This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday, 18 August 2016

ලබ්බට තිබ්බ අත පුහුලටත් ? කළුතර කොටුවට වුනදේ මීගමුව කොටුවටත් ?

 ඉහත චිත්‍රයෙන් දැක්වෙනුවේ කළුතර ලන්දේසි කොටුවය. C. Steiger නම් ලන්දේසි චිත්‍රශිල්පියෙක් විසින් 1710 දී අදින ලද මෙම චිත්‍රය නෙදර්ලන්තයේ, ඈම්ස්ට්‍රඩැම් (Amsterdam) නුවර Rijksmuseum කෞතුකාගාරයේ 'Fort Caliture' නැතිනම් 'The fortress of Kalutara seen from the river side' නමින් ප්‍රදර්ශනය කරමින් තිබේ. එහෙත් කළුතර ලන්දේසි කොටුව අද දැකිය හැක්කේ ඉහත අන්දමේ චිත්‍ර මගින් පමණකි. භෞතිකව ලන්දේසි කොටුවක් කළුතර නගරයේ දැන් දැකිය නොහැක. ඒ කළුතර විහාරයේ ඉදිකිරීම් නිසා බව කළුතර නගර විස්තරවල සදහන්වේ. (There is no remains of the fort due the construction of Kalutara Vihara on the site). 

1594 දී Diogo de Melo de Castro ගේ නායකත්වයෙන් කළුතරට ගොඩබැසගත් පෘතුගීසි හමුදාව කළුතර ගඟ අසල පිහිටි උස් බිමක කුඩා කොටුවක් ඉදිකර තිබේ. එය 1622 දී තරමක් විශාල කොටුවක් බවට පත්කර ඇත. එහෙත් එම කොටුව ඉහත චිත්‍රයේ තරම් විශාල ලෙස ඉදිකර ඇත්තේ 1655 දී ලන්දේසින් විසින් අල්ලා ගැනීමෙන් අනතුරුවය. බ්‍රිතාන්‍ය යුගයේදී හමුදා අනුඛණ්ඩයක් නවතා තැබූ ස්ථානයක් සහ පරිපාලන මධ්‍යස්ථානයක් බවට පත්වූ කළුතර කොටුව ක්‍රමයෙන් බෝධිගරයක් සහිත මහා විහාරයක් බවට පත්වූ ආකාරය මහාචාර්ය නීරා වික්‍රමසිංහ ගේ (2006) Sri Lanka in the Modern Age. A history of contested identities පොතේ 117 වෙනි පිටුවේ විස්තරාත්මක දැක්වේ. 

'At Kalutara and Anuradhapura the contest acquired a new dimension: land, trees and stones were claimed as part of the heritage of the Buddhists. It was at Kalutara that for the first time Buddhists claimed as theirs a particular -crown land in the Dutch Fort- on the ground that ancient texts declared it to be sacred. The land in the Dutch Fort had long been used for government offices. Oral tradition claimed that the Fort had once been the site of a Buddhist temple. In the late 1880s some Buddhists received permission to establish a shrine around a Bo tree within the fort....Land was obtained on lease and a custodian of the temple began to receive offerings there. Tension mounted between Buddhists and the colonial government when the Assistant Government Agent had two other Bo trees in the Fort  felled. When instruction was given that the shrine had to be moved, fear that  the Bo tree would be cut down led Buddhist to gather forces. On 26 November 1896 a crow assembled  around the Bo tree to protect it. A few skirmishes with police followed no serious violence occurred. The crowd dispersed the next afternoon. The Bo tree was not felled but the shrine was removed.' (P.117)

ඉහත කරුණුවලට අමතරව, තවත් බොහෝ කරුණු  ඇතුලත් කළුතර බෝධිගරය සහ රජ මහවිහාරය බිහිවීම පිළිබද සමස්ථ විස්තරය John Rogers (1997) ගේ 'The Kalutara Bo Tree Affair 1891-1897' නම්වූ පර්යේෂණාත්මක අධ්‍යනයේ ඇතුලත්ය. 

