This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday 30 April 2017

හෙළ උරුමයට මැයි දිනයේදී ඇල්ෆ්‍රඩ් බුල්ජන්ස් මතක්වීම සහ ඔවුන් කිතුනුවන්ට දෙන පණිවිඩය

ජාතික හෙළ උරුමය මෙවර සිය මැයි දිනයේදී ශ්‍රී ලංකාවේ කම්කරු පන්ති ව්‍යාපාරයේ ආරම්භකයෙක් වන A. E. බුල්ජන්ස් හෙවත් ඇල්ෆ්‍රඩ් එර්න්ස්ට් බුල්ජන්ස් මහතාවත්, අනගාරික ධර්මපාලතුමාවත්, ඒ.ඊ. ගුණසිංහ මහතාවත් සමරන බව දක්වා තිබේ. ජාතික හෙළ උරුමය ඇල්ෆ්‍රඩ් බුල්ජන්ස් මහතා සැමරීමට හේතුව දක්වා තිබුනේ පහත සදහන් ලෙසය:

"විශේෂයෙන් මේ අවස්ථාවේ කම්කරු ව්‍යාපාරය ඒ අරගල ගැන කතා කරන කොට අතිශය වැදගත් චරිත තුනක් සිටිනවා. දැන් සමහරු ඒ අය ගැන කතාවක්වත් නෑ. අපි ජාතික හෙළ උරුමය හැටියට සමරන්න ඕනෑ මුලින්ම ඒ.ඊ බුල්ජන්ස් මැතිතුමා. ඔහු මුලින් ක්‍රිස්තියානි භක්තිකයෙක්. ඔහු තමා පළමු වෘත්තීය අරගලය ලංකාවේ සිදුකරන්නේ 1893 දී. නමුත් ඒ වැඩවර්ජනය පරාජයට පත් වෙනවා. ඉන් අනතුරුව කොළඹ නගරයේ 1883 (?) දි ලංකාවේ රෙදි සෝදන්නන්ගේ වැඩ වර්ජනය, කැලිකසල එකතුකරන්ගේ වැඩ වර්ජනය, රික්සෝ පදවන්නන්ගේ වැඩවර්ජනය වැනි වැඩවර්ජන කිහිපයක් වුණා. ඒ හැම එකකටම නායකත්වය ලබා දුන්නේ ඒ. ඊ බුල්ජන්ස් මහතාය. එපමණක් නොවේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙනුත් එතුමා අරගල කළා. එසේම බෞද්ධයන් වෙනුවෙන් ද බෞද්ධ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ද කතා කලා. සැමට අධ්‍යාපනය යන තේමාව ගෙනාවේ එතුමා. එම නිසා අපි බුල්ජන්ස් මහතා සමරන්න ඕනෑ..." (28/04/17 හෙළඋරුමය ෆේස්බුක් පිටුව).

මේ අනුව මෙවර මැයි දිනයේදී ජාතික හෙළ උරුමයට ඇල්ෆ්‍රඩ් එර්න්ස්ට් බුල්ජන්ස් මහතා සැමරීමට ඔහුගේන් ලාංකීය කම්කරු පන්ති ව්‍යාපාරයට සිදුවූ සේවයට අමතරව සිංහල බෞද්ධයන්ට සිදුවූ සේවයද සැලකිල්ලට ගෙන ඇති බව පැහැදිලිය. 

