This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 8 October 2015

ඉරානය හිට්ලර්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක


දේශපාලනයට පැමිණීමට පෙර ඔස්ට්‍රියාවේ වියානා (Vienna) නුවර චිත්‍ර ශිල්පියෙක් ලෙස කටයුතු කල ඇඩොල්ෆ් හිට්ලර් විසින් 1910-20 අතර කාලයේදී අදින ලද දුර්ලභ චිත්‍ර දැන් ඉරානයේ පැවැත්වෙන චිත්‍ර ප්‍රදර්ශනයක ප්‍රදර්ශනය කරමින් තිබේ. 

දෙවන ලෝක යුධය අවසානයේ දී ඉරානයේ ධනවත් ව්‍යාපාරිකයෙක් විසින් යුරෝපයේ වටිනා චිත්‍ර එකතු කරන්නෙකුගෙන් මෙම චිත්‍ර මිලට ගෙන ඉරානයට රැගෙන ආවේයැයි සැලකේ. 1979 ඉරාන ඉස්ලාමිය විප්ලවයෙන් පසුව මෙම චිත්‍ර එරට මුස්ටශේෆාන් ඉස්ලාමිය පදනමට (Mostazafan Foundation) ලබාදී තිබේ. 

ඇඩොල්ෆ් හිට්ලර් වැනි ලේපිපාසිත වර්ගවාදී ඒකාධිපතියෙකු විසින් මෙවැනි අති දක්ෂ චිත්‍ර නිර්මාණයන් නිමවුයේ කෙසේදැයි මෙම ප්‍රදර්ශනය නැරබීමට පැමිණෙන ඉරානීය ජනයා විමතියෙන් විමසන්නේ යැයි ඉරාන ප්‍රදර්ශන සංවිධායකයන් පවසයි. 
එහෙත් ඊශ්‍රායල සහ තවත් බටහිර රටවල් ප්‍රකාශකරනුයේ මෙවැනි චිත්‍ර ප්‍රදර්ශනයන් මගින් ඇඩොල්ෆ් හිට්ලර් වැනි බිහිසුණු වර්ගවාදී ආඥාදායකයන් නැවත උත්කර්ශනයට පත්කරන බවයි. තවද එය ඔහුගේ පාලනය යටතේ සාහසික අපරාධයන්ට ලක්වූ සහ වධකාගාරවල මියගිය දහසකුත් ජනයාගේ ඥාති-මිත්‍රාදීන්ට තවදුරටත් මානසික හිංසනයක් කැදවන බවට ඔවුන් තර්ක කරයි. 

ඉරානයේ හිටපු පාලක (2005-13) මොහොමඩ් අහමඩිජාන් (Mahmoud Ahmadinejad) මීට පෙර කිහිපවතාවක්ම ප්‍රකාශ කලේ තමන් හිට්ලර්ගේ පාලනය යටතේ 60 ලක්ෂයක් යුදෙව් ජනයා සමූලඝාතනය වූ බව ප්‍රතික්‍ෂේප කරන බවයි. වර්ගවාදයට, හිංසනයට සහ සාහසිකත්වයට විරුද්ධ බොහෝ දෙනාගේ විරෝධයන් හමුවේ පවා ඔහු (අහමඩිජාන්) ප්‍රකාශකලේ එය යුදෙව් ජනයා ලෝකය පුරාම පතුරුවූ ප්‍රබන්ධයක් පමණක් බවයි. අවශ්‍යනම් එය ඔප්පුකිරීමට තමන් ඉරානයේ ජාත්‍යන්තර සම්මන්ත්‍රනයක් සහ ප්‍රදර්ශනයක් කැදවන බව ඔහු කලකට පෙර ප්‍රකාශකළේය. මේ එහි අරම්හයක් දැයි කිසිවෙකුට ප්‍රශ්න කල හැක.
මාකස් ප්‍රියන්ත පෙරේරා
08/10/2015. 

7 comments:

  1. හිට්ලර් චිත්‍ර ශිල්පියෙක්ද..දැනගන්න ලැබීම ගැන සතුටුයි!