මේ කරුණු අනුව කළුතර පිහිටි ලන්දේසි කොටුව ක්‍රමයෙන් ඉවත්කර බෝධිගරයක් සහිත මහා විහාරයක් බවට පත්කිරීමේ ක්‍රියාවලිය දියත්වී ඇත්තේ ක්‍රමානුකූලවය. පියවරින් පියවරය. 

එම ක්‍රියාවලිය ආරම්භ කර ඇත්තේ:   

 1.කළුතර ලන්දේසි කොටුවේ පැලවු බෝ පැලයක් මුල්කරගෙනය. 

  2. ක්‍රමයෙන් වැඩී ගිය බෝ පැලය යට 1880 වනවිට කුඩා      බුදුපිළිමයක් සහ මල් අසුනක්  සහිත පූජස්ථානයක් ඉදිකර ඇත. 

 3. ඒ සමග, කිසිදු පුරාවිද්‍යාත්මක සාක්ෂීයක් මගින් සනාථ නොකලද, පෘතුගීසින් පැමිණීමට පෙර මෙම ස්ථානයේ පැවතියේ  වංශකථා සාහිත්‍යයේ සදහන්  “මහා ජල්ලික” නම්  ග්‍රාමයක රෝපණය කල  'ජය ශ්‍රී මහා බෝධියේ'  අංකුරයක් සහිතව ඉදිකළ "ගංගාතිලකය"  නම් පැරණි රජමහා විහාරය යැයි යනුවෙන්  මතයක් ගොඩනැගීම.

4. ඒ ඔස්සේ ජනයා වන්දනාමාන කරන පුදසත්කාර කරන ස්ථානයක් බවට මෙම බෝ පැලය සහ  පූජස්ථානය පත් කිරීම. 

5. 1896 දී බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන් විසින් කළුතර කොටුව පැවති රජයේ භූමියේ තවත් බෝ පැල දෙකක් නීතිවිරෝධීව සිටවා ආගමික වතාවත් පවත්වන බව සොයාගත් අතර එම බෝ පැල සහ පුජාසන ඉවත් කිරීමට තීරණය කළහ. එයට විරුද්ධව මහජන විරෝධයක් දියත්කිරීම.

6. 1903 දී, 1906දී සහ ඉන් අනතුරුව දිගින් දිගටම කොටුවෙන් එපිට පාර දෙපස බෙරගසමින් ආගමික වතාවත් සිදුකිරීම තුල පුජා භූමියක් පිළිබද අයිතිවාසිකම් ඉදිරිපත් කිරීම. 

7. එවැනි ආගමික වතාවත් සදහා බෙරකරුවන් සහ විවිධ අනුග්‍රහයන් දැක්වූ ඉඩම්හිමි ව්‍යාරිකයෙක්වූ  සිරිල් ද සොයිසා මහතාගේ අනුග්‍රහයෙන් 1921දී  කළුතර මහා විහාරය ඉදිකිරීම අරම්භ කිරීම. 

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ  රටපුරාම නැවතත්  බෞද්ධ සිද්ධස්ථාන ගොඩනැගීමටත්, ඒ ඔස්සේ ලංකාව තුල පැවතියේ බෞද්ධ ආගම පමණක්ය යන්න තහවුරු කිරීමටත්  ඉහත ක්‍රියාදාමය ඒ ආකාරයෙන්ම රටේ විවිධ පළාත්වලද ක්‍රමයෙන් ක්‍රියාවට නංවා තිබෙන බව මීගමුව ලන්දේසි කොටුව ආශ්‍රයෙන් දැන් දියත්වී ඇති ඇතැම් කරුණු ඔස්සේ පෙනී යයි.  