ඇත්තවශයෙන්ම, මෙරට කම්කරු පන්ති ව්‍යාපාරයේ නැගීම ගැන විශිෂ්ඨ පර්යේෂණ කෘතියක් ලියූ මහාචාර්ය කුමාරි ජයවර්ධන ගේ (1972) 'The Rise of the Labor Movement in Ceylon' කෘතීයට අනුව නම් ලාංකීය කම්කරු පන්ති ව්‍යාපාරයේ පුරෝගාමීන් ලෙස ඇය හදුනාගන්නේ 1893 මුද්‍රණ සේවකයින්ගේ වැඩ වර්ජනයට නායකත්වය දී මෙරට ප්‍රථම වෘත්තීය සමිතියවූ 'මුද්‍රණකරුවන්ගේ සංගමය' (21/09/1893, 'දිනකර ප්‍රකාශය' පුවත්පතට අනුව නම් 'ලංකාවේ අච්චු ගසන්නන්ගේ සමාගම') පිහිටුවාලූ දොස්තර පී. එම්. ලිස්නක් පින්තු (සභාපති), A. E. බුල්ජන්ස් (ලේකම්), එම්. බී. ප්‍රනාන්දු (භාණ්ඩාගාරික), මාර්ටින්ස් පෙරේරා (සංවිධායක), දොන් බස්තියන් ඇතුලූ පිරිසය.  

ඒ අතරින් ලිස්නක් පින්තු/එම්. බී. ප්‍රනාන්දු/මාර්ටින්ස් පෙරේරා ආදීන්ට වඩා ජාතික හෙළ උරුමයට A. E. බුල්ජන්ස් මහතා වැදගත් වන්නේ ඇයි දැයි ඔහුගේ ජීවන චරිතය විමසීමේන් පැහැදිලිකරගත හැක. 

1865 බර්ගර් ක්‍රිස්තියානි පවුලක උපත ලබන  A. E. බුල්ජන්ස් හෙවත් ඇල්ෆ්‍රඩ් එර්න්ස්ට් බුල්ජන්ස් මහතා කොළඹ ශා. තෝමස් විදුහලේ අධ්‍යාපනය ලබා, එහි ගුරුවරයක් ලෙස ටික කලක් සේවයකර, පසුව 1883 දී කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබද උපාධිය හිමිකර ගත්තෙක් විය. ඔහුගේ ශාස්ත්‍රීය වර්ධනයෙහිලා එම විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Alfred Marshall ගේ ඉගැන්වීම් මෙන්ම Charles Dickens ගේ මරණයෙන් පසුව ඇතුවූ ඔහුගේ සමාජ විග්‍රයන් පිළිබද නැවත විමර්ශන කතිකා ආදියද බලපෑ බව දැක්වේ. විශේෂයෙන්ම ආර්ථික වර්ධනයෙහිලා සමාජවර්ධනයේ ඇති වැදගත්කම අවධානය යොමුකළ Alfred Marshall ගේ ඉගැන්වීම් අනුව යමින් අධිරාජ්‍යවාදය යටතේ ලංකාවේ තියා එංගලන්තයේවත් සාමාන්‍ය ජනයාට සෙතක් සැලසී නැති බවත්, එංගලන්තයේ ප්‍රධාන ක්‍රිස්තියානි සභාව වන, ඔහුද ඇතුළත්වූ, එංගලන්ත සභාවවත් ඒ සදහා නිසි මැදිහත්වීමක් නොකරන බවත් බුලජන්ස් නිගමනය කළේය.  1888 දී ලංකාවට නැවත පැමිණි ඔහු ක්‍රිස්තියානි ආගම  අතහැර බෞද්ධ ආගම වැලදගන්නා ලදී. ඔහු 'මා බෞද්ධයෙක්වුයේ මන්ද' යැයි යනුවෙන් 1889 දී කල දේශනයක් පොත් පිංචක් ලෙස මුද්‍රණය කර ඇත. එහි කොටසක් 'බුදුසරණ පුවත්පත' උපුටා දක්වා ඇත්තේ මෙසේය:

