This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 15 October 2019

තුච්ඡ දේශපාලන වාසි සදහා පාස්කු ප්‍රහාරය භාවිතා කිරීමට විරුද්ධවෙමු!!

ලාංකීක කිතුනු ජනයාට එල්ලකල මෙලේච්චම ප්‍රහාරයක්වූ පාස්කු ඉරිදා ප්‍රහාරය දැන් දැන් ජනාධිපතිවරණ වේදිකාවේ ක්‍රමයෙන් අලෙවිකරණ තත්වයට නින්දිත දේශපාලකයින් පත්ව සිටීම ගැන අප පිළිකුලින් යුතුව හෙළාදැකිය යුතුවෙමු.

ජනාධිපතිවරණ වේදිකාවල පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සදහන් කරනුයේ ඉන් විපතට පත් ජනයා ගැන සානුකම්පිත හැගීමකින්වත්, සිදුවූ අපරාදය සම්බදයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය යාන්ත්‍රණයේ ඇති නොසලකා හැරීමේ ස්වරූපය සහ ආරක්ෂාව නොසැලසීම ගැන හෙළිදරව් කිරීමේ අදිටනින්වත් නොව හුදෙක්තුච්ඡ ලෙස දේශපාලන වාසි ලබාගෙන සිය අපේක්ෂකයින්ගේ ජය තහවුරු කරගැනීමේ කුහක අපේක්ෂාවෙන් පමණක් බව පැහැදිලිය.

එවැනි කුහක, තුච්ච දේශපාලකයින් සහ ඔවුන්ගේ කුහක දේශපාලන අපේක්ෂාවන් පරාජයකල යුතුමය. කිසිවෙක් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දේශපාලන වාසි අත්කර ගැනීමට උත්සහ කරන්නේ නම් ඔවුහුද එම ප්‍රහාරයේම කොටස්කරුවන්වනු නොවනුමානය. 

ජීවිත අහිමිවුයේ අපේ මිනිස්සුන්ගේය, විපතට පත්වුයේ අපේ මිනිස්සුන්ය. ඒමතින් කිසිවෙක් සිය තුච්ඡ දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් පාස්කු ප්‍රහාරය ජනාධිපතිවරණයෙන් ජය ලබාගැනීම සදහා කුහකලෙස යොදාගැනීම පිළිකුලෙන් යුතුව හෙලාදකිමු.

මාකස් ප්‍රියන්ත පෙරේරා
15/10/2019

4 comments:

  1. //තුච්ඡ දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් පාස්කු ප්‍රහාරය ජනාධිපතිවරණයෙන් ජය ලබාගැනීම සදහා කුහකලෙස යොදාගැනීම පිළිකුලෙන් යුතුව හෙලාදකිමු.//
    Agreed....

    ReplyDelete
  2. ජීවිත අහිමිවුනේ මාකසාගේ වර්ගයේ එවුන්ගේය.

    ඒ නිසා මට ආතල්ය.

    ReplyDelete
  3. ඔබ සමඟ එකඟයි - කළ යුත්තේ මේ ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට එරෙහිව කඩිනම් අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමයි - ඒ ගැන කිසිවෙකුත් උනන්දු නැහැ -

    ReplyDelete
  4. යු න පී චන්ද කදෙනවට බය වුනාද මහත්තයා

    ReplyDelete