This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday, 10 August 2016

විජය නන්දසිරිගේ මරණය ගැන දුක්වෙන අය ටෙනිසන් කුරේ මියගියවිට කුමක් කරයිද ?

විජය නන්දසිරි මහතාගේ මරණය  නිසා මුළු රටම දුක්වෙන බව පෙනේ. ජනාධිපතිගේ, අගමැතිගේ සිට මහජනයාද facebook ඔස්සේ හෝ ශෝක ප්‍රකාශ නිකුත්කරමින් නන්දසිරි මහතාගේ පවුලේ අය සමග දුක බෙදාගනිමින් සිටී. 

රටේ එක් පුද්ගලයෙකු හෝ මියගියවිට මුළු රටක්ම කම්පාවී හඩාවැටෙන්නේ නම් එය එම රටේ වැසියන්ගේ යහපත්කමේ ලක්ෂණයකි. ශිෂ්ට මිනිසුන් අනෙකාගේ දුක බෙදාගැනීම, තමන් අතරින් වෙන්වගිය අය ගැන දුක්වීම නිසැගයෙන්ම සිදුකරන්නකි. ඒහින් විජය නන්දසිරි මහතාගේ අකල් මරණය ගැන බොහෝ රටවැසියන් දුක්වීම අප අගයකල යුත්තකි.

එහෙත් මගේ ප්‍රශ්නය වනුයේ,  විජය නන්දසිරි මහතාගේ  මරණය ගැන 'රටක් සිනාසාගරයක ගිල්ලවා අප අතරින් වෙනව ගියා යැයි'  කියමින් දුක්වෙන ලාංකීකයන් අතරින් කීයේන් කීදෙනෙකු ප්‍රෙඩී සිල්වාගේ මරණය නිසා හෝ ඇනෙස්ලි, සැමුවෙල්, බර්ටි කාණ්ඩායමේ අය මිය ගියවිට හෝ යම් දිනක ටෙනිසන් කුරේ මියගිය විට  හෝ දුක්වේද ? 

ඒ ඔවුන්ගේ 'ජෝක්' විජය නන්දසිරි මහතාගේ  'ජෝක්' මෙන් හාස්‍ය රසය ගෙන නොදෙන නිසාද ? 

නැතිනම්, විජය නන්දසිරිගේ නම මෙන් ඔවුන්ගේ නම් මනමේ වැනි නාට්‍යය සමග ගැටගැහෙන්නේ නැති නිසාද? 

එසේත් නැතිනම්, මා මීට පෙර  මැතිව් අබේසිංහ ගැන ලිවූ ලෙස (එය මෙතැනින් කියවිය හැක) විජය නන්දසිරිගේ නම මෙන් නොව ප්‍රෙඩීගේ,  ඇනෙස්ලිගේ, සැමුවෙල්ගේ, බර්ටිගේ, රොඩ්නිලාගේ නම් කියවේද්දී එම නම් 'අපේ වගේ නොවන' නිසායැයි සිතන නිසාද? එහෙත් එය ජෝ අබේවික්‍රම, විමල් කුමාරද කොස්තා, බන්දු සමරසිංහ ආදීන්ට අදාල නොවනවා නේද යැයි සිතුවිට උක්ත අදහස නොගැලපෙණු ඇත. 

එසේනම් විජය නන්දසිරිට ඇති සුවිශේෂීත්ව අදාල ක්ෂේත්‍ර අන්අයට නැත්තේ ඇයි? 

ඒ සම්බන්දයෙන්වූ මගේ අවධානය දිනාගන්නා ප්‍රධාන සාධකයවුයේ විජය නන්දසිරි මහතාගේ සිංහල භාෂාව හැසිරවීම පිලිබදවවූ කුසලතාවයය. 

විජය නන්දසිරි මහතා තරම් සුඛනම්‍යලෙස, ලාලිත්‍යකින් යුතුව, දේශිය උරුවකින් සිංහල භාෂාව හැසිරවූ වෙනත් කිසිම හාස්‍ය රසය උපදවන නළුවෙක් නොමැති තරම්විය. ඔහු හා සැසැදිය හැකිලෙස  සිංහල භාෂාව හැසිරවීමට සමත් වෙනත්  හාස්‍ය රසය උපදවූ නළුවෙක්වූයේ නම්  ඒ ජෝ අබේවික්‍රම පමණි. 

