This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 19 November 2015

එය ප්‍රංශ කොඩිය නොවේ, ලොයලා විදුහලේ කොඩිය ය !!!


ඉකුත් සදුදා (16/11/2015) කෙටි පණිවිඩයක් එවූ මගේ මිතුරෙක් මීගමුවේ පාසැලක  ප්‍රංශ කොඩිය ඔසවා තිබෙන බව  දන්නේ දැයි මගෙන් විමසා සිටින ලදී.  

පසුගිය සිකුරාදා (13/11/15) ප්‍රංශයේ පැරිස් නුවරට එල්ලවූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් විපතට පත් ජනයාට ශෝකය කිරීම සදහා Facebook පිටුවල profile පින්තූර ප්‍රංශ ජාතික ධජයේ වර්ණයන්ගෙන් හැඩගැන්වීම ගැන විශාල ආන්දෝලනයක් මතුව තිබු එම දිනවල ලැබුන ඉහත පණිවිඩය මීගමුව ගැන නිතර ලියන මා තුලද කුතුහලයක් ජනිත කිරීමට සමත්විය. 

කරුණු සොයාබැලීමේදී පෙනීගියේ මාගේ මිතුරාගේ කෙටි පණිවිඩයේ සදහන් වූ තොරතුර පදනම් වී තිබුනේ 16/11/2015 දින මීගමුවේ ලොයලා විදුහලේ ආදී සිසුන් අතර හුවමාරුවූ ඔවුන්ගේ විදුහලේ ඡයාරූප කිහිපයක් අතර ප්‍රංශ ජාතික ධජයේ වර්ණයන්ට සමාන (පහත ආකාර)  කොඩියක්ද  පැවතීම බව පෙනුණි.  

නිල්, සුදු, සහ රතු වර්ණයන්ගෙන් යුතුව සිරස් අතට විහිදුන ප්‍රංශ ජාතික ධජය මෙන්ම මීගමු ලොයලා විදුහලේ කොඩිය ද නිල්, සුදු සහ ලේරතු පාට  හෙවත් මෙරූන් වර්ණවලින් යුතුය. එහෙත් එම  වර්ණයන් තිරස් අතට විහිදී ඇත. ඒ අනුව වර්ණයන්ගේ යම් සමානකමක් තිබුනද මගේ මිතුරා පැහැදිලිවම ලොයලා විදුහලේ පාසැල් කොඩිය සහ ප්‍රංශ ජාතික ධජය පටලවාගෙන ඇති බව මට පෙනීයන ලදී. ඒබව ඔහුට දන්වා එම විදුහලේ හිටපු සිසුවියකගෙන් ගෙන්වා ගත්  විදුහලේ වර්ණයන් සහ එහි අදහස් පැහැදිලි කරන පහත ඇති  විස්තරයද ඔහුට යවන ලදී.  
පැහැදිලිවම, නිල්, සුදු සහ රතු වර්ණයන්ගෙන් යුතු කොඩි ප්‍රංශය
හැර ලෝකයේ තවත් රටවල් 20කට වඩා වැඩියෙන් භාවිතා වේ. එමෙන්ම පාසැල් මෙන්ම වෙනත් ආයතන වලද එම වර්ණයන්ගෙන් යුතු කොඩි දස දහස් ගණනක් භාවිතාවේ. ශ්‍රී ලංකාවේද විවිධ ආයතන සහ දහස් ගණනක් පාසැල්වල භාවිතා වන කොඩි  අතර ද ඉහත ආකාර නිල්, සුදු, සහ රතු වර්ණයන්ගෙන් යුතු කොඩි එමටය. 

කෙසේවුවද, මාගේ මිතුරා ගේ  විමසුම පිලිබදව ආපසු සිතා බැලීමේ දී මට පෙනීගිය කරුණු දෙකක් විය. 

එකක් නම් මීගමුවේ බොහෝ දෙනා මෙන්ම ලංකාවේද ඇතැම් දෙනා තුල මීගමුව ලොයලා විදුහලට අද යොමුවී ඇති අවධානයයි. 1949 පෙබරවාරි මස 02 දින මීගමු පෙරියමුල්ල දේවස්ථාන භූමියේ කුඩාවට ඇරැබි මීගමුව ලොයලා විදුහල අද දැවැන්ත විදුහලකි. එය පහසුකම් අතින් මෙන්ම ශාස්ත්‍රීය, ක්‍රීඩා සහ වෙනත් බොහොමයක් අංශවලින් ද මහත් ඉදිරියකට පැමිණ තිබේ. 



