This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday 14 February 2016

බල්ලෝ බුරද්දී ගල් ගහන්ඩ Set වෙන අය, බල්ලා German Shepherd කියලා දැනගත්තහම බදාගන්න හදන්නේ ඇයි ?

ක්‍රිෂානි ජයසිංහ 'දන්නො බුදුන්ගේ' ගීතය ගායනය කල ආකාරය හරිද? වැරදිද? යන්න ගැන ලාංකීය සමාජයේ මත දෙකක් තිබෙන බව පැහැදිලිය. ඇතමේක් එය ගීතයට සහ ශ්‍රද්ධාවට හානියක් සිදුකර නැති බවද, සමහරක් අය එය එසේ සිදුවී ඇති බවටද වාද කරනු පෙනේ. ඒ සියලු අදහස් විවිධ පුද්ගලයන්ගේ  රුචි-අරුචිකම්, ඇගයුම් සහ පිළිගැනීම් මත පිහිටා ඉදිරිපත්කර තිබේ. 'දන්නො බුදුන්ගේ' ගීතයේ මුල් කෘතිය (original version) ගැන සෙවීමට වෙහෙසවෙන ඔවුන් තම තමන්ගේ පෞද්ගලික රුචි-අරුචිකම්, ඇගයුම් සහ පිළිගැනීම් තාමට ලැබුනේ කෙසේදැයි සොයාබැලීමට උනන්දු නොවේ.  

කෙසේවෙතත් මෙම 'දන්නො බුදුන්ගේ' ගීතයේ මුල් කෘතිය (original version) ගැනද සාකච්ඡාවක්ද තිබුණි. ඒ සම්බන්ධයෙන් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා සිය facebook පිටුවේ මෙසේ ලියා තිබුණි: "නිදහස් දිනයේ 'සිරිසඟ බෝ' නුර්තියේ එන ' දන්නෝ බුදුන්ගේ ' ගීය කිෂානි ජයසිංහ විසින් ගයනා කළ ආකාරය 'අපේ කම' විනාශ කිරීමේ තවත් අවස්ථාවක් වශයෙන් හඳුන්වන කතාවලින් මාධ්‍යය පිරිලා . දෙරණ වැඩසටහනකත් 'ගඩොල් බාගයකින් ' ගැසිය යුතු බවට තර්ජනයක් කරනු මම දුටුවා. නුතන සිංහල සංගීතයේ ඉතිහාසය ගැන ටිකක් දන්නා අය හිතනවා මේක ජෝන්ද සිල්වා ගේ නාට්‍යයට විශ්වනාත් ලෞජි නම් ඉන්දීය (පාර්සි ජාතික ) සංගීතඥයා කළ original නිර්මාණයක් කියල. නමුත්ඇත්තටම මේක ලෞජි ලිව්වා නෙමෙයි . එයා සාමාන්‍යයෙන් කලේtunes උස්සන එකයි. ජෝන් ද සිල්වාගේ වචන වලට එයා කවදාවත් ගී නිර්මාණය කලේ නැහැ. එයා ඉන්දියාවෙන් ගෙනාපු ready made තනුවලට ජෝන් ද සිල්වා වචන ලිව්ව එකයි ඔහුගේ නුර්ති ගී වල කතාව. ලෞජි මේක කේරලෙන් උස්සපු එකක්. එයාගේ අනිත් ගී එක්ක බලද්දී මේක හුඟාක් වෙනස්. ඒක රාගධාරි ගීයක් නෙමෙයි , බටහිර උපන් ගීයක්. මට මේ ගි තනුව 1994 දී කේරලේ ජන ගී කණ්ඩායමක් විසින් වයලින් වාදනයක් ලෙස ඉදිරිපත් කරනු අහන්න ලැබුණා. කේරලේ සාමාන්‍ය මිනිස්සු හිතන්නේ මේක ඒ ගොල්ලන්ගේ ජන ගීයක් කියල. නමුත් මට එහෙදි කතෝලික පියතුමෙක් කිව්වා කේරලේ ට ඒක ගෙනාවේ බොහෝ කාලයකට පෙර ( 19 ශතවර්ෂය අග ) missionary fathers ල කියල . ඔහුගේ අනුමානය වුනේ මේක ජර්මන් සම්භාව්‍ය සංගීතඥයෙක් ගේ තනුවක් කියල ; ඒක ඇත්තටම වැග්නර් ගේ ! Sunil Wijesiriwardhane  (6 February at 20:34)"

