2014දී බෙල්ජියමේ පිහිටි එක්සත් ජාතීන්ගේ විශ්ව විද්‍යාලය (United Nations University) විසින් නිකුත්කළ ලෝක අවදානම් දර්ශකයට (World Risk Index 2014) අනුව දියුණුවෙමින් පවතින රටවල් ලෝකයේ ස්වභාවික ව්‍යාසන සහ අපදා සදහා ඉතා ඉහළ අවදානම් පවතින රටවල් ලෙස දක්වා තිබේ.
මෙම ගණන් බැලීමේදී ඔවුන් අවධානය යොමුකල කරුණු 04ක් විනි. ඒවා නම්:
1.අදාල රට ස්වභාවික ව්‍යාසන සහ විවිධ අනතුරුවලට කෙතරම් නිරාවරණව පවතීන්නේද යන්න (exposure) ,
2. එම රටේ ග්‍රාහ්‍යතාව හෙවත් ස්වභාවික ව්‍යාසන හමුවේ රටක යටිතල පහසුකම්, පෝෂණ තත්වය සහ දිළිදුකම ආදිය කෙතෙක් දුරට අනතුරට ලක්වෙන්නේද යන්න (susceptibility),
3.ස්වභාවික ව්‍යාසන සහ අපදා තත්වයකට ලක්වූ විට අදාල රට කෙතරම් එම අනතුරට මුහුණදීමට සහ එය අභිබවා කටයුතු කිරීමට හැකිද, එය කෙතෙක් දුරට කළමනාකරණය කරගත හැකිද, ඒ සදහා කෙතරම් සුදානමක් තිබේද, අපදා සැලසුම් තිබේද, කෙතෙක් දුරට එම අපදා සැලසුම් ක්‍රියාත්මකව තිබේද යන්න (coping capacity),
4.එමෙන්ම එවැනි අපදා සහ ස්වභාවික ව්‍යාසන තත්වයකින් පසුව එම රට එයට අනුවර්තනයවීමට හෝ උපයෝජ්‍යවීමට ඇති හැකියාව හෙවත් එවැනි තත්වයක් නැවත ඇති නොවීමට හෝ අනාගතයේදී එය අඩුකර ගැනීමට එම රටවලට කෙතක්දුරට හැකියාවක් ඇතිද (Adaptive capacity) යන්න යන කරුණුය.
මෙහිදී යම් රටක් ස්වභාවික ව්‍යාසන සහ විවිධ අපදාවලට කෙතරම් නිරාවරණව පැවතීන්නේද යන්න (exposure) අඩු කළහැකි කරුනක් ලෙස සලකු නමුත් එය සම්පුර්නයෙන්ම විතැන්කල හැකි කාරණයක් ලෙස සලකා නැත.
එහෙත් සංවර්ධන ක්‍රියාදාමය ඔස්සේ ග්‍රාහ්‍යතාව (susceptibility), මුහුණදීමේ හැකියාව (coping capacity) සහ උපයෝජ්‍යවීමට ඇති හැකියාව හෙවත් අනාගතයේදී එය අඩුකර ගැනීමට එම රටවලට කෙතක්දුරට හැකියාව ඇත්ද (Adaptive capacity) යන්න ආදිය ඉහළ දැමිය හැකි තත්වයන් ලෙස දක්වන ලදී. තවද එය සංවර්ධනයේ එක මුහුණුවරක් ලෙසද ඉදිරිපත්කර ඇත.
මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව ඉහල (High) ස්වභාවික ව්‍යාසන සහ විවිධ ආපදාවලට ලක්විය හැකි රටක් ලෙස සලකන අතර පසුගිය වසර 20ක කාලය පුරාම ශ්‍රී ලංකාව මෙම ඉහල (High) අනතුරුදායක කාණ්ඩයට අයත් රටවල් කොටසේම නතරව තිබෙන බව පෙනීයයි. කෙතරම් සංවර්ධන පුරාජේරු දෙඩුවද ශ්‍රී ලංකාව දිගින් දිගටම පැවැත ඇත්තේ මෙම ඉහල (High) ස්වභාවික ව්‍යාසන සහ විවිධ ආපදාවලට ලක්විය හැකි රටක් ලෙසය.
ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ නායයාමටත් ගංවතුරටත්, විශේෂයෙන් කොළඹ අවට බොහෝ ප්‍රදේශවිශාල ජලගැලීමකටත් ලක්වී ඇති මේ දිනවල ඉහත එක්සත් ජාතීන්ගේ විශ්ව විද්‍යාලය නිකුත්කල ලෝක අවදානම් දර්ශකයේ (World Risk Index) කරුණු සලකා බැලීමකින් තොරවවුවද ඇසිය හැක්කේ කෝ මේ ඊනියා සංවර්ධනය යන්න නොවේද ?
මාකස් ප්‍රියන්ත පෙරේරා.
22/05/16
විධිමත් සැළසුමක් නැති කයිවාරු සංවර්ධනයට වඩා හොඳයි එක තැන පල්වෙන්න හරි මුකුත් නොකර ඉන්න එක. අපිම ලනු අඹරගෙන, අපිම තොන්ඩු හදාගෙන, අපිම එල්ලෙන ජාතියක් කියලා තමයි හිතන්න වෙන්නේ. අඩියක්වත් ඉස්සරහට හිතන්නේ නැහැ. නිකමට disaster management center වෙබ්සයිට් එකට ගිහිල්ල බලන්න අපේ සංවර්ධනේ. රෙද්ද අස්සෙන් බේරෙනවා.
ReplyDeleteඇත්ත අරුණ, විවිධිමත් සැලැස්මක් නැති එක තමයි අපේ රටේ සංවර්ධනයයි හදුන්වන ක්‍රියාදාමයේ ඇති ප්‍රධානම අවුල.
ReplyDelete