
ඒ සදහා බ්‍රිතාන්‍ය පවුම් මිලියන 17ක් වැයවූ බව ගනන් බලා ඇත. 2006 වසරේ දී ඉදිකිරීම ආරම්භකල මෙම නිර්මාණය සෙනෙගාලය ප්‍රංශ යටත්විජිත පාලනයෙන් නිදහස්වී වසර 50 යෙදුන 2010 අප්‍රියල් 04 දින අප්‍රිකානු රාජ්‍ය නායකයින් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් විවෘත කර ඇත.
අප්‍රිකාව වහල්භාවයෙන් සහ අන්ධකාරයේ බැමිවලින් මීදී නිදහස් ජාතීයක් ලෙස පෙරට යෑම මෙම නිර්මාණයට තේමාව වී තිබේ. භූමියේ උස අනුව සැලකුවිට 'අප්‍රිකානු පුනරුදයේ ස්මාරකය' මීටර් 100ක් උස ඇමරිකානු නිදහස් ප්‍රතිමාවට වඩා උසය.

ඔවුන්ගේ ජාත්‍යන්තර ඒකකය වන Mansudae Overseas Projects ආයතන මෙවැනිම තඹ ලෝහයෙන් නෙලා ඇති දැවැන්ත ස්මාරක දෙකක් අප්‍රිකාවේ දකුණු දිගින් පිහිටි බොස්ට්වානා රාජ්‍යයේ (The Three Dikgosi Monument of Botswana) සහ බටහිර අප්‍රිකාවේ බෙනී රාජ්‍යයේ (A statue of Béhanzin in Benin) නිර්මාණය කර ඇත.
මේ සෑම අප්‍රිකානු නිර්මානයකම පොදුවේ දැකිය හැකි ලක්ෂණයක් වනුයේ එම ස්මාරකයන් සියල්ලම පැරණි සමාජවාදී සෝවියට් රුසියාව නිර්මාණය කල මාක්ස්, ලෙනින්, එංගල්ස්, ස්ටැලින්, කෘශේෂෙෆ් මෙන්ම වෙනත් නිර්මාණ රාශියකත්, චීනයේ සහ උතුරු කොරියාවේ ඇති වෙනත් සමාජවාදී නායකයන්ගේ සහ ස්මාරකවලටත් සමානකම් විදහාපෑමය. ඒ අනුව මෙම නව අප්‍රිකානු ස්මාරකයක්ද වාමාංශික ප්‍රචාරක කලාවේ තවත් කැපීපෙනෙන නිර්මාණයන් ලෙස හදුනාගත හැක.
මාකස් ප්‍රියන්ත පෙරේරා.
16/12/15.
No comments:
Post a Comment