අද (12/01/25) ජේසුගේ බෞතීස්ම මංගල්‍යය සමරණවා නේ... අද වගේ දවසක පල්ලියේ පූජාවට ගියහම අපිට වැඩිපුර අහන්න ලැබෙන්නේ: 'ජොර්දාන ගගේ සිදුකළ ස්නාවක ජුවාම්තුමාගෙ බෞතීස්ම ස්නාපන ක්‍රියාවලිය' / 'පව් සමාව සදහා මනස්ථාපනය වී බෞතීස්ම ස්නාපනය ලබා ගැනීම'/ 'ජොර්දාන් ගගේ දී ස්නාවක ජුවාම්තුමාගෙන් බෞතීස්ම ලබා ජේසුස් වහන්සේ දියෙන් ගොඩට නැගෙත්ම ස්වර්ගය විවර වී, ආත්මයාණන් වහන්සේ පරවියෙකුගේ ස්වරූපයෙන් උන්වහන්සේ පිට වැඩිම' / "ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝය; ඔබ කෙරේ ඉතා ප්‍රසන්නව සිටිමි"යි ස්වර්ගයෙන් නික්මුණු හඬක් මඟින් හෙළිදරව් විම'/ ' එය ශුද්ධවූ ත්‍රිත්වය එකවිටම ප්‍රසිද්ධියේ හෙළිදරව් වූ පළමු මොහොත' / ඔය ආදී කාරණා නේ...
එහෙත් අපි කවුරුත් අහලා තියෙනවා ද ජේසුට 'ක්‍රිස්තුස්' (Christos / Christ) කියන පටබැදි නාමය නැනිනම් title එක ලැබුනේ මෙම බෞතීස්ම ක්‍රියාවලිය තුල බව...
ජේසුට ජේසු කියන නම දෙන්න කියලා කියන්නේ මරියතුමියට ගාබ්‍රියල් දේව දූතයා නේ.. ජේසුට ජේසු කියන නම ම දෙන්න කියලා ජුසේ තුමාටත් ගාබ්‍රියල් දේවදූතයා හීනයකින් දර්ශනය වෙලා ප්‍රකාශ කරනවා. ජුදා ප්‍රතිපදාව අනුව ජේසුව චර්මජේදනය (Circumcision) කරළා ජේසුට 'ජේසු' කියන නම දෙන්නේ ඒ අනුව නේ... .
එහෙත් ජේසුට ජේසු + ක්‍රිස්තු (christos) කියන කොටස එකතු වෙන්නේ ජොර්දාන ගගේ සිදුවූ ඉහත බෞතීස්ම ක්‍රියාව තුලයි... christos නැතිනම් Christ කියන්නේ Greek යෙදුමක්... එහි තේරුම් "anointed one" කියන එක. එය හීබෲවු (Hebrew) භාෂාවෙන් meshiah යන තේරුම සහිතයි. ඒ අනුව meshiah /christos නැතිනම් Christ කියන්නේ "anointed one" කියන එකයි. ඒහි සැබෑ සිංහල අර්ථය "අභිෂේක කළ තැනැත්තා " යන්නයි. එම අභිෂේකය සිද්ධ වෙන්නේ ජේසු ජොර්දාන් ගගේ ස්නාවක ජුවාම් අතින් බෞතීස්ම ලබාගෙන ගගෙන් ගොඩට එද්දීයි...
ඒ අනුව ජේසු, ජේසු ක්‍රිස්තුස් (Jesus Christ) වෙන්නේ අද වැනි දිනක සමරණ ජේසුගේ බෞතීස්ම මංගල්‍යය තුලයි.
මමත් මේ ගැන දැන ගත්තේ අද මෙහෙ අපේ පල්ලියේ දේශනයෙන්. මේ වගේ කාරණා ලංකාවේ අපේ පල්ලිවල දේශනවලදී කථාකරනවා ද? ඒක කියන්න මම දන්නේ නෑ...
මාකස් ප්‍රියන්ත පෙරේරා
12/01/25
https://www.youtube.com/@dtcfilmskuruneagala9246 බලන්න.
ReplyDeleteමෙතුමා එසීන්කෙනෙක්