1983 ජුලි 23දා සිට සතියක් පුරා පැතිරිණු දෙමළ ජනයාට අයත් ජීවිත සහ දේපළ විනාශකිරීමේ කළු ජුලිය මීගමුව නගරයද දවා අළු කළේය.
මීගමුව නගරයේ ව්‍යාපාර, ආයෝජන, වෛද්‍ය, අධ්‍යාපන, සංස්කෘතික සහ විවිධ කර්මාන්ත ආදියෙහි නිරතවෙමින් පරම්පරිකව ජීවත්වූ දෙමළ ජනයාට අයත් විශාල දේපළ ප්‍රමාණයක් ගිනිතැබීමත්, කොල්ලකෑමත් මේ යටතේ සිදුවිය. මීගමූ නගර මාධ්‍යයේ පිහිටි ග්‍රීන්ස් පාර දෙපස සියළුම කඩ සාප්පුද, කෙලින්විදියේ කඩසාප්පු විශාල ප්‍රමාණයක්ද, ඊට අමතරව මීගමුව සා. පීතර විදුහල ඉදිරිපිට පිහිටි කඩසාප්පු රාශියක්ද, රාජ් සිනමා ශාලාවද, මන්ත්‍රී සාප්පු සංකීර්ණයද, රජා පැලස් සහ තවත් ඇදුම් සහ රත්රන් බඩු කඩවල් රාශියක්ද, තෙල්වත්ත හන්දියේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයූ ආයතනයක්ද (නීල් හර්ඩ්වෙයාර්), හලාවත පාරේ බේකරියක්ද (ආච්චි පුල්ලේ බේකරි), මීගමූ කොච්චිකඩේ ප්‍රදේශයේ කඩ කිහිපයක්ද මෙසේ ගිනිතැබීමටත්, කොල්ලකෑමටත් ලක්වු ස්ථාන අතර වේ.
රටේ අනෙකුත් ප්‍රදේශවල කළු ජූලියේ එක් ස්වභාවයක්වූ දෙමළ ජනයාට පහරදීමත්, දෙමළ ජනයාගේ නිවාස, සහ වාහන ගිනිතැබීමත්, දෙමළ ජනයා ඝාතනය කිරීමත් මීගමුවේදී සිදුවී නොමැත. මීගමුවේදී සිදුවුයේ සම්පුර්ණ වශයෙන්ම දෙමළ ජනයාට අයත් කඩ සාප්පු ගිනිතැබීම සහ කොල්ලකෑමයි. කෙසේවුවද වැල්ලවීදියේ පිහිටි ප්‍රධාන කෝවිල් තුන සහ වැල්ලවීදිය ශා. සෙබස්තියන් පල්ලිය අවතැන්වූ දෙමළ ජනයාට නවාතැන්දීමට විවෘතව පැවැත ඇත. එහෙත් මීනි මැරීම් තුනක් ගැන සටහන්ය. ඒ සියල්ලෝම ප්‍රදේශයේ සිටි දාමරිකයන්ය. ඒ අතර 'මනී' හෙවත් 'බර්නාඩ්' නම් දාමරිකයා ප්‍රධානවේ. මහාචාර්ය Rajan Hoole 12/09/13 Colombo Telegraph වෙබ්අඩවියට ලියන ලද Institutional Implications Of The JSS And Black July ලිපියේ එකවට රජයේ අමාත්‍යවරයෙකුවූ පෙස්ටස් පෙරේරා මහතා මීගමුව බ්‍රවුන්ස් බීච් හෝටලයේදී කළු ජුලිය සිදුවීමට සතියකට පෙරම එය සිදුවන ආකාරය ගැන දැන සිටියේයැයි දක්වයි. එහෙත් මීගමුවේ කළු ජුලිය යටතේ සිදුවූ ද්‍රවිඩ ජනයාගේ දේපළ ගිනිතැබීමත් සහ කොල්ලකෑම් ආදියත් දේශපාලන පක්ෂයක මැදිහත්වීමෙන් සිදුකල දේවලට වඩා පුද්ගලයන් සහ මැරයන් විසින් සිදුකල ක්‍රියාදාමයන් විය. ඒ සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර මීගමුවේ අද නම්දරා සිටින ධනවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු සහ මීගමුවේ ප්‍රසිද්ධ දාමරිකයන් කිහිපදෙනෙකු සිටීමත් තුල ඉහත කරුණ තවදුරටත් සනාථ වේ.