පෘතුගීසින් පැමිනෙන විට ඉතා කුඩා ධීවර ගම්මානයක් වූ මීගමුව, ලංකාවේ ප්‍රධාන නගර පහෙන් එකක් ලෙස වර්ධනයවීම ආරම්භවනුයේ පෘතුගීසින් පැමිණ එහි කොටුවක් ඉදිකර එතෙක් අරාබි වෙළෙදුන් කරගෙන ගිය කුරුදූ, පුවක්, ගම්මිරිස් සහ කරවල ආදී ද්‍රව්‍ය වෙළදාම ඔවුන් පලවාහැර ඔවුන්ගෙන් අත්පත්කර ගැනීමත් සමග බවත්: ඒ සමග එතෙක් මීගමුවේ අරාබි වෙළෙන්දන්ගේ වෙළෙද ද්‍රව්‍ය නැව් ගත්කල ප්‍රධාන නැව්තොටුපල පිහිටි කම්මල්තුරේ අත්හල පෘතුගීසින් වර්තමාන මීගමුව කොටුව පිහිටි ප්‍රදේශයේ සිය කටයුතු සදහා වරායක් සහ කොටුවක් ඉදිකරන ලද බවත්; කම්මල්තුරේ යන නම එම ප්‍රදේශයට ලැබෙනුයේ අරාබි වෙළෙන්දන්ගේ වෙළෙද නැව් ප්‍රතිසංස්කරණය කල කම්හල් එහි පැවති නිසා බවත් Cosme Jose Costa (1990) ගේ Life and achievements of blessed Joseph Vaz: Apostle of Canara and Sri Lanka නම් කෘතියේ සදහන් වෙන බවත්; ආචාර්ය සුසන්ත ගුණතිලකගේ (2010) A 16th Century Clash of Civilizations: The Portuguese in Sri Lanka කෘතියට අනුව නම් පෘතුගීසින් අවස්ථා කිහිපයකදීම කම්මල්තුරේට, වර්තමාන පෝරුතොට හෙවත් පැරණි පාරුතොටට, ද්‍රවිඩ භාෂාවෙන් (ඇල මතින් ඉදිකළ) 'ලී පාලම' හෙවත් පළගාතුරෙයි (Palangathure) හෙවත් වර්තමාන පළගතුරේ යන ප්‍රදේශවල පිහිටි ඉදිකීරීම්වලට පහර දී කොල්ලකෑම් සිදුකර ධන-ධාන්‍ය රැගෙන ගෝවේට පලාගිය බව සදහන් සදහන් වෙන බවත් මා මීට පෙර ලියු (25/09/15) 'මීගමුව ලන්දේසි නගර සංවර්ධන සැලැස්මේ නටබුන් හී සදහන් කර ඇත.  'එය මෙතැනින් කියවිය හැක.


පෘතුගීසින් මීගමුව කුට්ටිදූව ආශ්‍රීත ප්‍රදේශයේ කොටුවක් ඉදිකළේ එය මීගමුව කලපුව සහ මුහුද යන දෙකම එකවර නිරීක්ෂණය කල හැකි නිසාත්, එමගින් කොලඹ කොටුවේ ආරක්ෂාව තහවුරුවෙන නිසාත්, අවශ්‍ය අවස්ථාවකදී කලපුව දෙසට පලායාමේ හැකියාවක් පවතින  නිසාත් බවත් බොහෝ වාර්තාවල දැක්වේ. 

මෙලෙස කලින් වඩාත් ජනාකීර්ණව පැවති කම්මල්තුරේ අත්හැර, මීගමුව කුට්ටිදූව (දෙමළ භාෂවෙන් ළමයින්ගේ දූපත හෝ කුඩා දූපත) ප්‍රදේශයේ පෘතුගීසින් විසින් ඉදිකළ කොටුව පසුව ලන්දේසීන් අත්කරගැනීමෙන් අනතුරුව වඩා විශාලකර ඉදිකරන ලදී. අනතුරුව බ්‍රිතාන්‍යයන් විසින් අත්කරගත් මෙම මීගමු කොටුව බන්ධනාගාරයක් බවට පරිවර්තනය කරන ලදී. 

1956 S.W.R.D. බණ්ඩාරනායක මහතාගේ රජය බලයට පැමිණීමෙන් අනතුරුව, 1957 ජුනි 06 වෙනි දින මෙම  බන්ධනාගාරයක් බවට පත්වූ මීගමුව ලන්දේසි කොටුවේ බෝ පැලයක් සිටවා ඇත. ඒ  බන්ධනාගාර රැදවියන්ගේ ආගමික අවශ්‍යතාවයන් වෙනුවෙනි. 