‘ක්‍රිස්තියානි රටවල ක්‍රිස්තු භක්තිකයන් අතර ක්‍රිස්තියානි ආගමේ ප්‍රායෝගික ප්‍රතිඵල සෑහෙන පමණ දුටිමි. ලන්ඩනයේ නැගෙනහිර පෙදෙසේ තුච්ඡ පිරිහීම, දරිද්‍රතාව සහ දුක්ඛිත භාවය සමඟ එක ළඟින් අන්තත ධනවත්කම පැවැති අන්දම ගැන දිගින් දිගට කථා කිරීම අනවශ්‍යය. හැම දා රාත්‍රියේ කැරෙන අධික කාම සේවනය, ප්‍රසිද්ධ මත්පැන් හල්වල වෙරි මරගාතේ දැඟලීම, ගෙයක් දොරක් නැතිව හා නිරාහාරයෙන් පසුවන දහස් ගණන් ජනයා ආණ්ඩුවට කරන දුක්මුසු ආයාචනා සහ අසන්තුෂ්ටියට පත් සමාජවාදීන් ගේ පෙළපාලි යන මේවා පිළිබඳ පින්තූරය හා ඒවායින් විදහාපාන පාඩම, මට කිසිදාක අමතක කළ නො හැකි ය. දහස් ගණන් ගැහැනු - පිරිමි ළමයින් රාත්‍රී කාලයේ දී නිවහනක් නැති ව ආවරණයක් නැති ව කිසිවකු ගේ පිළිසරණක් නැති ව හිමෙන් වැසුණු තෘණ රහිත නග්න මහ පොළව මත එකට ගුලි වී නින්දට යන්නා හ. ක්‍රිස්තියානි එංගලන්තයෙහි එ බඳු දේ සිදු විය හැකි ද?... මට පෙනුනේ ප්‍රායෝගික ක්‍රිස්තියානි ආගම රැවටිල්ලක් බව යි. මක් නිසා ද යත්, මිෂනාරීවරුන් හා බයිබල් රට රටවලට යවනු ලැබූ අතර, ඊට වඩා විශාල සංඛ්‍යාවක් බෝතල් හා වෙඩි උණ්ඩ ද ඒ සමඟ යවනු ලැබූ බැවිනි. බෝතල් හිත මැරීම සඳහා විය. වෙඩි උණ්ඩ කය මැරීම සඳහා විය.’ (බුදුසරණ පුවත්පත (අන්තර්ජාල කලාපය) 01/05/2009) 

බෞද්ධාගම වැළද ගැනීමෙන් අනතුරුව මිෂනාරි සේවාවන් විසින් පවත්වාගෙන ගිය ඉංග්‍රීසි අධ්‍යාපනය ක්‍රිස්තියානි ජනයාට පමණක් සීමාවී ඇතැයි දක්වමින් ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලැබීමට සෑම ජනකොටසකටම අවස්ථාව ලබාදිය යුතුබවත්, අධ්‍යාපනය මහජන අයිතියක් ලෙස පිළිගතයුතු බවටත්  යටත්විජිත පාලකයන්ට පෙත්සම් මගින් දන්වනු ලැබීය. ඉන් නොනවතිනු ඔහු ඕල්කට්තුමන් විසින් අරඹා තිබු ඉංග්‍රීසි පාසැල්වල ඉගැන්වීම් කටයුතුවල නිරතවිය. අනතුරුව වර්තමාන ආනන්ද විද්‍යාලය බිහිවූ පිටකොටුවේ පැවති ඉංග්‍රීසි පාසැලේ විදුහල්පතිවරයා විය, ඕල්කට්තුමා ස්ථාපනය කල බෞද්ධ ඉංග්‍රීසි පාසැල් ජාලයේ අධ්‍යක්ෂකයා ලෙස  කටයුතු කළේය. යටත්විජිත පාලකයන් විසින් මෙරට ස්වදේශීය ජනයාට සිදුකරන විවිධ අසාධාරණකම් පිලිබදව ලන්ඩනයේ යටත්විජිත ලේකම් කාර්යාලයටත්, විවිධ පුවත්පත්වලටත් ලිපි ලියුහ. සියළු ආගම්වල පරම සත්‍ය මතුකර ගැනීමට පිහිටුවාලූ ඕල්කට්තුමාගේ පරමවිද්‍යාර්ථයන්ගේ සංගමයේ ක්‍රියාකරියෙක් ලෙස මැදිහත්ව කටයුතු කළේය. 

