This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 26 June 2015

මීගමුවට TV ආවේ 1976 ටත් පෙරද ?



ශ්‍රී ලංකාවේ මුල්ම රූපවාහිනී සේවය වන ස්වාධීන රූපවාහිනී සේවය ආරම්භ කලේ 1979යේ අප්‍රියල් 13 වන දිනය. ඒහින් ශ්‍රී ලංකාවේ රූපවාහිනී යන්ත්‍ර විකිණිම ආරම්භ විය යුත්තේ ඒ සමග සහ එයට පසුවය. 

එහෙත් ඊට වසර 03නකටත් පෙර, එනම් 1976 වන විටත් මීගමුවේ 'නැෂිනල් සහ පැනසොනික්' ඒජන්ත ආයතනය විසින් රූපවාහිනී යන්ත්‍ර විකුනමින් සිටි බවට පුවතක් වේ. 

ඒ එංගලන්තයේ Cussins & Light සමාගමේ එවකට අධ්‍යක්ෂකවරයා වූ Denys Cussins මහතාගේ සංචාරක සටහන් වලට අනුවය. ඩෙනිස් මහතා සහ ඔහුගේ බිරිද වූ වෙරෝනිකා 1976 මාර්තු මාසේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවී ඇති අතර එහිදී ඔවුන් මීගමුවේ ග්‍රීන්ස් පාරේ වර්තමාන 'අංසගි ෆැන්සි හවුස්' / විසිතුරු යන  පිහිටා තිබු ස්ථානයේ පවත්වා ගෙන ගිය 'සිල්වර්ටන්' (Silvertone) සාප්පු සංකීර්නයේ පිහිටා තිබු ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය 'නැෂිනල් සහ පැනසොනික්' ඒජන්ත ආයතනය දැක පුදුමයටත් කුතුහලයට පත්ව එයට ගොඩවී මේ සම්බන්ධයෙන් විමසා ඇත. 

එහිදී මෙම ආයතනය පවත්වාගෙන ගිය සිරිල්  සිරිල් සමරසේකර මහතා සහ ලීලා මැතිනිය තමන් මීගමුවේ 'නැෂිනල් සහ පැනසොනික්' නිල ඒජන්තයන් බවත්, මුලික වශයෙන් රේඩියෝ, විදුලි පංකා ආදිය විකුණන බවත්, එහෙත් ඉල්ලීමක් කළහොත් රූපවාහිනී යන්ත්‍ර ද ගෙන්වා දෙන බවත් දන්වා ඇත. ඒ වනවිටත් ඔවුන් රූපවාහිනී යන්ත්‍ර කිහිපයක්ද, අමතර කොටස් කිහිපයක් පාරිභෝගීකයන්ට ගෙන්වා දී තිබු බව දන්වා ඇත. 


මේ පුවත අසා ඩෙනිස් මහතා සහ ඔහුගේ බිරිද වූ වෙරෝනිකා මහත් විස්මයකට පත්ව ඇත්තේ ලංකාවේ ඒවන විටත් නිල රූපවාහිනී නාලිකාවක් නොතිබි නිසාය. එහෙත්  කොළඹ සිට ක්‍රියාත්මක වූ TV Sri Lanka යනුවෙන් පෞද්ගලික නාලිකාවක් තිබී ඇත. මීගමුවේ රූපවාහිනී යන්ත්‍ර හිමි ධනවත් පිරිස් ඒවන විටත් එම කොළඹ සිට ක්‍රියාත්මක වූ පෞද්ගලික නාලිකාවන් මීගමුවේ සිට නැරබීමට ඇත. 

ඉහත ඡයාරූපයේ ඇත්තේ මීගමුවේ 'නැෂිනල් සහ පැනසොනික්' නිල ඒජන්තයන්වූ, සිරිල් මහතා සහ එම මැතිනියත්, ඩෙනිස් මහතාගේ බිරිද වූ වෙරෝනිකාත්ය. 


මාකස් ප්‍රියන්ත පෙරේරා  
26/06/2015.

පසුව ලියමි. 

මෙම පුවත සම්බන්දයෙන් තවත් තොරතුරු කිහිපයක්  සොයාගැනීමට ලැබුණි. එම තොරතුරු වලට අනුව මෙම මීගමුව 'සිල්වර්ටන්' (Silvertone) සාප්පු සංකීර්නයේ පිහිටා තිබු 'නැෂිනල් සහ පැනසොනික්' ඒජන්ත ආයතනය පවත්වාගෙන ගිය වෙළෙද නියෝජිතයා වන සිරිල් සමරසේකර මහතාගේ බිරිද ලීලා මුතුමැණිකේ වූ අතර ඉහත ඡයාරූපයේ ඉංග්‍රීසි ජාතික වෙරෝනිකා මහත්මියට දකුණු පසින් සිටින්නේ ඇයයි. මෙම සිරිල් මහතා සහ මුතුමැණිකේ මහත්මිය මීගමුව බෞද්ධ මන්දීරය ගොඩනැගී සදහා මහත් කැපවීමෙන් ක්‍රියාකල ධානපතීන්ය. 

