නුතන සිංහල නාට්‍යය කලාවේ මුදුන් මල්කඩ එදිරිවීර සරච්චන්ද්‍රයන් යැයි පොදු පිළිගැනීමක් ඇත. ඔහු නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ගොඩනැගුන ජාතික අනන්‍යතාවයට ගැලපෙන නාට්‍ය සම්ප්‍රදායක් ගොඩනැගූ ප්‍රථමයා ලෙසත්, 1956 දී වේදිකා ගතකල ඔහුගේ මනමේ නාටකය මෙහිලා මුලපිරූ බවත් අද පොදුවේ පිළිගනී.
මේ කාලයේ ශ්‍රී ලංකාවේ සිංහල භාෂාව, සාහිත්‍ය සහ කලාව ගැන පුවත්පත්වලට වැඩිපුරම ලිපි ලියන ලියනගේ අමරකීර්ති මහතා 2014/01/09 දින දිවයින පුවත්පතට ලියන ලද ලිපියක දැක්වුයේ මනමේ වැනි විශිෂ්ට කලා කෘති හුදෙක් කලා කෘති පමණක් නොවන බවයි. ඔහුට අනුව 'සරච්චන්ද්‍ර ගේ මනමේ විසින් සිංහල සංස්‌කෘතික ඉතිහාසයේ එන ජාතක කතාවට අමතරව සිංහලයේ එක් කාව්‍ය භාෂා ධාරාවකටද විසි වැනි සියවසේදී නව අදාළත්වයක් දුන් බවත්, ශ්‍රී රාහුල හිමියන්ගේ කවි බස හා කවි යෙදුම් එහෙම් පිටින්ම පාහේ සරච්චන්ද්‍රගේ නාට්‍යවල එන බවත්, සැලළිහිණියේ එන ඇතැම් යෙදුම් ("ලප නොමවන් සඳ") මනමේ නාටකයෙහි එලෙසින්ම දැකිය හැකි බවත්, එමගින් ඔහු කෝට්‌ටේ යුගයේ කවි බසට විසි වැනි සියවසේදී නව අදාළත්වයක් දෙන බවත් දක්වයි.' ලියනගේ අමරකීර්තිට අනුව 'මනමේ වූ කලී පැරණි සංස්‌කෘතික උරුමයන් රකිමින් නව සංස්‌කෘතියක් නිර්මාණයේලා විශිෂ්ට කලාකරුවන් සිදුකරන සංස්‌කෘතික සංරක්‌ෂණයක්ය.' සරච්චන්ද්‍ර මෙසේ සංරක්‌ෂණය කලේ මෙරට පැවති 'විදග්ධ සාහිත්‍ය සම්ප්‍රදාය' සේම 'ජනකලා සම්ප්‍රදායත්' (ගැමි නාටක) යැයි ඔහු දක්වයි. තවද, එය නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ස්‌වභාෂා අධ්‍යාපනය ලබමින් හැදුණු වැඩුණු නව සිංහල මධ්‍යම පන්තියට විදග්ධ කලා උරුමයක් ගොඩ නගා දී, ඒ අලුත් පන්තිය සංස්‌කෘතිකමය වශයෙන් අත්‍යවශ්‍ය ලෙස බලගැන්වූ බවත් දක්වයි. මේ නිසාම මනමේ නාටකය සැලකෙන්නේ නූතන සිංහල-බෞද්ධ ජාතිකවාදයේ සංකේතයක් ලෙස බවත්, එය නරබන මධ්‍යම පාන්තික සිංහලයා මනමේ වැනි නාට්‍ය නිසා ජාතික ආඩම්බරයක් හා ස්‌වෝත්තම හැගීම ඇතිකර ගන්නා බවත් දක්වයි.
