බර්ගර් දෙමෙල්ලු වෙනුවට බර්ගර් චීන්නු. සිංගප්පූර්ව යනු මෙසේ බර්ගර් චීන්නුන්ට සින්නවූ මැලේ නිජභූමියක්. නමුත් ඉස්ලාමයට පින්සිදුවන්නට මැලේසියානුවන්ට බර්ගර්චීන ආධිපත්‍යය පාලනයකරගැනීමට හැකිවුනා.
    ඉන්ද්‍රජිත් මහත්මයාට සිංහලෙන් අත්සනක් ගහන්නවත් පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ලංකාව යටත් වෙන්න ඉස්සෙල්ලා තිබ්බ එකට මොකද්ද කියන්නේ?

      Delete
    2. නලීන් ද සිල්වා මහතා පශ්චාත්-යටත්විජිත ශ්‍රී ලංකාවේ දේශපාලනය විග්‍රහ කිරීමට පදනම් කරන්නේ ආගමික, ජාතික අනන්‍යතාවයන් වගේ කරුණු.බැලූ බැල්මට එක හරියි වගේ කියලා හිතුවට රනිල් වික්‍රමසිංහ මහේන්ද්‍රන්ව හෝ කූමාරස්වාමි පත්කිරීමේ සිට තවත් ලංකා ඉතිහාසයේ ඕනෑ තරම් කරුණු ඇසුරින් පෙන්නවා දෙන්න පුළුවන් මෙතැන් දිග හැරිමින් පවතින්නේ ආගමික, ජාතික අනන්‍යතාවයන් පදනම් කරගත්ත ක්‍රියාදාමයකට වඩා පන්තිය පදනම් කරගත් ක්‍රියාදාමයක් බව. මේ වෙන මොකක්වත් නෙමේ අර කුමාරි ජයවර්ධන කියනවා වගේ bourgeoisie class. එයට ආගම හෝ ජාතිය වැදගත් නැහැ. ආර්ථික උවමනාව තමයි වැදගත්. අපි මේ කාරණය අමතක කරලා ජාතික ආගමීක ලක්ෂණ මුල්කරගත් දේශපාලන ව්‍යාපාරයකට මුල්තැන දුන්නොත් වෙන්නේ මැලේසියාවට වෙච්ච්දේ. එනම් මැලේසියාවේ භූමි පුත්‍රයන්ගේ නැගීමෙන්වුනේ සිංගප්පූරුව නමින් වේනම රාජ්‍යයක් බිහිවීමත්, එම රාජ්‍ය,සිංගප්පුරුව, මැලේසියාවේ වර්ධනය අභිබවා ගොස් මැලේසියානු වර්ධනය සීමා කිරීමත් සිදුවුණා. ඉන්ද්‍රජිත්ගේ අත්සන ගැන අවදානය යොමු කරනවාට වඩා අවදානය යොමුකල යුත්තේ මේ සදහායි ජගත්.

      Delete
  5. යටත් වෙන්න ඉස්සරින් හිටි රජවරුන් නිළධාරීන් කී දෙනෙකු විතර සිංහලින් අත්සන් කරල තියනවද? දැනට පාර්ලිමෙන්තුවේ ඉන්න අයගෙන් කීදෙනෙතු විතර දේශපාලනයට එන්න ඉස්සරින් සිංහලින් අත්සන් කරන්න ඇත්ද? ජගත් පතිරණගේ පළමු අත්සන සිංහලද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත හුගාක් අය අත්සන් කරන්නේ ඉංග්‍රීසියෙන්. ඊට පෙර දෙමෙලෙන්ද කියලා හිතෙනවා උඩරට ගිවිසුමේ අත්සන් ටික දැක්කහම.

      Delete
    2. ඉන්ගලන්ත ඉතිහාසයේද ප්‍රංශ භාෂාව ප්‍රභූ භාෂාවක් ලෙස භාවිතාකල කාලයක් තිබුනා.

      අත්සන ගැන දන්නෙ නෑ කුමාරස්වාමිට හොඳට සිංහල කතා කරන්න නම් පුලුවන්.

      දැන් කාලෙ පාවිච්චි කරන භාෂාවට වඩා වැදගත් වැඩ පුලුවන්ද කොයිතරම් අවංකද කියන එකයි. ඉන්න අයගෙන් කුමාරස්වාමි හොඳම තේරීමක්

      Delete
    3. භාෂාව, අත්සන, ජාතිය, ආගම කියන කාරනාවලට වඩා අවංකව, යහපත් පැවැත්මක් ඇතිව සිය කාර්යය ඉටුකරනවා නම් ඊට වඩා දෙයක් නැහැ.

      Pra Jay - ඔයා දන්නවාද ඉංගලන්තයේ විතරක් නෙමේ, නැපෝලියන් බොනපාට් රුසියාව ආක්‍රමණය කරනකාලය වෙද්දීත් රුසියාවේ ප්‍රභූන්ගේ භාෂාව වෙලා තිබුනේ ප්‍රංශ භාෂාව.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. @MPP,
      රෝමන් අධිරාජ්‍යය කාලෙ යුරෝපයේ අති බහුතරයක ප්‍රභූන් හා උගතුන් ලතින් භාවිතා කලානෙ?

      භාෂා යනු සන්න්නිවේදන උපකරණයි.
      අපේ ජාතිමාමකයො ඉන්ග්‍රීසි වචනයක්වත් පාවිච්චි කරන සිංහල නිවේදකයින්ට බනිනවා. ඔය තරම් ජාතිකත්වය තියනවයි කියන ඉන්දියාවෙ වැඩසටහන්වල හැම හින්දි වාක්‍යයකටම වගෙ ඉන්ග්‍රීසි වචනයක් යොදනවා. ඉන්දීයයන්ට ඉන්ග්‍රීසි භාවිතාව ගැන බයක් නෑ ඒක ටූල් එකක් ලෙස පාවිච්චි කරනවා.

      Delete
    6. උඩරට ගිවිසුමට විරුද්ධ ප්‍රභූ පිරිස තම විරෝධය දක්වන්න දෙමලෙන් අත්සන් කලා.

      Delete
    7. බර්ගර් දෙමළා කියන එකෙන් අදහස් කරන්නේ නරකයි කියන එක නෙමෙයි. වර්ගය හැඳින්වීමයි. උදාහරණයක් හැටියට ලක්ෂ්මන් කදිරගාමරි කියන්නෙත් බර්ගර් දෙමලෙක්.

      Delete
  6. indiyawen thama lankawata okkomaawe.... lankawe ewuta reddak anduwe sddoo.

    ReplyDelete
  7. ඇත්තටම ලංකාවේ තියෙන්නේ ඉන්දියානු මහා සංස්කෘතියේ උප විකාශනයක්. හින්දු ආගම වෙනුවට බුද්ධාගම.... වෙනත් බොහෝ ලක්ෂණ ඇසුරින් මේ බව පෙන්වාදිය හැකියි. ඉන්දියාව සහ ලංකාවේ අතර සංස්කෘතික වෙනසක් උලුප්පා පෙන්වීමට හැකිවුණේ ලංකාව බටහිරින්, ක්‍රිස්තියානි සංස්කෘතියෙන් උකහාගත්දේවල් ආරෝපණය කරගැනීමෙන්. එහෙත් අද ඉන්දියාව ඒවා අපිට වඩා උකහාගෙන අපිට වඩා නවීකරණවෙලා. දැන් අපිට ආපහු ඉන්දියාව copy කරන්නවෙලා ?

    ReplyDelete