    ReplyDelete
  2. ඔව්, ඇඩෝප් හිට්ලර් ගැන, ඔහුගේ නාසී පක්ෂයේ වැඩපිළිවෙල ගැන, ඔවුන් බලයට පැමිණියේ කොහොමද? ඒ සදහා ඔවුන් භාවිතාකල උපාය උපක්‍රම මොනවාද? ජාතිවාත්සල්‍ය සහ විද්‍යාත්මක සංවර්ධනය පෙරටු කරගනිමින් බලයට පැමිණි ඔවුන් ජර්මන් ජාතියම විශාල ප්‍රපාතයකට ඇද දැම්මේ කොහොමද? කියලා නැවත විමසාබලන්න ලංකාවේ අපිටත් දැන් කාලය පැමිණ තිබෙනවා කියලයි මට නම් හිතෙන්නේ.

    ReplyDelete
  3. යුදෙව් සමූලඝාතනය තරම් මා කම්පනයට පත් කළ වෙන සිද්ධියක් නැති තරම්. හැබැයි මේක යුදෙව්වන් කියන විදියටම වුනාද කියන සැකයත් තිබෙනවා. විශේෂයෙන්ම මේ සංඛ්‍යාව ගැන. ඔය කාලෙ ලෝක යුදෙව් ජනගහනයම වුනත් හැට ලක්ෂයක් නොසිටින්න ඇති. එහෙත් නාසි කෲරත්වය අවතක්සේරු කරනවා නොවෙයි.

    ReplyDelete
    Replies
    1. කොපමණ යුදෙව්වන් ප්‍රමාණයක් ඝාතනය වූවාද යන්නගැන විවාදයක් තිබෙන බව මම පිලිගන්නවා. ඒවගේම එය සංඛ්‍යාත්මකව හෝ ප්‍රතික්ෂේප කල පුද්ගලයින්ට විරුද්ධව නඩු පවරා ඔවුන්ව සිරගතකල අවස්ථාත් ඕනෑ තරම් වාර්තා වී තිබෙනවා. එයට හොදම උදාහරණය තමයි 1974 දී Did Six Million Really Die? පත්‍රිකාව ලියු රිචඩ් හෝර්වර්ඩ්ට වෙච්චදේ !!! කෙසේවෙතත් 1933 වෙද්දී යුරෝපයේ පමණක් මිලියන 9.5 ක යුදෙව්වන් පිරිසක් සිටි බවත් 1950 වනවිට යුරෝපයේ සිටියේ යුදෙව්වන් මිලියන 2ක් පමණක් බවත්, යුරෝපයෙන් අනෙකුත් ප්‍රදේශවලට පලාගිය පිරිස මිලියනක් පණක් බවත් Jewish Document Centre ආයතනය නිලවශයෙන් ගණන් බලා තිබෙනවා. ඔවුන්ට අනුව 1933 දී ජර්මනියේ ලක්ෂ 6ක් වූ ජර්මන් යුදෙව් ජනග්‍රහණයෙන් යුද්ධය අවසාන වනවිට ඉතිරීවී තිබෙන්නේ 30000 ක් පමණ යි, ලක්ෂ 30 ක් වූ පෝලන්ත යුදෙව්වන්ගෙන් ඉතිරීවුයේ 45,000 විතරයි, ලක්ෂ 20 ක් වූ සෝවියට් දේශයේ සිටි යුදෙව්වන්ගේන් ඉතිරිවී ඇත්තේ ද 30000 කට මදක් වැඩි ප්‍රමාණයක් විතරයි. මේ චෙකොස්ලෝවැකියාවේ, රුමේනියාවේ, නෙදර්ලන්තයයේ, පින්ලන්තයේ, ඔස්ට්‍රියාවේ වැනි රටවල සංඛ්‍යාලේඛන වලට අමතරවයි. ඒවත් එක්ක 60 ලක්ෂයක් සමූලඝාතනය කාලයයි කිසිඅපහසුවකින් තොරව යුදෙව් ජනයාට කියසිටීමට ඇතිතරම් සාක්ෂි තිබෙනවා.

