This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.
Showing posts with label My Home town Negombo 24.. Show all posts
Showing posts with label My Home town Negombo 24.. Show all posts

Monday, 1 February 2016

යහපාලන රජයෙන් ධීවර ගැටළුවලට විසදුම් ඉල්ලා මීගමුවේ දැවැන්ත ධීවර රැළියක්.

ලංකාවේ වයබදිග වෙරළේ සිට බස්නාහිර උතුර දක්වාවූ ධීවර කර්මාන්තයේ යෙදෙන සියලුම පෙදෙස් වන මන්නාරම, සීලාවතුර, බත්තලංගුණ්ඩුව, කල්පිටිය, තලවිල, පුත්තලම, එළුවන්කුලම, හලාවත, අබකදවිල, බැරුදැල්පොල, තොඩුවාව, මාරවිල, උල්හිටියාව, වෙන්නපුව, කම්මල සහ මීගමුවේ ධීවර ජනයාගේ සහභාගීත්වයෙන් මීගමුවේ දැවැන්ත ධීවර රැළියක් දැන් (01/02/2016) පැවැත්වේ.

දැනටමත් මීගමු වැල්ලවීදිය ශා. සෙබස්තියන් දෙවස්ථානයෙන් ගමන් අරභා ඇති මෙම පෙළපාලිය මීගමු මහ නගර සභා පිටියට පැමිණීමෙන් අනතුරුව රැස්වීමක් පැවැත්වීමට නියමිතය. 

ලෝක වෙළදපොලේ තෙල් මිලඅඩුවුවද යහපාලන රජයෙන් ධීවරයන්ගේ තෙල්මිල සම්බන්දයෙන් කිසිදු සහනයක් නොලැබීම, තහනම් දැල් භාවිතය සම්බන්දයෙන් රාජය නිසි පියවර නොගැනීම, ඉන්දීය ධීවරයන් දිගින් දිගටම අපේ මුහුදේ මසුන් ඇල්ලීම ගැන රජය නිසි පියවර නොගැනීම, නව වරාය නගරය නිසා සිදුවිය හැකි හානී ගැන ධීවරයන්ව කිසිදු දැනුවත් කිරීමක් සිදුනොකිරීම, ධීවරයන් සදහා ශීතාගාර ඉදිකිරීමට මෙවර අයවැයෙන් මුදල් වෙන්නොකිරීම සහ මාළු වෙළදාම පිළිබද ගැටළු මෙන්ම තවත් දහසකුත් එකක්  ධීවර ගැටළුවලට අවදානය දිනාගැනීම මෙම රැළියේ අරමුණයි. 

කෙසේවුව මෙම දැවැන්ත ධීවර රැළිය සදහා ජාතික මාධ්‍යයවලින් තවමත් කිසිදු අවදානයක් යොමුව නැති බව පෙනේ. 

මන්නාරමේ සිට බොහෝ ධීවර ගම්මානවලින් බස්රථ 30කට වඩා මීගමුවට පැමිණ ඇති මෙම  ධීවරයන්ගේ රැළිය සදහා මීගමුවේ කතෝලික පියවරුන්ගේ සහභාගීත්වය ලබාදී ඇත. 

වැඩි විස්තර පසුවට.

මාකස් ප්‍රියන්ත පෙරේරා.
01/04/2016.