විද්‍යුත් මාධ්‍යවල විවිධ වැඩසටහන්වලට නැතිවම බැරි චරිතයක්වූ ඔහු, ඒ සෑම අවස්ථාවකම සුඛනම්‍යලෙස, ලාලිත්‍යයක් ඇතිව, දේශිය උරුවකින් යුතුව සිංහල භාෂාව හසුරවමින් ජනහිත් ජයගත්හ. එවැනි බොහෝ වැඩසටහන්වලදී ඔහු විකට නළුවෙක් පමණක් නොව මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මනමේ හී සිට වෙනත් බොහෝ ප්‍රබුද්ධ චරිත රගදැක්වූ කුසලතා පිරි නළුවෙක් යැයි  සමාජය වටහා ගත්හ. 

ප්‍රෙඩී සිල්වාට,  ඇනෙස්ලි-සැමුවෙල්- බර්ටි තුන් කට්ටුවට, ටෙනිසන් කුරේලාට, බන්දු සමරසිංහට ලගාවිය නොහැකි අන්තය එයය. එහෙත් ජෝ අබේවික්‍රමට සහ විමල් කුමාරද කොස්තාට අඩුම තරමින් එම ඉම ස්පර්ෂ කිරීමට හෝ හැකිය. 

"As soon as there is language, generality has entered the scene" යැයි Jacques Derrid (1995), Points...: Interviews, 1974-1994, page 200, දක්වන්නේ ඒහිනි. 

භාෂාව සන්නිවේදන මාධ්‍යයක් පමණක් නොව පැහැදිලිව සමාජ ආධිපත්‍ය පිළිබද මාධ්‍යයකි. S.W.R.D. බණ්ඩාරනායක අගමැතිවරයා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම තුල බිහිවන සිංහල උගත් ස්වෝත්තමවාදී නව සමාජ පන්තියේ මහා නාට්‍යකරුවා වන  එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ  මනමේ හී එක්කලක රගපෑ මනමේ කුමාරයෙක්වන  විජය නන්දසිරි මියයන විට J.R. ජයවර්ධනගේ විවෘත ආර්ථිකය විසින් ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කරනලද වානිජ්‍යවාදී සමාජය තුල හාස්‍ය රසය අලෙවිකරමින් ජීවත්වෙමින් සිටියද, ඔහු ඔහුගේම ක්ෂේත්‍රයේ සෙස්සන්ට වඩා සුවිශේෂීවනුයේ සුඛනම්‍යලෙස, ලාලිත්‍යයක් ඇතිව, දේශිය උරුවකින් යුතුව, සිංහල භාෂාව හැසිරවීමට සමත්වීම තුලය. 

විජය නන්දසිරිගේ මරණය ගැන දුක්වෙන අය ටෙනිසන් කුරේ මියගියවිට කුමක් කරයිද? දැයි සිතූවිට මගේ මතකයට ගලා එනුයේ ටෙනිසන් කුරේ විකට නාට්‍ය කෙරුවාවට අවතීර්ණවනවිට හිරිමල් වයසේ සිටි තරුණ තරුණියන් අතර හුවමාරුවූ 'සමරු පොත්වල' එකල ජනප්‍රියවූ වැකියකි. එනම් 'අපි හිනාවෙනකොට අපිත් එක්ක හිනාවෙන අය, අපි අඩනකොට අපිත් එක්ක අඩන්නේ නැහැ නේද?' යන්නය.

ඇතැම්විට ඉදිරියේදී එය මෙසේ වුවද වෙනස්විය හැක: 'විජය නන්දසිරි මැරුණවිට අඩපු අය  ටෙනිසන් කුරේ මැරුණවිට අඩන්නේ නැහැ නේද ?' 
මාකස් ප්‍රියන්ත පෙරේරා
10/08/2016.

13 comments:

  1. ඔබ යමක් දෙස අලුත් ඇසකින් බලන නිසා ඔබේ ලියවිලිවලට මම කැමතියි. එසේම මම ඕනෑම දෙයක් දෙස මැදහත්ව බලන්නට හැකිතරම් උත්සාහ කරන නිසා ඔබේ පැත්තට ඇලවී බරවී කියවනවා. ඔබ කියන දේවල් වල සත්‍යයක් ඇති බවක් පේනවා.