මීගමුවේ අද ප්‍රමුඛතම විදුලි සහ විද්‍යුත් උපකරණ විකුණන වෙළද ව්‍යාපාරයක් වන 'ජයන්ති ඉලෙක්ට්‍රිකල්ස්' ව්‍යාපාරයේ අධිපති අප්පුහාමි මහතා මුලින්ම සේවයකර ඇත්තේ මෙම 'සිල්වර්ටන්' ගොඩනැගිල්ලේ පිහිටි මීගමුවේ 'නැෂිනල් සහ පැනසොනික්' ඒජන්ත ආයතනයේය. සිරිල් මහතා තවත් හවුල් කරුවෙකු සමග පවත්වාගෙන ගිය එම ව්‍යාපාරය බිදවැටීමෙන් පසුව අප්පුහාමි මහතා 'ජයන්ති ඉලෙක්ට්‍රිකල්ස්' ව්‍යාපාරය ආරම්භ කර ඇත.  

මෙයටත් වඩා පුදුම උපදවන සුළු තොරතුරක් වනුයේ මීගමුවේ මුලින්ම  රූපවාහිනි විකිණීම අරභා ඇත්තේ 1974 දී  'කාටූබාවා' නම් මුස්ලිම් වෙළෙද මහතෙකි. මීගමුවේ කාලයකට පෙර පැවති 'Negombo Electricals' ආයතනය සහ මේ 'කාටූබාවා' නම් ව්‍යාපාරික මහතාගේ නම අතර සම්බන්දයක් පැවතිය ද එය පැහැදිලි නැත. කෙසේවුවද 'කාටූබාවා' මහතා මීගමුවේ බයිසිකල් වෙළදාම සම්බන්දයෙන් විශාල ප්‍රසිද්ධියක් දිනා සිටියේය. ඒ ඔහු එංගලන්තයේ නිපදවූ ඉස්තරම් රැලේ බයිසිකල් (Raleigh Bicycle)  මීගමුවට ගෙන්වා බෙදාහැරීම නිසාය. 


මාකස් ප්‍රියන්ත පෙරේරා  
29/06/2015.

12 comments:

  1. 1980 දී අපේ ගෙදරට ගෙනාපු අඟල් 20 නැෂනල් වර්ණ රූපවාහිනිය තවම වැඩ!

    ReplyDelete
    Replies
    1. Antiques, පරිසම්කරලා තියාගන්න.

      Delete
    2. Antiques, පරිසම්කරලා තියාගන්න.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  2. දැන් ඔතන තියෙන්නේ අංසගි ෆැන්සි හවුස් එක නොද ඇතින් පෙනවා බමා ජුවලර්ස් එකත් තියෙනවා

    ReplyDelete
  3. මාකස් මහතා

    අදයි ඔබේ බ්ලොගයට ගොඩ වැදු‍නේ - ඇත්තෙන්ම මේ පෝස්ටුවේ මට වඩාත්ම කුතුහලාත්මක කාරණය මේකයි ////එහෙත් කොළඹ සිට ක්‍රියාත්මක වූ TV Sri Lanka යනුවෙන් පෞද්ගලික නාලිකාවක් තිබී ඇත.///
    කරුණාකර අපි බහුතරයක් නොදන්න ඒ ලංකාවේ පළමු රූපවාහිනී නාලිකාව ගැන තව දුරටත් දැනුවත් කළ හැකිද ? 

    ස්තූතියි

    ReplyDelete
  4. CSL මහතා, දැන් ITV කියලා තිබෙන්නේ මේ TV Sri Lanka නාලිකාවයි. එය ශාන් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කර පසුව ජයවර්ධන රජය විසින් රජයට පවරා ගෙන ITV ලෙස වර්ධනය කළබවයි අසා ඇත්තේ.

    ReplyDelete
  5. CSL මහතා, දැන් ITV කියලා තිබෙන්නේ මේ TV Sri Lanka නාලිකාවයි. එය ශාන් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කර පසුව ජයවර්ධන රජය විසින් රජයට පවරා ගෙන ITV ලෙස වර්ධනය කළබවයි අසා ඇත්තේ.

    ReplyDelete
  6. ඒ කාලේ ඉතින් දැන් වගේ අසේම්බල් බඩු ආවේ නෑනේ. කෙලින්ම ජපන් තමයි..

    ReplyDelete
  7. ඔබගේ ලිපියේ මූලාශ්‍රය වූ Denys Cussins මහතාගේ සංචාරක සටහන් අන්තර්ජාලයේ තිබෙද? if so pls mail me the link to home_41@yahoo.com

    ReplyDelete