This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday, 31 December 2024

Kipling ගේ Jungle Book සල්ලිවලින් මිලදී ගෙන මහජනයාට විවර කළ Wimpole Hall මැදුර

 

Wimpole Hall මැදුර දැන් වඩාත්ම ප්‍රසිද්ධව ඇත්තේ The Jungle Book ළමා නවකථාව ලියූ Rudyard Kipling ගේ සල්ලිවලින් එයාගේ දුව මිලදී ගෙන, එයාලා කාලයක් එහි පදිංචි වෙලා ඉදලා, පස්සේ කාලෙක බ්‍රිතාන්‍යයේ මහජනයාට දැකබලා ගන්න ඉතුරු කරලා ගිය, 1400 ගණන්වල ඉදලා පැවැත එන, අක්කර 3000ක් විතර විශාල වතුයායක් මැද තියෙන, බ්‍රිතාන්‍යයේ ප්‍රභූ නිවසක් විදිහටයි.

වික්ටෝරියා රැජින හා ඇල්බට් කුමාරයා පවා ඇවිත් ගිහින් තියෙන මෙම මැදුර, Earl ලා, Duke ලා, Viscount ලා වගේ එක එක ප්‍රභූන් අතට මරු වෙමින් තිබිලා, පස්සේ කාලෙක Rudyard Kipling ලා, එයාගේ දුව (Elsie Bambridge) ලා වගේ 19 වෙනි සියවසෙන් පසුව අධ්‍යාපනයෙන්, රාජ්‍ය සේවයෙන් හා නිර්මාණාත්මක සංස්කෘතික බුද්ධියෙන් ඉදිරියට පැමිණි බ්‍රිතාන්‍යයේ නව පරපුර අතට පත්වීම ම බ්‍රිතාන්‍යයේ ප්‍රභූන්ගේ ධනය, බලය හා සමාජ තත්වය එක් පංතියකින් තවත් පංතියකට මාරුවීම සංකේතවත් කරන්නක්.

පුස්තකාල, විශාල ආලින්ද, තට්ටු කිහිපයක් පුරා විසිර යන හෝටල් කාමර වගේ නිදන කාමර රාශියක් විතරක් නෙමේ පල්ලියකින් පවා මෙම මැදුර සමන්විතයි. සේවකයින් පනහකට - හැටකට වුනත් නවාතැන් ගත හැකියි. සෑම කාමරයක්ම අලංකාර චිත්‍ර, මුර්ති ඇතුළු විවිධ කලා කෘති වලින් යුක්තයි. කිහිප දෙනෙකුට වුනත් එකවර දියකෙළිය හැකි අභ්‍යන්තර පිහිනුම් තටාකයක් වගේ විශාල නාන තටාකයකින් සමන්විතයි.

අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට පවා මේ මැදුර දැන් නැරබීමට හැකිවෙලා තියෙන්නේ The Jungle Book ළමා නවකථාව ලියපු Rudyard Kipling ගේ සල්ලිවලින් එයාගේ දුව, Elsie Bambridge, මෙම මැදුර නැවත ප්‍රතිස්ථාපනය කරළා, මෙම මැදුරට අයත්ව තිබූ බොහෝ පැරණි ගෘහ භාණ්ඩ හා කලා කෘති නැවැත එකතුකරලා, මහජනයාට නැරබීමට ඉතුරු කරළා ගිය නිසයි. වෙනත් සල්ලිකාරයෙකුට විකුණලා, සල්ලි අරන්, අන්තිම කාලේ විදින්න පුලුවන් හැම සැපක්ම විදලා මැරෙන්නේ නැතිව, Kipling ගේ දුව, Elsie Bambridge, මහජනයාට නැරබීමට මෙම මැදුර පවරලා ගිය එකෙන්, ඇය ගැන පමණක් නෙමේ, ඇගේ පියා,Rudyard Kipling, ගැනත්, මෙම මැදුරේ සිටි අනෙක් ප්‍රභූන් ගැනත්, ඔවුන් ගැන මතකයත් මහජනයාට ඉතුරු කර ගොස් තිබෙනවා. දැන් අලුත් සල්ලිකාර ඇමැරිකානු, යුරෝපියානු, චීන, ඉංදියානු, අරාබි ධනවතුන් මෙවැනි මන්දීර මිලදී ගෙන, අලුත් ඉතිහාසයක් ආරෝපණය කරගෙන, නව ප්‍රභූන් ලෙස වැජඹෙන්න යද්දී, බ්‍රිතාන්‍යයේ තවමත් පිරිසක් ඉන්නවා උරුමය හා සම්ප්‍රදාය මතු පරපුරට තිළිණ කර දිය යුතු යැයි සිතන.

Rudyard Kipling ගේ දුව Elsie Bambridge ත් එවැන්නියක් බවට සැකයක් නෑ. The Jungle Book ලියපු Rudyard Kipling කාලයක් බ්‍රිතාන්‍යයේ යටත් විජිත යුගයේදී ඉංදියාවේ සේවය කළ, එහිම හැදී වැඩුන තැනැත්තෙක්. The Jungle Book ඔහුගේම අත්දැකීම් ඇසුරින් ලියවූවක්. Rudyard Kipling ට 1907 දී නොබෙල් සාහිත්‍යය ත්‍යාගය (the Nobel Prize in Literature) පවා හිමි වූවා. අදටත් ඔහුගේ කෘතිවලින් උපයන්න ධනයෙන් කොටසක් මෙම මැදුරේ නඩත්තුවට යොමුවෙන බව කියවෙනවා. ඔහු (Rudyard Kipling) මෙම සටහන ලියන අද වැනි දිනක (30 December 1865) උපන්නෙක්. බලන්න අපි බැලූ / කිය වු The Jungle Book නම් සාහිත්‍යය නිර්මාණය මොන තරම් කාර්‍යභාරයකට දායක වි තිබේ ද යන්න..

මාකස් ප්‍රියන්ත පෙරේරා
30/12/2004 











No comments:

Post a Comment