එහෙත් ක්‍රිෂානි ජයසිංහගේ 'දන්නො බුදුන්ගේ' ගීතය ගායනා කල ආකාරය ගැන විශාල ගෝෂාවක් මතුවුයේ දෙරණ නිවේදකයෙක්වූ සංඛ අමරජිත් එය බල්ලන් උඩු බිරීමක් ලෙස සදහන් කිරීමත්, බල්ලන් උඩුබුරාගෙන එනවිට අපි කරන්නේ ගල් ගැසීම නොවේ දැයි මාධ්‍ය හරහා යෝජනා කිරීමත් සමගය. විමල් වීරවංශගේ 'ලංකා විස නිව්ස්'  හෙවත් 'ලංකා C නිවුස්' හී ඉහත නිවේදකයාගේ ප්‍රකාශය උපුටා දැක්වුයේ සංඛටත්  වඩා නින්දිත සහ සාහසික ආකාරයටය, එනම් 'මද කිපී ලතෝනි දෙන බැලලියන් ගඩොල් බාගයකින් ගසා පන්නනු.. ‘දන්නෝ බුදුන්ගේ’ විකෘති ගීතයට සංඛගෙන් මල්ටි බැරල් ප‍්‍රතිචාර'(February 7, 2016 at 12:01 am | lanka C news,http://lankacnews.com/sinhala/main-news/140328/) යක් ලෙසය. 

ඇත්තටම, ඒම නිවේදකයා මෙන්ම 'ලංකා විස නිව්ස්'  හෙවත් 'ලංකා C නිවුස්' ද ක්‍රිෂාලි ජයසිංහගේ 'දන්නො බුදුන්ගේ'  ගායනා ගැන අදහස් දැක්වුයේ අපේ රටේ වටිනා කියන දේවල් විනාශ කිරීමට වත්මන් රජය කටයුතු කරන්නේ යැයි යන්න සමාජගත කිරීමටය. ක්‍රිෂාලිගේ ගායනයද එහිම තව දිගුවක් බව ඒත්තු ගැන්වීමටය. 

එහෙත් ක්‍රිෂානි ජයසිංහ ලොව පිළිගත්, විවිධ සම්මාන දිනූ, අනතර්ජාතික වශයෙන් ගෞරවයට පාත්‍රවූ, බ්‍රිතාන්‍ය රැජිනගෙන් සහ චාල්ස් කුමාරයාගෙන් පවා ඇරයුම් ලැබූ, කොළඹ උසස් පාසැලක  ඉගෙනගත්, අපේම රටේ අපේම එකියැක් යැයි පැතිර යෑමත් සමග දෙරණ නාලිකාව අඩියක් පස්සට ගෙන සිය නිවේදකයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටුව පලකරන ලදී.  
එහෙත් කණගාටුව පළකිරීම පමණක් ප්‍රමාණවත් නැත, දෙරණ ආයතනය ලෙසද සමාව ඉල්ලිය යුතුය, ඒ වගේම අදාල නිවේදකයා තවදුරත් සේවය යෙදෙවිය යුතුද කියා දෙරණ ප්‍රකාශ කරනවා නම් හොදය, මන්දයත් අදාල නිවේදකයාට ඇත්තේ ඉතා සීමිත දැනුමක් සහ මෙලෙච්ච හැදියාවක්ය, එවැනි පුද්ගලයෙක් මාධ්‍ය කටයුතුවල නිරතවීම මහජනයාගේ බුද්ධිම වර්ධනයට කරන අපරාධයක්ය, ඒවගේම දෙරණට ද කැලලක්ය... ආදිය ලෙස සමාජ මාධ්‍ය තුලින් විරෝදයක් නැගී ඒමත් සමග  දෙරණ එම නිවේදකයාගේ (සංඛ අමරජිත්) සේවය අත්හිටුවූ බව වාර්ථාවේ. 


එහෙත්, සංඛ අමරජිත්ගේ වචන ටික ඔහුටත් වඩා නින්දිත සහ සාහසික ආකාරයට නැවත පලකල විමල් වීරවංශගේ 'ලංකා විස නිව්ස්'  හෙවත් 'ලංකා C නිවුස්' ඒ සම්බන්දයෙන් අද වන තුරම කිසිම කණගාටුවක් පල නොකරන්නේ  තමන් දැන්වත්ම කලේ  කැත වැඩක් බව ඔවුන් දන්නා නිසාය. 