එහෙත් 1905 න් පසු ඔහු ක්‍රමයෙන් නිහඩවිය.  ඒ අනගාරික ධර්මපාලතුමාගේ නැගීමත් සමගය. අනගාරික ධර්මපාලයන්ගේ රළු බස ඔස්සේ ක්‍රමයෙන් ගොඩනැගුණු සිංහල-බෞද්ධ වර්ගොත්තමවාදය හමුවේ සිංහල-බෞද්ධ නොවන ජනයා මරක්කලුන්, දෙමළුන්, හම්බයන්, කොච්චින් වූ සේම බුල්ජන්ස්ලා කැරපොතු ලන්සීන්, කල්ලතෝනීන් සහ තුප්පහි විය. අනගාරික ධර්මපාලයන් නායකත්වය දුන් කම්කරු සටන්වලින් බුලජන්ස් දුරස්ථව සිටියහ. ධර්මපාලතුමා නායකත්වය දුන් 1912 දුම්රිය සේවකයින්ගේ වර්ජනයේදී මෙම දුරස්කම වඩා පැහැදිලිව ඔප්පුවිය.

A. E. බුල්ජන්ස් අනගාරික ධර්මපාලගේ මග නොගියහ. එහෙත් A. E. ගුණසිංහ අනගාරික ධර්මපාල අනුව යමින් කම්කරැ පන්ති ව්‍යාපාරය තුලට වර්ගවාදය ගෙනාහ. විශේෂයෙන්ම එකම ඉරණමකට ගොදුරුවී සූරාකෑමට ලක්ව සිටි කම්කරුවන්ගේ පොදු ඉරණමට විරුද්ධව සටන්කරනු වෙනුවට  ඉන්දියානු කුලී කම්කරුවන්, නාට්ටාමිලා, ඉංදීය වතුකම්කරුවන් වර්ගවාදී ලෙස බෙදා වෙන්කර ඔවුන්ට විරුද්ධව කටයුතු කළේය.  

ජාතික හෙළ උරුමය මෙවර සමරන මැයි දිනයේදී A. E. බුල්ජන්ස්, අනගාරික ධර්මපාල සහ A. E. ගුණසිංහ සමරනුයේ ඔවුන් කම්කරු සටන්වලට දුන් දායකත්වය පමණක් නොව රටේ සිංහල-බෞද්ධ අනන්‍යතාවය ගොඩනැගීමට ඔවුන් ලබාදුන් දායකත්වයද සැලකිල්ලට ගෙනබව පැහැදිලිය. 

විශේෂයෙන්ම A. E. බුල්ජන්ස් හෙවත් ඇල්ෆ්‍රඩ් එර්න්ස්ට් බුල්ජන්ස් සිහිකරමින් ඔවුන් මෙරට කිතුනුවන්ට දීමට උත්සහකරන පණිවිඩය වන්නේ බුල්ජන්ස් මෙන් ක්‍රිස්තියානි ආගම අතහැර බෞද්ධාගම වැළද ගන්නා ලෙසද? නැතිනම් බුල්ජන්ස් මෙන් අනගාරික ධර්මපාලයන් ස්ථාපිත කල  සිංහල-බෞද්ධ  වර්ගෝත්තමවාදය ප්‍රතික්ෂේප කරන ලෙසද? 

