This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 10 February 2016

රන් පදක්කම් 7 යි: ඒත් නම කියවද්දී අපේ නෙමේ වගේ හිතෙනවාද? එසේනම්

 මැතිව් අබේසිංහට 
දැන් රන් පදක්කම් 07කි. 
මෙවර සාක් තරගයෙන් වැඩිම  
 රන් පදක්කම් 
 දිනු ක්‍රීඩකයා ඔහුය.
එහෙත් රටේ ඔහු ගැන ලොකු කථාවක් නැත.

ඊට අමතරව, ඔහු  රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක්ද දිනාසිටියි. 
එහෙත් කිසිවෙකුට ඔහු ගැන හංකවිසියක් නැත. 

ඔහු දිනු සියළු පදක්කම් සටහන් වී ඇත්තේ 
ඔහුගේ මෙන්ම රටේද නම ඉදිරියේය.
 එහෙත් රටේ ඔහු ගැන වැඩි සද්දයක් නැත.

 මෙතෙක් ලංකාව වෙනුවෙන් 
ක්‍රීඩකයෙක් දිනාගත් 
වැඩිම පදක්කම් ගණන දිනාගත්තේ ඔහුය.
ඒ 91කේදී ජුලියන් බෝලින් තැබූ වාර්තාවෙන් පසුවය.
එහෙත්
එදා මාධ්‍ය බෝලින් ගැන කථාකල තරම්වත් අද මාධ්‍ය 'මැතිව්' ගැන කථා  නොකරයි
 ඒ කාලය වෙනස් නිසාද?
 නැත්නම් රටේ මිනිස්සු වෙනස්වී ඇති නිසාද? 

බෝලින්ලාගේ,  මැතිව්ස්ලාගේ නම් 
හේෂන්ලාගේ, දිනේෂ්ලාගේ නම් මෙන් උස්‌ හඩින් නොකියවේන්නේ කට හුරු නැති කමටද? 
නැතිනම් අපේ යැයි නොහැගිනෙන නිසාද? 
 එසේ නම් 
ගෞතම වැනි නම් 
අපේ කටවලින් හොදින් කියවෙන්නේ කෙසේද?
ඒ කාලයක් තිස්සේ අපිට පුරුදු පුහුනු කල නිසාවත්ද? 

මැතිව් මෙන්ම ගෞතමද එතෙර ශිල්ප ප්‍රගුණ කර මෙතෙරට අගයන් ගෙනදුන් අයය.

මැතිව්ගේ මුල් නම කියවන්න බැරි නම්
ඔහුගේ දෙවන නම කියවන්න.
අබේසිංහ යැයි කියන්න. 
එවිට ඔබට සිංහයා මතක්වේවී,
සිංහ-ලේ මතක්වේවී. 
එවිට ඔබට ඉන්දියාවේදී ඉන්දියානුවන් පරදා
ලක්මව රනින් සැරසූ උදාර සිංහ පුත්‍රයෙක් හමුවේවී. 

නමින්, වාසයෙන් හෝ ආගමෙන් වෙනස්වුවද 
මැතිව්ලාස්ලා, රාහීම්ලා ඉටුකළේ ඒ ඔබේ සිහිනයය. 
ඒහින් දැන්වත් ඔවුන් වෙනුවෙන්  
සිංහනාද නගන්න පසුබට නොවන්න. 

මාකස් ප්‍රියන්ත පෙරේරා. 
10/02/16


19 comments:

  1. මගේ පියා කුලය පිලිගන්න කෙනෙක් මම කුලය පිලිනොගන්න කෙනෙක්. ඒ නිසාම මට ඕනෑම කෙනෙක් එක්ක පද්දා, හකුරා, රදවා වගේ වචන කියන්න පුලුවන් මට ඒක විහිලුවක් විතරයි. ඒත් මගෙ තාත්තාට එහෙම කරන්න බෑ එයා කුලය ගැන කතා කරද්දී ඉතාම ආචාරශීලී වෙනවා.
    ඔයාගේ මේ ලිපියත් ඒ වගේ. කතෝලිකයෙක් නියම සිංහලයෙක් නෙමෙයි කියන හැඟීම ඔයාගේ හිතේ තියෙනවා. ඒනිසා තමයි ඔය ලිපිය ලියවුනේ.
    මම ආශ්‍රය කරන කිසි කෙනෙක් ඔය තරඟාවලිය ගැන උනන්දු වෙනවා දැක්කෙ නෑ.