ඔපෙරා ගායනා රසවීදීමට සාමාන්‍යයෙන් තරමක් අපහසු බව සත්‍යකි. ලෝකප්‍රකට ඉතාලි ජාතික පවොරොටිගේ (Luciano Pavarotti) ඔපෙරා ගායනයක් (Tenor) ඇසූ ගමන් රසවිදීමට සුද්දෙකුට තියා ඉතාලිකාරයෙකුටවත් බැරිය. ඒ සදහා යම් දැනුමක් සහ ශික්ෂණයක් අවශ්‍ය. එහින් ක්‍රිෂාලි ජයසිංහගේ ඔපෙරා ගායනයක් (Soprano) ගැන ශ්‍රී ලාංකීකයන් අතර හාහුවක් පැතිරීම ගැන පුදුම වියයුතු නැත. එහෙත් නිවේදකයෙක් එවැනි ගායනයකට ගල් ගැසීමට  යෝජනා කිරීම? 

දෙරණ සමග ආරව්වක පැටලී සිටින, අගමැති  රනිල් වික්‍රමසිංහ මහතාට අනුව නම් එය එම ආයතන ප්‍රධානින් ගෙන්වා ප්‍රශ්න කලයුතු, විකාශන බලපත්‍රය ගැන රජයට නැවත සිතා බැලීමට සිදුවන ප්‍රශ්නයකි. 

එහෙත්, රටවැසියන් ලෙස  අප ජීවත්වෙනුවේ, හැදී වැඩුනේ, බල්ලන්ට ගල් ගැසීමට කුඩා කල සිටම ඉඩදී ඇති, එය  ළමා කාලයේ සිටම සාමාන්‍ය දෙයක් ලෙස සලකන, ඇතැම් විට එසේ කලයුතුම යැයි කියා සලකන සමාජයකය.

 එහෙත්, ඒ ගල් ගසන්නේ අපේ බල්ලාට නොව අපේ නොවන බල්ලාටය. අපේ බල්ලා වුවද උඩු බුරන විටය. විශේෂයෙන්ම, තැනක් නොතැනක් නැතිව රස්තියාදුවෙන, දඩාවතේ යන, කන්න දෙයක් නැතිව හොරාකන බල්ලාටය. ඒ 'අපේ දේ කයි' යන බයට හෝ 'අපිව කයි' යන බයටය. එහෙයින්, කුරුල්ලන්ට, සමනලුන්ට හෝ වෙනත් එවැනි සතෙකුට ගල් ගැසීමට එපා කියන අපිම, දඩාවතේ යන, අපේ දේ කන්න හදන හෝ අපිව කන්න හදන ඕනෑම වල් බල්ලෙක්, පර බල්ලෙක් හෝ එවැනි ඕනෑම බල්ලෙකුට ගල් ගැසීමට සංඛ අමරජිත් මෙන්ම අපිද ඉදිරිපත් නොවන්නේද? ඒ ඔහුව  පමණක් නොව අපිවද කාලයක් තිස්සේ පුරුදු පුහුණු කල ආකාරයය. 

එහෙත් බල්ලා ඇල්ශේෂන් එකෙක් නම්, පොමනේරියන් එකෙක් නම්, රිච් බැක් එකෙක් වැනි පොෂ් එකෙක් නම් !!!
 දඩාවතේ යන එකෙක් වූවත්, අපේ දේ දී හෝ ඌව අපේ කරගන්නට උත්සහ කරන්නේද  නැතිද?  

රටක්, ජාතියක් ලෙස ඒ ගැන තවත් ඉගෙන ගැනීමට අවශ්‍යනම් දැන් දෙරණ ඇතුළු රටේ අනෙකුත් මාධ්‍යය බලන්න. වැඩිය අවශ්‍ය නැත මේ ඉරිදා දිවයින පත්තරය (14/02/16) බලන්න. බල්ලෝ බුරද්දී ගල් ගහන්ඩ Set වෙන අය, බල්ලා German Shepherd වගේ පොෂ් බල්ලෝ කියලා දැනගත්තහම බදාගන්න හදනවා නේද ? අනේ අර  සංඛ අමරජිත්. 


මාකස් ප්‍රියන්ත පෙරේරා
14/02/16.


7 comments:

  1. ප්‍රධානම හේතුව ඔවුන් මාධ්‍යවේදින් නොව මෝඩ චූන් කාරයන් වීමයි...