එහෙත් මෑතක සිට මීගමුව ලන්දේසි කොටුව පිහිටි භූමියේද 'අප්‍රකට රජමහ විහාරයක්' පවතින බවට  මතයක් ගොඩනැගීමට ආගම්වාදී, ජාතිවාදීන් කිහිප දෙනෙකු කටයුතු  කරන බව පෙනේ. ඔවුන්ගේ ප්‍රකාශනයක් පහතින් දැක්වේ.
මේ විස්තරයට අනුව නම් දැනටමත්, 1957 ජුනි 06 වෙනි දින බන්ධනාගාර රැදවියන්ගේ ආගමික අවශ්‍යතාවයන් වෙනුවෙන් ඉදිකළ, බෝ පැලය ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මගින් ජාතික උරුමයක් ලෙස නම් කර ඇත. එය කෙතෙක්දුරට සත්‍යයදැයි සොයා බැලිය යුතුය. මන්දයත් මේ සිදුකරන්නට තනන්නේ මීගමුවේ ඇති එකම පැරණි උරුමයවන මීගමුව ලන්දේසි කොටුවත්, මීගමුවේ සියලු ජාතීන් සහ සියළු ආගම්වලට අයත් ජනයා අතර ඇති සාමය, සමගිය, සතුට සහ සහජීවනය විනාශ කර දැමීමය. 

අනෙක් අතට, කෙතෙක් ඉල්ලීම් ඉදිරිපත්කලද, කෙතෙරම් පරිහානියකට ලක්වන බව පෙන්වා දුන්නද, මීගමුව ලන්දේසි කොටුව සංරක්ෂණය කිරීමට ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඉදිරිපත් නොවන්නේ  මීගමුව ලන්දේසි කොටුව නොව බන්ධනාගාර රැදවියන්ගේ ආගමික අවශ්‍යතාවයන් වෙනුවෙන් රෝපණය කල බෝ පැලය පමණක්  ජාතික උරුමයක් ලෙස සලකන නිසාදැයි මීගමු ජනයාට පැහැදිලි කලයුතුය. මේ සියල්ල ඇසුරින් කියවෙනුවේ කළුතර ලන්දේසි කොටුව මෙන්ම මීගමු ලන්දේසි කොටුවත් ඉදිරියේදී දැකිය හැක්කේ චිත්‍ර මගින් පමණක් බවද? එනම්  කළුතර කොටුවට වුදේ මීගමුව කොටුවටත් සිදුවේද? එදා ලබ්බට තිබ්බ අතම අද පුහුලටත් තියාවිද? යහපාලන රජයේ 'මහනගර සංවර්ධන' ඇමතිවරයා වන සිංහල-බෞද්ධ ජාතිකවාදය වෙනුවෙන් චිරාත්කාලයක් තිස්සේ පෙනීසිටින චම්පික රණවක ඇමතියා මීගමුව සංචාරක නගරයක් ලෙස සංවර්ධනය කරනවායි කියමින් මීගමුව ලන්දේසි කොටුවට කරන්න තනන්නේ මෙයද ?
(මීගමුව කුඩා නගරය සහ කොටුව1744 දී Johann Wolfgang Heydt ගේ චිත්‍රයකට අනුව)

මාකස් ප්‍රියන්ත පෙරේරා.
08/08/2016

9 comments:

  1. අඩා බෝ වලියටම නොවැ ලියල තීන්නේ.
    ඔය පන්සල් පල්ලි හැදිල්ල මිනිසුන්ගේ මානුසික ඕනෑ කමට වෙන ඒවානේ බං.
    මීගමුවට ආදරය කරන එකෙක් විදියට බෝව අල්ලා ගන්න email එක මොකක්ද?

    ReplyDelete
  2. කළුතර කොටුවට වුන දේ ගැන එවකට සමාජයට අනුව සිතනවානම් පැහැදිලියි. කළුතර කියන්නෙ සිංහල බෞද්ධ අතිමහත් බහුතරයක් සිටින දිස්ත්‍රික්කයක්. එහි ජනතාවට විදේශීය ආක්‍රමනිකයන්ගේ බලකොටු සිහිවටන ලෙස තබා ගැනීමට අවශ්‍ය නැහැ. මා කියන්නෙ සාමාන්‍ය ජනතාව ගැනයි. එකල පැවති අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයට සමගාමීව. නමුත් පුරා විද්‍යා වටිනාකමක් මෙහි තිබෙනවා.එ නිසා කළුතර කොටුව ආරක්ෂා වුනා නම් හොදයි.

