This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 20 September 2019

පාස්කු ප්‍රහාරයෙන් මියගිය කිතුනුවන් මෙන්ම ජෝශප් පරරාජසිංහම්ද ශ්‍රී ලංකා රාජ්‍ය අනුග්‍රහයෙන් දියත්වූ ත්‍රස්තවාදයට ලක්වූ කිතුනුවෙකි

අප්‍රියල් 21 පාස්කු ප්‍රහාරය මෙන්ම 2005 දෙසැම්බර් 24දා රෑ නත්තල් පුජාවට සහභාගීවෙමින් සිටියදී මඩකලපුවේ සා. මරියා පල්ලිය තුලදී මරා දැමු දෙමළ සන්ධානයේ මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම්ද ශ්‍රී ලංකා රාජ්‍ය අනුග්‍රහයෙන් දියත්කල ත්‍රස්තවාදයට ලක්වූ කිතුනුවෙකි.
මඩකලපුව සා. මරියා පල්ලිය පිහිටා තිබෙන්නේ සා. මයිකල් පාසලත්, මඩකලපුව රදගුරු නිවසත් (Bishop House) මැදය. අප්‍රියල් 21 ප්‍රහාරයට ලක්වූ මඩකලපුව කිතුනු දේවස්ථානය ඇත්තේ ඉන් මීටර් 200 පමණ එහායිනි. ලැබී ඇති තොරතුරුවලට අනුව බෝම්බකරුගේ මුල් ඉල්ලකය වී තිබුනේ මඩකලපුවේ ඇති ප්‍රධාන කතෝලික පල්ලිය වන මෙම සා. මරියා පල්ලිය. එහෙත් එදින එහි පුජාව කලින්ම අවසන්වී ඇත. නැතිනම් නත්තල් දා මෙම පල්ලිය තුලදී මරාදැමූ හිටපු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම්ගේ නමද නැවත මතුවීමට ඉඩ තිබුණි.
2005 දෙසැම්බර් 25 නත්තල් පුජාවට ජෝශප් පරරාජසිංහම් මන්ත්‍රීවරයා සහභාගීවීමට පැමිණෙන බව දැන සිට ඇත්තේ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් පමණි. මන්ත්‍රීවරයා සත්ප්‍රසාද ලබා හිසනමා, දණගසා යාක්ච්නා කරමින් සිටියදී සිවිල් ඇදුමෙන් සැරසුන (ආ)රාක්ෂකයන් අතරින් මතුවූ තුවක්කුකරුවෙක් විසින් වෙඩිතබා ඝාතනය කර පලාගියේය. මුලින්ම එය කරුණා පාර්ශ්වය වෙතත් පසුව Sennan Padai නම් කණඩායමකටත් පැවරිය. එකී කණ්ඩයමට වගකීම පවරමින් පත්‍රිකා බෙදුවේද ආරක්ෂක හමුදාවට සම්බන්ද පිරිස්යැයි වාර්තා පලවිය. එහෙත් අපරාධකරුවෝ අත්අඩංගුවට ගත්තේ නැත. ඔව්හු අද ද නිදැල්ලේය.

එම ඝතනය ගැන කතෝලික සභාව පැත්තෙන් තදින් හඩ නැගුවේ එදින රාත්‍රියේ එම පුජාව පවත්වමින් සිටි මඩකලපුවේ රදගුරු කිංස්ලි ස්වාමිපිල්ලේ රදගුරුවරයාය. මැල්කම් රන්ජිත් කදිනල්වරයාද, ලංකා කතෝලික රදගුරු මණ්ඩලය ප්‍රමුඛ කතෝලික සභාවද දැක්වුයේ තරමක් ඇල්මැරුණු විරෝධයකි. ජෝශප් පරරාජසිංහම් මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනීසිටීමට ගොස් ලංකා කතෝලික සභාවට කොටි ලේබලය ඇලවේ යැයි ඔවුහු බියවිය.

එදා නත්තල් දා එක් පුද්ගලයෙකුගේ මරණය වෙනුවෙන් යුක්තියේ හඩ නොනැගීම සහ නැවතත් එවැන්නක් සිදුවීමට කටයුතු නොකල අපිට මෙදා 300 කටත් අධික මරණයන් සහ විපත්වෙනුවෙන් කිසිසේත්ම නිහඩ විය නොහැක.

මාකස් ප්‍රියන්ත පෙරේරා 
18/09/2019

7 comments:

  1. මාකස් අයියේ
    උඹ ඔච්චර දන්නවා නම් මරපු එකාගේ නම දාපංකෝ

    ReplyDelete
  2. මට කෙනෙක් කිව්වා. ඔ්ක කෙරුවේ උගේ පක්ශේම ඉන්න හින්දු අන්තවාදීන්ය කියලා

    ReplyDelete
  3. ඔන්න මාකස් අයියේ එජාපයත් සිංහල බෞද්ධ අභිලාශය තේරුම් අරගෙන.
    තොපිට සාදු !!

    ReplyDelete
  4. ජෝසෆ් කිංස්ලි ස්වාමිපිල්ලේ පරරාජසිංහම්ගේ මරණය කතෝලික ආගමට සම්බන්ධ දෙයක්ද? (කතෝලික ජනගහනය 1කින් අඩුවීම හැර)
    ලාංකික දෙමළ ජාතිවාදය යනු ලන්දේසීන් ගොඩනඟා ඉංග්‍රීසීන් බෞතීස්මකල දෙයක් එහි අරමුණ සිංහලයන්ට මෙරට හිමිතැන අහිමි කිරීමයි.
    ජෝසෆ් කිංස්ලි ස්වාමිපිල්ලේ පරරාජසිංහම් මෙරට කේන්ද්‍රීය සංස්කෘතිය හැටියයට සිංහල බෞද්ධ සංස්කෘතිය පිලිගත්තේ නැත්නම් ඔහු දෙමළ ජාතිවාදියෙක්.
    ඉතින් කතෝලික පල්ලිය ලාංකික දෙමළ ජාතිවාදයට කඩේ යා යුතුද?
    තමිල්නාඩු දෙමළ ජාතිවාදයට නම් කතෝලික පල්ලිය සපෝට් කියලා එහෙ හින්දූත්ව වාදීන් කියනවා.

    ReplyDelete
  5. ohomda mohoma hari aliya karakenne ekama thankata neda .. mama hithagena hitiye oba nidahasamatha dariyek kiyala

    ReplyDelete
  6. ඔන්න මාකසෝ මේ පාර අපි අපේ ඝොටා සර් ජනාධිපති කරවනවා.
    ඊට පස්සේ මීගමුව කොටුව ඩොසර් කරනවා.
    ඊට පස්සේ ඒකේ ගල් ගරගෙන ඒවා කතෝලික උන්ගේ පුකේ ඔබනවා.

    ReplyDelete
  7. ජාතිවාදීන්ගෙන්, ආගම්වාදීගෙන්, වර්ගවාදීන්ගෙන් තත්ත්වය ඕකයි.

    ReplyDelete