පසුගිය කාලය පුරාම ජාතික හෙළ උරුමයේ නායක චම්පික රණවක මහතාට ප්‍රියවූ කිතුනු නායකයෝ දෙදෙනෙක් විය. ඒ මර්සිලින් ජයකොඩි පියතුමා සහ 'කිතුදන පුබුදුව' සංවිධානයේ නිර්මාතෘ සිරි ඔස්කා අබේරත්න පියතුමාන්ලාය. චම්පික රණවක මහතාට අනුව ඔවුන් දෙදෙනාම මෙරටේ ප්‍රධාන ජාතික අනන්‍යතාවයවන සිංහල-බෞද්ධ අනන්‍යතාවය හදුනාගත්, ඒ අනුව රෝමානු කතෝලික සභාව දේශීයකරණය කිරීමට දායකවුවන්ය. 

ඇත්තවශයෙන්ම, ශ්‍රී ලංකාවේ කිතුනුවන් මෙරට මුල්බැසගෙන ඇති සිංහල-බෞද්ධ අනන්‍යතාවය මෙරට මූලිකම අනන්‍යතාවය ලෙස පිළිගැනීමට කිසිදු අකමැත්තක් හෝ විරුද්ධත්වයක් දක්වන්නේ නැත. 

එහෙත් විරුද්ධ වන්නේ 'සිංහල නම් බෞද්ධයෝය', 'සෙස්සෝද පරම්පරා කිහිපයකට පෙර බෞද්ධයෝය', 'මුදල් සහ වරප්‍රසාද වෙනුවෙන් ආගම අතහැර ක්‍රිස්තියානිය වැළදගත්තෝය', නැතහොත් 'පිටරටකින් මෙරටට පැමිණි පිටස්තරයෝය'  ආදී ලෙස නම් කිරීමටය. 

ඔවුන් ලංකාවට ආදරය කරන රටවැසියන් ලෙස මෙරට විශාල සේවයක් කල, මෙරට ජාතික සංස්කෘතික අනන්‍යතාවයක් ගොඩනගා දීමට කටයුතු කල තැනත්තෝය. එහෙත් ඔවුන්ගේ එම සේවයට ලංකාව තුල හිමිවී ඇත්තේ කිනම් නම් ස්ථානයක්ද?  මෙරට කම්කරු ව්‍යාපාරයේ ආරම්භකය ලෙස සලකන්නේ  A. E. ගුණසිංහ මිස A. E. බුල්ජන්ස් නොවේ, මෙරට සිංහල සංගීතයක් ගොඩ නැගීමට සුනිල් ශාන්ත කෙතරම් සේවයක් කලද මෙරට මහා ගාන්ධ්ර්වයනෝ ඔහු නොවේ...

පරිපාලන ක්ෂේත්‍රයේද තත්වය මෙයට වෙනස් නොවේ.  මීගමුව ආදී කිතුනුවන්ගේ අනන්‍යතාවය ප්‍රබලව දැකිය හැකි නගරවල් දියකර හැරීමට ඔවුහු සියල්ල කරති. ලංකාවේ විශාලතම නගර 04න් එකක්වන මීගමුව දිස්ත්‍රිකයක් නොකර කඩමන්ඩියක්වූ ගම්පහ දිස්ත්‍රිකයක් කලහ.   

එහෙත්, එක් දෙයක් පිලිබදව සතුටුවෙන්න යැයි ජාතික හෙළ උරුමය අපට පසක්කර දෙති. ඒ ඔවුන් දක්වන 'සිංහල-බෞද්ධ සහනශීලීත්වය'ය.  ජාතික හෙළ උරුමය නාට්ටාමිවරු 1500කට රක්ෂණයක් දෙමින් අපට  මතුකර පෙන්වීමට හදන්නේද මේ සහනශීලීත්වය. ඉන්දියාවේවත් කම්කරුවන්ට මෙසේ සලකන්නේ නැති යැයි ඔවුන් කියයි. 

එහෙත් ඒ සහනශීලීත්වය තුල කියවෙන 'සිංහල-බෞද්ධ' අධිකාරීත්වයක්, ආධිපත්‍යක් සහ සීමාවක් ඇති බවක් නොකියවේද? එවැනි අධිකාරීත්වයක් සහ ආධිපත්‍යක් තුල 'සිංහල-බෞද්ධ' නොවන ජනකොටස් තුල අසහනයක් ලියලන බව ඔවුහු නොසකලා හරිති. නැතහොත් එවැනි අසහනයන්වලට යුද්දයෙන් පිළිතුරුදුන් බව සහ දියහැකි බව ඔව්හූ දනිති. 