    මීගමු කොටුවට නම් එහෙම දෙයක් වෙන්න ඉඩ නෑ. මීගමුව කියන්නෙ අබෞද්ධ පුරවරයක්. එහි ජනතාවට පෘතුගීසි බලකොටු වටිනවා.වර්තමාන සමාජ දේශපාලන පරිසරය අනුවත් මීගමුව නගරාසන්නයේ එවැන්නක් ඉදිකිරීම ප්‍රායෝගිකව සිදුවෙන්න බෑ.

    මගෙ පෞද්ගලික මතය විදේශීය ආක්‍රමනිකයන්ගෙ සිහිවටන ආරක්ෂා විය යුතු බවයි. මා පුද්ගලිකව විශ්වාස කරනව විදේශීය ආක්‍රමන නිසා ලංකාවට සිදුවුනේ යහපතක් බව. එය බොහෝ කිරා මැන ගත් තීරණයක්.ඉන්දියන් කාබන් කොපියක් වූ මෙරටට මුලින්ම යුරෝපා ජීවන රටාව ගෙන ආ පෘතුගීසීන්ගෙ සිට කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරන වලින් මේ රටේ ජනතාව දෙපයින් සිටවූ ඉංග්‍රීසීන් දක්වාම විමසා ගත් නිගමනයක්.

    ReplyDelete
  3. ඔය විදේශ ආක්‍රමණිකයෝ එයාලගෙ ජොබ් එක හරියට කරල නෑනේ, මිහිඳු ආක්‍රමණයෙන් පසුවත් ගස්/ගල්, යක්කු අදහන්නෝ ඉතිරි කරලා, ක්‍රිස්තියානි ආක්‍රමණවලින් පස්සේත් ඉන්දියාණු ආගම් අදහන්නෝ ඉතිරිකරලා, අද දියුණු රටවල් වෙලා තියෙන්නේ ආක්‍රමණිකයෝ එයාලගේ ජොබ් එක හරියටම කරපු ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වගේ රටවලුයි.

    ReplyDelete
    Replies
    1. මහින්දාගමනය කියන්නෙත් විදේශ ආක්‍රමනයක් තමයි. නමුත් ඒක කල් යාමෙදි අපේම දෙයක් වීම තුල ආක්‍රමනයක් නෙමෙයි. මීගමුවෙ අයටත් පෘතුගීසි කොටුව ගැන තියෙන්නෙ ඒ වගෙ හැඟීමක්.සම්‍යක්දෘෂ්ඨික සේනාවේ ජය සදහා ඉදිවූවක්. කළුතර තත්වය වෙනස් කළුතර වුන දේ මීගමුවෙ වෙන්න ඉඩක් නෑ කිව්වෙ ඒකයි.
      තව දුරටත් කියනවනම් වර්තමාන ඊජිප්තුවාසීන්ට අරාබි ආක්‍රමනිකයන් යනු ආක්‍රමනිකයන් නෙමෙයි. සත්‍යයේ පනිවිඩය ගෙන ආ දේව දූතයන්.මධ්‍යම ආසියාවෙ අප්‍රිකා රටවල තත්වයත් ඒකයි.මෙම දේව දූතයන් හා සටන් කල තම මුතුන් මිත්තන් ශෙයිතාන්ට රැවටී කල මෝඩකමක මහත කියමින් වත්මන් අය පොලවෙ පස් කනවා. මිනිසා සංස්කෘතික සත්වයෙක්. ඔහුගේ සිතිවිලි සන්ස්කෘතිකයි.

