This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday, 7 December 2025

ආණ්ඩුවේ ආපදා දේශපාලනය - The disaster politics of Sri Lanka's government






ලංකාව මෙතෙක් මුහුණ දුන්න විශාලතම ගංවතුර ලෙස මෙතෙක් සැලැකුවේ 1957 ගංවතුර. එයත් ඇද හැලුණේ නත්තල් සමයේදී. ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ලංකාවේ මධ්‍යම කඳුකරයේ නායයෑම්, මධ්‍යම, උතුරු මැද, උතුරු - නැගෙනහිර පහත් බිම් ප්‍රදේශවල ගංවතුරට යටවී තිබෙනවා. ඉන් පුද්ගලයින් 300 දෙනෙකුට ජීවිත අහිමිවී 300,000 ක් පමණ නිවාස අහිමි වී තිබෙනවා, අනතුරෙන් පීඩාවට පත්වූ පිරිස මිලියන 02 ක්වූ බව ගණන් බලා තිබෙනවා..

ඒ 1957.. මේ පාර 2025 Ditwah කුණාටුවෙන් ඒවගේ 2 දෙගුණයකටත් වඩා හානියක් වෙලා තියෙනවා. මනුෂ්‍ය ජීවිත පවා 600 කට වඩා වැඩියෙන් මිය ගිහින්, ඒ වගේම ඊටත් වඩා හානියක් සිදුවෙලා තිබෙනවා.. දැන් 1957 වගේ නෙමේ ඊටත් වඩා මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන් හැකියාවක් සම්පත් ප්‍රමාණයක් ලංකාවේ පමණක් නෙමේ අවට කලාපයම සතුයි. අර Indian Expires පුවත්පත කියලා තියෙන විදිහට ලංකාවේ ආණ්ඩුව අඩුම තරමින් ඉංදියානු කාලගුණ දෙපාර්තමේන්තුව දැක්වූ අනතුරු ඇගවීම් ගැන හෝ සැලැකිල්ලට ගෙන කටයුතු කළා නම් මීට වඩා ජීවිත හානි අඩුකරන්න තිබුනා යැයි යන මතය බැහැර කරන්න බෑ.

ආණ්ඩුවක මුලික වගකීම තමයි ජීවිත හා දේපළ රැකදීම... දැන් මොනවා කිව්වත් කෙරුවත්.. මිනිස් ජීවිත රැකදීමට මේ ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග ගැන කිසිසේත්ම සෑහීමට පත්වෙන්න බෑ.. ආණ්ඩුවේ ඒ වගකීම හා වගකීම පැහැර හැරීම ප්‍රශ්ණ කිරීම වැලැක්වීමට, ඒ සම්බන්ධයෙන් මහජන අවධානය යොමුවීම වෙතකට යොමුකිරීමට ආණ්ඩුව ආපදා දේශපාලනයක (Disaster politics) නිරත වෙනවා.

ආපදා දේශපාලනය (Disaster politics) කියන්නේ ආපදාවන් සහ දේශපාලනය අන්තර්ක්‍රියා කරන ආකාරය ගැන අධ්‍යයනය කරන දේශපාලන විද්‍යා විෂය ක්ෂේත්‍රයේ අධ්‍යාපන ක්ෂේත්‍රය. ගංවතුර/ වසංගත වැනි සිදුවීම් රටක ප්‍රතිපත්ති වෙනස්කම් ඇති කිරීමට බලපාන ආකාරය, රාජ්‍ය පාලනයට බලපාන ආකාරය, රාජ්‍ය ගොඩනැගීමේ සිට පාලන තන්ත්‍රයන්ගේ, ආණ්ඩුව වල ස්ථාවරත්වය තහවුරු කරගැනීමට, පෙර පැවති දේශපාලන අදහස් සහ බල ව්‍යුහයන් නැවත ප්‍රතිව්‍යුහ ගතකර ගැනීමට, නැවැත හැඩ ගස්සවා ගැනීමට, බොහෝ විට ප්‍රතිසංස්කරණ සඳහා තාවකාලික "අවස්ථා කවුළු" (windows of opportunity) නිර්මාණය කරගැනීමට, දේශපාලන අසාර්ථකත්වයන් අවම කරගෙන සහන ප්‍රයත්නයන් හරහා රජයේ ජනප්‍රියත්වය වර්ධනය කරගැනීමට හා ඡන්දදායකයින්ගේ චර්‍යාවට බලපෑම් කිරීමට කටයුතු කරන ආකාරය අධ්‍යායනය කිරීම තමයි ආපදා දේශපාලනය (Disaster politics) යටතේ අධ්‍යාපන කරන්නේ.