කළු ජුලිය නිසා මීගමුව නගරයේ සංවර්ධනයට බෙහෙවින් උපකාරවූ ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයන්, ආයෝජකයින්, නිෂ්පාදකයින් සහ කර්මාන්තකරුවන්ද රාශියක්ද, චිර ප්‍රරසිද්ධ ඉංග්‍රීසි, ගණිත, විද්‍යා ගුරුවරු රාශියක්ද, නැටුම්, නර්තන, ශාස්ත්‍රීය, සංගීත සහ සිනමා ක්‍ෂේත්‍රයට සම්බන්ද ප්‍රවීනයන් රැසක්ද, වෛද්‍යවරැන්, ගණකාධිකාරීන්, වරත් ගෘහ නිර්මාණ ශිල්පීන් පිරිසක්ද මීගමුවට අහිමිවිය. එම පිරිස්වලින් බොහෝ දෙනෙකු ආපසු යාපනයටද, පසුව සමහරක් ලෝකයේ වෙනත් රටවලටද පිටත්ව යන ලදී.
කෙසේවුවද කළු ජූලිය සිදුවීමට පෙර මීගමුවේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම් තුනක් මීගමුවටත්, රටටත් නරක කාලයක් උදාවෙමින් පැවති බවට ඉගි කළේයැයි මීගමුවේ එකල සිටි වැඩිහිටියන්ගෙන් අප අසා ඇත. එම විස්තර සහ තවත් කරුණු අනුව එම සිද්ධියන් පහතින් දැක්වේ.
1. ශා. පීතර පල්ලියේ පාස්කු මඩුව ගිනිගැනීම
දුවේ ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව යොදාගෙන සිදුකරන පාස්කු සංදර්ශනය 1982 දී යෙදී තිබුනේ මීගමුව නගර මාධ්‍යයේ පිහිටි ශා. පීතර පල්ලියට අයත් පිටියේ රගදැක්වීමටය.
එහෙත් 1982 අප්‍රියල් මාසේදී පාස්කු සංදර්ශනය සදහා තනා නිමකල පාස්කු මඩුව හදිස්සියේ ඇතිවූ ගින්නකින් සම්පුර්නයෙන්ම විනාශවී ගියේය. මීගමූ ඉතිහාසයේ කවදාවත් සිදුනොවූ මෙම සිද්ධිය ජනයා අතර මහත් කණගාටුවක් සටහන් කර ඇත. පාස්කු මඩුවට අමතරව පෙරුසලම් නගරය දක්වන පසුබිම් චිත්‍රයද විනාශවිය. එවකට ඇමතිවරයෙකු මෙන්ම මීගමුවේ මන්ත්‍රීවරයා වූ ඩෙන්සිල් ප්‍රනාන්දු මහතාගේ සහයෝගයෙන් අවශ්‍ය තිර රෙදි සපයාගත හැකිවූ අතර ප්‍රවීණ චිත්‍ර ශිල්පී ගොඩමාන මහතා විසින් නැවත ජෙරුසලම් නගරය දැක්වෙන පසුබිම් චිත්‍රය සිතුවම් කර ඇත.
2. මීගමුව මුතුමාරි අම්මාන් කෝවිලේ කොත කඩා වැටීම
මීගමුව මුතුමාරි අම්මාන් කෝවිල යනු මීගමුවේ දැනට දක්නට ඇති පැරණිම කෝවිලය. 1980 දශකයේදී මෙම කෝවිලේ කොතක් බැදීමට තීරණය කරතිබේ. 1982 දී ඒ සදහා දරන ලද උත්සහය ලත් තැනම ලොප්වී තිබේ. ඒ කොත ඉදිකිරීමට පටන්ගෙන දින කිහිපයකින්ම එය කඩාවැටී තිබේ. එම කාලයේදීම මදුරාසියේද ප්‍රධාන කෝවිලක අතිවිශාල වියදමක් දරමින්, විවිධ දේව රූප තනමින් ඉදිකළ කෝවිලක කොතක්ද කඩාවැටී ඇත. ඒ සමග මීගමුව මුතුමාරි අම්මාන් කෝවිලේ කොත කඩාවැටීම ද මීගමුවේ දෙමළ ජනයා සලකා ඇත්තේ ඉතාම අසුබ සලකුණක් ලෙසය. අදටද මීගමුවේ ශ්‍රී සිට්ටි විනයාගර් (Sri Sitthi Vinayagar) කෝවිලේ ඉතාමත් දැකුම්කළු කොතක් සහිතව සහ කාලි කෝවිල කොතක් රහිතව ඉදිකර තිබුනද මීගමුවේ පැරණිම කෝවිල වන මුතුමාරි අම්මාන් කෝවිලේ කොතක් ඉදිකරන්නේ නැත්තේ එසේ ඉදිකිරීමට සැරසුන කොත කඩා වැටීමෙන් පසුව සිදුවූ කළු ජුලි විනාශය නැවත සිහිවෙන නිසායයි මීගමුවේ දෙමළ ජනයා අතර විශ්වාසයක් පවතී.