එහෙත් ජාතික හෙළ උරුමය නායකත්වයදෙන සිංහල-බෞද්ධ  වර්ගෝත්තමවාදයක මෙරට කිතුනුවන් මෙන්ම අනෙකුත් සියළු ජනකොටස්වල ගෞරවයට, ආදරය පාත්‍රවූ බෞද්ධාගම, බොදුනුවා,  ශිෂ්ඨ සම්පන්න ජාතියක්, උදාර ඉතිහාසයක්, සුන්දර රටක් යන සියල්ල අහෝසිවී යනු ඇත. ඒ අනතුරට ලක්කරනුයේ චම්පික රණවක මහතා විසින්ම මෙරට කිතුනුවන් සහ බෞද්ධයින් අතර පැවති සබැදියාවේ සංකලනයක් ලෙස 02/04/17 රූපවාහිනියේ විකාශනය වූ 'සිහිනයකි රෑ' සංගීත වැඩසටහනේදී ඔහු තෝරාගත්  මර්සිලින් ජයකොඩි පියතුමා ගී පදවැලකට පෙරළු ශ්‍රී ලංකාව, එහි වැසියන්, ඉතිහාසය, ජන ජීවිතය සහ  එහි සංස්කෘතිය පිළිබදව මෙරට  කිතුනුවන් තුල වු පහන් හැඟීම නොවේද ? 
මාකස් ප්‍රියන්ත පෙරේරා.
30/04/17.

6 comments:

  1. සමහර ලාංකික බර්ගර් ජාතිකයින්ගේ පවුල් අවු 300කට වඩා කාලයක් ලංකාවෙ.
    ඒ සමහර දැන් සිංහල යයි හැඳින්වෙන අයගේ පවුල් දකුණු ඉන්දියාවෙන් එන්න ඉස්සර

    ReplyDelete
  2. බර්ගර්වරු යනු දෙමළ වෙල්ලාලයන් මෙන්ම ලන්දේසීන් විසින් බිහිකර ඉංග්‍රීසීන් විසින් බෞතීස්ම කරන ලද ජනවර්ගයක්. එසේම උඩරට පහතරට භේදයත් ලන්දේසීන්ගේ උප්පරවැට්ටියක්.
    ලංකාවට නිදහස ලැබෙනවිට දෙමළ , බර්ගර්, කතෝලික/ ක්‍රිස්තියානි යන සුළු ජාතික බහුතරයෙන් යුත් මධ්‍යම පන්තියක් මෙරට මෙරට ගොඩනැඟී තිබුනා. (එහි බලපෑම කොතෙක්දැයි කියනවා නම් යාපනයේ දෙමළු යනු ඉතා ඉහල IQ අගයක් සහිත අමුතු සත්තු වර්ගයක් යැයි සිතන අය සිංහල අය අතර[සිංහල බෞද්ධයන් අතර පවා] සිටිනවා) ඔවුන් බිරිතානියන් ඇතිකල ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය පිළිගත් නමුත් මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට ලැබියයුතු සුවිශේෂී තත්වය පිළිගැනීමට මැලිවුනා. මෙරට ජනවාර්ගික අර්බුධ ඇතිවීමට හේතුව එයයි.

    ReplyDelete
  3. ජගත් ඇත්තටම ජනවාර්ගික ප්‍රශ්නෙ ඉතිහාසය පිළිබඳව ඕනෑ තරම් සංවාද කරන්න පුළුවන්වුනත් එක් එක් ජන කොටස් වලට සුවිශේෂී තත්ත්වයන් දීම ඇතුළේ මේ ප්‍රශ්නය විසඳන්න බැහැ නේද ? ඒ වෙනුවට සියලු ජන කොටසක්වලට සමාන අයිතිවාසිකම් දීම ඇතුළේ මේ ප්‍රශ්නය විසඳන්න එකඟ වෙන්න බැරිද ?