    ReplyDelete
  2. මාතලන්, සංඛ අමරජිත් වැරදියි, එකේ සැකයක්‌ නැහැ. හැබැයි එක සංඛ අමරජිත්ගේම වැරද්ද නෙමේ, එක අපිව කාලයක් තිස්සේ හැදී වැඩුන විදිහේ ප්‍රකාශනයක් නෙමේද?

    ReplyDelete
  3. සංඛ අමරජිත් වැරදියි .ඒකෙ දෙකක් නෑ. නමුත් කෙටිකාලීන විසදුම් නෙමෙයි දීර්ඝ කාලීන විසදුම් අවශ්‍යයි.

    කලින් ලිපියටත් අදාලවම මට මෙහෙම යෝජනාවක් කරන්න හිතෙනව. අපට ඕන සත්‍ය ගවේශන කොමිසමක් වගෙ එකක්. මෙතනදි කිසියම් සුලුජන කොටසක් පීඩාවට පත්වෙනවාද එසේ පීඩාවට පත්වෙනවානම් ඒ කෙසේද එය වැළැක්විය හැක්කේ කෙසේද යන්න අධ්‍යනයට. එහිදී සාක්ෂි දෙන්න ඕනම කෙනෙකුට පුලුවන් නිසා මහ මෙහෙයක් වෙයි. අර සිංහල කොමිසම වගෙ එකක්. මෙහිදී සුළුජනකොටස් කියන්නෙ ජාතීන් පමනක්ම නෙමෙයි ආගම් ,කුල හා ලිංගිකත්වයන් වශයෙන් හුදකලාව පීඩාවට පත්වන අයට මෙයින් පිලිසරනක් දෙන්න පුලුවන්. අහිගුන්ටික හා කින්නර මිනිසුන් පීඩාවට පත්වෙනවා මා ඇස් දෙකින්ම දැක ඇති නිසයි කුඩා ජනකොටස් ගැන විශේෂයෙන්ම කීවෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත, මට ඔයාගේ මේ අදහස එක්ක එකගවෙන්න පුළුවන්.

      Delete
  4. උඩුවගෙ එකේ දාපු කොමෙන්ට් එක මෙතනත් අත අරින්නම්.

    මටනම් හිතෙන්නෙ කෙටි කාලීන විසදුම් වලට වඩා දීර්ඝකාලීන විසදුම් වලට අපි යන්න ඕන. දැන් බලන්න අපේ පෙලපොත පටන් ගන්නෙම ආගම්වාදයක් අවුස්සගෙන අනගාරික ධර්මපාල ගැන කියාගෙන. ඒ වගේම ඉතිහාසය ඉස්සර නම් අන්ත ජාතිවාදී විදියට ඉගන්නුවෙ. දුටුගැමුනුල ගැන හැමදාම ජපකරන එක අවශ්‍යද . මේ ඉතිහාසය කියන සබ්ජෙක්ට් එක වෙනස් වෙන්නම ඕන. මාතලන් කියනව වගෙ ඕක පට්ටපල් බොරුවක්.

    ඒ වගේම සියලු ජාතීන් ආගම් මිශ්‍රවෙන අධ්‍යාපනයක් දෙන්න ඕන. සංවිධානාත්මකව ජාතිවාදය අවුස්සන බොදුබල සේනා වගෙ ඒව තහනම් කරල ඒවගෙ නායකයො හිරේ දන්න ඕන. අර නිර්වචන ප්‍රශ්න බොදුබලේ වැඩවලදි එන්නෙ නෑ. කෙලින්ම කියනවනෙ හම්බයන්ට අබසරනයි කියල.

    ප්‍රකෝපකාරී ප්‍රකාශ ගැන ක්‍රියාකරන්න වෙනම කොමිසමක් ඕන. ඇත්තටම ජාතිවාදය ඇවිස්සෙනවද කියන එක ගැන විභාගයක් පවත්වන්න ඕන.

    ReplyDelete
  5. ඔය සිංදුව බොදු බැති ගීයක්ය කියන එක වැරදියි. හැබැයි සංඛ කියපු අනිත් අදහස්වල නම් වරදක් පේන්නේ නෑ.

    ReplyDelete
  6. වැරැද්ද සංඛගේ නෙමේ, අපිව කාලයක් තිස්සෙ ගොඩනගල තියෙන ආකාරයේ නේද?
    අවිහිංසාව ගැන කතාකලත් බල්ලෙකුට ගල් බාගෙන් ගහන එකේ වරදක් දකින්නේ නැහැ නේද?

    ReplyDelete