මේ කාලයේ ශ්‍රී ලංකාවේ සිංහල භාෂාව, සාහිත්‍ය සහ කලාව ගැන පුවත්පත්වලට වැඩිපුරම ලිපි ලියන ලියනගේ අමරකීර්ති මහතා 2014/01/09 දින දිවයින පුවත්පතට ලියන ලද ලිපියක දැක්වුයේ මනමේ වැනි විශිෂ්ට කලා කෘති හුදෙක් කලා කෘති පමණක් නොවන බවයි. ඔහුට අනුව 'සරච්චන්ද්‍ර ගේ මනමේ විසින් සිංහල සංස්‌කෘතික ඉතිහාසයේ එන ජාතක කතාවට අමතරව සිංහලයේ එක් කාව්‍ය භාෂා ධාරාවකටද විසි වැනි සියවසේදී නව අදාළත්වයක් දුන් බවත්, ශ්‍රී රාහුල හිමියන්ගේ කවි බස හා කවි යෙදුම් එහෙම් පිටින්ම පාහේ සරච්චන්ද්‍රගේ නාට්‍යවල එන බවත්, සැලළිහිණියේ එන ඇතැම් යෙදුම් ("ලප නොමවන් සඳ") මනමේ නාටකයෙහි එලෙසින්ම දැකිය හැකි බවත්, එමගින් ඔහු කෝට්‌ටේ යුගයේ කවි බසට විසි වැනි සියවසේදී නව අදාළත්වයක් දෙන බවත් දක්වයි.' ලියනගේ අමරකීර්තිට අනුව 'මනමේ වූ කලී පැරණි සංස්‌කෘතික උරුමයන් රකිමින් නව සංස්‌කෘතියක් නිර්මාණයේලා විශිෂ්ට කලාකරුවන් සිදුකරන සංස්‌කෘතික සංරක්‌ෂණයක්ය.' සරච්චන්ද්‍ර මෙසේ සංරක්‌ෂණය කලේ මෙරට පැවති 'විදග්ධ සාහිත්‍ය සම්ප්‍රදාය' සේම 'ජනකලා සම්ප්‍රදායත්' (ගැමි නාටක) යැයි ඔහු දක්වයි. තවද, එය නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ස්‌වභාෂා අධ්‍යාපනය ලබමින් හැදුණු වැඩුණු නව සිංහල මධ්‍යම පන්තියට විදග්ධ කලා උරුමයක් ගොඩ නගා දී, ඒ අලුත් පන්තිය සංස්‌කෘතිකමය වශයෙන් අත්‍යවශ්‍ය ලෙස බලගැන්වූ බවත් දක්වයි. මේ නිසාම මනමේ නාටකය සැලකෙන්නේ නූතන සිංහල-බෞද්ධ ජාතිකවාදයේ සංකේතයක් ලෙස බවත්, එය නරබන මධ්‍යම පාන්තික සිංහලයා මනමේ වැනි නාට්‍ය නිසා ජාතික ආඩම්බරයක් හා ස්‌වෝත්තම හැගීම ඇතිකර ගන්නා බවත් දක්වයි.
මනමේ නාට්‍යය සහ එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ ප්‍රයත්නයන් නිසා 1956 සිට සිංහල භාෂවෙන් අධ්‍යාපනය ලබා හැදී වැඩුණු නව සිංහල මධ්‍යම පන්තිය සංස්‌කෘතිකමය වශයෙන් සහ සිංහල-බෞද්ධ ජාතිකවාදයෙන් ශක්තිමත්ව විකසිත වු බවට ලියනගේ අමරකීර්ති ඉදිරිපත් කරන අව්‍යජ තර්කය පැහැදිලිවම පිළිගත හැක්කකි. අනෙක් අතට එම තර්කය එදිරිවීර සරච්චන්ද්‍රයන්ටද, මනමේ නාට්‍යටද අද ලංකීය සමාජයේ හිමිව ඇති අගය ද පැහැදිලිව ලකුණු කරයි. එහෙත් සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකය තුල සැලළිහිණියේ එන ඇතැම් යෙදුම් ("ලප නොමවන් සඳ") ආදිය නිසා එය කෝට්‌ටේ යුගයේ බිහිකරගත්තා යැයි කියන 'විදග්ධ කවි බස' සේම 'ජනකලා සම්ප්‍රදායන්' මුසු කරගනිමින් නිපදවුවක්යැයි කියමින් ගොඩනගන තර්කය කෙතෙක් දුරට සාධාරණ ද යන්න පිලිබදව පැහැදිලි ප්‍රශ්නයක් පැනනගී.