      Delete
    2. කොපමණ යුදෙව්වන් ප්‍රමාණයක් ඝාතනය වූවාද යන්නගැන විවාදයක් තිබෙන බව මම පිලිගන්නවා. ඒවගේම එය සංඛ්‍යාත්මකව හෝ ප්‍රතික්ෂේප කල පුද්ගලයින්ට විරුද්ධව නඩු පවරා ඔවුන්ව සිරගතකල අවස්ථාත් ඕනෑ තරම් වාර්තා වී තිබෙනවා. එයට හොදම උදාහරණය තමයි 1974 දී Did Six Million Really Die? පත්‍රිකාව ලියු රිචඩ් හෝර්වර්ඩ්ට වෙච්චදේ !!! කෙසේවෙතත් 1933 වෙද්දී යුරෝපයේ පමණක් මිලියන 9.5 ක යුදෙව්වන් පිරිසක් සිටි බවත් 1950 වනවිට යුරෝපයේ සිටියේ යුදෙව්වන් මිලියන 2ක් පමණක් බවත්, යුරෝපයෙන් අනෙකුත් ප්‍රදේශවලට පලාගිය පිරිස මිලියනක් පණක් බවත් Jewish Document Centre ආයතනය නිලවශයෙන් ගණන් බලා තිබෙනවා. ඔවුන්ට අනුව 1933 දී ජර්මනියේ ලක්ෂ 6ක් වූ ජර්මන් යුදෙව් ජනග්‍රහණයෙන් යුද්ධය අවසාන වනවිට ඉතිරීවී තිබෙන්නේ 30000 ක් පමණ යි, ලක්ෂ 30 ක් වූ පෝලන්ත යුදෙව්වන්ගෙන් ඉතිරීවුයේ 45,000 විතරයි, ලක්ෂ 20 ක් වූ සෝවියට් දේශයේ සිටි යුදෙව්වන්ගේන් ඉතිරිවී ඇත්තේ ද 30000 කට මදක් වැඩි ප්‍රමාණයක් විතරයි. මේ චෙකොස්ලෝවැකියාවේ, රුමේනියාවේ, නෙදර්ලන්තයයේ, පින්ලන්තයේ, ඔස්ට්‍රියාවේ වැනි රටවල සංඛ්‍යාලේඛන වලට අමතරවයි. ඒවත් එක්ක 60 ලක්ෂයක් සමූලඝාතනය කාලයයි කිසිඅපහසුවකින් තොරව යුදෙව් ජනයාට කියසිටීමට ඇතිතරම් සාක්ෂි තිබෙනවා.

      Delete
  4. හිට්ලර් චිත්‍ර ශිල්පියෙක් හැටියට අසාර්ථක වුනා. එහෙම නොවී සාර්ථක වුනා නම් ..................................................................................................................

    ReplyDelete
  5. හෙල්ලෝ අජිත් කොහොමද ? ඔයා අහන්නේ හිට්ලර්ට මොකක් වෙන්න පුළුවන්ද කියලා නම් එකට උත්තරයක් දෙන්න දන්නැහැ. නමුත් ජර්මනියට වෙන්ඩ පුළුවන් මොකක්ද කියන ඒක ගැනනම් විවිධ ප්‍රක්ෂේපන තිබෙනවා, එකක් තමයි ජර්මන් කොමියුනිස්ට් පක්ෂය (KDP) බලයට පත්විය හැකියි කියන ඒක. ඒක හිට්ලර්ගේ 'මගේ සටන' පොතෙත් තියෙනවා. ඒක තමයි ඔහු බලයට පැමිණීමට වැයූ පදය. ඒ නිසාම ප්‍රංශය සහ එංගලන්තය ඔහුගේ මුල්කාලයේදී දැක්වුයේ තරමක් අනුමත කරන ප්‍රතිපත්තිය. වැඩි ඈතක යන්න ඕනෑ නැහැ බලන්න මේ රටේ (UK) 10 වසරේ ළමයින්ට නිර්දේශකර ඇති ඉතිහාස අතිරේක කියවීම් පොතක් වන Russia and the USSR 1900-1995, පිටු 7, 54-59.

    ReplyDelete