3.පිල්ලියර් කෝවිල ඉදිරිපිට කාක බෝගස කපා දැමීම.
1982 සැප්තැම්බර් මාසයේදී මීගමුවේ වැල්ලවීදිය පිල්ලයාර් කෝවිල ඉදිරිපිට තිබු යෝධ කාක බෝගහ පාර පළල් කිරීම සදහා කපා දමන ලදී. කපා දැමූ යෝද කාක බෝගස දැක කම්පාවූ මීගමූවාසීන් මහා ඛේදවාචකයක් ලග එන බව ඒ සමග විශ්වාස කිරීමට පෙළබිණි. ඒ සම්බන්දයෙන් මීගමුවේ උපත ලබා, මීගමුව විජයරත්නම් දෙමළ මහා විදුහලේන් මුලික අධ්‍යාපනය ලැබ, 1983 කළු ජුලිය නිසා මීගමුව අතහැර යාපනයටත් පසුව සිංගප්පුරුවටත් ගිය, සිංගප්පුරුවේ ජනමාධ්‍යවේදිනියක් සහ සාහිත්‍යවේදිනියක් ලෙස කටයුතු කරන, සාහිත්‍ය කටයුතු සදහා ජාත්‍යන්තර සම්මානයන් පවා පිදුම් ලැබූ කනගලතා ක්‍රිෂ්ණසාමි (Kanagalatha Krishnasamy Iyer) ගේ 'PIPAL TREE' රචනයේ මනස්කාන්ත ලෙස විස්තර කර ඇත. කවදා හෝ සිංහලට පරිවර්තනය කිරීමට උවමනාවක් තිබුනද එය ඉංග්‍රීසියෙන්වුවද පහසුවෙන් කියවිය හැක. මීගමුවේ කළු ජුලිය ගැනත්, එය සිදුවීමට පෙර සහ පසු මීගමුවේ තත්වයත්, මීගමූ දෙමළ ජනයාගේ සමාජ ජීවිතයත් ගැන කනගලතාගේ පහත රචනයෙන්වුවද හොද අවබෝධයක් ලැබිය හැක.
******************************************************
'PIPAL TREE' by Kanagalatha Krishnasamy Iyer
Everyone who was born in Negombo before the 1980s, and who grew up there since then, was familiar with the pipal tree which stood in front of the temple, dedicated to Pillaiyaar, the elephant-faced God. Both the tree, and the Young Men’s Hindu Association building behind it, belonged to everyone in the town. It was a tree that didn’t discriminate between race, religion, language or age. What is more, in those days, it was a friend and support to all the pupils of the nearby Vijayaratnam Hindu High School.
Many fishermen lived in Negombo, as it was a sea-side town. Most of them were Christians. Besides, there were also well-off tradesmen, upper class Hindus and Buddhists who lived in old-style colonial houses, and Muslims of every sort. So too, there were many communities there: Indian Tamils, Ceylon Tamils of the trading caste, Malays, people from Java, and Anglo-Indians.
Children of all classes and communities who spoke Tamil attended the Vijayaratnam school. All the students from the first to the twelfth class would set off on Friday mornings, walk past the Pipal tree to the Pillaiyaar temple, and sing hymns to the Lord Shiva. The Christian and Muslim children in my class always joined in the Friday procession, even if they didn’t sing the hymns.
On our return, we’d manage, somehow, to pluck off the pale-red tender young leaves of the tree. We’d place them between the pages of our books and compete amongst ourselves to see whose leaves remained intact, without fading or breaking down. In those days, the civil war had not become intense. The children were still like those tender leaves, not touched by the cruelties and sorrows yet to come.
There was a Nagar, an ancient snake-God, a stone-sculpture, beneath that tree. Offerings were made to him everyday. But even though the tree was held to be sacred, the bench that surrounded it was used by everyone. All sorts of things went on there: people begged, played, made love, rested in the shade. There was even a murder there, it was said. And it was there that someone who lived next to the Catholic church drank poison and died.
Whatever stories were told, the most important thing about that tree was that it belonged to all the townsfolk, particularly all the people who lived along Sea-shore Road. It was under that tree that we gathered before setting off to school, to dance–classes or tuition sessions, to the temple or to church festivals.