    ReplyDelete
    Replies
    1. 'කතෝලිකයෙක් නියම සිංහලයෙක් නෙමෙයි' කියන අදහස මම නෙමයි ඔබයි කලින් ඉදිරිපත්කලේ. දැන් ඔබ මෙම ලිපියත් ඔබගේ ඒ පූර්ව නිගමනය තවදුරටත් ඒත්තුගන්වා ගැනීමට යොදාගන්නවා. ඒත් ඒක වැරදියි, ඔබ හොදට බැලුවොත් පෙන්න ඕනෑ මම ලියන්නේ අපේ රටේ ජාතිය සහ රාජ්‍ය ගොඩනැන්වීම සදහා ගෙනගිය වැඩපිළිවෙල හරියන්නේ නැහැයි කියන එකයි කියලා. රටේ ජාතිය, ආගම සහ දේශපාලනය ගැන ඇති උනන්දුව ක්‍රීඩාවට නැති එක මේ ප්‍රශ්නයේම එක පැතිකඩක්.

      Delete
    2. රසල් ආනල්ඩ් ගේ නම හොඳට කියඋනා නේද? ඇන්ජෙලෝ මැතිව් ගේ නමත් හොඳට කියවෙනවා නේද. මෙතන තියෙන්නේ උක්ත ක්‍රීඩාවේ සහ ක්‍රීඩා උළෙලේ ජනප්‍රිය බව පිලිබඳ ප්‍රශ්නයක් මිස ක්‍රීඩා ලෝලීන්ගේ කුහකත්වයක් නෙමෙයි නේද?
      හැබැයි පුතෝ අර අහවල් එක තියෙන කෙනාට තේ කෝප්පෙත් කිඹුල්ලු පේනවලු.

      Delete
    3. මම ප්‍රශ්න කරන්නේ, ක්‍රීඩකයෙකුගේ නමක් පිළිබද පර්ශනයකි නෙමෙයි, අපේ රටේ ජාතිය සහ රාජ්‍ය ගොඩනැගීමේ ක්‍රියාවලිය විසින් ගොඩනගා ඇති නුතන 'ජාතිකත්වය' පිළිබද ප්‍රශනය කියලා කපිල වස්තුවට නොපෙනෙන්නේ ඇයි?

      Delete
  2. ඔබෙගේ ලිපි ඉතාම හරවත්. කියවන්න වටින ලිපි. නමුත් ඔබ හිතේ යම් නුරුස්නා බවක් අසහනකාරී බවක් තබාගෙන ලියන බව පේනවා. ඔබ වරෙක මීගමුගෙ පුරා විද්‍යාත්මක උරුමයන් නොසලකා හැරීම ගැන කීව. ඔය වගේම චෝදනා බෞද්ධයොත් ඔවුන්ගෙ දේවල් ගැන කරන බව මා දැක තිබෙනවා. දීඝවාපිය සහ උතුරෙ බෞද්ධ උරුමයන් නොසලකන බවට ඔවුන් අදෝනා නගනු මා දැක තිබෙනවා. ඒ අයත් ඔබ වගේමයි.

    පදක්කම්ලාභීන් අතරින් ලොකු ප්‍රසිද්ධියක් ලැබුවෙ සුසන්තිකා .ඒකට හේතුව සුසන්තිකා මාධ්‍යවලට පුවත් මවන්නියක් වූ නිසා. කුණු රහට කැමති රසිකයන් ඉලක්ක කරල නිව්ස් දාන මාධ්‍ය වලට ඒ කාලෙ ඕව රස ආහාර වුනා.

    ක්‍රිකට් වලදි කතෝලික ක්‍රීඩකයන් ට පමනක් නොවෙයි දෙමළ මුත්තයියා මුරලිදරන්ට ලැබුන ප්‍රසිද්ධිය ඔබ දැක්කෙ නැද්ද .ඔබේ ලිපිවල ඇති බොහෝ චෝදනා පදනම් විරහිතයි. ඇත්තටම කාට හෝ වෙනස්කමක් වෙනවනම් අපි එයට එරෙහිව නැගී සිටිනවා.

