This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 23 June 2016

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට චන්දය දෙයි, දැන් සිදුවන්නේ කුමක්ද ?

බ්‍රිතාන්‍යයගෙන් 52%ක් යුරෝපා සංගමයෙන් ඉවත්වීමට චන්දය දී තිබේ. ලන්ඩනය, ස්කෝට්ලන්තය, කේම්බ්‍රිජ්, ඔස්ෆෝර්ඩ්,  උතුරු අයර්ලන්තය වැනි ප්‍රදේශ කිහිපයක් හැරුණු කොට ඉංග්‍රීසි ජාතිකයන් බහුතරයක් වෙසෙන සෙසු ප්‍රදේශවල චන්දය විසින් ඔවුන්ට මෙම ජයග්‍රහණය  තහවුරැ කර දී ඇත. ඒ අනුව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නියමිතය. 

ඒ සදහා ක්‍රම දෙකක් අනුගමනය කළහැක. පළමු ක්‍රමය නම්  යුරෝපා ව්‍යවස්ථාවේ 50 වගන්තිය අනුව ක්‍රමානුකූලව ඉවත්වීමය. ඒ සදහා අවම වශයෙන් වසර 02ක් ගතවේ. අනෙක නම් නෝර්වීජියානු ක්‍රමයයි. එනම්  ඝෘජු ඉවත්වීමයි. 

කෙසේවෙතත්, බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සිදුවුවහොත් කුමන මාර්ගය අනුගමනය කරන්නේ දැයි කලින් දන්වා නොසිටින ලදී. කොහෙත්ම එවැනි අවස්ථාවක කලයුත්තේ කුමක්ද යන්න ගැන පැහැදිලි වැඩසටහනක් කලින් සැලසුම් කර නොතිබිණි. 

දැන් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සදහා කමිටුවක් පත් කරනු ලබනු ඇත. එහි නායකත්වය අගමැති ඩේවිඩ් කැමරන්ගන්නවාද?? ඔහු තවදුරත් අගමැතිකමේ සිටිනවාද? යන්න තීරණය කලයුතුව තිබේ. 

බ්‍රිතාන්‍යය මුදල් ඒකකයවන ස්ටාලින් පවුම විශාල ලෙස කඩාවැටීමක් සිදුව ඇත. එයද ක්ෂණිකව ආමන්ත්‍රණය කලයුත්තකක් වනු ඇත. තව පැය කිහියකින් ගනුදෙනු අරබන ලන්ඩන් කොටස් වෙළදපොලේ ඇතිවිය හැකි තත්වයද තීරනාත්මකවනු ඇත. ඒ සදහාද වහා මැදිහත්වීම් අවශ්‍යවනු ඇත. 

උතුරු අයර්ලන්තය සහ අයර්ලන්තය ජනරජ අතර දේශසීමාව නැවත ස්ථාපිත කරන්නේද ? යුරෝපයේ සිට පැමිනෙන ජනයා සම්බන්දයෙන් දැන් කුමක් කරන්නේද ? මෙහි සිටින යුරෝපීන්ට, ඔවුන්ගේ රාජ්‍ය සුබසාදන පහසුකම් වහා නැවත්වන්නේ ද? යන්න ගැන ප්‍රතිචාර දැක්විය යුතුව ඇත. ඒ සම්බන්දයෙන් කුමක් කරන්නේදැයි රාජ්‍ය සේවකයන් පවා බලා සිටිනු aතැයි බලාපොරොත්තුවේ. 

මේ අතර ස්කෝට්ලන්තය සහ  උතුරු අයර්ලන්තය යුරෝපා සංගමයේ දිගටම රැදී සිටීමට විශාල ජනවරමක් දී ඇත.  බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේන් ඉවත්වූවද ස්කෝට්ලන්තයට සහ  උතුරු අයර්ලන්තයට  යුරෝපා සංගමයේ දිගටම රැදීසිටීමට අවශ්‍යබව දක්වා තිබේ. 

ඒ අනුව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වන්නේද ? රැදී සිටින්නේද?    යන්න සම්බන්දයෙන් පැවැත්වූ ජනමතවිචාරණය බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේන් පමණක් නොව එක්සත් රාජධානිය වන මහා බ්‍රිතාන්‍යයද බෙදාවෙන්කර ඇත. 

තත්වය කළමනාකරණය කරගැනීම සදහා කුමක් කරන්නේද ? බ්‍රිතාන්‍යය මෙම ජනමතවිචාරණයේ ප්‍රතිපල දැඩි අවදානයට ගෙන   යුරෝපා සංගමය සමග නැවත විශේෂ වැඩපිලිවෙලෙකට අවතීරණය වෙනවාද යන්න ගැන බලාසිටිය යුතුය. 

නිල ප්‍රතිපලය සහ ඉදිරි වර්ධනයන් ගැන පසුව කථාකරමු !

මාකස් ප්‍රියන්ත පෙරේරා
24/6/2016 
7.00am (G.B.T.)

6 comments:

  1. යනවා නම් අනේ මං අරං
    යන තැනකට යන්න රත්තරන්

    ReplyDelete
    Replies
    1. හිගාකකා කොලපතක් අරන්
      ලුණුයි බතුයි කමුද රත්තරන් !!!!

      Delete
  2. එක්සත් රාජධානියෙන් ඉවත්වීමට හෝ බැඳීම අඩු කර ගැනීමට ක්‍රියාමාර්ග ස්කොට්ලන්තයේ ආයිත් මතුවෙයිද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම එහෙම සිද්දවෙයි !!! ස්කොට්ලන්තයේ විතරක් නෙමෙයි දැන් උතුරු අයර්ලන්තයෙත් මේ තත්වය මතුවෙයි !!!

      Delete
  3. ඔයත් හරියට ජේසුස් වහන්සෙ වගේ මේක ගැන නුහුරටමයි කතා කරන්නේ.
    එහෙම නෙමෙයි දැන් ජනතාව යම් තීරනයක් අරන් තියෙනවා. දැන් ඒකෙ තියෙන ධනාත්මක පැත්ත ගැන හිතලා ඒකට සහයෝගය දෙන්න.

    අනිත් දෙය තමයි ඉංග්‍රීසි නායකයෝ කියන්නේ ඉතාම කපටි මිනිස්සු වර්ගයක්. ඔය බෙදුම්වාදී ව්‍යාපාර පරාජය කරන විදිය එයාලා දන්නවා. ඉස්සරහට එයාලා කරන දේවල් වලින් සිංහලයන්ටත් ඉගෙන ගන්න දෙයක් තියෙයි.

    ReplyDelete
  4. මං හිතන්නේ නෝවීජියානු ක්‍රමය නෙමෙයි වෙන එකක් එයාල පාවිච්චි කරාවි..

    ReplyDelete