      Delete
    2. ඇත්තෙන්ම ඇණයා මම නම් කැමතියි පිටසක්වලයෙක් හරි ඇවිත් මේ ඉන්දියන් ,ග්‍රීක් (යුදෙව් මූලයක් තිබුනත් ක්‍රිස්තියානිය ග්‍රීක් සංස්කෘතිය තුල වර්ධනය විය. පාවුල් හා පේතෲස් කල සංශෝධන ග්‍රීක් වහලුන් අතර ජනප්‍රිය වීමට හේතු විය )හා අරාබි පරිකල්පනයන් ඉවත් කරල මිනිස්සුන්ගෙ ඔළු වොෂ් කරල දානවනම්. අපට ක්‍රි පූ 6 සියවසේ ඉන්දියාවෙ වත් ක්‍රි ව යෙ රෝමයෙවත් ක්‍රි ව 6 සියවසෙ අරාබියෙවත් ඉන්න බෑ බන්

      Delete
  4. මම ඔයාට win–win situation එකක් යෝජනා කරන්නම්.
    ඔයා හිතන විදියට මීගමුව කොටුව මීගමුවේ වැදගත් ‍ඓතිහාසික උරුමයක් එමනිසා එය රැකගත යුතුයි.
    දැන් අපි හිතමු මීගමුව කොටුව පිහිටි ප්‍රදේශයේම ‍ඓතිහාසික බෞද්ධ විහාරයක නටඹුන් ඇත කියා.
    එහෙනම් එයත් මීගමුව කොටුවටත් වඩා වැදගත් ඓතිහාසික උරුමයක් නේද? එයින් මීගමුවේ වැදගත්කම තවත් වැඩිවෙනවා නේද? ඉතින් එහෙම හිතන්න :)

    ReplyDelete
  5. සිරිබිරිස්,මධ්‍යස්ථ මතධාරියා,ඇණයා Nut Man,jagath pathirana, ඔබ සියළු දෙනාගේම අදහස් සම්බන්දයෙන් මට කියන්න තියෙන පිළිතුර තමයි රටක් වශයෙන් අපේ රටේ මිනිස්සු හැමදෙනාම බලාපොරොත්තු වන්නේ තම තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් ආරක්ෂාකරගෙන සාමයෙන්, සතුටින් සහ සහජීවනයෙන් ජීවත්වෙන එයයි. ඒ මනුෂ්‍යන්ගේ අනන්‍යතාවයන් මත ආධිපත්‍ය පැතිරවීමට යෑම සාමය, සතුට සහ සහජීවනය විනාශකර දැමීමක්. අප එයට විරුද්ධවිය යුතුයි !!!

    ReplyDelete
  6. ප්රුතිගිසින් හෝ ලන්දේසින් එන්නට කලින් රටේ තිබුනේ බෞද්ධාගම සහ හින්දු ආගමයි. ම.ම. ඉති කි කාරයට කලුතර පන්සලක් පිහිටුවීමේ වැරැද්දක් මම නම් දකින්නේ නැහැ. මීගමුවේ බහුතරය කතෝලික ජනතාවක් නිසා ඔවුන්ගේ අදහස් විමසා එසේ කිරීම නම් හොඳයි. පුරාවස්තුවක් වශයෙන් ආරක්ෂා කිරීම හොඳ දෙයක්.

    ReplyDelete
    Replies
    1. මමත් කියන්නෙ ඒක තමයි. කළුතර සිදුවීම වරදක් නෑ. නමුත් මීගමුවෙදි ඒ ජනතාවගෙ අභිමතයයි වැදගත් වෙන්න ඕන.

      මම කැමතියි තවත් දෙයක් මතුකරන්න. බොහොමයක් කතෝලික දේවස්ථාන හා ඔය කියන පුරාවස්තු ඉදිකරල තියෙන්නෙ කලින් පන්සල් කෝවිල් තිබුන තැන්වල ඒව කඩල දාල.නම් වශයෙන් කියන්න කැමති නෑ . නමුත් අද මහා කතෝලික ශුද්ධ භූමි ලෙස සලකන තැන්වල කලින් පන්සල් තිබුන.පන්සල තිබුන තැනයි පල්ලිය හදල තියෙන්නෙ. ඒ පන්සල් කඩල පෘතුගීසීන් පල්ලි හදපුවම ඒ පල්ලිය ඓතිහාසිකයි ඒක රැකගනිමු කියල කියන එකත් වැරදියි.

      Delete