මනමේ නාටකය කුරුණෑගල යුගයේ ලියවෙන පන්සීය පනස් ජාතක කථා පොතේ එන 372 වැනි ජාතික කථාව වන චුල්ල ධනුග්ගහ ජාතකයේ ඇසුරින් ලිවුවකි. දඹදෙණි යූගයේ කල සද්ධර්මරත්නාවලියේ එන ස්ත්‍රීය පිළිබද ඇතැම් ආකල්පයන් එහි ගැබ්ව තිබේ. එහෙත්, සිංහල සාහිත්‍ය තුල පන්සීය පනස් ජාතක කථා පොත සහ සද්ධර්මරත්නාවලිය ගැනෙනුයේ සිංහල ගද්‍ය සාහිත්‍යයේ කොටස් ලෙසය. නමුත් මනමේ කවි බසින් කල නිර්මාණයක් හෙවත් පද්‍යයකි. එහි එන ඇතැම් පද්‍ය කොටස් සංදේශ කාව්‍යයන්ගෙන් උපුටාගෙන තිබේ. ඒහින්, එක් අතකට, එය කෝට්‌ටේ යුගයේ ප්‍රසිද්ධ 'විදග්ධ කවි බස' නියෝජනය කරන්නේ යැයි කීම තාක්ෂණික වශයෙන් නිවැරදි විය හැක.
එහෙත් මනමේ නාටකය ගොඩනැගෙන්නේ 'විදග්ධ කවි බසත්' සිංහලයේ 'ජනකලා සම්ප්‍රදායත්' මුසුකරගෙන යැයි කීම මනමේ නාටකයට සහ නුතන විශිෂ්ට කලා නිර්මාණවලට 'නව ප්‍රභූ කලා ආධිපත්‍යයක්' ආරෝපණය කිරීමක යැයි මට සිතේ. ඒමගින් එකී සිංහල කලා සම්ප්‍රදායන් පැන නැගීමට ඉඩකඩ සැකසූ ප්‍රාදේශීය වශයෙන්, අවධිමත්ව, විවිධ වේශයන්ගෙන් හෝ මෙරට කලාන්තරයක් පුරා පැතිර පැවති විවිධ කලා සම්ප්‍රදායන් 'නව ප්‍රභූ කලා ආධිපත්‍යයකට' යටකිරීමකයි මට සිතේ. එය ඇතැම් විට ස්‌වභාෂා අධ්‍යාපනය ලබමින් හැදී වැඩුණු ස්‌වෝත්තමවාදී නව සිංහල ජාතිකවාදී මධ්‍යම පන්තියට ගැලපෙන දේශීය සංස්කෘතියක් ගොඩනගා ගැනීම සදහා දරන උත්සහයක ප්‍රථිපලයක් ද වියහැක.
පද්‍ය, ගද්‍ය යෙන් වෙනස් වනුයේ එහි උච්චාරණ විවරණයන් සහ වර නගන විධි ක්‍රමයන් තුලය. මනමේ කෝට්‌ටේ යුගයේ විදග්ධ කවි බසින් ලියවුනද එහි උච්චාරණ විධි ක්‍රමයන්, රංග රීතින් සකසා ගන්නේ 'විදග්ධ' යැයි අද හදුන්වන සිංහල සාහිත්‍ය කලා සම්ප්‍රදායන් තුල නොව ශ්‍රි ලංකාවේ බටහිර වෙරළ තීරයේත්, රටේ වෙනත් ප්‍රදේශවලත් පැවති ප්‍රාදේශීය, අවධිමත් සහ වෙනත් විවිධ කලා සම්ප්‍රදායන් තුලිනි. මීගමු දූවේ පාස්කු නාට්‍ය සම්ප්‍රදායත්, පසන් ගායනාත්, ජවුසන් ආදී නැටුනුත්, එමෙන්ම 'රජ තුන් කට්ටුව' වැනි නාඩගම් සම්ප්‍රදායන් ද පැහැදිලිවම මනමේ නාටකය නිර්මාණය කිරීමට දායක කරගෙන ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි තිබේ.