    ReplyDelete
  4. මෙරට පවතින ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය ගැන කටුනායක ගුවන්තොටුපල ආශ්‍රයෙන් පැහැදිලි කරන්න පුළුවන්.
    මීගමුව සඳහා සිංහල, දෙමළ, ඉංග්‍රීසි බාශාවලින් නම් 3ක් යෙදෙනවා.
    කටුනායක ගුවන් තොටුපලට මීගමුව ගුවන් තොටුපල කියා දැම්මනම් එහි නම තුන් විදියකට ලියන්න වෙනවා.
    ඊටත් වඩා ගැටළුව වන්නේ ප්‍රංශ, ජර්මන්, රුසියන්, චීන වැනි වෙනත් බාශා වලින් මෙය හඳුන්වනවිට මෙයින් කුමන නම තෝරාගන්නේදැයි ගැටළුවක් මතුවීමයි.
    මේ නිසා ගුවන්තොටුපලට මීගමුව නොකියා කටුනායක ලෙස නම්කිරීම බුද්ධිමත් ක්‍රියාවක්.
    එසේ නම්කිරීමට හේතුව මෙරට පවතින ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය සහ එහි නියෝජිතයකු වන දෙමළ ජාතිවාදයයි.
    නමුත් ඔබ වැනි අය එය හඳුනාගන්නේ සිංහල බෙෘද්ධ ආධිපත්‍යය විසින් මෙරට කතෝලික මධ්‍යස්ථානයකට ජාත්‍යන්කර කීර්තියක් ලැබීම වැලැක්වූ ලෙසටයි.

    ReplyDelete
  5. ජගත් ඔයා කොටසක් හරියට තේරුම් අරගෙන තියෙනවා, කොටස් වැරදියි. කටුනායක ගුවන් තොටුපොළ මීගමුව ගුවන් තොටුපොළ ලෙස නම් කෙරුවා නම් සිංහලෙන් එක මීගමුව ලෙසත්, දෙමළෙන් නීර්කොළම්බු ලෙසත්, ඉංග්‍රීසියෙන් නම් නිගන්බු කියලා කියයි. හරියට අර පැරණි කාලේ ලංකාවට විවිධ ජාතීන් විවිධ නම් වලින් හදුන්වා දුන්නා වගේ. ප්‍රශ්ණය තියෙන්නේ මෙලෙස විවිධ නම්වලින් හදුන්වාදීම නෙමෙයි, ඒ සියළු නම් ගැන කිසිදු වගවිභාගයකින්/සැලකිල්ලට ලක්කිරීමෙන් තොරව වෙනත් 'නමක්' ආධිපත්‍ය මත තහවුරු කිරීමයි. නිශ්චිතව කියනවා නම් මීගමුව ගුවන්තොටුපල, මීගමුව ගුවන්තොටුපල ලෙස නම් නොකරන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන බලයේ හිමිකම මතයි, මීගමුව සිංහල-බෞද්ධ අනන්‍යතාවය නියෝජනය නොකරන නිසායි. එහෙත් ලංකාවේ මෙම දේශපාලන ව්‍යාපෘතිය විසින් ඇත්තටම බලයට ගෙනත් තියෙන්නේ කාවද? සිංහල-බෞද්ධ ජනයාව නැහැනේ, බණ්ඩාරනායකලා වගේ පිරිසක් නෙමේද? මීගමුව ගුවන් තොටුපල ඒ නමින් හදුන්වන්නේ නැතිව බණ්ඩාරනායක ගුවන්තොටුපල වෙන්නේ එහෙමයි.

    ReplyDelete