This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday 19 June 2016

ඝාතනය කල බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය; මේ සමාජයේ විරල මනුෂ්‍යන් අතරින් කෙනෙකි


ඉකුත් බ්‍රහස්පතින්දා (16/06/16) මරාදැමූ බ්‍රිතාන්‍ය Labour පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්වූ Jo Cox ගේ ඝාතනය මේ සතියේ යෙදෙන බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුද? නැතිද? යන ජනමත විචාරය සමග සම්බන්ද බව පෙනේ. එහෙත් ඒ කෙතෙක්දුරට යන්න මේ ඝාතනය ගැන චෝදනා එල්ල වී ඇති, දක්ෂිණාංශික අන්තවාදියෙකුවන, දැනට අත්අඩංගුවේ සිටින Thomas Mair නැමැත්තාගේ පාපොච්චාරණය හෙළිකරනු ඇත. 

ප්‍රථමයෙන් වෙඩිතබා පසුව පිහියෙන් ඇන සිදුකල Jo Coxගේ ඝාතනය දැඩි වෛරයකින් සහ ද්වේෂයකින් සිදුකරනු ලැබුවක් බව පැහැදිලිය.  ඇය දක්ෂිණාංශික අන්තවාදින්ගේ මෙතරම් වෛරයට පාත්‍රවුයේ ඇය සිය ජීවිතකාලය පුරාම ජීවත්කල පවුලෙන්, පල්ලියෙන් සහ වමේ ව්‍යාපාරයෙන් උකහාගත්  වාමාංශික වටිනාකම් නිසාය. 

මියයනවිට  41 වෙනිවියේ සිටි ඇය කුඩාකල සිටම මහන්සිවී වැඩකිරීම ප්‍රගුණකළ තැනැත්තියකි. සිය පාසැල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් අනතුරුවත්, උසස් අධ්‍යාපනය අතරතුරත් ඇය දත් බෙහෙත් කම්හලක වැඩකල තැනැත්තියකි. සිය පියාද සිය ජීවිතකාලය පුරාම වැඩකලේ මෙවැනි කම්හලක් තුල කම්කරුවෙක් වශයෙනි. ඔවුන් මෙන්ම උතුරු යෝර්ක්ස්ෂෙයාර් පළාතේ බොහෝදෙනෙකුද කම්කරුවන් ලෙස, විශේෂයෙන්ම ආකර කම්කරුවන් ලෙස, 1980-90 දශකවල මෙරට පැවති කම්කරු පන්ති  ව්‍යාපාරය ගැන මහත් හැගීමකින් යුතුව පෙනීසිටි තැනැත්තන්ය.
ඇයගේ එම පවුල් පසුබිම තවදුරටත් ප්‍රවර්ධනයකලේ පල්ලියේ දේශනාකරන සමානාත්මතාවය, සාමය, සහජීවනය සහ යහපත්කම පිලිබදව ඉගැන්වීම්ය. 

එය තවත් දාර්ශනිකව අවබෝධකර ගැනීමට, Quentin Skinner වැනි මහාචාර්යවරුන් ඉගැන්වීමේ නිරතවන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුල්වී (මා නිතර දක්වන ලෙස) 'සියලූ විද්‍යාවන්ගේ විද්‍යාව'  වන දේශපාලන විද්‍යාව ඉගැනීමට ඇය සමත්වෙන ලදී.  
ඉන් අනතුරුව රාජ්‍ය නොවන සංවිධානයක්වන Oxfam හී ප්‍රතිපත්ති සකසන්නියක් ලෙසත්, මන්ත්‍රී කාර්යමණ්ඩල සාමාජිකාවක් ලෙසත්, මන්ත්‍රීවරියක් ලෙසත් සිය ජීවිතකාලයම කැපකලේ මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමටත්, කාන්තාවන් සහ ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙනුත්, වර්ගවාදයටත් සහ යුද්ධයටත් එරෙහිවය. විශේෂයෙන්ම දක්ෂිණාංශික අන්තවාදියෙකු අතින් ඇය මියයනවිට ඇය බ්‍රිතාන්‍ය තවදුරටත් යුරෝපා සංගමයේ සිටිය යුතුය යන ස්ථාවරය වෙනුවන් ප්‍රචාරක කටයුතුවල නිරතවන ලදී. මා මීට පෙරද දැක්වූ ලෙස අන්තවාදය නැගීසිටින ඕනෑම මොහොතක එහි පළමු ගොදුරවන්නේ වාමාංශිකයන්ය යන්න ඇගේ මරණය නැවත සහතික කර ඇත. 

තේම්ස් නදියේ නවතා ඇති බෝට්ටුවක් සිය නිවහන කරගනිමින් සිය සැමියා සහ දරු දෙදෙනා සමග ජීවත්වූ ඇය  දේපල සහ ධනය රැස්කිරීමට මහත් වෑයමක් නිරතවන  සියල්ලන්ටම ලබාදී ඇත්තේ වෙනත් කිසිවෙකුට ලබාදිය නොහැකි දැවැන්ත ජීවන දැක්මකි. 
මාකස් ප්‍රියන්ත පෙරේරා
19/06/16.

6 comments:

  1. Yes. Socalism people good people.

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් දැකලා තියෙන දෙයක් තමයි වමේ මිනිස්සුන්ගේ උදාර පරමාදර්ශ මත ජීවත්වෙන මිනිස්සු කියන එක.

      Delete
  2. බෝට්ටුවක ජීවත් වෙනව . පුදුමයි.

    ReplyDelete
    Replies
    1. හල්ලෝ කොහොමද, ගොඩ කාලෙකට පස්සේ. පුදුමයි, ඒත් ඇත්තයි !!!! !!

      Delete
  3. බලන්න ලංකාවේ දෙමළුන්, ක්‍රිස්තියානීන්, මාක්ස්වාදීන් යන තුන් පිරිස
    සිංහල බෞද්ධ අභිලාශයන්ට එරෙහිව මොනතරම් කඩුප්පුලිකම්, කෙනෙහිලිකම්, අඩම්තේට්ටම්, අලුගුත්තේරුකම් කලත් සිංහල බෞද්ධයන් මොනතරම් ඉවසීමෙන් සිටිනවාද?
    නමුත් ඉංග්‍රීසීන්ට එවැනි ගුනයක් නැතිබවනේද මෙයින් පෙනෙන්නේ

    ReplyDelete
  4. අම්මපා කෙතරම් උදාර ජාතියක්ද ? ජගත් පතිරණනත් එම උදාර ජාතියට අයත්ද ?

    ReplyDelete