එහෙත් ශ්‍රී ලංකාව ඇතුළු පශ්චාත් යටත්විජිත රටවල තත්වය ආපදා තත්වයන්ට අදාලව දේශපාලනය නිරීක්ෂණය කරද්දී පෙනී යන දෙයක් තමයි ආණ්ඩුව/රජය මහජනයාගේ ජීවිත හා දේපළ ආරක්ෂා කරගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන්, ආණ්ඩුවේ වගවීම හා වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන්, අවධානය යොමුවීම වැලැක්වීමට සිය දේශපාලන බලය හා භාවිතය යොදා ගැනීම නිතර දැකිය හැකිවීම. දැන් මේ ආණ්ඩුව කරමින් සිටින්නෙත් එවැනක්. එනම් ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමට අපොහොසත් වීම, එම වගවීම පැහැර හැරීම සම්බන්ධයෙන් රජයට යොමුවෙන චෝදනා ගැන මහජන අවධානය නොමග යැවීමට සිය දේශපාලන බලය හා භාවිතය යොදා ගැනීම. මේ කාරණාය ශ්‍රී ලංකාවේ තත්වය ඇසුරෙන් ආපදා දේශපාලනය (Disaster politics) අධ්‍යායනය කරන්නෙකට අලුතෙන්ම හමුවෙන විෂය ක්ෂේත්‍රයක් විය හැකියි.

Up until now, the largest flood Sri Lanka has faced was considered to be the flood of 1957. That disaster also occurred during the Christmas season. Due to the heavy rainfall, the central highlands experienced landslides, and the central, north-central, and north-eastern low-lying regions were inundated. Around 300 people lost their lives and approximately 300,000 people lost their homes. The total number of those affected was estimated to be around two million.

This time, however, the damage caused by Cyclone Ditwah in 2025 has been more than twice as severe. More than 600 lives have been lost, and an even greater level of destruction has occurred. However unlike 1957, both Sri Lanka and its surrounding regions now possess a greater capacity and a greater amount of resources to confront such situations. As the *Indian Express* reported, it is difficult to dismiss that if the Sri Lankan government had at least taken into account the warnings issued by the Indian Meteorological Department, the total loss of life could have been reduced.

A primary responsibility of any government is to protect lives and property. At present, it is impossible to be satisfied with the measures this government took to safeguard human lives. Instead of facing questions about its responsibilities and failures, the government appears to be engaging in “disaster politics” to divert public attention.

“Disaster politics” is a field within political science that examines how disasters and politics interact. It studies how events such as floods or pandemics influence policy changes, affect state governance, contribute to state-building, reshape existing political ideas and power structures, and create temporary “windows of opportunity” for reforms. It also examines how governments may seek to minimise political failures, enhance their popularity through relief efforts, and influence voter behaviour.

However, when observing disaster-related politics in post-colonial countries such as Sri Lanka, one recurring pattern becomes evident: governments often use their political power to divert public attention away from their failure to protect lives and property and their inability to fulfill their responsibilities. This appears to be what the current government is doing as well — using its political authority to deflect public attention from accusations regarding its failure to safeguard the population.

For scholars studying disaster politics, Sri Lanka’s present situation may represent an emerging area of interest.

Marcus Priyantha Perera
මාකස් ප්‍රියන්ත පෙරේරා
07/12/25

No comments:

Post a Comment