    ReplyDelete
    Replies
    1. මම කලින් අනිත් අයට දී ඇති පිළිතුරුවල යම් ආකාරයකට ඔබටත් අදාලයි. පශ්චාත් යටත්විජිත ශ්‍රී ලංකාවේ ජාතික රාජ්‍ය ගොඩනැන්වීම සිදුවී ඇත්තේ මහා වාර්ගික අනන්‍යතාවය විසින් අනෙක් වාර්ගීක අනන්‍යතාවයන් යටපත්කිරීම තුලයි.එහෙත් මහා වාර්ගික අනන්‍යතාවය ගොඩනගාගෙන ඇත්තේද අනෙක් වාර්ගීක අනන්‍යතාවයන්ගේන් උකහාගත් දේවලින්මයි. එලෙස ගොඩනගාගත් මහා වාර්ගික අනන්‍යතාවයේ වර්තමානය දේශපාලන ව්‍යාපෘතිය වී ඇත්තේ අනෙකාමත සිය ආධිපත්‍ය (Hegemony/හෙජමනිය) පවත්වාගෙන යෑමයි. මීගමුව පමණක් නොවෙයි ලංකාවේ බොහෝ ප්‍රදේශ් ඔබ හොදින් අධ්‍යනකර බැලුවොත් ඔබට එක්කෝ පීඩිත කුලයන් හෝ වෙනත් පීඩිතයන් පිරිසක් මත ඉදිකර ඇති ඉහත ජාතික රාජ්‍යයේ හස්තය දැකිය හැකියි. සිව්මානයට ඕක නොපෙනී තියෙන්න විදිහක නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් ගොඩනගාගැනීමට නම් මෙම ජාතික රාජ්‍යයේ වෙනස් කලයුතුයි.

      Delete
    2. ඔබ ඉතා වැදගත් කාරනයක් මතු කරනවා. අනෙකා මත සිය ආධිපත්‍ය පටවීම මම සදා පිළිකුල් කරන දෙයක්. වෙනත් රටවල මෙහෙම දෙයක් නැද්ද . උදාහරනයක් ලෙස නිදහස ලැබූ දකුණු ආසියානු රටවල. මටනම් පෙනෙන්නේ ලංකාවට වඩා ඉතා නරක තත්වයක් ආසියානු අප්‍රිකානු රටවල තිබෙන බවයි. මේ තත්වයට හේතුව ඔබ ඔය කියන මහා වාර්ගිකත්වයත් යටත් විජිත යුගයේ පීඩිත වාර්ගිකත්වයක් වීමයි. වර්තමානයේදීද ඔවුන් බටහිර බිල්ලෙක් මැවීමෙන් පෙන්වන්නෙ ඔවුන්ගෙ පීඩිත මානසිකත්වයයි.

      උතුරෙ අරගලය තුලත් එහි සුලුතරයට විශේශයෙන් මුස්ලිම්වරුන්ට මේ පීඩනය තිබුන. මුස්ලිම් බලයක් සහිත පසුබිමක ඇති වන දේ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.

      වත්මන් බටහිර ලෝකය මේ හෙජමොනික මානසිකත්වයෙන් බොහෝ දුරට මිදිලා. එහෙම වුනේ ඔවුන් ජාතික ආගමික බෙදුම් ලක්ෂනවලින් බැහැරවීම නිසයි. නමුත් බටහිර ලෝකයේත් පීඩිත ජනකොටස් ඉන්නවා රෝමා වරූ ඇතැම්විට මුල් පදිංචිකරුවන් වගෙ අය . සම්පූර්නයෙන්ම පීඩනයෙන් මුක්ත වුන රටක් නම් ෆැන්ටසියක් තමයි.

      අපිත් ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් මිදුන දාක එහෙම වෙයි.මා නම් පතන්නෙ ජාතීන් හා ආගම් නැති ලෝකයක්.

      ක්‍රීඩාව අතින්නම් ඔය විදියෙ පීඩනයක් නෑ. ක්‍රිකට් හැරුන විට ජනප්‍රිය නැති වෙනත් ක්‍රීඩාවල කාටවුනත් ප්‍රසිද්ධියක් නෑ.කතෝලික ජනතාවට නම් පීඩනයක් තියනව කියල කොහොමටවත් මට හිතෙන්නෙ නෑ. නමුත් කරුණාකර සිදුවීම් අතිශයෝක්තියට නංවලා විශබීජ නම් මිනිසුන්ගෙ ඔළුවට දාන්න එපා.වැරදියට යමක් දෙස බලන්න පුරුදුවුනොත් වැරදියටම පේන නිසා.