    මා නම් සිතන්නේ විජය හෝ ඔබ කී කිසිවෙක් මිය ගිය විට අප ශෝක නොවිය යුතු බවයි. ඔවුහු ජීවිතය සාර්ථක කරගෙන්ම දරු මල්ලන් ලබා ඔවුන්ද විවාහකර දී තම ජීවිතයේ ස්වාභාවික ආයුෂ ගෙවා සැදෑ සමයේ සිටි අයයි.ඇත්තෙන්ම මොවුහු ඔවුන් ගැන දුක්වන අයට වඩා සැපවත් ජීවිත ගත කල අයයි. එසේම ඔවුන් කලේ තම කුසලතාවය මාකට් කිරීමක් බවත් ඒ සදහා විශාල මුදලක් ලබාගත් බවත් අමතක නොකල යුතුයි. සැපවත් ජීවිත ගත කල මුලු දිවියම කෙලිදෙලෙන් ගත කල නළුවන් ගායකයන් වැනි අය ගැන දුක් වෙනවාට වඩා දුක් වෙන්න අය ඕනෑ තරම් රටේ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. විජය හිටියනම් ඔය මොනමොනහරි දේවල් ටිකක් කරන් ඉන්න ගියා,ඉතින් ටික දවසකින් එහෙම කෙනෙක් හිටියද කියලවත් කථාවක් නැතිව යනවා !!!

      Delete
  2. ටෙනිසන් කුරේ රංගනය ගැන අධ්‍යයනයක් හෝ ශික්ෂණයක් ලබාගත් පුද්ගලයකු නොවේ. සමහර චිත්‍රපටියක ඔහු කියන පහත් පෙළේ වචන, 'මහා ජෝක්' ලෙස ඔහු සිතුවද, ඒවා නිකම්ම නිකම් 'කක්කා විහිලු' ය.

    'යකෝ මං තෝ කනවා' වැනි යෙදුමක් ඔහු කිව්වම, මිනිස්සු හිනාවෙන්න ඕනේ කියා ඔහු සිතයි. එමෙන්ම ඔහු විවේචනය නොරුස්සයි. විවේචනය කරන්නවුන්ට අපහාස කරයි. නමුත් තාර්කිකව පිළිතුරු නොදෙයි. ඒ ඔහුට විෂය දැනුම නැතිකම නිසයි.ඔහුගේ ඇති බරපතලම දුර්වලත්වය එයයි.

    ReplyDelete
    Replies
    1. ටෙනිසන්ලට විෂය දැනුමක් පමණක් නොවේ ඔය ක්ෂේත්‍රයට අදාල කලාව, සාහිත්‍ය, රංගනය සහ ශික්ෂණය වැනි විෂයන් ගැන පවා එතරම් පුළුල් අවබෝධයක් තිබෙන බව මට නම් පෙන්නේ නැහැ. ඇත්තටම එය ඔහුට පමණක් නොව ඔය ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ දෙනෙකු තුල දැකිය පොදු අඩුවක්.

      Delete
  3. sama deyakam marketing..
    Sarala pilithura adu mudalakata Vijaya nandasiri thamage hakiyawa wadi pura wikka..

    namuth tenisan ge gana wadi nisa eya kon wela giya..

    Vijayage hondam,a hakiyawa mama dakke punchi pahe man thulin... ithama sanyamayen, ohu eya kala

    ReplyDelete
  4. ඇත්තද ? විජය නන්දසිරි අයකරන්නේ ටෙනිසන්වඩා අඩුමුදලක්ද ?

    ReplyDelete
    Replies
    1. tension loku mudal illuwa tel natya ha add walata ... eka nisa eyawa kon kara ...

      namuth Vijaya sadarana mudalakata e wade wada hondat kara..
      dan tension wa kauruth ganan ganne na

      Delete
  5. ඔහුගේ මරණයේ හදිසිබව නිසා වූ කම්පනයත් බලපෑවා. ලෙඩ වෙලා රඟපෑමට නොහැකිව සෑහෙන කාලයක් හිටියා නම් එය අඩුයි.

