This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 12 January 2021

පාස්කු ප්‍රහාරය ගැන හෝඩුවාවක්?

පසුගිය සතියේ (06/01/2021) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කල හරීන් ප්‍රනාන්දු මංත්‍රීවරයා නන්දසේන ගෝඨාභය ජනාධිපතිවරයාගේ අගසව්වන් ලෙස දෙරණේ දිලිත් ජයවීර, උදයංග වීරතුංග, නිශ්ශංක සේනාධිපති සහ තවත් දෙදෙනෙක් නම් කර ජනාධිපතිවරයාගේ පාලනයට පාස්කු ප්‍රහාරයේ සාපය, බෞද්ධ ජනයාට නාගයෙක් පෙන්වා මුලාකිරීමේ සාපය ඇතුලු සාප පහක් වැදී ඇති බව දැක්වීය. 

සාප කථාව කෙසේවුවද, එම සතියේම (07/01/2021) ස්වරණවාහිනියේ  සුදේව හෙට්ටිආරච්චි මෙහෙයවන රතු ඉර සමගමී සජීවී විකාශය වැඩසටහනට එකතුවෙමින් හරීන් ප්‍රනාන්දු මංත්‍රිවරයා දැක්වූයේ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතාට ISIS සංවිධානය සමග සම්බන්දතා ඇති බවත්, පාස්කු ප්‍රරහාරය පිලිබද චෝදනා එල්ලවිය යුත්තේ ඔවුන්ට බවත් දැක්වීය. 

හරීන් ප්‍රනාන්දු ඇතුලු දේශපාලකයන්ගේ කතා, කයිවාරු සහ කට වාචලකම් වල වැදගත්කමක් නැති බව අපි හොදින් දනිමු. එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් ඔහුට සහ ඔවුන්ගේ යහපාලන රජයට එල්ලවූ අපවාද සහ චෝදනාවලින් ගැලවීමට හෝ ඉන් නිදහස්වීමට ඔහුට මෙන්ම හිටපු යහපාලන දේශපාලකයන්ටද අවශ්‍යව ඇති බවද අපි දනිමු. 

එහෙත් එහිලා ඔවුනොවුන් දරනා සෑම උත්සාහයකදීම මතුවෙන කරුණු කාරනා ගැන අවදාන යොමුකිරීම පාස්කු ප්‍රරහාරය ගැන උනන්දුවන්ට අතීශය වැදගත්ය. 

විශේෂයෙන්ම පාස්කු ප්‍රරහාරය පිටුපස සිටි සියලු දෙනා හෙලිවී නැති අවස්ථාවක, සහරාන් ඇතුලු ත්‍රස්තවාදීන් අවි ආයුද සහ පුපුරන ද්‍රව්‍යය රැස්කර ගත්තේ කෙසේද යන්න සහමුලින් භෙලිවී නැති පසුබිමක, කුප්‍රකට අවි ආයුද සැපයුම්කරුවෙක් සහ මුහුදූ කොල්ලකරුවන්ට එරෙහිව ආරක්ෂාව සපයන්නෙක් ලෙස, අවි ආයුද සහ වෙනත් පහසුකම් සලසන්නෙක් ලෙස ලියාපදිංචිවී සිටින, කෝටි ගණන් මුදල් එහෙ මෙහෙ යෙදවන්නෙක් සහ විවිධ පුද්ගලයන්ට විශාල වශයෙන් මුදල් ලබාදුන්නෙක් ලෙස කියවෙන නිශ්ශංක සේනාධිපති මහතාගේ නම පාස්කු ප්‍රරහාරය සම්බන්දයෙන් හරීන් ප්‍රනාන්දු මංත්‍රිවරයා මතුකීරීම බොහෝ දෙනෙකුගේ ඇස්දැල්වීමට හේතුවන බව නොඅනුමානය.