ඒ සම්බන්දයෙන් යම් විස්තරයක්, මීගමු දුවේ ඓතිහාසික මහා පාස්කු නාට්‍ය සංදර්ශනය දෙවතාවකට වඩා නරබා, මීගමුවේ ක්ෂේත්‍ර අධ්‍යනයකින් පසුව ලිවූ සුනිල් ආර්යරත්නයන්ගේ 'කැරොල්, පසම් කන්තාරු' පොතේ දැක්වේ. ඔහුට අනුව මනමේ වැදි රජ තර්ගයක එන 'පවර ඒ නිරිදුගේ පුත් කුමරා වෙමි,' 'මුළු දඹදිවටම තොප මහ රජ වුව' ආදී කොටස් මීගමු කිතුනුවන් ගයන පරමණ්ඩල ස්වර ලිපියේ එන 'අප ණයකරුහට අප ගෙවනා ලෙස' යන තනුව අනුව සකසා ඇත. එමෙන්ම මනමේ නාටකයේ එන 'ප්‍රේමයෙන් මන රංජිත වේ' නම් ප්‍රසිද්ද ගීතය (රජ තුන් කට්ටුව නාඩගමේ එන) 'ආරම්භයෙන් පෙර නිර්මිත මනු ලොව, ආදිත්‍යයුරු නිර්මලියේ සුර' නම් ගායනයේ තනුව අනුව නිමවුවක් යැයි දක්වයි ( පිටු 172/173).(දකුණු පස ඇත්තේ එම ගීයේ වීඩියෝවයි)
මීගමුවේ පසම්, පාස්කු නාට්‍ය සහ නාඩගම් යන කලා සම්ප්‍රදායන්ට අඩුම වශයෙන් වසර දෙසීයකටත් වඩා පැහැදිලි ඉතිහාසයක් තිබේ. එය මීගමුව දූවේ, පිටිපන, පල්ලන්සේන, දළුවකොටුව, බෝලවලාන, මුරුතාන, කුඩාපාඩුව, St. පීටර්ස්, දැන් කඩොල්කැලේ ආදී ප්‍රදේශ ගණනාවක් පුරා පැතිරගිය අඩුම වශයෙන් මාස 2-3කවත් පුර්ව සුදානමකින් පසු ඉදිරිපත් කරන වාර්ෂික භක්ති අභ්‍යාසයකි. ඒ සියල්ල අතරින් මීගමු දූවේ පාස්කු සංදර්ශනයට විශේෂතත්වයක් හිමිවේ. (1989 වේදිකා ගතකල මීගමු දුවේ 150 වෙනි පාස්කු නාට්‍ය වීඩියෝවක් වමතින්වේ.) ඒ එහි ආරම්භක යුගයේ දී එම පාස්කු නාට්‍යයට රංග පිටපත ලෙස උපයුක්ත කරගැනුණේ ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා ගේ ‘දුක් ප්රාප්ති ප්‍රසංගය’ නම් වූ ගද්‍ය කෘතියයි. එය 1728 දී පමණ ලියැවුණු කෘතියකි. ලන්දේසි පාලකයන් මෙරට කතෝලික ආගම තහනම් කරතිබූ 1713 දී දකුණු ඉංදියාවේ සිට මෙරට පැමිණි ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා මීගමුව උතුරු කෙලවරේ වූ අරාබි නාවිකයන් විසින් නාවුක යාත්‍රා ගොඩනැගීමට යොදාගත් කම්මල්තුරේ ග්‍රාමයේ සැගවී සිටිමින් කතෝලික ලබ්දිය ආරක්ෂා කරගැනීමටත්, පැතිරවීමටත් සිංහල, දෙමළ සහ පෘතුගීසි භාෂාවලින් ආගමීක ලිපිලේඛන 70 කට වඩාකල තැනැත්තෙකි. අදටත් ජාතික කෞතුකාගාර පුස්තකාලයේ මින් සමහරක් සුරක්ෂිතව තැම්පත්කර තිබේ. සිංහල ක්‍රිස්තියානි සාහිත්‍යයක් ගොඩනැංවීමෙහිලා ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා සුවිශේෂ දායකත්වයක් දැක්වූ බවත්, යුරෝපයෙන් පෙරදිගට ආ ක්‍රිස්තියානි ආගමික සම්ප්‍රදායන් ප්‍රාදේශීය සංස්කෘතික සම්ප්‍රදායන් සහ මුසුකරමින් ලියු ගොන්සාල්වේස් පියතුමාගේ ‘දුක් ප්රාප්ති ප‍්‍රසංගය’ මීගමුව දූවේ රූකඩ මගින් ප්‍රදර්ශනය කල බවත් එඩ්මන් පීරිස් රදගුරුවරයාගේ 'සිංහල ක්‍රිස්තියානි සාහිත්‍ය වංශය' (1976) නම් කෘතියේ දක්වයි. 1839 දී ඉංදියාවේ කොචින් ප්‍රදේශයේ සිට මුහුදු මාර්ගයෙන් ගෙනා සුරුවමක් යොදාගෙන එම පාස්කු සංදර්ශනය තවදුරටත් නවීකරණය කර ප්‍රදර්ශනය කිරීමට කටයුතු කොට ඇත. මීගමු දූවේ පාස්කු නාට්‍යය සඳහා යොදා ගැනෙන මෙම සුරුවමට (කි‍්‍රස්තු ප‍්‍රතිමාවට) දැන් වසර 175 කි.
