This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 9 December 2019

පාප්වහන්සේ නාගසාකි නුවරට යාම

පාප්වහන්සේ ඉකුත් 23/11/2019 දින ජපානයේ නාගසාකි නුවරට ගියේය. අපිට ජපානයේ නාගසාකි කියපුවහම මතක් වෙන්නේ හිරෝෂිමා-නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරය. ඒ නිසා විනාශවූ මිනිස් ජීවිත. ඒ මහා විනාශය. පාප්වහන්සේ හිරෝෂිමා-නාගසාකි නගර දෙකටම ගියේය. විපතට පත්වූවන් වෙනුවෙන් දුක්වුයේය. ඔවුන් වෙනුවෙන් දෙවියන් යදින ලදි. නැවත එවැනි විනාශයක් නැවත සිදුනොවීමට කටයුතු කිරීම සියල්ලන්ගේම වගකීම බව පසක් කලේය. 


ඊට අමතරව පාප්වහන්සේ නාගසාකි නුවර තවත් විශේෂ ස්ථානයකට ගියේය. ඒ සා. පෝල් මිකී ඇතුළු ක්‍රිස්තියානීන් 25 දෙනෙකු 1597 දී කුරුසියේ ඇනගසා මරා දැමු ස්ථානය ය. අද එහි පල්ලියක්ද ඉදිකර තිබේ. එහෙත් ජපානය 1560 ගණන්වල සිට 1900 පමණ වනතුරු ක්‍රිස්තියානි ආගම තහනම් කර, ක්‍රිස්තියානි ආගම ඇදහු ජනයව මර දමන ලදි. විදේශීය මිෂනාරීන් බුරුතු පිටින් අත් අත් අඩංගුවට ගෙන දසවද දීලා මරාදමන ලදී. ක්‍රිස්තියානි ආගම එන්නේ පෘතුගාලයෙන් සහ බටහිර ජාතිකයන්ගෙන් යැයි සලකා කිසිම පෘතුගීසිකාරයෙකුට ජපානයට එම තහනම් කර තිබුණි. අවුරුදු 200ක් කිසිම කතෝලික /ක්‍රිස්තියානි පියතුමෙකු ජපානයේ සිටියේ නැත. 


එත් මිනිස්සු කතෝලික ආගම රහසින් ඇදහැවුහ. ඒ අයගේ දරුවන් රහසින්ම ක්‍රිස්තියානි කරමින් සිය විශ්වාසය දිගටම අරගෙන ගියේය. අද එහි මිලියන 5ක කතෝලිකයින් පිරිසක් සිටී. එහෙත් අතීතයේ තිබු ක්‍රිස්තියානි මර්ධනය කෙතරම් දරුණුද යන්න දන ගැනීමට අවශ්‍යය නම් 2016 තිරගතවූ Martin Scorsese ගේ Silence චිත්‍රපටිය බලන්න. එය කෙතරම් කෘර මර්ධනයක්ද ඔබට උගත හැක.


ඒ ජපානයේ ජපන් ජාතිකවාදය තහවුරුවීම ආරම්භවූ වකවානුවේ. ජපන් ජාතිකවාදය ජපානය රණශූර ජාතියක් බවට පත්කළේය. එකී යුද්ධවාදී ජපන් ජාතිකත්වය අවසනවුයේ හිරෝෂිමා-නාගසාකි වැනි දෙවන ලෝක යුද්ධයෙන් ජපානය පරාජය කිරීමට හෙළු පරමාණු බෝම්බ ප්‍රහාරයට මග පාදමිනි. එම විනාශයෙන් අළුදුවිලි වුනු ජපානය නැවත ඇමරිකාව සහ බටහිර ජාතීන් මැදිහත්වී ගොඩනගැන ලදී. ජපානය නැවත ගොඩනැගීමට පැහැදිලිවම ජපන් ජනයාගේ කැපවීමද ඒ සමග අමතක නොකළ යුතුය. 


ජාතිකවාදය ගෙන යන්නේ මොනතරම් විනාශයකටද යන්න දෙවන ලෝක යුද්ධයේ විනාෂය ඔවුන් තේරුම් ගන්නා ලදි. අද ඔවුන් එයින් පාඩම් ඉගෙන ගෙන යහපත් මිනිසුන් පිරිසක් ලෙස අන්අයගේ නිදහසක් ගරුකරමින් ජීවත්වීම පාප්තුමාගේ ගමන තුල සාක්ෂාත් කරනු ඇත. 

මාකස් ප්‍රියන්ත පෙරේරා.
01/12/2019


2 comments:

  1. මාකස් ලොක්කෝ,
    යොහොව්වාගේ සාක්ෂිකාරයන්ටනම් දෙවෙනි ලෝක යුද්ධකාලේ ජපන් අධිරාජ්‍යයෙන් ප්‍රශ්ණයක් වෙලා නෑ. එයාලා ජපන් නිලධාරීන්ට කියලා තියෙනවා.
    අපි අපේ රජු හැටියට පිලිගන්නේ ජේසුස්වහන්සේවයි.නමුත් පොලවේ රජවරුන්එක්ක ගනුදෙනුවෙනදී මධ්‍යස්තව ඉන්නවා කියලා. ඉතින් ජපන් නිලධාරීන් එයාලට කරදරයක් කරලා නෑ.

    කතෝලිකයෝ බටහිර අධිරාජ්‍යවාදීන්ට පුකදිලා ඉල්ලන්කන්න ඇති.

    ලංකාවෙදි වුනත් අපිට දකින්න පුළුවන් සිංහල කතෝලිකයෝ දෙමළ ජාතිවාදයට කඩේ යනවා.
    සිංහල බෞද්ධයෝ ඔව්වා ඉවසුවට, ජපන්නු ඉවසන්නේ නෑ.

    ReplyDelete
  2. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජපාන්නුත් සෑහෙන්න ඉවසීම පුරුදු කරන්. ඒ සම්බන්දයෙන් ජපන්නු බටහිරයන් පස්සෙන් පන්නන් ගිහින් නැමි නැමී ස්තුති කරන්නේ.

    ReplyDelete