මේ අතර, මීට සති දෙකකට පෙර (24/12/2020 පැය 04-48-23) lankaenews වෙබ් අඩවිය දැක්වුයේ  හිටපු ජනාධිපති මෙන්ම එවකට හිටපු ආරක්ෂක ඇමැතිවරයාදවූ මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රරහාරය වැලැක්විමට මැදිහත් නොවීම වෙනුවෙන් රුපියල් කෝටි ගණනාවක මුදලක් සිංගප්පූරුවේදී ලැබු බවට ඔවුන්ට තොරතුරු ඇති බවයි. ( එම ලිපියේ ශිර්ෂ පාඨය වුයේ - පාස්කු බෝම්බ පිපිරවීමට පහසුකම් සැපයීම වෙනුවෙන් මෛත්‍රිපාල සිරිසේන ඇ.ඩොලර් මිලියනයක් අරන්..! සල්ලි සැඟවූ තැන පවා හෙළිවේ..! චන්ද්‍රප්‍රදීප් හෙළිකරයි)

පාස්කු ප්‍රරහාරය පිලිබද සොයාබලන සියලුදෙනා පැහැදිලිවම මේ මතුවී ඇති කරනු කරනා කෙරෙහි අවදානය යොමුකල යුතුව ඇත. එහෙත් එම කරනු ගැන අවධානය යොමුකිරීමකින් තොරව පාස්කු ප්‍රරහාරය පිලිබද විමර්ශන අවසන්වෙනු ඇතැයි යන්න දැන් බොහෝදුරට තහවුරුවෙමින් ඇති තත්වයකි. මුතුරාජවෙල විවිධ පුද්ගලයන්ට සහ පෞද්ගලික අංශවලට විකුණා දැමීමට සහ එහි පරිසර පද්ධතිය විනාශ කිරීමට එරෙහිව කාදිනල්තුමා පසුගියදා (07/01/2021) කොළඹ අගරදගුරු මැඳුරේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී දැඩි හඩක් නැගුවේ පවත්නා රජයේ ඉහත ක්‍රියා පිලිවෙත කෙරෙහි කාදිනල්තුමාගේ සහ ශ්‍රී ලංකාවේ කතෝලික සභාව තුල මෝදුවෙමින් පවත්නා විරෝධයේ ප්‍රතිපලයක් වීමටද පුලුවන. 

කෙසේ වෙතත්, හරීන් ප්‍රනාන්දු මංත්‍රිවරයාගේ ඉහතකී පාර්ලිමේන්තු කථාව පිලිබදව නන්දසේන ගෝඨාභය ජනාධිපතිවරයා දැඩිසේ උරනවී ඇති බව ඔහු 09/01/2021 අම්පාරේ උහන පැවති 'ගම සමඟ පිළිසඳර' නම් වැඩ සටහනේ දී සිදුකල කතාව තුල පැහැදිලිවම ප්‍රකාශවිය. එහිදි ජනාධිපතිවරයා තමා ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටයදී තමාට කොල්ලුපිටියේ පිත්තල හංදියේදී බෝම්බ ගැසූ ප්‍රභාකරන්ට අත්වූ ඉරනම ගැන මතක් කර සිටීම හරීන් ප්‍රනාන්දු මංත්‍රිවරයා තමාට ජනාධිපතිවරයාගෙන් ජීවිත තර්ජන එල්ලවීමක් ලෙස පොලිස්පතිවරයාට 2021 ජනවාරි 10  දින ලිඛිතව පැමිනිලිකර තිබේ. 

මේ පසුබිම තුල හරීන් ප්‍රනාන්දු මංත්‍රිවරයා පාර්ලිමේන්තුවේදී සිදුකල කතාවත්, එහි කියවෙන නම්ගම් සහ ඉගිකිරීම් ආදියත්, මංත්‍රිවරයාගේ කතාවට නන්දසේන ගෝඨාභය ජනාධිපතිවරයාගේන් එල්ලවී ඇති අනතුරු ඇගවීමත් නිසා එකී කතාව ලේසියෙන් නොසලහැරිය නොහැකි, දැඩි අවධානයක් යොමුවෙන කතාවක් බවට පත්ව ඇත. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
11/01/21

No comments:

Post a Comment