නවීන ලෝකය ජයගැනීමට සමත් විශිෂ්ඨ ගුරු මණ්ඩලයක් මෙන්ම දක්ෂ දු පුතුන් පිරිසක්ද එහි සිටී. එහෙයින් ජාත්‍යන්තර වශයෙන් මිනිස් වර්ගයාටත් ඔවුන්ගේ ශිෂ්ටාචාරයත් කම්පාවන සිදුවීමකට ප්‍රතිචාර දැක්වීමට මීගමුවේ ලොයලා විදුහල මුලපිරුවේදෝ දැයි මහත් අදහසක් ඉහත මගේ මිතුරාගේ පණිවිඩය තුල තිබු බව මට සිතුනි. 

අනෙක නම් ලොවපුරාම Facebook සමාගම මෙන්ම වෙනත් රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතනද පැරිස් නුවරට එල්ලවූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් විපතට පත් ජනයාට ශෝකය පලකිරීමට ප්‍රංශ ජාතික ධජයේ වර්ණයන්ගෙන් මෙන්ම අයිෆෙල් කුළුන වැනි ප්‍රංශ ජාතික සංකේතයන් භාවිතා කරමින් සොව පලකල පළමු අවස්ථාව මෙය විය. එනම් එක රටක සිදුවූ, ජාත්‍යන්තර ජනමාධ්‍ය මගින් දැවැන්ත අවධානයක් ලබාදුන්, ඛේදවාචකයක් සදහා එම රටේ ජාතික වර්ණයන් හෝ  ජාතික සංකේතයන් භාවිතා කරමින්  ලෝකයේ සෑම අස්සක් මුල්ලකම ශෝකය පලකල පළමු අවස්ථාව මෙය විය.  මගේ මිතුරා ද ඉන් කුල්මත්ව සිටි බවක් පෙනුණි.

එය ලෝකය පුරාම ජාත්‍යන්තරවාදී හැගීමක් හෙවත් 'ඒක ලෝකවාසී ප්‍රජාවක්'ය යන හැගීම ප්‍රවර්ධනය කිරීමට නිමිත්තක් වුවාය යන්න පෙනේ. ඉදිරියේදී ද මේ ආකාරට ලෝකය පුරාම පොදු යහපත වෙනුවෙන් එක් හඩකින් හඩ නගන ලෝකයක් නිර්මාණය කරගැනීමට හැකි නම් මේ පොලෝ තලය කෙතරම් සුන්දර වේද !!!

මාකස් ප්‍රියන්ත පෙරේරා
19/11/15.

2 comments:

  1. මාකස් @ ඔය ඊනියා හැඟීම තියෙන්නෙ ප්‍රංශකාරයො මැරුනම විතරද
    ඉරාකෙ ඇෆගනිස්තානෙ මිනිස්සු මිනිස්සු නෙමෙයිද
    බටහිර නොවන රටක මෙහෙම දෙයක් වුනහම ඒක අඩුගානෙ නිව්ස් එකක්වත් වෙනවාද. උන් දවසට 150 ගානෙ මැරෙනව
    ලංකාවෙ බෝම්බ පුපුරනකොට ප්‍රංශකාරයො ලංකා කොඩිය ප්‍රොෆයිල් පික්චර් වලට දාගත්ත නිසා අපිත් දාගන්න ඕන තමයි.
    ඔයාලගෙ මානව හිතවාදෙ නිකම් බොරු ෂෝ නෙහ්
    https://theruamknatha.wordpress.com/2015/11/16/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A9%E0%B7%92%E0%B6%BA/

    ReplyDelete
  2. ශ්‍රී ලංකා යුද හමුදාවේ රෙජිමේන්තුවක් වන, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ ධජයත්, නිල් සුදු රතු, වර්ණ වලින් යුක්තයි.

    http://220.247.214.182/sfkilinochchi/images/574_2_13slng/flag.jpg

    ReplyDelete