    ReplyDelete
  6. ඒ කාරණයත් අදාලයි, එහෙත් මගේ තර්කය වෙන්නේ: විජය නන්දසිරිට විශාල ජනප්‍රසාදයක් ගොඩනැගීමට හේතුව වෙනත් හාස්‍යය උත්පාදන ශිල්පීන්ට වඩා ඔහුට සිංහල භාෂාව පිළිබද ඉහල නිපුණතාවයක් තිබීමත්, මනමේ වැනි නූතන සිංහල සාහිත්‍යයේ අද්විතීය සලකුණු සහ එහි පුරෝගාමීකයන් ගේ ඇසුරත් ඉවහල්වූ බවය. එමෙන්ම ඒ සියල්ල සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමෙන් අනතුරුව බිහිවන සිංහල උගත් ස්වෝත්තමවාදී නව සමාජ පන්තිය පිනවීමටත්, ඔවුන්ගේ සිත්සතන් තුල රසාත්මකව තැම්පත්වීමටත් හේතුවූ බවය.

    ReplyDelete
  7. විජය නන්දසිරි නෝනාවරුනි මහත්වරුනි රංගනයට පෙර වසර
    30ක් පමණ වේදිකා රංගනයේ අත්දැකීම ඇතී අයෙක්. ඉතා අඩුවෙන් චිත්‍රපට හා ටෙලිනාට්‍ය වලට සම්බන්ධවී තිබුණා. මේ නිසාම ඉතා හොඳින් නළුවකුට අවශ්‍ය රිලැක්සේෂන් එක තිබුණා. වේදිකාවේ සජීව ප්‍රේක්ෂකයන් ඉදිරියේ රංගනයෙන් ඔවුන්ව නිවැරදිව කියවා ගැනීමට හැකියාව ලැබෙනවා මේවා ඔහුට ඉතා වාසිදායක ලෙස බලපෑවා. ටෙනිසන් බංදු වැනි අයගේ රිලැක්සේෂන් නැහැ. විජයගේ රඟපැම් බලා සිටිනවා වගේ සැහැල්ලුවෙන් බලා ඉන්න බෑ. ඉතා කඨෝරයි. මේ නිසා විජයගේ රංගනය බන්දු ටෙනීට වඩා ජනතාවට සමීප වුණා.

    ReplyDelete
  8. TV එකේ ගොඩක් දැකල තියන නිසා... එක එක නාට්ටි ගොඩක ගොඩක් කල්... ගොඩක් episode වල දැකල දැකලම එහෙම වෙලා ඇති :)

    ReplyDelete
  9. විජය නන්දසිරිගෙන් පසු, ප්‍රහසන රංගනය අතින් ඒ පන්නයේ සිටින අනෙක් නළුවා ලෙසට මට හැ‍ඟෙන්නේ ගිරිරාජ් කෞෂල්‍ය යි. හාස්‍යෝත්පාදනයෙහි ලා විජය නන්දසිරි තරම්ම දක්ෂ නැතැයි කියා මට සිතුණත් සරලව දේශීය ඌරුවක් තුලින් ප්‍රේක්ෂකයා වෙත සිනහවක් ලබා දිය හැකි අනෙක් නළුවන් වන්නේ රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න සහ රවීන්ද්‍ර යසස් ය. මගේ පෞද්ගලික අදහසට අනුව විජය තරමටම හෝ ඊටත් වඩා ඉහලින් හාස්‍යෝත්පාදනයෙහි ලා දක්ෂම අද ජීවතුන් අතර සිටින නළුවා වන්නේ ජයලත් මනෝරත්න යි.

    ReplyDelete
  10. මම අතුරු ප්‍රශ්ණයක් අහන්නද?
    වොලී බැස්ටියන්ගේ බයිලාවක තියෙනවා අයිරින්, ජොසපින් රොසලින් ඇන්ජලින් යනුවෙන් කොටසක්. එම නම්වලින් අදහස්කරන්නේ මෙරට එක්තරා උප සංස්කෘතියක්. නමුත් මේ වනවිට රොසලින් ඇන්ජලින්ලා වඳවෙලා.
    නමුත් එයට වගකිවයුත්තේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයක් නෙමෙයි.
    එහි වගඋත්තරකරුවා වන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ඇංග්ලිකන් සංරචකයේ ආධිපත්‍යයයි.

    ReplyDelete