      Delete
    3. මොකක්ද ඔය කියන වැරදියට බැලිල්ල? මම පශ්චාත් යටත්විජිත ශ්‍රී ලංකාවේ ජාතික රාජ්‍ය ගොඩනැන්වීම සිදුවී ඇත්තේ මහා වාර්ගික අනන්‍යතාවය විසින් අනෙක් වාර්ගීක අනන්‍යතාවයන් යටපත්කිරීම තුලයි, එහෙත් මහා වාර්ගික අනන්‍යතාවය ගොඩනගාගෙන ඇත්තේ අනෙක් වාර්ගීක අනන්‍යතාවයන්ගෙන් උකහාගත් දෙවලින්මයි, එහි නුතන ව්‍යාපෘතිය තම හෙජමනිය පවත්වාගෙන යෑමයි කියන ගැන ඔබට ප්‍රශ්නයක් නැහැ. එහෙත් ඒ පදනමේ සිට කරුණු කරණා ප්‍රශ්න කිරීමේදී, එම ව්‍යාපෘතිය අභියෝගයට ලක්කිරීමේදී, ඔබ කියනවා 'කරුණා කර සිදුවීම් අතිශයෝක්තියට නංවලා විශබීජ නම් මිනිසුන්ගෙ ඔළුවට දාන්න එපා'ලූ. ඇත්තටම මෙතන තියෙන්නේ ඕවා කථා කරන්න එපා, අපේ fantasy එක බිදවැටෙන එක හෝ එසේ බිදවැටෙයි කියන බය නේද? ඇයි මම කියනදේ මගේ නමයි, ඔබ හිතන් ඉන්න මාගේ අනන්‍යතාවයි පැත්තකින් තියලා සාකච්ඡා ලක්කරන්න බැරි - ඔබම හිතලා බලන්න.

      Delete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. අපි ජාතිවාදය අවුස්සන එක නෙමේ කරන්නේ, රටතුල මුල්බැසගත් ජාතිවාදයට පහරදෙන එකයි කරන්නේ. ඒහිදී අනේ අපි එහෙම නැහැ, අපේ රටෙ නම් එහෙම නෑ කියලා fantasy එකක් තිබුනානම් එය බිදවැටෙනවා. අපේ රටේ ජාතික සහ රාජ්‍ය ගොඩනන්වීම කරණයේදී මෙවැනි ගැටළු සාකච්ඡා නොකර ඉදිරියට යන්න බැහැ.

      Delete
  4. “මැතිව්“ අබේසිංහගේ නම මාධ්‍යතුල වැඩිපුර ප්‍රචාරය නොවිමටත් ඇන්ජලෝ “මැතිව්ස්“ ගේ නම මාධ්‍යතුල මෙන්ම වෙළද දැන්වීම් තුල ප්‍රචාරයවිමටත් එකම හේතුව වනුයේ ඔවුන්ගේ ආගම හෝ ඔවුන් කතාකරන භාෂාව නොවේ. මේ සදහා හේතුවන්නේ එම නම හරහා මාධ්‍යට උපයාගත හැකි ලාභයේ ප්‍රමාණයයි.

    මැතිව් අබේසිංහ වෘත්තීය පිහිණුම් ක්‍රිඩකයෙකි. ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් ක්‍රිඩකයෙකි. රටේ වැඩි ජනග්‍රහණයකගේ අවධානය මාධ්‍යයට ලබා ගත හැක්කේ පිහිණුම් ක්‍රිඩාවට වඩා ක්‍රිකට් ක්‍රිඩාව මගිනි. මාධ්‍ය ආයතන හා වෙනත් ක්‍රිඩාව හා සම්බන්ධ බොහෝ ආයතනවලට තමන්ගේ ලාභය වැඩිකර ගත හැකි වන්නේ එම ක්‍රිඩාව කරන හා එයට ආසකරණ ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහල දමා ගැනීම මගින්ය. ඒ නිසා ඇන්ජලෝ මැතිව්ස් ගෙදරදි කන බොන විදිහේ සිට සියල්ල මාධ්‍යට මාතෘකාය.

    මැතිව්ස් අබේසිංහ පමණක් නොව මීටර් 100 දකුණු ආසියානු වාර්ථාව තැබු ලංකිකයාට වඩා උසේන් බොල්ට්ගේ පාදයේ ආබාධයක් ප්‍රසිද්ධ වන්නේද ජාතිය ආගම නිසා නොව ඒමගින් මාධ්‍යයට ලැබෙන ලාභයේ ප්‍රමාණය නිසාය.

    ReplyDelete
    Replies
    1. ප්‍රදීප්, එකෙත් ඇත්තක් තියෙනවා, ඒත් එක්තරා ප්‍රමාණයකට විතරයි. ජාතියකත්වය වැනි ගැටළු ආර්ථික කාරණාවලින් පමණක් තේරුම් ගන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ.

      Delete
  5. Replies
    1. Me too, I saw that somebody has written, he is no more Mathew Abeshinha, he is Mathew Ape+shinha.

      Delete
  6. දැන් සිංහ ලේ ගැන ද උනන්දුව???Suresh

    ReplyDelete
  7. ඒක එක issue එකක් විතරයි සුරේෂ් !!!

    ReplyDelete
  8. ගෞතම කියල ලංකාවෙ අය ඔය කියන විදිහට කියන්නෙ නෑ.... කලාතුරකින් දකින්නෙ ඇහෙන්නෙ!

    ReplyDelete