1939 දී මර්සලින් ජයකොඩි පියතුමා දූව පල්ලියේ මීසම් පූජකවරයා ලෙස කටයුතු කරද්දී මේ පාස්කු සංදර්ශනය තවදුරත් නවීකරණය කර තිබේ. ඒ අනුව රුකඩ සහ සුරුවමට අමතරව 250ක පමණ නළු නිලියන් පිරිසක් යොදාගෙන, අලුත් පිටපතක් ලියා වඩාත් සජීවී ලෙස මෙම දුවේ පාස්කු නාට්‍ය රගදැක්වීමට කටයුතු කර තිබේ. හෙළ හවුලේ සාමාජිකයෙක් මෙන්ම කුමාරතුංග මුනිදාසයන්ගේ ව්‍යක්ත සිංහල බස පිළිබද මනා පරිචයක් තිබු මර්සලින් ජයකොඩි පියතුමා අතින් ලියවුනු මීගමු දූවේ පාස්කු නාට්‍ය පිටපත අදටත් එම පාස්කු සංදර්ශනය සදහා භාවිතා වේ (සුනිල් මිහිදුකුලසුරිය 21/12/2008, සිළුමිණ). මීගමු දූවේ පාස්කු නාට්‍ය, නාඩගම් සහ පසම් ගයනාත් එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකයත් අතර සම්බන්දය ඇති වෙනුවේ මනමේ නාටකය මුලින්ම පුහුණුකල, තිලකරත්න කුරුවිට බණ්ඩාර සහ හේමපාල රණසිංහ ට අනුව, එහි මුල් ගුරුවරයා ලෙස සලකන චාර්ල්ස් ද සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ හරහාය. ඔහු මර්සලින් ජයකොඩි පියතුමාගේ මිතුරෙක් මෙන්ම හෙළ හවුලේ සාමාජිකයෙක්ද විය. සිංහල නාඩගම් රාශියක් නිර්මාණය කල ඔහු 1940 දී මර්සලින් ජයකොඩි පියතුමා අතින් නවීකරණ වූ මීගමු දූවේ පාස්කු නාට්‍ය බලා තමන්ගේම වූ පාස්කු නාට්‍ය පිටපතක් රචනා කිරීමට සිත් වූ බව පීටර් කැනියුට් පෙරේරා දක්වා තිබේ (හෙළ බසින් ලියු ප්‍රථම නත්තල් නාට්‍ය 22/02/2013, ලක්බිම).
