This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday 9 April 2017

ලංකාවේ දර්ශනීයම තට්ටුගොඩනැගිල්ල ඉදිකරණ යුදෙව් ජාතිකයාට විරෝධය එල්ලවේ

ශ්‍රී  ලංකාවේ දැනට ඉදිවෙමින් ඇති දර්ශනීය තට්ටු ගොඩනැගිල්ල ලෙස එම සමාගම විසින්ම හදුන්වාදෙන කොළඹ බේරේ වැව අසල පිහිටි තට්ටු 68 කින් යුතු Altair   ගොඩනැගිල්ලේ ප්‍රධාන ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියාවන යුදෙව් ජාතික Moshe Safdie මහතාට ශ්‍රී ලංකාවේ විවිධ දේශපාලන සහ මානවහිමිකම් සංවිධානවලින් විරෝධය එල්ලවී ඇතැයි ඊශ්‍රායලයේ  Haaretz පුවත්පත වාර්තාකර තිබේ. 

එයට හේතුව ලෙස දක්වා තිබෙනුයේ Moshe Safdie මහතා ඊශ්‍රායලය විසින් අත්පත්කරගෙන ඇති පලස්තීනයට අයත් බටහිර ඉවුරේ  යුදෙවේ ජනාවාස ඉදිකිරීමට පෙරමුණ ගත්තෙක් වීමය. මේ සම්බන්දයෙන් ඔහුට ප්‍රථමයෙන්ම චෝදනා ඉදිරිපත්කලේ 2010 බ්‍රිතාන්‍යයේ  Guardian පුවත්පතේ පළවූ ලිපියකය. එම චෝදනා පදනම් කරගෙන 'Sri Lankan Journalists for Global Justice'  නම් සංවිධානයක් විසින් Moshe Safdie මහතාට ලංකාව තුල සිය විරෝධය මුලින්ම එල්ලකර තිබේ. 

එහෙත් ඊශ්‍රායලයේ  Haaretz පුවත්පත වාර්තාකරනුයේ 2010 වසරේ බ්‍රිතාන්‍යයේ  Guardian පුවත්පතේ පළවූ ලිපිය සම්බන්දයෙන් Moshe Safdie මහතා විසින් කරුණු පැහැදිලිකර ලිපියක් යැවූ බවත්, ඔහුගේ එම ලිපිය පළකරමින් බ්‍රිතාන්‍යයේ  Guardian පුවත්පත  Moshe Safdie මහතාගෙන් සමාව ඉල්ලු බවත්, එහෙත් ලංකාවේ 'Sri Lankan Journalists for Global Justice'  නම් සංවිධානය එම කරුණු ගැන කිසිදු අවධානයක් යොමු නොකරමින් Moshe Safdieට දක්වන විරෝධය අසාධාරණ බවය. 

2013 දී Altair ගොඩනැගිල්ල සැලසුම්කිරීමේ සිට Moshe Safdie මහතා අවස්ථා කිහිපයකදීම ලංකාවට පැමිණ තිබේ.  පසුගිය මාසේදී ඔහු ලංකාවේ පැවැත්වූ ජාත්‍යන්තර ගෘහනිර්මාණ ශිල්පීන්ගේ සමුළුවක් ඇමතු අතර ඉදිරි මාස කිහිපයේ ශ්‍රී ලංකාවේ සිදුකිරීමට නියමිත කටයුතු කිහිපයක් සදහා මෙම රජයේ සහ පෞද්ගලික අංශයේ අනුග්‍රහය යටතේ සහභාගීවීමට නියමිතය. 

Moshe Safdie මහතා යනු කැනඩා, ඇමෙරිකා‍ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය යන රටවල් ත්‍රිත්වයේම පුරවැසි බව දරන, 78 හැවිරිදි, ලෝකප්‍රකට ගෘහනිර්මාණ ශිල්පියෙකි. සිංගප්පූරුවේ Marina Bay Sands, ජෙරුසලමේ  Yad Vashem Holocaust History Museum, කැනඩාවේ ඔටාව නගරයේ ඇති National Gallery of Canada, වොෂින්ටන් නගරයේ ඇති  United States Institute of Peace Headquarters, ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි Khalsa Heritage Memorial Complex සහ බංගලිදේශයේ චිතගොන් නගරයේ පිහිටි දර්ශනීය Asian University for Women ආදී ගොඩනැගිලි රාශියක ගෘහ නිර්මාණ ශිල්පියාය. 

 සෞදි අරාබිය, ඩුබායි, කටාර් ආදී රටවල පවා ගොඩනැගිලි ඉදිකර ඇති  Moshe Safdie මහතාට ලංකාව තුල කුඩා කණ්ඩායමක් එල්ල කරන විරෝධය ගණන් නොගත යුත්තක් ලෙස පෙනී ගියද, එහෙත්  Haaretz පුවත්පත දක්වනුයේ එය ලංකාව තුල මුල් බැසගෙන ඇති ඊශ්‍රායල් වීරෝධයේ එක් ප්‍රකාශනයක් ලෙසය. විශේෂයෙන්ම ලංකාව තුල නලින් ද සිල්වාගේ රචනා තුල අඛන්ඩව බටහිර-යුදෙව්-ග්‍රීක-රෝම චින්තය සහ එම ශිෂ්ටාචාරයන් නිර්ධය ලෙස විවේචනයට ලක්වීමත්, ඔහු නායකත්වය දෙන මතවාදය සිංහල-බෞද්ධ වාර්ගීක ජාතිකවාදීන්ගේ නිබද පිළිගැනීමට ලක්වීමත්, ශ්‍රී ලංකාව තුලද ලොව පුරාම පැතිර ඇති මුස්ලිම්වරුන්ගේ ඊශ්‍රායල්  විරෝධයට අමතරව  ප්‍රබලව පවතින බව පැහැදිලිය. 
 මාකස් ප්‍රියන්ත පෙරේරා
09/04/17.

4 comments:

  1. හොයල බලල විරෝධය පල කරන්න කියන්නේ ඕකට තමයි.

    ReplyDelete
  2. අර ගාර්ඩියන් සමාව ඉල්ලන ලිපියේ ලින්ක් එකකුත් දැම්ම නම් හරි.

    ReplyDelete
  3. ලංකාවෙ ඉන්න අය හරිම සාධාරණ අය වගෙයි බොරු විරෝධ පල කරන්නෙ...බොරු ලොකු කම් පෙන්නන්න යනව..මෝඩ ගස්.....

    ReplyDelete
  4. ලංකාව දියුණු කරන්න බැරි මෙි වගේ ඔල මොටිටලයො ඉන්න රටක් නිසා

    ReplyDelete