A narrow lane led from the tree to the bus-stand on Sea-shore Road. To the right of the tree, at some distance, stood the temple to the Goddess Kali, then a church. After that, the road came to an end by the cremation grounds. On this side there was the temple to Mariamman, then the entrance to the school, and the municipal buildings. Beyond that came the fish-market, and finally, the sea. The tree, with its spreading branches, stood like the magnificent chieftain of Negombo’s Sea-shore Road, holding in its possession many, many untold stories.
I still remember that in 1982, when the town was subject to attacks against the Tamil people, the riots never reached beyond the tree. Although it raised the peace-flag at that time, in the years to come it stood as witness to stabbings, murder, fires. People raised black flags there, in protest against the war. On the other hand, soldiers were recruited there, too.
But what’s the use of remembering all this? When Sea-shore Road was widened, they brought the statue of the Nagar inside the Pillaiyaar temple, and took down the tree which had put down its roots and spread its branches for hundreds of years. It wasn’t that easy to cut down the tree, either. I still remember it all. It was Natesan who was asked to cut down the tree. As soon as he began, snakes started to emerge from their pits around the tree. Terrified, he proclaimed he could not do it, and took to his bed. For Natesan, cutting down trees was like peeling bananas, usually. So, when he refused to fell it, they had to bring huge machines in order to do so.
Had there been a Buddha under that tree, they might have left it alone, and built the road around it, or perhaps turned it into a cross-roads. But before anyone could think of such a strategy, it had all happened; the tree was gone.
Everyone in the town was shocked. We were so stricken that it didn’t even occur to any of us to pluck the leaves of the tree which lay fallen beside the road. For some days it seemed as if the whole town was in mourning. Some of the older people predicted that there were evil times ahead for the entire country because the tree was taken down.
After that, the whole town changed. When the civil war became so violent in the 1990s, many families who had lived there for generations took all their possessions and left, emptying the place. But in spite of this, and with all its troubles, the town began to prosper, because of its position: a sea-shore town, right next to the airport, and so close to the capital, Colombo. Hotels and all sorts of facilities for tourists proliferated. People say that Negombo has changed completely now, crowded with tourists and foreigners.
******************************************************
27/07/16.
This comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThanks Sam, what is the best way to send that links to you ?
DeleteDear Marcus please be kind to send it through samanthagunasekar72@hotmail.com
DeleteSam, my attempt wasn't succeed and received following notification, pls. check your mail address: 'Delivery to the following recipients failed, samanthagunasekar72@hotmail.com'
Deleteකළු ජූලිය සමයේ සිංහලයන්ටත් දෙමළ ජාතිවාදීන්ගෙන් හිරිහැර වුනා.
ReplyDeleteඒ ගැනත් පොඩි විතරයක් කරන්න පුළුවන්ද? හැමතිස්සෙම දෙමළ ජාතීඉන්ට හිරිහැර උනා කියනවා මිසක් අනික් පැත්තට මොකුත් උනේ නැද්ද කියලා දැනගන්න විදිහකුත් නෑ.
Deleteකළු ජූලිය දවස්වල අපේ තාත්තා වැඩකරලා තියෙන්නෙ වැල්ලවත්ත පැත්තේ වැඩපොළක. ඒක සිංහල මනුස්සයෙකුට අයත් එකක්. ඒ මනුස්සයා දෙමළ මිනිසුන්ගෙන් පහර දීමක් වෙයි කියල යකඩ පොලු එකතු කළාලු. ඒත් කිසිම හිරිහැරයක් වෙලා තිබුනේ නෑලු.
එම සිද්ධීන් ගැනත් දන්න අය සටහන් කරනවා නම් හොදයි !!!
Deleteමට පේන හැටියට කළු ජූලියේදී දෙමළ මිනිහාට විරුද්ධව සිංහල මිනිහාව ඇවිස්සුවේ ව්‍යාපාරිකයෝ. නැඟීගෙන ගිය දෙමළ ව්‍යාපාර වලට බැටදෙන්න ඔවුන් ඒක හොඳ අවස්ථාවක් කරගත්තා.
ReplyDeleteමම දන්න වයසක මනුස්සයෙකුත් ඉන්නවා කළු ජූලිය කාලෙ දෙමළ කඩ මංකොල්ලකාලා හිරෙත් ගිය. මිනිහා නම් කියන්නෙ හන්දියෙ තිබ්බ දෙමළගෙ මෝලට ගිනිතිබ්බෙත් මිනිහා කියලා. හැබැයි වැඩේ කියන්නෙ මිනිහාත් දෙමළ.
දෙමළ කඩ කැඩීමේ දැඩි ව්‍යාපාරික උවමනාවක් තිබුන බවනම් පැහැදිලියි !!!
