This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 15 July 2022

සුබ සහ යස


'සුබ සහ යස' හෙවත් කිරුල හුවමාරු කරමින් සිදු කරන ඓතිහාසික 'විහිළුව' ඇසුරින් ඒ නමින්ම අළුත් නාට්‍යයක් 1974 දී කරන  සයිමන් නවගත්තේගම මෙහෙම ලියනවා: "මේක අපෙයි රජ්ජුරුවොයි අතරේ හටනක් නොවෙයි, අපි සිංහාසනයේ ඉදගන්න යන්නේ මහජනයාත් එක්ක - මහජනයා නැතිව එතන්ට ගිහිල්ලා කල කෝලාහලයක් කරලා ඔක්කොම මරලා සිංහාසනයේ ඉදගත්තට අපිට රාජ්‍යය බලය ලැබෙන්නේ නෑ" (සයිමන් නවගත්තේගම, (2001),'සුබ සහ යස' - පිටුව. 35). 

දැන් මෙතෙක් මිස්‍ටර් බීන් (Mr. Bean) යැයි කියු රනිල් වික්‍රමසිංහ තාවකාලිකව හෝ වැඩ බැලීමට හෝ ජනාධිපති ලෙස පත්වි අපිට එහෙම කියනවා: "මට අතිගරු කියන්න එපා" !! "ජනාධිපති කොඩියකුත් එපා, රටටම තියෙන්න ඕනේ එ ක කොඩියයි"!! 

ඒ අර සිංහයා ලේ පාට පසුබිමක, බෝකොල හතරක් හතරකොනේ ගහගෙන, කොටුවක සිරවී කකුල් තුනෙන් හිටගෙන එක කකුලකින් කඩුවක් දරාගෙන සිටින කොඩිය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා  

15/07/2022

No comments:

Post a Comment