This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Saturday 20 June 2020

පාස්කු ප්‍රහාරයට මාස 14යි, සමාව ඉල්ලීමටවත් නොහැකියි

පාස්කු ප්‍රහාරය සිදුවී අදට වසරකුත් මාස දෙකක් හෙවත් මාස 14ක් ගෙවී ගොස් ඇත. 
    
වරද කරුවන්ට දඩුවම් ලබා දීම මෙන්ම ප්‍රහාරය ගැන දැන දැනත් එය වැලක්වීමට කටයුතු නොකල නිලධාරීන්ට, බලධාරීන්ට විරුධව නීතිය ක්‍රියාත්මක කිරීම කෙසේවෙතත් සිදුවූ ඛේදවාචකය ගැන සමාව ඉල්ලීමටවත් එවකට ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂක ඇමතිවරයාද වූ මෛත්‍රීපාල සිරිසේන සුදානම් නොමැති බව පසුගියදා සිදුකල මාධ්‍ය සාකච්ඡාවකදී උද්දච් ස්වරයෙන් කියා සිටියේය.

ප්‍රහාරය ගැන තමාට කිසිසේත්ම වගකීමක් බාරගත නොහැකි බවත් ඒ නිසා කිසිසේත්ම සමාව ඉල්ලීමට අවශ්‍ය නොවන බවත් ඔහු කිව්වේය... 

මේ කුමන නම් අධමකමක්ද? තමා රාජ්‍ය නායකයා නොවුනද, ඊට අවුරුදු ගණනාවකට කලින් සිදුවූ විනාශයන් ගැන පවා සමාව ඉල්ලන රාජ්‍ය නායකයින් සිටින ලෝකයක රාජ්‍ය නායකයා ලෙස සිය කාලය තුලවූ මේ මහා සංහාරය ගැන සමාව ඉල්ලීමට නොහැකියැයි කියන්නේ කුමන නම් අධම පාලකයෙක්ද?

ඔවුන් කථාකරන, ඔවුන් අයත්, ඊනියා ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය කුමක්ද? විපතට පත් ජනයාගේ දුක් කදුළු වේදනා ගැන කිසියම්ම හෝ හැගීමක් නැති මේ මිනිස් අමුනුස්සයන්ට සිටිය හැක්කේ කුමන නම් ශිෂ්ට සමාජයකද? 

ලංකා ඉතිහාසය පුරාම ගලාගිය ලේ ගංගාවල් ගැන අමතක කර කිසිවක් සිදුනොවුනා සේ සිටීම චිරාගත පුරුද්දක් වී ඇති රටක පාස්කු ප්‍රහාරය ඔවුන්ට තවත් එක් සිදුවීමක් පමණක් විය හැක. 

එහෙත් අපට නම් එය මනුෂ්‍යත්වය පිළිබවද, යුක්තිය පිලිබදව, සාධාරණත්වය පිළිබදව, ශිෂ්ටත්වය පිළිබදව, නීතියේ ආධිපත්‍යය පිළිබදව, රාජ්‍ය පාය හ එහි  ගොඩනැවීම් පිළිබදව ප්‍රශ්නකරන තීරණාත්මක කඩඉමකි. පාස්කු ප්‍රහාරයේ දී වගුරන ලද අපේ ජනයාගේ රුධිරය වෙනුවෙන් අපි දිගින් දිගටම යුක්තිය ඉල්ලා සිටින්නේ එහිනි. 

මේ අධම අමුනුෂ්‍යකම්වලින් මිදීමට නම් පාස්කු ප්‍රහාරයේ වරද කරුවන්ට දඩුවම් ලබාදීම මෙන්ම ප්‍රහාරය ගැන දැන දැනත් එය වැලක්වීමට කටයුතු නොකල නිලධාරීන්ට, බලධාරීන්ට විරුධව නීතිය ක්‍රියාත්මක විය යුතුය. 

සමාවක් ඉල්ලීමට තරම්වත් බැගපත් මනුෂ්‍ය සමාජයක් ගොඩනැගීමට එය අත්‍යඅවශ්‍යය පදනමකි. 

 මාකස් ප්‍රියන්ත පෙරේරා. 
 21/06/2020

1 comment:

  1. යෙෂුවා වහන්සේ කියලා තියෙනවා සතුරාට ප්‍රේම කරන්න කියලා.
    හැබැයි මේක හරි අමාරුයි. ඉතින් සමහර වෙලාවට සතුරා කියලා හිතාගෙන මිතුරාටම ප්‍රේම කරන අවස්ථා තියෙනවා.
    උදාහරණයක් විදියට මාකස් අයියා සිසුවාට දෙමළ ජාතිවාදියා යනු මිතුරෙක්.
    මාකස් අයියා කිසිදාක දෙමළ ජාතිවාදයට විරුද්ධවෙලා නෑ. ඔහු හදන්නේ දෙමලාගේ වැරදි වහන්න. ඒ වගේම දෙමලෙක්ගේ වරදක් දැක්කත්,
    දෙමල සමාජයේ සාමකාමී බහුතරයක් ඉන්නවාය. සිංහල දෙමළ කාගෙ අතිනුත් වැරදි වෙනවාය වගේ කතා කියා දෙමළ ජාතිවාදියා සුද්ධ කරන්නම තැත්කිරීම ඔහුගේ ගතියක්.
    මේ තත්වය තුල මාකස් අයියා සිසුවා දෙමළ ජාතිවාදියෙක්ට ප්‍රේම කිරීම සතුරාට ප්‍රේම කිරීමක් වන්නේ නෑ. එය මිතුරාට ප්‍රේම කිරීමක්

    හැබැයි දැන් මාකස් අයියාට ඇත්තටම සතුරාට ප්‍රේම කරන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඔයාට පුළුවන් පාස්කු ප්‍රහාරයට ඍජුව සහ වක්‍රව සම්බන්ධ අයට සහ එයින් ඍජු හා වක්‍ර වාසි ලැබූ අයට ප්‍රේම කරන්න.

    ඒක තමයි නියම සතුරාට ප්‍රේම කිරීම. ඒික දෙමලෙක්ට ප්‍රේිම කරනවා තරම් පහසු නෑ.

    මාකස් අයියාට මෙම අවස්ථාව ලබාදුන් සමිදානන්ට ස්තුතිවේවා.
    ආමෙන්! ####%$^&^&^

    ReplyDelete