Deleteපිටකොටුවේ එහෙම දන්නා සිද්ධියක් තියෙනවා . Main street එකේ උනේ තවත් ජන කොටසක් දෙමළ business
Deleteවලට කෙළ halima.
මෝඩ විශ්වාස
ReplyDeleteඒක ඇත්ත, එහෙත් එහෙත් ඉහත සිද්ධීන් තුන සටහන් කිරීම වටිනවා !!!
Deleteමම කෑගල්ලේ, යටියන්තොට...ටවුමේ හොදම සිල්ලර බඩු කඩේ රෙදි කඩ තිබුණේ දෙමළ අයට ...කළු ජූලියෙන් පස්සේ ඒවා ඔක්කොම අයිති උනේ සිංහල මිනිස්සුන්ට...
ReplyDeleteකළු ජුලිය ගැන අදහස් දක්වන බොහෝ දෙනෙක් පෙන්වා දෙන කාරණයක් තමයි දෙමළ ජනයාගේ ආර්ථික ශක්තිය අඩපන කිරීම එහි එක් අරමුණක්වු බවයි. යටින්තොට පමණක් නොවෙයි මීගමුවෙත් සිදුවූ දේවල් මගින් අදහස තහවුරුකරන බව පෙනීයනවා.
Deleteමහින්ද රාජපක්ෂ රජය එල්ටීටීඊ සංවිධානයට එරෙහිව හරියට යුද්ධ කිරීම ආරම්භ කලවිට බුදු පිළිම වලින් රැස් විහිදෙන්න පටන් ත්බව වාර්තා වුනා.
ReplyDeleteයහපාලන රජය යුධ ජයග්‍රහණය සැමරීම නතර කල විට රටම ජලයෙන් යටවුනා. ඔව්වා තමයි ප්‍රාතිහාර්යය කියන්නේ.
මම කතාකරන්නේ ප්‍රාතිහාර්ය ගැන නොවෙයි ජගත්, ඒවා එක් එක්කෙනාගේ අදහස්, විශ්වාස. මෙහිදී මම උත්සහකරලා තිබෙන්නේ එවැනි විශ්වාසයන් ගැන සාකච්චා කිරීමට වඩා එම විශ්වාසයන් සහ අදහස් පදනම්වූ ඉතිහාසගත කරුණු කරනා සටහන් කිරීමටයි. එවැනි දෑ දැන් අමතකව ගොස් තිබෙනවා. ඒ තුලින් කියවෙන ජනජීවිතයේ විවිධ පැතිකඩවල්, ඉතිහාසයේ විවිධ තොරතුරු ගැන දැනුවත්ව තිබීම වැදගත්.
DeleteIs Pipal in general sacred to Hindus too or, was it only that particular tree?
ReplyDelete
ReplyDeleteI am not so sure, but that particular tree was significant because the size and the location, which stood in front of the Pillayar Temple. David L. Haberman (2013) 'People Trees: Worship of Trees in Northern India' has mentioned that ‘Pipalayan’ or ‘Pipal’ tree become a sacred tree in the emperor Ashoka's period, and not before that. Also, had mentioned that he (emperor Ashoka) could see the ‘grace of Buddha’ through this tree. Hence, all the North Indian respected it as a sacred tree. But the South Indian’s aspect was not known, generally they paid respect to any magnificent trees, including Bo (Pipal), NA, Mango, Banana or Nuga (Banyan) Tree. There were several sacred Nuga (Banyan) trees in Negombo connected with Hindu God and Goddess. I will write something about it later.
ඉස්සර වැලිකඩ හිරගෙදර හිටියා 1නායක කියලා කෙනෙක්. එයා අයුක්තිය අසාධාරණය පෙන්නන්න බැරි කෙනෙක්(මම වගේ නෙමෙයි)
ReplyDeleteඑයා හිරගෙදරදී ජාතිවාදී ත්‍රස්තවාදී කටයුතු වලට සම්බන්ධව හිරගතකරසිටි දෙමළ සිරකරුවන්ට සහෝදරත්වයේ දෑත දිගුකලා. නමුත් දෙමළු ඒ අත් හපා කෑවා.
1නායක මහත්තයට දෙමළුන්ගේ ජාතිවාදී ගඳ දැනුනා.
එයා මාක්ස් වාදියෙක්වත් ක්‍රිස්තියානි කාරයෙක්වත් නොවන නිසා දෙමළ ජාතිවාදියාව සුද්ධ කිරීමේ අමාරුවක් තිබුනේ නෑ.
එමනිසා කළු ජූලිය කියන සිද්ධියේදී ඔහු දෙමළ ජාතිවාදීන් මරා දැම්මා.