අකිරා කුරසොවා ගේ "රෂෝමොන්" නම් චිත්‍රපටිය බැලීමේන් පසු මනමේ කතාව සින්දු නාඩගමකට නැංවිය හැකිය යන අදහස මත මනමේ නාටකය රචනා කල එදිරිවීර සරච්චන්ද්‍රයන්, නාඩගම් ගැන අත්දැකීම් රාශියක් තිබු චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ සමඟ සාකච්චා කොට බැහැර කල යුතු දේ බැහැර කොට, ඇතුළත් කළ යුතු දේ ඇතුළත් කොට, මනමේ නාටකයේ ආකෘතිය සකස් කරගත් බවත්, ඒ සදහා අවශ්‍ය ක්ෂේත්‍ර චාරිකාවල යෙදී ඇති බවටත් සරච්චන්ද්‍රයන්ගේ 'පිං ඇති සරසවි වරමක් දෙන්නේ' (1985) සහ 'මනමේ නාටකයා' (1965) යන කෘති සාක්ෂි දරයි. එම කරුණුත්, සුනිල් ආර්යරත්නයන්ගේ 'කැරොල්, පසම් කන්තාරු' (1987) පොතේ දක්වන කරුනුත් අනුව මනමේ හී එන පොතේගුරා සහ එහි ගායනා විලාශයන් මීගමු දූවේ පාස්කු නාටකයෙන් සහ මීගමුවේ පසන් ගායනා අතරින් ගොඩනගාත් බවට වූ ප්‍රසිද්ධ රහස ස්තීර කිරීමට ප්‍රමාණවත් තරම් සාක්ෂි සපයයි. එමෙන්ම, එම කෘතිවල හෝ වෙනත් බොහොමයක් ශාස්ත්‍රීය ඇගයීම් වලට ලක්නොවුවද මීගමුවේ 'ජවුසන් නැටිල්ල' නම් දකුණු ඉන්දියානු අභාෂයෙන් ලැබූ වැදි නැටුම් සම්ප්‍රදායද මනමේ නාටකයේ රංග විලාශයන් ගොඩනගා ගැනීමට දායක වී ඇති බව ද පෙනේ.
එහෙත් අද මනමේ නාටකය ගැන සටහන් තබන විද්වතුන් මනමේ සහ මීගමුවේ පාස්කු, නාඩගම් සහ පසන් අතර ඇති සම්බන්දය ගැන කථා නොකරති. අඩුම තරමින් නාඩගම් සහ මනමේ නාටකය අතර ඇති සම්බන්දය හෝ නොදකිති. විශේෂයෙන්ම, නාඩගම් කලාව මෙරට තුල ගොඩනැගුවේ දකුණු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ජාකෝමේ ගොන්සාල්වේස් කතෝලික පියතුමාගේ 'රජ තුන් කට්ටුව' මගින් යැයි සුනිල් ආර්යරත්න, එදිරිවීර සරච්චන්ද්‍රයන් වැනි මේ ක්ෂේත්‍රයන් දැවැන්තයින් මෙතෙක් පිළිගෙන තිබු අදහස් අද නලින් ද සිල්වා වැනි සිංහල-බෞද්ධ ජාතිකවාදීන් විසින් ප්‍රතික්ෂේප කර ඇත. ඒ වෙනුවට ගාමිණී දෑල බණ්ඩාර සහ ජයලත් මනෝරත්න ආදීන්ගේ අධ්‍යන මගින් සිංහල නාඩගම් කලාවේ ආරම්භය 13 වන සියවසේ බුවනකබාහු රජ දවස දක්වා ගෙන ගොස් නාඩගම් වූ කලී 'කවි නළුවකයි' අර්ථ දක්වයි. දැන් එදිරිවීර සරච්චන්ද්‍රයන් මනමේ බිහිකිරීමට ඉවහල් කරගත් මෙරට 'ගැමි නාටක සම්ප්‍රදායට' මීගමුවේ පාස්කු ඇතුල්කරන්නේ නැත. පාස්කු නාට්‍ය සම්ප්‍රදාය වෙනම නාට්‍ය සම්ප්‍රදායක් ලෙස සලකා ජාතික නාට්‍ය සම්ප්‍රදායෙන් බැහැර කරති. 'ගැමි නාටක සම්ප්‍රදාය' සොකරි, කෝලම්, තොවිල් සහ ශන්තිකර්ම වලට සිමා කර එය 'ජනකලා සම්ප්‍රදායන්' ලෙස හදුන්වාදී මීගමුවේ පාස්කු ආදී නාට්‍ය සම්ප්‍රදායන් විජාතික (යුරෝපියානු-ඉන්දියානු) ආභාෂයෙන් පැන නැගී කලා සම්ප්‍රදායන් ලෙස සලකා බැහැරකොට ඇත. නුතන සිංහල කලා නිර්මාණ විශිෂ්ට ගනයේලා සැලකීමට නම් එහි බස 'විදග්ධ සිංහල බස' වියයුතු අතර එම බස ශාස්ත්‍රීය සිංහල ගද්‍ය - පද්‍ය සාහිත්‍යට නෑ කම් පෑ යුතු අද ලාංකික විශ්ව විද්‍යාලවල ඇදුරෝ පොදු එකගතාවයකට පැමිණ සිටී. මේ සියල්ල 1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වීමෙන් පසු ස්‌වභාෂා අධ්‍යාපනය ලබමින් හැදුණු වැඩුණු ස්‌වෝත්තමවාදී නව සිංහල-බෞද්ධ ජාතිකවාදී මධ්‍යම පන්තියට ගැලපෙන දේශීය සංස්කෘතියක් ගොඩනගා ගැනීම සදහා දරන උත්සහයක ප්‍රථිපලයන් බව පැහැදිලිය. එමෙන්ම එවැනි ව්‍යායාමක ප්‍රතිපලයක් ලෙස ගොඩනැගෙන 'නව ප්‍රභූ කලා ආධිපත්‍යය' මගින් නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සිංහල කලා සම්ප්‍රදායන් පැන නැගීමට ඉවහල් වූ (මීගමුව වැනි ප්‍රදේශවල) ප්‍රාදේශීය වශයෙන්, අවධිමත්ව, විවිධ වේශයන්ගෙන් හෝ මෙරට කාලාන්තරයක් පුරා පැතිර පැවතින විවිධ කලා සම්ප්‍රදායන් යටපත් කරනවා පමණක් නොව, විවිධ ජන වර්ගයන්ගේ විවිධ සංස්කෘතික අනන්‍යතාවයන් නිර්ධය ලෙස බැහැර කිරීමක්ද සිදුකර ඇති බව මාගේ අදහසයි.
මාකස් ප්‍රියන්ත පෙරේරා
(04/04/2015).
මේක හොඳ ගවේෂණාත්මක ලිපියක්.
ReplyDeleteThank you very much !!!!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteහා මේ අලුත් බ්ලොග්කරුවෙක්නෙ . සතුටුයි. මීගමුව විශේෂ සංස්කෘතික කලාපයක් .ලියන්න දේ බොහොමයි.
ReplyDeleteඔබට ඉතා ශාස්ත්‍රීය ලිපි ලියන්න පුළුවන් බව පේනවා.
විශේෂයෙන් මීගමුවෙ භාෂාව සහ කලාව ගැන ලියන්න.අපිත් ටිකක් ඒ කිට්ටුව තමා. අපටත් පුලුවන් අදහස් දක්වීමෙන් ඔබට සහාය වෙන්න.
කලින් කොමෙන්ටුව මැකුවේ වියරණ දෝෂයක් නිසයි
Deleteස්තුතියි, ඔව් මට මීගමුව ගැන ගොඩක් දේවල් ලියන්න තියෙනවා, ඔයාටත් එකට එකතුවන්න පුළුවන් !!!
ReplyDeleteස්තුතියි, ඔව් මට මීගමුව ගැන ගොඩක් දේවල් ලියන්න තියෙනවා, ඔයාටත් එකට එකතුවන්න පුළුවන් !!!
ReplyDeleteකිතුණුවන් විසින් මෙරටට කරන ලද දෑ ගැන පිළිගැනීමට අකැමති (තම පුතාව රාජකීය විද්‍යාලයට එවූ මහාචාර්ය නලින් ද සිල්වා වැනි ) කුහකයන් පිරිසක් තවම අප අතර සිටීම අභාග්‍යයක්. වෙසක් බැති ගී, වෙසක් සුභ පැතුම් පත් වැනි දේවල ආරම්භය ගැනත් මහාචාර්ය සුනිල් ආරියරත්න (කිතුණු පාසලක උගෙන, එහි නම වෙනස් කිරීමට අකැමති බෞද්ධ ආදි ශිෂ්‍යයෙක්) ලියා තිබෙනවා. දූවේ පාස්කු හා මනමේ ගැන ජැක්සන් ඇන්තනී ත් ලියා ඇති බව මතකයි.
ReplyDeleteSorry Prabhath, මම මේක දැක්කේ නැහැ. කරුණා කරලා මට ජැක්සන් ඇන්තනී මහතා ඒ ගැන ලියලා තියෙන දේවල් ගැන ලින්ක් එකක් හරි මොනවා හරි හෝඩුවාවක් දෙනවාද ?
ReplyDelete